20 April, 2024

Blog

දේශපාලනික සහ ආගමික නායකයන්ගේ කුහකත්වය

පී. සෝම පාලන්

පී. සෝම පාලන්

ජනවාරි 17 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ මුල් පිටුවේ පළවූ ප්‍ර​ධාන ප්‍ර​ධාන වාර්තා දෙකක් පිළිබඳ මගේ අවධානය යොමු වෙයි:

(1) ‘‘පිරිමින්ට පුළුවන් නම් බාර් පාලනය කරන්න සහ බාර්වල වැඩ කරන්න, ගැහැනුන්ටත් පුළුවන් වෙන්න ඕනේ’’- පළාත් සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා
(2) ‘‘සංස්කෘතියට ගරු කිරීමක් වශයෙන් ගැසට් නිවේදනය ඉල්ලා අස්කර ගත්තා’’- අමාත්‍ය මහින්ද සමරසිංහ

මීට කලින් තවත් වාර්තාවක මෙසේ සඳහන් වී තිබුණි:

‘‘මත්පැන් හල් විවෘතව තබන වේලාව දිග් කිරීම සහ මත්පැන් විකිණීම අපේ සංස්කෘතියටත් සාරධර්මවලටත් විරුද්ධයි’’- අතුරලියේ රතන හිමි.

මත්පැන් හල්වල ගැහැනුන් වැඩ කිරීම සහ මත්පැන් හල් වැඩි වේලාවක් විවෘතව තැබීමට පක්ෂව කතා කොට තිබූ සරත් ෆොන්සේකාගේ මතය, ගැසට් නිවේදනය ඉල්ලා අස් කර ගත් මහින්ද සමරසිංහ විසින් නිෂ්ප‍්‍රභා කොට ඇත. මේ ආණ්ඩුව මීට පෙරත් ඇතැම් නිශ්චිත තීන්දු ගැනීමෙන් අනතුරුව ඒවා ඉල්ලා අස්කර ගත් අවස්ථා එමට ඇතත්, මගේ අදහස් දැක්වීම මෙම කාරණයට පමණක් සීමා කරමි.

ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමෙන් සහ ඒවාට අදාළ නීතිරීති/රෙගුලාසි ඇති කර ගැනීමෙන් අනතුරුව එම තීරණ ආපස්සට හැරවීම, ඉල්ලා අස්කර ගැනීම හෝ සංශෝධනය කිරීම මේ ආණ්ඩුවේ ගොබ්බ ඇබ්බැහියක් වී ඇත. විවිධ කාරණා සම්බන්ධයෙන් වන අධිෂ්ඨානය සහ කැපවීම අරභයා ආණ්ඩුව දක්වන චපල බව මේ කරුණුවලින් විසද වෙයි. ගැසට් මාර්ගයෙන් දැනුම් දීමට කලින් මෙවැනි ප‍්‍රතිපත්තිමය තීන්දු සහ ක‍්‍රියාකාරකම් පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡුා කොට අනුමත කර ගන්නේ නැතිවාවත් ද? මන්ද යත්, ඒ හැම තීරණයක්ම අපේ සංස්කෘතියට සහ සාරධර්මවලට පටහැනි බව මොවුන් දැනගන්නේ යම් කලක් ගතවීමෙන් පසුව වන බැවිනි.

