27 April, 2024

Blog

පාන්කඩයකින් තම ත්‍රි ශුලය වසාගන්නට හදන වික්ටර් අයිවන් හෙවත් ප‍්‍රචෞරයා

හේමන්ත වර්ණකුලසූරිය

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය

මීට පෙර මවිසින් වික්ටර් අයිවන්ගේ රාවය පුවත්පතට ලියූ පිළිතුරු ලිපිය එහි පලනොවිණි. එහෙත් එය සමසමාජ වෙබ් අඩවිවල පලවී තිබුණි. එම ලිපියේ සඳහන් කොලු ගැටයා ගැන කියන්නට සිදුවූයේ වික්ටර් අයිවන් මට “තක්කඩියා” කියා ආමන්ත්‍රණය කරන නිසාය. ගාල්ලේ සිටි කොලු ගැටයෙක් හැමෝටම “තක්කඩියා” කියා ආමන්ත්‍රණය කළේය. මෙහි මුල් කොටස පෙර ලිපියේ පලවූ අතර එහි දෙවන කොටස මෙසේ සඳහන් කරමි. මෙහි සඳහන් කොලු ගැටයා එකී කොලු ගැටයාම වේ.

අර කොල්ලාගේ කතාව එතනින් අවසන් නොවේ. ඊට පසු මේ කොල්ලා කසාද බැන්දේ පුංචි අම්මාගේ දුවය. සාමාන්‍යයෙන් ගම්වල සිදුවන දෙයකි මෙය. පුංචි අම්මාත් එක්ක රමණයේ යෙදී පුංචි අම්මාගේ දුව බදින එක අප බොහෝවිට අසා ඇත. මෙය අරුමයක් නොවේ. පුංචි අම්මා සමඟ රමණයේ යෙදීම නිසා සිය බාප්පා විසින් ‘තක්කඩියා” කියා පහරදී එලවා දමනු ලැබූ අපේ කතානායකයා රේස් පලෙන්ද සල්ලි හොරකම් කර අසුවී ‘තක්කඩියා” කියා පහරදී එලවා දැමුවාට පසු බොහෝම අමාරුවෙන් පොඩි තේ කඩයක් දාගෙන හිටියේය. මේ තේ කඩෙන් ලැබෙන ආදායම බොහොම මදි නිසා ආදායම වැඩි කරගන්න ක‍්‍රමයක් මේ තක්කඩි කොල්ලා සොයා ගත්තේය. ඒ කාලේ හෙරොයින් කොකේන් තිබුණේ නැත. සුපිරිම මත් ද්‍රව්‍ය වූයේ හෂිශ් හා මැරුවානාය. මේ තක්කඩියාගේ කඩය මේ පළාතේම හෂිශ් බොන මධ්‍යස්ථානය වූයේය. මේ කොලුවා පසුව ලංකා සමසමාජ පක්ෂයට බැදී ආසනයක් තරග කළේය. අසූචි ගාගෙන පරාද විය. එහෙත් මෙම සම්බන්ධය උපයෝගි කොට ගෙන ලංකා සමසමාජ පක්ෂයේ ප‍්‍රබල වෘත්තීය සම්තියක් වූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ වෘත්තීය සම්තියේ නිලධාරීන් මගින් කොළඹ පුංචි බොරැුල්ලේ විසූ බොන්සෝ නැමැති නගරංකාර සමසමාජ ක‍්‍රියාකාරියෙකුගෙන් මේ හෂිශ් පාර්සලය කාටවත් නොදැනෙන්න ගාල්ලට ගෙන්වා ගත්තේය. දිනක් මේ බොන්සෝ එම වෘත්තීය සමිතියේ ලොක්කෙකුවූ ජේමිස් කරියවසම් සහෝදරයාට පාර්සලයක් දී එය අර කොලුවාට දෙන ලෙස ඉල්ලා සිටියේය. මේ සැක කටයුතු පාර්සල් ප්‍රවාහනය ගැන ඉවවැටී ඒ පිළිබඳව සැකයෙන් සිටි ජේමිස් කරියවසම් පාර්සලය ලිහා බැලීය. එහි ඇත්තේ හෂිශ් බව දැනගත් ඔහු එය පක්‍ෂ නාකයින්ට පෙන්වීය. වහාම පරීක්‍ෂණයක් පැවැත්විණි. මේ තක්කඩියාගේ සමසමාජ ගමන ඉන් අහවරවිය. මෙම කාරණය එලිවුවහොත් පක්ෂයට හොඳ නැති බව බර්නාඩ් සොයිසා සහෝදරයාගේ මතය විය. ඒ අනුව මේ බව ප‍්‍රසිද්ධ නොකොට මෙම තක්කඩියා පක්ෂයෙන් එලවා දැම්මේය.Victor_Ivan_Mahinda_ colombotelegraph

මා මේ පිළිතුරු ලිපිය ලියන්නේ එවැනි තක්කඩියෙකුට නොවේ. මගේ පිලිතුරු ලිපිය පල නොකොට දිගින් දිගටම මාගල් ගණන් අසත්‍ය වපුරන අයිවන්ටය.

