24 September, 2020

Blog

මහින්දව පරද්දන්න රනිල්ට පුළුවන් ද?

පී. බර්ටි රණවීරගේ

පී. බර්ටි රණවීරගේ

පී. බර්ටි රණවීරගේ

එක්සත් ජාතික පක්ෂයේ පෙනෙන්ට ඇති එක්සත් භාවයත්, ඌව පළාත් සභා මැතිවරණයේ සාර්ථකත්වයත් අනුව, එළැඹෙන මාස කිහිපයේ දී එම පක්ෂය වඩාත් ශක්තිමත් වන බවට සැකයක් නැත. එහෙත් පිළිතුරු සෙවිය යුතු දුෂ්කර ප‍්‍රශ්නය වන්නේ, යම් හෙයකින් 2015 අපේ‍්‍රල් මාසයට කලින් ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් එහි දී ජනාධිපතිවරයාව පරාජය කිරීමට තරම් ඊට හැකි වේද යන්නයි.

ඉදිරි මැතිවරණ සඳහා ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් සූදානම් වෙයි. ඒවා ජය ගැනීම ඔවුන්ගේ සැලසුමයි. දැන් දින කිහිපයකට පෙර, තෝරා ගත් රජයේ සේවක පිරිසකට මෝටර් සයිකල් ලක්ෂයක් ඉතා අඩු මිළකට බෙදා දීමේ උත්සවයක් පැවැත්වුණි. එක මෝටර් සයිකලයක් සඳහා ඔවුන්ට ගෙවීමට ඇත්තේ, පවතින වෙළඳ පොළ මිළෙන් හතරෙන් පංගුවකටත් අඩු මුදලකි. මේවා ලැබීමට සුදුස්සන් වුණේ, ‘පොදු මිනිසාගේ’ සේවයට සිටින, මෑතක පිහිටුවන ලද ‘දිවි නැගුම’ දෙපාර්තමේන්තුවේ සේවකයන් සහ ග‍්‍රාම සේවා නිලධාරීන් ය. මීට පෙර සිටි කිසි රජයක් එතරම් සහනදායි මිළකට නිකං බයිසිකලයක්වත් රජයේ සේවකයන්ට දුන්නේ නැත.

මීට දෙසතියකට පෙර, ආණ්ඩුව සමෘද්ධි බැංකු ජාලය හරහා ‘ණය’ යෝජනා ක‍්‍රමයක් ද දියත් කෙළේය. සමෘද්ධි බැංකුවේ ගිණුමක් ඇති ඕනෑම කෙනෙකුට, ඕනෑම අවසරයක් යටතේ, රුපියල් 50,000 ක ණයක් මේ යෝජනා ක‍්‍රමයෙන් ලබාගත හැකිය. එම ණය ආපසු ගෙවීම පටන් ගැනීමට අවුරුද්දක සහන කාලයක් ලැබේ. එතැන් පටන්, ණය ආපසු ගෙවිය යුත්තේ සියයට 4 ක් වැනි ඉතා අඩු පොළියක් සහිතවයි. මේ ණය කිසි දවසක ගෙවීමට සිදු නොවන දෙයක් බවට කටකතා ද එමටයි. මෙවැනි ණය යෝජනා ක‍්‍රමයක් නිසා, රටේ තිබෙන සියලූ සමෘද්ධි බැංකු බංකොලොත් විය හැකි බවට, මේ අතර සමෘද්ධි බැංකු සේවකයෝ මැසිවිල් නගති.

Mahinda Ranilවිදුලි ගාස්තු සහ පෙට‍්‍රල් මිල අඩු කිරීමත්, 2015 මුල් මාස තුන ඇතුළත පැවැත්වීමට නියමිත මැතිවරණයක් සඳහා වන පෙර-සූදානමක් බව පැහැදිළි ය. ඊළඟ අයවැයෙන් ‘පොදු මිනිසාට’ තවත් සහන ආණ්ඩුවෙන් පිරිනැමුණොත් පුදුම විය යුතු නැත. රජයේ සේවකයන්ගේ සහ විශ‍්‍රාමිකයන්ගේ සෑහෙන පඩි වැඩි වීමක් සමග වෙනත් සමාජ කොටස්වලට සහන මල්ලක් ඊළඟ අයවැයෙන් ලබා දෙන්නට පුලූවන. රටේ ආර්ථිකයට අත්විය හැකි මොන අනතුරක් තිබුණත්, ඊළඟ මැතිවරණය ජය ගැනීම සඳහා තමන්ට කළ හැකි සෑම දෙයක්ම කිරීමට ආණ්ඩුව සූදානම් වන බවකි පෙනෙන්ට ඇත්තේ.

