20 April, 2024

Blog

අතාර්කික පළාත් සභා: සුළුජනයාගේ මානුෂීය පැවැත්ම හා සංස්කෘතික ජීවිතයට දේශපාලන එකඟතාවය සෙවීම

අතුලසිරි කුමාර සමරකෝන්

අතුලසිරි කුමාර සමරකෝන්

අතුලසිරි කුමාර සමරකෝන්

ශ‍්‍රි ලංකාව තුල පවතින්නේ ජනවාර්ගික ගැටුමක් බවත්, එය දේශපාලන බලය පිළිබඳ අරගලයක් වශයෙන් නිදහසින් පසු ප‍්‍රාදූර්භූත වු බවත් දිටිය හැක. සිංහල හා ද්‍රවිඩ ජනවර්ගයන් අතර පවතින අරගලය ඓතිහාසිකව දිවෙන්නෙකි. වර්තමානයේ මෙරට සිනමා ශාලා තුළ පෙන්වන එක්තරා චිත‍්‍රපටියක් ද ගෙතී ඇත්තේ සිංහල හා ද්‍රවිඩ ජන කණ්ඩායම් දෙක අතර අතීතයේ පැවති බල අරගලයේ එක් පැතිකඩක් පිළිබඳවයි. නිරන්තරවම මෙම දෙපිරිස අතර බලය සඳහා පැවති අරගලය ඉතිහාසය තුළ විiමාන වුවත් එම දෙපිරිසම එකම භූගෝලිීය ඒකකයක් තුළ සිය ජනවර්ගයන්ගේ පැවැත්ම සාදාගැනිීම සඳහා වු එකඟතාවයන්ගෙන් යුක්තව පැවතී ඇත. එම නිසා ලාංකේය රාජ්‍ය මුලිකවම ඒකක ද්වයකින්, එනම් උතුරු හා දකුණු කලාප වශයෙන් බෙදා දැක්වීම සාමාන්‍ය භාවිතාවක් වශයෙන් ඓතිහාසිකව ස්ථාපිත වී හමාරය. රාජපක්ෂ ජනාධිපතිවරයා සිය මැතිවරණ පරාජයෙන් පසුව පිළිගත් පරිදි ද උතුරේ මිනිසුන් නැතිනම් ‘‘ඊළම්වාදින්’’ ඔහුට ජන්දය ප‍්‍රකාශ කළේ නැත.

උතුර හා දකුණ අතර පවතින නිරන්තර ආතතිය මගින් ලාංකේය දේශපාලනයේ බාහිර පැතිමානය ද නිරන්තරයෙන්ම කැළඹිීමට ලක්වෙයි. ඒ තුළ අපේ අසල්වැසි ඉන්දියාව සේම කලාපයෙන් බාහිර අනෙකුත් රාජ්‍යයන් ද මෙරට පවතින ජනවාර්ගික ඝට්ටනය පිළිබඳව නිරන්තරව බලපෑම් ඇති කරයි. නිදහසින් පසු බිහි වු මධ්‍යගත රාජ්‍ය තුළ ස්ථාපිත වු කේන්ද්‍රීිය සංකල්ප දෙක වන්නේ ස්වාධිපත්‍ය (sovereignty) හා භෞමික අඛණ්ඩතාවයයි (territorial integrity). එසේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී බහුතර පාලනය තුළ බිහිවුයේ සිංහල වාර්ගික පදනමින් යුත් ආණ්ඩුය. මෙම සිංහල ජනවර්ගයේ පාලනය තුළ නැවත නැවතත් ද්‍රවිඩ භාෂක ජනකොටස තමන්ගේ ස්වායත්තාවය (autonomy) පිළිබඳව සේම තමන්ට වෙනම ජාතියක් වශයෙන් වෙන්ව ජිවත් වීමට ඇති අයිතිය (self-determination)පිළිබඳ කතිකාව ද ඉස්මතු කොට දැක්වීය.

