26 April, 2024

Blog

ඔමික්‍රොන් ව්‍යසනය වැඩි ඈතක නොවේ – තූන්වන මාත්‍රාව ගැනීමට ප්‍රමාද නොවන්න: විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

කොරෝනා ඔමික්‍රොන් ප්‍රභේදය මෙතෙක් ප්‍රමූබව පැවති ඩෙල්ටා ප්‍රභේදය අභිබවා ලෝකයේ බොහෝ රටවල පැතිරෙමින් පවතින බව ඉතා පැහැදිලිය. ප්‍රභේද හදූනා ගැනීමට ඇති සීමිත හැකියාව යටතේ වුවද දැනටමත් රෝගීන් 47 මෙරටින් හඳුනා ගැනීම මෙයට හොඳ සාක්ෂියකි. මෙම ප්‍රභේදය ඉතා සීඝ්‍රයෙන් පැතිරෙන බව බටහිර සහ දකුණු අප්‍රිකානු රටවල රෝගීන් සංඛ්‍යාවෙන් මනාව තහවුරු වේ. උදාහරණයක් ලෙස 2021 දෙසැම්බර් මස 25-31 අතර අයර්ලන්තයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව වන 120,000 එම රට තුළ මුළු 2020 වර්ෂය තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ට වඩා (91,779) වැඩි බව එහි සෞබ්‍ය දෙපාර්තමේන්තු වාර්තා තහවුරු කරයි.

ඔමික්‍රොන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය ට වඩා අඩු රෝගී තත්ත්වයක් ඇති කළද එය පැතිරීමේ හැකියාව ඉතා ඉහළ බැවින් රෝගීන් සංඛ්‍යාව ඉතා විශාල ලෙස වැඩි වීමෙන් රෝහල් ගත වන රෝගීන් සංඛ්‍යාව වැඩි වීමේ හැකියාව මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් වැඩි සංඛ්‍යාවක් මෙය ට ගොදුරු වීම නිසා සෞඛ්‍ය අංශ වල කාර්යක්ෂමතාව ඉතා පහළ බැසීමේ දැඩි අවදානමක් ඇති වීම ප්‍රධාන ගැටළුවකි. බටහිර රටවල මෙම තත්වය නිසා දැනටමත් නිරෝදායනය වන සෞඛ්‍ය සේවක සංබ්‍යාව මෙයට හොඳ සාක්ෂියකි.

2021 අප්‍රේල් මස අප විසින් සෞඛ්‍ය පිළිවෙත් නොසැලකීම මත පැතිරීමේ අඩු අවදානමක් ඇති ඇල්ෆා ප්‍රභේදය නිසා වුවද සිදුවු ව්‍යසනය නිසා සෞඛ්‍ය සේවා දැඩි ලෙස අඩාල වු අතර මරණ 15,000 පමණ එම නිසා සිදුවිය. මෙම භයානක අත්දැකීම් තිබියදීත් යළි අප රට මෙම තත්වයට පත්වේදැයි විශේෂඥ වෛද්‍යවරුන් ලෙස අප දැඩි චකිතයකින් පසු වෙමු.

පසුගිය දිනවල කඩ සාප්පු, තැබෑරුම්, දෙසැම්බර් 31 රාත්‍රී සාද ආදිය දැඩි තදබදයට පත් විය. Omicron ප්‍රභේදය අප රට තුළ සංසරණය සිදු වන මෙවන් වාතාවරණයක් යටතේ Omicron ප්‍රභේදය ඉදිරි සති කිහිපය තුළ දැවැන්ත ආසාදන රැල්ලක් ඇති කිරීම නොවැළැක්විය හැකිය.

