Colombo Telegraph

නීති පොතට විහිළුවක් එකතු කිරීමට අධිකරණ අමාත්‍යවරයාට උවමනා වී තිබේ

බැසිල් ප්‍රනාන්දු

බැසිල් ප්‍රනාන්දු

අපරාධ නඩු විධාන සංග්‍රහයට සිදුකරන්නට යෝජිත සංශෝධනය මගින් විවාදයට සුදුසු නව මානයක් මතු කර තිබේ. එසේ වී තිඛෙන්නේ අධිකරණ අමාත්‍යවරයා විසින් අපරාධ විමර්ශන සඳහා අවශ්‍ය බව කියමින් මෙම සංශෝධනයට පක්ෂව එය ආරක්ෂාකර ගන්නට උත්සාහ කිරීමත් සමග ය.

යෝජිත සංශෝධනය පරිදි කටඋත්තර සටහන් කර ගෙන විමර්ශන කටයුතු අවසන් වන තෙක් නීතීඥවරුන්ට පොලිස් ස්ථානවලදී ජනතාව නියෝජනය කිරීමට අවසර නැත. තවදුරටත් පැවසෙන්නේ නීතීඥවරුන්ට ගෙවීමට මුදල් නැතිනම් ජනතාවට ඒ සඳහා නීති ආධාර මගින් නීතීඥයන්ට ගෙවිය හැකි බවයි.

මේ සමගම වහාම පැන නගින ප්‍රශ්නය වන්නේ අපරාධ විමර්ශනයක් සිදුවන අවස්ථාවේ සහ කටඋත්තරය සටහන් කර ගන්නා අවස්ථාවේ සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් පෙනී සිටීමෙන් පලක් නැති නම් නීතීඥවරුන්ට මුදල් ගෙවීමේ අරමුණ කුමක්ද යන්නයි. සංශෝධනයේ අරමුණ නීතීඥවරුන් පොලිස් ස්ථානයේදී සැකකරුවන් ව නියෝජනය කිරීම වැළැක්වීම නම්, මේ සංශා්ධනයට නීති ආධාර පිළිබඳ කොටසක් එකතු කරන්නේ ඇයි? ඔවුන්ට මුදල් ගෙවීම ගැන කතා කරන්නේ ඇයි?

මේ සඳහා තිඛෙන නිසැක හේතුව වන්නේ, නීතීඥවරුන්ට පොලිසියට යා හැකි නමුත් එසේ යාමට අවශ්‍ය නැති තත්වයක් ඇති කරන ප්‍රගතිගාමී නීතියක් ලංකාව තුළ සම්මත කළ බවට මතයක් ඇති කිරීමයි.

සංශෝධනයේ අරමුණ සැකකරුවන්ව නියෝජනය කිරීම සඳහා නීතිඥයන්ට පොලිසියට යාමට ඉඩ නොදීම නම් එහි අරමුණ වන්නේ කුමක්ද? දැන් පවතින තත්වය අනුව අපරාධ විමර්ශනවලදී සහ සැකකරුවන්ගෙන් කටඋත්තර සටහන් කර ගන්නා අවස්ථාවේදී නීතීඥවරුන්ගේ නියෝජනය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය නිහ~ ය. සංශෝධනයක් අවශ්‍ය වන්නේ උදාහරණයක් වශයෙන්, සිය සේවාදායකයන් නියෝජනය කිරීම නීතීඥවරුන්ගේ අයිතියක් බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් ව තිබී ප්‍රතිපත්තිමය හේතූන් මත අධිකරණ ඇමතිට එය ඉවත් කිරීමට උවමනා වුණා නම් ය. එනම් අපරාධ නඩු විධානයේ ඉවත් කිරීමට දෙයක් තිබුණේ නැත. එසේ තිබියදී මේ සංශෝධනය අවශ්‍ය වන්නේ කුමටද?

