20 April, 2024

Blog

රනිල්ට එදිරිව වට්ටෝරුවෝ සහ පොහොට්ටුවෝ

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

නිදහසින් පසු වසර 70 ක් තුල ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයේ එක්තරා ආකාරයක පසුගාමී රටක් බවට පත්ව තිබේ. අපට පසුපසින් සිටි ආසියාවේ රටවල් විශාල සංඛ්‍යාවක් අප පසුකොට සැලකිය යුතු ආර්ථික, සමාජ හා දේශපාලන ප්‍රගතියක් ලබා තිබේ. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා කැනඩාව ලොව බලවත් රටවල් බවට පත්ව තිබියදී අප 1972 ව්‍යවස්ථාවෙන් පලවාහරින ලද ඩොමිනියන් තත්ත්වය ඔවුන්ගේ රටවලට ආශීර්වාදයක් බවට පත් කොට ගෙන තිබේ. දැන් අපට පිටුපසින් සිටිනුයේ ජාතිය, ගෝත්‍රය, ආගම හා ජනවර්ගය වෙනුවෙන් සටන් වදින දේශපාලන බලය ඔවුන්ගේ දුෂණය හා පැවැත්ම වෙනුවෙන් යොදවන එකම වට්ටෝරුගත නායකයින් එකාධිපතිව පාලනය කරනා පොදුරාජ්‍ය මණ්ඩලයේ අප්‍රිකානු රටවල් පමණි.

පසුගිය පළාත් පාලන මැතිවරණය නැතහොත් ගම් සභා මැතිවරණය ආණ්ඩු විරෝධී පොහොට්ටු පක්ෂය විසින් 44% ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් ඉදිරියට ආවේය. මෙම පක්ෂය යනු වසර 10 ක් මේ රට අයෝමය හස්තයකින් පාලනය කළ අප්‍රිකානු හා ලතින් ඇමරිකානු පන්නයේ දේශපාලන, සමාජ, ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන ගිය, එම රටවල මෙන් සිවිල් ආයතන සුන්නත් දුවිලි කළ, චීනය හා එක්ව ආර්ථිකය ගිනි පොළී බැංකුවලට යට කළ සමාජය, ජාතික ආගමික හා කුල අනුව බෙදා වෙන්කොට පාලනය කළ, රටේ ජාතික ආර්ථිකය පාලක පවුලේ කීපදෙනෙකු මත කේන්ද්‍රගත කොට සාමාන්‍ය සීලාචාර සිවිල් ජනයා වෙත සුදු වැන් එවූ, මහමග වියතුන් ඝාතනය කළ යුද්ධය අවසන් කොට ගෙන සාමය රටවැසියා යකඩ සපත්තුවට පාගා මර්දනය කොට රටේ සම්පත් තම පවුලේ පැවැත්ම වෙනුවෙන්යැයි සිතමින් ජීවිත භුක්තියෙන් කටයුතු කළ, වෙනුවෙන් රටේ මුලික නීතිය නැතහොත් ආණ්ඩුක්‍රමය තමන්ට උවමනා පරිදි සකස් කරගත් රාජපක්ෂ රෙජිමයයි. මෙම කල්ලියේ නායකයා මහින්ද රාජපක්ෂ වන අතර ඔහු ඉඩිඅමීන් උගන්ඩාවට ඩෑඩා වූ පරිදි, හිට්ලර් පියුරේ ජර්මනියට පියා වූ ලෙසම සිංහල අපට අප්පච්චි වෙයි. මෙම ජාතික වාදී හොල්මන විසින් අප සමාජය තවම රෝගී කරමින් ඔත්පල තත්ත්වයට වට්ටවමින් තිබේ. වද පෙති වල සිට ගැමි ලිංගිකත්වයට ආගම සම්බන්ධවීම දක්වා සියලුම ජාතිකවාදී වැඩසටහන් කියාපාන්නේ මෙම රෝගී සමාජ දේහයට රාජපක්ෂවරු ගෙන එනු ලබන දේශපාලන තිත්ත කල්කයයි. ලංකාව බහු වාර්ගික, බහු ජාතික රටක් ලෙස පිලි නොගන්නා රාජපක්ෂවරු මුස්ලිම්, දෙමල හා කතෝලික ජනයා පිටස්තර ලෙස ජනතාවට පිලි ගන්නා ලෙස බලකරයි. එමෙන්ම ඔහුන්ගේ පවුලේ අයගේ ඇමරිකානු පුරවැසි බාවයද එම අවස්ථාවේම රැක ගැනීමටද ඔවුන් දක්ෂ වේ.

