28 September, 2020

Blog

ශ්‍රී ලංකාව: නෛතික බුද්ධියේ පිරිහීම; ළමුන් විකුණන පහත් තත්වයට පත්වීම

බැසිල් ප්‍රනාන්දු

බැසිල් ප‍්‍රනාන්දු

බැසිල් ප‍්‍රනාන්දු

කටුගස්තොට, අඹතැන්න ප්‍රදේශයේ අට හැවිරිදි දරුවාගේ (ඇතැම් මාධ්‍ය ආයතනවලට අනුව දස හැවිරිදි දරුවෙකි) කතාව පසුගිය සතියේ ප්‍රවෘත්ති වාර්තා කිහිපයකින්ම හෙළිදරව් විය. සිය නැතිවූ දරුවා සම්බන්ධයෙන් දරුවාගේ මව කටුගස්තොට පොලිසියට සිය මූලික පැමිණිල්ල සිදුකළාය. මූලික වශයෙන්, පොලිසිය පැමිණිල්ල නොතකා හැරි අතර දරුවා සෙවීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා කිසිවක් නොකළේය. පොලිසිය මැදිහත් වූයේ කාන්තාවක් එම දරුවා විකුණනු දුටු බවට ඔත්තුව ලැබුණු පසුව ය. වාර්තාවලට අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීහු දරුවා මිලදී ගැනීමට පාවිච්චි කළ රු. 50,000 සොයාගැනීමට සමත් වූහ.

වාර්තාවලට අනුව දරුවා, ළමුන් සිව්දෙනෙක් සිටි පවුලේ තුන්වැන්නා ය. දරුවාගේ පියා ආබාධිත පුද්ගලයෙක් වන අතර දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔත්පළ වී සිටියි. දරුවාගේ මව ළමුන්ගේ අවශ්‍යතා සපුරාලීමට අපොහාසත් ය.

දරුවා ව මිලදී ගත් පුද්ගලයා සහ ඔහුගේ සහෝදරිය සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඇප මත මුදා හැර තිබේ. එක් වාර්තාවකට අනුව, දරුවා විකිණීම සම්බන්ධයෙන් සැක පිට දරුවාගේ මව ද අත්අඩංගුවට ගෙන ඇත. ඈ ඇප මත මුදා හැර නැත්තේ, ඇයට ඇප දීම සඳහා  නිවසේ කිසිවෙක් නොපැමිණි නිසා ය.

සිව් වසරකට පෙර, 2010 මාර්තු මස මෙවැනිම තවත් සංවේගාත්මක පුවතක් වාර්තා විය. එම පුවත වූයේ, පස් දරු අම්මා කෙනෙක් සිය දරුවන් රැකබලා ගැනීමට නොහැකි කම නිසා තම බාලම දරුවා කළු ග`ගට විසි කළ පුවත ය. එසේ කිරීමට පෙර ඇය සිය දරුවා අනාථ නිවාසයකට භාර දීමට උත්සාහ කර තිබෙන්නේ එසේ වී නම් දරුවාට කන්නට දෙයක් හෝ ලැබෙන නිසා ය. නමුත් ඒ උත්සාහ ද ව්‍යර්ථ වී තිබේ. අවසානයේ අනෙක් වැඩිමල් දරුවන් තිදෙනාව අනාථ නිවාසයකට භාර ගැනුණේ, මව විසින් සිය බාල දරුවා කළු ග`ගට විසි කර දැමීමේ ඛේදජනක ප්‍රවෘත්තිය රට පුරා මහත් අවධානයක් දිනා ගැනීමෙන් පසුව ය.

දැන් පාරිභෝගික භාණ්ඩයක් මෙන් දරුවා විකුණා දැමීමේ කතාව අප හමුවේ තිබේ. මෙම කතාව වාර්තා වී තිබූ ස්වභාවය අනුව එය පොලිස් හෝ ළමා ආරක්ෂක බලධාරීන්ගේ පැත්තෙන් පමණක් නොව එහි වාර්තාකරුවන්ගේ පැත්තෙන් පවා කිසිදු කම්පනයක් ඇති කර තිබුණේ නැත. මේ අපරාධයේ තිබෙන ඉතා දරුණු සාහසික ස්වභාවය හෝ, එක් අසල්වැසියෙක් තවත් අසල්වැසියෙකුගේ දරුවා විකුණා එයින් ලාභ ලබන තරම් සදාචාරාත්මක පිරිහීමකට මේ රට ළ`ගා වීම කිසිවෙකුගේ අවධානයට ලක්වූයේ නැත. මහේස්ත්‍රාත්වරයා පවා මේ ගැටළුවට නිසි වැදගත්කම ලබා නොදී වරදකරුවන්ට ඉතා සරල ලෙස ඇප ලබාදුන් බව පෙනේ.

මෙම ලේඛකයා ට මුලින්ම ළමුන් විකිණීමක් ගැන අත්දැකීම ලැබුණේ කාම්බොජයේ මානව හිමිකම් සංවිධානයක් විසින් 1990 දශකයේ මුල් භාගයේදී වයස අවුරුදු පහක් පමණ වන දරුවෙක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මධ්‍යස්ථාන කාර්යාලය වෙත ගෙන ආ අවස්ථාවේදී ය. ළමුන් විකිණීමක් ගැන දැනගන්නට ලැබුණු විට මානව හිමිකම් සංවිධානයේ ඇතැම් තැනැත්තන් ගැනුම්කරුවන් ලෙස  පෙනී සිටිමින් සෙසු ගැනුම්කරුවන්ට වඩා වැඩි මිලක් අර්පණය කළේ දරුවා මුදා ගැනීමේ චේතනාවෙනි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මධ්‍යස්ථාන කාර්යාලය වෙත දරුවා ගෙන ආවේ, දරුවා රැකබලා ගත හැකි යම් ආරක්ෂිත ස්ථානයක් පිළිබඳ සොයාබැලීම සඳහා ය.

