20 April, 2024

Blog

සනුහරේටම වැක්සින් ගස්සගත්ත දොස්තරලගෙන් සමාව ඉල්ලන​ ප්‍රසිද්ධ දැන්වීමයි මේ​

උවිඳු කුරුකුලසූරිය​ –

උවිඳු කුරුකුලසූරිය​

මම ඊයෙ දවස පුරාවටම දීර්ඝ ගමනක හිටියෙ. ඉන්ටර්නෙටුත් හරියට නැහැ. ඉතිං දොස්තරලගෙ “සමීපතම ආසන්න අයට​” වැක්සින් දුන්න ලිස්ට් කියවන්න ගත්ත​. ඒ අර මට මඩ ගහගහ ඉන්න අයගෙ නම් සර්ච්කර කර වෙනම ෆෝල්ඩර් එකකටත් දාන ගමන්. ඒකත් ආතල්. කස්ටිය පෝස්ට්ස් අකුල ගන්නව​, එකවුන්ට් ඩිඇක්ටිවේට් කරනව​!

ඒත් අන්තිමට මට දුකක් හිතුන​. අනේ මේ දොස්තරල “කීපදෙනෙක්” හැරුනම අනිත් දහස් ගානම තාම ස්වාධීන ජීවිත ගතකරන්න තරම් සංස්කෘතියක් නැති අයනෙ. ඔන්න ඕක අල්ල දාමු කියල​. ඒකයි මේ සටහන ලියන්නෙ අද පාන්දර​.

ඒකට හේතුව මේකයි. මැයි 24 වෙනිද අකටයුතු නාදකයෙක් – දොස්තර කෙනෙක් – මට කෝල් කරල ඇහැරවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMPA)​ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා ලැයිස්තුව කඩකරල ඒ ගොල්ලන්ගෙ සනුහරේට වැක්සින් ගහන ලැයිස්තුව ගැන කියල​, “අයියේ උඹට විතරයි මේක ගැන යමක් කරන්න පුලුවන්” කියල, දස දහස් ගානක​ ලිස්ට් එක එව්ව​. ඒකෙනා “අයියෙ” කිව්වට මම දැකලත් හමුවෙලත් නැහැ, ඒත් ඉතිං මා ගැන මොකක් හරි විශ්වාසයක් තියෙන්නෙ ඇති. ඒ මම ඊට දවස් ගානකට කලිනුත් මේ දොස්තර පවුල් සීන් එක ගැන පොස්ට් එකක් දාල තිබ්බ නිසා වෙන්න ඇති. මට මොකක් හරි කවුරු හරි “හිත හොඳින්” දෙයක් කිව්ව නම්, ඒක මාව වලලන තැනට ගියත් මම කියන්නෙ නැහැ. ඒක මගේ ජනමාධ්‍ය ට්‍රේනිං එකින් ආව එකක්. ඉතිං ඔය​ ඔය සනුහරේටම වැක්සින් ගහගත්ත අයගෙ ජීව දත්ත තොරතුරු තියෙනව​ ඒ එවපු එකේ. මම නිදිමතේ හිටියෙ. නැගිටල ඒක බලල​, පෞද්ගලික තොරතුරු මකල, පල්ලෙහා තියෙනව වගේ පොඩි නෝට් එකක් ෆේස්බුක් පොස්ට් එකක් විදියට​ දැම්ම​.​ ඒ වෙලාවෙ ඒක විතරයි මට කරන්න පුලුවන්. තව පොඩි පොඩි පොස්ට්ස් කීපයක් දාල මම ආයෙත් නින්දට ගියා.

