27 September, 2020

Blog

චේ සමරන කන්නන්ගර නොසමරන ලංකාවේ අපි

චාමර ලක්ෂාන් කුමාර

මේ සටහන ලිවීමට පෙලඹවූයේ එංගලන්තයේ සිටින මනීෂ චාමර අමරසේකර තම ෆේස්බුක් ගිණුමට තැබු සටහනක් මා තුළ ඇතිකළ කම්පනයයි. සැතපුම් දහස් ගණනක් ඈතින් සිටිය ද තවමත් රට තොට සිදුවන දෑ පිළිබඳ උනන්දුවෙන් සිටින්නකු වන මනීෂ “කොටා” තිබු සටහන සැබැවින්ම, සංවේදී එකක් ම විය. ඔහු ලියා තිබුණේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා පිළිබඳවය. “චේ ගැන පොස්ට් දුටුවෙමි. සැමරුම් උත්සව පාපැදි සවාරි දුටුවෙමි. ඔහු ලංකාවට හෝ මෙහි මිනිසුන්ට කළ දෙයක් මා නම් අසා නැත. පසුගිය 13 වැනිදා නිදහස් අධ්‍යාපනයේ පියා වන කන්නන්ගර මහතාගේ 132 වැනි ජන්ම දිනය යෙදී තිබිණි. සැමරුම් නැත. පොස්ට් නැත. නිදහස් අධ්‍යාපනයේ අයිතිකරුවන් වී සිටින අන්තරයට අදාළම නැත. කැම්පස්වල චේගේ රූපය ඇතිමුත් කන්නන්ගරගේ රූපය නැත. ඔහු නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දෙන විට ජවිපෙ, එජාප හෝ ශ්‍රීලනිපය බිහි වී වත් නැත. බණ්ඩාරනායකලා, සේනානායකලා, රාජපක්ෂලා, ඉල්මහ විරුවන් සමරන රටේ එතුමා ගැන පුවතක්වත් පළ නොවීම කනගාටුදායකය. එතුමා නොසිටින්නට අද බහුතරයක් අයට චේ සමරන්න තියා චේ වචනයවත් කියවීමට හැකියාවක් නොතිබෙන්නට තිබිණි. ලංකාව වටේ ඇති අනිත් රටවල සාක්ෂරතාව බැලීම පමණක් මා කියන දෙය තේරුම් ගැනීමට ඉවහල් වනු ඇත.” (උපුටා ගැනුම අවසන්)

Che Guevaracww-kannangaraමේ රට වෙනුවෙන් කිසිදු සාධනීය මැදිහත් වීමක් සිදු කර නොමැති පුද්ගලයන් සැමරීමට දින ගණන් කාලය කා දමන රටක පිටු ගණන් කඩදාසි කොළ නාස්ති කරන පැය ගණන් තම මාධ්‍ය අවකාශය අවභාවිතාවේ යොදවන රටක සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර වැනි මාහැඟි සේවාවක් මේ රට වෙනුවෙන් කළ පුද්ගලයකු අමතක වීම යනු එක් අතකින් විමතිය දනවන කාරණයක් ම නොවේ. තාක්ෂණයෙන් ඩිජිටල් වූවත් සංස්කෘතියෙත් තවමත් ගල් යුගයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ ස්වභාවය මෙයයි. එසේ කියා ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර වැන්නකු පහසුවෙන් අපට අමතක කළ හැකි ද යන්න පැහැදිලි ප්‍රශ්නාර්ථයකි. ඒ ඔහු මේ රට වෙනුවෙන් කර ඇති අද්විතීය මෙහෙවර දෙස අවධානය යොමු කරන ‍කලය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැවැන්ත විප්ලවයක් කන්නන්ගර මහතාගේ මැදිහත් වීම තුළ මෙරට සමාජ දේහය තුළ සිදු විණි. නිදහස් අධ්‍යාපන පනත හඳුන්වා දෙමින් අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඇති අයිතිය ඈත ගම්බද දරුවන්ට ලබා දීම තුළ සිදු වූ විප්ලවය පිළිබඳව අටුවා ටීකා ටිප්පණි පැවසීම අවශ්‍ය නැත. කැලේ පිපුණු මල් කැලේම පර වී නොයන්නට එය ඉඩ සැලසුවේය. තවත් සරලව කිවහොත් නිදහස් අධ්‍යාපනය නොතිබිණි නම් ඈත ගම්වල අති බහුතරයක් දෙනා අධිපති ගෙවල්වල මෙහෙකරුවන් වන්නට ඉඩ තිබිණි. මේ සියලු අර්ථයන් ගෙන බලද්දී ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර යනු දැවැන්ත යුග පුරුෂයෙක්මය.

