19 October, 2021

Blog

පාස්කු ප්‍රහාර මහමොළකරු අවතාරයක්ද?

ඔස්ටින් ප්‍රනාන්දු

ඔස්ටින් ප්‍රනාන්දු

අදට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් අවුරුදු දෙකක් ගතවී ඇත. එසමගින් වූ වෙනස්කම් රාශියකි. ජනාධිපතිවරයා හා රජය වෙනස්වීම සහ එහි  ප්‍රතිපලයකින් ව්‍යවස්ථාව සංශෝධනයක් විය. අවාසනාවකට, කොවිඩ් 19 මුළු ලොවම බිලිගති. මේනිසා පාස්කු ප්‍රහාරය අඩු ප්‍රමුඛතාවයක් ලැබුවත්, වින්දිතයින්ට එම සිද්ධියවත්, ප්‍රතිපලවත් සුළුපටු නොවේ. පාස්කු සිද්ධීන් ප්‍රතිවිමසුමක්  පාස්කු කොමිසමේ වාර්තාව ජනගතවීමෙන් සිදුවුනි

ලෝක ඉතිහාසයේත් මෙවැනි සිද්ධි සංඛ්‍යාව විශාලය. ශ්‍රී ලංකාවේද මෙවන්ම සිද්ධීන්ගෙන් දහස්ගණනක් මියැදී ඇත. බටහිර රටවල මෙන්ම, නිසා හමුදාමය, පරිපාලන, දේශපාලන බලධාරීහු රාජකාරියෙන් ඉල්ලා අස්නොවුහ. උසාවිගත නොවුහ. සටන් වැදුණු නිලයන්ට දෝෂ දර්ශනයන්සාවද්‍යව හෝ නිරවද්‍යව ජිනීවාහිදී ඉදිරිපත් කළවිට, රජය ඔවුන්ගේ වගවීම ප්‍රතික්ෂේප කළේය; අදද කරයි. තවද ත්‍රස්ත ගැටුමින් විවිධ වාර්ගීය පිරිස් දහස් ගණනින් නොයෙක් අන්දමින් මියැදුණු කළ, වගවීම ගැන ඝෝශා කලේ අතලොස්සකි.      

මේ විනාශයන් සිදුවනුයේ ආරක්ෂක තීරණ දුබලතා, උපායමාර්ග බිඳවැටීම, අතපසුවීම, අවධානය හීනවීම, ආයතනික අක්‍රීයත්වය වැනි කරුණු නිසාය. පසුගිය දෑවුරුද්ද තුල පාස්කු ප්‍රහාරය නිසාම ආරක්ෂක හා දේශපාලන අංශ විවේචනය විය. දැනට බොහෝ විවේචනය වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, ආරක්ෂක අමාත්‍යංන්ශීය දෙටු නිලධාරීන්, බුද්ධි හා පොලිස් නිලයන්ය.

ජනාධිපති සිරිසේන වෙනුවෙන් පෙනී සිටින්නෝ ප්‍රහාරයට කලින් එතුමා දැනුවත් නොවූ බව පවසති. ප්‍රහාරය දත් කිසිවෙකු එකී තොරතුරු ජනාධිපති සිරිසේන සමග බෙදාහදා ගත් බව නොපවසති. ඔහු ප්‍රහාරය දිව්‍යඥානයෙන් හෝ දැන සිටිබවට සැකයක් දේශපාලන හා ආගමික නායකයින් අදහස් කරන්නා සේය. අන් නිලයෝද නිදහසට සිය කරුණු දක්වති.

කෙසේවුවද,. ජනාධිපති ප්‍රහාරය නොදැන සිටියේය යන්න මත, ව්‍යසනය ප්‍රහාරයට ලඝුකිරීමට ජනතාව සූදානම් නැත. ප්‍රහාරයේ මුලඅග හාරා බලන්නට ඔවුන්ට අවශ්‍යය. පාස්කු කොමිසමේ  වාර්තාවට බැහැරව ප්‍රහාරයට පෙර සිද්ධිවිශ්ලේෂණයක් අවශ්‍ය බවට කෙරෙන ඉල්ලීම් ඇසේ. එය ඉටුකළොත් පෙර රජයන් සැම පිරික්සේ. ‘යහපාලනයටප්‍රහාරය පැටවුවහොත් පෙර රජයන්ගොඩය”. වාර්තාවේ පිටු 282 සිට 286 දක්වා වගුගත සිද්ධීන් සිරිසේන ජනාධිපතිතුමාගේ ධුරකාලයට ගැලපුමක් දක්වන්නේ කලින් රජයන් අමතක කරමිනි.      

ආරක්ෂක, බුද්ධි අංශ හා අන්තවාදීන්    

2021 මාර්තු දෙවැනිදාඩේලි මිරර්පත්‍රයට රනිල් වික්‍රමසිංහයන් කළ ප්‍රකාශ දෙකක් උපුටමි.  පළමුවැන්න නම්: “ගැටුම් කාලේදී මේ මුස්ලිම් කණඩායම් සමහරක් හා ආරක්ෂක ඒකක සමහරක් අතර  සහයෝගිතාවයක් තිබුනා.” දෙවැන්න නම්: “මම කම්පනයට පත්වන්නේ ආරක්ෂක අංශයට  සම්බන්ධිත යමෙක් කෙටි පාරෙන් යන විධිය දන්නවා. කොහොම හරි සහරාන් හා කල්ලිය ආරක්ෂක පද්ධතිය දැනගෙන ඉඳල, හැංගිලා, නොපෙනෙන්නට දුරස් වෙලා හිටියා. මේක බොහොම කම්පනයට හේතුවන කරුණක්, මොකද අනාගතයේදී ඒකම සිද්ධ වෙන්න පුළුවන් නිසා..”

රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයන්ගෙන් රටේ කලබැගෑනියක් ඇතිකිරීමට උත්සාහ කරතැයි කෙනෙකු පවසන්නට පිළිවන. ජනාධිපති ගෝටාබය රාජපක්ෂ  ගිරිබාවේදී කොමිසම් වාර්තාව (පිටු 306) උපුටමින් යහපාලනයට ඇඟිල්ල දිගුකරන්ට පෙර වික්‍රමසිංහයන් මෙසේ ප්‍රකාශ කළේ. ජනාධිපති සිරිසේනට හිතවාදීවීමට නොවේ. ඔහුගේ ප්‍රයත්නය ප්‍රහාරයේ වගවීම යහපාලනයට පමණක් ලඝුකිරීම වැළැක්වීමට වියහැකිය. හැරත්,  ජනතා ඉල්ලීමවන ප්‍රහාරයේ මහමොලකරුවන්ට යුද්ධ / බුද්ධිඉතිහාසයක්ඇති බව හෙවත් ප්‍රහාරයට හමුදාඅන්තවාදීන් හවුලක් ඉඟිකිරීමට වියහැකිය.       

