
බන්ධුල චන්ද්‍රසේකර –
43 සේනාංකය වෙනුවෙන්, “කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම” පණත් කෙටුම්පතට එරෙහිව මමත් පසුගිය 15 දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළෙමි. නීතිඥ ශිරාල් ලක්තිලක ඒ සඳහා අදාල නීති කටයුතු සිදු කළේය. දැන්, පෙත්සම් 16 ක් උසාවියට ඉදිරිපත්වී ඇති අතර, එම පෙත්සම් හෙට දින ( අප්‍රේල් 19 දා) පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය. අදාල ගැසට් නිවේදනය නිකුත් වූ විගස, ඒ පිළිබඳව හදාරා මාධ්‍යය වෙත කරුණු ඉදිරිපත් කිරීමට නීතිඥ ශිරාල් ලක්තිලක ඉදිරිපත් විය. ඔහු, 43 සේනාංකයට අනුබද්ධිත ජාතික නීතී ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වෙනුවෙන් රට ඉදිරියේ එම කරුණු පළමුවෙන්ම අනාවරණය කළේය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම පටහැනිව අදාළ පණත් කෙටුම්පත සකසා ඇති බැව් ඔහුගේ මුලිකම තර්කය විය. එම මුළු කරුණු ඉදිරිපත් කිරීම, 43 සේනාංකයේ වෙබ් අඩවියෙන් සහ මුහුණු පොතෙන් බලාගත හැක.
මහාචාර්ය රොහාන් සමරජීව, විදේශ ආයෝජන ආකර්ශණය කරගැනීමේ අරමුණින් පිහිට වූ වරාය නගරය පිහිටුවීම ප්‍රතිපත්ති වශයෙන් පිළිගත්ත ද මෙම යෝජිත පණත මඟින් පිහිටුවනු ලබන කොමිෂම ගැන ගැටළු ගණනාවක් මතු කර තිබිණ. විශේෂයෙන්, ආයෝජකයෙකුට පහසුකම් සැළසෙන වඩා යහපත් පරිසරයක් රටේ සාමාන්‍ය නීතිය තුළම ඇති විය යුතු බවට තර්කයක් ඔහු විසින් ගෙනෙන ලදී. ඒ අතින් අපේ රටේ පාලනය ආසාර්ථක වී ඇති බවත් එය යහපත් කිරීම දේශපාලඥන් අභියෝගයක් ලෙස බාරගත යුතු බවත් ඔහු කීවේය. යෝජිත පණත් කෙටුම්පත මඟින්, රටේ පිළිගත් නිතියෙන් වියුක්තව ලබා දෙනු ලබන සහන කිසිදු කාලසීමාවකට යටත් නොකෙට අසීමිත නිදහසක් මත ලබා දීමෙන් රටට සැබවින්ම ආර්ථික වාසියක් ඇති වේද? යන වැදගත් ප්‍රශ්ණය මතුකොට තිබිණ. මේ අනුව, තවත් සාකච්ඡා ගණනාවක් මේ පිළිබඳව පසුව ප්‍රධාන මාධ්‍යය තුළත් සමාජ මාධ්‍යය තුළත් ඇති විය.
ඒ බොහෝ කතාවලින් කියවූණේ, විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට මෙවැනි විශේෂ ආර්ථික හා වානිජ කලාප ලෝකයේ විවිධ රටවල ඇති කිරීම අලුත් දෙයක් නොවන බවය. එවැනි කලාපවලට පමණක් සිමා වූ නීති රීතී හා පාලන ව්‍යුවහයන් ඇති කිරීමද අලුත් සංකල්පයක් නොවන බැව් අවධාරණය විය. එනමුත්, මෙම යෝජිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම සඳහා වූ යෝජනාව ජනාධිපතිගේ බලතලවලට හා ඔහු විසින් පත්කරන පුද්ගලයන් 5-7 කොමිෂමක් මඟින් පමණක් පාලනය කිරීම, රටේ වැදගත් මුල්‍ය, බදු. සංවර්ධන හා පරිසර ආරක්ෂණ, අධිකරණමය අණ පණත් මෙම කලාපය තුළ ක්‍රියාත්මක නොවීම එහි විනිවිදභාවය පිළිබඳ විශාල ගැටළුවක් මතුකොට තිබේ. පාර්ලිමේන්තුවට තියා ප්‍රාදේශීය සභාවකටවත් වගනොකියන අනීතිකභාවයක් පිළිබඳ කරුණු ගණනාවක් මෙමඟින් මතුකොට ඇති බැවින් එම නීතිමය කරුණු පිළිබඳ වාද විවාදයන් හෙටින් ආරම්භවන අධිකරණමය විභාගයේදී සංවාදයට ගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
ඊයේ දින, මේ පිළිබඳව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමාජ මාධ්‍යය වෙත මුදා හැර ඇති සාකච්ඡාව ද ඉතා වැදගත්ය. පසුගිය යහපාලන ආණ්ඩුවේ වරාය නගර සංවර්ධනය විෂය බාර ඇමතිවරයා ලෙස අනාවරණය නොවූ කරුණු රැසක් ඉන් අනාවරණය වී ඇත. වරාය නගර ව්‍යාපෘති සංකල්පයේ සිට එය මුහුණදුන් අභියෝග, එහි ඉදිරි පැවැත්ම සහ පසුගිය ආණ්ඩුවේ පැවැති එහි පරිපාලන සැළසුම් එමඟින් හෙළිදරව් කර තිබේ. එම සැළසුම්, අත්තනෝමතික ලෙස වෙනස් කරමින් අද යෝජනා කර ඇති කොමිසම කෙතරම් දේශද්‍රෝහී, පුරවැසි අයිතියට නිගා දෙන ක්‍රියාවක් ද යන්න වැටහේ.