වික්ටර් අයිවන් මෙවැනි පච සමුදායක් ලිවුවේ මන්දැයි අපි සොයා බැලීමු. මා දන්නා පරිදි, ඔහු වැනි ගුණමකුවකු මාධ්‍යකරුවන් අතර, සොයාගත නොහැක. 71 කැරැුල්ලට ප‍්‍රථම ජ.වි.පෙ. සන්නද්ධ කණ්ඩායමේ නායක ලොකු අතුලගේ ගෝලයා වූයේ පොඩි අතුල වු ප‍්‍රචෞරයාය. මොහුගේ කාර්යය වූයේ බෝම්බ සෑදීම සඳහා කිරිටින්, බෝතල් මූඩි එකතු කිරීමය. දිනක් බෝම්බයක් පුපුරා අපගේ ප‍්‍රචෞරයාගේ අත කැඩී ගියේය. ඔහුගේ අතට ප‍්‍රතිකාර කිරිම අසීරුවිය. තුවාලය නරක්වී දුගඳ හමන්නට විය. පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු ජීවිතය පරදුවට තබා රහසිගතව ප‍්‍රතිකාර කිරිමට පටන් ගත්තේය. අත සනීප විය. ඔහු කිසිකලෙක ඔහුගේ අත සුවපත්කල වෛද්‍යවරයා හමුවීමට නොගියේය. වසර තිස් ගණනකට පසු උවිඳු කුරුකුලසූරියගේ පෙරැුත්තය පිට වික්ටර් වෛද්‍යවරයා හමුවිය.

වික්ටර් අයිවනුත්, ඔහුගේ ගෝලයනුත් අශුචි ගැන කථා කිරීමට බොහෝ කැමැත්තක් දක්වයි. මෙයට හේතුවක් ඇති බව මානසික වෛද්‍ය වරයෙකු මා සමඟ කීය. මොහු වරක් ලෙනින් රත්නායකගේ විනිශ්චාසනයට විත්තිකරු අශුචි පාර්සලක් විසිකල බවද, එය විදුලිපංකාවේ වැදී එය අධිකරණ ශාලාවේ විසිරුණු බව මැනවින් විස්තර කර ඇත. මම විනිසුරුවන්ගේ ඇගේ වසුරු ගෑ බව ඔහු පලකර ඇත. මෙයට හේතුවක් ඇත. මොහු එක අතකුත් පුපුරා නැතිකර ගෙන 71 කැරැුල්ලෙන් බන්ධනාගාරගතව සිටිද්දී ඔහු නිතරම අතපත ගෑවේ අශූචිය. මන්ද ඔහුගේ අශූචි නැතහොත් වසුරු සෝදාගැනිමට ඔහුට නොහැකිවිය. තැන් තැන්වල අශූචි කරන මොහුගේ වසල ක‍්‍රියා බන්ධනාගාරයේදී නතර නොකලේය. මොහු තම සහෝදරයින් පාවා දුන්නේය. වතුර ගසා මොහුගේ අශුචි සේදුවේ බඳගිරියේ මේධානන්ද හිමිය. ඉන්පසු, හැමදාම අශූචි සේදුවේ බඳගිරියේ මේධානන්ද හිමිය. අසූචි ඇඟපුරා තවරාගෙන සිටි අයිවන්ගේ ඒ කතා ගජනායක නමින් අද සිටිනා එ හිමියන්ගෙන්ම අසා දැනගත හැක.

ඒ.ටී ආරියරත්න ‘රාවය’ සඟරාව පලකිරිම සඳහා මේ ප‍්‍රචෞරයාට ආරාධනා කොට මොහුට මසකට රුපියල් පන්දහසක් ගෙව්වේය. මේ කාලය තුල ඔහුගේ ප‍්‍රචෞර පෑනට හසුවූයේ සමසමාජ පක්ෂයයි. ඊටපසුව, ‘රාවය’ සතිපතා පුවත්පතක් ලෙස ප‍්‍රසිද්ධ කල වහාම ඔහු කලේ ඒ.ටී. ආරිරත්නටත් ඔහුගේ බෑනා වු හර්ෂ නවරත්නටත් තුච්ඡ ලෙස බැණ ඔවුන් ගේ චරිත ඝාතනය කිරීමයි.