වික්‍රමසිංහයන් තරමක් සත්‍ය කරමින් කොමිසමද අන්තවාදීන් සමග බුද්ධි අංශ සාමූහිකව ක්‍රියාකර ඇති අවස්ථා වාර්තා කරයි. මීටඉතිහාසයවිශ්ලේෂණය අවශ්‍යය. වාර්තාවෙන්ම උපුටතොත් පිටු 234 හයාතු මෝහමදු අහමදු මිල්හාන් ගැන, ඔහු 2006 දි මිල්හාන් එල්ටීටියට එරෙහි සටනේදි ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ නියෝජිතයෙකු ලෙස  සේවය කරමින් සිටි  රාසික් මොහමඩ් ෆායිස් ගැනත්, පසුවමිල්හාන් පොලිස් ෆායිස් සමග ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ නියෝජිතයෙකු ලෙස සේවයකළ බව පැවසේ.   

එසේම අහමඩ් ලෙබ්බේ මොහමඩ් නියාස් 1997 සිට ජිහාඩ් ව්‍යාපාරයේ සිටි බවත්, 2004 සිට හමුදා බුද්ධි අංශය සමග සම්බන්ධතා තිබුණු බව වාර්තාවේ පිටු 241 පැවසේ.  වාර්තාවේ 230- 234 දක්වා පිටුවල අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ් ඔස්ට්‍රේලියාවේදීරැඩිකල්වාදීවී, 2014 දී සර්ඵාස් නිලාම් සමග සමස්ත ලංකා තහුවිද් ජමාත්හි සම්බන්ධතා ගොඩනගාගෙන, අයිඑස් සංවීධානයට බැඳෙන්නට තුර්කියට ගිය බවත්, (231 පිටුව) පැවසේ. පිටු 233දී  2016 දෙසැම්බරයේ සිට ජමීල්ව ආගමික අන්තවාදියෙකු ලෙස හමුදා බුද්ධි අංශ හඳුනාගෙන සිටි බව පැවසේ.   

රහස් පොලිසිය සහරාන් ගේ මස්සිනාවන අන්සාර් තොරතුරු සපයන්නෙකු ලෙස යොදාගත් බව කොමිසම  හෙළිකරයි. (පිටු 501). එහි කාල නිර්ණයක් නොදක්වන නිසා  හා වනාතවිල්ලු සිද්ධියට සම්බන්ධය නිසා සමහරවිට යහපාලන සමයේදීද මෙය සිදුවන්නට ඇත. මේ අනුව සියලුම රජයන්වරදෙහිබැඳුණියයි චෝදනා කළ හැකිවේ.   

පාස්කු වාර්තාවේ තවත්  උපුටන කිහිපයක් අනුව අන්තවාදය පැටව්ගැසීම් ගැන පැවසිය හැකියි.  සයින්දමරුදුහිදී 26-4-2019 දින හමුදාව අතින් මියගිය අහමඩ් ලෙබ්බේ මොහමඩ් නියාස් බහරේනයට පලාගොස් සිට 2018 ශ්‍රී ලංකාවට පැමිණ ඇත. (පිටු 241) ඔහු ගැන පවසන කොමිසම ඔහු 1997 සිට කාත්තන්කුඩියේ ජිහාඩ් ව්‍යාපාරයේ සිටිබවත් 2004 සිට හමුදා බුද්ධි අංශ සමග සම්බන්ධතා පැවැත්වූ බවත් පවසයි.   

කොමිසමේ වාර්තාව 11 පිටුවේත් පසුව 16-17 පිටුවලත්  පූර්ව රැඩිකල්කරණය, පෞද්ගලික අනන්න්‍යතාවය නිර්මාණය, අන්තර් ග්‍රහණය මගින් පියගැටානුසාරයෙන් ජිහාද්කරණය සිදුවන බව පවසයි. 2015 පෙර සිද්ධීන්වූ අලුත්ගම, බේරුවල, ධර්ගා නගරයේ  ගැටුම් ඉස්ලාම් භක්තිකයන් ජිහාද්කරණයට පොළඹවන්නට ඇත. කළහයන්ට උදාහරණ දිගන, අම්පාරේ හා ගින්තොට සිද්ධීන්ගෙන් තහුවුරුවේ.  පියගැටානුසාර න්‍යායාත්මකව බැලුවොත්, 2015 අන්තවාදී නොවුනෙකු 2016 අන්තවාදී ත්‍රස්තවාදියෙකු වීම, 2015 පෙර සිටම එවැන්නෙකු අන්තවාදීකරණයේ න්‍යායමූලයන්ගෙන් පරිනාම වීයයි සිතීමට පොළඹවයි. 

අපේ සමහර මුස්ලිම් දේශපාලන නායකයින්ටමුස්ලිම් රැඩිකල්, අන්තවාදී, අයිසිස් පාක්ෂිකව ක්‍රියාකළබවට කොමිසම වාර්තාව නිකුත්වීමට පෙරත්, පසුත් සංඝයා වහන්සේලා චෝදනා කරති. දේශපාලන වේදිකාවලත් මේ චෝදනා එල්ලවේ. එහෙත් ලංකාවේ ඉස්ලාම් අන්තවාදයට උඩගෙඩි දුන් අය වශයෙන් මෙසේ විවේචකයින් විසින් හඳුනාගත් සමහරුන්ට දණ්ඩනයට කොමිසම දක්වන අඩු සැලකිල්ල විවේචකයෝ ප්‍රශ්න කරති. කෙරෙන විවේචන අනුව සැක පහළවන්නේ, යහපාලනය මෙන්ම කලින් සිටි සැම රජයන්ද,  සහරන් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන් ගැන කළ විමර්ශනවල දුබලකමින්,  ඔවුන්ට නිදැල්ලේ ශක්තිමත්වීමට ඉඩකඩ සැලසුනු බවය

වාර්තාවේ 13-14 පිටුවල  2006 දෙසැම්බර මාසයේ තව්හීඩ් අනුගාමිකයින් විසින් සුෆී නිවාස හා ආයතන 117 ප්‍රහාරය, සුෆී ආධ්‍යාත්මක නායකයාගේ දේහය සොහොණෙන් ගොඩදැමීම, 2007 කාත්තන්කුඩියේ සිද්ධීන්, 2009 ජුලි මාසේ සුෆී පූජකයින්ට වූ හානි ආදිය විස්තර කෙරේ. වගේම වාර්තාවේ 5 පරිච්චේදයෙහි ශ්‍රී ලංකාවේ වහාබ්වාදය ගැන දිග විස්තරයක් ඇත. එහි  2015  පසු යොමුකිරීම් සංසන්දනාත්මකව අඩුය. එහෙයින්ද  ඉතිහාසයවිමර්ශනය නිරවද්‍ය මාර්ගයක් වියහැකිය.  වාර්තාව  2015  පෙර වර්ධනය වැළැක්වීමට ගත් උත්සාහ විස්තරාත්මකව නොපැවසන්නේ ඔවුන්ගේ අන්තවාදී පෝෂණය රජයන්ට ගැටලුවක් නොවූ නිසාද, නැත්නම් අන්තවාදීන් කොටින්ට එරෙහි මෙහෙයුම් සඳහා වටිනා වත්කමක් නිසා එරෙහිවීමට  අක්‍රීයශීලීවූ නිසාද යන ප්‍රශ්න මතුවේ.

