
ඉංග්‍රීසි භාෂාව උගන්නා විට විශේෂණ පදයක අවස්ථා තුනක් ඇති බව අප හඳුනා ගනිමු. යම් දෙයක් හෝ සත්වයකු සම්බන්ධයෙන් අපට එම අවස්ථා මෙලෙස හඳුනා ගත හැක: සාමාන්‍ය අවස්ථාව (උදා: හොඳ හෝ නරක), එහි වඩා හොඳ හෝ නරක අවස්ථාව (වඩා හොඳ හෝ වඩා නරක) සහ අවසාන වශයෙන් එහි ඉහළම අවස්ථාව (හොඳම සහ නරකම). ආණ්ඩුව හෝ විපක්ෂය සම්බන්ධයෙන් අප විශේෂණයක් භාවිතා කළොත් එම විශේෂණ පදයෙන් අපට ප්‍රකාශ කරන්නට අවශ්‍යය වනුයේ කුමක්ද?
එනම් එයට වඩා නරක හෝ එයට වඩා හොඳ දෙයක් තවත් තිබිය හැකි නොවන බවයි.
භාෂාවේ වචන
එම නිසා භාෂාව භාවිතාවෙන් කරන විග්‍රහයන් ගැන අප වඩා ප්‍රවේශම් විය යුතු බව මගේ හැඟීමයි. “මේ ආණ්ඩුව ෆේල්ම ආණ්ඩුව හෝ මේ විපක්ෂය තමා ෆේල්ම විපක්ෂය” යනුවෙන් කිසිවෙක් එම ආණ්ඩුව හෝ විපක්ෂය හඳුන්වන විට අප සිතිය යුත්තේ එහි දී ප්‍රකාශ වන්නේ එම විවේචකයා ගේ මිම්මට අනුව පවසන දෙයක් මිස එය ආණ්ඩුවේ හෝ විපක්ෂයේ සැබෑ තත්වය නොවන බවයි.
ව්‍යාජෝක්තිමය (අතිශයෝක්ති) දේශපාලන භාෂාව අනුව යමින් පලකරන විචාරයන් කියවන විට හෝ ඒවාට සවන් දෙන විට එම ප්‍රකාශය සිදු කරන පුද්ගලයාගේ දේශපාලනය ද දැනගෙන සිටින්නේ නම් අපට එම ප්‍රකාශවල තාරබර අයින් කොට ඒවායේ සැබෑ ව හඳුනා ගැනීමට හැකිවනු ඇත.
අපගේ දේශපාලන විචාරවල පවතින විශාල දුර්වලතාවයක් වන්නේ අප කැමති දේශපාලකයන් හොඳම අය ලෙස දැකීමත් අප අකමැතිම අය නරකම අය ලෙස දකීමත්ය. මෙම දුර්වලත්වය නිසා අපට දේශපාලනය නම් විෂය සතු බලගතු ස්වභාවය එතරම් වැටහෙන්නේ නැත. අප සිතන්නේ දේශපාලනය යනු අප කැමති පැත්තට හුරේ දමා අකමැති පැත්තට පහර පිට පහර ගැසිය යුතු බවය. පසුගිය යහපාලන ආණ්ඩුව කඩිනමින් ගෙදර යැවීමටත් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමටත් දායක වුනේ මෙම විශේෂණ පද භාවිතාව බව පැහැදිළිය.
දේශපාලන සංවර්ධනය
එකළ ජනාධිපති සිරිසේන සම්බන්ධයෙන් තිබුණ මතය දැන් වෙනස් වී ඇත. අද ආණ්ඩුවට ඡන්දය දුන් අයම කියන්නේ ‘ ගෝඨාභය ට වඩා සිරිසේන හොඳ බවය‘. එසේම ‘සජිත් දිනුවානම් හොඳයි‘ කියන ගෝඨාභය ට ඡන්දය දුන් අයද දැන් අපට හමුවෙයි. මේ ආකාරයට දේශපාලනය ඉතාමත් සරල අකාරයෙන් ‘හොඳ සහ නරක‘ පදනමක පමණක් පිහිටුවා කියවා ගැනීමෙන් අපට සැබෑ දේශපාලන සංවර්ධනයක් ඇති කර ගැනීමට නොහැකි වෙයි. අපට අවශ්‍යය සැබෑ දේශපාලන සංවර්ධනය කුමක් ද?
