25 April, 2024

Blog

දෙමල ජාතික සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශනය: බලය බෙදාගැනීමටද? රට බෙදාගැනීමටද?

ඔස්ටින් ප්‍රනාන්දු

ඔස්ටින් ප්‍රනාන්දු

දෙමල ජාතික සන්ධානය(දෙජාස) උතුරු පළාත්සභා (උපස) මැතිවරණය සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශනය පළකර ඇත. මැතිවරණ ප්‍රකාශන මැතිවරණ ජයගැනීමට මිස වැඩිමනත් කාර්යක් සඳහා නොවෙතැයි හිටපු ශ්‍රී ලාංකීය අගමැතිවරයෙකුගේ ප්‍රකාශය මට සිහිපත්වේ!  දෙජාස එම චින්තනයේ හා මනොභාවයේ සිටියේනම් මැතිවරණ ප්‍රකාශය උපස’ට ක්‍රියාත්මක කිරීමට අපහසුවුවත්, එමගින් විශේෂයෙන්ම එල්ටීටීඊ චන්ද ආකර්ෂණය කරන හෙයින් තුටුපහටුවනු ඇත.

මම සැමකල්හිම බලය බෙදාගනීමට සහාය දැක්වීමි. ‘දකුණේ ජාතිවාදීන්’ යයි හඳුන්වන පිරිසට අයත්වීද නැත. එතෙකුදු, බලයබෙදාගැනීමට එරෙහිවන්නන්ට සංකල්පමය ලෙස එය විවේචනයට ‘ආයුධ’ මෙම ප්‍රකාශයේ ඇති සමහර යෝජනා සපයන හෙයින් එයට අවධානය යොමුක යුතුයයි සිතමි. දෙජාසය බෙදුම්වාදී/ අවිචාරවත් ජාතිවාදීන් යයි විවේචකයින් පවසතියි මට හොඳින් විශ්වාසය. දෙජාසය ඔවුන්ගන්නා ක්‍රියාමාර්ග නිසා කුමක් උපයාගන්නේද යන්න මට ප්‍රශ්නයක් නොවේ. එහෙත් දෙජාස ප්‍රකාශනය බලයබෙදාගනීම විවේචනයට යොදාගැනීමට මා අකමැතිය.  එහෙයින්, මෙම විවේචනය- නැත්නම් අදහස් දක්වීම- මෙම මැතිවරණ ප්‍රකාශයෙන් පැනනැගෙන කරුණු කිහිපයක් පමණක් පදනම්ව කරමි.

ප්‍රකාශයේ පෙරභාගය ‘දෙමල අරගලය’ පැහැදිලිකරයි. බොහෝදෙනෙකු මෙඅයුරින්ම ඉතිහාසය අර්ථකථනය කර ඇත. එමෙන්ම, බොහෝ දෙනෙකු ඒවා විවේචනයද කර ඇත. ඒ සියල්ල අලංකාරෝත්තීන් වේ. මේ කොටස, ප්‍රකාශනයේ වැඩි වැදගත්කමක් දරන්නේයැයි මම නොසිතමි. කොටින් කිවහොත් මෙහිදී ප්‍රකාශනය දින-වකවානු පවා වරදවාගෙන ඇත. උදාහරණයකට 2002 දෙසැම්බර 5 දිනැති ඔස්ලෝ ප්‍රකාශය 2002 පෙබරවාරියට- ඉදිරියට- ගෙනවිත් ඇත.  ඊට දේශපාලන හේතුවක්වීදැයි මට නිනව්වක් නැත.

මට වැදගත්වන්නේ ඔස්ලෝ ප්‍රකාශයෙන් පසුභාගයයි.  එය ඉතිහාසයයි. නියෝජ්‍ය අමාත්‍ය කරුණා අම්මාන් හෝ ඇඩෙලා බාලසිංහම් අවංකව කතාකළහොත් ප්‍රභාකරන් මෙම ප්‍රකාශයට ප්‍රතිචාරවූ අන්දම පැහැදිලිකරනු ඇත. ඔස්ලෝවලින් පසු ඇන්ටන් බාලසිංහම් වන්නිය අමතක අන්දම ඔස්ලෝ ප්‍රකාශනයට දැක්වූ ප්‍රතිචාරය ලෙස එකල සැලකුණි! දෙජාස ප්‍රකාශනයේ  ඔස්ලෝ ප්‍රකාශය සටහන්කර එපමණින් හදිසියේම නතරවීම තේරුම්ගත නොහේ. දෙජාසය ඔස්ලෝ ප්‍රකාශය හිස්මුදුනින් පිළිගන්නේද, නැත්නම් 2002 දෙසැම්බරයේ ප්‍රභාකරන්ව ප්‍රතිරාව කරන්නේද? මා සිතන්නේ, ප්‍රභාකරන් අපේක්ෂාකළ රාජ්‍යයේ අංග පසුව ප්‍රතිරාවකිරීමට සිතා එය උලුප්පාදැක්වූ බවයි. ඉන් චන්ද ගරාගත හැකිනම් වරද කීමදැයි සිතුවා විය හැකිද ?