ඇහැරෙන කොට වැඩේ පත්තුවෙලා හැමදාම වගේ! කතාව හැම තැනම​, පෝස්ට් එක ශෙයාර්වෙලා එකසිය ගාණට​. ඒත් එක්කම SL Doctors United කියන පිටස්තරයන්ට බලන්න බැරි දොස්තර ගෲප් එකක මට මඩ ගනව​, තර්ජනය කරනව එකසිය ගානට​. ඒවගෙ ස්ක්‍රීන්ශොට්ස් මට එවනව​ සාධාරණ විදියට වැඩ කරන දොස්තරල​. එක දොස්තර කෙනෙක් මෙහෙම තර්ජනයක් කරල තිබ්බ, ඒ අමුතු සතෙක්: “This guy is asking something. Sall we give it to him”. ඒ තර්ජන අතරින් අමුතු සතාගෙ එකට විතරක් පොඩි ශොට් එකක් දුන්න මෙහෙම​:

ඒක ටිකක් සැර වැඩිද මන්ද​, ඒත් ඉතිං මිනි බ්ලොගින් එහෙම තමා. එවෙලෙ හිතට එන දේ ලියල දානව​. පස්සෙ සමාවත් ගන්නව​. මේ දොස්තර බුද්ධික තාඹුගල නම්, එයා කරපු තරජනයයි, ඒ ගැන ප්‍රසිද්ධියේ දාපු පෝස්ට් එකයි ඉල්ලා අස්කරගෙන අලුතින් එකක් ලියල​, යම් ශිෂ්ට සම්පන්න බවක් පෙන්නල තිබ්බ​.

ඉතිං වැකිසින් හොරකම් කරපු දොස්තරල ගැන දුක හිතෙන්නෙ මේකයි, සමාව ගන්නෙ මේකයි. ඒකනෙ කතාව​!

පලවෙනි හේතුව තමා , මම හිතන්නෙ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරපු ප්‍රමුඛතා පිලිවෙලට එන්නත දෙන්න ඕනෙ කියල​. ඒක කඩකරපු ඔක්කොම ගැන වගේ මම ලිව්ව​. මේක එන්නතේ හිඟයක් තියෙනව වෙලාවෙ ඒක දේශපාලන අවියක් ලෙස වරප්‍රසාද ලත් අය යොදා ගැනීමක්. ඒකයි මගේ ස්ථාවරය​.

ඒත් දොස්තර කේස් එකට එනකොට ඒ ගොල්ල සනුහරේටම විදගෙන​. ඒක ඉතාමත් පිලිකුල් සහගතයි. මොකද සෞඛ්‍ය ගැන වඩාත් හොඳටම දන්න අය​, හොඳම සෞඛ්‍යාරක්‍ෂණ කට්ටල​, පිරිසිඳු වීමේ දේවල් දීල තියෙන අය​. ඒ අය විද්‍යාව දන්නව​. තමන්ගෙන් තව කෙනෙකුට වෛරසයක් නොගෙන යන්න තරම් දැනුමක් සමජයේ ඉන්න අන් සියල්ලටම වඩා දන්න අය​. තව එකක්, වැක්සින් එක තම තමන්ගෙ පවුල්වලට ගැසුවට සමාජයෙන් වෛරසය තුරන් කරන්න බැහැ, නොවිදගත්ත වරප්‍රාසද නැති මිනිස්සු/රටවල් තව ප්‍රභේද හදනව කියන දැනුමත් අද වෙනකොට තියෙනව​.

අනිත් එකම තමා, අපි පොඩ්ඩකට හිතමු අනිත් ජනතාවට නැති විශේෂ වරප්‍රසාදයක් දොස්තරලගෙ පවුලට දෙන එක “හරිම” කියල​. ඒත් මේ පවුලේ සමීපතමයින් කියන්නෙ කවුද? ඒ රාජකාරිය ඉවරවෙලා තමන්ගේ නවාතැනට හෝ නිවසට යනකොට ඒ නිවසේ ඉන්න අය. වෙනත් වචනයකින් කියනව නම්, න්‍යෂ්ටික පවුල (කුඩා ගෘහස්ථ ඒකකයක් – නැත්තම් වෛවාහික පවුල​) – අම්මා, තාත්තා හා දරුවන්. [මේකට මම ඒ නිවසේ ඉන්න මෙහෙකරුවන් දාගන්නෙ නැහැ, මොකද ඒ ලැයිස්තුවල ඒ ගොල්ල නැති නිසා. මොකද දොස්තර ගෙදර ගියාම රියදුරු​, ගෙදර වැඩට ඉන්න අය ආරක්‍ෂිත ඇතිනෙ!] එතකොට මේ අනිත් අයට නැති “සමීපතයින්ට ගැස්සීම” “හරි” උනත් ඒ ලැයිස්තුවේ ඉන්න ඕනෙ න්‍යෂ්ටික පවුලෙ අය​​.