එමෙන්ම, මෙහි නීතිමය පසුබිම පසෙක තිබියදී එම ව්‍යාපෘතිය පිළිබඳ දේශපාලන ආර්ථික සංවාදයක් ද දැණ් මතුව තිබේ. යෝජිත කෙටුම්පතට එරෙහිව ඇති වී ඇති උණුසුම් සංවාදයට පිළිතුරු දෙන ආණ්ඩුවේ මුදල් රාජ්‍ය ඇමතිවරයාට අනුව නම් මෙම ව්‍යාපෘතිය මේ රටේ ආර්ථිකයේ විප්ලවීය හැරවුම් ලක්ෂයකි. ඊට බාධා කරන්නන් කඩාකප්පල්කාරයින්ය. ඔහුට දිය යුතු පිළිතුරු බොහෝමයක් චම්පික රණවකයන් දී ඇත.
එහෙත් අප මිත්‍ර දේශපාලන විචාරකයෙකු වූ දීප්ති ගුණරත්නයන් වැදගත් කරුණක් සංවාදයට යොමු කළේය. ඔහුට අනුව, චීන ආයෝජන මත සිදුවන මෙම කොළඹ වරාය නගර ව්‍යපෘතිය මේ රටේ ඉදිරි දේශපාලන ආර්ථිකය තීන්දුකරන බලවත් සාධකයක් බැව් කියයි. ඒ අනුව, චීන ආයෝජන හා සංවර්ධන සැළසුම් සමඟ ආර්ථිකය ගොඩනැඟීමත් ඒ සඳහා වූ දේශපාලන කළමණාකරනය කිරීමත් ඉදිරි දේශපාලනයේ වැදගත් සාධකයක් බැව් ඔහු තවදුරටත් කියයි. එපමණක් නොව, රටේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේදී මෙම චීන ආයෝජන සමඟ සිදුවන සහසම්බන්ධය වැදගත් විය හැකි බැව් ද උපකල්පනය කෙරේ. ඇත්තෙන්ම, අද ලෝකයේ දැවැන්ත ද්‍රව්‍යශීලී ප්‍රාග්ධනයක් සහිත, කලාපයේ පමණක් නොව ලෝක බලවතෙක්ව සිටින චීනය ගැන එසේ සිතීම වරදක් යැයි මම නොසිතමි. දීප්තිගේ මෙම විග්‍රහයට පිළිතුරු ලියන ශිරාල් ලක්තිලකයන් තම විග්‍රහය සිදුකරනුයේ යෝජිත වරාය නගර කොමිෂම හා සම්බන්ධකර ගැනීමෙනි. වල් බූරු නිදහසක් ඇති ආයෝජන කලාපයකින් රටට වාසි දායක ආර්ථික වර්ධනයක් ලබා ගත නොහැකි බැව් ශිරාල් අවධාරණය කරයි. හිඟන්නන්ට උණු බත් ඉල්ලන්නට අයිතියක් නැති වුවත් ප්‍රාග්ධන අතිරික්තයේ ආකර්ශණ බව ඇස්වසා ගෙන පිළිගත යුතු නැතැයි ඔහුගේ මුලික තර්කයයි. එය මූල්‍යමය වාසියට වඩා සමාජ දේශපාලන පරිහානියකට මුළ පිරීමක් යැයි කියයි.
ඇත්තෙන්ම, අද චීනයේ ගමන් මග ගැන අප ගැඹුරින් සිතා බලා ඇත් ද? ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් හිමි චීනයේ වර්තමාන පාලනය විසින් හඳුන්වා දී ඇති “එක් මාවතක් එක් තීරුවක්” වූ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඔවුන් ස්ථිරසාර දේශපාලන- ආර්ථික ගමන් මඟකට අවතීර්ණ වී සිටින්නේ ජාතියක් වශයෙන් ඔවුන්ගේ අභියෝග ජය ගැනීමට බැව් අප පළමුව තේරුම් ගත යුතුව තිබේ. කලාපයේ භූ-දේශපාලන පිහිටීම අනුව, ලංකාවට විශේෂ ස්ථානයක් හිමිව ඇති බැව් ද, ඒ නිසාම චීනය, තම ජාත්‍යන්තර සංකල්පයට අනුව අපව උපායශීලීව ග්‍රහණය කරගැනීම යථාර්තයක් විය හැකි බැව් ද අප තේරුම් ගත යුතුව තිබේ. ඒ අර්ථයෙන් රටක් වශයෙන් ඉතා සමබරව එම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට අපට හැකිද? නමුත්, අද සිදුවෙමින් ඇත්තේ කුමක්ද? මෙය දිගු සංවාදයකි. එහෙත්…….