ප්‍රකාශනයේ ‘දේශපාලන විසදුමක් පිලිබඳ අපේ ස්ථාවරය’ නම් කොටස ඊලමක් පිලිබඳ එල්ටීටීඊ අපේක්ෂාවලට සමරූපී භාවයක් දක්වයි. බලයබෙදාගැනීම පිළිගන්නා, අගය කරන මා වුවද, බලය බෙදාගනීම පිලිබඳ දෙජාස’යේ උතුරු පළාත් සභාව ගැන දෙතුන්වරක් සිතිය යුතුයයි සිතමි.

පහතින් දැක්වෙන පරිදි මේ අපේක්ෂා දශක තුනක් තිස්සේ යලියලිත් ඉදිරිපත්වූ ඒවාවේ.

දෙජාස’යේ මැතිවරණ ප්‍රකාශනය “ශ්‍රී ලංකාවේ දෙමල ජනතාව අන්තර්ජාතික සම්මුතීන් හා ගීවිසුම් අර්ථකතනයන් අනුව විශේෂිත ජනකොටසක්” ලෙස සලකා ‘වාර්ගික කුලවාදයක්’ අනුව බැලීම අවාසනාවන්තය.  මේ අර්ථකතන සිංහල හා අන් ජන කොටස්වලටද යොදා ඔවුන්ද මෙලෙසම “විශේෂිත ජනකොටසක්” යයි තර්ක කිරීමට අවස්තාව සලසනු ඇත. එසේවූවිට, රට අනික් කණ්ඩායම්වලටද හිමි හෙයින්, දෙජාස සටහන් කරන “අපේ රට” කුමක්ද?  දෙජාස සිතන “අපේ රට” – ශ්‍රී ලංකාවද, නැත්නම් වෙනත් එකක්දැයි- සැකමුසුව සිතීමට ඉඩ සලසයි.

සැනසුමට එක කරුණක් වනුයේ දෙජාස මැතිවරණ ප්‍රකාශනය තම අයිතිවාසිකම් භුක්තිවිඳීමට අදහස් කරන්නේ එක්සත් ශ්‍රී ලංකාවක්තුල වීමයි. ඒ සැනසුම තාවකාලික වන්නේ, මෙම අපේක්ෂාවේ පූර්විකාව “දෙමල ජනයාගේ ඉතිහාසගත පදිංච්ය” (නිජභූමියක), “ජාතියක් ලෙස දෙමල ජනතාවට සමුච්චිතවවූ අයිතිවාසිකම්” හා (අභ්‍යන්තරද බාහිරදැයි නොදැන) “දෙමල කතාකරන උතුරු-නැගෙනහිර” ස්වයංපාලනය සඳහා “අපගේ අභිමතය ක්‍රියාත්මකකිරීමේ විකල්පය” සහිතව යන පදනම් යටතේ සිදුවීමට සැලසුම්ගත වීමය. එක අතකින් දී අනික් අතින් උදුරාගන්නාසේය! සාවද්‍යව හෝ නිරවද්‍යව, වත්මන සැලකූවිට, ශ්‍රී ලංකාවේ රජයක් පිහිටුවීම තීරණය කරන දෙමල කතා නොකරන ජනසංඛ්‍යා බහුතරයගේ තත්ත්වය එමකොන්දේසි මගින් ප්‍රශ්නාභිමුඛ කරයි.

මෙවැනි තත්ත්වයක් දෙජාසය බිහිකළේ රජය විසින් ප්‍රකාශනයේ අඩංගු මූලික සංකල්ප ප්‍රතික්ෂේප කරතියි හොඳින්ම දැන, ඊට ප්‍රතිචාර ලෙස අන්තර්ජාතික බලපෑම් යොදාගෙන රජය දන ගැස්වීමටදැයි කෙනෙකු සැකක හැකිය. තවත් අතකින් රජය ප්‍රකාශනයට ප්‍රතිචාර ලෙස ගන්නා රිනමය පියවරවල් මත පිහිටා බාහිර බලධාරිත්වයන්ට ගැනවිලි කීමටද? අන්තර්ජාතික සම්මුතීන් පිලිබඳ යොමුවීම් ඒ නිසාද? කලින් චේදයේ සඳහන් පදනම් කෙරෙහි දක්වන උනන්දුව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වන දෙජාස දේශපාලන බලධාරීන් නොදනිති මම  සැක නොකරමි.

