25 April, 2024

Blog

‘සෙනඟ’ පෙන්වා මැතිවරණ ප්‍රතිපල අනුමාන කිරීම

චාමර ලක්ෂාන් කුමාර

චාමර ලක්ෂාන් කුමාර

මැතිවරණය යනු ජනතාව විසින් පුද්ගලයන්ට බලය පැවරීම සඳහා භාවිත කෙරෙන තීන්දු ගැනීමේ ක්‍රමයකි. “ද ස්පරිට් ඕෆ් ලෝස්” කෘතියේ මොන්ටෙස්කපු පැවසූ ආකාරයට, මැතිවරණයකදී ජනතාව රටේ පාලකයන් මෙන්ම වැසියන් ද වෙති. ඡන්දය ප්‍රකාශ කිරීමේ දී වරණීය හැකියාවෙන් ඔවුහු පාලකයන් වෙති. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයන් සහ ජන රජයන් වල ඇති විශේෂ ලක්ෂණ නම්, ජනතාවගෙන් සහ ජනතාව වෙනුවෙන් හදන රජයකට නෛතික බලය හිමි වන්නේ ජනතාවගේම කැමැත්තෙන් වීම ය.

ඩොනමෝර් කොමිසන් සභාවේ නිර්දේශ පරිදි 1931 වර්ෂයේදී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමි විය. ඒ වනවිටත් අපේ රට බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් ය. ආසියාවේ මෙන්ම ඔස්ත්‍රේලියානු කලාපයේ ද නවසීලන්තය හැරුණු කොට පළමුව සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කළ රට ශ්‍රී ලංකාව ය. ඡන්ද බලය හිමිවීම ශ්‍රීලාංකිකයන් හැටියට අමන්දානන්දයට හේතුවක් වූ අතර එහි පවත්නා පරමාධිපත්‍ය බලයේ තරම මේ දක්වා කෙතරම් දුරකට අවබෝධ කරගෙන සිටී ද යන්න වෙනම සිතා බැලිය යුතු කරුණකි.

දේශපාලනය යනු බල අරගලයකි. ‘මැකියාවෙලී’ ‘කුමාරයා’හී ලියූ පරිදි එය බලය ලබාගැනීමට අරගල කිරීම, බලය ලබා ගැනීම, බලය පවත්වාගෙන යෑම වැනි බල ක්‍රියාන්විතයකි. ඒ උදෙසා නොයෙක් උපාය උපක්‍රම භාවිත කිරීම දේශපාලන සංවිධාන වල අනවරත ක්‍රියාදාමයකි. චිරාත් කාලයක් තිස්සේ එය දේශපාලනයේ අත්‍යන්ත ස්වභාවයකි. පෝස්ටර්, අත්පත්‍රිකා, දැන්වීම්, පෙළපාළි, රැලි දේශපාලනය සහ මැතිවරණ සමඟ සහ සම්බන්ධ කාරණා ය. කරුණු කාරණා කෙසේ වෙතත්, මැතිවරණ රැලි සහ සෙනග මෙරට සමාජයේ මුල් බැසගෙන ඇත්තේ ‘ජනප්‍රිය’ අර්ථකතනයකිනි. කිසියම් රැලියක් සඳහා පැමිණෙන සෙනඟ අතිමහත් උජාරුවකින් උලුප්පා දක්වමින් සමාජගත කිරීමට වෑයම් කරනුයේ ‘මැතිවරණය ජයගන්නා හෝ පරාජය වන’ නියැදිය ය. එහෙත්, ඒ වූකලී හුදු භ්‍රමයක් පමණක් බවට උදාහරණ ඕනෑතරම් ගත හැකිය.