ඌව පළාත් සභා ඡුන්දය හරහා බලගැන්වුණු ආණ්ඩු-විරෝධී බලවේග මෙල්ල කිරීම සඳහා ඡුන්දයෙන් පසු ආණ්ඩුවේ මැරයන් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල යෙදුණු සැටි අපි දුටුවෙමු. අනාගත මැතිවරණවලින් ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් පැරදුණොත් ඇමතිවරුන්ට, මන්ත‍්‍රීවරුන්ට සහ ඔවුන්ගේ හෙංචයියන්ට අහිමි විය හැකි අනේක දේවල් ගැන සිතා, ආණ්ඩු පාක්ෂික මැරයන්, ආණ්ඩුවේ ලොකු තැන්වල ද සහයෝගය ඇතිව, පෙර නොවූ විරූ ආකාරයේ ප‍්‍රචණ්ඩත්වයක් හරහා විපක්ෂයේ ධෛර්ය බිඳ හෙලීමට අනාගත මැතිවරණයකදී කටයුතු කරනු නිරනුමානයි. එවැනි තත්වයක් යටතේ රනිල් වික‍්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයකින් ජයගත හැකි වෙයි ද?

ඌවේ ප‍්‍රතිඵලවලින් සමස්ත රටේ චිත‍්‍රය නිරූපණය වෙතැ යි යන්න ගැන මට ඇත්තේ බලවත් සැකයකි. බදුල්ල දිස්ත‍්‍රික්කයේ දී එක්සත් ජාතික පක්ෂය ලැබූ සාර්ථකත්වය මොනරාගලදී නොලැබූ බව අප අමතක නොකළ යුතුය. එසේම, මහින්ද රාජපක්ෂ පාලනය යටතේ කිසි පළාත් සභාවක් ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වී නැති බව ද සිහියේ තබාගත යුතුය. බිම් මට්ටමේ සංවිධානාත්මක ශක්තියත් ඉතා දුර්වල ය. ඌව මැතිවරණයට පෙරාතුව බදුල්ලේ පැවති මහ රැුස්වීම හැරුණු කොට, පසුගිය වසර කිහිපයේ එක්සත් ජාතික පක්ෂය පැවැත්වු කිසි මහජන රැුළියකට විශාල ජනතාවක් අද්දවා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වී නැත. එම පක්ෂය සංවිධානය කොට කොළඹදී පැවැත්වු සෑම විරෝධතා ව්‍යාපාරයක්ම මුළුමණින් අසාර්ථක විය.

පක්ෂයේ ඉහළ ස්ථරයේ යම් එක්සත් භාවයක් ඇතිව තිබුණත්, ජාතික මට්ටමේ මැතිවරණයකින් තනි පක්ෂයක් වශයෙන් ජය ගැනීමට නම් අඩු වශයෙන් තව අවුරුද්දක්වත් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය කරනු ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව පැරදවීමට 1970 දශකයේ දී ජේ. ආර්. ජයවර්ධනට කොපමණ කලක් ගියේ ද යන්න සිහිපත් කර ගැනීම වටී. අඩු වශයෙන් 1977 මහ මැතිවරණයට පෙර අවුරුදු තුනක් තිස්සේවත්, සාර්ථක විරෝධතා ව්‍යාපාර රට පුරා පැවැත්වීමට ජේ. ආර්. ට සහ එම පක්ෂයට හැකි විය. එහිදී එක්සත් ජාතික පක්ෂයට බිම් මට්ටමේ සංවිධාන ශක්තියක් තිබීම පමණක් නොව, සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව යටතේ වසර ගණනාවක් තිස්සේ රට අත්විඳිමින් සිටි නිරාහාරත්වයත් බලපෑවේය. සතියකට ධාන්‍ය ඇට රාත්තල් අටක් ජේ. ආර්. පොරොන්දු වුණේ ඒ තතු යටතේ ය. ඊට අමතරව, සභාග රජයේ පාර්ශ්වකරුවන් ද, එනම්, ලංකා සමසමාජ පක්ෂය සහ ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද ආණ්ඩුවෙන් වීසි වී තිබුණි.

