24 April, 2024

Blog

අවුරුදු විස්සත් තිහත් අතර කණ්ඩායමට Pfizer එන්නත ලබාදීම ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක්: විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

එන්නත් නිසිලෙස කළමනාකරණයෙන්  මරණ සංඛ්‍යාව සහ දැඩි ලෙස රෝගී වීම අඩු කිරීමේ අවශ්‍යතාවය

හම්බන්තොට ප්‍රදේශයේ වයස 20 ත් 30 ත් අතර පුද්ගලයන් සඳහා Pfizer එන්නත ලබාදීමට යෝජනා කර ඇති, සැප්තැම්බර් දෙවැනි දින නිකුත් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය සම්බන්ධවයි

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස මේ අවස්ථාවේදී  එන්නත්කරණ ක්‍රියාවලියේ පහත සඳහන් කරුණු පිළිබඳව බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු ඛව අපි තරයේ විශ්වාස කරමු.

1. එන්නත්කරණ ක්‍රියාවලියේ දී ප්‍රමුඛතාවය දිය යුත්තේ ජීවිත අහිමි වීම වැළැක්වීම සහ දැඩි ලෙස රෝගාතුර වීම මගින් සිදුවන රෝහල් ගතවීම් අවම කිරීමයි. මේ සඳහා අප විසින් කළ යුතු වන්නේ වෛරසයට ගොදුරුවී සංකූලතා ඇති වීමේ වැඩි හැකියාවක් ඇති අය, එනම් වයස අවුරුදු 60 වැඩි අය සහ අනෙකුත් බෝනොවන රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් සඳහා එන්නත්කරණයේදී ප්‍රමුඛස්ථානය ලබා දීමයි. එන්නත්කරණ ක්‍රියාවලිය මුලදීම මෙය අප විසින් යෝජනා කර තිබුණද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා අපි දැනට මුහුණ පා ඇති ව්‍යසනයට ලක් වී සිටිමු. කෙසේ වුවද වයස අවුරුදු 60 වැඩි අයට ප්‍රමුඛස්ථානය දීමට ප්‍රමාද වී හෝ ගත් පියවර අපි අගය කරමු. එසේ වුවද එන්නත්කරණය සම්පූර්ණ කර ඇති පුද්ගලයන්ගෙන් යම් කොටසක් තවදුරටත් රෝගයට ගොදුරු වන අතර මෙමගින් රෝහල්වල සාමාන්‍ය ඇඳන් පිරෙන අතරම තවමත් දැඩි සත්කාර ඒකක වල ඇඳන් අවශ්‍යතාවයේද අඩුවක් දක්නට නැත.

2. අප මෙහිදී තවදුරටත් අවධාරණය කළයුතු කරුණක් වන්නේ එන්නත්කරණය කිරීම විද්‍යාත්මක ලෙස කිරීම ඉතා වැදගත් වන බවයි. එහිදී නිසි ක්‍රියාමාර්ගය වන්නේ එන්නත්  නොලබා සිටින, රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සහ ඉන්පසුව දැනට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති එහෙත් තවමත් අනිකුත් ආබාධ නිසා රෝගයට ගොදුරුවීමට වැඩි හැකියාවක් ඇති අය සඳහා තුන්වන මාත්‍රාවක් ලබා දීමයි. මෙහිදී බහරේන්හි කර ඇති පර්යේෂණ දත්ත සහ මහාචාර්ය මලවිගේ මහත්මියගේ පර්යේෂණ කණ්ඩායමේ දත්ත වලින්ද සනාථ වී ඇත්තේ sinopharm එන්නත ලබා ගත් අයගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වයස අවුරුදු 60 අඩු අයගේ හොඳින් සිදුවන නමුත් වයස අවුරුදු 60 වැඩි අයගෙන් සුළුතරයක් එහි යම්කිසි අඩු අගයක් පෙන්නුම් කරන බවයි. මේ නිසා එම කණ්ඩායම රෝගී බවට පත්වීම, රෝහල් ගත වීම සහ මරණයට පත්වීම සඳහා වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරති. මෙම ප්‍රවණතාව sinopharm එන්නත ලබාගත් අය සඳහා වැඩි බවත් Pfizer, moderna හෝ astra Zeneca එන්නත් සඳහා එය මද ලෙසකින් හෝ අඩු ප්‍රවණතාවක් ඇති බවත් ඉහත දත්ත කාණ්ඩ දෙක මගින්ම පෙන්වා දී ඇත. මෙහිදී තවත් වැදගත් කරුණක් ලෙස අප දකින්නේ අනෙකුත් අතුරු ආබාධ වලින් පෙළෙන රෝගීන් එනම් වකුගඩු බද්ධ කිරීම, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අය සහ තවත් එවැනි තම ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ දුර්වලකම් ඇති අයවලුන්ගේ sinopharm එන්නත් මාත්‍රා 2 මගින් තමන්ට අවශ්‍ය නිසි ප්‍රතිශක්තිකරණය සම්පූර්ණයෙන් නොලැබෙන බවයි. මෙම කණ්ඩායම් සඳහා Pfizer, astra zeneca  හෝ moderna එන්නත් තෙවන මාත්‍රාව ලෙස ලබා දීම අත්‍යවශ්‍ය බව අපි යෝජනා කරමු.