එමනිසා, මොහු කියන දෙය තේරුම් ගැනීමට ඔහුගේ අතීතය නැවත සිහිපත් කිරීම ඉතා වටී. මීටපසු අවශ්‍ය වුවහොත්, ලලිත් ඇතුලත්මුදලිගෙන් මිලියන 01 ක් පගා ගත්තේ කෙසේද, චන්ද්‍රිකාගෙන් මිලියන 01ක් ඉල්ලා ලක්ෂ 05ක් ලබා ගත්තේ කෙසේද, යන්න පාඨකයාව දැනුවත් කල හැකිය.

උවිඳු කුරුකුලසූරිය පිටරට සිට හරඹ කරන බවට, දොස් පවරන ඔහු යටත් පිරිසෙයින් අබ ඇටයක් තරම් ලැජ්ජාවක් තිබිණි නම් මගේ දෙවන ලිපිය පල නොකොට තව පිටු එකාමාරක ලිපියක් ලියන්නේ තමාගේ ත්‍රිශූලය පාංකඩයෙන් වසා ගැනීමට ගොස් ඇතිවූ ඇබැද්දිය නිසා යයි මම සිතමි.

ඔහුගේ තුන්වන ලිපියේ සඳහන්වන පරිදි මගේ ගුලි ඇඹරිල්ල කෙසේ වෙතත්, එම පිළිතුර නිසා වික්ටර් ද, අයිවන්ස් ද, ගොබෙල්ස්ට හැඳුනු අජීර්ණය අතීසාරයක් වී අමුඩ ගසා ගැනීමට නොහැකිව ඔත්පලව සිටින බව පෙනේ. මධ්‍ය නිදහස හා මාධ්‍ය සදාචාරය ගැන මහත් උජාරුවෙන් පාරම්බාන මාධ්‍ය ඔස්තාර් ඇතුළු ඔහුගේ සගයන් මගේ පිළිතුර පලකිරීම ප‍්‍රතික්ෂේප කිරීමෙන්ම, එය පෙනේ.

මගේ සරල ප‍්‍රශ්ණයට නැවත වරක් පිටක් පිරෙන තුරු ලියා එය තව පිටකටත් ඇදගෙන ගොස් තිබේ. දැන් එකක් ඉතා පැහැදිලිය. ලෙනින් රත්නායක කිසිම වරදකට වරදකරු වුන බවට ඔප්පු කිරීමට කිසිම ලේඛණයක් ප‍්‍රචෞරයාට නොමැති බව ඉතා පැහැදිලිය. එම නිසා මේ කථාව හුදෙක්ම, පච කුමාර වික්ටර් අයිවන්ස් ගොබෙල්ස් ගේ නිර්මාණයක් බව අපට පිලිගත හැකිය. එය බොරුවක් බව පිලිගැනීම හැරුණුුවිට වෙන පිලිගත හැකි විකල්පයක් නැත. මෙය බටලන්ද කොමිසම හා ලලිත් ඇතුලත්මුදලි කොමිසම ගැන පිටු ගණනක් ලියු පචහෑලි වලට සමාන කල හැක.

තම ආයතනය විසින් රජයට ගෙවීමට තිබු ආදායම් බදු රුපියල් එක් කෝටි විසි ලක්‍ෂයක් නොගෙවා, තක්කඩි මං පහරන්නෙකු ලෙස සැඟවී සිට, මහින්ද රාජපක්‍ෂ ගෙන් පිහිට පතා, එතුමා ලවා ඒවා රාවයෙන් නොඉල්ලන ලෙස අදායම් බදු කොමසරිස්ට නියෝගයක් ලබාගත්තේ මේ අයිවන්‍ නේද? එමෙන්ම, ඒ කාලයේ පිටු ගණන් ලැබුණු දැන්වීම් වලින් ලද මුදල් හෙවත් දැන්වීම් ජරාව කමින්, මහින්ද රාජපක්ෂ ගැන කිසිවක් නොකියා, කිසිවක් නොලියා තමා පෑන හසුරුවන්නේ සාක්ෂි ඇතුව යම් කිසි දූෂණයක් ඔප්පු කලොත් පමණයැයි නවතම මාධ්‍ය සදාචාර මිනුම් දණ්ඩක් සකස් කර ගනිමින්, මාධ්‍ය කලාව මුදලට යටකොට පරිපුර්ණ ලෙස දූෂණය කල වෙනත් මාධ්‍යවේදියෙකු ගැන මම නොදනී.

