අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් වරක් බන්දුල ගුණවර්ධන යාපනයේ නිල සංචාරයක යෙදුණි. එහිදී පහ වසරේ ශිෂ්‍යත්වය සමත් දරුවකු මුණ ගැසීමට ඔහු ගියේ ය. ඒ අවස්ථාවේ දී දරුවා අමාත්‍යවරයාට වැදීම ප්‍රතිෙක්‍ෂ්ප කළේ ය. තමා වදින්නේ දෙමව්පියන්ට හා ගුරුවරුන්ට පමණක් බව දරුවා ප්‍රකාශ කර තිබුණි.
එහෙත් එවකට විභාග කොමසාරිස් ජනරාල්වරයා තම නිලයට පත්වී තනතුරේ රාජකාරී භාර ගන්නා අවස්ථාවේ දී එවකට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනට වැන්දේ ය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය දරද්දී ජනාධිපති ලේකම් වූ ජේෂ්ඨ පරිපාලන නිලධාරියා ද ජනාධිපතිවරයාට වැන්දේ ය. වාසුදේව නානායක්කාර, පවිත්‍රාදේවි වන්නිආරච්චි, මර්වින් සිල්වා වැනි අමාත්‍යවරුන් ද මහින්ද රාජපක්ෂට දෙකට නැමී වදින අයුරු මාධ්‍ය වල පළ විය. එවකට රජයේ උසස් නිලධාරිහු ද හොරාට හොරාට අරලිය ගහ මන්දිරයට ගොස් ජනාධිපති මහින්ද රාජපක්ෂට වැන්දෝය.
වන්දනා මාන කිරීම බෞද්ධ සංස්කෘතියේ දක්නට ලැබෙන චාරිත්‍රයකි. ඒ අනුව පිදිය යුත්තන් පිදීම චාරිත්‍රයකි. පිදිය යුත්තන් වන්නේ තමන්ගේ දෙමව්පියන්, ආගමික පූජකයන් හා ගුරුවරුන් ලෙස සම්ප්‍රදායක් ද පවතී. එහෙත් සිංහල සංස්කෘතිය තුළ මේ සියල්ලට දකින දකින අවස්ථාවන්හි දී වදින සම්ප්‍රදායක් ද නොවීය. යම් විශේෂිත අවස්ථාවක දී පූජකයන්, දෙමව්පියන් හා ගුරුවරුන් වන්දනාවට ලක් විය. එහෙත් රූපවාහිනිය මගින් පුරුදු කළේ හැකි සෑම අවස්ථාවකම වදින අලුත් සම්ප්‍රදායකි. මේ වැදිල්ල කෙතරම් දුරදිග ගොස් ඇද්දැයි කිවහොත් මංගල්‍ය උත්සවයක දී මනාළිය විසින් මනාලයට ද වැදිය යුතුය. එහෙත් මනාළයා නම් මනාළියට වදින චාරිත්‍රයක් නොමැත.
වාමාංශික ව්‍යාපාරය විසින් සමාජය තුළ ඇති කළ මතවාදයට අනුව වැඩිහිටියන්ට වදින චාරිත්‍රයක් නොවීය. ඔවුන් සමාජ වටිනාකමක් ලෙස දුටුවේ වැඩිහිටියන්ට ගරු කිරීමයි. වැඩිහිටියන්ට ගරු කිරීම යනු වැද වැටීම නොවේ. කෙනෙක් තව කෙනෙකුට වැදීම පෞර්ෂය පිළිබද ප්‍රශ්නයකි. එවිට වදින්නාගේ පෞර්ෂයට යම් හනඉයක් සිදුවේ. අසන්නට ලැබෙන පරිදි මෙරටේ වමේ ව්‍යාපාරයේ පතාකයකු වූ පිලිප් ගුණවර්ධන තම බිරිද වූ කුසුමා ගුණවර්ධනට පවසා ඇත්තේ මගේ දරුවන් ලවා දකින දකින පුද්ගලයන්ට වන්දවන්න එපා යන්නයි. පිලිප් ගුණවර්ධනට මේ භාවිතාව එන්නට ඇත්තේ වමේ ව්‍යාපාරය තුළින් විය හැකිය.
පෙරේදා මුදල් හා ජන මාධ්‍ය ඇමති මංගල සමරවීර මාතර පාසැලක පැවැති උත්සවයක දී අපූරු කතාවක් කළේ ය. ඔහුව පිළිගන්නට පෙරමගට ආ ශිෂ්‍යාව අමාත්‍යවරයාට බුලත් දී වැද තිබුණි. අමාත්‍යවරයා තම කතාවේ දී එය සදහන් කරමින් පවසා ඇත්තේ දකින දකින පුද්ගලයාට වැදීම යහපත් සිරිතක් නොවන බවයි.
“ඔයාල මේ ස්ථානයට පැමිණෙන ප්‍රාදේශීය සභාපතිටත් වදිනවා, මන්ත්‍රීවරයාටත් වදිනවා, මටත් වදිනවා ඔයාල දන්නව ද මම ගෙදර ගිහින් මොන නරක වැඩේ කරනවාද” යැයි මංගල සමරවීර අමාත්‍යවරයා දරු දැරියන්ගෙන් විමසා ඇත. බලයට නොවදින ලෙසත් වැදිය යුත්තන්ට වදින ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සිසු දරු දැරියන්ට උපදෙස් දී ඇත.
මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මේ කරන්නේ උඩුගම් බලා පිහිනීමකි. සිංහල බෞද්ධ සමාජයේ අද පවතින සිරිතට එරෙහි වන්නැයි ඔහු ඉල්ලීමක් කරයි. එහෙත් අමාත්‍යවරයාගේ ඉල්ලීමට පදනමක් පවතී. ඔහු කියන්නේ දකින දකින බලය ඇති පුද්ගලයාට නොවදින ලෙසයි. පිදිය යුත්තන්ට පමණක් පුදන ලෙසයි.
දරුවන්ගේ පෞර්ෂය වර්ධනය විය යුත්තේ කුඩා කල සිටම ය. එවිට ඒ දරුවන් වැඩිහිටියන් වූ කළ ද ශක්තිමත් පෞර්ෂයකින් නැගී සිටී. ජාතියක වර්ධනය සදහා යහපත් පෞර්ෂයකින් යුත් පුරවැසියන් අවශ්‍ය වේ. එසේ නොවන්නට ජාතියක් ගොඩනැගෙන්නේ නිවට නියාළු ලෙස ය.
Jim softy / February 27, 2018
Chamara : do not preach BS. What Mangala Samaraweera said was right. there should not worshipping politicians by school children unless he is identified as one who should be treated that way. That Principle should go back to retraining.
/
Champa / February 28, 2018
මංගල කියන්නේ තමන්ගේ ජාතියේ මුලවත් දන්නේ නැති මිනිහෙක්. කිසි ආගමක් දහමක් අදහන්නේ නැති මිනිහෙක්.
දරුවෙක් තමන්ගේ දෙමව්පියන්ට වඳින්නේ තමන්ව මෙලොවට බිහි කල තමන්ගේ දෙමව්පියෝ නිසා ගෞරව කරන්න. වඳින කොට කියන්න ගාථ දෙකකුත් තියෙනව.
දරුවා ගුරුවරයාට වඳින්නේ තමන්ගේ අනාගතය යහපත් කරන්නට, තමන්ව යහ මඟට ගන්නට හරි වැරදි කියා දෙන නිසා කරන ගෞරවයක් විදියට.
බෞද්ධයන් ස්වාමීන් වහන්සේලාට වඳින්නේ බෞද්ධාගම පෝෂණය කරන, ඉදිරියට ගෙන යන සහ ගිහියන්ට මඟ පෙන්වන නිසා ගෞරව කිරීමක් විදියට.
මේ වැඳීම් තුනටම ඒ ඒ පුද්ගලයාගේ චරිතය බල පාන්නේ නැහැ.
ඊට අමතරව අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව වයසින් බාල දරුවන් තරුණයන් හෝ වැඩිහිටියන් තමන්ට වඩා වැඩිමහල් පුද්ගලයන්ට වඳිනවා. එක කරන්නෙත් වැඩිමහල්ලන්ට සලකනවා ගෞරව කරනවා කියන හැඟීමෙන්. ඒකටත් ඒ ඒ පුද්ගලයන්ගේ චරිතයවත් රැකියාව, තරාතිරම බලපාන්නේ නැහැ.
එහෙම වැඳීම් කරන හැම අවස්ථාවේම වැඳීම ලබන පුද්ගලයා වඳින පුද්ගලයාට “සුවපත් වේවා” හෝ “තෙරුවන් සරණයි” කියලා ඔලුව අතගානවා. ඒකත් චාරිත්‍රයක්. එහෙම නොකරන එක වැරදියි.
ඊළඟට සිංහලයන්, පුද්ගලයන්ට ආචාර කරනවා අත් දෙක එකතු කරලා. මේක ඉහත කියපු දේ වගේ වැඳීමක් නෙමෙයි. නමුත් ආචාර කිරීම නොයෙකුත් විදියට කරන්න පුළුවන්. ඒක ආචාර කරන පුද්ගලයාගේ පෞරෂය අනුව තීරණය වෙන දෙයක්. උදාහරණයක් විදියට කෙනෙක් කෙලින් හිටගෙන ආචාර කරන කොට, තව කෙනෙක් පොඩ්ඩක් ඉස්සරහට නැමිලා ආචාර කරනවා. තව නෙනෙක් කොන්ද නමල ආචාර කරනවා. තවත් කෙනෙක් දණ ගහලා වැඳලම ආචාර කරනවා. හුඟක් අය කෙනෙක්ට ගෞරව කිරීම පිණිස කරන වැඳුමයි, ආචාර කිරීම පිණිස කරන වැඳුමයි පටලව ගන්නවා. පාසලක දරුවෙක් නම් මොනව හරි උත්සවයක ප්‍රධාන අමුත්තා විදියට එන වැඩිහිටියාට බුලත් අතක් දීලා ආචාර කරලා දණගහල වැඳලා පිලිගන්නවා. ඒක අපේ සිරිතක්. දණ ගහන්නේ වැඩිහිටියෙක් නිසා. වැඩිහිටියන්ට ගෞරව කරන එක සිංහල සමාජයේ මුල් බැසගත් චාරිත්‍රයක්. නමුත් රජයේ සේවකයා තමන්ගේ ප්‍රධානියාට දණගහල හෝ දෙකට නැවිලා ආචාර කළ යුතුයි කියලා නියමයක් නැහැ. ඉස්සෙල්ල කිව්වා වගේ ඒක තමන්ගේ පෞරෂය පිලිබඳ ප්‍රශ්ණයක්. හොඳ පෞරුෂයක් තියෙන සේවකයෙක් කෙලින් හිටගෙන ආචාර කරත්දී, එහෙම පෞරුෂයක් නැති කෙනෙක් හෝ තමන්ගේ ප්‍රධානියාට ණය ගැති කෙනෙක් දෙකට නැමිලා ආචාර කරනවා.
