20 April, 2024

Blog

ග්‍රන්ථ විචාර​: ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ “ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්”

සුනිල් ජයරත්න –

නීතිඥ ජී.ඒ.සුනිල් ජයරත්න

මානව හිමිකම් නීති ක්ෂේත්‍රයෙහි අග්‍රගණ්‍ය විශාරදයෙකු වන ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් රචිත ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්ග්‍රන්ථයේ තුන්වන සංස්කරණය, 2021 අගෝස්තු 26 වන දා එළිදක්වන ලදී. ඔහු ශාස්ත්‍රීය නීති රචකයකු හා පර්යේෂකයෙකු වශයෙන් පමණක් නොව වසර 44 කට අධික කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අනිකුත් අධිකරණයන් හී පෙනී සිටින ලද ප්‍රවීන නීතිවේදියෙකි. තීරණාත්මක නඩු තීන්දු රාශියකට ඔහු දායක වී ඇත. ඔහු දෙස් විදෙස් විශ්ව විද්‍යාලවල හා නීති විද්‍යාලයන්හි පර්යේෂණ සඳහා දායකවීමෙන් හා ඉගැන්වීමෙන්ද, මනා නීති පරිචයකට හිමිකම් කියන විද්වතෙකි. ආචාර්ය ජයම්පතී ශ්‍රී ලංකා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දී හා නීති සම්පාදන ක්‍රියාවලියේ දී දක්වන ලද දායකත්වය අතිමහත්ය. නීතිය පිළිබඳ සිදුකල ඔහුගේ ශාස්ත්‍රීය පර්යේෂණ, ශ්‍රී ලාංකාවේ උපරිමාධිකරණ විනිසුරුවන් ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ සම්භාවනාවට නිතැතින්ම පාත්‍ර විය.

ඔහු විසින් රචිත ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්නව සංස්කරණය, කියවීමේ දී හැඟීයන්නේ, ඔහුද, ජාත්‍යන්තර නීතියේ ඉමහත් කීර්තියක් හිමි, එක්සත් ජාතීන්ගේ  යුක්ති අධිකරණයේ උප සභාපතිවරයා වූ, ලෝකප්‍රකට නීති දාර්ශනිකයෙකු වූ ආචාර්ය සී. ජී. වීරමන්ත්‍රී මැතිදුන් සහ විනිසුරුවරුන්ගේ හා නීතිඥවරුන්ගේ ආචාරධර්ම පිළිබඳ නීතිමූලාශ්‍රයක් සේ ගැනෙන, ලෝකප්‍රකට නීති රචකයකු වූ කීර්තිධර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු .ආර්.බී  අමරසිංහ මැතිදුන් වැනි අද්විතීය නීතිරචකයන් පියනැගූ මගෙහි ගමන්කොට ඔවුන් අතික්‍රමණය​ කල හිනිපෙත්තට පියමැනීමට සූදානම්වන තවත් ශ්‍රී ලාංකික විද්වතෙකු බවයි.

ආචාර්ය ජයම්පති, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය විශ්වවිද්‍යාල දෙකක් වන, පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාලය ද්විත්වයෙන්ම නීති විශාරද උපාධින් හිමිකරගෙන ඇත. ඔහු වර්ෂ 2015 දී බලයට පත් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කලේය. තවද, එම  පාර්ලිමේන්තුව විසින් පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කළමණාකරන කමිටුවේ සම සභාපතිවරයා ලෙසද කටයුතු කලේය.

මෙම ග්‍රන්ථය එළි දැක්වීම සිදුවූයේ Zoom තාක්ෂණය ඔස්සේය. වර්ෂ 2021අගෝස්තු මස 26 වන දාය. එය, ස්විස්ටර්ලන්තයේ ෆ්රීබර්ග් විශ්ව විද්‍යාලයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා පරිපාලන නීතිය පිළිබඳ මහාචාර්ය ඊවා මාරියා බෙල්සර්, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ හිටපු මහාචාර්ය එන්. සෙල්වකුමාරන් මහතාගේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුලු ජාතික හා ජාත්‍යන්තර විද්වතුන් රාශියකගේ සහභාගීත්වයෙන් සිදුවිය. මෙම ග්‍රන්ථය පන්නිපිටියේ, හයිලෙවල් පාරේ, අංක: 366 දරණ ස්ථානයේ පිහිටි, ස්ටැම්ෆෝඩ් ලේක්  ප්‍රයිවට් ලිමිටඩ් (Stamford Lake (Pvt), Sri Lanka) හී ප්‍රකාශනයකි. ශ්‍රී ලංකාව තුලදී පොතෙහි වටිනාකම රුපියල් 7000/- ක් ලෙස දැක්වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ ගවේෂණයකු මෙන්ම විද්‍යාර්ථියෙකු වු මා අතට මෙම පොත පත් වු මොහොතේ පටන් එහි අන්තර්ගතය කියවා පරිපූර්ණ ලෙස ගැඹුර පිළිසිඳ බලනතුරු එය පසෙකින් තැබිය නොහැකි විය. එය එතරම්ම සිත්ගන්නා සුළු සරල බසකින් ලියවී ඇත. පොතෙහි අන්තර්ගතය අතිශයින්ම තත්කාලීන​ ශ්‍රී ලංකාවේ නෛතික සාකච්ඡාවට​ අත්‍යන්තයෙන්ම අදාලය. ග්‍රන්ථ පරිශීලකයෙකුට මෙම පොත කියවීමට එතුලින්ම බලවත් උත්තේජනයක් ජනනය කරයි. එය එතරම්ම පොහොසත් කෘතියකි.