වාර්තාවේ පිටු 72 අනුව 2015 ජුලි මාසය වනවිට ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු සිරියාවට ගිය බව රාජ්‍ය බුද්ධි සේවය අනුව නිරාවරණය වේ. මීට කලින්ද, මෙසේ විදේශගතවීම් සිදුවී ඇත. එසේ සිදුවූ විගමන පසුවිපරමක් සඳහා ගත් පියවර කුමක්ද යන ප්‍රශ්නයද  කෙනෙකුට සිහිවේ

වාර්තාවේ 82 පිටුව “2009 වනවිට සහරාන් සහ ඔහුගේ අනුගාමිකයින් සතුව ටී 56 ආයුධ කිහිපයක්තිබුණු බව කියවේ.   2015 පෙරයි. හමුදා සඳහා පමණක් ආනයනික ටී 56 රැවුල කපන රේසරයක් මෙන් මිලදී ගත නොහැකියි. නිසා ටී 56 ආයුධ ගැන සිතනවිට රනිල් වික්‍රමසිංහ සැකකරන අන්දමින් හමුදා බුද්ධි සම්බන්ධතා මගින්  ලැබුනේද, අයිසිස්  අන්තර්ජාතික ජාලයෙන් ලැබුනේද, වෙනත් මූලාශ්‍රයකින් ලැබුනේද, රේගුවෙන් හොරෙන් ගෙනාවේද වැනි ප්‍රශ්න මතුවේ. කුමන අන්දමින් ලැබුනද එය අදාළ  රජයන්ගේ දෝෂයකි.   

සහරාන් වෙනත් මුස්ලිම් කණ්ඩායම්වලට තර්ජන කිරීම් ගැන නැගෙනහිර පළාතේ හමුදා ආඥාපති මේජර් ජේනරාල් ලාල් පෙරේරා ප්‍රතිචාර වී ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියාවලීන්ගෙන්  වලකින ලෙස ඔහුටඅවවාදකිරීමෙනි. (පිටු අංක 84). මෙම හැසිරීම එකල රජය සහරාන් වැන්නවුන්හුරතල්කරන මට්ටමකට පත්වී සිටියේදැයි සැක උපදවයි.  මේවන් සිද්ධීන් නිසා අන්තවාදය සරුවුවද එයට වගකිවයුත්තන් ගැන කොමිසමේ නිගමන හෝ නිර්දේශ සැර බාලවී ඇත. එවන් ක්‍රියා හා පුද්ගලයින් කෙරෙහි දයානුකම්පාවක් කොමිසම දක්වා ඇතැයි විවේචනය කළහොත් එරෙහිවීමට අපහසුය.

පාස්කු වාර්තාව ආචාර්ය රොහාන් ගුණරත්නගේ ප්‍රකාශ විශ්වාසයෙන් උපුටයි. ඔහු 2015 පෙර ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් දුන් බව සත්‍ය නම්, 2015 කලින් අයිසීස් ප්‍රචලිතය, එමෙන්ම 2009 වනවිට සහරාන් කණ්ඩායම ළඟ ටී– 56 ආයුධ තිබීම, සහරාන් වහබ්වාදය දිගටම පතුරුවන විට, 70, 71 පිටුවල සඳහන් වන මොහමඩ් මුහුෂින් ඉෂාක් අහමඩ්, මොහමඩ් යුනිස් මොහමඩ් අමීන්, මොහමඩ් සුහීර් මොහමඩ් අරූස්, මොහමඩ් මුහුසීන් සර්ෆා නිලාම් වැන්නවුන්ගේ ක්‍රියාකාරකම්, ඔහුගේ විශේශඥ ඥානය මෙහෙයවා වලක්වන්නට මැදිහත් වුයේ නම් සමහර විට පාස්කු ප්‍රහාරය නොසිදුවන්නට ඉඩ තිබුනියි යමෙකුට තර්කකළ හැකියි. “මා ආරක්ෂක විධායෙකු නොවීයයයි රිංගායාමට ඔහුට හැකිය. එවිට, විධායක බලධාරීන්ගේ අක්‍රීයත්වය හෙළිවේ

මහමොලකරු සැඟවී සිටීද, සඟවලාද?

මුලින්ම කිවයුත්තේමහමොලකරු”(mastermind) වචනය මුළු වාර්තාවේම ඇත්තේ තුන්පොලකය. 143, 528 හා 402 හිය. මුල් දෙපල බංග්ලාදේශ අවන්හලට බෝම්බ ගැසූ සිද්ධිය අලලාය. තුන්වැන්න  402 පිටුවෙහිය. එහි උපුටනය:.   

පාස්කු ඉරිදා දින ප්‍රහාරයේ මහමොලකරු ලෙස කටයුතු කළ වහබ්වාදියා වන සහරාන් වර්ෂ 2009 සිට නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි ප්‍රදේශයේ දේශනා පවත්වමින් ඔහු විසින් අනුදක්නා ලද ඉස්ලාම් අන්තවාදය පතුරවමින් සිටියේය

මේ කිසිවෙකුගේ සාක්ෂ්‍යක් නොව, සහරාන් හඳුන්වන කොමිසමේ ස්වාධීන මතයයි. සහරාන් වහාබ්වාදය පැතිරවීම දිගුකල් කල්ක්‍රියාවකි. එහෙයින් උපුටනයේ වැදගත් නිගමනය නම්සහරාන් මහමොලකරුවූ බවකොමිසම නිශ්චය කිරීමයි. මහ මොලකරුවෙකු වාර්තාවෙන් හෙළි නොවෙතැයි කාර්දිනල්තුමා, රජයේ / විපක්ෂයේ ප්‍රකාශකයින් පවසන්නේ, වාර්තාවේ මේ උදෘතය පරිස්සමින් නොකියවා යයි සිතේ. .