දුර්වල ආර්ථිකයක් හිමි, පිරිහුණු දේශපාලන සදාචාරයක් සහිත කුඩා දිවයිනක් ලෙස අපට තිබිය හැකි අවස්ථා බොහෝ සීමාවන්ට ලක් වී තිබේ. විශේෂයෙන්, එක් පවුල් පාලනයක් යටතේ මිථ්‍යා දෘෂ්ඨික වහල්භාවයට පත්ව ඇති බහුතර ජනතාවක් වෙසෙන රටක අනීතික පදනම් මත ගොඩනඟන මෙවන් ආර්ථික කලාප පිහිටුවීම ම විශ්මයක් නොවුන ද බියජනක අනාගතයකට අත වැනීමකි. දීප්ති, මෙම අවස්ථාවේ නඟන වැදගත් දේශපාලන ප්‍රවාදය ඇත්තෙන්ම වාසිදායකවන්නේ, රටක් වශයෙන් චීනයේ සැළසුමෙන් අවස්ථානෝචිතව ප්‍රයෝජනය ගැනීමේ දේශපාලන- ආර්ථික උපාය මාර්ගයක් සාකච්ඡා කිරීමට වඩා, මෙම අනීතික සැළසුම් මඟින් ඇටවෙන රාජපක්ෂ රෙජීමේ වස්තු හා බල තණ්හාවට පිටුබලයක් ලබාදීමය. චීනය තම ව්‍යාපෘතිය ලෝක පරිමාණයෙන් අලෙවි කිරීමේදී, තම සම්ප්‍රදායික වටිනාකම් හා සිරිත් විරිත් මැනවින් යොදා ගනී. රාජ්‍ය පාලකයාගේ සිට දේශපාලඥයාගේ, රාජ්‍ය නිලධාරියාගේ, තීරණ- තීන්දු ගන්න අවශේෂ විශේෂඥයාගේ මෙන්ම ප්‍රාදේශීය ජනතා නියෝජිතයාගේ ද පසිදුරන් මැනවින් සංතර්පණය කිරීමට චීන බලධරයෝ ක්‍රියාකරන්නේ ඒ සංස්කෘතික සදාචාරයටය. ගැටුමකින් තොරවම තම අදහස අලෙවි කරගැනීමේ චීනුන්ගේ ආගමත් අධ්‍යාත්මයත් එය ය. වෛද්‍ය අජිත් අමරසිංහ විසින් රචිත, “ලක් ඉතිහාසයෙන් වසන් වූ චීන මෙහෙයුම්” කියවන පාඨකයෙකුට පුරාතණ සිට පැවැත එන ඒ අධ්‍යාත්මය මැනවින් අවබෝධ කරගත හැක. ඉතිහාසයේ වෙළදාමේ යෙදුනු චීන නාවික බල ඇණි මෙන්ම චීන අධිරාජයන්ද යොදාගත්තේ හැකි තාක් ගැටුමින් තොර සිත් සතන් තුටු කරවන පංච ඉන්ද්‍රියන් සංතර්පනයම ය. එහෙත්, රාජපක්ෂවරු එපමණකින් ද සෑහීමකට පත්ව නැත. ඔවුහු, චීන සරණ යෑමෙන් පමණක් පරම්පරා ගණනක් ජීවත්විය හැකි මහා ධනස්කන්ධයක් කොල්ලකෑමටත් සන්තෝෂම් ලබාගැනීමටත් ක්‍රියා කිරීමෙන් පසිදුරන්ට අමතරව තවත් කෙලෙස් මුවදොරක් විවෘත කරගෙන ඇත.
බලවත් චීනයට ඉඩ දීමෙන් ලෝක බලවතුන්ගේ අවධානයට මෙන්ම අපේ සමීපස්ථම රටවන ඉන්දියාවේ සැකයට පාත්‍රවීම අද අප අත්දකිති. එය වෙනමම කතා කළ යුතු මාතෘකාවකි. එහෙත්, චීන ණය ආධාර යටතේ චීන සමාගමක් ඉදිකරණ වරාය නගරයට, ව්‍යවස්ථා විරෝධි කොමිසම් පාලනයක් ගෙන ඒමෙන් සිදු කරන්නේ ජාත්‍යන්තර ආයෝජනයන්ට බාධාවකික් තොරව දොරටු විවෘත කිරීමකට වඩා, රටේ ඒකීයභාවයත්, ස්වාධිපත්‍යයත්, භෞමික අඛන්ඩතාවයත් ලංන්සුවට තබා රාජපක්ෂ පවුල් පාලනයට දුෂණයේ යෙදීමට ජාත්‍යන්තර භූමි භාගයක් හොර ඔප්පුවකින් ලියා දීම හා සමාන ක්‍රියාවකි. අද සටන 2024 චීනය සමහන් කළ හැකි පාලකයෙක් සොයා ගැනීම නොව මෙම ඒ ලීවීමට මාන බලන හොර ඔප්පුව ජනතා සටනකින් ඉරා කීතූ කීතූ කිරීමය. මම ශිරාල් සමග 43 සේනාංකය වෙනුවෙන් උසාවියට යන්නේ එහි පළමු පියවර ලෙසය. අන් බොහෝ දෙනා ද ඒ සටනේ සටන් සගයන් විය හැකිය.
Champa / April 19, 2021
හරිම පිළිකුල් මල්වතු අස්ගිරි හාමුදුරුවරු සිංහල බෞද්ධයන් මර්දනය කරන්න කියලා ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීම.
“මේක එහෙම නැතුව නැවෙන්න ගියොත් හරි යන්නේ නැහැලු.” “දැඩි තීරණ ගන්නලු”. මොකක්ද මේ කියන්නේ? මේ හාමුදුරුවරු ගෝඨාභයට කියනව සිංහල බෞද්ධයන් මර්දනය කරපන්ලු. සිංහල බෞද්ධ මතය නොසලකා හැරපන්ලු. හිට්ලර් කළා වගේ තර්ජනය කරපන්, මර්දනය කරපන්, නැත්නම් මරපන් කියලා මේ කියන්නේ.
මෑත ඉතිහාසය ගත්තොත් මල්වතු අස්ගිරි හාමුදුරුවරු කවදාවත් සිංහල බෞද්ධ බහුතර මතය එක්ක හිටියේ නැහැ. හැම තිස්සෙම හිටියේ පාලකයන්ගේ පැත්තේ. දැන් විතරක් නෙමෙයි වහල් ආණ්ඩුව කාලෙත් මෙහෙමයි.
වහල් ආණ්ඩුව කාලෙත් ගත්තේ ඒ ආණ්ඩුව පැත්ත.
1) 2017 වහල් ආණ්ඩුව වෙසක් තොරණ වෙසක් කූඩු දන්සැල් තහනම් කළා. හේතුව මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ බලපෑම. මේකට සිංහල බෞද්ධ විරෝධයක් එනකොට වහල් ආණ්ඩුව කිව්වා මල්වතු අස්ගිරි හාමුදුරුවරුන්ගේ අවසර ගත්තලු.