1945 ජූලියේදී නිදහස් අධ්‍යාපන පනත සම්මත වීමෙන් පසු කන්නන්ගර මහතා සභා ගැබෙන් පිටතට පැමිණෙද්දී ඔහු අසලට අමුත්තෙක් කිට්ටු විය. ඒ එවකට කොළඹ ඉන්දියානු මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ එච්.එම්. ආනේ මහතාය.

“අයියා අපේ රටේ ඉපදිලා මේ වගේ පනතක් ඉදිරිපත් කළා නම් දෙවියන්ට වගේ සලකනවා.” ඔහු කන්නන්ගර මහතාට අත දෙමින් එසේ පැවසුවේය. ඉන්දියානුවන් එසේ කරන බව පැවසුව ද අපේ අය නම් කන්නන්ගර මහතාට 1947 මහ මැතිවරණයේදී ඉහළම සැලකිල්ල දැක්වූයේ ඔහුව පරාජයට පත් කරමිනි. නිදහස් අධ්‍යාපනයේ පියා ගෙදර යවමින් ධන කුවේරයකු වූ විල්මට් ඒ. පෙරේරාව රටේ ව්‍යවස්ථාදායකයට පත් කිරීමට තරම් පස්යොදුන් කෝරලයේ ජනතාව එදා අකෘතඥ වී තිබිණි.

දේශපාලනඥයකු ලෙස කන්නන්ගර මහතාගේ අගය වැඩි කරනුයේ ඔහු එය තම පැවැත්ම වෙනුවෙන් කිසිදා භාවිත නොකළ කෙනකු බැවිනි. වසර විස්සකට වැඩි කාලයක් රටේ ව්‍යවස්ථාදායකය නියෝජනය කළ ද පෞද්ගලිකව ලාභ උපරීම කරගැනීමේ අදහසක් ඔහුට කිසි දිනක නොතිබිණි. ඒ නිසාම ජිවිතයේ සැඳෑ කාලය සතුටින් ගෙවීමට තරම් හැකියාවක් ඔහුට නොවීය. 1961 ඔක්තෝබර් මස 26 වැනි දින නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ආර්.එස්. පැල්පොල මහතා වෙත කන්නන්ගර මහතා යැවූ ලිපිය අපට පෙන්වා දෙනුයේ අවංක දේශපාලනඥයකුගේ ශෝකාලාපය මිස වෙනෙකක් නොවේ. ජීවත්වීම සඳහා තමනට පිං පඩියක් ඉල්ලමින් කන්නන්ගර මහතා යැවූ ඒ මුල් ලිපියේ කොටස් දෙකක් මෙසේ උපුටා දක්වමි.

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර
නො. 36,
තිඹිරිගස්යාය පාර,
හැව්ලොක් ටවුම,
කොළඹ 06.

1961 ඔක්තෝබර් මස 26 දිනදීය.

ශ්‍රී ලංකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ගරු ආර්.එස්. පැල්පොල මැතිතුමා වෙතයි

රජයේ ඉහළම රාජ්‍ය සභාවල සියවස් කාලකටත් වැඩි කාලයක් සේවය කිරීමෙන් පසුව මා දැනට පත්වී තිබෙන අසරණ තත්ත්වයන් නිසා හදිසි මූල්‍යමය ආධාරයක් අපේක්ෂාවෙන් මෙම ඉල්ලීම ඔබතුමා වෙත ඉදිරිපත් කරන බව ගෞරවාන්විතව දන්වා සිටිමි.

මගේ මේ ඉල්ලීම ඉදිරිපත් කිරීමට හේතු සාධක වශයෙන් පහත සඳහන් වැදගත් කරුණු කිහිපය ඔබතුමා ඉදිරියේ තැබීමට අදහස් කරමි.