එහෙයින් මහමොලකරු ගැන මුල් ප්‍රශ්නයට පිළිතුර වන්නේනොදනීකියාය. නිසාම  සමහරු අන් අයටමහමොලකරු”, “දැනුවත්කරු,” “නියම මහමොලකරුආදී චෝදනා ඉදිරිපත් කරති. එය වත්මන් ජනාධිපතිට (ටැමිල් ගාර්ඩියන් 14-5-20, පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී එස්. ශ්‍රීධරන් උපුටමින්), හිටපු ජනාධිපතිට (කාදිනල්තුමා උපුටමින්) හා පොදුවේ සියල්ලන් විසින්ම අයිසිස් හා සම්බන්ධ මුස්ලිම් දේශපාලඥයින්ට චෝදනා එල්ලකෙරේ

සැනසීමකට මෙන් සරත් වීරසේකර ඇමතිතුමා මහමොලකරුවන් වන්නේ නෞෆර් හා හජ්ජු අක්බාර් නම් න්‍යායාචාර්යවරුන් සොයාගත් බව පවසයි.  ඉස්ලාම් ආගමික සංවිධානවල ප්‍රමුඛ ක්‍රියාකාරීන් වූ හෙයින් මෙසේ සොයාගැනුනේයි සිතිය හැකිය. ඔහු වාර්තාවට අනුගත වෙමින්, වික්‍රමසිංහයන්ගේ නිර්මාණයෙන් හමුදාව බේරා ගනියි.

පසුගිය ඉරිදා (18/4/21) කාදිනල්තුමා පැවසුවේඑදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය පාවිච්චි කරමින් තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගැනීමට වෙරදැරූ පිරිසක්කියායි.  එය පිලිගන්නේනම් රනිල් වික්‍රමසිංහයන් සමහරවිට පැවසීමට තැත්කරන හමුදා/ බුද්ධි සම්බන්ධතා හෝ වීරසේකර ඇමතිතුමා පවසන න්‍යායාචාර්ය සම්බන්ධය හෝ කොමිසම දැඩිව ඉදිරිපත් කරන වහබ්වාදී අන්තවාදීන්ට අමතරව තවත් ප්‍රහාරක කණ්ඩායමක් වේදිකා ගතවේ. එසේනම් අලුතින්ම මහමොළකරුවන් සෙවීමටද සිදුවේ. දේශපාලනය ගෑවෙන හෙයින් මෙම විමර්ශනය දේශපාලනඥයන්ගෙන් තොර කණ්ඩායමක් කළ යුතුවේ. නැවත මෙවන් ප්‍රහාරයක් නොවීම රාජ්‍යාරක්ෂාවට වැදගත් හෙයින් මෙය ඉක්මනින්ම සිදුවිය යුතුවේ.   මියැදුණු අන්තවාදීන්ට අමතරව තවත් අන්තවාදීන් සිටිය හැකි හෙයින් වීක්‍රමසිංහයින් පැවසූමොකද අනාගතයේදී ඒකම සිද්ධ වෙන්න පුළුවන් නිසා.” යන්න සිදු නොවියයුතු හෙයිනි.  

ප්‍රහාරයට අන්තර්ජාතික බන්ධන

ප්‍රහාරයට අන්තර්ජාතිකය සම්බන්ධ කිරීමට ප්‍රයත්නයන්ද දරා ඇත. ඒවා පිළිගතහොත් මහමොලකරු විදේශයක වුවද සිටිය හැකිය.  2021 පෙබරවාරි 21 දින ටැමිල් ගාර්ඩියන්හි වාර්තාවකින් බීබීසී සිංහල සේවය සහරාන් මහමොලකරු නොවෙතියිද, හිටපු පා... වෛද්‍ය නලින්ද ජයතිස්ස උපුටමින් ඉන්දියාව ප්‍රහාරයට ගාවන්නට ඉඟි කරයි. අනුව අන්තර්ජාතික බලවේග හෝ අන් සිද්ධීන් හෝ ප්‍රහාරයට හේතුවුවාද යන්න  විමසීමට පෙළඹේ. එහෙයින්, මෙම ප්‍රකාශයද දේශපාලන කලබැගෑනියකට විවරයක්ද  විය හැකිය. කෙසේවුවත්, එය මහමොලකරු සෙවීම තවත් සංකූල කරයි. එහෙයින්ම මේවා පරිස්සමින් සැලකිය යුත්වේ.    

අන්තර්ජාතිකය ප්‍රහාරයට ගෑවෙන පාස්කු ප්‍රහාරය ගැන විකල්ප අර්ථකථන කිහිපයකි.    