සිංහල බහුතරයේ පාලනය ද වරින් වර විවිධ ආකාරයේ බලය විමධ්‍යගත කිරීමේ ආකෘති හඳුන්වා දීම මගින් උතුරේ දේශපාලන හඬ නිශ්ශබ්ඳව තබා ගැනිමට උත්සාහ කොට ඇත. 1980 දශකයේ දිී ජයවර්ධන ජනාධිපතිවරයා සිය සිංහල බෞද්ධ ස්වෝත්තමාවාදය එලෙසම පවත්වා ගනිමින් උතුරේ ගැටලූවට විසඳුමක් වශයෙන් මුළු රටට ම අදාළ වන සේ දිස්ති‍්‍රක් සංවර්ධන සභා නම් පරිපාලන ඒකක ක‍්‍රමය හඳුන්වාදිීමට උත්සාහ කළේය. කෙසේ නමුත් එම සාකච්ජාවන්ට ඉන්දියාව වෙතින් ගෙන එනු ලැබු බලපෑම් මත හා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ එලෙස බලය බෙදීමකට නොකැමැති වීම නිසා 1987 වන විට මෙරටට බලය බෙදීම පිළිබඳ නව සංකල්පයක් වශයෙන් පළාත් සභා හඳුන්වා දෙනු ලැබිණ.

Modi Wigneswaran 2015 March Jaffnaශ‍්‍රි ලංකාවේ ව්‍යවස්ථාවට එකතු කරනු ලැබු 13 වන සංශෝධනය යටතේ හඳුන්වා දෙනු ලැබු පළාත් සභා ක‍්‍රමයට අනුගතව මෙරට පළාත් ගණනාවකට බෙදා මධ්‍යම රජය සතු බලය යම් විෂය ඒකක ගණනාවක් ඔස්සේ පළාත් සභා වෙත පිරිනැමීය. මෙලෙස බලය බෙදා පළාත් සභා ඇති කළත්, එයින් උතුරේ ගැටලූවට ලැබුණු විසඳුමක් නොමැත. පළාත් සභා ඇති කළ දා පටන්ම එය සාර්ථක වුනේ දකුණේ පමණි. එම සාර්ථකත්වයට එකම හේතුව වන්නේ දකුණේ පළාත් සභා හා මධ්‍යම රජය අතර පවතින ස්වාමි*සේවක සබඳතාවය වැනි ස්වායත්තාවයකඣ නොමැති බැඳීමයි. එම ආකාරයේ බැඳීමක් ඇති කොටගෙන දකුණේ මධ්‍යම ආණ්ඩුවට යටත්ව කටයුතු කිරිමට උතුරු පළාත මුල සිටම අකමැති විය. එම නිසා ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය (LTTE)  මෙරට හමුදා සමඟ තිස්වසරක් යුධ කොට අවසන 2009 මැයි මාසයේ දිී පරාජය අත්කොට ගනී.

විමුක්ති කොටි සංවිධානයේ පරාජයෙන් පමණක්ම උතුරේ ගැටලූවට විසඳුමක් නොලැබෙන බවට තර්ක කිරීම අනවශ්‍යයි. එසේම දේශපාලන බලය හා ජනවාර්ගිකත්වය පිළිබඳව කතිකාව කිසිසේත්ම යුධකාමී ද්‍රවිඩ කණ්ඩායම් වලින් පමණක් මතු වු එකක් නොවෙයි. එය උතුරේ ප‍්‍රභූ ජනතාව ද එකසේ ම මුල සිටම දැරූ දේශපාලන බලය පිළිබඳ ස්ථාවරයයි. ඔවුන් කිසිසේත්ම නිදහසින් පසු මෙරට බිහිවූු මධ්‍යගත රාජ්‍ය ව්‍යුහයට නොකැමැති වුවා සේම, 1987 න් පසු මෙරට මත පටවනු ලැබු පළාත් සභා වලින් ද මෙරට රාජ්‍ය ව්‍යුහයේ කේන්ද්‍රීිය බලය පිළිබඳව විධිමත් වෙනසක් සිදු වුූ වග පිළිගැනිීමට ද සුදානම් නැත. එම කාරණය වඩාත් හොදින් අනාවරණය වුයේ උතුරු පළාත් මහ ඇමතිවරයා මෑතකදිී කළ ප‍්‍රකාශය තුළිණි. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා පිළිගැනීමට යාපනය පුස්තකාලය තුළ පැවැති උත්සවයට පැමිණ විග්නේෂ්වරන් මහතා පහත ප‍්‍රකාශය සිදු කළේය.