ආයෝජනවලින්, නිවාසවලින්, ඉඩකඩම්වලින් හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් මට කිසිදු පෞද්ගලික ආදායමක් නොලැබෙන බැවින් මා වසර ගණනාවකම යැපුණේ මගේ මිත්‍රයින්ගෙන් හා හිතවතුන්ගෙන් ලැබුණු පරිත්‍යාගවලිනි. මගේ සෞඛ්‍ය රැකගැනීම සඳහා කළ යුතු අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් ගෙවිය යුතු බිල්පත් දිනපතා ගොඩගැසෙමින් පවතී. මිත්‍රයන්ගෙන් හා නැදෑයන්ගෙන් සහනාධාර යැදීම සියවසකින් තුනෙන් එකක් තරම් වූ කාලයක් තිස්සේ රජයේ ඇමැති තනතුරක් දැරූ මා වැන්නකුට කිසිසේත් තරම් නොවන බවට ඔබතුමා ද එකඟ වනු ඇත යනු මාගේ විශ්වාසයයි.

රජයෙන් ක්ෂණික සහනයක් අපේක්ෂාවෙන් මගේ මේ ආයාචනය ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නේ අද මා මුහුණ පා සිටින අවාසනාවන්ත තත්ත්වය නිසාම බැව් සැලකුව මැනවි. එසේම සියවස් කාලකට වැඩි කාලයක් තිස්සේ මගෙන් කිසියම් ගෞරවයකට හා පිළිගැනීමකට ලක් වූ සේවයක් ඉටු වී ඇති බව ද මා අදහස් කරන නිසාත්ය.

ඒ වගත් මෙසේම

ඔබතුමාගේ යටහත් කීකරු සේවක

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර

(මුල් ලිපියේ කොටස් දෙකක් පමණි)

ජාතියට දේශයට නිදහස් අධ්‍යාපනයේ ආශීර්වාදය ලබා දුන් ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ඇමැතිතුමාට අවසානයේදී අත් වූයේ එවන් දුක්ඛදායක ඉරණමකි.

මේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එතුමාට පාර්ලිමේන්තුවෙන් රුපියල් දසදහසක පාරිතෝෂික මුදලක් ගෙවූ අතර, පසුව මසකට රුපියල් 500 බැගින් පින් පඩියක් පිරිනැමිණ.

පසුව බලයට පැමිණි රජය යටතේ එම මුදල රුපියල් 1000 දක්වා වැඩි කරන ලදී. මේ ආකාරයට දුක්ඛිත දිවියක් ගෙවූ කන්නන්ගර මහතා 1969 සැප්තැම්බර් 23 වැනිදා මිය පරලොව ගියේ තවත් අමතක කර දමනු ලැබූ පුද්ගලයකු වශයෙනි.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර වැනි පරමාදර්ශි දේශපාලනඥයන්ගෙන් ආදර්ශ ලබා ගන්නවා වෙනුවට අපේ බහුතරයක් දේශපාලනඥයන් පෙලඹී ඇත්තේ ඊට පිටුපෑමටය. ඒ වග පෙන්වීමට උදාහරණ අනන්තවත් සැපයිය හැකිය. එජාප හා ශ්‍රීලනිපය නියෝජනය කරන ඇමැතිවරුන් දෙදෙනකු හබරාදුව ප්‍රදේශයේ එකම පාරක් දෙකොනින් විවෘත කර රට හිනස්සවා තවම ගතව ඇත්තේ දින කිහිපයකි. සිනාසීම වෙනුවට මෙම කාරණය දේශපාලනඥයන්ගේ කාර්යභාරය කුමක් විය යුතු ද යන්න සිතා බැලීමේ අවස්ථාවක් අපට ලබා දෙයි. 1948 සිට ක්‍රියාත්මක ජනප්‍රිය දේශපාලන සංස්කෘතියෙන් පිට පැනීමට තවමත් අපේ දේශපාලනඥයන්ට නොහැකි වී ඇති බව පීත්ත පටි කපමින් කරන මේ මාදිලියේ විවෘත කිරීම්වලට තවමත් ඔවුන් සම්බන්ධ වීමෙන් පෙනී යයි. ජනතා කැමැත්ත දිනු දේශපාලනඥයකුගේ කාර්යභාරය විය යුත්තේ පීත්ත පටි කැපීම, ඡන්දදායකයන්ගේ මඟුලට, අවමඟුලට සහභාගි වීම නොව රට හා එහි වැසියන් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනයයි. මෙසේ පීත්ත පටි කැපීමට යෑමෙන් සිදු වනුයේ ප්‍රතිපත්ති සම්පාදනයට ඇති කාලය අපතේ යෑමකි. ප්‍රාදේශීය හා පළාත් සභා මට්ටම නියෝජනය කරමින් ඒ ඒ තලවල දේශපාලනඥයන් කොතරම් සිටිය ද පාරක් විවෘත කිරීමට වීදි ලාම්පු විවෘත කිරීම වැනි සරල කාරණාවලට පවා සම්බන්ධ වීමට කැමැත්ත දක්වන ජාතික තලයේ දේශපාලනඥයන් අතිබහුතරයක් මේ රටේ සිටිති. පීත්ත පටි කැපීමට දක්වන උනන්දුව ප්‍රතිපත්ති සම්පාදනයට හා සමාන්තර වෙනත් රටවල සාර්ථකත්වයේ අත්දැකීම් ගැන කියැවීමට ඔවුන් වැය කළේ නම් සැබැවින්ම මේ රට සුරපුරයක් බවට පත් වී බොහෝ කල්ය.

