27 April, 2024

Blog

13 වන ව්‍යවස්ථා සංශෝධනය, ජාතියේ අනාගතය හා අද අප කල යුත්තේ කුමක්ද ? – බොදු බල සේනා

බොදු බල සේනා – 2013 මැයි  21 –

වර්ෂ 1948 දී  නාමික නිදහස  ලැබූ  අපට 1971 දී සහ 1988/89 කාලවලදී  දැඩි අභියෝගවලට මුහුන දීමට සිදු විය.  ඒ දකුණේ  සන්නද්ධ  අරගල නිසාවෙනි. එමෙන්ම 1983 සිට 2009 දක්වා උතුරේ ත්‍රස්තවාදී  අරගලවලින්ද  පීඩා විදි  ශ්‍රී ලාංකීය සමාජය අද තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹී ඇත.  නිදහස ලබා   ගෙවුන    65  වසර තුල  ලොව කිසිදු ජාතියක් අත් නොවිදන ලද අනෙක විධ  දුකඛ ක දෝමනස්සයන් වලට මුහුණ දීමට අපට  සිදුවීම පැහැදිලි අවාසනාවකි.  මේ තත්වයට හේතුව වනුයේ අපව  ශතක ගණනාවක් පාලනය කල අධිරාජ්‍යවාදී පාලකයින් නිර්මාණය කල දේශපාලනික , පරිපාලනික , ආර්ථික  ආදී වූ  ව්‍යුහයන් තුල අප සිරවී  පල්වෙමින් සිටින නිසාවෙනි. අප පාලනය කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව , අද සමහරවිට මාසික වාර ප්‍රකාශනයක් මෙන්  සංස්කරණය වෙමින්  , ජාතියේ සැබෑ අභියෝග අමතක කරන්නට හා විවාද කරන්නට  වටපිටාව නිර්මාණය කොට ඇති මර  උගුලක් බවට පත්වීම සැබවින්ම අවාසනාවකි.  අප ජාතියේ සැබෑ හා නිවැරදි  දිශානතිය තෝරාගන්නට පාලකයන්ට හෝ පාලිතයන්ට  නොහැකි වී ඇත්තේ  මෙවැනි  විෂම හා සංකීර්ණ හේතු  නිසාවෙනි.

මේ ලෝකයේ කිසිදු හමුදාවකට යුධමය  වශයෙන් පරාජය කල නොහැකි යයි කටමැත දෙඩවූ  LTTE   ත්‍රස්තවාදීන් වාදීන්   ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී  හමුදාවන් අතින්  පරාජයට ලක්වීය. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සියලු ජනතාවට නිදහසේ  ජීවත් වියහැකි යුගයක් නැවතත් උදාවිය .  රටේ දියුණුව සඳහා මෙම තත්වය අද අපට අතිශය වැදගත්ය, තීරණාත්මකය. එහෙත් කණගාටුව වනුයේ අපගේ ගැටළු හා අර්බුද  විසඳා ගැනීමට අපට අවබෝධයක්  නොමැති වීමය. අපට දේශපාලන නිදහස ලබා දී නිවාස අඩස්සියක සිරකළ විදේශික බලවේග නිර්මාණය කල උගුල් වල වැටී ඇති අප එම උගුලෙන් බේරීම වෙනුවට නුල් බෝලයක තව දුරටත් පැටලෙනවා මෙන් , අපගේ ගැටළු තවදුරටත් සංකීරණ කරගනිමින්, එහෙත් ඒ බව තේරුම් නොගෙන ,   නටන වතුරේ මියැදෙමින්, ඒ බව තේරුම් නොගෙන, දුක සතුටක් සේ සිතා සතුටුවන කකුළු  වර්ගයා  සේ  අප සැම  අප අපම රවට ගනිමින් හා රැවටෙමින්  සාමුහිකව  සිය දිවි නසා ගනිමින් සිටිමු.

