
මහා බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ සැක කරුවන්ට විරුද්ධව නඩු පැවරීමට නීතිපති දපුල ද ලිවේරා මහතා ජූනි මස 7 වැනි දා සිට පියවර ගෙන ඇත.
අවරුදු තුනක් පමණ කාලයක් මෙම බැඳුම්කර වංචාව පිලිබඳ නොයෙක් පරීක්ෂණ පැවැත්වූ නමුත්, නඩු පැවරීමේ කටයුතු ප්‍රමාද වී තිබුණි.
එහෙත් නව නීතිපති දපුල ද ලිවේරා මහතා පදවියට පත් වූ පසුව එම කටයුතු සීග්‍ර වීම විශේෂයක් ය.
පසුගිය 27 වැනි දින, නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී වන රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර කියා සිටියේ අග විනිසුරු ජයන්ත ජයසුරිය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බැඳුම්කර වංචා ව සම්බන්ධ යෙන් අධි චෝදනා පත ගොනු කිරීමට අවසර දුන් හෙයින්න අධි චෝදනා පත්‍ර භාර දීම සඳහා සැකකරුවන් 10 දෙනෙකුට ජූලි 19 දඋසාවිය ඉදිරියේ පෙනී සිටීමට නොතිසී නිකුත් කර ඇති බවයි.
එම නඩුවේ අධි චෝදනා පත්‍ර Colombo Telegraph වෙත ලැබී ඇත. එය කියවීමට මෙම link එක හරහා පිවිසෙන්න.