77 මහ මැතිවරණය වන විට එක් අතකින් එක්සත් ජාතික පක්ෂයත් අනෙක් අතින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් දැවැන්ත ජන හමු පැවැත්වීය. ජේ ආර් ජයවර්ධන මහතාගේ රැළි වලට සේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රැලි වලටද උතුරන්නට සෙනග පැමිණියහ. කවුරුන් දිනාවිදැයි සිතාගත නොහැකි තරමට රැලිවල සෙනග ය. එහෙත් එජාපය මැතිවරණය ජයග්‍රහණය කළේ හයෙන් පහක බලයක් ලබා ගෙන ය. දෙවැනි ජනාධිපතිවරණය අවස්ථාවේ මෙරට සමාජයේ තිබුණේ රැස්වීමක් තබා දැන්වීමක්වත් ප්‍රදර්ශනය කළ නොහැකි වාතාවරණයකි. භීෂණයේ හස්තය රට පුරා ව්‍යප්තව පැවැතිණි. අපේක්ෂකයෝ ජනහමු ඇමතුවේ ‘යකඩ කටට’ පින්සිදු වන්නට ය. රැලිවලට මිනිස්සු පැමිණියේ නැත. එහෙත් රණසිංහ ප්‍රේමදාස මැතිවරණය දිනුවේ ය. සෙනග පෙන් වූ තරමට ඡන්ද දිනන්නට නොහැකි බවට ආසන්න ම උදාහරණය ගත හැක්කේ ඉකුත් ජනාධිපතිවරණයෙනි. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැලි වලට සෙනග රැස් කළේ දස දහස් ගණනින් ය. ඇතැම් රැලිවලට ලක්ෂයක පමණ සෙනගක් රැස්කොට තිබිණි. අනුරාධපුරයේ පැවැත්වීයේ එවැනි රැලියකි. එවක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මංගල ජන රැලිය අනුරාධපුරයේ දී පැවැත් වූ අතර ඊට ලංගම බස්රථ 1,200ක ප්‍රමාණයකින් ජනතාව කැඳවා තිබුණි. ඒ අනුව ඒවා ජන රැලිවලට එහා ගිය බස් රැලි බවට පත්ව තිබුණි. අනුරාධපුර ඒ රැස්වීම් භූමියේදී ජනතාව තෙරපීමට ලක්වීම හමුවේ 6 දෙනකු පමණ ක්ලාන්තව සිහිසුන් වූහ. ඊට පෙර 2009 දකුණු පළාත් සභා මැතිවරණ සමයේදී මැදමුලන දන්සල් භූමියේදී බත් පැකට් ලබාගැනීමට ජනතාව පොරකෑමේදී පෑගීමෙන් එක් අයකු මියගියේය. එහෙත් ප්‍රතිපලය වූයේ අනුරාධපුරය මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීම ය.

තත්ත්වය එසේ වුවද බොහෝ විට තාමත් සමහරු ‘සෙනඟ’ පෙන්වා මැතිවරණ ප්‍රතිපල අනුමාන කිරීම සිදු කරයි. විශේෂයෙන් ම ස්වකීය දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක මාධ්‍ය මැතිවරණ රැලිවල සෙනග පෙන්වීමට දන්නා සියලු උපක්‍රම භාවිත කරති. ඇතැමුන් මේ රැලි වලට සහභාගී වන්නේ සිය කුඩා දරුවන් ද කරපින්නාගෙන ය. එයින් සිදුවන පීඩාව ගැන තැකීමක් නොකරන ඔවුහූ රැලි වලට එක්වෙති. බොහෝ රැලි සඳහා සෙනග ගෙන්වීමේ ක්‍රියාන්විතය ‘කුඩා ප්‍රමාණයේ’ යුද්ධයක් තරමේ කටයුත්තකි. බස් යොදවා සෙනග කැන්දවා, බත් පැකැට් එකක් පිරිනමා, බොන අයට ඒ අඩුවැඩිය ද සපයා ‘සූර්’ වූ පිරිසක් උන්මාදයෙන් මෙන් ගෙන්වීම සුලබ ව සිදුවන්නකි. සවිඥානක ව රැලියක සිටින්නන් සොයා ගත හැක්කේ දුලබ ව ය. ඒ අනුව බොහෝ දෙනෙකුට රැලිවලට සහභාගී වීම ‘ආතල්’ ගැනීමකට යෑමක් වැනි ය. හිට්ලර් ජර්මනියේ සිටි ආඥාදායකයෙකි. ඔහුගේ රැලි වලට සෙනග පැමිණියේ ලක්ෂ ගණනින් ය. එමතු නොව ඔහුට උන්මාදයෙන් මෙන් ‘ආදරය’ පෙන්වන කෘතිම ‘රටාවක්’ හිට්ලර්ගේ මාධ්‍ය විසින් ගොඩනංවා තිබිණි. එහෙත් තීරණාත්මක මොහොතක හිට්ලර්ගේ ‘ආධිපත්‍ය’ දියවී ගියේය. කෘතීම මවාපෑම් වල අවසානය එබදු ය. රැලි වලය සහභාගී වීම, දේශපාලනික කාරණා පිළිබඳ ව දැනුම්වත් වීම වරදක් හෝ ගැටලුවක් නොවේ. එහෙත්, රටක පාලන තන්ත්‍රය වෙනස් කරනුයේ හෝ බිහිකරනුයේ උන්මාදයෙන් රැලි වලට යන මිනිසුන්ට වඩා, කල්පනකාරී ව තීන්දු ගන්නා මිනිසුන් ය. 2015 සිදුවූයේ එවැන්නකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Chamara: why at village level, politics is important to develop the village. WE imagine at the country’s level political directions are different. Foreign relations etc., need to counter. but why for the village level. Does this helps only the bankrupt political parties only to v=create another group off VAGA Niladharis (remember) like group. both SLFP and UNP and their escaped thieves party SLPP are one and the same. You write for money and it is your livelihood at the expense of the country. It is not anymore the pen is fatal than the sword. Just destroy the country because I earn money. Youth doe snot ant to get down to paddy filed and start working instead write crap and destroy the country because it is stolen money coming to my hand.