මෙහි දී දේශපාලන සංවර්ධනය යනුවෙන් මා අදහස් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතිවන ගුණාත්මක වර්ධනයයි. ඒ අනුව යමින් විපක්ෂයේ සහ ආණ්ඩුවේ කාර්ය භාරය නිසා ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනය වර්ධනය වන හෝ වලපල්ලට යන ආකාරය පිළිබඳව අපට කියවා ගත හැක. එසේම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංවර්ධනය ඉහළ යන විට පුදගලයාගේ ස්වාධීනත්වය, විචාරාත්මක භාවය සහ පෞර්ෂය වර්ධනය වී රාජ්‍යට අවශ්‍ය කරන ගුණාත්මක භාවයෙන් යුතු පුරවැසියන් ලැබෙයි. හැම දෙයටම එහෙයි කියන, බොරුව පිළිගන්නා, ජාතිවාදී සහ ආගම්වාදී පුරවැසියන් යනු රාජ්‍යයට තර්ජනයකි.
ප්‍රජාතන්ත්‍රවාදයට බය වීම
ආණ්ඩුව නිරන්තරයෙන්ම ඉහළට ඔසවන්නේ සිවිල් සමාජය නොව මිලිටරි සමාජය බව පැහැදිළි සත්‍යකි. එසේම විවේචනයන්ට මුහුණ දීමට බියබව ද පෙනී යයි. හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර හෝ රංජන් රාමනායක යනු මේ ආණ්ඩුව වඩාත්ම බයවී ඇති විවේචකයන් බව පෙනෙයි. මෙයට හේතුව කුමක්ද? ඉතාම ජනතාවාදී ස්වරයකින් සමාන්‍ය ජනයාගේ හැඟීම් වලට කතා කරන තරුණ දේශපාලකයන්ට ආණ්ඩුව බියවීමයි. අද තරුණ දේශපාලකයන් කිහිප දෙනෙක් අකර්ෂනීයව ආණ්ඩුව ට පහර දෙන විට ආණ්ඩුව ඔවුන්ව සිර කිරීමට උත්සාහ කරන්නේ සමාන්‍යා ජනයා ඔවුන් ගේ හඬට කන් දීමට කැමති නිසාය.
ජනාධිපති අධිබලතල
විසිවෙනි සංශෝධනය මඟින් ජනාධිපතිවරයා අගමැතිට සහ ස්වාධීන කොමිසන් සභාවලට දී තිබු සියලු බලතල තමන් සතු කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දමා තිබෙන බව අපි නිරන්ත්රයෙන් ම කියමු. විපක්ෂය කෙසේ තර්ක කළත් වත්මන් ජනාධිපති කැමති වන්නේ සමස්ථ රාජ්‍යයේම ආයතන ඔහුට යටත් වනවා දැකීමටය.
නමුත් ජනාධිපති ඔක්කොම බලය අතට ගත්තත් රටට ඉන් වැඩි සෙතක් වී නැත. චීනයට වෙනම නගර රාජ්‍යයක් පවරන්නේ ජනාධිපති සතු එම බලතල භාවිතා කිරීමෙනි. ඉන්දියාවට මෙරට සතු බොහෝ ස්වභාවික සම්පත් කුණු කොල්ලයට දෙන්නේ එම බලය භාවිතා කිරීමෙනි.
කිරින්දේ ඛනිජ වැලි නිධිය
විපක්ෂය ට කොතරම් මඩ ගැසුවත් ආණ්ඩුවේ සියලුම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩවලට එරෙහිව ක්‍රියා කිරීමට එය උත්සාහ දරා තිබෙන බව පැහැදිළිය. නැගෙනහිර ජැටියට විරුද්ධව සමස්ත විපක්ෂයම එකට සිටියේය. එසේම පොර්ට් සිටියට ද එරෙහිව සමස්ථ විපක්ෂය ම එකට නඩු පවරා එයට එරෙහි වෙමින් තිබේ.
විපක්ෂය නිසා ආණ්ඩුවට පරිසර සංහාරය බොහෝ දුරට හකුළා ගැනීමට සිදුවිය. සජිත් ප්‍රේමදාස විපක්ෂයේ නායකයා වශයෙන් රටේ සම්පත් ගැන විශාල උනන්දුවක් දක්වයි. කිරින්දේ ඛනිජ වැලි නිධිය ආරක්ෂා කිරීමට විමල් වීරවංස ට පසුව ඉදිරි පත්වන්නේ සජිත් ප්‍රේමදාස වීම විශේෂයකි.