කතෘ මෙම ග්‍රන්ථය ආණ්ඩුක්‍රම නීතිය පිළිබඳ මෙන්ම, නීතිඥ වෘත්තියේ දී , තම ගුරුවරයාද වූ , තමාගේ කල්‍යාණ මිත්‍රයෙකු වූ , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙකු වූ , ආචාර්ය කොල්වින් ආර් සිල්වා වෙත පුදකොට ඇත. ග්‍රන්ථය පරිච්ඡේද අටකින් , පිටු 1233 කින් සමන්විත වේ. ඉන්දියාවේ හිටපු අගවිනිසුරු එම්.එන්. වෙන්කටරාචල්‍යා විසින් මුල් පොතට සැපයූ පෙරවදනින් හා සමකාලීන ශ්‍රී ලාංකීය අගවිනිසුරු ජී.පී.එස් සිල්වා මැතිඳුන් විසින් ලියන ලද හැඳින්වීමකින් පොත ආරම්භ වේ.

ග්‍රන්ථයේ පරිච්ඡේදයන් පහත පරිදි පෙළගැසී ඇත: පලමු පරිච්ඡේදය පුරා, ශ්‍රී ලංකා ජන රජයේ 1972 හා 1978 ව්‍යවස්ථාවන්ට මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයන් අන්තර්ගතවූ ආකාරය විස්තර වේ. දෙවන පරිච්ඡේදය, රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් පරිච්ඡේදය හා විසිවන සංශෝධනය තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ශක්තිමත් කිරීමට දරන ලද උත්සාහයන් සහ එහිදී  ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන මූලික රාජ්‍ය ආයතනයන්හි බලතුලනය හා සංවරණය​ සිදුව ඇති ආකාරය විස්තරවේ.

මෙම ග්‍රන්ථයේ දෙවන පරිච්ඡේදයේදී කතෘ විසින් සිදුකරන ජනරජ ව්‍යවස්ථාවන් පිළිබඳ විවරණය අති විශිෂ්ඨය. එහිදී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය, දහහත්වන සංශෝධනය සහ විසිවන සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දු රාශියක් පිළිබඳවද දීර්ඝ විවරණයක් කරනු ලබයි. ඊට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති සිද්ධාන්ත උපයෝගී කොට ගනිමින් ජනතා පරමාධිපත්‍යය මත පදනම්ව විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ බලතල හා ඒවායේ සීමාවන් නිර්ණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රකාශිත නඩු තීන්දු රාශියක් මෙම විශ්ලේෂණයට අදාලකර ගෙන ඇත. එමගින්ම ආචාර්ය ජයම්පති සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදභාවය මැනවින් පිළිබිඹු කරයි.

තෙවන පරිච්ඡේදය, ජනතාව සතු සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ සහ ආගම පිලිබඳ  නිදහස යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ බෞද්ධ ඉස්ලාම් හා හින්දු භක්තිය භක්තිකයන්ගේ ආගම් ඇදහීමේ නිදහස සහ වෙනත් ආගමක් වැළඳගැනීමේ නිදහස, ආගමකින් තොර වීමේ නිදහස මෙන්ම ආගම් ප්‍රචාරය කිරීම හා බලපෑම් කිරීම පිලිබද කාරණා ඇතුලත් නඩු තීන්දු දක්වමින් සිදුකල විශිෂ්ඨ විවරණයකින් සමන්විතය.

හතරවන පරිච්ඡේදය, ජීවිතයට ඇති අයිතිය (Right to Life), ගබ්සාව (Abortion), කලල මරණය (Feticides), කෲර වදහිංසාව හා අධිකරණ වෛද්‍ය සාක්ෂි, අනවරත අමානුෂික වදහිංසාව, මරණ දඩුවම සහ වෙනත් ශාරීරික දඬුවම් හා ඒවායේ සීමාවන් හා ප්‍රභේද, ජීවත් වීමට ඇති අයිතිය  හා මානව ගරුත්වයට අයිති නිදහස, අවමන් සහගත සැලකිලි, සිරගතවූවන් ගේ සහ රැඳවුම් නියෝග මත සිරගත වූවන්ගේ අයිතිවාසිකම්, පෞද්ගලිකත්වයේ අයිතිවාසිකම් ආදී වූ මානව චර්යාව සම්බන්ධ නීතිය හා සදාචාරය පදනම් කරගත් ගැටළු පිළිබඳ ජාත්‍යන්තර නඩු තීන්දු හා විශ්ලේෂණයකින් සමන්විතය.

පස්වන පරිච්ඡේදයෙහි, පුද්ගලය නිදහස හා පිරිස් නිදහස (කාන්තා, ළමා අයිතිවාසිකම්, ආබාධිත නමුත් අන්‍යාකාරයෙන් හැකියාව ඇති තැනැත්තන්ගේ අයිතිවාසිකම්) වැඩිහිටි, ආදිවාසි ආදි සමාජ කණ්ඩායම් සඳහා ඔවුනට, නීතිය ඉදිරියේ සමානාත්මතාවය සහ නීතිය නීතියේ සමාන සැලකිල්ල ලැබීමට ඇති අයිතිය සවිස්තරව දක්වා ඇත. සමාජ, සංස්කෘතික දේශපාලන තලයන්හිදී මෙන්ම රාජ්‍යකරණයේදී මතු වූ ගැටළු පදනම් කරගත් විවිධ රටවල නඩු තීන්දු, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, යුරෝපා ප්‍රඥප්තිය වැනි ජාත්‍යන්තර හා කලාපීය ප්‍රඥප්තීන් පදනම් කොටගත් නීති මූලධර්ම ආදිය පිළිබඳ දීර්ඝ සමාලෝචනක් මෙම පරිච්ඡේදයට අන්තර්ගතය.