ඒත් මේ ලැයිස්තුවල ඉන්නෙ, දොස්තර පිරිමියෙක් නම්, වයිෆ්, අම්මා, තාත්තා, වයිෆ්ගෙ අම්මා හා තාත්තා, අවුරුදු 10ක් වයසෙ ඉඳන් දරුවො, තවත් ඒ පවුලෙ සහෝදර සහෝදරියො. (දොස්තර ගැහැණියෙක් නම් ඒකෙ අනිත් පැත්ත – ඒ කියන්නෙ හස්බන්ඩ් etc..). දහදෙනෙකුට ගස්සගත්ත අයත් කොච්චර ඉන්නවද ඔය ලැයිස්තුවේ. මම සාමාන්‍යකරනය කරන්න යන්නෙ නැහැ. ඒත් මට කියන්න ඕනෙ මේ ලැයිස්තුවල​, වැඩේ “වංචාවක් උනත්” සමීපතම පවුලෙ කියන අයට අවංකවම ගස්සල තියෙන අය ඉතාම පොඩ්ඩයි ඉන්නෙ. අනිත් ඔක්කොමල අම්මල තාත්තල​, මාමන්ඩිල, නැන්දම්මලටත් එක්ක තමා ගස්සගෙන තියෙන්නෙ.

ඒකෙන් මම හිතුවෙ වෛද්‍ය වෘත්තියේ ඉන්න අය ලංකාවෙ විස්තෘත පවුල කියන ගෝත්‍රික ප්‍රපංචය තවමත් පවත්වගෙන යන ප්‍රධානම කුලකයක් කියල​. මේකෙදි මට මම ගරු කරන මියගිය මානව විද්‍යාඥයෙකු වෙන තම්බයියත් මතක් උනා. තම්බි උඩරට සාම්ප්‍රදායික සමාජය ගැන පර්යේෂණ කරල කිව්ව එක හරි. ඒත් මේ එන්නත පෝලිම් පැනල විදගත්ත දොස්තර ලැයිස්තුව කියෙව්වම නම් උඩරට පරණ සිංහල සමාජයේ විතරක් නෙමෙයි, පහතරට සිංහල​, මුස්ලිම්, දෙමල කියල නැහැ ඔක්කොම එකයි, ඔය මුස්ලිම් දොස්තරලගෙ, ඒ කියන්නෙ “සිංහල අම්මලගෙ පැලෝපීය නාලෙ මිරිකල වඳ කරපු” දොස්තරලගෙ පවුල් ලිස්ට්ස් කියවන්නකො. අම්මෝ ඉතිං ඒ ඩොකාලට සිංහල අයටත් වඩා විස්තෘත පවුලක් තියෙනව​, ඇයි ගොඩක් අයව විවාහ කරගන්නත් පුලුවන්නෙ. දෙමළ නම් බලන්න​. අම්මෝ! ජාති බේදයක් නැහැ මේ කතාවෙදි.

ජීවක කියන​ දොස්තරල තාම ජීවත් වෙන්නෙ විස්තෘත පවුලෙ කියන එක පේන්නෙ.

මොකක් හරි අවස්ථාවක් ලැබුනම වරිගයාට තමා ප්‍රමුඛතාවය දෙන්නෙ.