මෙම රෙජීමයේ බරපතල සතුරා වනුයේ එක්සත් ශ්‍රී ලංකාවක් රටට යෝජනා කරනු ලබන, ජනවර්ග වෙනුවට ශ්‍රී ලාංකිකතාවය උත්කර්ෂයට නන්වන ඔවුන්ගේ සංකෘතික වෙනස්කම් පිළිගනිමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් යෝජනා කරනු ලබන, දහසකුත් විරෝධතා හා අපහාස උපහාස මැද පක්ෂය ජාතික සංහිදියා මාවතේ ගෙනයනු ලබන රනිල් වික්‍රමසිංහය. ගම්සභා ඡන්දය අවසාන වූ මොහොතේ පටන් රනිල් අගමැති ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කරන්නෝ රාජපක්ෂ රේජිමයේ අතවැසියෝ හා එම පවුලයි. ඔවුන් විවිධාකාරයෙන් ආණ්ඩුවේ කොටස් සමග ගනුදෙනු කරමින්, මාධ්‍ය ආයතන වෙනුවෙන් රුපියල් මිලියන ගණනනින් අල්ලස් දෙමින් රනිල් විරෝධී මතයක් රට තුල ගොඩ නගයි. එයට ප්‍රධානතම හේතුව 2020 දී සියලු ජාතින් දිනාගත හැකි නායකයා රනිල් වන බැවිනි. එසේනම් රනිල් විරෝධී ප්‍රමුඛ කණ්ඩායම පොහොට්ටුවෝය. රනිල් පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුයැයි කියන අගමැති ධූරය පක්ෂයේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙකුට දීමට කැස කවන අනෙක් පිරිස වන්නේ තක්කඩින් හා වට්ටෝරුවෝය. පසුගිය වසර 70 තුල ලංකාව පාලනය කරන ලද්දේ මෙම වට්ටෝරු නායකයෝය. එනම් ඔවුන් කුමන පන්තියට අයත් අයෙකු වුවද?කුමන ප්‍රදේශයක් නියෝජනය කලද එකම වට්ටෝරුවට කටයුතු කරන අය වෙති. ඔවුන් ගැමි ගැහැණුන්ගේ ඉගටියට අත තබති. පිරිමින්ගේ බඩට තට්ටු දමති. ළමයි වඩා ගනිති. මිනිසුන් ඇන්දීම, රැවටීම, බොරු කීම දේශපාලන දක්ෂතාවයක් ලෙස කල්පනා කරයි. රටට වඩා පක්ෂයට වගකියයි. පක්ෂයට වඩා පවුල ගැන බලයි. මිනිස්සු තමන්ගේ ඡන්දය පාවිච්චි කරද්දී මෙම වට්ටෝරු නායකයින්ට ඡන්දය දීමට කැමත්තක් දක්වයි. එසේ මිනිසුන් ඡන්දය පාවිච්චි කරනු ඇතැයි පුර්ව නිගමනයක්ද තිබේ. ඔවුන් පාලනය කළ රට අද විශාල අවුලකි. එම අවුල එකින් එක රනිල් විසින් ලිහමින් තිබේ. එතෙක් ජනතාව තුල ඉවසීමක් ඇති බවක් නොපෙනේ. නමුත් රනිල් යනු මෙම වට්ටෝරු දේශපාලනයෙන් මිදුණු එකම ජාතික නායකයාය. ඔහුට විරුද්ධ මෙම කදවුරේ බොහෝ දෙනා එක්කෝ මේ වට්ටෝරු නායකයින්ය. නැතිනම් වට්ටෝරුව සොයන්නෝය. එසේත් නැතිනම් ආණ්ඩුවේ සල්ලි හොරකන්කරන මාධ්‍ය මුදලාලිලාය. නැතිනම් රාජ්‍ය දේපල මංකොල්ලා කෑමට දතකට මැදගෙන ඉන්නන්ය. මේ සියල්ල මැද රනිල් ජනතාව ලබා දුන් ජනවරමට අනුව කටයුතු කරයි. රටේ ආර්ථිකය ගොඩ නැගීම, ප්‍රතිසංස්කරණය සිදු කිරීම ඇතුළු කටයුතු සිදු කරයි. සියලුම ජාතීන්ට ආඩම්බරයෙන් තමන් ශ්‍රී ලාංකිකයින් බවට ලොවට කිව හැකි රටක් ගොඩනගයි. 2020 එක්සත් ජාතික පක්ෂය තනි රජයක් ගොඩ නැගීමේ පොරොන්දුවට වැඩ කරයි. පොහොට්ටුව දැන් කළ යුත්තේ ගම්සභා ජනවරම මගින් ලැබූ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන එමගින් ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කිරීමයි. 2020 ජය ගැනීම එක්සත් ජාතික පක්ෂයේ එකම අරමුණය. පක්ෂයේ තරුණ නායකයින් සටන් වදින්නේ වෙනුවෙනි. පක්ෂ නායකත්ව කල්පනා කරනුයේ 2020 ජය ගැනීමට නිවැරදි ප්‍රතිසංස්කරණ පක්ෂය තුල කළයුතු බවයි. 2020 ජය ගැනීම මෙවර ගම්සභා මැතිවරණය අනුවද අසීරු ඉලක්කයක් නොවේ. නමුත් පක්ෂය එකමුතුව, එක කොඩියක් යට කටයුතු කිරීම අනිවාර්ය කොන්දේසියකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 6
    0

