26 April, 2024

Blog

එන්නත ප්‍රතික්ෂේප කිරීමේ සත්‍යග්‍රහය සහ ‘අවසන් පුරවැසියා එන්නත් කිරීමට පෙර’ විපක්ෂ නායකවරයාට කොවිඩ් වැළඳීම

අතුලසිරි සමරකෝන්

ආචාර්ය අතුලසිරි සමරකෝන්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය කොවිඩ් ආසාධිතයන් බවට පත්වීම පිළිබඳ පුවත සැළවූ මොහොතේ මාහට ඇතිවූ පළමු සිතිවිල්ල නම්දේශපාලන අධිකාරිය විසින් ලබාදුන් අවස්ථාව හොඳින් තිබියදීත් එන්නත නොගෙන සිටීමවරදක් බවයි. මෙම ලිපිය ලියන මාද ඇතුළු ස්වල්ප දෙනෙක් (4-5%) දෙනෙක් එන්නත ලබා ගැනීමේ වාසිය දැනටමත් (අඩුම තරමින් එක මාත්‍රාවක් වත් ලැබීම) ලබා ගෙන හමාරය. නමුත් මෙරට ජනතාවගෙන් සියයට හැටක් (60%) එන්නත් කිරීමට විශාල කාලයක් ගතවනු ඇත. එම කාලය තුළ තවත් විශාල පිරිසක් අසාධනය වී, බරපතළ තත්වයට පත්වන පිරිසක් මියයනු ඇත.

මෙරට මරණයට පත්වන ප්‍රමාණය ජනගහණයට අනුපාතිකව සමහරවිට ඉන්දියාවට වඩා වැඩි විය හැකිය. එළෙස ලංකාවට එන්නත ආනයනය කිරීම ප්‍රමාද වීම තුළ කොවිඩ් මරණ අනුපාතය ඉහළ යාම පිළිබඳ අපට ඉදිරියේ දී පසු තැවීමට සිදුවනු ඇත. කෙසේමුත් තමන්ගේ සෞඛ්‍ය වෙනුවට පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම සදාචාරමය දේශපාලන ක්‍රියාකාරකමක් බව සිතන දේශපාලන ක්‍රියාකාරිකයන් සුළුතරයක් හෝ සිටීම නිසා අපට දේශපාලනය හා සදාචාරය අතර පැවතිය යුතු, නමුත් බොහෝවිටපවතිනනොපවතිනතත්වයක ඇති සබඳතාවය පිළිබඳව නැවත සිතා බැලීමේ වැදගත්කම මතුවෙයි.

දේශපාලකයන් සඳහා පළමු ප්‍රමුඛතාවය

කෙසේමුත් අපගේ කතානායකයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කොවිඩ් වැළඳීම හරහා නැවත වතාවක් පසක් වී ඇත්තේ එන්නත ලබා නොගත් අයට වඩා ලබාගත් අයට පවතින අඩු අවධානම වඩාත් සහතික බවයි. ජනතාව සමඟ නිරන්තරයෙන් ගැටෙන, දේශපාලකයන්, රාජ්‍ය සේවකයන්, වෛද්‍ය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය, සනීපාරක්ෂක කම්කරුවන් සහ පොලිස් සේවාවන් සහ අධ්‍යාපන ක්ෂේස්ත්‍රයේ නිරත අය ප්‍රමුඛව එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය අපට අවබෝධ කරගත හැකිය.

නමුත් දේශපාලකයන් සඳහා පළමු ප්‍රමුඛතාවය ලබා දීමට විපක්ෂයේ බොහෝ දෙනෙක් එකඟ නොවුනේ සමස්ථ ජනතාව අනතුරේ වැටී සිටිනවිට තමන් පමණක් ආරක්ෂා වීම නුසුදුසු බව ඔවුන් විශ්වාස කළ නිසා බව අප සිතමු. රාජ්‍යයම විපතට පත්වී සිටින විට දේශපාලකයන් සුළුතරයකට හෝ කිසියම් සදාචාරමය හැඟීමක් මේ ආකාරයෙන් හෝ මතුවීම අගය කළ යුතුය. විශේෂයෙන්ම විපක්ෂයට ආණ්ඩු පක්ෂය හා එක්වී තමන්ගේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම පිළිබඳපොදු පංතිමයසංධානයකට ගොනුවීමට හැකියාව පවතිද්දීත්එන්නත නොගෙන සියලු දෙනාට එය ලැබෙන තෙක් සිදුකරන විරෝධිතා දේශපාලනය අගය කළ යුතු අතර එය වඩාත් පළල් මානයකට වර්ධනය කළ යුතු භාවිතාවක් වෙයි.