  • චීනයේබෙල්ට් ඇන්ඩ් රෝඩ්” (බීආර්අයි) ව්‍යාපෘතිය පාදකව ප්‍රහාරය ශ්‍රී ලංකාවේ සිදු කළබව පැවසේ. 2019 මාර්තු 13දා පකිස්තානයේ ග්වදාර්වල බීආර්අයි ව්‍යාපෘතියක දසදෙනෙකු මරාදැමීම, කරච්චියේ චීන කොන්සල් කාර්යාලයකටබලුකිස්තාන් ලිබරේෂන් ආමිප්‍රහාරය,   ඇෆ්ගනිස්තානය, නිකරගුවා, මියන්මාර්හි චීන ව්‍යාපෘති ආශ්‍රිතව විරෝධතා අනුව යමින් මේ ප්‍රහාරයපෝර්ට් සිටිව්‍යාපෘතියේ අස්ථාවරබව හෙලිකිරීමට යමෙකුට අවශ්‍යතාවයක් වීම
  • 2050දී චීනය ලෝකයේ වැඩිම ක්‍රිස්තියානි ලබ්ධිකයින් සිටින රට වෙතැයි අදහසකි. (එමැනුවෙල් පියෙට්‍රොබොන්ප්‍රව්ඩාහි). ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ චීනය සමග සම්බන්ධතා සාමාන්‍යකරණයට හා බීආර්අයි ව්‍යාපෘතියට ඉතාලිය බද්ධකිරීමට රාජ්‍ය තාන්ත්‍රිකව දක්වන උනන්දුවට ඍනප්‍රතිචාරවීමට.    
  • පිලිපීනඇමෙරිකා දිගු කාලීන යුදමය සම්බන්ධතා අතහැර 2016 දී චීනය දෙසට හැරෙන්නට තර්ජනයක් පිලිපීන ජනාධිපති දැක්වූවිට අයිසිස් ත්‍රස්තයෝ මරාවි නගරයේ ප්‍රහාරයක් කළහ. අයිසිස් ප්‍රභවයට/ වෘද්ධියට බලගතු ජාතීන්ගේ සබඳතා තිබුණි. (උද: ඇමෙරිකාව, ඊශ්‍රායලය, සවුදි අරාබිය, CIA ආයතනය). පිලිපීනයේ මෙන් අපටද වැඩිදියුණුවන  ශ්‍රී ලංකාචීන මිත්‍රත්වයන් නිසා වින්දිතයන් බවට පත්කිරීමේ අවශ්‍යතාවය.   
  • නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය ඉස්ලාම් භක්තිකයන්ට එරෙහිව නිසා ලංකාවේදී ක්‍රිස්තියානීන්ට එල්ල කළබව පැවසුනද (පිටු 151) , නවසීලන්තය මෙය ප්‍රතික්ෂේප කළාය. තවද, විස්තීර්ණව, සූක්ෂ්මව කළ පාස්කු ප්‍රහාරය  සිද්ධි දෙකේ කාල පරාස අන්තරය කෙටිහෙයින්ද  නොපිලිගැනුනි.   
  • අයිසිස් බලය ඉරාකයේ හා සිරියාවේ බෙලහීනවීම නිසා අන් කලාපයක බලය තහුවුරුවට 2012දී පමණ පෙළඹීම
  • තරු පහේ හෝටල් තෝරා බේරා ප්‍රහාරයට ලක්කිරීමද බටහිර වැසියන් හෝටල්වල ගැවසෙන නිසායි තර්කයකි.   
  • අයිසිස් ව්‍යාපාරය නිසා පුළුල් අනතුරකට අප කලාපය මුහුණපායි. කාශ්මීර හා පකිස්තානය අතරවිලෙයත් හින්ඩ්’, ඇෆ්ගනිස්තානය හා පකිස්තාන් මායිමේකොරසාන්’, බංග්ලාදේශයේජමාත් උල් මුජහිදීන් බංග්ලාදේශ්’, මියන්මාරයේඅරකන් රෝහින්ග්‍යා සැල්වේෂන් ආර්මිආදියද මීට සමානයි. ඇෆ්ගනිස්තානය අනාගතයේදී අයිසිස් මධ්‍යස්ථානයක් වේදැයි සමහරු සැක පහල කරති. ඉන්දියාව  හා පකිස්තානය හරහා අයිසිස් ප්‍රහාර සිදුවේද කියා සැකයකි. එහෙයින් මෙය කලාපීය සංසිද්ධියක එක් පුරුකක්ද?

මේනිසා පාස්කු ප්‍රහාරයට පසුබිම් අර්ථකතන සංකූලය. උදාහරණයකට චීන විරෝධයද, අයිසිස් බල ව්‍යාප්තියද, ඇමෙරිකානු හෝ ඉන්දියානු දේශපාලන බල ව්‍යාප්තියේ අතුරුපලයන්ද , ඔවුන්ගේ දේශීය ප්‍රතිපත්ති ආදී සංකූලතා ඇත. නිශ්චිත හේතු විශ්ලේෂණයක් මගින් මහමොලකරුද තීරණය වියයුතුය

නෞෆර්අක්බාර් මහමොලකරුවන්වීම        

සරත් වීරසේකර ඇමතිතුමන් වුවද න්‍යායාචාර්යවරුන්වූ නෞෆර් හා හජ්ජු අක්බාර් මහමොලකරු ලෙස තෝරාගත්තා (කලම්බුපේජ්-6-4-2021) මිස එය පාස්කු වාර්තා පදනමින් නොවේ.  එහෙත් මහමොළකරු සහරාන් යයි පැවසූ කොමිසම, ‘නිගමනපරිච්චේදයේදී එසේ සටහනක් නොකර, නෞෆර්ගේ  නම අන් නම් දොළහක් සමග වරක් පමණක් සදහන් කරයි. නිර්දේශ පරිච්චේදයේ වරක්වත් නෞෆර් නම සඳහන් නොවේ. 18 පරිච්චේදයේ නෞෆර් නම 28 වරක් ඇතත් මහමොලකරු බව නොපවසයි.

හජ්ජුල් අක්බාර් පාස්කු ප්‍රහාරයට නොව ඉස්ලාමීය රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කුමන්ත්‍රණයට එරෙහිව නීති මගින් කටයුතුකිරීමට කොමිසම නිර්දේශ කර ඇත. ඔහු ගැන වාර්තාවේ සඳහන් වන්නේ පරිච්චේද 3 (එකවරක්), 18 (18 වරක්), 31 (එකවරක්) පමණි. 18 පරිච්චේදය පුරාම පාස්කු ප්‍රහාරයට නොව ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය තුල අක්බාර්ගේ ක්‍රියාකාරකම් හා ඔහුගේ චින්තනය විස්තරාත්මකව පැවසේ. ප්‍රහාරයට ඔහුගේ ඍජු පුරුකක් සඳහන් නොවේ. ඔහු හැර අන් අයද මේ වහාබ්වාදී පරමාර්ථයෙන් ක්‍රියා කළ බවද 18 පරිච්චේදයෙන් හා අන් තැන්හි පෙනේ. එහෙත් ඔවුන් මහමොලකරුවන් ලෙස සහරාන් ගැන මෙන් කොමිසම වාර්තා නොකරයි. මෙවන් දෙදෙනෙකු මහමොලකරුවන් ලෙස ඇමතිවරයා ප්‍රකාශ කිරීමට ඉඩක් ඇත්තේ කොමිසමට හා ජනතාවට නොමැති අන් රහස්‍ය තොරතුරු එතුමාට ඇති නිසාවන්ට ඇත. නැතිනම් හිතළුවකි.

වාර්තාවේ 16 පරිච්චේදය ප්‍රහාරයට සම්බන්ධවූ සහරාන් හැර ප්‍රධාන චරිත දහයක් ව්‍යාපාරයට සම්බන්ධවූ අයුරු දක්වයි. ඉන් නෞෆර් සහරාන් කණ්ඩායමේ දෙවනියාද, න්‍යායාචාර්යද, ඉස්ලාමීය රාජ්‍යය පිලිබඳ ප්‍රමුඛ දේශක පුහුනුකරුවෙකුද වීය. ඉල්හාම් ශැන්ග්රිලා ප්‍රහාරයෙන් සහරාන් සමගින් මියගොස්ය. ජමීල් දෙහිවලදීද, හස්තුන් කටුවපිටියෙහිදීද, අසාද් මඩකලපුවේ සියොන් පල්ලියේදීද, මුබාරක් කින්ස්බෙරි හෝටලයේදීද මියගොස්ය. රිල්වාන්, ෂයිනි හා නියාස් සෛන්ත්මරුදු පිපිරීම්වලදී මිය ගොස්ය. නෞෆර් හා මිල්හාන් අත්අඩංගුවේය. එහෙයින් නෞෆර් හා කොමිසමෙන් අධිකරණයට  ගෙනයාමට නිර්දේශිත හජ්ජුල් අක්බාර් මහමොලකරු කිරීම පහසුවී ඇත.

