20 April, 2024

Blog

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විගඩම අවසන් කිරීම

බැසිල් ප‍්‍රනාන්දු

බැසිල් ප‍්‍රනාන්දු

තමන් බලයට පත්වුවහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සිදුකරන වෙනස්කම් කිහිපයක් පිළිබඳ එක්සත් ජාතික පක්ෂය අදහස් කිහිපයක් ප‍්‍රකාශයට පත් කර ඇත. මෙය, 1978 ආණ්ඩුක‍්‍රමය පිළිබඳ බරපතළ විචාරයක් ගොඩනැගී තිබෙන බවට වන තවදුරටත් නොතකා හැරිය නොහැකි ඇ`ගවීමකි. වැදගත් ගැටලූ පිළිබඳ කිසිදු විවාදයක් නොමැති වීමට වඩා ප‍්‍රමාණවත් නොවන මට්ටමින් හෝ විවාදයක් පැවතීම යහපත් හෙයින් ඹභඡු යෝජනා නොතකා සිටීමට වඩා, ආමන්ත‍්‍රණය කළ යුතු සියලූ වැදගත් ගැටලූ කරළියට ගෙන ඒම පිණිස අවස්ථාවක් බවට මෙය යොදා ගැනීම උචිත ය. විශ‍්‍රාමික විනිසුරු සී.වී. විග්නේස්වන් පැවසූ ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විගඩම’ විසින් නිර්මාණය කළ අවුල එවිට අවසානයක් කරා ගමන් කරනු ඇත.

පැහැදිලිව, ස්ථිරසාර ලෙස සහ කිසිදු අනුමානයකින් තොරව ප‍්‍රකාශ කළ යුතුව ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මූලධාතු සහ එහි ආකෘතියයි. යම්කිසි නිශ්චිත සහ ස්ථිර සංකල්පයන් විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ආරක්ෂක පවුරු සේ රැකවල් දමා ඇති බවත්, එම මූලික ආකෘතිය වෙනස් කිරීමට ඕනෑම ආණ්ඩුවක් දරන උත්සාහයන් වෙත ප‍්‍රතිරෝධයන් එල්ලවනු ඇති බවත් ආණ්ඩුක‍්‍රමයේ මූලික ආකෘතිය හා සැකසුම පිළිබඳ සංකල්පයෙන් ව්‍යංගයෙන් අදහස් කෙරේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා සබැඳි විගඩම යථාවක් බවට පත්වන්නේ, එවැනි මූලික සැකසුමක් පිළිබඳ එක`ගතාවක් නොමැති වූවා නම් සහ එබඳු මූලික සැකසුමක් ආරක්ෂා කිරීම සහ ප‍්‍රවර්ධනය කිරීම ඔවුන්ගේ මූලික බැඳීමක් ලෙස නොසැලකුවා නම් පමණි.

ආණ්ඩු ක‍්‍රමයේ මූලික සැකසුම විසින්, පහත දැක්වෙන මූලධර්මයන් හරහා සුරක්ෂණය කර තිබෙන ජනතාවගේ අන්සතු කළ නොහැකි පරමාධිපත්‍යය පිළිගත යුතු ය.
1 ශ‍්‍රී ලංකාව යනු සියලූ පුද්ගලයන් එක හා සමාන අනාගාමික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනරජයක් බව.
2 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ අනුදක්නා ආණ්ඩුවේ මූලික සැකසුම, නීතියේ ආධිපත්‍යය මත සංවිධානය වී ඇති බව.
3 බලතල බෙදීමේ සංකල්පය පිළිගැනීම.
4 අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතිය අර්ථකථනය කිරීමේ අවසන් තීරකයා වීම පිණිස අධිකරණය සතු අයිතිය සහ අධිකරණ සමාලෝචනය සඳහා අධිකරණ සතු අයිතිය (1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පෙර පැවති පරිදි* පිළිගැනීම.
5 නීතියේ ආධිපත්‍යයේ රාමුව තුළ මහජන ආයතනයන්ගේ ස්වාධීනත්වය පිළිගැනීම.
6 සිය අයිතිවාසිකම් උල්ලංඝනය වීම්වලදී නෛතික ප‍්‍රතිකර්ම ලබාගැනීම සඳහා සෑම තැනැත්තෙකු හටම බලාත්මක කළ හැකි අයිතියක් සඳහා හිමිකම ඇති බව පිළිගනිමින්, මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ දක්වා ඇති පරිදි මානව හිමිකම් පිළිගැනීම.
7 ජනතාවගේ සහභාගිත්වයේ අයිතිය, නිශ්චිත කාල පරිච්ඡේදවලදී පවත්වනු ලබන නිදහස් හා සාධාරණ මැතිවරණ මගින් සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය හරහා සුරක්ෂණය වීම.
8 සියලූ මහජන සේවකයන්ගේ මහජනතාව වෙත වගවීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මාණය කළ රාජ්‍ය අංගයන් ඉදිරියේ සිදුකරනු ලබන ප‍්‍රසිද්ධ නඩු විභාග මගින් සුරක්ෂණය කිරීම.
9 සුබසාධන රාජ්‍ය ස්වභාවය මනා සේ සුරැකෙන බව.