අවිහිංසාවාදී දේශපාලනය

මෙහිදී ආරම්භයේ දීම විපක්ෂ නාකවරයා ප්‍රකාශ කොට තිබුනේඅවසන් පුරවැසියාටත් එන්නත ලබා දෙන තෙක් හෝ සියලුම දෙනා එන්නත් කරන තෙක් තමන් එන්නත නොගන්නා බවයි. සමහරවිට දේශපාලන ව්‍යාජෝක්තීන් බහුල  යුගයක මෙවැනි ප්‍රකාශ පිළිගැනීමට ජනතාව එතරම් සූදානම් නොවිය හැක. නමුත් විපක්ෂ නායකවරයාට කොවිඩ් වැළදුණු බව සැලවුණ වහාම හා දැනටත් ජනතාව සමාජ මාධ්‍ය හරහා පිළිබඳව දක්වන ලද සංවේදී ස්වභාවය තුළ හඳුනා ගත හැක්කේ විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය ඔහු සැබවින්ම ප්‍රයෝගිකව පිළිපැද තිබෙන නිසා සඳහා විශාල ගෞරවයක් පවතින බවයි.

මෙම තත්වය විපක්ෂයට දේශපාලනිකව, එනම් මැතිවරණ දිනීමට, යොදා ගත හැකි නොහැකි යන්න විවාදිතය. නමුත් දේශපාලන සදාචාරය පිළිබඳ උනන්දුවන ජනතාවක් සිටින බව වටහා ගැනීමට හැකිවීමත් අනුව ඉදිරි දේශපාලන ක්‍රියාවලියට ආදර්ශමය සහ භාවිතමය ප්‍රයුක්තයන් ආදේශ කොට ගැනීමේ වැදගත්කම එමඟින් විපක්ෂයට අවබෝධ විය යුතුය.

එන්නත ප්‍රතික්ෂේප කිරීමේ සත්‍යග්‍රහය

එහි දී විපක්ෂනායකවරයා ඇතුළු විපක්ෂයේ (මූලිකවම සමඟි ජන බලවේගයේ සහ ජන බලවේගයේ) මන්ත්‍රීවරු දැනට එන්නත ප්‍රතික්ෂේප කිරීමෙන් ලබා දී  ඇති පණිවිඩය තුළ පවතින දේශපාලනික හරය කුමක්ද? හොරෙන් හෝ එන්නත ලබාගෙන ජීවත්වීමේ හැකියාව වැඩිකර ගන්නවා වෙනුවට එන්නත ලබා නොගෙන දිගින් දිගටම ජනතාව අතරට ගොස් තමන්ගේ ජීවිතය අවධානමේ හෙළා ගැනීමේ දේශපාලනය කුමක් ? එය එක්තරා අන්දමකින් ගාන්ධියානු අභාසයේ සත්‍යග්‍රහයක ස්වරූපයක් ? නැතහොත් ආණ්ඩුවේ සහ සමස්ථ රාජ්‍යයේ පවතින අවධාරිතාව සහ නොහැකියාව තුළ රාජ්‍යයයේ පුද්ගලයාට අත්වන අතිශය ශෝචනීය ඉරණම වටහා ගැනීමට උපකාරී වන ආදර්ශයකයක් ? කොවිඩ් අසාධිතයකු බවට පත්වීම හා එතුළින් සමස්ථ ජනතාව මේ වනවිට පත්ව ඇති අර්බූදයේ ගැඹුර මනාව ස්වයංඅදර්ශයමය මොඩලයක් හරහා ප්‍රක්ෂේපණය කිරීම දේශපාලනිකව අපට අපේක්ෂා කළ හැකි ඉහළම භාවිතාවක් නැතිනම් ප්‍රයුක්තයක් නොවිය හැකිද?