ඊට වෙනස් තත්වයන් යටතේ, 2001 දෙසැම්බර් මාසයේ ආණ්ඩුවක් පිහිටුවීමට රනිල් වික‍්‍රමසිංහට හැකි විය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග රට යුද්ධයක පැටලී සිටි අතර, චන්ද්‍රිකා පොරොන්දු වූ සාමය පේන තෙක් මානයක නොවීය. කටුනායක ගුවන් තොටුපොළ එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාරයට ලක්ව තිබුණු අතර, ආර්ථික වර්ධන වේගය සෘණ 1.5 ක් වන තරමට රටේ ආර්ථිකය කඩා වැටී තිබුණි. නිමක් නොපෙනෙන යුද්ධයෙන් හෙම්බත් වී සිටි ජනතාවට සාමය ගෙනෙන්නෙමැ යි රනිල් පොරොන්දු විය. ඒ තතු යටතේ, මැතිවරණයට මත්තෙන් ලංකා කම්කරු කොන්ග‍්‍රසය සහ මුස්ලිම් කොන්ග‍්‍රසය සමග රනිල් සන්ධානයකට පැමිණ තිබීම වඩාත් වැදගත් විය. පක්ෂයක් වශයෙන් අදට වඩා එදා එක්සත් ජාතික පක්ෂය සංවිධානාත්මකව සිටි අතර එක්සත් ජාතික පක්ෂ පැරැුන්නන් සියල්ලන්ම පාහේ රනිල් සමග එකට සිටියහ.

1977 සහ 2001 එක්සත් ජාතික පක්ෂය සමග වර්තමාන එක්සත් ජාතික පක්ෂය සන්සන්දනය කරන්නැ යි මම පාඨකයන්ගෙන් ඉල්ලමි. ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ සිටි බොහොමයක් ඇතුන් අද ඉන්නේ ආණ්ඩුවේ ය. ජනාධිපතිවරයාගේ කාලය අවසන් වීමට නියමිත බව ඔවුන්ට හොඳින් ඒත්තු නොයන්නේ නම් මෙම ආණ්ඩුවෙන් කැඞීමට ඔවුන් මැළි වෙනු ඇත.

මහින්ද රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාකලාපය තිබියදීත්, ඔහුගේ ආණ්ඩුව යටතේ අධිකරණයේ ස්වාධීනත්වය බාල්දු වී තිබියදීත්, ඔහුගේ ජනප‍්‍රියත්වය තවමත් බරපතල කඩාවැටීමකට ලක්ව නැති බව කෙනෙකු පිළිගත යුතුය. පවුල්වාදය, දූෂණය, නොමනා පාලනය, උද්ධමනය සහ මාධ්‍ය නිදහසට ඇති බාධාවන් නිසා ඉස්සර තරම් අද ඔහු ජනප‍්‍රිය නැති බව ඇත්ත. රටේ ජනතාවගෙන් අති බහුතරයක් අද ජීවිත ගැටගසා ගන්නේ ඉතා අමාරුවෙනි. පළාත් සභා මැතිවරණයේ දී තමන් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය පාවිච්චි කරන බවත්, ජනාධිපතිවරණයකදී මහින්ද රාජපක්ෂට ඡුන්දය පාවිච්චි කරන බවත් ඌවේ කෙනෙකු කී බව මගේ මිතුරෙක් මට කීවේය. හේතුව, බෝම්බ බියකින් තොරව ජීවත් වීමට හැකි වීමයි.