අද අප බුක්ති විඳින  නිදහස , සංහිඳියාව   සැබවින්ම තේරුම් ගැනීමට නම්  පසුගිය තිස් වසරක් අප  ගෙවූ අරාජික ,අස්ථාවර භයානක සමාජ වටපිටාව සිහියට නගා ගත යුතුමය .   අවාසනාවකට මෙන්  අප සමාජයේ බොහෝ දෙනෙකුටම එය අමතක වීම හා අමතක කරන්නට උනන්දු කරවීමය . රට, දැය  හා සමය ගැන හිතන  පතන හා  වැඩකරන බුද්ධිමත් සමාජයක්  අප සතු නොවීමය.  2009 මැයි මස මේ රටේ පැවති ත්‍රස්තවාදය  පරදවා යුද ජයග්‍රහණයක් ලැබු අවස්ථාවේදී   යුද්ධයට දේශපාලනික නායකත්වය ලබා දුන් ජනාධිපති වරයාට  වසර තිහකට  මේ රට බාරදිය යුතු යැයි   බොහෝදෙනා යෝජනා කළ බවද,  ඔහුව රජකමට අන්දවන්නට උත්සහ කල බවද ,  තිස් වසරක කුරිරු ත්‍රස්වාදයක අප දුක් විඳි බවද   සමහරුන් අද වනවිට අමතක කර හමාරය.

ඉතා දුර්වල වූ ප්‍රජාතන්ත්‍රවාදී  රාමුවක් පවතින   ශ්‍රී ලංකාව වැනි  රටක  ජීවන වියදම වැඩිවීම ,දුෂණය, නාස්තිය වැනි කරුණු මෙන්ම, බොහොමයක්  නිළධාරීන්ගේ සහ දේශපාලකයින්ගේ  අමන  හා අදුරදර්ශී ක්‍රියා නිසා පවතින ඕනෑම රජයක්   කාලය ගත වෙද්දී අප්‍රසාදයට පත්වේ . එහෙත් සිදු වන්නේ කුමක්ද?  මෙම  ජනතා ගැටළු විසදීම සඳහා ජන්දයක් පවත්වා නව පාලනයක් ඇති කල යුතු බව ඒත්තු ගන්වන   ඊනියා  “.ප්‍රජාතන්ත්‍රවාදය”   එකම විසදුම ලෙස අපට සිතන්නට පුරුදු කල සිතුම් පැතුම් තුල අප සිරවී සිටීමය  මෙම විසදුම සැම වසර පහකට වරක් අප සොයමින් සිටිමු. එහෙත් අප, අපගේ ගැටළු විසදීමේදී අප පැරදී ඇත, පරදවා ඇත, අපහොසත් වී ඇත හා අපොහොසත් කර ඇත. මෙම තත්වය වඩාත් තීව්‍ර වන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරී  බලවේග දේශීය කඩාකප්පල් කාරීන් සමග එක්ව රට අරාජික කිරීමට උත්සාහ කිරීමයි.

මෙසේ කුරිරු ත්‍රස්තවාදීන්ගෙන්  රට ජාතිය මුදාගත් ,  ත්‍රස්තවාදය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට වෙර දරන,යුද්ධය හා හිංසනය වෙනුවට සාමය ඇති කිරීමට උත්සහ කරන,  විනාශකාරී බිඳ දැමීම් වෙනුවට සංවර්ධනාත්මක ගොඩනැගීමක කල යුතු  රජයක්,  ජාත්‍යන්තරය ඉදිරියේ මෙන්ම ජනතාව ඉදිරියේද, හැල්ලුවට පත්වෙමින්  හා පත්කරමින් සිටී.

මෙවැනි තත්වයක් තුළ උතුරු පළාත් සභාව උදෙසා ජන්දයක් පැවැත්වීම අරමුණුකොට විවිධ ප්‍රකාශ  කිරීම් තුලින් රටේ පවතින තත්වය තවදුරටත් සංකීර්ණ   තත්වයකට පත්කිරීමට ඉඩ නොදෙන  පියවර ගැනීමට කටයුතු කිරීම  වර්තමාන  ශ්‍රි ලංකාවේ ප්‍රබලතම සමාජ ව්‍යාපාරය වන බොදු බල සේනාවේ  අභියෝගය බව අප තේරුම් ගෙන ඇත්තෙමු.  ඒ සඳහා අපගේ මතය ඉදිරිපත් කිරීමත් , එය සමාජ ගත කොට , ජනතාව  පෙළ ගැස්සවීමත් අද අපගේ සමුහිකවුත්, කාලීනවුත් වගකීමයි