2) ඊළඟට වහල් ආණ්ඩුව 2018 අවුරුද්දේ වෙසක් පෝය වෙනස් කළා අප්‍රේල් අග අධි පෝයට. ඊට පස්සේ මැයි වෙසක් සමරන එක තහනම් කරලා වෙසක් පෝයට ලංකාවම අඳුරේ තිබ්බ. ඒකටත් සිංහල බෞද්ධයෝ විරුද්ධ වෙනකොට වහල් ආණ්ඩුවේ බුද්ධ සාසන ඇමති කිව්වා මැයි වෙසක් පෝය අප්‍රේල් වලට වෙනස් කලේ මල්වතු අස්ගිරි හාමුදුරුවන්ගේ අනුමැතිය ඇතුව කියලා. පස්සේ බලන කොට මැයි වෙසක් පෝය අප්‍රේල් වලට අදින්න හේතුව වෙසක් දවස රාමසාන් මැදට වැටිලා තියෙන නිසා. එතකොට මල්වතු අස්ගිරි හාමුදුරුවන්ගේ අනුමැතිය සහ ආශිර්වාදය ලැබිලා තියෙන්නේ සිංහල බෞද්ධයන්ට එරෙහිව.
3) ඊළඟට මල්වතු අස්ගිරි හාමුදුරුවරු සිංහල බෞද්ධ බහුතර ජනතාවගේ අනුමැතියක් නැතුව, හිතුමතේට, මුල් පිටපත දකින්නේවත් නැතුව වහල් ආණ්ඩුව ලව්වා ත්‍රිපිටකය ලෝක උරුමයක් කළා.
1/3
/
Champa / April 19, 2021
2/3
.
4) ඊළඟට වහල් ආණ්ඩුව ගෙනාපු ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව මල්වතු අස්ගීරි හාමුදුරුවන්ගෙන් ප්‍රකාශයක් ගන්න සිංහල බෞද්ධයන්ට සෑහෙන සටනක් කරන්න වුනා. හේතුව පොහොට්ටුවත් ෆෙඩරල් ව්‍යවස්ථාවට එකඟ නිසා. අන්තිමට රනිල් ඔක්තෝබර් 29 ඉඳන් නොවැම්බර් 2 වෙනකම් ෆෙඩරල් ව්‍යවස්ථාවේ කෙටුම්පත් 6 විවාදෙට ගන්න කොට මල්වතු අස්ගිරි මහනායක හාමුදුරුවරු මඟ ඇරලා ලන්ඩන් චාරිකාවකට ගියා. ඒකට වියදම් කලේ වහල් ආණ්ඩුවද පොහොට්ටුවද මම හරියට දන්නේ නැහැ. වාසනාවට සිරිසේන ජනාධිපති සිංහල බෞද්ධ බහුතර ඉල්ලීමට කන් දීල කෙටුම්පත් 6 ගැන චන්දයක් තියන්න එපා කිව්වා. රනිල් එකඟ වෙලා තිබුනා.
මේවා ලියන්නේ මතකෙන්. මල්වතු අස්ගිරි හාමුදුරුවරු සිංහල බෞද්ධ බහුතරය මතයට එරෙහිව පාලකයන්ගේ පැත්ත අරන් කරපු පාවාදීම් වලට අපේ හදවත් වල ඇති කරපු තුවාල වල වේදනාව තවම දැනෙනවා.
5) ඊට පස්සේ වහල් ආණ්ඩුව අත ඇරලා ගෝඨාභයව අල්ල ගත්ත.
සිංහල බෞද්ධ රට පාලනය කරන්න අස්ගිරි පාර්ශවය හිට්ලර් කෙනෙක් ඕනේ කිව්වා. මල්වතු පාර්ශවය යමරජු ඉල්ලුව. මෙහෙම කියලා සිංහල බෞද්ධ ලංකාව ලෝකයා ඉදිරියේ අවමානයට ලක් කළා. දෙකටම ගැලපෙන්න ගෝඨාභයව තෝරා ගත්ත කිව්වා.
හැබැයි එදා කිව්වේ රටේ අපරාධ අඩු කරන්න හිට්ලර් ඕනේ කියලා. අපරාධ අඩු වුනාද? එදාටත් වැඩි වැඩියෙන්, මහා දරුණු අපරාධ අද සිද්ධ වෙනවා.
හැබැයි ඒ ගැන කතාවක් නැහැ. දැන් හිට්ලර්ට කියනව දැඩි වෙයන්ලු. දැන් කියන්නේ සිංහල බෞද්ධයන් මර්දනය කරන්න හිට්ලර් වගේ වෙයන් කියල. මොකටද? චීනට රට පාවා දෙන්න. මල්වතු පාර්ශවය කියනවා “මොකක් හරි කරලා මේක ගොඩ ගන්න ඕනෑලු”. ඒ කියන්නේ රට පාවා දීල හරි කමක් නැහැ උඹලා (රාජපක්ෂලා) ගොඩ පලයල්ලා කියලා.
/
Champa / April 19, 2021
3/3
කන්ද උඩරටට තියෙන්නේ පාවා දීම් වලින් කිළුටු වෙච්ච ඉතිහාසයක්.
ඒ හින්ද මල්වතු අස්ගිරි පාර්ශ්ව රාජපක්ෂලාගේ පාවා දීම් වලට, රටේ ස්වාධිනත්වයට සහ රාජ්‍ය ආරක්ෂාවට බරපතල අභියෝගයක් වෙන වරාය නගරය හරහා කරන පාවා දීමට, ආශීර්වාද කරන එක පුදුමයක් නෙමෙයි.
මම මේ දවස්වල හොයනවා බුදුරජාණන් වහන්සේ ලංකාව පුරාම වැඩම කළා, ඇයි මහනුවරට වැඩම කලේ නැත්තේ ඇයි කියලා. හේතුව; කන්ද උඩරට යක්ඛ රාජධානියක් නොවීමද? අනාගතයේ පාවාදීම් සිද්ධ වෙන බව දන්නා නිසාද? එහෙමත් නැත්නම් ලංකාවේ මුලින්ම ගිලා බහින්නේ මහනුවර නිසාද?