දේශපාලඥයන් සේම ආගමික පාර්ශ්ව විසින් ද කරනු ලබන මේ සාර්වත‍්‍රික සජ්ජායනා තුළ ඇති බොල් බව, පාරට බැස්සොත් කෙනෙකුට ඇස්පනාපිට දැක ගත හැකි වනු ඇත. මෙසේ උඩ දමනු ලබන සංස්කෘතිය සහ සාරධර්මවල ස්වභාවය, සාමාන්‍ය මිනිසා සම්බන්ධයෙන් පමණක් නොව, උගත් යැයි සැලකෙන සහ සංස්කෘතික යැයි සැලකෙන පිරිස් වෙතින් ද විද්‍යමාන වෙයි. ඔවුන්ගෙන් සියයට 90 ක්ම අසංස්කෘතික යැයි ද, අශිෂ්ඨ යැයි ද කීමට මම නොපැකළෙමි. මහ පාරේ යන වෛවාරන්න පොදු ජනතාව සේම වාහනවල යන එන්නන් ද කියාපාන්නේ අපේ ජාතික සංස්කෘතියේ සහ සාරධර්මවල තරමයි. ඒ අනුව, අපේ දේශපාලඥයන්ගේ සහ ආගමික පූජකයන්ගේ දේශනා හුදෙක් කුහකත්වය මිස වෙන දෙයක් නොවන බව පැහැදිළි වනු ඇත.

සරත් ෆොන්සේකා කියන කතාව ටක්කෙටම නිවැරදි ය. මත්පැන් හල්වල වැඩ කිරීම ගැහැනුන්ට තහනම් කිරීම අවිචාරවත් සහ මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් උල්ලංඝණය කිරීමක් නොවන්නේ ද? ඔවුන්ට එම අයිතිය පැවරීම අපේ සංස්කෘතියට සහ සදාචාරයට පටහැනි යැයි කියන දේශපාලඥයෝ සහ ආගමික නායකයෝ, මැද පෙරදිග කඹුරන අපේ ගැහැනුන් ගැන කටක් නාරිති. එම ගැහැනු ෂීක්වරුන්ගේ වැසිකිළි පවා සෝදති. එහිදී අපේ සංස්කෘතිය සහ සදාචාරයට වඩා වටින්නේ මුදල ය. ඔවුන් එවන ඩොලර් කාසි නොවන්නට අපේ ආර්ථිකය කඩා වැටෙනු ඇත. එසේ තිබියදී, අනුන්ගේ සංස්කෘතියට වඩා අපේ සංස්කෘතිය විශිෂ්ට යැයි කියන දේශපාලඥයන් සහ ආගමික නායකයන් කුහකයන් නොවන්නේ ද?

අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් ඉහත කී ගැසට් නිවේදනය ඉල්ලා අස්කරගෙන ඇත්තේ, රාත‍්‍රී 10 දක්වා බාර් විවෘතව තැබීම අපේ සංස්කෘතියට පටහැනි යැයි කියන අතුරලියේ රතන හිමියන්ගේ මතයට ගරු කරමින් විය යුතුය. මේ තර්කයේ බරපතල පරස්පරයක් තිබේ. උදේ 8 සිට රාත‍්‍රී 8 දක්වා මත්පැන් විකිණීම අපේ සංස්කෘතියට එකඟ ද? මේ වනාහී, සදාචාරය විකාරයක් කර ගැනීමක් නොවේද? සදාචාරය, ගුණ ධර්ම සහ යහපත පිළිබඳ සංකල්ප වනාහී, කාලය, ස්ථානය සහ පුද්ගලයාගෙන් ස්වායත්ත, පරම අරුතක් ගෙන දෙන ප‍්‍රපංචයන් ය. යමක් රාත‍්‍රී 8 පසුව පැවතීම සදාචාර විරෝධී නම්, එම දෙයම රාත‍්‍රී 8 පෙර කිරීම සදාචාරවත් වන්නේ කෙසේද? සදාචාරය, සංස්කෘතිය සහ සාරධර්මවලට කාලානුක‍්‍රමයක් නැත. මත්පැන් නිෂ්පාදනය, විකිණීම සහ පාවිච්චිය අපේ ජාතික සංස්කෘතියට සහ සදාචාරයට පටහැනි නම්, ඒ පිළිබඳ කුහක දේශනා පැවැත්වීම පසෙකින් තබා කෙනෙකු කළ යුතුව ඇත්තේ ඒවා තහනම් කිරීමයි. මත්පැන් පිළිබඳ බෞද්ධ මතයට එම තහනම අනුකූල ය. එහෙත් එවැන්නක් කිරීමට තරම් ආගමික සහ සදාචාර හයියක් ඇත්තේ කාට ද? එහිදීත් වැදගත් වන්නේ, ඊනියා සංස්කෘතියට සහ සාරධර්මවලට වඩා, මුදලයි. සත්‍යය වන්නේ, අප ජාතියක් වශයෙන් සදාචාරවත් සහ සැදැහැවත් වෙනවාට වඩා පිරිහී ඇති බවයි.