.
තවත් තියෙනවා.
Contd’…1
/
Champa / February 28, 2018
ඊළඟට පිලි ගැනීමකදී වගේම සමු ගැනීමකදීත් අපේ මිනිස්සු ආචාර කරනවා. වැඳලා වෙන්න පුළුවන් නැත්නම් කෙලින් හිටගෙන වෙන්න පුළුවන්.
ඊලඟට අපි විශේෂ පුද්ගලයන් විදියට සලකන දේශපාලන චරිත තියෙනව. ඔවුන් කළ සේවය වෙනුවෙන් කෘතගුණ සැලකීමක් විදියටත් සිංහලයන් ඒ අයට වැඳ ආචාර කරනවා.
ඊළඟට සිංහලයන් වරදකට සමාව ඉල්ලන කොටත් වඳිනවා. මම හිතන්නේ උසාවි වල නඩු සමාදාන වෙනකොට, සමහර අවස්ථා වලදී, තමන්ගෙන් වෙච්ච වරදට වැඳලා සමාව ඉල්ලනවා. තමන්ට මොන තරම් වරදක් කරපු කෙනෙක් වුනත් ඇවිල්ල වැඳලා සමාව ඉල්ලුවොත් ඕනේ සිංහලයෙක් සමාව දෙනවා. අපේ හිත උණු වෙනවා. වඳින පුද්ගලයා තමන්ගේ දරුවෙක් වුනත් නෑයෙක් වුනත් පිටස්තර කෙනෙක් වුනත් වැඳුම් ලබන පුද්ගලයට අර වඳින පුද්ගලයා ගැන දයාවක් කරුණාවක් ඇති වෙනවා. තරහ මරහ අමතක වෙනවා. බැඳීම් අළුත් වෙනවා. ඒ අතින් අපේ මිනිස්සු හරි සංවේදීයි. සිංහල අවුරුද්දට හුඟක් සිංහලයන්ගේ තරහ මරහ අමතක වෙන්න මේ චාරිත්‍රය උදව් වෙලා තියෙනව.
අපේ සිංහල සමාජය පුද්ගලයන්ට ගරු කරන්නේ ඔවුන්ගේ වත් පොහොසත්කම් තරාතිරම අනුව නෙමෙයි. මිනිස්සුන්ගේ ගුණයහපත්කම්, වටිනාකම් සහ ඔවුන් කළ හෝ කරන සේවය වෙනුවෙන්.
සිංහල සමාජයේ එකිනෙකා අතර බැදීම ශක්තිමත් වෙන්න ඒක හේතුවක් දෙමව්පියන්ට, ගුරුවයන්ට සහ වැඩිහිටියන්ට වැඳලා ගෞරව කිරීම සහ ඔවුන්ගේ ආශීර්වාදය ලබා ගැනීම. ඒ වගේම අමුත්තන්ට, ප්‍රධානීන්ට, දේශපාලකයන්ට සහ අනිකුත් අයට අත් දෙක එකතු කරලා ආචාර කිරීම අපේ සිංහල චාරිත්‍රයක්.. දෙක දෙකක්. නමුත් සමහර වෙලාවට එකට සිද්ධ වෙනවා.
අපිට ආවේනික මේ චාරිත්‍ර වාරිත්‍ර නිසා තමයි අපි අනික් ජාතීන්ගෙන් වෙනස් වෙන්නේ. අපේ සංස්කෘතික වටිනාකම්, ගුණ යහපත්කම්, සිරිත් විරිත් අවඥාවට ලක් කිරීමටවත්, සිනහවට කාරණාවක් වත් ලජ්ජවීමට කාරණාවක්වත් නෙමෙයි. මම හිතන්නේ නැහැ මේ වගේ සිරිත් විරිත් ලෝකේ වෙන කිසිම ජාතියකට තියෙනවා කියලා. වැඩිහිටියන් විදියට අපිට යුතුකමක් තියෙනවා මේ සිරිත් විරිත් අභාවයට යන්නට ඉඩ නොදී ආරක්ෂා කරගන්න. අපේ දරුවන්වට කියලා දෙන්න.
/
Jim softy / February 28, 2018
This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/
/
Champa / March 1, 2018
This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/
/