    අර්ජුන් මහේන්ද්‍රන් නම් පල්හොරාට මහබැංකුව කොල්ලකෑමට ඉඩ හදා දුන් රනිල් නම් පට්ට්පල් සොර නායකයා අද ලංකාවේ ජනතාව විසින් පිළිකුල් කොට ප්‍රතික්ෂේප කොට ඇත්තේ, තම පවුලට රට විනාශ කිරීමට ඉඩ දුන් මහින්ද රාජපක්ෂ පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළ ආකාරයටමයි. ඒ රනිල්ගේ කුණු දහජරාව හෝදන ඔබතුමා වැනි අය මේ රටේ සුලබව සිටින බැවින් ඔබගේ ලිපිය ගැන කතා කිරීමත් කාලය නාස්ති කිරීමකි. කලම්බු ටෙලිග්‍රාප් එකත් රනිල්ගේ කුණු හෝදන අයට දිගටම ඒ වැඩේට අනුබල දෙන බවයි අපිට නම් දැන් පේන්නේ.

  • 4
    0

    Ranuil has proved that he is a CLOWN. Right now he is politics. That itself is reason to send him to jail. IT is Maithriapala Sirisena supporting him Because he may have so manythings to hide and so many things to protect. Srilanka is a floating ship without captains.

  • 2
    0

    for politicians, trust is th emost important. I don’t think even the members of his party trust him. Ravi borunayake knows that Ranil has so much in the closet and that is why Ranil wanted another committee to remove from the party deputy leader position. those indirectways are not leadership. Just Chicken little (A duck walk in this case though) tries.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.