13 February, 2025

Blog

මුස්ලිම් අන්තවාදය පිළිබඳව ගෝඨාභයගේ ප්‍ර​කාශය ලංකාවේ ජාතික මට්ටමේ නායකයකු විසින් කරන ලද අභීත ප්‍ර​කාශයක් – බොදු බල සේනා

අද 2013 සැප්තැම්බර් 3 වන  දින කොළඹ පැවති  ආරක්ෂක සමුළුවේදී ප්‍රධාන දේශනය කරමින්  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ  ආරක්ෂාවට තර්ජනයක් වන අවදානම් තත්ත්ව පහක්  පිලිබඳ  සඳහන් කරමින් ” මුස්ලිම් අන්තවාදීන් විසින් සිදුකරන ක‍්‍රියාවන්ද ශ‍්‍රී ලංකාව මුහුණදෙන තවත් අවදානමක් ” බව ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ නායකයකු විසින් කරන ලද අභීත ප්‍රකාශයක් ලෙස අද දින පැවති  බොදු බල සේනා විධායක කමිටු රැස්වීමේදී දැඩි පැසසුමට ලක්වූ බව​ බොදු බල සේනා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.

පහත පළවන්නේ සම්පූර්ණ නිවේදනය යයි;

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ බොදු බල සේනා

අද 2013 සැප්තැම්බර් 3 වන  දින කොළඹ පැවති  ආරක්ෂක සමුළුවේදී ප්‍රධාන දේශනය කරමින්  ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ  ආරක්ෂාවට තර්ජනයක් වන අවදානම් තත්ත්ව පහක්  පිලිබඳ  සඳහන් කරමින් ” මුස්ලිම් අන්තවාදීන් විසින් සිදුකරන ක‍්‍රියාවන්ද ශ‍්‍රී ලංකාව මුහුණදෙන තවත් අවදානමක් ”  බව ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ නායකයකු විසින් කරන ලද අභීත ප්‍රකාශයක් ලෙස අද දින පැවති  බොදු බල සේනා විධායක කමිටු රැස්වීමේදී දැඩි පැසසුමට ලක් විය.

වසරකට ආසන්න කාලයක් තුල බොදු බල සේනා සංවිධානය  මුස්ලිම් අන්තවාදයක ඇති භයානක බව ප්‍රකාශ කරමින් මතවාදීව කරනු ලැබූ සටනේ වැදගත් ජයග්‍රහණයක් ලෙස මෙම ප්‍රකාශය බොදු බල සේනා පිලි ගනී. මෙම හෙලිදරුව් කිරීම් නිසා බොදු බල සේනා  යනු ත්‍රස්තවාදී සංවිධානයක් බව ප්‍රකාශ කල ඊනියා දේශපාලනික නායකයින්ට හා අනෙකුත් බලවේග වලට මෙම ප්‍රකාශය නිසි පිළිතුරක් බව බොදු බල සේනා අදහසයි.

මීට වසර 40 කට පෙර දුරදර්ශිව LTTE අන්තවාදය හඳුනා ගත්තේ නම් වසර 30 ක යුද්ධයේ භයානක ප්‍රතිපල අත්නොවිද දියුණු රටක් වන්නට පුළුවන් කම තිබුණි  අද මේ මුස්ලිම් අන්තවාදය හඳුනනොගතොත් තව වසර 20 කින් නැවත කණගාටුදායක පරිසරයක් ඇතිවිය හැකි බැවින් මෙලෙස කලින්ම මෙම අන්තවාදය ගැන හෙලිදරුව් කර ගැනීමට හැකිවීම ජාතියේ වාසනාවක් ලෙස සැලකිය යුතුය.