වාර්තාවේ 7 පරිච්චේදයේ සහරාන්ගේ මුල් වකවානුව ගැන පවසයි. සහරාන් කාත්තන්කුඩියේදී  නවුෆර් මෞලවී හඳුනාගනී. (පිටු 79).වාර්තාවේම 225 පිටුවේත් 2004 දී ඔවුන් නැවත හමුවේ.  2009 වනවිට සහරාන් ජාතික තහුවිඩ් ජමාත් පිහිටුවාගෙන තිබුණි. වාර්තාවේ පිටු අංක 225 අනුව 2008 සිට 2016 දක්වාම නවුෆර් කටාර්වල සිටි හෙයින් සහරාන්ට අන්තවාදී හා අයිසිස් ත්‍රස්තවාදී පෝෂණය නෞෆර්ගෙන් ඍජුව ලැබීම  සැක සහිතයි. තවද මේ දෙපොළ 2009 වන විට විරසකද වුහ.  (81 පිටුව). සමහරවිට විරසකය රැවටීමක්දයි සැකයකි .

සහරාන් පාක්ෂිකයින් ගැන විමර්ශන හෝ පරීක්ෂණ නොකිරීම හා අක්‍රීයශීලීවූ ආරක්ෂක යාන්ත්‍රනය පාස්කු ප්‍රහාරයට පසුතලයෙන් බලපෑ ඇතිමුත්, කොමිසම යහපාලන යුගයේ අඩුපාඩු උලුප්පා දැක්වීය. බලධාරීන් දැක්වූ මුක්තභාවය නිසා සහරාන් ක්‍රමයෙන් බලවත්වීයයි උපගමනය කළ හැකිය. ඔහුගේ මැදිහත්වීම ඉස්ලාමීය මනස දැඩි පෝෂණයට ලක් කිරීමටද, සිංහල සංවිධාන, ප්‍රකාශන හා පුද්ගලයින්ට එරෙහිවීමටද ඉස්ලාමීයන්ව පොළඹවන්ට ඇත.  මේ සියල්ල 2019 අප්‍රේල් 21 දින සිද්ධියෙන් පමණක් පුපුරා ගියා සේ සැලකීමේ සාධාරණත්වය ප්‍රශ්නාභිමුඛය.

එමෙන්ම, වාර්තාවේ නවුෆර් මෞලව් සහරාන් හසුරුවන්නා නැත්නම් මහමොලකරු වීයයි නොකියවේ. සහරාන් හා මෞලව් කිට්ටු සම්බන්ධයක් තිබුණු බව සත්‍යයයි. ඔහු පුහුණු හා රැස්වීම් සංවිධානයට සම්බන්ධවූ බව පිටු 235න් පෙනේ. සමහර විට සහරාන්ගේ භාර්යාව හෝ අන් කිට්ටුවන්තයෙකු දුන් රහස්‍ය ප්‍රකාශ මත කොමිසම පෙරකී නිගමනයට ආවේයැයි සැක කළොත්, එය වාර්තාවේ නිගමන වලට ඇතුලත් නොකිරීමෙන් තොරතුරු ගවේෂණ අගය දියාරුකරයි.

මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්,  සහරාන් හා ඉතා කිට්ටුවෙන් සිටියේය. 229 පිටුව අනුවසහරාන්ගේ කණ්ඩායමේ ප්‍රධාන අරමුදල් සපයන්නෙකු වූ ඉල්හාම් සමග ඔහුගේ සහෝදර ඉන්ශාෆ් වීයලෙස සටහන්වී තිබේ. සිරියාවට මුදල් යැවීම ගැන දෙදෙනා සාකච්චා කළ බව පෙනෙන හෙයින්ද දෙදෙනා අතර හිතෛෂීභාවය නවුෆර්ට වඩා ආසන්නයයි සැක කළ හැකිය. මුදල් කතාකරන හෙයිනි!

පිටු 231 අනුව 2019 මුල් භාගය වනතුරුම සහරාන්ට අයිසිස් සංවිධානය සමග තිබු සම්බන්ධතා පුරුක අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ් බව වාර්තාව පවසයි. අයිසිස් බලපෑම නිසා ඔහුද සහරාන් මෙහෙයුමට ඉඩක් තිබේ.    සහරාන්ගේ පුහුණු කඳවුරුවලදී ආයුධ පුහුණුකිරීම් කළ හයාතු මෝහමදු අහමදු මිල්හාන් සහරාන්ගේ  කිට්ටුවරයෙකු වීය.  මේ විධියට බැලුවිට නවුෆර් හැර අන් කිහිපදෙනෙකුමත් සහරාන්ව මෙහෙයවීමට අවකාශයක් වීයයි සිතේ.          

අවසානය

පාස්කු ප්‍රහාරයේ මහමොලකරු නම්කිරීමට කාදිනල්තුමාත්, විපක්ෂයත්, මාධ්‍යයත්, පොදුවේ ජනතාවත් ඉල්ලීම් කරති. ජනාධිපති සිරිසේන කොමිසමට දුන් අධිකාරයේ අංක 9 මගින් සියලුම පාර්ශවකරුවන් සොයාගැනීමක් අපේක්ෂිත වුවද කොමිසම ඍජුව මහමොලකරු ගැන (402 පිටුවේ හැර) සඳහන් නොකරන නිසා, කොමිසම් වාර්තාවෙන් ප්‍රයෝජන ගෙන හෝ නොගෙන, මෙකී අංශ තෘප්තිමත් කිරීමටමහමොලකරුවෙකුකෙසේ හෝ අධිකරණයට ගෙන යායුතුයයන පීඩනයට බලධාරීන් ලක්වී ඇත්දැයි නොදනිමු