ජීවින වියදම අඩු කිරීමට කළ හැකි සෑම දෙයක්ම, එළැඹෙන ජනාධිපතිවරණයට පෙර ආණ්ඩුව කරනු ඇත. රැුකියා විරහිත තරුණ පිරිසට මාසික දීමනාවක් පවා දුන්නොත් මම පුදුම නොවෙමි. එම නිසා, ළඟ එන ජනාධිපතිවරණයකදී මහින්දව පරාජය කිරීමට රනිල්ට හැකි වීම, ආශ්චර්යයකින් මිස සිදුවිය හැක්කක් නොවේ. ඉතිං, ආණ්ඩුව පරාජය කොට බලයට ඒමට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නම් ඒ සඳහා කළ යුත්තේ කුමක් ද?

මගේ විශ්වාසය වන්නේ, ප‍්‍රධාන බලගතු පක්ෂ සියල්ලේම නිර්-ව්‍යාජ සහයෝගය සහිතව, අවුරුද්දක් ඇතුළත අඩු වශයෙන් ප‍්‍රධාන ප‍්‍රශ්න අතලොස්සක් හෝ ආමන්ත‍්‍රණය කළ හැකි නිර්-පාක්ෂික අපේක්ෂකයෙකුට පමණක්, මේ මොහොතේ ජනාධිපතිවරයාව පරාජය කළ හැකි බවයි. එබැවින්, රනිල් වික‍්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ කළ යුත්තේ, ක‍්‍රියාන්විත සැලැස්මක් සහ වැඩපිළිවෙලක් සහිත පොදු පෙරමුණකට නායකත්වය සපයමින්, ඡුන්දදායකයන්ගෙන් බහුතරයක හිත දිනාගත හැකි චන්ද්‍රිකා වැනි අපේක්ෂිකාවක් සටනට ඉදිරිපත් කිරීමයි.

ඒ ‘පොදු ජනාධිපතිවරයා/වරිය’ බලයට පත්වීමෙන් පසු අනුගමනය කළ යුතු වැඩපිළිවෙල තුළට, වෙනත් කරුණුවලට අමතරව, පහත සඳහන් දේවල් ද ඇතුළත් විය යුතු බව මගේ හැඟීමයි:

1. පාර්ලිමේන්තු නියෝජනය සහිත සෑම දේශපාලන පක්ෂයකින්ම සැදුම්ලත් ජාතික ආණ්ඩුවක් අවුරුද්දක කාලයක් සඳහා පිහිටුවා ගැනීම.
2. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමෙන් සාමාන්‍ය ජනතාවට වහා සහන සැලසීම.
3. පාර්ලිමේන්තුවට සියලූ බලය පවරන අළුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීම.
4. අවුරුද්දකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.
5. අළුත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා අළුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම.

එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් හිමි වීමට හොඳටම ඉඩ ඇති නිසා රනිල් වික‍්‍රමසිංහ මහතාට එවිට අගමැති විය හැකිය.

ඉහත සඳහන් උපාය මාර්ගය පෙරදැරිව හෝ ඊට සමාන උපාය මාර්ගයක් පෙරදැරිව රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කරයි ද, නොඑසේ නම්, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වශයෙන් තනියෙන් තරග කොට හරාකිරි ක‍්‍රමයට බඩ කපා ගනී ද යන්න ඉදිරියේ දී බලා ගත හැක්කකි.

*2014 සැප්තැම්බර් 26 වැනි දා ‘කලම්පු ටෙලිග‍්‍රාෆ්’ වෙඞ් අඩවියේ පළවූ Can Ranil Defeat Mahinda? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    මෙම ලියුම්කරු ලියා අැති අයුරින්ම එඡාපයට අැති මහඡන ප්‍රසාදයේ යථා තත්වය වන්නේ: “බිම් මට්ටමේ සංවිධානාත්මක ශක්තියත් ඉතා දුර්වලය. ඌව මැතිවරණයට පෙරාතුව බදුල්ලේ පැවති මහ රැස්වීම හැරුණු කොට, පසුගිය වසර කිහිපයේ එක්සත් ජාතික පක්ෂය පැවැත්වු කිසි මහජන රැළියකට විශාල ජනතාවක් අද්දවා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වී නැත. එම පක්ෂය සංවිධානය කොට කොළඹදී පැවැත්වු සෑම විරෝධතා ව්‍යාපාරයක්ම මුළුමණින් අසාර්ථක විය” යන්නය. කරුණු එසේනම් එඡාප නායකයාට එළඹෙන ඡනාධිපතිවරණයේදී සිටින ඡනාධිපති පරද්දන්නට බැරි බව විස්තර කලයුතු නැත.