වරාය නගරයේ බිම හදන්න ලංකාවේ වටේ තියෙන මුහුද හාරලා වැලි ගත්ත. දැන් එතන ගොඩනැගිලි හදන්න තව කොච්චරක් නම් වැලි ඕනේද?
වරාය නගරය හින්ද ලංකාවේ සිද්ධ වෙන්න පුළුවන් මහා භයානක වෙරල ඛාදනය ගැන මම 2015 ඉඳන් ලියලා තියෙනවා.
ලංකාව වටේ මුහුද අසාමාන්‍ය ලෙස ගැඹුරුයි. ඒකට හේතුවක් තියෙනවා.
දූපතක් වටේ තියෙන ඒ ගැඹුරු මුහුද තවත් හාරලා වැලි ගත්තහම දූපතට වෙන්නේ මොකක්ද කියලා මල්වතු අස්ගිරි හාමුදුරුවරුන්ට පුළුවන් ඉස්කෝලේ යන ළමයෙක්ගෙන් අහගන්න.
අද කිව්වා කියලා ලියා ගන්න. ලංකාව වටේම මුහුද හාර හාර වැලි අරන් වරාය නගරය ඉඳි කලාට පස්සේ, ඉස්සෙල්ලම ගිලා බහින්නේ කොළොඹ නෙමෙයි, මහනුවර.
එතකොට දළදා හාමුදුරුවන්ට මොකොද වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. ඇයි? ඇයි නේද?
දළදා හාමුදුරුවන්ගේ භාරකාරත්වයට මුවා වෙලා අතීතයේ විදිහටම රට පාවා දෙන පාලකයන්ට ආශීර්වාද කරන මල්වතු අස්ගිරි හාමුදුරුවනේ, දළදා වහන්සේ ජීවමානව වැඩ ඉන්න තව ස්ථානයක් තියෙන බව මිනිස්සුන්ට කියන්න කාලේ හරි නේද?
/
leelagemalli / April 20, 2021
අද වන විට ඩොලර් ක්ෂයවීම එකම රූපවාහිනී නාලිකාවලට නොඇසූ දෙයක් වී ඇති අතර, එය 190 දක්වා ඉහළ යන විට ජාතිය නොමඟ යවා තිබේ.
අද, මිනිසුන් අඳුරේ තබා ගැනීමට ප්‍රධාන හේතුව හුදු සත්‍යය හා බැඳී ඇති අතර, එම සියලු මිනිසුන් වැරදිකරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර සියලු ආකාරයේ අපරාධකරුවන් පාලක ආණ්ඩුවේ සිටිති: ඔවුන් කිසිදු සත්‍යයක් ඉදිරිපත් කිරීමට ඉඩ නොදී මහජනයාට මඟ පෙන්වීමට ඉඩ නොදේ. අවශ්‍යයි.
ස්ත්‍රී දූෂණ, මිනීමරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම ශී rapidly ්‍රයෙන් ඉහළ ගියද, එම අපරාධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සත්‍යය මහජනතාවගේ කොටසක් හා කොටසක් බවට පත් කිරීමට ඉඩ නොදේ.
–
මගේ වැඩිහිටියන් නිතරම මට අනතුරු ඇඟවූයේ වීරකෙටියා ගව සොරුන් මේ ජාතිය විනාශ කරන බවත් කිසිවක් ආපසු හැරවිය නොහැකි බවත්ය.
/
leelagemalli / April 20, 2021
එය “බෞද්ධයන්ගේ රටක්” ලෙස හැඳින්වූ නමුත් එය අද වන විට අපරාධකරුවන්ගේ ක්‍රීඩා පිටියක් බවට පත්ව ඇත. ඉහළ පරිච්ඡේදයේ භික්ෂූන් නිහ are ය. මෙය මෙතරම් නරකම වීමට දිගු රටක් ගත නොවීය.
බෝදුබාල සේන හෝ අනෙකුත් ඊනියා දේශප්‍රේමී ව්‍යාපාර නිහ are ව සිටින්නේ මැටිවලින් පෝෂණය වන කිඹුලන්ට වඩා වෙනස් ලෙස නොවේ. WIMAL BURUWANSA හෝ ඒ හා සමාන අය දේශපේ‍්‍රමය වෙනුවෙන් ජනතාවගේ හ voice යැයි සිතූ අය, නමුත් බගර් නිහ is යි, හයියෙන් කතා නොකරයි, අද ඔහුගේ ආත්මාර්ථකාමී වාසි වෙනුවෙන්.
/
Champa / April 19, 2021
මෙලෝ හසරක් හොයන්නේ නැතුව රාජපක්ෂලා කියන තාලෙට වරාය නගරය වර්ණනා කරන සමහරක්ට කියන්නේ, අඩු ගානේ සමන් ලෙනින් ගායනා කරන වෙල්ලස්සේ ගීතයවත් අහපල්ලා. කාලකන්ණි.
අහන අහන වාරයක් පාසා හදවත පසාරු කරගෙන යන ඒ සින්දුව ඇහැව්වහම අඩු ගානේ තොපිට මතක් වෙයි මේ රට රැක ගන්න අපේ වීර මුතුන් මිත්තෝ මොන තරම් ජීවිත පරිත්‍යාග කරලා තියෙනවද කියලා.
පෘතුග්‍රීසීන් ලියලා තියෙනව අපේ සිංහල මුතුන් මිත්තෝ තමන්ගේ ජීවිත ගැන කිසිම තැකීමක් නොකර උන්ගේ අශ්වාරෝහක හමුදා මැද්දට පැනලා සටන් කරපු හැටි උන්ව විශ්මයට පත් කළා කියලා.
එහෙම ආරක්ෂා කරගත්ත රට අද සිංහල පරයන්, අසිංහල අබෞද්ධ රාජපක්ෂලා එක්ක එකතු වෙලා කිසි හිරිකිතයක් නැතුව පාවා දෙන්න හදනවා.