කොවිඩ් තුවාළය
නමුත් කොවිඩ් 19 තත්වය භාවිතා කරමින් ආණ්ඩුව විපක්ෂයේ සමස්ථ බලයට එළියට පැමිණීමට අවස්ථාවක් දෙන්නේ නැත. මෙරට කොවිඩ් තත්වය දැන් තුන්වන රැල්ලක් බවට පත්වෙමින් තිබේ. අසාධිතයන් ලක්ෂය ඉක්මවා තිබේ. කොවිඩ් එන්නත කලමනාකරණය කර ගැනීමට ආණ්ඩුව අපොහොසත් වුනේ ‘ආණ්ඩුව සිය දේශපාලන හිතවත්කමට එම එන්නත් බෙදා දීමට ක්‍රියා කිරීම නිසා බව විපක්ෂය චෝදනා කර තිබේ. දෙවෙනි මාත්‍රාව ලබා දෙන විට පළමු මාත්‍රාවේ බලයට කුමක් විය හැකිද? ආණ්ඩුවට මේවා එතරම් ප්‍රශ්න බව නොපෙනෙයි.
විපක්ෂනායක වරයා මේ සම්න්ධයෙන් විශාල හඬක් පාර්ලිමේන්තුවේ දී හා ඉන් පිටතදී ගොඩ නැගීමට උත්සාහ කළත් ආණ්ඩුවට නිසි වෙලාවට එන්නත ගෙන්වා ගැනීමට හෝ එය අවශ්‍යම කරන අයට පළමුව ලබා දීමට තවම නොහැකි වී තිබේ. කොවිඩ් යනු හිඟන්නාගේ තුවාලය නොවිය යුතුය. ආණ්ඩුව කොවිඩ් භාවිතාවෙන් මැයි දින තහනම් කළ අතර, ඉදිරියේ දී විපක්ෂයේ වර්ධයන පාලනය කිරීමට කොවිඩ් සහ හමුදාව සේම මර්දන නීති ගෙන ඒමට නියමිතය.
දේශපාලන පළිගැනීම්
දේශපාලන පළිගැනීම් නිසා වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් නිර්මාණය වූ ජනාධිපති කොමිසම විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලවී තිබේ. ‘රාජපක්සලා සහ ඔවුන්ගේ හෙංචයියන් නඩුවලින් ගලවා ගන්න සහ විපක්ෂය සහ රාජ්‍යය නිලධාරීන් දඩයම් කිරීමට පත්කළ කොමිසක්‘ වශයෙන් විපක්ෂය එය හඳුන්වා දී තිබේ.
මෙම කොමිසම එහි වාර්තාව ජනාධිපතිවරයාට භාරදී තිබෙන අතර ඇවන්ට් ගාර්ඩ්, උදයංග වීරතුංග, දුමින්ද සිල්වා ආදී ආයතන සහ පුදගලයන් විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ නිළධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වීම් සිදුවන බවට විපක්ෂය චෝදනා කරයි. නීතිමය ක්‍රියා මාර්ග වෙනුවට මේ ආකාරයේ කොම්සම් හරහා ක්‍රියාත්මක වීම නීතියේ අධිපත්‍යට විශාල පහරක් බව ස්වාධීන නිරීක්ෂකයන්ගේ මතයයි.
දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම නවතන ලෙස ප්‍රධාන විපක්ෂය විශාල ව්‍යාපාරයක් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත මේ අවස්ථාවේ සිදු කරමින් තිබේ. එසේම සමස්ථ විපක්ෂයම එකට සිටගෙන මෙම දේශපාලන අවගමනයට එරෙහිව සටන් කළයුතුය.
ආඥාදායකත්වය
හිට්ලර්ගේ ජර්මනිය ලෝකය ද විනාශ කොට, අවසානයේ දී තමන්ද, තමන්ගේ රාජ්‍යය ද විනාශ කොට ගත්තේය. ආඥාදායකත්ව පාරේ යන අයට අවසානයේ අත්වන ඉරණම එයයි. විපක්ෂයේ ප්‍රධාන චෝදනාව වන්නේ ආණ්ඩුව රට ගෙන යන්නේ ආඥා දායකත්වයේ දිශාවට සහ හමුදාකරණේ මාවත වෙත බවයි.