සත්‍ය ප්‍රකාශ කිරීම මේ රටේ දේශපාලකයින්ගේ හා නිලධාරීන්ගේ චර්යාවේ කොටසක් නොවන යුගයක හා තාවකාලික  වාසි  තකා වැඩ කරන යුගයක, පටු දේශපාලනික වාසි ගැන නොසිතා  කොන්ද කෙලින් තබා ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා කල මෙම ප්‍රකාශයට අන්තවාදී නොවන සිංහල ජාතිය හා මුස්ලිම්, දෙමල ඇතුළු සියලු ජන කොටස් වල  ගෞරවය හිමි විය යුතු බව බොදු බල සේනා විශ්වාසය පල කරයි. මුස්ලිම් අන්තවාදය ඇතුළු සියලුම අන්තවාදය පරදවමින් ශ්‍රී ලංකාව සාමකාමී රටක් බවට පත් කිරීමට නායකත්වය දීමට මුලාරම්භයක්  ලෙස මෙම ප්‍රකාශය සැලකිය යුතු බව බොදු බල සේනා තවදුරටත් අවධාරනය කරනු ලබයි.

Latest comments

  • 0
    0

    dan terenawa ati bodu bala senawa yata sitinne kawuda kiyala.

  • 0
    0

    එදා රෝහණ විජේවීර ශිෂ්‍යයාට විද්‍යා විෂය හැදෑරීම සදහා රුසියාවට ශිෂ්‍යත්වයක් නොලැබුනානම් ශ්‍රීලංකාව තුල ත්‍රස්තවාදයක් හිස නොඔසවන්න තිබුන .ඒ විද්‍යා විෂය හදාරන්න ගිය ශිෂ්‍යයා විද්‍යාව වෙනුවට සමාජ වාදය හැදෑරීම ඒ සමාජ වාදය ලංකාව තුල ප්‍රචලිත කිරීම මේ හැම අරගලයකම ප්‍රතිපලය විය නිසැකය .

    • 0
      0

      Your logic n facts are wrong at so many levels

  • 0
    0

    මුස්ලම් කොන්ග්‍රසයේ මිනිස්සු Ltte එක එක්ක සන්බන්දතා පැවැත්තුවේ අදක ඉයෙක නෙමේ .රාව්ෆ් හකීම් ප්‍රභාකරන් එක්ක එකට සුරුට්ටු බිව්වලු කියල එයාම පිලි අරන් තියනවා .ආරක්ෂක ලේකම් තුමා,ජනාධිපතිතුමා නොහිටින්න මේ ත්‍රස්ත වාදය නිමක් නෑ .ත්‍රස්ත වාදයෙන් රට මුදා ගන්න ක්‍රියා කල එකම ජනාධිපති වරයාද මහින්ද රාජපක්ෂ පමණයි .

  • 0
    0

    නවනීදන් පිල්ලේගේ වාර්ථාවෙහි භික්ෂු අන්තවාදීන් විසින් සුළු
    ආගමිකයිනට එල්ල කළාවු හිංසා පිඩා පිළිබඳ වාර්ථා ඇත.
    කෙසේ වෙතත් ගෝඨා තම සංඝ හෙන්චයියන් සාධරණීකරණය කළයුතුව
    ඇත.මුස්ලිම් අන්තවාදයක් හා කිතුණු මුලධර්මවාදයක් ගැන ගෝඨා
    දොඩවන්නෙ ඒ හේතුව නිසාවෙනි.

  • 0
    0

    එතකොට බොදුබල ත්‍රස්තවාදය රාඡපක්ෂලාට නොපෙනෙන්නේ ඔවුන් ඒකාධිපති ත්‍රස්ත්‍රවාධි නිසාද රවුෆ් හකිමි පමණක් නොව රාඡපක්ෂලාද ප්‍රභාගරන් එක්ක සමිභද කමිපැවැත්වු බව මංගල සමරවිර හා ගල්ගමුවෙදි රිය අනතුරකින් මියගිය ඇමතිද තහවුරැකිරිටමන් ඔහුගේ අවසානය එහෙම විය.මංගල කට වැසුවා.

  • 0
    0

    එක්සත් ජාතීන්ගේ චෝදනා හමුවේ ලැජ්ජාව වසා ගැනීමට බැරිව කල, පැස්බරා තම පශ්චාත් භාගය එලියට දමමින් මුහුණ සඟවා ගන්නා ආකාරයේ ප්‍රකාශයක්.

  • 0
    0

    good!!! let us we keep our eyes open. claps for u Mr Gotabaya.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.