මෙම රැල්ලට මුහුණ දීමට ඇති එකම ක්‍රමය නම් එන්නත් ලබා ගැනීම, මුව ආවරණ පැළඳීම, ආරක්ෂිත දුර තබා ගැනීම, හොඳ වාතාශ්‍රයක් සඳහා ජනේල විවෘත කිරීම, ඔබේ දෑත් පිරිසිදු කිරීම සහ කැස්ස සහ කිවිසුම් යාමේදී පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමයි. එන්නත් මාත්‍රා ගැනීමෙන් පසුව ද අප ඉහත සියලු සෞඛ්‍ය නිර්දේශ පිළිපැදීම ඉතා වැදගත්ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ඉලක්කගත ජනගහනයෙන් බූස්ටරය ලබාගෙන ඇත්තේ 25% ක් පමණි. ඉතිරි අය Omicron ප්‍රභේදය නිසා රෝග ලක්ෂණ වලින් පීඩා විඳින තරමේ රෝගී තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇත. එබැවින්, එනම් රෝගය නිසා පීඩා විඳීමට හා එම නිසා රෝහල් වලට ඇතුළු වී ප්‍රතිකාර ලැබීමට සිදු වීමේ සම්භාවිතාව අවම කිරීමට, අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීමට, රෝහල් ධාරිතාව යටපත් වීම වැළැක්වීමට සහ එමගින් අපේ රට තවදුරටත් ආර්ථික ව්‍යසනයකට ගෙන යාමේ හැකියාව අවම කිරීම සඳහා බූස්ටර එන්නත ලබා ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සියලු දෙනා ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    තුන්වන මාත්‍රාව ලෙස බූස්ටරය ලබාගෙන ඇත්තේ ජනගහනයෙන් 25%ක් පමණක් බව වාර්තා වේ. මෙයින් අදහස් වන්නේ සෑම 4 වැනි සුදුසුකම් ලත් අයෙකුටම 3 වන මාත්‍රාවක් එන්නත් කර ඇති අතර, සියලු ohters පසුබෑමකට ලක් වේ. තරංග ආකාරයේ බලපෑමක් ඇති වුවහොත් නැවතත් දහස් ගණනකට කිසිදු හේතුවක් නොමැතිව මිය යාමට සිදුවනු ඇත.
    දොස් පැවරිය යුත්තේ කාටද, එය ප්‍රමාද කිරීමේ වගකීම රජය සහ සෞඛ්‍ය බලධාරීන් භාර ගත යුතුය. රෝගීන් සංඛ්‍යාව වැඩිවීම යටතේ මිනිසුන්ට බකල් වීමට සිදුවනු ඇත, ඔවුන්ට කිසිදු ප්‍රතිරෝධයක් පෙන්විය නොහැක. දුප්පත් පොහොසත් භේදයකින් තොරව හැමතැනම ඒක පොදුයි.
    වත්මන් රජය මිනිසුන්ට ඇස්ට්‍රසෙනෙකා එන්නත් ලබා දෙන අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට ගරු කළේ නැත. එය COVID වලින් හොඳින් ජීවත් විය හැකි දහස් ගණනක් මිනිසුන් මිය යාමට හේතු විය. බලයට පත්වන ඕනෑම රජයකට මේ ගැන නිසි පරීක්‍ෂණයකට ගොස් දේශපාලනයේ සිටින වත්මන් තිරිසන් මිනිසුන්ට ඔවුන්ගේ අදූරදර්ශී ක්‍රියාවලට දඬුවම් කිරීමට සිදුවනු ඇත.
    අදටත් මා දකින හාස්‍යජනක සත්‍ය නම්, ශ්‍රී ලංකාවේ බලධාරීන් සහ සිරස්තල ප්‍රවෘත්ති සාදන්නන් ඔවුන්ගේ සංඛ්‍යාව ශීත ඍතුවේ බලපෑමට ලක් වූ යුරෝපීය රටවල සංඛ්‍යාව සමඟ සංසන්දනය කිරීමයි. ආරම්භයේ සිටම අපට පෙනෙන්නේ, දේශගුණික හේතු පමණක් නොව, විවිධ හේතු රාශියක් COVID ආසාදන ඉහළ යාමට හේතු වන බවයි. යුරෝපයේ පවා, යුරෝපයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය පහත වැටීමත් සමඟ ඉදිරි සති කිහිපය තුළ අපේක්ෂා කළ හැකි තර්ජනය පිළිබඳව ජනතාව අවදියෙන් සිටිති.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.