’‘ඉන්දියානු ව්‍යවස්ථාව යටතේ ගුජරාටය තුළ ඔබ ක‍්‍රියාත්මක වු මට්ටමින් ක‍්‍රියා කිරීමට අපට අපගේ පළාතේ දී ඇති නොහැකියාව අවබෝධ කරගත යුතුය. විශේෂයෙන්ම 13වන සංශෝධනයේ පවතින අප‍්‍රමාණවත්භාවයන්ය. 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන විට දී අපගේ නායකයන් විසින් ඉන්දියාවේ එවක අගමැති නැසිීගිය ශ‍්‍රි රජීව් ගාන්ධි මහතා වෙත සිදුකළ ඓතිහාසික දැනුවත් කිරීමකින් දන්වා සිටියේද 13 වන ව්‍යවස්ථාව තුළ පවතින හිස් භාවය හා ප‍්‍රමාණවත් නොවන තත්ත්වයයි. එකළ ඔවුහු ශ‍්‍රි ලංකාවේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ මැදිහත් වීම අපේක්ෂා කළහ.

පැහැදිලිවම ද්‍රවිඩයාගේ ගැටලූවට විසඳුමක් වශයෙන් ඉන්දු-ලංකා ගිවිසුම සාකච්ජාවට බඳුන්වෙද්දී, ඉන්දියාවේ ආරක්ෂ හා මුලෝපායික අවශ්‍යතාවයන් ආමණ්ත‍්‍රණය කරගන්නා අතරම, උතුරු-නැගෙනහිර ද්‍රවිඩයන්ගේ අනුග‍්‍රාහකයා වශයෙන් ඉන්දියාව පෙනී සිටියේය. අපට අනුග‍්‍රාහකයකුගේ (guarantor) සේවාවන් අවශ්‍ය වී තිබේ. අප විසින් සළකා බලා ඇති ආකාරයට ඔබගේ නායකත්වය යටතේ පවතින ඉන්දියාුව මේ භූමිකාව සඳහා වඩාත්ම උචිත වෙයි.

අඩපණ කරන ලද 13 වන ව්‍යවස්ථාව විසින් උතුරු හා නැගෙනහිර විසින් අපේක්ෂා කරන ලද හෝ එයට අවශ්‍ය කරනු ලැබු බලය බෙදිමක් සිදු කරනු ලැබ නොමැතග උදපවා ලප‍්‍රියමනාප ආණ්ඩුකාරවරයකු පත්කර තිබිය දී පවා මධ්‍යම රජය හා පළාත් සභාව විසින් සමාන්තරව ක‍්‍රියාත්මකව පවතින පරිපාලන ව්‍යුහයන් පවතයි’’.

මේ ආකාරයට විග්නේෂ්වරන් මහ ඇමැතිවරයා දක්වන ආකාරයට පළාත් සභාවේ පැවැතීම තුළින් උතුරු හා නැගෙනහිර පළාත් වලට ලැබෙන විශේෂ බලය විමධ්‍යගතවීමක් නැත. එම ආයතනය මෙරට මධ්‍යම ආණ්ඩුවට යටත් වන අනෙක් පරිපාලන ඒකක වලට සමාන්තරව පවතින අතර, එම නිසා එලෙස පවතින ආයතනයක් මගින් ජනවාර්ගික පදනමින් ඇති වු බල අරගලයකට ලැබෙන විසඳුමක් ඇති වේ යැයි සබුද්ධිකව අපට සිතිය නොහැකිය.

කළ යුත්තේ කුමක් ද? පළාත් සභා සංකල්පය ‘සුදු අලියෙක්’ බව මෙරට දකුණේ සමාජය තුළින්ම අදහසක් එම ආයතනය හඳුන්වා දුන් වකවානුවේ ම ඇති ව පැවතිණ. නමුත් එම අදහස තුළින් කියවුනේ එම පළාත් සභා ඇති කිරිම තුළින් මධ්‍යම ආණ්ඩුවේ වියදම් කේෂ්ත‍්‍රයට එල්ලවන බලපෑම මිස, ඒ තුළ පවතින බලය බෙදාහැරිමේ හිස්භාවය පිළිබඳව නොවෙයි.