හයවන පරිච්ඡේදය තුළ, අපරාධ නඩු විධාන නීතිය සහ පෞද්ගලික නිදහස පිළිබඳ නීතියේ නිසි ක්‍රියාදාමය, සෘජු සහ අනියම් රඳවා ගැනීම සහ ඒවායේ විවිධ පැතිකඩ, හදිසි අවස්ථා තත්වයන් යටතේ සහ සාමාන්‍ය නීතිය යටතේ පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරීමේ  නිලධාරීන්ට ඇති බලතල හා ඒවායේ සීමාකම් මැනවින් විග්‍රහ කොට ඇත. එමෙන්ම එම අයිතින් මෙන්ම ඒවායේ උල්ලංඝනයන්, සාධාරණ නඩු විභාගය, නීතියේ ආයතන ඉදිරියේ  නීතිඥවරයෙකුගේ සහාය ලැබීමට ඇති අයිතිය, විවෘත අධිකරණයේ ප්‍රසිද්ධ නඩු විභාගයට ඇති අයිතිය, නිසි නඩු විභාගයකින් පසු වරදකරු කරන තෙක් නිර්දෝෂීභාවයේ පූර්ව අනුමානයට සහ සැලකුම් ලැබීමට ඇති අයිතිය සහ අත්තනෝමතික දඬුවම් ආදිය පිළිබඳ සාමාන්‍ය පොදු ජනයාගේ අවබෝධය පුළුල් කිරීමට තුඩුදෙන නීති සිද්ධාන්ත හා භාවිතයන් පිලිබද ජාත්‍යන්තර නඩු තීන්දු පදනම් කරගත් මෙහි ඇති විශ්ලේෂණ පාඨකයා ගේ ඥාන මණ්ඩලය පුළුල් කරයි.

හත්වන පරිච්ඡේදය වෙන්ව ඇත්තේ, නිදහස පිළිබඳවය. ඊට අදාල සීමාවන්, තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ ඊට ඇති සීමා බන්ධන, ගුවන් විද්‍යුත් චුම්බක තරංග පිළිබඳ රෙගුලාසි, පුරවැසියන්ගේ, අන්තර්ජාල තාක්ෂණය පිළිබඳ සීමාකම්, ද්වේෂ සහගත ප්‍රකාශ, ආගමික සංහිඳියාව සහ සදාචාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාසකිරීම, සාපරාධී අපහාසය, මහජන සාමය පලුදු කිරීම, ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව, වැනි විවිධ මාතෘකා ඔස්සේ ඔහු දීර්ඝ විවරණයක යෙදෙයි. එමෙන්ම, නිදහසසේ භාවිතයන්, රැස්වීම් පැවැත්වීමේ සහ සමාගමේ නිදහස, ඊට ඇති සීමාවන්, දේශපාලන පක්ෂ හා බැඳුණු අයිතිවාසිකම්, වෘත්තීය සමිති අයිතිවාසිකම් හා වැඩ වර්ජනය කිරීමේ අයිතිය, භාෂාව සහ  සංස්කෘතික අයිතිවාසිකම් යටතේ සුළුතර ජන වර්ගයන්ගේ භාෂා හා සංස්කෘතික අයිතිවාසිකම් භුක්ති විදීම, ආදිවාසී ජනයාගේ අයිතිවාසිකම්, ව්‍යවසායක හෝ රැකියාවක යෙදීමේ අයිතිය හා ඊට ඇති සීමාවන්, නිවසක ජීවත්වීමේ හා ගමනාගමනයේ අයිතිවාසිකම්, ශ්‍රී ලංකාවෙන් බැහැරට යාමේ හා නැවත පැමිණීමේ අයිතිවාසිකම්, යනාදිය පිළිබඳ නඩු තීන්දු පදනම් කරගත් දීර්ඝ සාකච්ඡාවක් ග්‍රන්ථය තුළ විද්‍යාමානවේ. වත්මන් සමාජ ආර්ථික සහ දේශපාලන සන්දර්භයන් තුළ සමස්ත ජන ජීවිතය පවත්වාගෙන යාමට ඔවුනට ඇති අයිතිය හා එහි සීමාවන් අඳුනාගැනීම සඳහා සිදුකර ඇති නෛතික විග්‍රහය අතිවිශිෂ්ඨය.

ආචාර්ය ජයම්පති මෙම ග්‍රන්ථයේ දී නෛතික සිද්ධාන්ත පිළිබඳ විශිෂ්ඨ විශ්ලේෂණයක් සිදුකර ඇත. එනම්, ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමේදී ගුරු කොට ගන්නා මූලික සිද්ධාන්තයක් වනමුලික ව්‍යුහය සිද්ධාන්තය(Doctrine of Basic Structure of Constitution) පිළිබඳ ඔහුගේ විවරණයයි. එහිදී ඔහු දහතුන් වන ව්‍යවස්ථා සංශෝධන නඩු තීන්දුවේ දී ගරු අගවිනිසුරු ෂර්වානන්ද විසින් එක් ආකාරයකටත් එම ශ්‍රේෂ්ඨාධිකරණ මණ්ඩලයේම තවත් විනිසුරුවරයෙකු වූ වනසුන්දර විනිසුරුතුමා තවත් ආකාරයකටත් ඊට අදාල විවරණය සිදුකරන ආකාරය දක්වා ඇත. 1978  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට අදාලව මූලික ව්‍යුහය සිද්ධාන්තය අදාල කර ගත හැක්කේ ? නොහැක්කේද? මීට අදාලව එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත දරමින් ප්‍රකාශිත නඩු තීන්දු පිළිබඳ සිදුකෙරෙන විශ්ලේෂණය​ විශිෂ්ඨය. එහිදී ශර්වානන්ද අගවිනිසුරුතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේදීව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය සැලකිල්ලට ගතයුතු නොවේය යන පදනම මත, දහතුන් ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවේ (not inconsistent to the Constitution) යනුවෙන් මතයක් ප්‍රකාශකරන ලදි. එහෙත් වනසුන්දර විනිසුරුතුමා විසින්, “මූලික ව්‍යුහය පිළිබද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සිද්ධාන්තය” ‘ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදාළ වන්නේය යන පදනම මත දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලය (inconsistent) යනුවෙන් තම තීන්දුව ප්‍රකාශ කරනලදි. මෙම විග්‍රහය ග්‍රන්ථයට ඇතුලත් කොට ඇති ආකාරය අපූරුය.

එමෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ ව්‍යවස්ථාදායකයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනය හා වෙනත් නීති පැනවීම සම්බන්ධයෙන් පරමාධිපත්‍යය සතු ජනතාව විසින් පවරා ඇති බලය ව්‍යයවස්ථාදායක විසින් කෙසේ භාවිතාකල හැක්කේද? එහි පරාමිතීන් කවරේද? ජනමත විචාරණයකට යා යුත්තේ කවර ව්‍යවස්ථා සංශෝධනයන්හි දී ? ආදී වූ  ව්‍යවස්ථා පැනවීමේදී පැන නැගෙන ව්‍යවස්ථාමය ගැටළු වලට අපූරු නෛතික විශ්ලේෂණයක් ග්‍රන්ථයේ අන්තර්ගතය.

1978 ව්‍යවස්ථාවේ සංයුතිය අනුව  සමස්ත ව්‍යවස්ථාවම වෙනස් කිරීමෙන් තොරව, වෙනත් අයුරකින් කියතොත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් තොරව එය කොටස් වශයෙන් සංශෝදනය කල නොහැකි බවට මතයක් පැවතින. 2004 වර්ෂයේදී පෞද්ගලික මන්ත්‍රීවරයකු විසින් ගෙනෙන ලද ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් මගින් ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයේ සඳහන් බුද්ධ ශාසනය පිළිබඳ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම අපේක්ෂා කරන ලදි. එම දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනනුකූල බව දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. රාජා ප්‍රනාන්දු හා වීරසූරිය විනිසුරුවන්ගේ එකඟත්වයෙන් යුතුව ස්වකීය තින්දුව ප්‍රකාශයට පත්කල, ශිරාණි තිලකවර්ධන විනිසුරුතුමිය ප්‍රකාශකලේ පවතින විධිවිධාන අනුව ව්‍යවස්ථාවක් සංශෝධනය කර හැකි නමුත් රටේ උත්තරීතර නීතිය (Supreme Law of the Land) වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විටින් විට කෑලි පාස්සන්නට නොහැකි බවය. තවද, ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානයක් හිමිවන්නේ යනුවෙන් වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික ව්‍යුහයට පටහැනි නොවන බවද තීන්දුවේ සඳහන් වේ. මේ පිළිබඳ ග්‍රන්ථයේ අන්තර්ගත විවරණය විශිෂ්ඨ ගණයේ ලා සැලකිය හැක.

ඉන්දියාව ඇතුළු ලෝකයේ වෙනත් ප්‍රබල රටවල ව්‍යවස්ථාවන් මගින් රාජ්‍ය‍ය නිරාගමික විය යුතු බවට සම්මුති ගතව සිටියදී ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව මගින් බුද්ධ ශාසනය පිළිබඳ වගන්තිය තවදුරටත් ආරක්ෂා කළ යුතු නැද්ද යන්න පිළිබඳව පොදු තීරණයක් ගැනීම සඳහා මෙම තීරණයමගින් අප සිත් අවදිකරවයි. එහිදී ඓතිහාසික හා සමාජ සංස්කෘතික කරුණු පිළිබඳව ප්‍රබුද්ධ ලෙස සලකා බැලීමට අත්‍යවශ්‍යය. එවන් පසුබිමක මෙම තීන්දුව, ආණ්ඩුක්‍රම නීති විශාරදයන්ගේ , ඓතිහාසික උරුමයන් හා දේශපාලන විශ්ලේෂකයින්ගේද දෙනෙත් විවරකරයි. ඊට අවැසි නීතිමය විවරණය කතෘ විසින් මැනවින් ග්‍රන්ථය තුලදී සිදුකර ඇත. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තුල නිරන්තර සාකච්ඡා වන සාමය, සමගිය, ජාතීන් අතර ඒකාග්‍රතාව තහවුරු කිරීම, නීතියේ බලය ස්ථාපනය කිරීම පිළිබඳ ව්‍යවස්ථාමය නීති සිද්ධාන්තයන්ගේ ආවේශ්‍යතාවය පිළිබඳව සිදුකර ඇති විවරණයද අද්විතීයය.

කතෘවරයා දක්වා සිටින නීතිමය සිද්ධාන්ත හා නඩු තීන්දු මත සුසැදි නීතිය, රාජ්‍ය බලය අයුතු ලෙස උපයෝගි කරගෙන ගැනීමට තැත දරන දේශපාලනඥයන්ට හා ඔවුන්ට බැලමෙහෙකරමින් නීතිය උල්ලංඝනය කරන නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල හැක්කේ කෙසේද යන්න මැනවින් දක්වා සිටී. ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අධිකරණයට සිදුකල හැකි බලපෑම පිළිබඳ විශ්ලේෂණය​ මෙය කියවන ජනතාවගේ දෑස් විවරකරනු නොඅනුමානය.