අපේ රණවිරුවන් දස දහස් ගණනින් දිවිපුදා රැක ගත් රට නැවත නැවතත්  අරාජික ,පරාදීන  හා අනතුරු දායක තත්වයට ඇද නොදැමිය යුතුබව අප සියලු දෙනා පැහැදිලිව තේරුම් ගත යුතුය.

පළාත් සභා වලට උත්පත්තිය ලබාදුන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය යනු 

  • ශ්‍රී ලාංකික සමාජය තුළ කිසිදු සංවාදයකට හෝ කතිකාවතකට  යොමු නොකොට ඉන්දියාවේ උවමනාව මත  ශ්‍රී ලාංකීය ජනතාවගේ ස්වාධිපත්තිය හා ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසවමින් අප පාලකයන් බිය වද්දා හා රවටා , හදිසි නීතිය හා ඇදිරි නීතිය  පනවා  අප වෙත බලයෙන් පැටවූ ක්‍රමවේදයකි.
  • ශ්‍රීලංකාව මෙන් හැට (60) ගුණයකට අධික භූමියක් ඇති ඉන්දියාව වැනි රටක්   පාලනය කිරීමට  යොදාගත්  මෙවැනි ක්‍රම අප වැනි කුඩා රටකට සුදුසු   නැති  බව.  පැහැදිලි ජනවාර්ගික  විවිධත්වයක් ,  සංස්කෘතික විවිධත්වයක් නොමැති , භුගෝලීයව විශාලත්වයක් නොමැති අප රටට මෙවැනි ක්‍රමවේදයක් සුදුසු නැත. එය අධික ඒකීය පාලන පිරිවැයක් යන , ඉතා පහසුවෙන් අර්බුද  ඇති කල හැකි, ගැටුම් නිර්මාණය කල හැකි , බෙදීමට ඉඩ කඩ සලස්වන ක්‍රම වේදයකි 
  • අප කල යුත්තේ අනාගතය තුල ඇතිවිය හැකි විසඳුම් ලබා දෙන ක්‍රමවේද  අප විසින්ම නිර්මාණය කිරීමය. එහෙත් මෙහිදී සිදු වී ඇත්තේ  අතීත ගැටලුවකට පිළිතුරු ලෙස  අන් අය  විසින්  ක්‍රියාත්මක කල අනාගතයේ ගැටළු විසඳීම තබා අතීත ගැටළු විසදීමටත්  නොහැකි , වර්තමානයත් , අනාගතයත් අඳුරු කරන ක්‍රම වේදයකි.
  • මෙම ක්‍රමය ක්‍රියාත්මක වී වසර ගණනාවක් වුවද එය අපගේ ගැටළු විසඳීමට හෝ වි ජාතික සංහිඳියාවට  පිළිතුර ලබා නොදෙන බව ඉතිහාසය මේ වන විට ඔප්පු කර ඇත.
  • .පලාත් සභා  මැති ඇමති, නිලධාරී ,කාර්යාල නඩත්තුව සුදු අලියෙකු බව පොදු ජනතාවගේ ඉතා සාමාන්‍ය අවබෝධ යයි .
  • අපගේ පරිපාලන කටයුතු තවදුරටත් සංකීර්ණ කරනු ලබන ජනතාවට තව දුරටත් අපහසු කම් ඇති කරවන ක්‍රම වේදයකි
  • පසුගිය ශතක කිහිපය තුල යුරෝපයේ ශක්තිමත්වූ  හුදෙකලා රාජ්‍යයන් සිය මුදල් එකක, දේශ සිමා,  ආර්ථික බැමි ඉවතලමින් යුරෝපය එක්සත් රාජ්‍ය ක්‍රමයක් කරා  ආර්ථිකව හා දේශපාලනිකව  එක් වෙද්දී අප වැනි කුඩා රටවල් බෙදා වෙන් කර පාලනය  කිරීමට  උනන්දු කරවන ක්‍රම වේදයකි. වසර තිහකට පෙර යුරෝපය එක්වෙද්දී අප ඔවුන් නිපදවා, විකුණන ආයුධ  මිලට ගෙන  දෙකට බෙදී විනාශ වූ බව සිහියට ගත යුතුය.
  • අද අප ජීවත් වන්නේ දැනුම් යුගයකය. ඉඩම් ප්‍රධාන වූ කෘෂි යුගය පසු කර, ධනය මුලික වූ කාර්මික යුගය පසු කර අද අප එළඹ සිටින්නේ දැනුම තීරණාත්මක නිෂ්පාදන සාධකය වූ යුගයකය.  භුමිය බෙදා ගැනීමට සටන් කලේ ඉඩම් ප්‍රධාන නිෂ්පාදන සාධකය වූ කෘෂි සමාජය තුලය. අප සටන් කලේ, අද අප සටනකට යොමු කරන්නේ මෙම ගෝත්‍රික සිතුවිලි සමගය  මෙම ක්‍රමවේදය අපව දැනුම්  යුගයක් තුලින් අනාගතය වෙත ගෙනයනවා වෙනුවට අතීත ගෝත්‍රික පරිසරයකට තල්ලු කරන්නකි
  • පළාත් සභා ඇති කල යුගයේදී   උතුරු නැගෙනහිර මහා ඇමතිවරයා විසින් වෙනම රජයක් ප්‍රකාශයට පත් කිරීමට ගනු ලැබූ පුර්වාදර්ශය මෙම ක්‍රමය විසින් නිර්මාණය කර ඇති කල ක්‍රමයකි .
  • බලය යනු  ඇති විධායකය, ව්‍යවස්ථාදායකය  හා අධිකරණයේ  බල එකතුවයි . මෙම බලය සාර්ථක ලෙස හා සැබෑ බෙදාහැරීමට මෙම ක්‍රමය අපොහොසත් වී ඇති බව ඉතිහාසය ඔප්පු කර ඇත.