ඉතිං හරි පව් කියල හිතුන​. තාම සමාජානුයෝජනය නොවිච්ච​, තමන්ටම කියල කුටුම්බයක් නැති, සිරසෙ පෙන්නපු ඉන්දියානු මෙගා ටෙලිය “මහගෙදර” එකේ වගේ කිසිම ස්වාධීනත්වයක් නැති ඔක්කොමල එකට හිත පිච්චි පිච්චි ජීවත් වෙන සෙට් එකක් මේ වැක්සින් හොරු කියන්නෙ. ඒ නිසා මගේ හිත හරියට දුක් උනා. ඒ නිසා මම මේ හෙලදරව්ව කරපු එක ගැන සමාව ඉල්ලනව වැක්සින් හොරුන්ගෙන්.

*මට තව දිගට ලියන්න පුලුවන්, ඒත් මේ සිංහල දිගට කොටන්න හරි අමාරුයි, ඒකත් මම කරන්නෙ වෙන විදියකට​.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    0

    සේරුවිල පන්සල මරක්කලයෝ අල්ලගන්න යනව. ඒ ගැන ලිපියක් තියෙනව lanka lead news එකේ. මෙතනට ලියන්න වුනේ එතන මාව බ්ලොක් කරලා නිසා. ඊට කලින් ලිපියට නම් ලිව්වා.
    සේරුවිල පන්සලේ හිටපු විහාරාධිපති හාමුදුරුවන්ව ඉන්දියාවේ යවලා අභිරහස් විදිහට අපවත් කරලා තියෙනව. ඊට කලින් හිටපු නායක හාමුදුරුවොවත් අභිරහස් විදිහට අපවත් කරලා තියෙනව. ඊළඟට ඒ ළඟ තවත් පන්සලක හාමුදුරු කෙනෙක් අභිරහස් විදිහට අපවත් වෙලා තියෙනවා එල්ලිලා.
    දැන් අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා නායක හාමුදුරුවන්ට මේ පන්සල බාර දීල තියෙනවා ඒ සංඝ සභාවේ තීරණයක් අනුව. නමුත් මලක්කන් රාජපක්ෂලාගේ සහ මරක්කල අලි සබ්‍රිගේ උවමනාවට එතනට වෙන හාමුදුරු කෙනෙක් වංචනිකව යොදවලා, කියන විදිහට සේරුවිල චෛත්‍යයේ ගර්භයට ගිහින් ඇතුලේ තියෙන රන් රිදී මැණික් සහ වෙනත් වටිනා වස්තු හොරකම් කරන්න. හරියට රුවන්වැලිසෑයට කල විදිහටම.
    ඒ හින්ද අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා නායක හාමුදුරුවන්ට යුක්තිය ඉෂ්ඨ කරන්න සිංහලයන් එක්වෙමු. ගිහිල්ල වට කරමු පන්සල. වටේ සිංහලයෝ නැත්ද? ඔක්කොම මුස්ලිම්ද ඉන්නේ? කෝ මේ මලක්කන් රාජපක්ෂලාට කඩේ ගියපු හාමුදුරුවරු? සේරුවිල පන්සලට ගිහින් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා එතන නීත්‍යානුකූල නොවෙන විදිහට වංචනිකව ඉන්න සුබෝධ කියන කහ සිවුරුධාරියව ඉවත් කරන්න බැරිද? දැන් මෙතනම හාමුදුරුවරු තුන් දෙනෙක්ම අපවත් කරලා අභිරහස් විදිහට. පොලිසියට පැමිණිලි කරන්න ඕනේ මේ අපවත් වීම තුනම ගැන. හමුදාවේ පොලිසියේ ඉන්නේ ඔක්කොම සිංහලයෝ. හැබැයි (පුත්තලමේ) මරක්කලයෙක් මැරුනහම ඒ ගැන හොයන්න තියෙන උනන්දුව හාමුදුරු කෙනෙක් හෝ සිංහලයෙක් ගැන නැහැ.