නමුත් ආණ්ඩුව තවම මෙම එකද විවේචනයකටවත් යහපත් පිළිතුරු ලබා දී නැත. එය චීනයෙන් හෝ ලැබෙන ඕනෑම තැනකින් වැඩි පොළියට හෝ ණය ගනිමින් ගෙනයන එදාවේල ආණ්ඩුවක් තරමට බෙලහීන බවට පත්වී ඇත. විපක්ෂය ද තමන්ගේ සීමාවේ සිට ආණ්ඩුව විවේචනය කළත් දැනටමත් විපක්ෂයේ මන්ත්‍රීවරු දඩයම් ව්මෙඉන් තිබේ.
ඉදිරියේ දී එම තත්වය සිවිල් සමාජය සහ විශ්වවිද්‍යාල සහ ජනමාධ්‍ය දෙසට හැරෙනු ඇත. කොහොමටත් මෙම ආණ්ඩුවේ සාර්ථකත්වය පිළිබඳව විශේෂණ පද භාවිතා කිරීමට අප නොයමු. මන්ද විචාරකයන්ගේ විශේෂණ පද කුමක් කීවත් තීරණය ගන්නේ ජනතාව නිසාය.
ෆුල්ටෝස් පන්දු
විපක්ෂයට ද එම විවේචනය එකළෙස වලංගුය. ආණ්ඩුවේ අසාර්ථකත්වය නමැති ෆුල්ටෝස් පන්දුවලට විපක්ෂය කලබල නොවී මහුණ දිය යුතුය. අවශ්‍ය වන්නේ නීතියට අනුව සාධාරණ මැතිවරණ පවත්වන තැනකට ආණ්ඩුව හිර කිරීමය. සාධාරණ මැතිවරණ කොමිසම් නොමැති වට පිටාවක ආණ්ඩුවේ ක්‍රියා කළාපය ප්‍රවේශමෙන් සහ බුද්ධිමත්ව තේරුම් ගතයුතුය. අවසන් වශයෙන් කිවයුත්තේ දේශපාලන සංවර්ධනයේ දී ලංකාව ෆේල් බවය. එය හොඳටම ෆෙල්වීමට ඉඩ නොදීමට විපක්ෂය දිවා රාත්‍රී ක්‍රියාත්මක වියයුතුය.
*ආචාර්ය අතුලසිරි සමරකෝන් – ජනතාවාදී බුද්ධි මණ්ඩපය /ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය.
leelagemalli / May 1, 2021
ආදරණීය ආචාර්ය සමරකූන්,
ශ්‍රී ලංකාව ආරක්ෂිත ස්ථානයක් නොවන බව ප්‍රසිද්ධ රහසකි. ශ්‍රී ලංකාව දැන් පාලනය කරනු ලබන්නේ ඉහළ අපරාධකරුවන් පිරිසක් බව අප පමණක් නොව මුළු ලෝකයම දනිමු.
අපේ වඩාත් ප්‍රසිද්ධ මානවවාදියෙකු වන රන්ජන් රාමනායක අද සිරගතව සිටී.
හාස්‍යයට කරුණක් නම්, බදු ගෙවන්නන්ගේ අරමුදල්වල මුදල් කොල්ලකෑම සහ අනෙකුත් සියලුම අපරාධ ක්‍රියාවන් දිවා කාලයේ දී ප්‍රශංසා කරන ලද නමුත් ආශ්චර්යමත් ලෙස, ඔවුන් නැවත බලයට ගෙනැවිත්, ඔවුන්ව මේ ජාතියේ රජවරුන් බවට පත් කළේ, එම නොදැනුවත්කමෙනි ආධිපත්‍යය දරන මහජනතාව.
මම රටේ ජීවත් නොවෙමි, පසුගිය දශක කිහිපය තුළ මම එහි වාසය කර නැත, නමුත් රට තුළ ජීවත්වන විට කිසිවෙකු දකිනවාට වඩා හොඳ සහ නරක අතර වෙනස මට පෙනේ. මගේ ස්පන්දනය ශ්‍රී ලංකන් සමඟ ඇති නිසා ඕනෑම සාමාන්‍යයකට වඩා මම ශ්‍රී ලංකා කටයුතු සමීපව අධ්‍යයනය කරමි. .
https://www.youtube.com/watch?v=XDvHKL34Fwk
/