මෙහිදිී ජනවාර්ගික ගැටලූවට පිළියමක් වශයෙන් ඇතිකළ ආයතන පද්ධතියක් එහි තාර්කික අවසානය දක්වා එය බිහිවීමෙන් පසු අදවන විට ගමන්කොට ඇති බවපෙනී යයිග පළාත් සභා වලට දහතුන් වන සංශොධනයෙන් ලබාදෙනු ලැබු සියලූම බලතල ද එහි ආරම්භයේ සිටම ක‍්‍රියාත්මක වී නොමැතx උදාහරණය ලෙස පොලිස් හා ඉඩම් බලතල අදවන විටත් පලාත් ආණ්ඩුවලට නොලැබ පවතිී.

උතුරේ ජනතාවගේ එක් කේන්ද්‍රීය ඉල්ලීමක් වන්නේ ඔවුන්ගේ කලාපය තුළ පවතින ස්වභාවික සම්පත් – ඉඩම් ‐ ඔවුන්ගේ සම්ප‍්‍රදායික භාවිතාවට අනුව ප‍්‍රයෝජනය ගැනිීමට ඇති අයිතිය ලබා ගැනීමයි. පළාත් සභා තුළට ඉඩම් බලතල නොපැවැරීම නිසා උතුරේ ඉඩම් ද පාලනයට ලක් වන්නේ දකුණේ ආණ්ඩුවට අවශ්‍ය පරිදිය. එය එක් අතකින් මෙරට නුූතන රාජ්‍ය විසින් මෙරට එක් සුවිශේෂි ජනවාර්ගික හා භුගෝලිය කලාපයක් වෙත දක්වන සදාචාරීමය නොවන සැළකිල්ලක් වශයෙන් ද අපට දැක්විය හැක.

මෙරට මේ දක්වා පැවැති සියලූම ආණ්ඩු විසින් දෙමළ ජනතාවගේ ස්වයං තිරණය හා ස්වායත්තතාවය පිළිබඳව සළකා ඇත්තේ සැකයෙනි. හැම ආණ්ඩුවක්ම බලාපොරොත්තු වුයේ දෙමළ ජනතාවගේ අරගලය බලය යොදා මර්දනය කිරීම මිස ඔවුන් ගේ සුවිශේෂි භාවය හඳුනා ගැනීමට නොවෙයි.

අනෙක් අතට බලය බෙදිම (ාැඩදකමඑසදබ*පිළිබඳ කතිකාව ද මෙරට තුළ ජනගත වී ඇත්තේ අතිශය වැරදි හා වෛරීය ආකාරයෙනි. බලය බෙදා ගැනීම වහා හා මෙරට අනාගතයේ දී වෙනම රාජ්‍ය ගණනාවකට තුඩුදිය හැකි කාරණයක් බව සිංහල බෞද්ධ ස්වෝත්තමවාදිීන් විසින් මුලිසිටම ගෙනආ තර්කයයි. නමුත් ඔවුන් විසින් ගෙන එන එම කාරණය සිදුවීමට ඇති විභතාවය අතිශය අල්ප බව අපගේ හැගීමයි. අනෙක් අතට දෙමළ ජනතාවගේ ඉල්ලීිම වෙනම රාජ්‍යයක් පිළිබඳව ඉල්ලීිමක් ලෙස වටහා ගැනිීම ම වැරදි භාවිතාවකි. එය කලාපීය බලය හා අනන්‍යතාව පිළිබඳ අර්බූදයකි. මන්ද අතීතයේ සිටම මෙරට පැවැති ඇත්තේ එක් රාජ්‍යයක් ය. නමුත් ඒ තුළ ඉතා සුවිශේෂි උප කලාපයන් ගණනාවක් පැවතී තිබේ. මෙම ඓතිහාසික මොඩලය අද අපට එලෙසම ක‍්‍රියාත්මක කළ නොහැකි වුවත් අවශ්‍ය වන්නේ පළාත් ගනන වැඩිකර අනවශ්‍ය ආකාරයෙන් පද්ධතිය සංකීර්ණ කර ගැනීම නොවෙයි. බලය බෙදිය යුත්තේ අමතර බලය පිළිබඳ අවශ්‍යතාවය දැනෙන ජනවර්ගයන් ජිවත් වන පැහැදිලි කලාප වලට පමණි.