හිතන්න එපා ඔතන ඉඩම් ගන්නේ චීන්නු විතරයි කියලා. ඕක ආපහු ගන්නේ විවිධ ජාවාරම් වලට සම්බන්ධ, කළු සල්ලි තියෙන සුද්දෝමයි.
මලක්කන් බැසිල් රාජපක්ෂ තමන්ගේ කළු සල්ලි සුදු කරන්න විතරක් නෙමෙයි, සුදු ආයෝජකයන්ගෙන් ගන්න කොමිස් එකත් සැලසුම් කරලා ඉවරයි.
.
සමන් ලෙනින්ගේ “කන්ද උඩරට භූමියේ” සින්දුව මේ.
https://youtu.be/o80J9Fg4beg
.
ඒකෙ අන්තිම කොටස් දෙක මේ.
.
අපිම අපේ සටන එදා
ලාබෙට පාවා නොදෙන්න
අපිට හයිය තිබුන යාළු
සුදු තුවක්කු බිම නමන්න
.
ගියපු නුවණ ආයෙත් බැහැ
ඇතුන් ලවාවත් අදින්න
අතීතයම ගුරුවරයෙකි
හොඳ පාඩම් ඉගෙන ගන්න
/
Champa / April 21, 2021
මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළඳපොල ඇමති අජිත් නිවාඩ් කබ්රාල් කියනව එයාගේ පුතා 2016 ඉඳන් පෝට් සිටියේ වැඩලු. හැබැයි කබ්රාල් තමයි ආණ්ඩුව වෙනුවෙන් පෝට් සිටි වෙනම රාජ්‍යය සාධාරණීය කරන්නෙත්.
දැන් කබ්රාල් කවදාවත් අහලා තියෙනවද දන්නේ නැහැ නේද Conflict of Interest කියලා කතාවක්?
රාජපක්ෂලා වෙනුවෙන් සමහරු “පෝට් සිටි කොමිෂන් පනත” හෙවත් “පෝට් සිටි වෙනම රාජ්‍යයේ ව්‍යවස්ථාව” ගැන කරන බොළඳ තර්ක ඇහැව්වහම හිතෙනවා ඒගොල්ලන්ගේ ආචාර්ය උපාධි වලට ලිව්වේ ඒගොල්ලොමද නැත්නම් වෙන කවුරු හරිද කියලා.
කාටවත් පේනවද දන්නේ නැහැ නේද ශ්‍රේෂ්ඨාධිකරණයටත් නිකම් පොඩි අමුතු හදිස්සියක් වගේ තියෙනවා කියල නේද?
/
Champa / April 21, 2021
මෙතනට කෙලින්ම අදාළ නැති වුනත් විජේදාස රාජපක්ෂගේ පුතාගේ රිය අනතුර දැක්කහම තව ටිකක් ලියන්න හිතුව. මම නම් හිතුවේ රිය අනතුර විජේදාස රාජපක්ෂට වෙයි කියල.
ඒ මොකොද කිව්වා නම් පාලක රාජපක්ෂලාට මිනීමරු අතීතයක් තියෙන හින්ද. ඔවුන් දෙවරක් සිරිසේන ජනාධිපතිව ඝාතනය කරන්න හැදුව. දෙපාරම මම ලිව්වා වේලාසන.
තුන් වෙනි පාරකුත් තිබුන. ඒක නම් ස්වභාව ධර්මය වැළැක්වූව. මේක ලියන්නේ සිරිසේන ජනාධිපතිට නැවත බලයට එන්න නෙමෙයි. අපි වහල් ආණ්ඩුව සහ හිටපු සියලු දෙනා ප්‍රතික්ෂේප කරලා ඉවරයි.
නමුත් මම හිතුව බැසිල් රාජපක්ෂගේ ඝාතන කුමන්ත්‍රණ එලි කරන්න ඕනේ කියල. අනිත් අයටත් පරිස්සම් වෙන්න.
.
1) 2016 අග සහ 2017 මුල අනාවැකිකාරයෙක් කිව්වා සිරිසේන ජනාධිපති, ජනවාරි 26 වගේ මතක, මැරෙනවා කියලා. මේක උදේ හවා කියන්න ගත්ත. මම බැලුව මෙතන මොකක් හරි අමුත්තක් තියෙනව. මෙහෙම කියන්න බැහැ කියල. පස්සේ ඉතින් මගේ ඇන්ටනාව හතර පැත්තට කැරකුවහම මට තේරුණා මේ අනාවැකිය පිටින් දාල රාජපක්ෂලා සිරිසේන ජනාධිපතිව ඝාතනය කරන්න හදනව කියල. මම ඊට පස්සේ ඒ දවස්වල ලියපු සිංහල වෙබ් අඩවිය මාර්ගයෙන් සිරිසේන ජනාධිපති ලිව්වා අහවල් දවසේ මොකක් හරි උත්සවයක් තියෙනව හවස. ඒකට යන්න එපා කියලා. ඒව දැක්කද මම දන්නේ නැහැ. නමුත් ඝාතකයා ඒක දැක්ක.
මම කිව්වා අර අනාවැකිය පාවිච්චි කරලා සිරිසේන ජනාධිපතිව ඝාතනය කරනවා. ඊට පස්සේ මිනිස්සු දම්මල කියවනව අනාවැකියේ හැටියට කොහොමත් මැරෙන්න තිබ්බ කියල. ඊට පස්සෙන්ද අනාවැකිකරු (ඔහුගේ සම්බන්ධයක් නැහැ) අනාවැකිය වෙනස් කළා,, සෙනසුරා de-tour කළා – ඒ හින්ද සිරිසේන ජනාධිපති මැරෙන්නේ නැහැ කියල. ඉතින් ඝාතන තැත වැලකුනා.