කතෘ මෙම කෘතියේ ගෙනහැර දක්වන සමහර කරුණු වර්තමාන ලෝකයට අතිශය අදාලවේ. පවත්නා Covid-19 වසංගත තත්වය නිසවෙන් 2021 අගෝස්තු 30 දා සිට සමස්ථ රටපුරා මහජන ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථා රෙගුලාසි පනවා ඇත.  මගින් අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට පොලිසියට අවකාශය ලබා දී ඇත. එවන් තත්ත්වයකදී මෙම නීති කෙතරම් දුරට මූලික අයිතිවාසිකම් කඩවීම් වලට හේතුවන්නේද යන්න මෙම ග්‍රන්ථය මගින් මොනවට පැහැදිලි කරයි.

මෙම කෘතිය පුරා තම ආචාර්ය ජයම්පති වික්‍රමරත්නයන් විසින් දේශීය හා විදේශිය නඩු තීන්දු රාශියක් ගෙනහැර දක්වමින් නීතිය මගින් පුරවැසියන්ගේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා නිදහසට පදනම්වන්නා වූ නීතින් පුළුල් විග්‍රහයකට ලක් කොට ඇත. එය ශ්‍රී ලංකීය පුරවැසියාට මෙන්ම නීති වෘර්තියේ නියැලෙන්නන්ගේද ඥාන පරිමාවන් අවශ්‍යයෙන්ම පරිනත කිරීමට හේතුවනු ඇත.

කතෘ විසින්ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාවයන නෛතික සිද්ධාන්තය සිසිර කුමාර වාහලතන්ත්‍රි එදිරිව පොලිස්පති, (SCFR/768/2009, SCM, 5 Nov 2015) නම් නඩුවේ තීන්දුව පාදකකර ගනිමින් සාකච්ඡා කරයි. එම නඩුවේදී, ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ සාමාජිකයන් විසින් 2015 පළාත් සභා මැතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරණ කාර්යාලයක් පුළුස්සා දැමීමට එරෙහිව, මහ ජරා රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය මේකද?යනුවෙන් සඳහන් බැනරයක් ප්‍රදර්ශනය කිරීම මගින් ස්වකීය විරෝධය දැක්වීමට එරෙහිව, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 118 වන  වගන්තියේ විධිවිධාන යටතේ නඩු පවරා, 120 වගන්තිය යටතේ දඬුවම් කිරීමට පොලිස් නිලධාරීන්ට ඇති හැකියාව සාකච්ඡා කරයි. මෙය සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පාඨකයාගේ නිම්වළලු පුළුල් කිරිමට හේතු වන තීන්දුවකි.

එහිදී අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර සහ ප්‍රියන්ත ජයවර්ධන​ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීරණය කරන ලද්දේ, ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකමක් වූ විරෝධය දැක්වීම සඳහා බැනරයක් ප්‍රදර්ශනය කිරීමේ අයිතිය භාවිතා කිරීම මගින් හා එහිමහ ජරායන වචන යොදා තිබීම මගින් ජනරජයට හා ජනාධිපතිවරයාට එරෙහිව වරදක් සිදුකර ඇතැයි යන ස්ථාවරය  මත පොලීසියේ නඩු පැවරීම පදනම් විරහිත බවයි. රජය විවේචනයට මහජනයාට ඇති අයිතිය අනුලංඝනීය පුරවැසි අයිතිවාසිකමක් බවද මෙම තීන්දුවේ දී දක්වා ඇත. මෙම තීන්දුව ග්‍රන්ථයේ කතෘ සිදුකර ඇති විග්‍රහය පුරවැසි විංඥාණය​ නීතිය මත, තමාට ඇති අයිතියන් පිළිබඳ අතිමහත් බලගැන්වීමකට පදනම්වේ.