ඒෂියන් ට්‍රිබියුන්හි ලියමින් ලසඳ කුරුකුලසූරියනම් නොකරන ලද ඇමෙරිකන් තානාපති කාර්යාලීය නිලධාරියෙකු බදාදා පුවත් කලාවේදීන් කණ්ඩායමකට පවසා ඇතැයි වාර්තාවන්නේ දිවිනැසුණු ප්‍රහාරකින්ගේ දුරකථන එෆ් බී අයි විමර්ශකයින් විශ්ලේෂණයට භාරගෙන ඇති බවයිපවසයි. මෙය සත්‍ය නම්, විශ්ලේෂිත තොරතුරු විමර්ශකයින්ට නොලැබුනොත් ප්‍රහාරකයින්ගේ මහමොළකරුවන් හඳුනා ගැනීම කෙදිනකවත් සිදුනොවනු ඇත. සයිඩ් නක්වී නම් ඉන්දීය විචාරකයා පාස්කු ප්‍රහාරයෙන් පසු ඉකොනොමික් ටයිම්ස්හි පැවසුවේ ව්‍යසනයක් වූ විගසම බලවත් බුද්ධි අංශ සහායට පැමිණ, කලක් තිස්සේ උපදෙස්දී, අභ්‍යන්තරයට කිඳාබැස, ප්‍රතිපත්ති සැදීමට බලපාන බවයි. අපට අන්තර්ජාතිකයෙන් මෙය සිදුවීම නිසා මහ මොළකරුවන් සොයාගැනීමකඩාවැටීහෙවත්අලවීඇත්දැයි සැකයකි

බුද්ධි තොරතුරු කළමනාකරණය යනු කෛරාටික ක්‍රීඩාවකි! කොමිසමට මහමොලකරුවෙකු නිත්‍ය ලෙසම සොයාගැනීමට නොහැකිවූයේ මේ නිසාමදැයි දන්නේ දෙවියන් පමණි.  එමෙන්ම විදේශවලින් පැමිණ විමර්ශන පැවැත්වූ සියලුම බුද්ධි ආයතන හා මුල්වූ රටවලට (අමෙරිකාව, ඊශ්‍රායලය, ඉන්දියාව, බ්‍රිතාන්‍ය) අයිසිස් හා ඉස්ලාමීය ත්‍රස්තවාදය සමග ඔවුන්ගේ රටවල ගැටළු තිබුණු හෙයින්, අප මහමොලකරුවන් සෙවීමට වඩා ඔවුන්ගේ දත්ත පදනම ශක්තිමත් කරගැනීමේ ආත්මාර්ථකාමී අභිලාෂයෙන් ක්‍රියාකළා නිසැකය. මොවුන්ට අයිසිස් සමග බුද්ධි ගනුදෙනුද තිබුණු බව දනිමු

කෙසේවුවද, වික්‍රමසිංහයන්, වීරසේකර ඇමතිතුමන්, කොමිසම, හා දැන් කාදිනල්තුමන් කරන නිරාවරණයන්, පිළිවෙලින් හමුදාඅන්තවාදීන්, වහාබ්වාදීන්, දුබල ආරක්ෂක පිලිවෙත් හා දේශපාලනඥයින්ගේ බල තන්හාව පාදකව මහමොලකරුවන් සෙවීමට රජය පොළඹවයි. මේ තත්ත්වය සියලුම බලධාරින් අසීරුවට පත්කරයි. ඔවුන්ගේ ප්‍රකාශ පරස්පර කරයි. විශේෂයෙන්ම කාදිනල්තුමාගේ ඉරිදා ප්‍රකාශය බලතන්හාධික සියලු දෙශපාලනඥයින් අසීරුවට පත්කරයි. දේශපාලනඥයින් ගෑවුණු පසු නියම මහමොලකරුවන් සොයාගැනීම පිළිබඳව විශ්වාසයක් තබා ගැනීමට කිසිවෙකු ඔට්ටු නොඅල්ලනු ඇත. බලධාරීන් මහමොලකරුවන් කිරීමට විමර්ශකයින් බිය හෙයිනි. යම්හෙයකින් එවන් මහමොලකරුවෙකු සමුවුනොත් එය බොහෝවිට අවතාරයක් ලෙසින් පමණි.   

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    රාජපක්ෂලාගේ පාස්කු ප්‍රහාරය ගැන මම මෙතනම කලින් තිබ්බ වරාය කොමිසම ගැන ලිපියට ලිව්වා.
    වෙසක් දෙවෙනි දවසේ දළදා මාලිගාවට පහර දෙන්න හිටපු එක තමයි දිනේ වෙනස් වෙලා පාස්කු ප්‍රහාරයක් වුනේ.
    දිනේ වෙනස් කරන්න හේතුව රාජපක්ෂලාට සිරිසේන ජනාධිපතිවරයාගේ පුතා දහම් සිරිසේනගේ වෙඩින් එක මැයි මාසේ 9 හෝ 13 හෝටලයේ ගන්න එක නවත්වන්න ඕනේ වුන නිසා. ඒක හින්ද 2019 මැයි 19 වෙනි ඉරිදා වෙසක් දෙවෙනි දවසේ කරන්න සැලසුම් කරලා තිබ්බ දළදා මාලිගාව ප්‍රහාරය සහ ඊට පස්සේ සිංහල මුස්ලිම් මහා ජාතිවාදී කෝලාහලයක් ඇති කරලා මහා සංඝ රත්නයද ඇතුළුව සිංහල බෞද්ධ ජන සංහාරයක් කරන්න හිටපු සැලසුම ව්‍යවර්ථ වුනා.

    • 1
      0

      හැමදාම කියනව වගේ ලංකාව ආරක්ෂා කරන නොපෙනෙන බලවේග තියෙනවා. ඒ හින්ද දළදා මාලිගාවට පහර දෙන්න හදපු අවස්ථා තුනම වැලකුනා.; එක, රෝහණ විජේවීර, දෙක, ප්‍රභාකරන්, තුන, රාජපක්ෂලා සහරාන් ලව්වා. දළදා මාලිගාවට පහර දුන්නොත් සිංහල බෞද්ධයන්ගේ හිත කම්පා වෙනවා විතරක් නෙමෙයි ඔවුන්ට දළදා වහන්සේ ගැන තියෙන විශ්වාසයත් නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි දළදා මාලිගාවට කරන්න හිතන ප්‍රහාරයන් වලක්වන්න හේතුව ඊට පස්සේ මහා ලේ වැගිරීමක් සිද්ද වෙන නිසා. දළදා වහන්සේගේ මහා බලයක් තියෙනව. කවුරුවත් කියල නෙමෙයි. පුද්ගලික අත්දැකීමකින් දන්නවා.
      අපේ සිංහල මුතුන් මිත්තෝ දළදා වහන්සේ දිවි හිමියෙන් ආරක්ෂා කළා. ඔවුන් ඒ වෙනුවෙන් විවිධ උපක්‍රම යෙදුවා. දළදා වහන්සේගේ ඩුප්ලිකේට් හැදුවා.
      කන්ද උඩරැටියන් ඉංග්‍රීසින්ට රට පාවලා දුන්නට, අපේ සිංහල මුතුන් මිත්තෝ ඉංග්‍රීසින්ට දළදා වහන්සේ දුන්නේ නැහැ. දුන්නේ ඩුප්ලිකේට් එක. සමහර විට දැකලා ඇති කළු සුදු පින්තූරයක් දළදා වහන්සේ කියලා පෙන්වන. සිංහල බෞද්ධයන්ට විරුද්ධ, බුදු දහමට ගරහන සමහරු ඒක දැකලා තමයි කියන්න ගත්තේ දළදා වහන්සේ කියල වඳින්නේ ඌරු දතකට, වඳුරු දතකට, නැත්නම් මීහරක් දතකට කියල. හැබැයි, ඒ කතාව ඇත්ත. ඒ මොකොද කිව්වා නම් ඒ පින්තූරේ තියෙන්නේ අපේ සිංහල මුතුන් මිත්තෝ ඉංග්‍රීසින්ට දුන්නු ඩුප්ලිකේට් එක.
      සිංහල බෞද්ධයන් මහනුවර දළදා මාලිගාවට ගිහින් වඳින්නේ උතුම් දළදා වහන්සේ සිහිපත් කරගෙන. ඒ හින්ද සැකයක් තියා ගන්න එපා දළදා වහන්සේගේ බලය ගැන. අනාගතේ ඇත්තටම දකින්නත් ඉඩ තියෙනවා.