අප අද කල යුත්තේ කුමක්ද 

අතීතයෙන් පාඩම් ඉගෙන නොගෙන, අනාගතය ගැන නොසිතන හා වර්තමානයේ සැබෑ  ලොවක ජීවත් නොවී කටයුතු කල  පාලකයින් හා පාලිතයින් නිසා  අද අප සිරවී පිඩා විඳින  මෙම මර උගුලින් බේරී මිස අප ජාතිය දියුණු කල නොහැකි බව තේරුම් කර දීමය .  නිදා ගෙන සිටින හා නිදි කරවා ඇති , බෙදා වෙන් කර ඇති හා බෙදීමට වලිකන ශ්‍රී ලාංකීය සමාජය   නැගිට්ටුවා අපගේ රට දියුණු කිරීමට උනන්දු කරවීම අද දවසේ අපගේ වගකීම බව සිතමු . බුදු දහම අපට මේ සඳහා විසදුම් ලබා ගැනීමට ඇති හොඳම ක්‍රම යයි.  බුදු හිමියන් දේශනා කල සමනාත්මාතාවය   මත පදනම් කොට මැදුම් පිළිවෙත අනුගමනය කරමින් නිර්මාණශීලී ජාතියක් බිහි කිරීම සඳහා අප විසින් අද විචාරශීලී චින්තනය ප්‍රගුණ කල යුතුව ඇත.