හදිසි අවස්ථා රෙගුලාසි යටතේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිවාසිකම් සහ අනිකුත් අයිතිවාසිකම් වලට පැනවෙන සීමාවන්ගේ ස්වභාවය කතෘ විසින් සාකච්ඡාවට භාජනය කරන්නේ ඇත්තපත්‍රයේ කර්තෘසිරිවර්ධන එදිරිව ලියනගේ[1983] 2 SLR162  නඩු තීන්දුව විශ්ලේෂණය කරමිනි. රජයේ නිසි බලධරයාට හෝ වෙනත් අධිකාරියකට හදිසි අවස්ථා රෙගුලාසි යොදාගනිමින්, පොදු ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් මර්ධනය කිරීම සිදුකල නොහැකි බවට එම තීන්දුව මගින් දක්වා සිටින නීතිය ආචාර්ය ජයම්පතී විසින් සිදුකරන විග්‍රය අද්විතීයය.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සිය ග්‍රන්ථයේ 8 වන පරිච්ඡේදය යටතේ ව්‍යවස්ථාපිත සහනයක් පිළිබඳව පුළුල් සාකච්ඡාවක නිරත වන අතර සඳහා ඉතා දියුණු මානව හිමිකම් නීති සංස්කෘතියක් ඇති ඉන්දියානු නඩු තීන්දු රාශියක් ගෙනහැර දක්වා ඇත. ඊට අදාල ශ්‍රී ලාංකීය නඩු තීන්දු රාශියක් පිළිබඳවද ඔහු සාකච්ඡා කරයි. එම පරිච්ඡේදය යටතේ මහජන සුබසාධක නඩුකරය හා එහි ශ්‍රී ලාංකීය නීතියේ ප්‍රවණතා, ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ නිලධාරීන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් හා පැහැර හැරීම් සම්බන්ධයෙන් රාජ්‍යයේ වගකීම, රාජ්‍ය හා රාජ්‍ය සංස්ථාපිත මණ්ඩල වෙත පැවරෙන නෛතික වගකීම, මූලික අයිතිවාසිකම් පිළිබඳ තිරස් පැතිකඩ, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමේ දී කාල නිර්ණය හා කාලාවරෝධය, එම නඩුකරයකදී ඉදිපත් කළ හැකි මූලික විරෝධතා හා සාක්ෂිවල ස්වරූපය, මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ වෛකල්පික සහනයන් (මානව හිමිකම් කොමිසම) මෙන්ම මෙම නඩුකර වලදී, නීතිපතිවරයාගේ හා නීතිඥවරුන්ගේ වගකීම් යනාදියද පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. අට වන පරිච්ඡේදය අවසානයේ 1972 හා 78 ව්‍යවස්ථාවන්හි මූලික අයිතිවාසිකම් පරිච්ඡේද වල දැක්වෙන නඩු පැවරීමට උපයොගී වන කාර්ය පටිපාටිකමය නීතිය හා ඊට අදාල කරගනු ලබන 1978, 1990 හා 2018 ශ්‍රේෂ්ඨාධිකරණ රීති ආදිය , පිළිබඳ සවිස්තරව සාකච්ඡා කරයි. මේ විග්‍රහ නීති වෘත්තිකයන් හා නීති ශිෂ්‍යයන්හට අතිශය වැදගත් විග්‍රහයකි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීති මූලධර්ම අදාළ කරගනිමින් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ නීති සාහිත්‍යයට හා මානව හිමිකම් නීති සාහිත්‍යයට අගනා මාණික්‍යයකි. මෙබඳු ග්‍රන්ථයක් සිංහල භාෂාවෙන් පළ කිරීම තරමක දුෂ්කර කටයුත්තක් වන නමුදු එය කාලීන අවශ්‍යතාවයකි. විසිවන සියවසේ අසහාය දේශපාලන නායකයෙකු හා විප්ලවවාදියෙකු වූද, දකුණු අප්‍රිකාවේ සමාජ පරිවර්තකයා වූද, නෙල්සන් මැන්ඩෙලාගේ අදහස අනුවලෝකය වෙනස් කිරීම සඳහා ප්‍රබලම ආයුධය අධ්‍යාපනය” (Education is the most powerful weapon to change the world) වේ.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්නයන් උගත් ශ්‍රී ලාංකීය පුත්‍රයෙකු වශයෙන් හා මනුෂ්‍යත්වය ගරු කරන ලෝක පුරවැසියකු වශයෙන් ශ්‍රී ලාංකීය මානව හිමිකම් නීති ප්‍රජාවට පමණක් නොව ඉංග්‍රීසි භාෂාව කතා කරන සමස්ත ලෝක ප්‍රජාවටම ප්‍රයෝජනවත් වන පරිද්දෙන් සකසා ඇති මෙම ග්‍රන්ථයෙන් තුන්වන ලෝකයේ නීති විශාරදයන් හා දේශපාලනඥයන්ට ලද හැකි ප්‍රයෝජනය ඉමහත්ය.

ජාත්‍යන්තර මානව හිමිකම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති විශාරදයකු වූ ඉන්දියානු මහාචාර්ය බන්සාලිගේ “‘මූලික අයිතිවාසිකම්(Law Relating to Human Rights-Prof.Bansali-2013) ග්‍රන්ථයට නොදෙවෙනි වූ ශාස්ත්‍රීය වටිනාකමක් ඇති මෙම ග්‍රන්ථය වත්මන් පරපුරේ හා අනාගත පරපුරේ ඥාන මණ්ඩලය පුළුල් කිරීමට හේතුපාදක වේවා! නීතිය, යුක්තිය සාමය, සමගිය රජයන තිරසාර ලෙස සංවර්ධිත උසස් ශ්‍රී ලාංකීය සමාජයක් බිහිකිරීමට අත්‍යවශ්‍ය වන වත්මන් පරපුරේ හා අනාගත පරපුරේ ඥාන මණ්ඩල පුළුල් කිරීමට මෙම නීති ග්‍රන්ථය පහන් ටැඹක් වේවා!

මෙවැනි වටිනා නීති ග්‍රන්ථයක් රචනා කිරීමට සමත් උගත් පුතකු වූ ජයම්පති වික්‍රමරත්නයන් බිහිකිරීමට මුල් වුණු දෙගුරුන් ප්‍රමුඛ ගුරුවර සියලු දෙනාටත්, මෙම ග්‍රන්ථය රචනා කිරීමට අතහිත දුන් ජයම්පති වික්‍රමරත්න මැතිණිය ඇතුළු දූ දරුවන් සියලු දෙනාටත්, ඔහුගේ ජේෂ්ඨ කණිෂ්ඨ නීති සගයන් සියලු දෙනාටත් ගෞරවය හා ආදරය හිමිවිය යුතු බව සටහන් කරමින් ඔවුන් සියලු දෙනාට පාඨකයන් වෙනුවෙන් සුභාශිංසන පිරිනමමි. ආචාර්ය ජයම්පතී වික්‍රමරත්නයන්ට තම යුග මෙහෙවර ඉටු කිරීමට යෝධ බල යෝධ ශක්තිය වැඩේවායි , තෙරුවන් සරණ හා සියලු දෙවියන්ගේ රැක රැකවරණය ලැබේවා යි ! ප්‍රාර්ථනා කරමි.