    එඡාපයට මහඡන ප්‍රසාදයක් නැත්තේ අැයිද යන්න සොයා බැලුවහොත් මුලින්ම සිහියට නැගෙන්නේ ‘රනිල්ට බැහැ’ යන පොදු කියමනය. නමුත් 2001 වසරේදී එවකට සිටි විධායක ඡනපතිනියගේ රඡයෙන් කල්ලියක් කඩාගෙන අැගේ රඡය අස්ථාවර කර චන්දයකට ගොස් එම රඡය පරදවා එඡාප රඡයක් පිහිටුවා කොටි සමග සාම ගිවිසුමකට යාමටත් එයට ඡාතියන්තරයේ පූර්ණ අනුග්‍රහය ලබාගැනීමටත් රනිල්ට හැකි විය. එපමනක් නොව 2001 දී 45.6% ක චන්ද ප්‍රතිශතකයක් සහ පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් ලබාගැනීමටද රනිල්ට හැකි විය.

    ප්‍රශ්ණය වන්නේ යූඑන්පියට එකී වසර තුනක ‘සාම’ කාලයෙන් පසුව 2004 දී පැවැත්වූ මහ මැතිවරණයේදී ලබාගතහැකිවූයේ 37.8% ක පරාඡයක් අත්වූයේ අැයිද යන්නය. බොහෝ අය කියන්නේ 2004දී ‘ඡාතික හෙල උරුමය’ ලබාගත් 6% කට අාසන්න ලක්ෂ හයක වන්ද එඡාප චන්ද බවය. හෙල උරුමය ලබාගත් සියලු චන්ද කෙසේ වෙතත් ලක්ෂ හයෙන් 90%ක් එඡාප චන්ද බව මමද පිළිගනිමි. එසේ නම් 2001දී බලයට පත් රනිල් 2004 වන විට එඡාපයේ චන්ද 6% ක් අහිමි කරගෙන අැති බව පැහැදිලිය. නමුත් එම චන්ද ප්‍රමාණයෙන් හරි අඩක් 2005 ඡනාධිපතිවරණයේදී රනිල් විසින් අාපසු ලබාගෙන අැත් බවත් පෙනී යයි.

    මහින්ද කොටින්ට මුදල්දී දෙමළ වැසියන් ලවා චන්දය වර්ඡනය කර ඡනාධිපතිවූ බවට එඡාපය දිගින් දිගටම චෝදනා කලේය. දෙමළ වැසියන් චන්දය වර්ඡනය නොකලේ නම් රනිල් ඡනපති වන බව සිකුරුය. නමුත් කොටි මුදල්වලට යුද්ධය ඉල්ලාගෙන කෑවේයයි පිළිගන්නේ යූඑන්පී අඳ බාලයන් පමනි. කොටින්ට යුද්ධය අවශ්‍ය බව ඔවුන් සාම කතාවලින් පිට පැනීමෙන්ම පැහැදිලි විය. පූර්ණ ඊලම දිනාගතහැක්කේ යුද්ධයකින් පමනක් බව ඔවුන් තරයේ විශ්වාස කලේය.

    මහින්ද ඡනපතිවූ පසු කොටි යුද්ධය ගෙනා බව නොපිලිගන්නේ ඊලාමිවාදීන්ය. මහින්ද යුද්ධය දිනාවි යයි රනිල්වාදීන් කිසිවිටකත් බලාපොරොත්තු නොවීය. එනිසාම රනිල් ගෝලයින් ලවා හමුදාවට අපහාස කලේය. හමුදාව යුද්ධය දිනාගෙන එන විට රඡය පෙරලා දමා යුද්ධය ලොප්කරන්නට රනිල් නොකල දෙයක් නැත. මොන බාධක පැමිනියත් 2009 මැයි 18වනදා මහ කොටියාත් මරාදමා මහින්ද යුද්ධය අවසන් කලේය. සිංහල බෞද්ධ බහුතරය මහින්ද සමග සිටින්නේ මොන අඩුපාඩු තිබුනත් ඔහු රටට සාමයත් දේශපාලන ස්ථාවරත්වයත් සහ අැහැට දැකිය හැකි සංවර්ධනයත් ලබාදී අැති නිසයි.