ලොව බොහෝ දේශපාලන නායකයන් කොවිඩ් අසාධනය වී ඉන් සුවය ලබා ඇතිමුත් සියළු තත්වයන් ආරම්භයේ දී ඇතිවුනේ එන්නතක් නොපැවතිය තත්වයක් තුළය. නමුත් විපක්ෂ නායකයා අද තම ජීවිතය අවධානමේ හෙළාගෙන ඇත්තේ ඇත්තෙන්ම එසේ නොකළ යුතු තත්වයක දීය. නමුත් ඔහු ඇතුළු බොහෝ විපක්ෂ දේශපාලකයන් තවදුරටත් එන්නත නොගෙන සිදුකරන ජීවිත අවධානම දෙවන තැනට හෙළා සිදුකරන දේශපාලනය, දේශපාලනයේ පශ්චාත් නූතන මොහොතක අප විසින් වටහා ගත යුත්තේසත්‍යග්‍රහයවැනි අතිශය මානුෂීය දේශපාලන උපායන් වෙත තවමත් දේශපාලනයට බලපෑම් කිරීමට ඇති හැකියාව පිළිබඳ මනෝරාජික තත්වයක් වශයෙන් නොවේ. ඊට වඩා එම ක්‍රියාව තුළ පවතින (එන්නත නොගෙන සිටීම) මුරණ්ඩු ස්වභාවයෙන් හෙළිවන්නේ රාජ්‍යයේ බලය නමැති කවචය පුපුරවනවා වෙනුවට අද දවසේ අපට රාජ්‍යය අපවෙත ලබා දී ඇති ඉරණම නම් අපවම පුපුරවා ගනිමින් රාජ්‍යට වසංගතය තුළ තව දුරටත් ශක්තිමත් වීමට ඉඩ දිය යුතු බවද?

විපක්ෂ නායකවරයාගේ ආදර්ශය තුළින් වසංගතය තුළ දේශපාලන ප්‍රතිවිරෝධයන් ගොඩ නැඟීම සඳහා පවතින සීමිත  අවකාශය ඉහළින්ම භාවිතා කළ අවස්ථාවක් විශද වෙයි. එය වසංගතය තුළ ආණ්ඩුවේ අකර්මන්‍යතාවය ගැඹුරින් ප්‍රක්ෂේපණය කිරීම සඳහා තමන්ගේ ජීවිතය තුළින් ලබා දෙන ආදර්ශයකි.