*ජේෂ්ඨ නීතිඥ සුනිල් ජයරත්න මහතා පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ගෞරව උපාධියක් ලැබීය. පසුව නිති විද්‍යාලයට ඇතුලත්ව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දෙන ලදි. පසුව ඔහු ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයෙන් එල්.එල්.එම් පශ්චාත් උපාධිය ලැබීය. ඉන්පසුව, ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලැබීය. ඔහු ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් හී දි මානව හිමිකම් පිළිබඳ සහතක පත්‍ර පාඨමාලාවක්ද හැදෑරීය​. පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ අඛණ්ඩව පෙනී සිට නොනැවත අරගල කල ඔහු ප්‍රවීන වෘර්තීය නීතිවේදියෙකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 9
    0

    බෞද්ධ භික්ෂුවගේ වස්ත්‍රය සහ එයට සමාජය තුළ ලබා දී ඇති ස්ථානය වංචනික දේශපාලනඥයින් ඔවුන්ගේ ආත්මාර්ථකාමී දේශපාලන වාසි සඳහා උපක්‍රමයකි. මෙය සාමාන්‍ය මිනිසුන්ගේ මනස විකෘති කිරීම සඳහා උපකරණයක ආරම්භයේ සිට ය. සමහර බටහිර ජාතිකයින්, ප්‍රශ්නය, සිවුර ඉහළින් තැබිය යුතු නම්, මිථ්‍යාවන්, එය සමාජයට හානිදායක වනවා නම්, එම යහපත් සංස්කෘතික භික්ෂූන් වහන්සේලාට ගෞරව කළ යුතු බවත් අනෙක් අය රටේ පවතින නීතිය මඟින් බලහත්කාරයෙන් පහත් කරන බවත් පැහැදිලි කළ යුතු ය.

    දේශපාලනඥයන් මේ රට මෙතෙක් විනාශ කළා. වනාතමුල්ලේ කසළ ගොඩබෑමේ ඉරණම පහසුවෙන් වෙනස් නොවන හෙයින්, දේශපාලනඥයින් විසින් කරන ලද විනාශය, ඔවුන් අවංක නොවන තුරු, කිසිඳු ආකාරයකින් වෙනස් නොවේ. මම හිතුවේ නීතීඥයින්, විනිසුරුවන් සහ එම ක්ෂේත්‍රයේ සිටින අනෙකුත් බලධාරීන් එම කාර්යය ඉහළින්ම කරනු ඇතැයි, කෙසේ වෙතත්, ඔවුන් ද අද දැඩි පක්ෂග්‍රාහී ය.
    භික්ෂුවක් ගිහියෙකුට වඩා වෙනස් පහත් ක්‍රියාවක් කරන්නේ නම් එය වන්දි මත පදනම්ව ඔහුගේ බලාපොරොත්තු මත පමණක් රඳා පැවතිය යුතුය. සැබෑ බුදු දහමට අනුව එය ලොකුම පාපයයි, මන්ද යමෙක් තම ජීවිතයේ සෑම දෙයක්ම පූජා කිරීමට පැවිද්දෙකු වන බැවිනි.

    • 5
      0

      අද වන විට සිදු කරන නරකම උපක්‍රමයට ලාංකික ජනතාව හසු වී ඇත. මිනිසා මෙම විෂමතාවන්ට ඉඩ දෙන්නේ ශිෂ්ඨ සම්පන්න හා ගෞරවාන්විත ජීවිතය ඉහළින් තබා ඇති රටක වසර 15 ක් පමණ ජීවත් වූ වත්මන් ජනාධිපතිවරයා ය. ඔහු කලින් ඇමරිකානු පුරවැසියෙකු වූ අතර ඔහුගේ බිරිඳ සහ පුතා තවමත් ඇමරිකානුවන් ය. සමහර පෞරුෂයන් පිළිබඳ දැනුම නොමැතිකම ඔවුන් අද හරස් පාරට ගෙන ගොස් ඇත. ඔවුන් විසින් ලබා ගත් පාර්ලිමේන්තු වරප්‍රසාදය අනිසි ලෙස භාවිතා කරමින් මේ ජීවිතයේ කිසි දිනෙක කිසිවෙකුටත් ගෞරව කළ නොහැකි ගිවිසුම් සම්මත කර ගනිමින් අද නායකත්වයේ සිටිති. උදාහරණයකට, විශාල වංචා වලින් මිලියන ගණනක් උපයා ගත් ඉහළ අපරාධකරුවන් සඳහා පළමු පන්තියේ ප්‍රවේශය සඳහා වූ නීතියක් සම්මත කර ඇත. ඔවුන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මිනිස් ජාවාරම්කරුවන්, මුදල් විශුද්ධිකරුවන්, පික් පොකට්කරුවන් සහ දේශපාලනඥයින් ද සිටින අතර එංගලන්තයේ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 1 ක් වටිනා නිවාස මිලදී ගත් අලුත්ගමගේට සමාන ය.

    • 5
      0

      ජාතියක් වශයෙන් අප එය නිවැරදි ලෙස දැකීමට යොමු නොවීම අපගේ මූලික අසාර්ථකත්වයයි. අපි අපව ඉහළ අහසේ තබා ගනිමු. සමහර විට අපේ නායකත්වය අපව ලෝක බලවත් ජාතියක් සමඟ සංසන්දනය කරමින් සිටිනවා විය හැකි නමුත් ඊළඟ ආහාර ද්‍රව්‍යමය බඩු ප්‍රමාණය ගෙවීමට අපට මුදල් නැතත්.
      රතු මායිමෙන් ඔබ්බට ගොස් අපව ඇගයීමට ලක් කරන්නෙමු. අප තුළ නැති ආත්ම අභිමානයෙන් හා ආඩම්බරයෙන් අපි බැඳී සිටිමු. ප්‍රවීණයන් සහ විශ්ලේෂකයින් ඉදිරියට පැමිණ තම හදවත ප්‍රකාශ කිරීමට අයිතියක් නැතිවාක් මෙන් රැඳී සිටිති. නිහ silentව සිටින, එසේ කිරීමට ධෛර්යයක් නැති අයට අද රටේ ඇති වී තිබෙන රාජපක්ෂ අවුල් ජාලයටද වග කිව යුතුය.