පළාත් සභා පිළිබඳව අප නැවතත් සිතා බැලිය යුතූය. මෙහිදිී අපගේ චිත්තවේගයන්ට වඩා අප ඉඩ දිය යුත්තේ මෙරට ජනතාවගේ (සිංහල, දෙමළ, මුස්ලිම්) අවශ්‍යතාවයන් හා සංස්කෘතික අනන්‍යතාවයන් කෙරෙහිය. මෙරට එක් රාජ්‍යයක් වශයෙන් ම තබා ගනිමින් ම අපට එක්සත් රාජ්‍ය මොඩලයක් සාදා ගැනීිම අපහසු කාරණයක් නොවෙයි. එය ෆෙඩරේෂණයක් හෝ කුමක් වුවත,් ඉන් මෙරට භූමිය තුළ ජිවත් වන සියලූ ජනවර්ගයන්ගේ මානුෂිීය පැවැත්ම හා සංස්කෘතික ජීවිතයට දේශපාලන එකඟතාවය ලබා දෙන්නේ නම් එය හොඳටම ප‍්‍රමාණවත් ය.

නමුත් අප සිතන ආකාරයෙන් මෙරට බලය හොබවන ප‍්‍රභූන් මෙම ගැටලූව දෙස නොබලන බව අපට ප‍්‍රත්‍යක්ෂ ය. මන්ද නිදහසින් පසු මෙරට පාලනය කළ අතිශය සිමීත ප‍්‍රභූ පංතිය සිය බලය සාමාන්‍ය ජනතාව අතට පත්වීම වළකමින් රැුක ගනු ලැබුවේ ‘ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාවය’ වැනි අතිශය ස්වෝත්තමවාදිී දේශපාලන වාග් මාලාවක් සහිත භාෂාවක උපකාරයෙනි. මෙරට රාජ්‍ය ප‍්‍රතිව්‍යුහගත කිරිීමේ අරගලය සැම විටම ඉස්මතු කළේ මෙරට සාමාන්‍ය පංතික ජනතාවයි. එය උතුරේදිී මෙන්ම දකුණෙහි දිී ද එකසේ වලංගු කරුණකි. උතුරේ සේම දකුණෙහි ද ප‍්‍රභූ පංතීන් නිරන්තරයෙන්ම බලය එක් පංතියකට හෝ එක් කුලයකට පමණක් සීමා කරගැන’ිමට කටයුතු කර ඇති බව ඉතා සියුම්ව පවත්නා බල රටාවන් නිරීක්ෂණය කර ගැනීිමෙන් අපට පැහැදිලි වෙයි.

එම නිසා විමධ්‍යගත දේශපාලන බලය ප‍්‍රාදේශීය ජනවර්ගයන්ට සේම සමස්ත බහුතර ජනතාවට ද ඒකසේ ම බලපාන කාරණයකිx පවතින රාජ්‍ය ව්‍යුහය එලෙසම පවත්වාගෙන යාම තුලින් සමාජ සාධාරණත්වය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ලැබෙන දායකත්වය අල්පය. උතුරේ හා දකුණේ අප සියලූම දෙනා එක්ව පවත්නා රාජ්‍ය ව්‍යුහය වෙනස් කරවාගෙන ජනතාවට වැඩි වශයෙන් බලය හිමි වන දේශපාලන පද්ධතියක් බිහි කර ගැනිීමට කටයුතු කළ යුතු කාලය එළඹ තිබේ. ඒ සදහා දකුණේ ජනතාව විසින් උතුරට සුවිශේෂී අන්දමින් බලය පැවරීමට දකුණේ ආණ්ඩුවට බල කර කිව යුතුව තිබේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.