3. අපට ලැබී ඇති AstraZeneca සහ mRNA එන්නත් ප්‍රමාණය ඉතා සීමාසහිතය. මෙම තත්ත්වයයටතේ සාමාන්‍ය සෞඛ්‍යයෙන් හෙබි, Sinopharm එන්නත මගින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන, වයස අවුරුදු විස්සත් තිහත් අතර කණ්ඩායමට Pfizer එන්නත ලබාදීම ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් ලෙස සැලකිය හැක.

එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපදෙස් සඳහා දැනුම් සම්භාරයක් ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව මගින් ලබා දිය යුතු අතර, එම ලබා දුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා වයස 60 වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දැනට වැඩි වී ඇති අතර මෙයට හේතු පාදක වූයේ වයස අවුරුදු 60 වැඩි අයට එන්නත ලබා දීමට ප්‍රමුඛතාව නොදී එය වයස අවුරුදු 30ත් 60ත් අතර කණ්ඩායමට ලබාදීම මගින් අවදානම් වැඩි අයට එන්නත ලැබීම ප්‍රමාද වීමයි. ප්‍රමාදවී වුවද අප බලාපොරොත්තු වන්නේ ඉදිරියේ දී හෝ එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා නිසි ලෙස සහ විද්‍යාත්මක ලෙස ක්‍රියාත්මක වනු ඇති බවයි.

මෙහිදී අප විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ලෙස නැවතත් අවධාරණය කරන්නේ එන්නත් කරන ක්‍රියාවලිය වෙනුවෙන් තීරණ ගන්නන් විසින් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ඇතිව ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාව පිළිපැදීම ඉතා අත්‍යවශ්‍ය බවයි.

ස්තූතියි.

                                         

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු                                                      විශේෂඥ වෛද්‍ය R ඥාණසේකරම්                                
සභාපති                                                                                                 ලේකම්
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය                                                        විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Print Friendly, PDF & Email

Latest comments

  • 6
    0

    ඔහුගේ බාප්පාට (Basil) කොවිඩ්” යන වචනය උච්චාරණය කිරීමට පවා නොහැකි වූ අතර, ඒ වෙනුවට ඔහු පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේ එය “කොවින්” යනුවෙනි:

    දැන් ව්‍යාජ නීති උපාධියක් ලබා ගත් බව කියන පුද්ගලයා (NAMAL BABY) ඔහුගේ පවුල් දේශපාලනය තුළින් ක්‍රීඩා ඇමති බවට පත් විය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු මුළු ලෝකයම පැහැදිලිවම පැහැදිලිව කියා සිටියේ, තවමත් තරුණ වයස් කාණ්ඩය සඳහා සායනික දත්ත නොමැති බවයි, කෙසේ වෙතත්, නියම නිර්ණායක නොසලකා හරින එම තරුණ වයස් කණ්ඩායම් වෙත ලබා දීමට මෝඩ ඇමතිවරුන් නිශ්චිතව තීරණය කළ යුතුය. වෛද්‍ය විද්‍යාවේ බොහෝ ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව වෛද්‍ය විශේෂඥයින් බිහිකර ඇති බව දන්නා නමුත් දැන් කොවිඩ් මරණ වලින් ඔවුන්ව බේරා ගැනීම සඳහා තමන්ගේම ජාතියකට උදව් කිරීමට නොහැකි වී ඇත. මෙය ඛේදජනක නොවේද?