විපක්ෂයේ දේශපාලන ක්‍රියා කාරකම් සඳහා පොදුවේ පවතින වසංගතය කිස්සේත්ම යහපත් වී නැත. විපක්ෂය රෝහල්වලට ආධාර බෙදීම, ජනතාව දැනුවත් කිරීම, ජන මාධ්‍ය හරහා ආණ්ඩුව විවේචනය කිරීම වැනි ක්‍රියාකාරකම් කළත් එතුළින් වසංගතය තුළ පුළුල් ජනතා ක්‍රියාකාරීත්වයක් ගොඩ නැඟිය නොහැක. එවන් මොහොතක, කොවිඩ් වලට එරෙහිව කරන සටන යනු කොවිඩ් අසාධිතයන් අත්විඳින තත්වය අපගේම වේදනාවක් බවට පත් කරගැනීම යනු ඉතා ඉහළ සදාචාරමය ක්‍රියාවකි. ආණ්ඩුවවේ බලය කොවිඩ් මර්දනය වෙනුවට පොර්ට් සිටි වැනි වෙනත් ව්‍යපෘති  සඳහා අවභාවිතා වන මොහොතක, ජනතාව දරුණු ලෙස කොවිඩ් නිසා භීතියට පත්වී ඇති මොහොතක විපක්ෂ නායකවරයා ඇතුළු විශාල පිරිසක් එන්නත ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුව සමඟ අරඹා ඇතිසත්‍යග්‍රහ ස්වරූපයේප්‍රතිවිරෝධිතා දේශපාලනය තුළ එකිනෙකා කෙරෙහි දයාව දක්වන භාවිතාවක් රාජ්‍යට අවශ්‍ය වී ඇති බව පසක් වෙයි. එම පුළුල් මානුෂීය වෙනස වෙත නොගොස් එන්නතෙන් පවා මුල්‍යමය වාසි ලැබගෙන දුෂණ රාජ්‍යය තවත් පුළුල් කිරීමට කිසිදු දේශපාලකයකු ක්‍රියාත්මක නොවිය යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    මෙය කවුරුත්, පොඩි තරම් හෝ මොලගෙඩියක් ඇත්නම්, හෙලා දැකිය යුතු ශාපකාරී තත්වයකි… එනමුත් රටේ ජනයා මොන හේතුවක් නිසාදෝ කිසිම විදියකින් මේ ගැන දැනුවත් වෙලා කියල හිතන්න අමාරුයි.. දියුනු ලෝකයේ.. සෞඛ්‍ය නිලාදාරීන් ඇර රිස්ක් ජොබ් වල යෙදෙන අය හැරුන කොට, මහලු නිවාසවලින් හා අංගවිකල නිවාස වලින් තමෛය් කෝවිඩ් එන්නත්ට ප්රමුඛ තැන දුන්නෙ.. ඒකට තමයි අපි උගත් මිනිසුන් විදියට කියන්නෙ “ ශිෂ්ඨාචාරීව හැසිරෙන සමාජයන් “ කියල… මේ අනුව සොයා බලනකොට අපේ තිරිසන්නු පිරුනු රටේ… හම්බන්තොට අපරාද කාරයො… මේ රට කබලෙන් ලිපට වැටීමට තමයි කට යුතු කලෙ… මේවාද .. මේ කියපු, පැහැදිලි වෙනස.. ගෝට්බය මම නම් හිතන්නෙ, ඉතාමත් නින්දිත මට්ටමෙ නූගත් තක්කඩියෙක්… එයාට කොල්මොම්පුරය ටිකක් සැරසන්නට පුලුවන් වුනා, තමන්ගේ සහෝදරය රටේ ජනපති ඉන්න කොට, එනමුත්.. අද රටේ බලය බලෙන් අරගෙන ඉන්න ඔහුට, අද සුලු දෙයක් පවා කරගන්නට බැරිවීම…. එයා ගේ හැකියාවන් මුලු ලොවටම හෙලිකිරීමක්… මෙහෙම තිරිසන්නු මේ රටේ ජනප්ති වෙනකොට මේ රට යන්න කොහාටද කියල් අපිට හිතෙන්නෙ… එවුන් බලයට ගෙනාපු, චීවරදාරියො ටික, මීයො වාගේ කිසිම විදියේ දෙයක් නොකියා… කට යුතු කරන බවක් පෙනී යන්නෙ… මේක මාර රටක්… කවදාවත් .. මේ රටට මේ තිරිසන්නු, රට පාලනය කරනකම්.. මේ රටට සුගතියක් වෙන්නේ නැහැ…

    • 1
      0

      xxxxxකිසිම අවභොදයක්… මිනිසුන් ගැන කනගාටුවක් නැති තිරිසන් බල්ලන්.. නූගත් එවුන් මේ රටේ නායකත්වය පත්කරනගෙන… අපේ රටේ මිනිසුන්ට අත වෙලා ඇති දෙය ඉතා භයානකයි… චීන එන්නත කියන්න මුලු යුරෝපයම ප්රතික්ශේප කරපු එන්නතක්…. එනමුත් ඒකට ඉතා අදික මිලක් ගෙවිය යුතු වෙනව… දැනට පවතින එන්නත් අතර වැඩිම මිලක් උන එන්නත චීන එන්නත කියල මුලු ලොවම දන්නව.. එනමුත් අපේ බැල්ලිගෙ පුතාල මේ වා නොසලක… හරිය බලයෙන්… දූශනය වෙන්නට කැමති ගනීකාවන් සේ කට යුතු කිරීම මේ රටේ ඉදිරියට ඉතාමත් භයානකයි.. මේ එන්නත සම්බන්ත්ඩයෙන් මේ ලෝකයට හෙලිවී නැති දේවල් අනන්තයි.. චීනය හැම විටම මිනිසුන්ට සලකන්නෙ සත්තු විදියට… එහෙම රටක එන්නත් අපේ රටේ ජනයාට ලබාදීමට තරම්. පහත් වීම රටේ ජාතියට කරන විපැත්තියක් බව යුරෝපයේ ඉන්නා විචාරකයෝ පවසනව… මේකට හේතුව… රාජපක්ශ්වරුන්ගේ නූගත් කම… එවුන්ගේ බඩ කට පිරෙනවා නම්… රටේ ඉන්න අහිංසක මිනිසුන් බිලිදෙන්න උනත පාහර බල්ලන් කැමතියි..

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.