එලෙසම, වික්ටර් ද අයිවන්ද ගොබෙල්ස්ගේ පරම හතුරායයි අපට හඳුන්වා දුන් සරත් එන්. සිල්වා, මහින්ද රාජපක්ෂ ආරක්ෂා කරන විට ඒ අනුව, නඩු තීන්දු දෙන විට වචනයක් නොලීවේ අපේ සුපිරිසිදු මාධ්‍ය කලාවේ මාධ්‍ය ඔස්තාර් වන වික්ටර් ද අයිවන්ස් ද ගොබෙල්ස් ය. වික්ටර් ද අයිවන්ද ගොබෙල්ස් නැවත වරක් තම පෑන අතට ගෙන සරත් එන්. සිල්වාගේ මුහුණේ වසුරු ගාන්න පටන් ගත්තේ සරත් එන්. සිල්වා මහින්ද රාජපක්ෂ සමග උරණ වූ පසුවය. ඒ වනතුරු සරත් එන්. සිල්වා ගේ නඩු තීන්දුවල කිසිම වරදක් නොදුටුවේ අපේ සුපිරිසිදු මාධ්‍ය ඔස්තාර් වික්ටර්ද අයිවන්ස්ද ගොබෙල්ස්ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් සත්‍යා හෙට්ටිගේ පත් කලාට පසු, එදින ඔහුගේ නිවසේ තිබූ සාදයට මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාද, බැසිල් රාජපක්ෂ ඇමතිවරයාද, අගමැති දී. මු. ජයරත්න ද, මෙම සාදයට එකතුවිය. මෙය මීට පෙර කිසිකලෙක සිදු නොවූ දෙයකි. මෙය සමහර වෙබ් අඩවිවල පලවිණ. එහෙත්, අධිකරණයේ ස්වාධීනත්වය, විනිසුරුවරුන්ගේ උත්තුංග චරිතය ආරක්ෂා කිරීම ගැන තප්පුලන අපේ මාධ්‍ය ප‍්‍රචෞරයා වික්ටර් ද, අයිවන්ස් ද, ගොබෙල්ස් වචනයක්වත් කථා නොකලේය. එයට හේතුවක් ඇත. මහින්ද රාජපක්ෂගේ යටත් වැසියෙකු ලෙස පෑන හැසිරවූ නිසාය. සරත් සිල්වාට එරෙහිවම ගෙනගිය නොනිමි අරගලයේ, යුක්තියේ දෙවඟනගේ ගෙල මිරිකා කවන්ධ ශරීරය පමණක් ඉතිරි කර විකුණා මිලියන ගණනක් ඉපයුවේය. නැවත මෙම කවන්ධ ශරීරයට ජීවය පිම්බේ සරත් සිල්වා, පී.බී. ජයසුන්දර අස් කිරීමෙන් උරණ වූවාට පසුවය. එබැවින්, මගේ දෙවන ලිපියෙන් ලියන ලද

මහා පච 1

1999.07.16 දින රාවය පුවත් පතේ,
ලෙනින් රත්නායක වැරදිකරුවේ.

අනු පච 1 – ( xxxxxxx නම ඉවත් කරන ලදී – කලම්බෝ ටෙලිග්‍රාෆ්** ) නමැත්තිය විත්තිකාරිය වශයෙන් සිටිය දී,1997 දෙසැම්බර් 17 වැනි දින ඇය නීතීඥයන් මගින් නිල කාමරයට ගෙන්වා එම නිල කාමරයේ දී ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදීම.

අනුපච 2 – එම සිද්ධියෙන් ඇය අසනීප තත්ත්වයට පත්වීම නිසා මහව ආරෝග්‍යශාලාවේ රෝහල් ගතකිරීමෙන් පසුව, වාහනයක් යවා ඇය නැවත යම් ස්ථානයකට ගෙන්වා ගනිමින්, එම ස්ථානයේ දී පිස්තෝලයක් පෙන්වා බිය ගන්වා ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදීම.

අනුපච 3 – තමන් ඉදිරියේ ඇසුනු නඩුවක විත්තිකරුවකු වූ ( xxxxxxx නම ඉවත් කරන ලදී – කලම්බෝ ටෙලිග්‍රාෆ්** ) නමැති අයගේ භාර්යාව වන ( xxxxxxx නම ඉවත් කරන ලදී – කලම්බෝ ටෙලිග්‍රාෆ්** ) නමැත්තිය ගම්පොල තානායමට ගෙන ගොස් (ඇයගේ ස්වාමි පුරුෂයාට ඇප ලබදීමට ඉතා රහසේ කටඋත්තරයක් ලබාගැනීමට අවශ්‍ය බව අඟවා) ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදීම.

අනුපච4. ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථවේ ලිපිකරුවකු වශයෙන් සේවය කරද්දී, මුදල් වංචාවක් සම්බන්ධයෙන් වැඩ තහනම් කර, චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර, විනය පරීක්ෂණයේ දී චෝදන 6 ටම වැරදිකරු වූ පසුව, සේවයෙන් පහකිරීම සම්බන්ධ එම කරුණු අධිකරණ සේවයට ඉල්ලූම් කිරීමේ දී වසන් කරමින් එම තනතුර ලබාගැනීම.