ප‍්‍රමුඛ වැදගත් කමක් සේ සලකා දේශපාලඥයන් විසින් අද මුලින් කළ යුතුව ඇත්තේ, මත්පැන් විකිණීමේ සුභ කාලය නිශ්චය කිරීමට කලින්, අපේ ගැහැනුන් කළ යුතු හෝ නොකළ යුතු රැුකියා කවරේදැයි විනිශ්චය කිරීමේ බලය තමන් වෙත පවරා ගැනීමට කලින්, දූෂණය සහ අල්ලසින් තමන්ව ශෝධනය කර ගැනීමයි. අපේ දේශපාලනික සේම ආගමික නායකයන් ද, කුහකත්වය පසෙක ලා, සදාචාරය, සංස්කෘතිය සහ සාරධර්ම පිළිබඳ වැදි බණ නොකියා, රටේ ලෞකික සංවර්ධනය සඳහා උරදීමට කාලය පැමිණ තිබේ.

*2018 ජනවාරි 20 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Hypocrisy of Political & Religious LeadersFrom” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    Well said sir. I have worked in two middle east countries as an educational consultant. And I
    have seen with my own eyes and heard from my friends that Srilankan housemaids are undergoing sexual harassment every hour. In the night sons follow their dads and engage in sex and after some time our women will get used to it and they too wish to go back to those countries repeatedly. merely not only for money but also for hard sex In many countries they get up at 4.30 in the morning like slaves work, cook, wash. sweep etc till midnight and in the night also face hard works. A certain lady (Latha) who worked at my friend’s house had earned jewellery money and a baby but the baby was thrown to a stream.
    But our government and people, monks preach/talk about our culture, civilization, motherhood etc and every day we are exporting our girls.women to middle east countries SHAME ON SRILANKANS

  • 0
    0

    what you said is correct
    .and I agree with your perceptions
    I have seen( I have worked as an Educational consultant) many of our exported ladies in two middle east countries are working like slaves to wealthy people there. They get up around 4.30 a.m. and work until midnight. they cook,.sweep,. wash, look after babies and old sick people and in the night meet both sons and in their beds , sometimes forced. work as housemaids and sex workers. No one can deny this situation
    we talk about our culture, civilization, motherhood etc.

  • 0
    0

    ” Shiranthi Squanders Rs. 25 Million In Five Days in Paris during the UNESCO Vesak Celebration in 2014. This had resulted in public funds running into millions of rupees being used within five days from tax payers’ hard-earned money…”
    . Mrs. Rajapaksa had accompanied her aunt – Daisy Forest alias Daisy Achchi – who shot to fame for receiving a gunny of gem stones ◾

    “සරත් ෆොන්සේකා කියන කතාව ටක්කෙටම නිවැරදි ය.

    “The day Shiranthi Rajapaksa had checked in, according to the hotel bill (folio number 357270 dated May 24. 2014), she had spent Rs. 84,448 (Euro 464) for her dinner while on May 22 she had used Rs. 45,864 worth of sprits from the room mini bar and on May 24, she had obtained sprits once again from the mini bar worth of Rs. 40,222 (Euro 221) and on the same day another Rs. 67,522 (Euro 371) had been spent on sprits. Her telephone bill during the stay was Rs. 101,829 (Euro 559.5). The spa products she had obtained from the hotel on May 22 had cost yet another Rs. 23,660 (Euro 130).

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.