මේ සංශෝධනය නීති පොත්වලට ඇතුල් වෙනවා නම් ඇතුල් වන්නේ විහිලූවක් වශයෙන්ම පමණි. පොලිසියේදී සැකකරුවන්ව නියෝජනය කිරීමේ අයිතිය නීතීඥවරුන්ට අහිමි කරන නීති සෑදීමට අවශ්‍ය නැත. නීතිමය කරුණක් වශයෙන්, අපරාධ විමර්ශන අතරතුර නීතීඥවරුන්ට සිය සේවාදායකයන් නියෝජනය කිරීම සඳහා අයිතිය ලබාදීම සංශෝධනයේ අරමුණ වූවා නම් එය සාධාරණ ය. ජනතාව නියෝජනය කරන වෘත්තීය කණ්ඩායමකට අයිතියක් අහිමි කිරීම සඳහා නීති සෑදිය යුතු නැත. එය එසේ වුවහොත් එය එදාමෙදාතුර නීතිපොත්වලට ඇතුල්වන වඩාත්ම පසුගාමී නීතියක් බවට පත්වනු ඇත.

මේ සටකපට සංශෝධනයේ කර්තෘ කවුද කියා සැකයක් ඇතිකර ගත යුතු නැත්තේ මේ නීතිය හදන්නේ තමා බව අධිකරණ අමාත්‍යවරයා විසින්ම පිළිගෙන තිඛෙන නිසා ය. එය නීතිය කෙටුම්පත් කළ අය අතින් සිදුවූ අඩුපාඩුවක් නොවේ. මෙහිදී අඩුපාඩුව සිදුකර තිඛෙන්නේ අධිකරණ අමාත්‍යවරයාම ය.

මෙහිදී අපරාධ නිවාරණය සඳහා මෙම අයිතිය ඉවත් කිරීම අවශ්‍ය බවට බොරු හේතුවක් දක්වමින් අධිකරණ ඇමතිවරයා විසින්ම නීති වෘත්තියේ අයිතිවාසිකම් අහිමි කිරීමට මැදිහත් වී තිබේ. එය එසේ නම් අධිකරණ අමාත්‍යවරයා සිතන්නේ නීති වෘත්තිය අපරාධවලට දිරිදෙන කටයුත්තක් කියා ද?

මෙය නීති වෘත්තියට සෘජු ප්‍රහාරයක් එල්ල කරමින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ප්‍රථම නීතියයි.

තත්වය තවදුරටත් නරක අතට හැරී තිඛෙන්නේ පොලිස්පතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින්, පොලිස් ස්ථානවලට පැමිණෙන නීතීඥවරුන්ට ආචාරශීලී ලෙස සලකන ලෙසටත්, ඔවුන්ගේ රාජකාරි කිරීම සඳහා අවශ්‍ය සියලූ සහයෝගය ලබාදෙන ලෙසටත් පොලිස් නිලධාරීන්ට සහ පොලිස් ස්ථාන ප්‍රධානීන්ට උපදෙස් දී තිඛෙන නිසා ය.

මේ අනුව නව සංශෝධනයේ අරමුණ වන්නේ පොලිස් නිලධාරීන් සහ පොලිස් ස්ථාන ප්‍රධානීන් එම, පොලිස්පතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ගණන් නොගෙන, විමර්ශන අදියරේදී කිසිදු නීතීඥවරයෙකුට පොලිසියට පැමිණීමට ඉඩ නොදිය යුතු බව ද? එයින් අදහස් වන්නේ පොලිස්පතිගේ ගැසට් නිවේදනය අපරාධකරුවන්ට උදව්වක් බවත්, දැන්, අධිකරණ ඇමතිවරයාගේ උත්සාහය වන්නේ සිය ආයතනයේ ප්‍රධානියා විසින් සිදුකළ ගැසට් නිවේදනය ට එරෙහිව කටයුතු කිරීමට උදව් කිරීමත් වන බවද?