චෝදනා කිසිවක් ඔප්පු කල නොහැකි බව ප‍්‍රචෞරයා විසින්ම පිළිගෙන ඇත. එනම්, ‘‘හේමන්තගේ අවසාන චෝදනාව වන ලෙනින් රත්නායක පිළිබඳ ත්‍රි පුද්ගල කමිටුවේ නියමයන් ඇතුලත් වාර්තාවක් මා ළඟ නැතැයි කියන කථාව නිවැරදිය.’’ එසේනම්, මගේ මූලික තර්කය වන පච 1 සහ අනුපච ඔප්පු කිරීමට කිසිම ලේඛණයක් ඔබ ලඟ නැත. වාදය එතනින් අවසන්විය යුතුව ඇත. එහෙත් පාංකඩයකින් තමාගේ ත්‍රි ශූලය වසා ගැනීමට තැත් කරන ප‍්‍රචෞරවයා දැන් තමාගේ වරද නිවැරදි නොකොට එය පිළිගෙන සමාව නොඉල්ලා නීතීඥවරුන්ගේ කලු කෝට් ගැලවීමට සැරසේ. වික්ටර් අයිවන්ස් ගොබෙල්ස් හෙවත් ප‍්‍රචෞරයා නීතිඥවරුන්ගේ කලු කෝට් ගැලවීමේ මේනියාවකින් පෙළෙමින් සිටී. මීට පෙර ලෙනින් රත්නායකගේ ද, ඊට පසු සරත් එන්. සිල්වාගේද, කලු කෝට් එක ගැලවිය යුතු යයි ඔහු යෝජනා කල අතර, දැන් ලෙනින් රත්නායතගේ නීතීඥ ඞී.සී. බාලසූරියගේත්, මගේත්, කලු කෝට් එක ගැලවිය යුතු යයි තර්ක කරමින් සිටී. ලෙනින් රත්නායක තමන්ගේ වෘත්තීය කටයුතු වල නොයෙදුනාට තවමත් නීතීඥ ලෙනින් රත්නායක වේ. සරත් එන්. සිල්වාට කවුරුත් අමතන්නේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා යන නමිනි.

අවාසනාවකට අපට මෙන් එනම්, නීතීඥවරුන්ට මෙන් අචාර ධර්ම පද්ධතියක් හෝ පච පුවත්පත් වලට එරෙහිව ක‍්‍රීයාත්මක කිරිමට නීතියක් හෝ නොමැත. වික්ටර්ගේ ගුලිය කෑ අපි, අපට තීබු ස්වර්ණමය අවස්ථාව වන සාපරාධි අපහාස නීතිය දණ්ඩ නීති සංග‍්‍රහයෙන් ගලවා දැමීමට හවුල් වුණෙමු. දැන් ඕනෑම කෙනෙකුට ඕනෑම පචයක්, ඕනෑම අපහාසයක් කල හැක. එය අප මෙරටේ සිටින පුරවැසියන්ට එරෙහිව කරන ලද බරපතල වරදක් බව මම පිළිගනිමි. එලෙසම, මෙම ප‍්‍රවෘත්තිය වැරදි නම් ඔහුට විරුද්ධව අපහාස නඩුවක් නොපැවරුවේ මන්දැයි අපේ වික්ටර් ද අයිවන්ස්ද ගොබෙල්ස් අසයි. ස්වර්ණවාහිනියේ සියලුම දෙනා ගොනාට අන්දවා කරන ලද මාධ්‍ය සාකච්ඡාව මගින් කරන ලද අපහාසයට ලෙනින් රත්නායක ගොනු කරන ලද නඩුව තවමත්, අවුරුදු 18 ක් යනතුරු අධිකරණයේ විභාග වෙමින් පවතී. තවමත්, ඒ නඩුව අවසන්වී නොමැත.