  • 0
    0

    මේ ලිපියේ දේ ගැන කතා කරන්න ඉස්සෙල්ල අනුරගේ නව-ජවිපෙ ගැන කතා කරන්න වටිනවා.
    .
    අනුර ඉවරයි. රටයි ජාතියයි ආගමයි හමුදාවයි අමු අමුවේ පාවලා දුන්නු යහපාලන හවුල බලයට ගෙනැල්ල කරපු පාප කර්මෙන් මිදෙන්න පොඩි කොටු කෑලි පරඬල කොළ එකතු කර කර පහුගිය දවස් වල ගමේ බලය අපිට දෙන්න කියල හදන්න හදපු ජනතා විමුක්ති පෙරමුණේ අලුත් අහස් මාලිගාව, එක මොහොතින් කඩා වැටුනා, සිංහල සංස්කෘතිය විනාශ කරන, සිංහල බෞද්ධ විරෝධී, වේදිකාවල නිරුවත් නැටුම් රඟ දක්වපු, රටේ ඊළඟ නායකයා දෙමළ වෙන්න ඕනේ කියලා පිටරට ප්‍රසංගයකදී කියන්න ගිහින් සිංහලයන්ගෙන් යන්තම් ගුටි නොකා බේරිලා එතනින් පන්නල දමපු සුනිල් පෙරේරා ජවිපෙ පලවෙනි චන්ද සමුළුවේ emcee කරගෙන.
    .
    චිකේ අනුර. ලැජ්ජයි. රාජපක්ෂලා හරි රනිල් හරි ඕක කරා නම් තව හිතන්නවත් තිබුන. ඇත්තම කිව්වොත් මට නම් හරිම පුදුම හිතුන ජවිපෙ වේදිකාවේ සුනිල් පෙරේරා වගේ මිනිහෙක් දැක්කහම. දැන් සුනිල් ලව්වා ඔය ටික කියව ගන්න කීයක් ගෙව්වද දන්නෑ අනුර ? පාර්ලිමේන්තුවේදී රනිල්ට පක්ෂ එක චන්දෙකට ලක්ෂ 20 ගානේ දීල රනිල්ම තර කරලා දීපු පක්ෂ අරමුදල් තියෙන කොට සල්ලි සල්ලි කියලා මොකට බලනවද නේද? යකාගේ හැටියටලු විමනේ කිව්වා වගේ අනුරගේ හැටියට තමයි ජවිපෙ අලුත් ප්‍රතිපත්ති.
    .
    ජේවීපී සාමාජිකයෝ චන්දෙ දෙන්න ඕනේ විමල්ගෙ ජාතික නිදහස් පෙරමුණේ චන්ද අපේක්ෂකයන්ට. කවදාවත් වෙනස් නොවී මොන වේදිකාවේ හිට ගත්තත් තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් නොකර එදා වගේම එක විදියටම අදටත් ඉන්නේ විමල් විතරයි. ඒ හින්ද ජවිපෙ සාමාජිකයෝ සහ පහුගිය දවස්වල ශ්‍රීලනිප යූඑන්පී සහ බැසිල්ගේ හොටු පොහොට්ටුව පෙන්න පෙන්න උනුත් එකයි මුනුත් එකයි කියපු ජවිපෙට චන්දෙ දෙනවා කියල හිතුව මිනිස්සු ඉන්නවා නම්, ඒ හැමෝටම දැන් පෙන්න ඇති ජවිපෙ කියන්නේ සුනිල් පෙරේරාගේ තුප්පහි විලි සංගයක් නැති සංස්කෘතිය පිළිගන්න පක්ෂයක් කියල. ඒ හින්දා විජේවීරව පාවලා දීපු අනුරගේ ජවිපෙ අතෑරලා විමල්ගේ ජාතික නිදහස් පෙරමුණට සහයෝගය දෙනවා ඇර වෙන විකල්පයක් ජවිපෙ සාමාජිකයන්ට නැහැ.
    .
    Contd’ 1/2