    • 5
      0

      උවින්දු සහෝදරය, ඔබ හා මා යුරෝප්යේ ජීවත් වෙන නිස දන්නව… මේ රටවල කොහොමද ඔය එන්නත බෙදන එක කරගෙන ගියේ කියල. ඉස්සෙල්ලම මහලු නිවාස වලට.. ඒ අතර… ආරොග්ය ශාලවල වැඩ කරන කාර්ය මන්ඩලයට… ඒ වගේම අනිකුත රිස්ක් ජොබ් වල යෙදෙන අයට හා ඉතාමත් දුබල කට්ටියට… ඉතින් කොච්චර ලස්සනද ? ඒකට තමයි මම මේ ශීලාචාර විනය ගරුක යුරෝපයේ ජීවත් වන්නෙ..
      .. මට මගේ රැකියාව අනුව… ඉයේ පලම්පු එන්නත් ලැබුන… එතනට මා ගිය විට ජරමනියේ… හැමදෙයක්ම පොතේ ලියල තිබෙන විදියට සන්විදානය කරල තිබුනා… මට ලැබුන ලැබුන උපදෙස් කාටත් ලැබුන… මම පිටරැටියෙකු නිසා මට අවාසියක් වුනේ නැහැ. මම ජීවරසායනික අන්ශවල පර්යේශන කට්යුතු කරන නිසා හැම අයම මට කතාබහින් එකතු වුනා…
      ..ඒකට තමයි.. ශිෂ්ඨාචාරි සමජ මෙහෙයුම වල් කියන්නෙ.. මේ ශිෂ්ඨාචාර අපේ රටවල උපාදිලත එවුන් අතරත් නැත කියල අහන්න ලැබෙන කොට මට හිතෙන්නෙ, අපේ සින්හල බලු ජාතිය කොතරම් නූගත් තිරිසන්නුට අන්ත ජාතියක්ද ? බුදුබන කියල දෙයක් පිටකවරයට යොදා ගෙන අප ඉපදුන රටේ අද කරගෙන යන්නෙ, තක්කඩි කම, පාදඩ කම … මිනිමරු කම, අපරාද්යට තැන දීම.. බව කාටත් මොන තානාන්තර වල ඉන්න අයටත් පැහැදිලි වෙනව පැයෙන් පැයෙ…
      .
      නූගත් තිරිසන් බල්ලන්ට චන්දේ දීල අපේ මිනිසුන් කරගත්තෙ.. හරියට… දැනගෙන් බිත්තියට විරුද්ධව රතය පැදවූවා වාගේ දෙයක්… මේව අපි කිව්ව.. රටේ ඉන්න තිරිසන්නු බහුතරය මේ අපි කියන කොට කිව්ව පිට රට බලවේග වලට අපි වැඩ කරනවා කියල.. අදටත් එහෙමයි.. උන් කට උත්තර නැහැ.. ඇන්දුමේ කක්ක කරල කියල මට හිතෙන්නව.. රාජපක්ශවරු කියන කොට මිනිසුන් හෙට දිනවල… මුහුනට කෙල ගහවි… දාරනි පාත් වැසි වසින විදියට.. ඒතරම් මිනිසුන්ට එපා වෙන කාලයක් එනවා මයි… හැබැයි මට පොඩි සැකයකුත තිබෙනවා.. මොකොද අපේ ජාතිය ඉතාමත් නූගත් ව හැසිරෙන…ජාතියක්.. නිතරම හොන්ද දේට වඩා නරක දෙයට තැන දෙන එවුන්.. මේක හැම අන්ශයකටම පොදුයි..