ජාතික ගැටලුවට පිළිගතහැකි පිලියමක් සෙවීමට වර්තමාන ව්‍යවස්ථා සැකසුම් අසාර්ථකවී ඇතිය යන්න හා එහිලා නොයෙක් සටකපටකම් සිදුවන බව මම පිලිගනිමි. කෙසේවුවද, වර්තමාන ඉල්ලුම වී ඇත්තේ දේශපාලන පද්ධතියේ හිදැස් පුරවාදැමීමට  පාලම් තැනීමය. දෙජාස මැතිවරණ ප්‍රකාශයේ අපේක්ෂිත පරිදි යුක්තිය, සාධාරණත්වය, සාමය හා ආරක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදී රටක මතුවිය යුතුය. එහෙත්, දෙමල ජනතාවට හැර “කොළඹ රජයට” දෙමල ජනතාව පාලනයට අයිතියක් නැතිය සිතන්නේ නම් එය වර්ගවාදීභාවයට තවත් පිරිසක් තල්ලුකරනු ඇති අතර, එය තදින් පිම්බී ගොස් දීර්ඝ කාලීන ගැටුමකට මුල පුරනු ඇත. එය දුක්මුසු විනාෂකාරිත්වයක් උදාකරනු ඇත.  නැවතත් එක අතකින්දී අනික් අතින් ගැනීමකි! අවාසනාවකටමෙන් එවැනි තල්ලුකිරීම් දැනුදු දකුණේ දක්නට ඇති බව දෙජාස සටහන් කර ගැනීම වටී.    

දෙජාසය මැතිවරණ ප්‍රකාශනය තුලින් බලගතුවූ පාලනයක් උතුරු හා නැගෙනහිර ස්ථාපිතයක් අපේක්ෂා කරන බවක් පෙනේ.   ප්‍රකාශනය මෙසේ කියයි. “ඉහතින් දැක්වූ දේ හා ආත්මවිශ්වාසය සාක්ශාත්කරගනීමට අපට ස්වයංපාලනය අවශ්‍යවේ.  මෙය ලබා ගැනීමට ව්‍යවස්ථාමය අවස්තා දෙකකින් යුත් ක්‍රියාදාමයක් සකස් කර ඇත. උතුරු නැගෙනහිර දෙමල කතාකරන ජනතාවට ස්වයංපාලනය ලබාදීමේ ධනමය ක්‍රියා මාර්ග ඉටුකරන අතරතුර ප්‍රයෝජනවත් අන්දමින් බලය බෙදාගැනීම සඳහා දේශපාලන සංවාදයන් පවත්වා ගෙනයාමය.  අපට අයිතියක් ලෙස ලැබිය යුතු රජයේ කාර්යයන් ලබාගැනීම සඳහා ව්‍යවස්ථාමය, විධායක හා මූල්‍ය බලතල සහිත ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත්වුණු ආයතනයක හදිසි අවශ්‍යතාවය පුන පුන අවධාරණය කළයුතු නොවේ.” (13 ව්‍යවස්ථා සංශෝධනය යටතේ) උපස’ට හිමි පාලන බලය බෙදා ගැනීම සඳහා සංවාදයන් පැවැත්වීම අගය කරන අතර, ඔවුන් රාජ්‍යයේ ව්‍යවස්ථාමය බලය උපස ජයග්‍රහණය නිසාම අල්ලාගැනීමට හැකියයි සිතන්නේනම්, එය විනාශකාරී ප්‍රතිපල ගෙනෙමින්, කනගාටුවෙන්වුවද ඉටුකළනොහැකි මැතිවරණ ප්‍රකාශනයකට පමණක් හිමිකම් කියනු ඇතියි සිතිය හැකිය.

එවැනි බලය අල්ලාගැනීමට තැත්කිරීම, ප්‍රකාශනයේ අවසන් චේදයේ දක්වා ඇති දෙජාසය බියපත්ව ඇති තත්ත්වය බිහිකරනු ඇත. එය මෙසේ කියයි. “…. මානව පිරිවැය, ව්‍යසනයට පත් සටන්කාමීන්, හමුදාවන්ගේ අවිනයානුකූල හැසිරීම්, සිවිල්වැසියන් හිතාමතාම ඉලක්ක කිරීම, බිම්බෝම්බ ඇතිරීම මගින්වූ ඍජු හිංසනයේ ප්‍රතිපලයක් පමණක් නොව, කුසගින්න, බලෙන් සංක්‍රමණය, උතුර හා නැගෙනහිර ආර්ථික හා පරිපාලන ව්‍යුහයන් බිඳවැටීම නිසා රජයේ සේවා කඩාවැටීම නිසාද සිදුවේ.” එසේවතුදු, අතීතයේදී හමුදා මෙහෙයවූ බලයේ සිටි රජයන් පමණක් නොව, සමානුපාතිකව හෝ වැඩිමනත්ව හෝ (මැතිවරණ ප්‍රකාශනය විසින් එල්ටීටීයද ස්වාධීන පරීක්ෂනයට ලක්විය යුතුයි ප්‍රකාශයෙන්ම පිළිගෙන ඇති පරිදි) එල්ටීටීඊයේ ඍජු හෝ වක්‍ර ක්‍රියා නිසාද වීය.