    2001-3 රනිල්ගේ පාලන රටාව ගැන 70%ක්වූ සිංහල බෞද්ධ බහුතරය කලකිරී සිටි බව නම් සෝම හාමුදුරුවන්ගේ මරනයට අා ඡන ඟගෙන් මොනවට පැහැදිලි විය. එසේ නොවන්නට 2001දී 0.5% ක් හෙවත් ලක්ෂ භාගයක පමණ චන්ද ලබාගත් සිහල උරුමය 2004දී ‘ඡාතික හෙල උරුමය’ ලෙස ලක්ෂ 6කට අාසන්න චන්ද සංඛයාවක් ලබාගතහැකි වෙතැයි සිතා ගැනීමටවත් නොහැකිය. කොටින්ම කියන්නේ නම් එල්ලයක් නැති අන්ත දූෂිත චන්ද්‍රිකාට ඡේවිපිය සමග හවුලේ 45.6% ලබාගෙන රඡයක් අටවා ගැනීමට හැකිවූයේ රනිල්ගේ පාලන රටාව ගැන සිංහල බෞද්ධ බහුතරයට අැතිවී තිබූ කලකිරීම නිසාය. එතැන් සිට රනිල්ට දිගින් දිගටම අත්වන්නේ පරාඡයමය. රනිල් වෙනස්වී නැත. රනිල්ගේ අදහස් අනුව ඔහුට වෙනස්වීමට බැරිය. රනිල් 2004දී අහිමිකරගත් සිංහල බෞද්ධ චන්ද නැවත අාපසු දිනාගෙන අැති බවක් පසුගිය පලාත් සභා චන්දයේදීවත් පෙන්වා නැත. එනිසා 2015 වන්දයේ ප්‍රතිඵල වෙනස්වේදැයි පේන බැලිය යුතු නැත.

  • 0
    0

    “එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශ වී තිබෙනවා. ඒත් ඔහුට දිනන්න බැහැ. ඒ වගේම එක්‌සත් ජාතික පක්‍ෂයේ සහාය නොමැතිව පොදු අපේක්‌ෂකයකුටත් ජය ගන්නට නොහැකි යයි ද සෝභිත හිමියෝ තවදුරටත් පැවැසූහ.” යයි අද (3/10) දිවයින පත්‍රය වාර්තාකර අැත.

    • 0
      0

      සෝභිත හාමුදුරුවන්ගේ හම කබර හමටත් වඩා ඝනකම බවයි පෙනෙන්නේ. අපේ ගැලවුම්කරුවා වීමට හාමුදුරුවන් මොන මොන කතා කීවත් යූඑන්පිය සහ ඡේවීපිය නම් ඔහුට අලගු තියන පාටක් නැහැ. හාමුදුරුවො අරින්නෙත් නැහැ. අැයි ඉතින් ඉවැන්ඡලිස්, එන්ඡීඔි සහ කෝකත් එකයි අාගම නඩයන්ට අැමරිකන් අැම්බසියෙ සහ නියෝ කොන් සුද්දන්ගෙ සල්ලි කඩාගන්න ක්‍රමයකුත් එපායැ. හොඳ හොඳ සෙල්ලන් ඉස්සරහට තමයි. මේධානන්ද හාමුරුවන්ගේ අාර්ය්‍යස්ඨාංගික මාර්ගයට රනිල් බැන්ස් කාර් එක එකතු කලා වගේ සෝභිත හාමුදුරුවන්ගේ අාර්ය්‍යස්ඨාංගික මාර්ගයට මිනිහ මොන මොනවා ඉදිරියේදී එකතු කරයිද දන්නෙ නැහැ. බලමු බලමු.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.