    • 2
      1

      This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.

      For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2

    • 3
      0

      විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු විශේෂඥ වෛද්‍ය R ඥාණසේකරම්
      සභාපති ලේකම්
      විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

      Dear Sirs,

      we understand your disspointment. Whatever being said and done being based on facts and WHO recommendations, apparently, the senses of incumbent leadership dont seem to take it serious. No matter even anyone would die, so long their FAMILY kith and kin would be protected, should be the LIFE motto or Rajaakshe politics.
      :
      It is SAD to experience that even SUNIL AIYA aka FAMOUR singer SUNIL PERERA is the latest death among the prominant figures today, however, these lives could have been saved, if they were treated properly and earlier.
      :
      Elderly mothers and fathers are on the list of COVID death, almost over 90% o fthem were not subjected to COVID vaccinations due to lack of proper ground handling of the SO CALLED WIYATHMAGA led current govt.
      :
      Some commoners louded that ” වියත්මග නොව මෝඩකම සහ ජාතිය බේරා ගැනීම සඳහා සත්‍ය තොරතුරු ගැන බැරෑරුම් ලෙස නොසලකීම.

      මෙහිදී අප විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ලෙස නැවතත් අවධාරණය කරන්නේ එන්නත් කරන ක්‍රියාවලිය වෙනුවෙන් තීරණ ගන්නන් විසින් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ඇතිව ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාව පිළිපැදීම ඉතා අත්‍යවශ්‍ය බවයි.

        • 2
          0

          ප්‍රතිදේහජනක jawaram මිනිසා හෙවත් දිලිත් ජයවීර හෝ දෙරණ රූපවාහිනී හිමිකරුගේ හිමිකරු hewath මෙම පුද්ගලයාට අයත් තවත් සමාගම් කිහිපයක්ම වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රබල ව්‍යාපාරිකයා ය.
          හසු වුවහොත් ඕනෑම අපරාධකරුවෙකුට දැනට පවතින නීතිය අනුව යාමට සිදුවනු ඇත, කෙසේ වෙතත්, සීනි වංචා කරන්නන් කිසිවෙකු අත්අඩංගුවට නොගනී. මෙම වෙළෙඳුන් හා ආනයනකරුවන් රාජපක්‍ෂවරුන්ට සහ ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සමීපව සිටි බවට අනුමාන පවතී.

  • 3
    0

    මේ සංවිධානය කියන කතාවට එකඟයි.
    වැඩිහිටියන් සහ අවදානම් සහිත පිරිස පසෙක ඉඳිත්දී, නිරෝගී දරුවන් එන්නත්කරණය කිරීම අනුමත කරන්න බැහැ. ලංකාවේ 30ට අඩු තරුණ දරුවන් බහුතරය මත්පැන් ගැනීම, දුම්පානය කිරීම කරන්නේ නැහැ. ඔවුන් නිරෝගියි. බහුතරය කාලය ගත කරන්නේ ගෙදර හෝ පාසැලේ. නැතනම් තමන් නිතර ගැවසෙන එකම පිරිසක් එක්ක.
    දැන් කොරෝනා මරණ 10,000ක්ලු. වෛද්‍යවරුම කියනව පත්තරේ තිබුන, මේ මරණ වලින් 85%ක්ම අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්. ඒ කියන්නේ මියගිය 10,000න්, මරණ 8,500ක්ම සිද්ධ වෙලා තියෙන්නේ කොරෝනා නොවෙන වෙනත් රෝග නිසා හෝ එම රෝග වලට අදාළ බෙහෙත් නොදීම නිසා. ඒ කියන්නේ එන්නත්කරණ ආචාරධර්ම වලට විරුද්ධව, ආණ්ඩුව, මුලින් අවදානම් කාණ්ඩය (vulnerable sector), ඊලගට වයස 70 හෝ ඊට වැඩි (වැඩිහිටි නිවාස වල වැඩිහිටියන්ද ඇතුළුව), ඊළඟට වයස 69 – 60 අතර පිරිස මඟ හැරලා තියෙනව.
    ආණ්ඩුවේ හැසිරීම අනුව, පැහැදිලිවම කොරෝනා අවදානම් තත්වයක් ලංකාවේ නැහැ. තිබුනා නම්, ආණ්ඩුව ඉස්සෙල්ලම ගුවන් තොටුපොළවල් වහන්න එපැය. එහෙම නැහැ විතරක් නෙමෙයි, කොරෝනා බහුලව පවතින රටවලට යනවා, එහෙන් එනවා. අවදානමක් ඇති බවක් පෙනෙන්නේ නැහැ.
    එන්නත් මාත්‍රා දෙකම ගත්තට පස්සේ මුහුණු ආවරණ ඕනේ නැහැ, ඕනේ තැනක යන්න පුළුවන් කියපු රටවල්ම, දැන් කියනව එන්නත් දෙකම ගත්තත්, මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි සහ මීටරේ දුරස්ථභාවය අනිවාර්යයි කියල.