ඒ කාලයේ මේ ටොන් පචයා සමග මම ඉතා ලඟින් ආශ‍්‍රය කරන විට සඳුදා සිට බ්‍රරහස්පතින් දා දක්වා පිං අඩියක් ගැසීමට හා නිකන් කෑම ගිල දැමීමට සුරංජිත් හේවාමන්නගේ නිවසට යාමට මොහු පුරුදුව සිටියේය. (හැමදාම මෙසේ සුරංජිත්ගේ ගෙදරට යෑම සුරංජිත්ගේ පවුලේ අයට මහත් හිසරදයක් විය. ඒ නිසා ඔහුගේ ගෙදර වික්ටර් ගියාට පසු ඇතිවන අඬ දබර සුරංජිත්ගේ නිවසේ රියදුරු නොයෙක් විට රාවයේ රියදුරුට දන්වා ඇත. එය වෙනම කතාවකි.) ප‍්‍රචෞරයා විසින් ඔහුගේ ලිපියේ සඳහන් කරන ලද මවිසින් ලියන ලද මුඩ්ලියර් පොතේ සඳහන් කරන ලද සංවාදය මට කීවේ මේ ප‍්‍රචෞරයාමය. සුරන්ජිත් හේවාමාන්න මහතාද ඒ අවස්ථාවේ කිසිවක් නොකී නිසා එය පරම සත්‍යයක් ලෙස සලකා එය පළකලෙමි. ලෙනින් රත්නායක විමර්ශනයේ දී පිටස්තර පුද්ගලයෙකු වු මාහට සාක්ෂි සටහන් ලබාගත නොහැකි බව මෙම ප‍්‍රචෞරයා හොඳටම දනී. මා රැුවටු ලෙසම, තවදුරටත් මේ ටොන් පච ප‍්‍රචෞරයා හෙවත් වික්ටර්ද අයිවන්ද ගොබෙල්ස් කියන අන්දමට සාක්ෂිකාරිය සාක්ෂි දුන්නේ නම් හා සාක්ෂි එසේ අවසන් වුණේ නම්, ලෙනින් රත්නායකට විරුද්ධව චෝදනා ගොනු කිරීමට සහ අපරාධ නඩුවක් පැවරීමට කටයුතු කළ යුතුව තිබුණි.

මෙම කරුණ සම්බන්ධයෙන් ලෙනින් රත්නායකගේ නීතීඥවරුන් කියන ලෙස විනිශ්චයකරුවන් විසින්ම ප‍්‍රශ්ණ කරන විට මෙවැනි සංවාදයක් එහිදී ඇතිවී තිබේ.

ප‍්‍ර. තමා නිල කාමරයට ගියේ, තනියමද?
උ. ඔව්. නීතීඥ මහත්මයෙක් මාව එක්කන් ගියා.

ප‍්‍ර. තමා ඒ අවස්ථාවේ හිටියේ රිමාන්ඞ් භාරයේ ද?
උ. ඔව්.

ප‍්‍ර. තමාගේ ආරක්ෂාවට බන්ධනාගාර පාලිකාවක් හිටියාද?
උ. ඔව්.

ප‍්‍ර. එතකොට තමා නිල කාමරයට යනවිට තමාත් සමග පාලිකාව ආවේ නැද්ද?
උ. ආවා.

ප‍්‍ර. ඒ පාලිකාව මේ සිද්ධිය වෙනකොට පාලිකාව මොකක්ද කළේ.
උ. පාලිකාවට මෙයා කිව්වා (ලෙනින් රත්නායක) අල්මාරිය අස්සට වෙලා ඉන්න කියලා.

ප‍්‍ර. ඉතින් පාලිකාව එහෙම අල්මාරිය ලඟට ගියාද?
උ. පාලිකාව අල්මාරිය ලඟට වෙලා හිනාවෙවී හිටියා මේ සිද්ධිය වෙනකම්.

ප‍්‍ර. හිනාවෙවි හිටියා?
උ. ඔව් මෙයා (ලෙනින් රත්නායක) පාලිකාවට පගාවක් දෙන්න ඇති.

ප‍්‍ර. ඔබ කියන්නේ නිල කාමරයේ එක දොරක් පමණක් ඇරලා තියෙද්දී පාලිකාව අල්මාරිය ලඟට වෙලා හිනාවෙවී හිටියා තමන්ව දූෂණය කරන කම්?
උ. ඔව්.

මේ සාක්ෂිය විනිශ්චයකරුවන් තබා පචෝරිස් වික්ටර් අයිවන්වත් විශ්වාස කලේ දැයි සැක සහිතය. මෙහි වඩාත්ම වැදගත් වන්නේ මේ ස්ත්‍රීන් දෙදෙනා කොළඹට ගෙන්වා ඔවුන් ලවා පොලිස් මුලස්ථානයට හෝ පැමිණිල්ලක් නොකලේ මන්දැයි යන්නය. එහෙත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කලේ මෙම ස්ත්‍රීන් දෙදෙනා හෝ වික්ටර්ස් අයිවන්ස් ද ගොබෙල්ස් වන ප‍්‍රචෞරයා නොව ලෙනින් රත්නායකය. ලෙනින් රත්නායකගේ පැමිණිල්ල අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්ත්‍රී දූෂණය හා සාපරාධි අපහාසය සිදුවුනේදැයි පරීක්ෂණය කොට, අවසාන වශයෙන් ලෙනින් රත්නායකට විරුද්ධව එවැනි චෝදනාවක් ගොනු කල නොහැකි බවත් එහෙත්, වික්ටර් අයිවන්ට විරුද්ධව සාපරාධි අපහාසය සම්බන්ධයෙන් නඩුවක් පැවරිය යුතු බවත්, නිර්දේශ කළේය. මේ බව ස්වර්ණවාහිනී නඩුවේ දුන් සාක්ෂි වලින්ම සනාථ වේ.