කුමන ආකාරයෙන් සිතා බැලූවත් මේ සංශෝධනය හාස්‍යජනක ය. එය ප්‍රතික්ෂේප කළ යුතු වන්නේ, සියල්ලටම පෙර එය විහිළුවක් වන නිසා ය. නීති පොත තිඛෙන්නේ විවිධ හේතු මත වරින් වර විහිළු සැපයීමට නොවේ.

නීතියේ මූලික අර්ථයවත් තේරුම්ගැනීමට අධිකරණ අමාත්‍යවරයාට බැරි නම්, එම ධුරය දැරීම සඳහා ඔහු ට තිඛෙන විශ්වාසනීයභාවය මීළඟ​ට පැන නගින ගැටළුව වේ.

අපරාධ වැඩිවීමට හේතුව අමාත්‍යවරයාට සොයාගැනීමට අවශ්‍ය වී නම්, මදක් වටපිට බැලූවා නම් ඔහුට එය ලෙහෙසියෙන්ම සොයාගත හැකිව තිබිණි. එවිට අපට තිඛෙන යුක්තික ක්‍රමය ඔහුට දැකගත හැකිවනු ඇත. අතිිශයින්ම දික්ගැස්සෙන නඩුවිභාග නිසා අපරාධකරුවන්ට නීතියට තිඛෙන බිය නැතිවීම මේ සඳහා තිඛෙන ප්‍රධානතම හේතුවක් බව ඔහු දකිනු ඇත. යුක්තිය පරිපාලනය කිරීමේදී පැන නගින ගැටලූ සම්බන්ධයෙන් මූලිකත්වය උසුළන්නන්ට වඩා වැඩි බුද්ධියක් නිතරම අපරාධකරුවන්ට තිබේ. ඒ අනුව ආසන්න අනාගතයේදී තමන්ට ද~ුවම් දෙන්නට නීතියට නොහැකි බව ඔවුන් පැහැදිලිව දකින විට අපරාධකිරීම ඔවුන්ට ඉතා පහසු ය. මේ හැරුණු විට අපරාධය සිදුකිරීමෙන් අනතුරුව විශාල කාලයක් නිදහසේ සිටිය හැකි බව දන්නා නිසා පැමිණිලිකරුවන් සහ සාක්ෂිකරුවන් සල්ලිවලට ගැනීමටත් ඔවුන්ව නඩු පැවරීම අධෛර්ය කිරීමටත් මේ කාලය පාවිච්චි කළ හැකි බව ද ඔවුහු දනිති. නඩු ප්‍රමාදය තරම් වෙනත් කිසිවකින් අපරාධ යුක්තික ක්‍රමය තුළ පවතින දූෂණය දිරිමත් නොකරයි. අපරාධ අඩුකරන්නට ඇමතිට උවමනා නම් එය ඔහු සිතා බැලිය යුතු එක් ප්‍රධාන කරුණකි එසේ නමුත් අමාත්‍යාංශය තිඛෙන්නේ ප්‍රතිපත්තිමය ගැටලූ සම්බන්ධයෙන් බුද්ධිමත් ලෙස වැඩකිරීමටත් යුක්තිය පරිපාලනය කාර්යක්ෂම සහ තාර්කික කිරීම සඳහා වෙනස්කම් සිදුකිරීමටත් වේ.

එපමණක් නොව අරමුණ වන්නේ අපරාධ අඩුකිරීම නම්, ඒ සඳහා උදව් වන දේවල් මොනවාදැයි ඔහු පොලිස් නිළධාරීන්ගෙන් ඇසිය යුතුව තිබිණි. මෙවිට බොහෝ  ෙජ්්‍යෂ්ඨ    පොලිස් නිලධාරීන් පිළිතුරු දෙනු ඇත්තේ අපරාධ විමර්ශන නිසි පරිදි කිරීමට අපහසු වී තිඛෙන්නේ විද්‍යාත්මක ලෙස විමර්ශන සිදුකිරීම සඳහා අවශ්‍ය පුහුණුව අඩුවීම නිසා බවට ය. මෙය ජාතික පොලිස් කොමිසම මෙන්ම ෙජ්්‍යෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් ද විවෘතවම සඳහන් කර ඇති දෙයකි. පොලිස් නිලධාරීන්ගේ අපරාධ විමර්ශන පරාසය ගුණාත්මක ලෙස වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයක් තිඛෙන බව ඔවුන් විසින් සඳහන් කර තිබේ. කැබිනට් සාමාජිකයෙක් වශයෙන් අමාත්‍යවරයා කටයුතු කළ යුතුව තිබුණේ මේ සම්බන්ධයෙනි.