  • 5
    0

    එනපොට හොඳ නැත. මම මේවා වේලාසනම කිව්වා. දැන් කොහොමද? ජනාධිපති මලක්කන්. අගමැති මලක්කන්. අධිකරණ ඇමති මරක්කල. රහස් ඔත්තු සේවයේ ලොක්ක මැලේ. නීතිපති දෙමල. මොන දෙමළද මම දන්නේ නැහැ ලංකා දෙමළද, ඉන්දියන් දෙමළද නැත්නම් මැලේසියානු දෙමළද කියල. ඊළඟට ගෝඨාභයගේ සැලැස්ම අග්‍ර විනිශ්චයකාර තනතුරට මරක්කලයෙක් පත් කරන්න. දැනටම එතනට දාල තියෙන්නේ. රටේ වාසනාවට ඉන්න අග්‍ර විනිශ්චයකාරතුමා සිංහල වුනේ. දෙමල හරි මරක්කල හරි වුනා නම් පෝට් සිටිය ගෙඩිය පිටින්ම චීනුන්ට දීලා අල්ලසකුත් ගන්නවා. එහෙම ගත්ත අය ඉන්නවා. කොහොම හරි ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්නුවා තමන්ට අස්ගිරි මල්වතු හාමුදුරුවරුන්ට වඩා රට ගැන කැක්කුමක් තියෙනව කියලා.
    සේරුවිලට අත තියන්න දෙන්න එපා. එතන අපේ මුල්ම යුගයේ සාක්ෂි තියෙනවා. රුවන්වැලි සෑය නම් ඇතුලට ගිය කෙනෙක්ට ආපහු එන්න බැහැ මම දන්නා විදිහට. එක්කෙනක් නෙමෙයි පිරිසක් ගියත් එන්න බැහැ. එතන අමුතු තැනක්. හේතුව රහසක් විදිහට තිබුනාවේ. සේරුවිල චෛත්‍යය ගැන මට හරියට කියන්න බැහැ.
    මලක්කන් රාජපක්ෂලා එකින් එක බෞද්ධ සිද්ධස්ථාන සූක්ෂම විදිහට විනාශ කරගෙන යනව. මේක දැකපු කෙනෙක් සුදු හඳුන් වනය ආරක්ෂා කරගෙන ඉන්න හාමුදුරුවන්ට සහ ඒ අවට ඉන්න සිංහල බෞද්ධ තරුණයන්ට පණිවිඩයක් යවන්න ඒ වනය ගැන අවධානයෙන් ඉන්න කියලා. 2019 වෙසක් පෝයට කරන්න බැරි වෙච්ච දේ වෙන විදිහට කරනවා. මෙවුන් සිංහල බෞද්ධයන්ට සහ බෞද්ධ සිද්ධස්ථාන වලට කරන හානිය නවත්තන්න බැරිද? හොඳටම පුළුවන්.

    • 4
      0

      Part 1

      චම්පා, අපි ඔබ සැමටම අවවාද කළෙමු. අද රට අල්ලා ගන්නා අන්තරාය COVID නොව රාජපක්ෂේ භීෂණයයි. .. ඔබ ආරම්භයේ දී රාජපක්ෂ ප්‍රවර්ධනය සඳහා සටන් කළා. කෙසේ වෙතත්, දෙවියන් වහන්සේ දැන් ඔබව නිවැරදි දිශාවට හරවා ඇත. මිනිසුන් පිටුපස සිටින ඕනෑම බලවත් බලවේගයක් මම දෙවිවරුන් යැයි සිතමි. එබැවින් කරුණාකර ඔබ මා බෞද්ධ නොවන අය ලෙස වරදවා වටහා නොගන්න. මම බුද්ධාගමේ භාවනා සහ අනෙකුත් උසස් සාරධර්මවලට ගරු කරමි, නමුත් මම සිංහල බුද්ධාගම අනුගමනය නොකරමි. මම භික්ෂූන් වහන්සේලාට නොමිලේ ආහාර ලබා දීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ඒ වෙනුවට මම අයාලේ යන සුනඛයින්ට සහ සැබවින්ම අවශ්‍යතා ඇති අයට නොමිලේ ආහාර පිරිනමමි. දුප්පත් ළමයින් වෙනුවෙන් මම තවත් බොහෝ හොඳ වැඩ කරමි. මේ සියල්ලම මගේ අභාවප්‍රාප්ත මව සඳහා සියලු කුසලතා එකතු කිරීමට මට උපකාරී වනු ඇත.
      මම ඉපදුණේ බෞද්ධ පවුලකටයි. ඔබ බොහෝ දෙනෙකුට ආගමික උරුමය ලැබුණා. යුරෝපයේ තත්වය මෙන් නොව, අපේ රටේ හෝ ඒ හා සමාන ස්ථානවල කිසිවෙකු තමාගේ හෝ ඇයගේම ආගම තෝරා නොගනී. සමහර හේතු නිසා, මගේ ළමා කාලයේ සිටම, මම සිංහල-බුදු දහම අපේ මව්බිමෙහි පමණක් ක්‍රියාත්මක කිරීමට එරෙහිව සිටිමි. ප්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ අනියම් බිරින්දෑවරුන් යුරෝපයේ සිට ශ්‍රී ලංකාවට ආපසු යන ගමනේදී එක් වරක් නොව කිහිප වතාවක්ම ගුවන් ගමන් වල යෙදී සිටිනු මම දැක ඇත්තෙමි. මෙම භික්ෂූන් වහන්සේලාගෙන් සමහරක් සිංහල ප්‍රජාවට ඔවුන්ගේ තරු-භික්ෂු හැසිරීම් තුළින් ශ්‍රී ලංකා රූපවාහිනී නාලිකා හරහා දනිති. මම සියලුම භික්ෂූන් වහන්සේලාට එක හා සමානව සලකන්නේ නැත, නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ස්වකීය නිරීක්ෂණවලට හසු වීම මගේ හෘදය සාක්ෂිය ශක්තිමත් කළේය.
      to be contd.