/
Champa / April 21, 2021
2) දෙවෙනි පාරට සිරිසේන ජනාධිපතිව ඝාතනය කරන්න උත්සාහ කලේ 2018. මෝඩ බැසිල් රාජපක්ෂගේ ලාමක මොලේ හින්ද ඒකත් එලි වුනා.
ඉස්සෙල්ලම බැසිල් රාජපක්ෂ, නාමල් කුමාරව දම්මල කිව්වා සිරිසේන ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් තියෙනව කියල. එකක් ඉවර වෙන්න එකක් ගානේ මාධ්‍ය හමු තියල උදේ හවා කිව්වා. මම ලිව්වා මේක බොරුවක්. මේකේ තිර පිටපත ලියලා තියෙන්නේ බැසිල් රාජපක්ෂ කියල.
ඊට පස්සේ ප්‍රචාරයක් ඇරියා ඉන්දියාවේ අනාවැකිකරුවෙක් කිව්වා කියලා මහින්ද නැවත අගමැති වෙනවා කියල. අර නාමල් කුමාරගේ කතාවට මම හිතන්නේ සිරිසේන ජනාධිපති අහු වුනා. පස්සේ බැසිල් රාජපක්ෂ ඔහු ලව්වා මහින්දව අගමැති කළා 2018 ඔක්තෝබර් අග. ඔන්න ඉන්දියන් කාරයාගේ අනාවැකිය හරි ගියා කිව්වා.
කොහොම හරි මට හිතුන මෙතන වෙනත් යමක් තියෙනව කියල.
ඊට පස්සේ ඔක්තෝබර් අග පත්තරේ තිබුන කුරුණෑගල නගරාධිපති, කුරුණෑගල රාජ සභා මණ්ඩපය නගර සභාවට පවරා ගත්ත කියලා. මම බැලුව ටිකක් අමුතු ප්‍රවෘත්තියක්. එකක් කුරුණෑගල. දෙවෙනි එක රාජ සභාවක්. ඊට පස්සේ මම බැලුව නගරාධිපති මොන පක්ෂේද කියල. පොහොට්ටුවේ. හරි. මම හිතුව මහින්ද දැන් අගමැති. මහින්දගේ උපන්දිනය ළඟ එනව. ඒ හින්ද බැසිල් රාජපක්ෂ රාජ සභා මණ්ඩපය ලෑස්ති කරනව මොකක් හරි දිව්රුම් දීමකට.
මට තේරුණා වැඩේ. සිරිසේන ජනාධිපති ඝාතනය කරලා, අගමැති මහින්ද ජනාධිපති විදිහට මහින්දගේ උපන් දිනේ දවසේ කුරුණෑගල රාජ සභා මණ්ඩපයේ දිව්රුම් දෙන්න බැසිල් රාජපක්ෂ සැලසුම් කරලා කියල. ඊට පස්සේ 2019 පාර්ලිමේන්තු විසුරවලා මැතිවරණය තියල 19 වෙනස් කරලා බැසිල් පාර්ලිමේන්තු ගිහින් අගමැති වෙනවා.
/
Champa / April 21, 2021
ඉතින් මම ඉක්මනට එහා පැත්තේ ඉංග්‍රීසි පැත්තට ලිව්වා ගමරාල දිව්‍ය ලෝකේ යවන්න නියමිතයි. එක්කෝ බණ්ඩාරනායක ගිය විදිහට. නැත්නම් ලක්ෂ්මන් කදිරගාමර් ගිය විදිහට කියල. මට මතක හැටියට ඝාතනය සිද්ධ වෙන්න පුළුවන් ස්ථානත් මං අනුමානෙට ලිව්වා. මහින්දගේ උපන්දිනය නිකම්ම පහු වුනා. ඒ වැඩෙත් වැලකුනා.
.
3) නමුත් මම දිගින් දිගටම 2018 මහින්ද අගැමති වෙච්ච එකට විරුද්ධව ලිව්වා. මට මොකක් හරි හිතුන 2019 සිංහල බෞද්ධයන්ට මොකක් නමුත් විශාල විනාශයක් වෙනවා. ඒ වෙනකොට රාජපක්ෂලාට බලය ගිහින් තියෙන්න එක භයානකයි. හැබැයි මටත් තේරුනේ නැහැ මොකක්ද කියල. නමුත් මහින්ද අගැමති වුනු එකට මම හරිම තදින් විරුද්ධ වුනා.
කොහොම වුනත් නලින් පෙරේරා අග්‍ර විනිශ්චයකාරතුමාට සිංහල බෞද්ධයන් ණය ගැතියි එතුමා කිසිම බලපෑමකට යටත් නොවී නිවැරදි තීන්දුව දීම ගැන. ඒ වගේම ඒ තීන්දුව අන්තිම වෙනකම්ම රහසක් විදිහට තියා ගත්ත. ඒ මොකොද මම හිතුව මරු විකල්ලෙන් ඉන්න රාජපක්ෂලා නලින් පෙරේරවත් ඝාතනය කරයි කියලා.
/
Champa / April 21, 2021
4) ඊළඟ එක පාස්කු ප්‍රහාරය.
ඒක කරන්න හිටියේ 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා නෙමෙයි 2019 මැයි 19 වෙනි ඉරිදා. මැයි 19 වෙසක් දෙවෙනි දවස විතරක් නෙමෙයි රණවිරු දිනයත් එකට. මම අප්‍රේල් 21, දවල් 1 වගේ වෙනකොට මෙතන ඉංග්‍රීසි පැත්තට සහ සිංහල පත්තරේකට ලිව්වා මේ ප්‍රහාරය විශාල සිංහල මුස්ලිම් කොල්හාලයක් කරන්න කරන වැඩක්. ආණ්ඩුව දන්නවා මේ ප්‍රහාරය ගැන. ඒ වගේම මේක පිටිපස්සේ තව කුඩා කණ්ඩායමක් ඉන්නවා කියල. තව දළදා මන්දිරය වහන්න කියලත් ලිව්වා.