ඉතා පැහැදිලිවම, අපරාධ අඩුකිරීම යෝජිත සංශෝධනයේ අරමුණක් නොවේ. මෙය, අමාත්‍යවරයා නීතීඥවරුන්ට වඩා පොලිස් නිලධාරීන්ට විශේෂයක් කරන බවට හැ`ගීමක් ඇතැම් පොලිස් නිළධාරීන් තුළ ඇතිකිරීම සඳහාත්, රටේ අපරාධ වැඩිවීම, නීතීඥයන් විමර්ශන වලට සහ ප්‍රකාශ සටහන් කර ගැනීමට මැදිහත්වීම නිසා හටගත් තත්වයක් බවට හැ`ගීමක් ඇති කිරීම සඳහා ගත් හුදු උත්සාහයක් පමණි.

මේ ආකාරයේ හේතු දැක්වීම් තවදුරටත් දුර දිග ගියහොත්, අපරාධ අඩුකිරීම අපහසු වීම සඳහා තවත් එක් හේතුවක් වන්නේ නඩුව විභාග කරන අවස්ථාවේදී නීතීඥවරුන් මැදිහත් වීම බව ද කියන්නට ඉඩ තිබේ. මේ අනුව, මේ සංශෝධනය හරහා අපරාධ නඩුවිභාගවලින් තොරව සැකකරුවන්ට ද~ුවම් කිරීම පවා අධිකරණ ඇමතිවරයාට අරමුණු කරගන්නට පුළුවන.

මේ සංශෝධනය කැබිනට් මණ්ඩලයේ බුද්ධිමත් භාවයට කරන නිග්‍රහයකි. මෙය ශ්‍රී ලංකාවේ ජනතාවට කරන නිග්‍රහයකි. තවද මෙය නීති වෘත්තියට ද කරන නිග්‍රහයක් වේ.

මේ හැරුණු විට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් ද මානව හිිමිකම් පිළිබඳ අන්තර්ජාතික නීති තත්වයට අනුව මෙකී සංශෝධනයේ තත්වය පැහැදිලිව දක්වා තිබේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීම අපරාධ අඩුකිරීමේ මාර්ගය යැයි අධිකරණ ඇමතිවරයා විශ්වාස කරනවාද? ඔහුගේ මතය වන්නේ මානව හිමිකම්වලට ගරු කිරීම අපරාධ වැඩිවීමට හේතුව බවද? මේ අන්දමින් සිතන මිනිස්සු ද සිටිති. ඔවුන්ට කියන්නේ ෆැසිස්ට්වාදීන් කියා ය.

මේ යුගයේ මානව හිමිකම්වලට එරෙහිව නැගී සිටින්නේ කවුද, ඔහු යුක්තියට එරෙහිවද නැගී සිටින්නෙකි. යුක්තිය සහ මානව හිමිකම්වලට ගරුකිරීම එකිනෙකින් වෙන් කළ නොහැකි ය. එය වෙන්කිරීමට යමෙක් උත්සාහ දරන්නේ නම් ආණ්ඩුව එම ප්‍රශ්නය බරපතළ ආකාරයෙන් ගණන් ගත යුත්තේ මෙය ආණ්ඩුවේ විශ්වාසනීයභාවයට බලපාන නිසා සහ, තමන් නීතිය මත පාලනයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවයත් සංහිඳියාවත් පිළිබඳ සියලූ ගැටලූ විසඳන බව දේශීයව මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ආණ්ඩුව ප්‍රකාශ කර තිඛෙන නිසා ය.

Back to Home page