      • 3
        0

        Part 2
        ව්‍යාජ භික්ෂූන් වහන්සේ පළමු දිනයේ සිට ජාතිය නොමඟ යැවීමට ඉඩ දුන්නේ මන්දැයි මම මගෙන්ම ප්‍රශ්න කළෙමි. එය සිංහල සංස්කෘතිය සමඟ හොඳින් සම්බන්ධ වී ඇති අතර, එය ඔවුන්ගේ වැඩිහිටියන්ගෙන් කිසිවක් ලැබුණහොත් ඔවුන් විරුද්ධ නොවනු ඇත. අපේ සංස්කෘතිය අපේ දෙමළ ශ්‍රී ලංකාවේ මිනිසුන්ට වඩා දෙවැනි නොවේ. සිංහල බුද්ධාගම ව්‍යාජ හා මිථ්‍යා විශ්වාසවලින් පිරී තිබේ. ඔවුන් ජාතක කතා වලට කැමැත්තක් දක්වයි. මෙම කතා ප්‍රබන්ධ විය. අදටත් එය ප්‍රසිද්ධියේ පැහැදිලි කිරීමට තරම් හොඳ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකුට පමණි. මහානායක ඉහළ පරිච්ඡේදයේ භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍රවලට හසු වේ. සමාජයේ නිරන්තරයෙන් පිරිහෙමින් පවතින මට්ටම්වල සියලු පැතිකඩ මත පදනම් වූ ඔවුන්ගේ දැනුම තවමත් පැහැදිලි නැත. මහජනතාවගේ ප්‍රයෝජනය සම්බන්ධයෙන් ඔවුන් ප්‍රසිද්ධ ප්‍රකාශ කරන බවට කිසිදු සලකුණක් නොමැත. ඔවුන් සැකයේ වාසිය ලබා දෙන්නේ ඒවා ප්‍රකාශ කිරීමට තරම් කම්මැලි හෝ උදාසීන ලෙස ය.

        ඔබේ වඩාත්ම දන්නා පිස්සු බල්ලා, වෙන කිසිවෙකු නොව, විමල් වේරවාන්ස්ගේ ස්වරය අද බලවත් නොවේ. මේ මිනිසා සහ ඔහුගේ ව්‍යාජ වාචාල කතා, මේ රටේ ධ්‍රැවීකරණය වන අපරාධකරුවන්ට පදනම සපයන සිංහල ජාතිය බෙදුවේය. ඔහු දැන් ඔහුගේ ක්‍රියාවන්ට හසු වී ඇත. ඔහු ප්‍රතිවිරුද්ධ අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ නම්, ඔහු ඊළඟට සිරගත කරනු ඇත.