  • 0
    0

    වරාය නගරය වෙනම රටක් කිරීමේ පනත ගැන ආපහු කතා කරන්න හිතුව.
    එහා පැත්තේ ඉංග්‍රීසි පැත්තට ලිව්වා වගේ පැහැදිලිවම. චීනය, රාජපක්ෂලාට විතරක් නෙමෙයි, කැබිනට් ඇමතිවරුන්ටත් අල්ලස් දීල තියෙනව වරාය නගරය පනත සම්මත කරගන්න. ඔවුන්ට විතරක් නෙමෙයි තව විවිධ පුද්ගලයන්ට ව්‍යාපාරිකයන්ටත් අල්ලස් දීල බව පේනවා.
    නිසැකවම චීනය ත්‍රෛනිකායික ඉහල පෙලේ කහ සිවුරු හාමුදුරුවරු ඉන්න “පන්සල් වලටත්” අල්ලස් දීල තියෙනව. වාසනාවට ඒ හාමුරුවරු වගේ නෙමෙයි මුදලට වඩා තමන්ගේ මව්බිම වටින සැබෑ හාමුදුරුවරු වෙනද වගේම රටට එරෙහි බලවේග වලට විරුද්ධව අභිතව නැගී හිටලා තියෙනව. ඒ ගැන කතාවෙන් නෙමෙයි ක්‍රියාවෙන්ම විරුද්ධ වෙලා තියෙනවා.

    • 0
      0

      රාජපක්ෂ ද්‍රෝහීන් හොඳට සැලසුම් කරලා අප්‍රේල් අවුරුදු නිවාඩුව අල්ලලා වැඩ කරන දිනයක් දෙකක් විතරක් ඉතුරු කරලා වරාය පනත ගෙනාව. එහෙම නැතුව තව එක දවසක් දෙකක් තිබුන නම්, වරාය නගරය වෙනම රටක් කිරීමේ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 100කට වඩා විභාග කරන්න වෙනවා.
      ජී.එල්. පීරිස් කියනව මේ පනතට කැබිනට් එක අනුමැති දීල ඉවරලු. කවද? ඇයි කැබිනට් ප්‍රකාශක ඒ බව කිව්වේ නැත්තේ? හේතුව චීනෙන් අල්ලස් අරගෙන.
      ඊළඟට ජී.එල්. කිව්වා නීතිපතිත් අනුමැතිය දුන්නලු? කවදද? පහුගිය දවස්වල ගිරව වගේ කතා කරපු නීතිපති දෙපාර්තුමේන්තුව ඇයි වරාය පනත අධ්‍යයනය කරපු බව හෝ අනුමැතිය දුන්නු බව හැංගුවේ? ඇහැපිය ගසන සැනින් සහ රහසිගතව අනුමැතිය දීමෙන් පෙනී යන්නේ පැහැදිලිවම චීනෙන් අල්ලස් අරගෙන බවයි.
      ඊළඟට ජී.එල්. ත්‍රෛනිකායික මහනාහිමිවරු හම්බ වෙන්න ගිහාම, අනුනායක හාමුදුරුවරු වරාය නගරය වෙනම රටක් කරලා හෝ දැඩි තීරණ අරගෙන ක්‍රියා කරන්න කියලා රාජපක්ෂලාට ඉහලින්ම ආශීර්වාද කළා (වෙනත් වචන වලින්). තමන්ගේ රටට එරෙහි පනතකට ආශීර්වාද කරන්න පුළුවන් මොන හාමුදුරුවන්ටද? පැහැදිලිවම චීනෙන් අල්ලස් අරගෙන.
      ඉතුරු වෙලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විතරයි. ශ්‍රේෂ්ඨාධිකරණය කළුද සුදුද කියලා බලන්න වෙන්නේ වරාය පනත ගැන තීන්දුවෙන්.

  • 0
    0

    කෝ මම 21 මෙතනට අජිත් නිවාඩ කබ්රාල් ගැන දාපු කොමෙන්ට් එක?
    මම ලිව්වේ මේක.
    .
    මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළඳපොල ඇමති අජිත් නිවාඩ් කබ්රාල් කියනව එයාගේ පුතා 2016 ඉඳන් පෝට් සිටියේ වැඩලු. හැබැයි කබ්රාල් තමයි ආණ්ඩුව වෙනුවෙන් පෝට් සිටි වෙනම රාජ්‍යය සාධාරණීය කරන්නෙත්.
    දැන් කබ්රාල් කවදාවත් අහලා තියෙනවද දන්නේ නැහැ නේද Conflict of Interest කියලා කතාවක්.
    රාජපක්ෂලා වෙනුවෙන් සමහරු “පෝට් සිටි කොමිෂන් පනත” හෙවත් “පෝට් සිටි වෙනම රාජ්‍යයේ ව්‍යවස්ථාව” ගැන කරන බොළඳ තර්ක ඇහැව්වහම හිතෙනවා ඒගොල්ලන්ගේ ආචාර්ය උපාධි වලට ලිව්වේ ඒගොල්ලොමද නැත්නම් වෙන කවුරු හරිද කියලා.
    කාටවත් පේනවද දන්නේ නැහැ නේද ශ්‍රේෂ්ඨාධිකරණයටත් නිකම් පොඩි අමුතු හදිස්සියක් වගේ තියෙනවා කියල නේද?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.