  • පසුබිම නොසලකා සැම පුද්ගලයකුම සතු සමාන අයිතිය සුරකින සමාජයක් ස්ථාපිත කල යුතුය.
  • “විස්සසා පරමා ඥාති” යන බුදු වදන පදනම් කොට විශ්වාස ය පදනම් කොට ක්‍රියත්මක වන සැබෑ සමාජ ඒකාබද්ධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කල යුතුය.
  • අදායම වැඩි කර ජීවන වියදම අඩු කරන , දුෂණය , නාස්තිය හා ප්‍රමාදය වලක්වන පාලන ක්‍රමයක් වහා ස්ථාපිත කල යුතුය.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අධිකරණ නීති ක්‍රම  සංවර්ධනාත්මක ප්‍රවේශයකින් යුතුව පුළුල් කතිකාවතකින් නැවත සැකසීමට කටයුතු කල යුතුය.
  • ජනතාවට සැබවින්ම වැදගත් පළාත් පාලන ආයතන වඩාත් ශක්තිමත් කෙරීමට අවශ්‍ය  පරිපාලන බලයන් හා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කල යුතුය.
  • භාෂාව , ආගම් වැනි සාධක මත හෝ වෙන කුමන හෝ පදනමක් මත රට බෙදීම  සඳහා සැලසුම් කිරීම, ඒ සඳහා ප්‍රකාශ නිකුත් කිරීම හා ඒ සඳහා කටයුතු කරන දේශපාලන පක්ෂ තහනම් කිරීමට නීති පැනවිය යුතුය.
  • ඊනියා බලය බෙදීම වෙනුවට ජනතාවට බලය ලබා දෙන, වග කියනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී රාමු හා ව්‍යුහයන් ශක්තිමත් කල යුතුය.
  • රාජ්‍ය සේවය සැබෑ  ජනතා අයිතියක් බවට පත් වන ලෙස අධිරාජවාදී අනු මොඩලයක් වූ රාජ්‍ය පරිපාලනය සැබෑ  ජනතා සේවා කළමනාකරණයක් බවට පත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන ව්‍යුහය ප්‍රතිනිර්මාණය කල යුතුය.
  • දැනුම් යුගයකට ගැලපෙන  ලෙස රාජ්‍ය  සේවය ජනතාව ලඟට යන ජනතා සේවයක් පරිදි ලබා දීමට පරිගණක ආශ්‍රිත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  සැබෑ ලෙස ජනතාවාදී ලෙස භාවිත කල යුතුය.

මෙහිදී අප වහාම කල යුතු කරුණු දෙකකි.

  • බලෙන් පැටවූ, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංගනය කල මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්  ජනමත විචාරනයක් වහා පැවැත්විය යුතුය.
  • මෙම ජනමත විචාරණයකට  බලපෑම් කිරීම සඳහා රටට ආදරය කරන දේශප්‍රේමී සියලු දේශපාලකයින් පළාත් සභා ප්‍රතික්ෂේප කොට සිය තනතුරු වලින් ඉල්ලා අස්වී  තම රට ජාතිය වෙනුවෙන් සිය එහිතිහාසික යුතුකම හා වගකීම ඉටු කලයුතුය

රටක ජාතියක ආරම්භක සංවර්ධන මාවතට පිවිසීම සඳහා විධාන ඒකීයත්වයක් අතිශය වැදගත්ය. දැහැමින් සෙමෙන් රජකම් කළ පැරණි රජදරුවන් ගමෙන්,ගමට ,දිසාවෙන් ,දිසාවට රාජකාරි පැවරුහ. අදටත් අපේ වැව් ,අමුණු ටිකද දළදාව සහ සිරිමහ බෝරජුන්ද සුරැකී ඇත්තේ ඒ නිසාය. ගමෙන් ගමට ගාමිණී වරුන් පත්කොට ගම හදන්න. රටත් රැකෙයි.රජුත් රැකෙයි . රට වැසියත් සුඛිත,මුදිත වෙයි. මේ පැණසර දිණිසුරන් රටට අවශ්‍ය කාලයයි. ජනරජුගේ  සිට වීදිසරණ වුන්  දක්වා සම මෙතින් ,සමසිතින් සලකන මෙත්සිතැති දැහැමි රටක් අපි එක්ව ගොඩනගමු.

බොදු බල සේනා  2012 මැයි මස සිය ආරම්භයේ සිට විටින් විට මේ මතය වෙනුවෙන් පෙනී සිටි බව පැහැදිලිව ප්‍රකාශ කරමු.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    රාජ්‍ය අනාගාමී කරලම පටන්ගත්තා නම් හරි….

  • 0
    0

    සිවුරු පොරවා ගත් ආණ්ඩුවේ හොරිකඩයෝ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.