ප‍්‍ර. දැන් මහත්මයා කිව්වා මේ මහත්මයාගේ පුවත් පතේ පැමිණිලිකරු පිළිබඳව පුවත් සම්බන්ධයෙන් පැමිණිලිකරු පොලීසියට පැමිණිල්ලක් කරලා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් කලා කියලා.
උ. ඔව්.

ප‍්‍ර. ඒ පරික්ෂණය කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරලා තිබුණා, තමාට විරුද්ධව සාපරාධි අපහාස සම්බන්ධයෙන් නඩු දාන්න අවසර දෙන්න කියලා.
උ. නෑ.

ප‍්‍ර. තමා දන්නවද එහෙම ඉල්ලීමක් කර තිබූ බව.
උ. නැහැ.

ඊට පසු පැමිණිල්ලේ නීතීඥ මහතා මෙම සාක්ෂිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට 1998/89 දරණ ඉල්ලීමක් කොට, මේ සම්බන්ධයෙන් සහනයක් ඉල්ලා ඇත.

ප‍්‍ර. ඉල්ලීම කලේ මොකද?
උ. ඒ ඉල්ලීම කරන්න පාදක වෙච්ච එක කරුණක් මේ පැමිණිලිකරුගේ සිද්ධිය.

ප‍්‍ර. තමා ඉල්ලා සිටි සහන මොනවාද?
උ. මට ඒක මතක නෑ. ඒ කියන්නේ මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා කියල මතකයි

එහෙත්, ඔහුගේ මූලික සාක්ෂියේ දී මෙසේ පවසා ඇත.

උ. ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ මේ සිද්ධියට මට තල්ලුවෙන්න වුණේ සාපරාධි අපහාස නඩුවක් සඳහා පැමිණිල්ලක් තියෙන කොට.

මෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද දීරිඝ පරීක්ෂණයෙන් පසු මෙම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එයින් පැමිණිලිකරු වූ ලෙනින් රත්නායකට අපහාසයක් වී තිබෙන බවත්, මේ නිසා අයිවන්ට විරුද්ධව සාපරාධි අපහාස නීතිය යටතේ මහාධිකරණයේ නඩුවක් ගොනුකල යුතු බවත්ය.

සාපරාධි අපහාස නීතිය තිබුණා නම් නඩුවක් ගොනු කල යුත්තේ, මෙවැනි බොරුවක් ගෙතූ වික්ටර් අයිවන්ස් ගොබෙල්ස් නැමැති මාධ්‍ය ප‍්‍රචෞරයාට විරුද්ධවය. ඊටපසු, ප‍්‍රචෞරයාට කියා සිටිින්නේ මෙම අවසාන වාර්තාව ඔහුට දීමට ත්‍රී පුද්ගල කොමිෂන් සභාව ක‍්‍රියා නොකලේ සරත් එන්. සිල්වාගේ බලපෑම මත බවය. එහෙත්, එකල සරත් එන්. සිල්වා මෙම අධිකරණ සේවා කොමිෂන් සභාවේ සේවය කලේ නැත. එහෙත්, අයිවන්ස් කියන අන්දමට මෙම නඩුවේ නඩු වාර්තාවේ දෛනික සටහන් සහ සාක්ෂි සටහන් ඔහුට ලැබී ඇත. එසේනම්, මෙම අවසාන තීන්දුව නොලැබීම සම්බන්ධයෙන් ඔහුට නීතිඥ සංගමයට පැමිණිලි කිරීමට හෝ වෙනත් නීතිමය ක‍්‍රියා මාර්ගයක් ගැනීමට හැකියාව තිබිණ. ලෙනින් රත්නායකටග් නීතීඥවරුන් කියා සිටින්නේ අයිවන්ට එවැනි වාර්තාවක් දීමට නොහැකි වූයේ එවැනි චෝදනාවක් හෝ එවැනි තීන්දුවක් මේ ත්‍රී පුද්ගල කමිටුව විසින් රැුගෙන නොතිබු නිසාය. බොරුවක් ඔප්පු කිරිමට කූඨ ලේඛනයක් මිස සත්‍ය ලේඛනයක් ඉදිරිපත් කල නොහැක. ඒම හා පච කන්දරාව ඔප්පු කිරීමට සතුව නොමැත්තේ එවැනි දෙයක් නොවූ හෙයිනි.