    • 3
      0

      ලාමක දේශපාලකයන් සහ කෙප්ප කෙවට්ටයන්ගේ විවිධ නාටක මැද, හමුදාව, මහජන පරීක්ෂකවරු, හෙදියන් සහ වෛද්‍යවරුන් එන්නත්කරණය කරගෙන යනව.
      මේ ඊළඟ ටික ලියන්නේ ඔවුන්ට නෙමෙයි, ආණ්ඩුවේ උඩඟු ලාමක දේශපාලකයන්ට.
      ඔවුන් හිතනවා 97/100 කිව්වහම ලංකාව 100% එන්නත්කරණය කරලා ඉවර වෙන්න ඔන්න මෙන්න කියල කියල. නමුත් ඇත්ත කතාව, 97/100 කියන්නේ ලංකාව තවම 50% සීමාවේ ඉන්නේ කියන එක. ඒ කියන්නේ 200/100 වුනහම තමයි සම්පූරණයෙන් එන්නත් කළා කියලා කියන්න පුළුවන්.
      මේක පහල නිදසුනෙන් පැහැදිලිව දකින්න පුළුවන්.
      .
      Josh Holder, 2021 සැප්තැම්බර් 3, “ද නිව්යෝක් ටයිම්ස්” හි පලකල ලිපියකට අනුව, පහත තියෙන්නේ විවිධ රටවල එන්නත් කිරීමේ ප්‍රමාණය.
      https://www.nytimes.com/interactive/2021/world/covid-vaccinations-tracker.html
      .
      ලංකාව, එල් සැල්වදෝරයට පහලින් සහ ආර්ජන්ටිනාවට ඉහලින්, 50 වෙන ස්ථානයේ ඉන්නවා, ජනගහනයෙන් සියයට 58ක් එන්නත්කරණය කරලා, සියයට 39ක් සම්පූරණයෙන් (මාත්‍රා දෙකම) එන්නත්කරණය කරලා. (58 + 39 = 97).
      El Salvador – 100 – 6,470,252 – (එක එන්නතක් හෝ) 56% – (දෙකම) 45%
      Sri Lanka —– 97 – 21,146,303 – (එක එන්නතක් හෝ) 58% – (දෙකම) 39%
      Argentina —– 96 – 43,221,929 – (එක එන්නතක් හෝ) 63% – (දෙකම) 34%
      .
      ඊට පහලින් තියෙන ප්‍රස්ථාරයේ දැක්වෙන අන්දමට, ජනගහනය අනුව එන්නත් බෙදීමේ ප්‍රතිශතය අනුව පෙනෙනවා (share of population vaccinated), ලංකාවේ ජනගහන පිරමීඩයේ ඉහල කොටසේ, එනම් වැඩිහිටියන් ඉන්න කොටසේ එන්නත් කිරීම ඉතා අඩු ප්‍රතිශතයක තියෙන බව. ලංකාවේ ප්‍රස්ථාරයේ ඉහල කෙට්ටු ඒකයි. ඇමරිකාව ගත්තොත් ප්‍රස්ථාරයේ ඉහල මහතයි. හේතුව, ඔවුන් වැඩිහිටියන්ව තමයි මුලින්ම සහ වැඩියෙන්ම එන්නත්කරණය කලේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.