        . ඔහු බලයේ සිටින අපරාධකරුවන්ට එරෙහිව නැගී සිටින්නේ නම්, ඔහු ඊළඟට අත්අඩංගුවට ගෙන ඔහු සැබවින්ම අයිති තැනට පත් කරනු ඇත. ව්‍යාජ වාචාලකම් සෑම විටම සංවර්ධනය වෙමින් පවතින රටක අවදානමට ලක්විය හැකි, රැවටිලිකාර මිනිසුන් නොමඟ යවයි. යමෙක් ප්‍රසිද්ධ ප්‍රකාශ කළහොත් ඔවුන්ගේ වාචික ප්‍රකාශවල අන්තරාය ගැන ඔවුන් හොඳින් දැන සිටිය යුතුය. බලය ලබා ගැනීමෙන් පසු ඔවුන් සියල්ල හොඳින් කරනු ඇති බවට පොරොන්දු වීම ඔවුන්ගේ දේශපාලන වේදිකාවල නැවත නැවතත් අසන්නට ලැබුණි, නමුත් එම ඉහළ ප්‍රති of ාවන්ගෙන් ඉතා සුළු කොටසක් පවා ඔවුන් විසින් තවමත් පුරවා නොමැත.

        • 0
          0

          මිනිසුන් මාධ්‍ය මාෆියාවට ලක් වුවහොත් සත්‍යයන් කිසි විටෙකත් අනාවරණය නොවනු ඇත. අද වෙන කවරදාකවත් නොවූ පරිදි, ශ්‍රී ලංකාව තුළ, මාධ්‍ය මාෆියා දැවැන්තයින් ඔවුන්ගේ ආත්මාර්ථකාමී වාසි උදෙසා හිස ඔසවා ඇති අතර, නොමඟ යවන අතරම, ඔවුන් මාධ්‍ය මාධ්‍ය රූපවාහිනී නාලිකාවලට සවස් වරුවේ ගැටගැසීමට වැඩසටහන් වැනි “චොකලට්” ද ගෙන එයි. උදාහරණයක් ලෙස, සංගීත හා දෛනික විකාශන ටෙලිඩ්‍රාමා වැඩසටහන්. මිලියන සංඛ්‍යාත පිරිසකගේ වාසි ලබා ගැනීමට ඔවුන් තවමත් පාසල් ඉගැන්වීමේ වැඩසටහන් විකාශය කිරීම ආරම්භ නොකරන්නේ ඇයි? අතීතයේ වෙන කවරදාටත් වඩා රූපවාහිනී නාලිකාවලට මෙම දුෂ්කර අර්බුදයේදී පාසැල් යන දරුවන්ගේ දැනුම වැඩි දියුණු කළ හැකිය. ඊට පටහැනිව, ඔවුන් මේ ජාතියේ පහසු ඉලක්කයන්හි අශිෂ් and ත්වය හා අනාරක්ෂිත බව අනිසි ලෙස භාවිතා කරයි.
          එය කිසියම් සමාජයක එවැනි අසත්‍යයන් ප්‍රමුඛස්ථානයක් ගනී. ආගමික සම්භාවනීය අමුත්තන් පවා නිශ්ශබ්දව සිටීමෙන් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් සම්බන්ධ වීමට කිසිවක් නැත.

  • 0
    0

    Great to see that LM and Champa are writing in Sinhala. I guess I could, but it will require a huge effort. My computers are not equipped for it.
    .
    However, the fact is that even if it were, I wouldn’t be able to write effectively. English is easier, but there are much better writers – like Kumar David, Rajan Philips, and Tisaranee.
    .
    Why no Tamil section? Just the logistics of it. How can Tamil-speaking staff be found in England, and even if they were, there will be some who will say that this is an Eelam site! Very few people can use all three of the “Lankan Languages”. There are some, but only they will be aware of their limitations in all except their first language. I speak Sinhala a lot of the time.
    .
    Ven. Baddegama Samitha Thero could use all three. He has just passed away of COVID at the age of 69. So, others must take their place; like Ven. Bagawanthalwe Rahula Thero, who had been a Hindu Swami. No single person can do all that is necessary.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.