මෙම ප්‍රකාශනය නිසාම 13 ව්‍යවස්ථා සංශෝධනය මකා දැමිය යුතුයි දැඩිලෙස සටන්කළ පාර්ශවයන් ඉලක්කයන් ගෙන ප්‍රති-ප්‍රහාරාත්මක වීමට බලධාරීන් නොපොළඹවතියි විශ්වාස කරමි.  සමගාමීව, පසු සිතිවිල්ලක් ලෙස හෝ මෙම ප්‍රකාශනය බලයට පැමිණීමට මගක් පමණක් යයි සිතීමට දෙජාසයට තීරණය කළ හැකිය.  දෙමල දේශපාලන භූමිකාවේ පක්ෂයට අභියෝග කරන දකුණේ කිසිම රජයක් බලය බෙදා ගැනීමට ආවඩන්නේ නැතියි සිතන (ගජන් පොන්නම්බලම් වැනි) අයවලුන්ට වඩා වැඩිදුරක් සිතිය යුතුය.

එසේ නොවුවහොත් දයාන් ජයතිලක කීවාසේ, “සභාවට දකුණේ ඇති විරෝධය අඩුම තරමින් සමනය කරගැනීමට හෝ දකුණේ මතයෙන් සැහෙන කොටසක් තමන් සමග අත්වැල් බැඳ යායුතු” අවස්ථාවක, එසේ නොකර සිටියහොත් දෙජාසය කරදරවලට ආරාධනා කළාසේ වනු ඇත.  දෙජාසය උපස මැතිවරණය ජයගනු ඇත. එහෙත්, ඉන් අනතුරුව දයාන්ගේ අනාවැකියට මුහුණ නොදිය යුතුය. එනම්: “එය නැවත සිදුවීමට ඉතා ආසන්න අතර මෙවර ඝට්ටනය නොවරදවාම සිදුවනු ඇත. බොහෝවිට එහි ප්‍රතිපල වඩා හොඳින් ඔප්පුවනු ඇත. එක අවගනනයක් දීර්ගකාලීන හිරවීමකට මග පාදනු ඇත. ඊටත් වඩා, දේශපාලන- යුදමය විලංගුවක් වනු ඇත.”

එස්. සිවදාසන් විසින් යෝජිත දෙජාසයේ මැතිවරණ ප්‍රකාශ යෝජනාව (කලම්බු ටෙලිග්‍රරාප්හි) සමග මා මුළුමනින්ම එකඟ නොවුවත්, දෙජාසයේ නායකත්වය හා මහඇමති අපේක්ෂක යන දෙපොළට ඔහු අනුකරණයෙන් සන්හිදියාත්මක, ප්‍රායෝගික හා ක්‍රියාත්මක ක හැකි ප්‍රකාශනයක් පිලිබඳ බොහෝ පාඩම් උකහා ගත හැකිව තිබුනි යයි සිතමි.  අලන්කාරෝත්ති සමගින්, ඉහත වගුවෙන් පෙනෙන පරිදි, ඉටුකනොහැකි, නීතියෙන් ඉඩක් නොමැති ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කිරීමෙන් සිදුවන්නේ කලින් කී අගමැතිවරයා නිවැරදි බව ඔප්පු කිරීම පමණි.

ඔහු තරඟයට පිවිසි මුල් අවදියේදී රජය සමග ක්‍රියාකරන අන්දම පිළිබඳව ප්‍රකාශ ක පරිදි, තත්ත්වය සමතුලනය කරනිමින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හා මහා ඇමති අපේක්ෂක විග්නේස්වරන් ක්‍රියා කරනු ඇතියි මට අස්වැසිල්ලක් ඇත.  ඔහු ඇටුවන් බට දේශපාලන චරිතයක් නොවන හෙයිනි. උපස මැතිවරණ ජයග්‍රහණය උතුරේ ජනතා ගැටලුවේ අවසන් පිළියම නොවෙතැයි ඔහු ඔප්පු කරනු ඇතියි මම බලාපොරොත්තුවෙමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.