පස්සේ දවසක මම ලිව්වා මෙදා (පාස්කු දවසේ) නෙමෙයි කරන්න හිටියේ. මොකක් නමුත් හේතුවක් නිසා මේකේ මහා මොළකරුවන් දිනේ වෙනස් කළා කියලා.
පස්සේ සහරාන් ෂන්ග්‍රීලා හෝටලයේ බෝම්බ පුපුරුව ගත්ත එකේ අමුත්තක් තියෙන බව හිතුනු නිසාත් හෝටලය එක්ක රාජපක්ෂලාගේ සම්බන්ධය දැන ගත්තහමත් මට තේරුනා හේතුව.
පාස්කු ප්‍රහාරය පිටිපැස්සේ ඉන්නේ රාජපක්ෂලා බව තවදුරටත් හංගන්න අවශ්‍ය නැහැ.
සැලසුම තිබ්බේ 2019 මැයි 19 වෙසක් දවසේ දළදා මන්දිරයට ගහන්න සහ මරාගෙන මැරෙන මුස්ලිම් කාන්තාවන් යොදවලා සෙනඟ ඉන්න පන්සල් වලට ගහල සිංහලයන් කුපිත කරලා සති ගානක් දිගට යන ජාතිවාදී කෝලාහලයක් කරලා සිංහල බෞද්ධ ජන සංහාරයක් කරන්න. කලිනුත් දවසක ලිව්වා වගේ රාජපක්ෂලා විවිධ ප්‍රදේශ වල මරක්කලයන් ආයුධ සන්නද්ධ කරලා තිබ්බේ. සිංහල බෞද්ධයන් විශාල සංඛ්‍යාවක් මරලා පන්සල් කඩලා දැම්මහම බෞද්ධයන් නිකම්ම මානසිකව වැටෙනව. ඒ වගේම මේ ප්‍රහාරය කරලා ඔවුන් සැලසුම් කරල තිබ්බේ අපේ ධර්මයෙන්ම ඒක සාධාරණීය කරන්න. ඒ කියන්නේ බුදුහාමුදුරුවොත් කියල තියෙන සියලු දේ නැති වෙනවා. බුදු දහම ලංකාවෙන් නැති වෙනව වගේ දේවල්.
/
Champa / April 21, 2021
නමුත් හැමදාම කියනව වගේ ලංකාව ආරක්ෂා කරන නොපෙනෙන බලවේග ඒ අපරාධය වැළැක්වුවා. කොහොමද? ආයෙත් ජනාධිපති සිරිසේනවම පාවිච්චි කරලා.
වෙසක් දවසේ කරන්න හිටිය ප්‍රහාරය පාස්කු ඉරිදට ඉස්සරහට ආවේ රාජපක්ෂලාට පොඩි ඉරිසියාවක් ආව හින්ද.
සිරිසේන ජනාධිපතිගේ පුතාගේ වෙඩින් එක යොදා ගෙන තිබුනේ ෂන්ග්‍රීලා හෝටලයේ මැයි 9 හෝ 13 වගේ මට මතක. කොහොම හරි වෙසක් එකට ඉස්සෙල්ල. ඒ ගැන එලිවුනේ අප්‍රේල් මුල වගේ මට මතක. කොහොම හරි පාස්කු ඉරිදට ඉස්සෙල්ල.
රාජපක්ෂලාට ඕනේ වුනා මේ වෙඩින් එක ෂන්ග්‍රීලා හෝටලයේ ගන්න එක නවත්තන්න. මම හිතන්නේ රාජපක්ෂලාට ෂන්ග්‍රීලා හෝටලයේ කොටස් තියෙනව. ඉතින් දහම්ගේ වෙඩින් එකට ඉස්සෙල්ල දිනයක් හොයන කොට පාස්කු ඉරිදා දැක්ක. එදා ප්‍රහාරය කළා.
දළදා මාලිගාවේ මරාගෙන මැරෙන්න නියමිත වෙලා හිටපු සහරාන් සහ ඔහුගේ සගයා ෂන්ග්‍රීලා හෝටලයේ බෝම්බ පුපුරවා ගත්ත. කරන්න හිටපු සිංහල බෞද්ධ ජනසංහාරය වැළකුණේ දහම්ගේ වෙඩින් එක නිසා.
මේවා එලි කරන්න හිතුවේ, වරාය නගරය යට බැලු බැල්මට තියෙන දේට වඩා වැඩි දෙයක් තියෙන්න පුළුවන්. ඒ හින්ද උඩින් බලල හෝ ඩොලර් ගැන හිතලා හෝ රාජපක්ෂලා එක්ක එකතු වෙලා රට පාවා දෙන්න හදන්න එපා කියලා ඊට සහයෝගය දෙන පිරිසගෙන් ඉල්ලන්න කැමතියි.
ඔවුන්ගේ බල තණ්හාව වෙනුවෙන් මහා මිනිස් ඝාතන කරන්න ඔවුන් පසුබට වෙන්නේ නැහැ.
/
Champa / April 21, 2021
ලෝකේ පුරා ඉන්න ත්‍රස්තවාදීන් වුනත් ඔවුන්ගේ කළු සල්ලි ආයෝජනය කරන්න පෝට් සිටි එක යොදා ගන්න පුළුවන්. හිතන්න හිතන්න මේකේ භයානකකම වැඩි වැඩියෙන් පේනවා.
මේක සැහැල්ලුවෙන් හිතන්න එපා.
පෝට් සිටි එක හරහා රාජපක්ෂලා රටට කරන්න හදන හානිය ගැන, අනාගතේ සිංහල බෞද්ධ අපි මොන තරම් අනාරක්ෂිත වෙන්න ඉඩ තියෙනවද කියන එක ඉස්කෝලේ ගියපු ඕනේ කෙනෙකුට තේරෙනවා.
ඒ හින්ද මේ පනත උසාවියෙන්ම නතර වෙන්න ඕනේ. නැත්නම් පාරට බහින්න ඕනේ.
/