එයට පෙර ළමුන් විකිණීමක් ගැන අසා නොතිබුණු මම එම පුවත අසා කම්පනය ට පත්වීමි. මා හැදී වැඩුණු පරිසරය තුළ, අසල්වාසී හැම කෙනෙක්ම සිය අසල්වාසීන්ගේ දරුවන් සැලකුවේ තමන්ගේම දරුවන් වශයෙනි. කාම්බෝජයේ ළමුන් විකිණීම ගැන අප වැඩිදුර සොයා බලන විට දැනගත්තේ, එය එම රටේ ඉතා ප්‍රචලිත ප්‍රශ්නයක් බවයි. පොල්පොට් ගේ රෙජීමය (1975-1979) තුළ මුළු රටම විනාශ වූ අතර රටේ ජනගහනයෙන් 1/7 ක් මරණයට පත්වුණේ දේශපාලනමය හේතු මත මරාදැමීම නිසා හෝ සාගින්න නිසා ය. එසේ දුක් විඳි අය අතරින් වැඩි දෙනා දෙමාපියන්ගෙන් වෙන් කර ගෙන ගිය ළදරුවන් ය. පොල්පොට්ගේ පරමාදර්ශයට අනුව, දරුවන් ඔවුන්ගේ දෙමාපියන් සමග ජීවත් වුණොත් දෙමාපියන්ගෙන් ඔවුන්ට ප්‍රතිගාමී පුරුදු උරුම වේ. ඒ නිසා පෙරළිකාර පුරුදු ඔවුන් තුළ ඇතිකිරීම සඳහා ළමුන් ව දෙමාපියන්ගෙන් වෙන් කරන ලදී. පොල්පොට්ගේ පාලනය සිව් වසරකින් නිමා වුවද මෙකී විපත්තිදායක කාලයේ භයානක ප්‍රතිවිපාක, එක්සත් ජාතීන්ගේ සංවිධානය කාම්බෝජයේ සියලූ දේශපාලන අංශයන්ගේ එක`ගතාවයෙන්, කාම්බෝජය සඳහා වූ එක්සත් ජාතීන්ගේ සංක්‍රමික අධිකාරියේ (United Nation’s Transitional Authority for Cambodia(UNTAC)) අධීක්ෂණය යටතේ පවත්වන මැතිවරණයක් මගින් දේශපාලන විසඳුමක් සොයමින් සිටි එම 1990 දශකයේ මුල් භාගයේද පැහැදිලිව ම ප්‍රකට වෙමින් තිබිණි. ළමුන් විකිණීම එකී භීෂණ සමයේ උරුමයේ එක් අංගයක් විය.

දැන්, ඉතා අපරික්ෂාවෙන් සිදුකෙරුණු කටුගස්තොට ළමයා විකිණීමේ සිද්ධිය පෙන්නුම් කරන්නේ මෙවැනි ක්‍රියාවන් පවා සදාචාරාත්මක වශයෙන් අප්‍රසන්න සහ සමාජයීය සාහසිකකමක් වශයෙන් නොසලකන බවයි. රටේ නීති ක්‍රමය කොතරම් අකර්මණ්‍ය වී තිබෙන්නේද යත් මෙවැනි ගැටළුවක් පවා අනතුර හ`ගවන සීනු නාද කිරීමට අපොහොසත් වෙයි. රටේ සන්නිවේදන පහසුකම් එතරම් දියුණු හා උසස් මට්ටමක තිබියදීත්, දරුවෙක් නැති වීම හෝ දරුවෙක් විකිණීම වැනි සිද්ධියකදී ක්‍රියාත්මක විය යුතු වැඩසටහන් හෝ කාර්යපටිපාටි රටේ නැත.

කළු ග`ග සිද්ධිය ගැන නැවත සිහිපත් කරන්නේ නම්, පිළිසරණක් නැති මව සිය දරුවා ග`ගට විසිකරන සිද්ධිය ඉතා ඉක්මනින් අමතක කරන ලදී. මේ සිදුවීම පවා, මෙවැනි අවාසනාවන්ත තත්වයන්හිදී කළ යුතු දේ ගැන කිසිදු දේශපාලන හෝ ජනප්‍රිය තලයේ කථිකාවතක් නිර්මාණය නොකළේය. මෙයට සාපේක්ෂව, කටුගස්තොට ළමයා විකිණීමේ සිද්ධිය දරුවා කළු ග`ගට විසිකර දැමීමේ ඛේදවාචකය තරම්වත් මහජනතාවගේ අවධානය දිනාගත්තේ නැත.

නීති ක්‍රමයක් අතිශය දුක්ඛිත ලෙස අක්‍රිය වී තිබෙන විට දරුවන් විකිණීම වැනි සිද්ධියකදී පවා සහකම්පනයෙන් ක්‍රියාකිරීමට නීති සාධන බලධාරීන්ටගේ හැකියාව ද නැති වී යයි. එය සමාජයේ මානුෂීය සංවේදීතාවය නැතිවී ගොස් තිබෙන බවට පැහැදිලි ලකුණකි.

ශ්‍රී ලංකාවේ අද පවතින අන්දමේ සමාජයීය වාතාවරණයක් තුළ “යහපාලනය” ගැන කතා කිරීමේ ඇති ඵලය කුමක්ද? ළමා රැකවරණය සම්බන්ධයෙන් රාජ්‍යයේ මූලික හැකියා පරාසය පවා නැති වී ඇති විටෙක තමන් යහපාලනයක් කරගෙන යන්නේ යැයි රජය පවසන්නේ කෙසේද?

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.