මූලික ආකෘතිය සමග එක`ගවීමේ ප‍්‍රධානතම වැදගත්කම

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සෑදීම හෝ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මගින් පැරණි ආණ්ඩුක‍්‍රමය ප‍්‍රතිස්ථාපනය කිරීම යනු, අලූත් රචනාවක් හෝ නිබන්ධයක් ලිවීමක් නොවේ. එය ඓතිහාසික කාර්යයකි. පැහැදිලිම යෙදුම්වලින් ආමන්ත‍්‍රණය කළ ඓතිහාසික කි‍්‍රයාවක් තුළ වර්තමාන අවුල්ජාලාවලට මගපෙන්වන මූලික දෝෂයන් පැහැදිලි ලෙසම විදහා දැක්වීම අවශ්‍ය වේ. නව ආණ්ඩුක‍්‍රමයක් යනු පැහැදිලි නික්ම යාමක් මෙන්ම පැහැදිලි ආරම්භයක් ද වේ.
මේ අනුව රටේ මූලික නීති හරහා පැහැදිලි එක`ගතාවකට එළඹීමට නම් දීර්ඝ සහ ඇතැම්විට වේදනාකාරී සාකච්ඡුාවක් අවශ්‍ය වනු ඇත. සියලූ ගැටලූ අවසානාත්මක වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හරහා විසඳාගත හැකි බවක් එයින් අදහස් නොවේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගතික ලියවිල්ලකි. රටක ගැටලූ ද ගතික ඒවා වේ. මේ ගැටලූ විසඳීම සදාතනික ලෙස සිත් යොමුකළ යුතු වන කරුණකි. කෙසේ නමුත්, නැවත සිදුවීමට ඉඩ නොදිය යුතු යැයි ද සදෝෂී ලෙස සිදුවී යැයි ද ජනතාව විසින් හඳුනා ගත් මූලික සහ ප‍්‍රාථමික ක්ෂේත‍්‍රයන් තිබේ. මේ අනුව අතීතය පිළිබඳ අන්තරාවලෝකනයක් හෙවත් නැවත සිතා බැලීමක්, රටේ මූලික නීතිය අනාගතය වෙනුවෙන් සංවර්ධනය කිරීම සඳහා වන ඕනෑම පරිශ‍්‍රමයක අත්‍යවශ්‍ය අංගයක් වේ.

ජාතික විවාදයේ මෙම ක්ෂේත‍්‍රයට අවතීර්ණ වීම මගින් එක්සත් ජාතික පක්ෂය තමන් වෙතම අනුග‍්‍රහයක් දක්වාගෙන තිබේ. කෙසේ වෙතත් මූලික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ගැටලූ පිළිබඳ එහි පූර්විකාව මගින්ම, 1978 ආණ්ඩුක‍්‍රමයේ සමාව අයදින්නෙක් බවට පත්වීම මගින් එය මෙකී මුලපිරීමට විශාල හානියක් ද සිදුකරගෙන ඇත. 1978 ආණ්ඩුක‍්‍රමය සහ ඒ යටතේ සංවර්ධනය වූ පරිචයන් මගින් සිදු වූ දැවැන්ත හානිය අනුමානයකින් තොරව ඒකාර්ථයෙන් පිළිගැනීමට ඹභඡුයට තිබෙන හැකියාවෙන් ඔවුන්ගේ විශ්වාසනීයත්වය පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත. මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හඳුන්වාදීම මගින් සිදුවූ මහා විනාශයේ ප‍්‍රතිඵල පිළිබඳ සම්පූර්ණ වගකීම පිළිගැනීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වෙත මුලපිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරක් වේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.