ඊට පසු පැවැත්වූ විනය පරීක්ෂණයේ දී ලෙනින් රත්නායකට විරුද්ධව ඔප්පු වු එකම චෝදනාව, ඔහුගේ නීතීඥයන් කියන අන්දමට ලෙනින් රත්නායක විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට මහේස්ත‍්‍රාත්වරයෙකු වශයෙන් බැඳීමට ක‍්‍රියා කරන ලද අයදුම්පත‍්‍රයේ ඔහු රක්ෂණ සංස්ථාවේ සේවය කල බව සඳහන් නොකිරීම වේ. ඔහුගේ නීතීඥවරුන් පවසන අන්දමට ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මුදල් අපයෝජනය කරන ලද බව ඔප්පු කිරිමට පවා පැමිණිල්ල අපොහොසත්වී ඇත.

මේ සියලුම කරුණු වලින් ඉතා පැහැදිලි වන්නේ පසුගිය අවුරුදු ගණනක් තුල අප රටේ ජනතාව, පාඨකයන්, නීතීඥවරුන් පමණක් නොව විනිශ්චයකරුවන් පවා මෙම ප‍්‍රචෞරයාගේ පච මෝලෙන් ගලන සියලු අශූචි සත්‍යක් ලෙස පිලිගැනීමට පුරුදු වීමයි. ඔවුන් අතර දේශපාලත්ඥයන් වන ලලිත් ඇතුලත්මුදලි හා චන්ද්‍රිකා කුමාරතුංග විය. එයින් ඔවුන් කිසිවෙකුට සෙතක් වූයේ නැත. ලලිත් ඇතුලත්මුදලි වෙඩිකා මිය ගියේය. ඔවුන් විසින් නිර්මාණය කළ චන්ද්‍රිකා චෞර රැුජිනක් විය. තමන්ගේ අල්ලේ නැටවූ ඔහුගේ ලණුනොකා ඔහුගේ පෑන ඔහුගේ අදෝමුඛයට ගසාගෙන සිටින ලෙස අණ කළ මහින්ද රාජපක්ෂ පමණක් බේරුණේය. දැන් ඔහු යහපාලනයේ පිරිසක් බිලිබෑමට අර අඳිමින් සිටී. මොහුට රැුවටුනොත් ඔවුන් විනාශවන බව අනාවැකි කීමට රාජකීය නක්ෂත්‍රකරුවන් අවශ්‍ය නොවේ.

දැන් දැන් පාන්කඩ දිරිගොස් ත්‍රි ශූලය ජනතාවට පෙනෙන්නට පටන්ගෙන ඇත. එහෙත් අපේ ප‍්‍රතිචෞරයට එය නොපෙනේ. එහෙත් එය ඔහුගේ ගෝලබාලයින්ට පෙනෙන බව අපට ද ආරංචි විය. එහෙත් තවමත් නිගන්ඨයන්ට වන්දනාමාන කරන මිනිසුන් මේ බොරුව විශ්වාස කරන මෝඩ රැුලක් ද මේ රටේ ද සිටියි.

සංස්කාරක සටහන:

*රාවය පුවත්පතේ සභාපති වික්ටර් අයිවන් මහතා සහ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අතර විනිශ්චයකරුවෙකු වූ ලෙනින් රත්නායකට එරෙහිව රාවය පුවත්පත, ස්වරණවාහිනිය හා අයිවන් මහතාගේ කෘතියක් මඟින් එල්ල කරන ලද තවමත් අධිකරණය මඟින් විනිශ්චයකට නොපැමිණි චෝදනා සම්බන්දයෙන් රාවය පුවත් පතේ විවාදයක් දිග හැරෙමින් තිබේ. එහෙත් හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ එක් කෙටි පිළිතුරු ලිපියක් පමණක් පළකරමින් අයිවන් මහතා රාවයේ පිටු ගණන් ලිපි පලකරමින් නොයෙකුත් පුද්ගලයින් හට අපහාස කරමින් සිටී. මෙම සතියේද අයිවන් මහතා තවත් දීර්ඝ පිලියක් ලියා ඇත. අප ඉහතින් පලකර ඇත්තේ, තමාගේ ලිපිය රාවය පුවත්පත විසින් පළ නොකළ බව චෝදනා කරමින් වර්ණකුලසූරිය මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද්දකි.

**රාවය පුවත්පතේ ලිංගික අපරාධයකට ගොදුරුවූයේ යැයි කියනු ලබන කාන්තාවන් ගේ නම් සඳහන් කොට තිබුණද අප ඒවා ඉවත් කරණුයේ එසේ නම් පළ කිරීම නීති විරෝධී වන්නා සේම ආචාර ධර්ම විරෝධීද වන හෙයිනි – කලම්බෝ ටෙලිග්‍රාෆ්

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.