  • 0
    0

    විමල්ගේ ජාතිකත්ව ප්‍රතිපත්ති තමයි යහපාලන ආණ්ඩුවට සහ බැසිල්ගෙ හොටු පොහොට්ටුවට තියෙන ලොකුම තර්ජනේ. විමල්ව මර්දනය කරන්න, පැත්තකට කරන්න operation ගොඩයි. මහින්දයි ඒකාබද්ධ විපක්ෂෙයි රනිල්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන ව්‍යවස්ථා සභාවට ඇතුල් කරගන්න හරිම ලේසියෙන් පුළුවන් වුනාට, රනිල්ට බැරිවුනා විමල්ව අල්ල ගන්න. විමල් තමන්ගේ පක්ෂෙ අරගෙන වේලාසනම එතනින් ඉවත් වුන විතරක් නෙමෙයි ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධව ප්‍රබල ජන මතයක් රටේ ගොඩ නැඟුවා. ව්‍යවස්ථා වෙනස ගැන විමල් කතා කරන්න පටන් ගත්තේ 2015 ඉඳන්. 2016 ජූනි වගේ මට මතක විමල් තමයි ඉස්සෙල්ලම අර Centre-Periphery Relations කෙටුම්පතේ තිබුණු භයානක කම ගැන රටටම කිව්වේ. OMP කියන්නේ බොරු චෝදනා ෆැක්ටරියක් කියලා රටටම ඉස්සෙල්ලම කියල දුන්නෙත් විමල්. මේ ආණ්ඩුව මුලින්ම බදු වැඩි කරපු වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් මුලින්ම ඒක නතර කර ගත්තෙත් විමල්. හමුදාව බිල්ලට දෙන්න හදන්න හදපු සුද්දන්ගේ උසාවියට විරුද්ධව පලවෙනි වෙඩිල්ල විමල් පත්තු කලේ 2015 සැප්තැම්බර් ඔක්තෝබර් වෙනකොටමයි.
    .
    එහෙම කියන කොට මතක් වුනේ, මේ ආණ්ඩුව අලුත් කැලා උසාවියක් හදනවා දේශපාලන පලි ගැනීම් වලටම. ජනතාව එක හඬින් මේ කැලා උසාවියට විරුද්ධ වෙන්න ඕනේ. ඊට කලින් යහපාලන ආණ්ඩුව FCID කියල රටේ නීතියට ඉහලින් දේශපාලන දඩයම් වලටම විශේෂ පොලීසියක් හැදුව. දැන් දේශපාලන දඩයම් පොලීසියයි, දේශපාලන කැලා උසාවියයි දෙකම එකට එකතු කරගෙන, ශිෂ්ඨ සමාජය අනුමත නොකරන ක්‍රමයකට, චෝදනාව ඔප්පු නොකර, තමන්ට විරුද්ධ දේශපාලන මත දරන අනිකුත් දේශපාලකයන් දින නියමයක් නැතුව, ඇප ප්‍රතික්ෂේප කර කර රිමාන්ඩ් කරන්න පුළුවන් මේ අලුත් දඩයම් කැලා උසාවියට විරුද්ධව ජනතාව එක හඬින් නැගී හිටින්න ඕනේ. මහා බැංකුව මංකොල්ල කාපු, රටේ ජාතික සම්පත්, වටිනාකම කියල නිම කරන්න බැරි මාගම්පුර වරාය වගේ ධන උල්පත්, රජය සතු ඉඩකඩම්, හෝටල්, මිලියන් ගණන් කොමිස් මුදල් වලට කෑදර කමට විකුනන මේ ආණ්ඩුවට අයිතියක් නැහැ විරුද්ධ දේශපාලකයෝ මර්දනය කරන්න කැලා උසාවි හදන්න. ආණ්ඩුවට ඕනේ ඕනේ විදියට ම්ලේච්ඡ නීති ගෙන්න ඉඩ දෙන්න බැහැ.
    .
    Continued