      ඊයේ, මට මගේ ඇස් අදහා ගත නොහැකි වූ නමුත් ඇත්ත, අපේ අගමැතිවරයා සිය රැජින සමඟ ඔහුගේ නියෝජිත පිරිස සමඟ ගුවන් යානය ඉතාලිය බලා පිටත් වීමට ටික වේලාවකට පෙර බීඅයිඒ හි පිහිටි එම මගී පර්යන්තය වෙත ඇවිද ගියේය. 2014 දී මෙය නිරීක්ෂණය කිරීමට මට අන්තිමේදී බල කෙරුනි, ඔහුගේ සංචාරය වතිකානුවේ විය, නියෝජිත කණ්ඩායමේ ප්‍රමාණය 300 ඉක්මවීය. මෙම අරමුදල් අපතේ යාම වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය ණය සඳහා එකතු විය.
      අපේ ස්වභාවයේ හිඟමනට වැටෙන බොහෝ රටවල්, රාජ්‍ය ගමන් බිමන් අවදානම් කිරීමට එඩිතර වන්නේ නැත, මන්ද අද යුරෝපයට COVID තර්ජනය දැඩි ලෙස සකසා ඇති බැවිනි. තම පෞද්ගලික ජෙට් යානා සහිත බලවත් ජාතීන් පමණක් තම සීමිත සංචාරය කරති. සමහර විට, අපේ මෝඩ අගමැතිට දැනෙන්නට පුළුවනි, තවමත් ඔහු 2015 වන තෙක් සිතන්නට සැලැස්වූ පරිදි අපි ශ්‍රේෂ්ඨ ජාතියක් බව? කමක් නැත, විදේශ සංචිත දිනෙන් දින ගිලෙනු ඇත, ජාතියට ආහාර අණ කිරීමට නියෝග කිරීමට නොහැකි වීම, තවත් මිලියන කිහිපයක් රාජ්‍යයෙන් නාස්ති වීමට ඉඩ හැරීම …. මගේ දෘෂ්ටිය අනුව, මේ මිනිසා සහ ඔහුගේ ප්‍රතිචාරය ගෝත්‍රිකයෙකුගේ වෙනසක් නොවේ ඉතා දුප්පත් අප්‍රිකානු ප්‍රාන්තයෙන් එන නායකයෙක්.

      tbd

      • 6
        0

        ජාතියේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ආනයන වශයෙන් ඊළඟ ආනයන බරක් ඇණවුම් කිරීමටවත් කිසිවක් නොමැතිව, මේ මිනිසා සහ ඔහුගේ බිරිඳ ඇතුළු දූත පිරිස ඉතාලියට යාමට නියමිත නිසා ගුවන් ගමනක්. කවුද මේ බිල් ගෙවන්නේ? අතීතයේ අන් කවරදාටත් වඩා අද මේ සියල්ල හොඳින් සිතුවිලි ඇති හා අධ්‍යයනය කළ යුතු ය, මන්ද අප දැන් සිටින්නේ දාරයේ ය. නරකම කිසිවක් අපට සිදු විය නොහැක, එය විශාල ණය ප්‍රමාණයකි.

        ජනතාව නැවත නැවතත් අදාළ ප්‍රශ්නයක් නොකරන්නේ ඇයි? සෑම ශ්‍රී ලාංකිකයෙක්ම, ඔවුන්ගේ දෛනික අවශ්‍යතා මිලදී ගැනීමේදී, ඔවුන්ගෙන් යම් ආකාරයක බදු ප්‍රමාණයක් අඩු කෙරේ. මෙය “වැට්” ලෙස හැඳින්වේ. රජයේ ආදායම සඳහා මෙය මූලික මූලාශ්‍රය නම්, රජය විසින් ගනු ලබන අනවශ්‍ය පියවරයන් නිසා නාස්ති වන අන්තිම කාසිය සුරැකීමට ඔවුන් උත්සාහ නොකරන්නේ ඇයි? යුරෝපයෙන් පැමිණියත් කිසිවක් ආපසු හැරවිය නොහැකි බැවින් ග්‍රීසිය පහත වැටුණි. යුරෝපා සංගමය එම ජාතිය පිළිබඳ රෙගුලාසි සකස් කළේ කෙසේද සහ කෙසේද යන්න නම්, යුරෝපා සංගම් විසින් වසර 15 ක කාලයක් සඳහා පනවා ඇති නීති මාලාවකට අනුකූල වීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නැත. යහපත් අනාගතයක් සඳහා අවසාන කාසිය සුරැකීමට රජයට සෑම පියවරක්ම ගත යුතුය. ඔවුන් හැඳින්වූයේ “කප්පාදු සැලැස්ම” ලෙස ය.


        ස්වයං ප්‍රශංසාවට පාත්‍ර වූ අපේ නායකයින් තම මූලාරම්භය ඉහළින් තබා ගනිමින් තවදුරටත් අධිතක්සේරු කිරීමට නැඹුරු වන අතර සමහර විට එය සත්‍යයක් නොවේ. මට මතකයි ලිබියානු ගඩාෆි, සිම්බාබ්වේ මුගාබේ හෝ ඒ හා සමාන මෝඩ නායකයින්. මෑත දශක කිහිපය තුළ අපි ජාතියක් වශයෙන් මුළුමනින්ම උගුලකට හසු වූ බව නොදැන අපි වසර 2500 ක අපේ උරුමය ගැන නැවත නැවතත් කතා කරමු. අවම වශයෙන් අදවත් අපට එය නිවැරදිව දැක ගැනීමට හැකි විය යුතුය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.