28 March, 2024

Blog

19 වන සංශෝධනය: මේ තීරණාත්මක මොහොතේදී තම තමන්ගේ දේශපාලන භේදයන් පසෙක ලා කටයුතු කරමු

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිවේදනය

අජිත් පතිරන - ලේකම්,  ශ්‍රී ලංකා නීතිඥ සංගමය

අජිත් පතිරන – ලේකම්,
ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ශ්‍රී ලංකාව තුල නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අඛන්ඩව කැප වී ඇත. සැමවිටම අපගේ නොසැලෙන ස්ථාවරය වූයේ නීතියේ ආධිපත්‍යය උත්ථම්භනය කිරීමට කැපවුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අධිකරණයේ ස්වාධීනත්වය, පොලිසිය ඇතුළු රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, යහපාලනය සහ දූෂණය පිටුදැකීම අත්‍යාවශ්‍ය බවයි.

යෝජිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය හා අදාල විධි විධාන මෙකී පුරුෂාර්ථ සාක්ෂාත් කර ගැනීමේ කටයුත්තේ දී අනිවාර්ය සහ ඉතා වැදගත් පියවරක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය දකී.

විශේෂයෙන්ම, මෙම අවස්ථාවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත පහත ක්‍රියාමාර්ග තීරණාත්මක වන අතර ඒවා වහා ක්‍රියාත්මක කළ යුතු වේ.

1- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත පිහිටුවීම
2- ජාතික පොලිස් කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීම
3- තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතියක් ලෙස පිලිගැනීම
4- ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිශ්චයකාර වරුන් පත් කිරීමේදී විනිවිද පෙනෙන සහ පිළිගත් ක්‍රියා පටිපාටියක් ඇති කිරීම
5- 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අහොසි කිරීම

මෙකී ක්‍රියාමාර්ග වහා පැනවීම සහතික කරන ලෙස සියළුම පාර්ශවයන්ගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටී. මේ තීරණාත්මක මොහොතේදී තම තමන්ගේ දේශපාලන සහ/හෝ වෙනත් භේදයන් පසෙක ලා දේශයේ උපරිම යහපත වෙනුවෙන් ක්‍රියා කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සියළුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

අත්සන් කෙළේ

අජිත් පතිරන
ලේකම්
ශ්‍රී ලංකා නීතිඥ සංගමය

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.