  • 0
    0

    මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය රටට හඳුන්වා දුන්නයි කියලා පාරම්බාන ගමන් රටේ නීතිය විකෘති කරලා කැලා උසාවියක් හදලා, රටයි ජාතියයි බුද්ධාගමයි හමුදාවයි පාවලා දීපු, 2 වෙනි ශත වර්ෂයේ මහානාග රජ්ජුරුවෝ මුළු රටම ස්වයංපෝෂිත කරන්න පාවිච්චි කල ගොඩවාය වරාය හෙවත් අසාමාන්‍ය ධන උල්පතක් වුනු මාගම්පුර මුළු වරාය, ඒ හරහා යන ජාත්‍යන්තර වෙළද මාර්ගයේ වටිනාකමින් ‘වර්ග අඟලක්’ වැනි සොච්චම් මුදලකටත් වඩා අඩු මුදලකට විකුනපු, රටක ආර්ථිකය වලපල්ලට යවමින් සැලසුම් සහගත සහ සූක්ෂම ලෙස ලෝක ඉතිහාසයේ ලොකුම රාජ්‍ය ධනය මංකොල්ලකෑම තමන්ම කරපු යහපාලන ආණ්ඩුව, තමන්ට විරුද්ධ පක්ෂ දේශපාලකයන්ගේ හඬ යටපත් කරන්න, ඔවුන්ව බිහිසුණු ලෙස මර්දනය කරන්න ඒකාධිපති ක්‍රියා මාර්ග ගන්නව කියන එක ලෝකෙට පෙන්වන්න ඕනේ. ඒ හින්දා කැලා උසාවිය පටන් ගන්න ඉස්සෙල්ල මීට විරුද්ධව ජනතාව විරෝධය පල කරන්න ඕනේ. පෙබරවාරි 8 චන්දෙ ඉවර වෙච්ච ගමන් මේ ම්ලේච්ඡ කැලා උසාවියට රට පුරාම විරෝධය පල කරන්න ජනතාව පෙළ ගැහෙන්න ඕනේ. Over to you, Wimal!!!

  • 0
    0

    Champa: wimal Weerawansha came to UN during the last govt. He accompanied his son during that visit. Not only that, they even came to see Niagara Falls in Canada. that is all using public money for the entertaining the minister as well as family. FCID did not investigate it. How about the death of the boy. Why did he come to WW’s house with a Viagra overdose. did WW have some personal problems ?

    • 0
      0

      Jims
      They did actually and found out that he had paid for his son’s air ticket from his personal funds.
      The Autopsy Report was also issued months ago confirming that the youth had died from natural causes. I don’t know anything about viagra as there is nothing of the sort mentioned in the Autopsy Report. You read cheap gossip and fabricated stories written for money and spread lies about other people without any evidence while I dig deep into facts and come into my own conclusions.
      It was Wimal’s lucky stars that sent him away on that night as there was high chance the government would create false evidence to sentence him for life had he stayed at home that fateful night.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.