හුදු ප්‍රදර්ශන කාමයට අමතරව වරප්‍රසාද පසුපස හඹා යෑමට වත්මන් දේශපාලනඥයන් තුළ ඇති කැමැත්ත රටේ දේශපාලනය තවත් දුර්වර්ණ ගන්වයි. දේශපාලන බලය හා වරප්‍රසාද අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් ශ්‍රී ලංකාව වැනි දේශපාලන වශයෙන් අව-සංවර්ධිත රටක පැහැදිලිවම දැකගත හැකිය. සාමාන්‍යයෙන් දියුණු යැයි සම්මත රටවල බලයට පත්වීම යන යෙදුම හෝ දේශපාලන ශබ්ද කෝෂය තුළ දක්නට නොමැති අතර ඒ වෙනුවට ඇත්තේ ‘කමින් ටු ඔෆිස්’ නොඑසේ නම්: කාර්යාලයට පැමිණ රාජකාරි කටයුතු ඇරැඹීම යන්නය.

බොහෝ රටවල් ‘කමින් ටු ඔෆිස්’ කියද්දී අපි තවමත් ‘කමින් ටු පවර්’ යනුවෙන් කියමින් සිටින්නෙමු. එය, අපට ගැටලුවක් වුවද දේශපාලනඥයන්ට නම් වරප්‍රසාදවලින් තොරව පැවැත්මක් නොමැති බව දිගින් දිගටම පෙනෙන්නට තිබීම අතිශයින්ම කනගාටුදායකය.

Print Friendly, PDF & Email

Latest comments

  • 10
    6

    නිදහස් අධ්‍යාපනයේ පියාගේ ජන්ම දිනය සැබෑ ලෙස සැමරීම සඳහා ඔක්:13 දා එතුමා උපන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි බටපොල මහා විහාරයේ දී වැඩසටහනක් පැවැත් වුණා. එහිදී නිදහස් අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලෙස නිර්දේශ කරන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටීම පිණිස අත්සන් කරන ලද මහජන පෙත්සමක් එම කොමිසමට බාර දුන්නා. එම පෙත්සමට සෑම තරාතිරමකම ශ්‍රී ලාංකේය ප්‍රජාව අත්සන් තබා තිබුණා. මෙම වැඩසටහන ගැන සවිස්තර ලිපියක් ඔක්:11 අයිලන්ඩ් පුවත්පතේ ද, තවත් ලිපියක් ඔක්: 13 ලංකාදීප පුවත්පතේ ද පළ කර තිබුණා. සමාජ මාධ්‍යවලත් තොරතුරු පළ වුණා. කෙසේ වෙතත් ඒ විස්තර peasl.blogspot.com බ්ලොග් අඩවියට ගොස් බලා ගන්න පුළුවනි. මේ ලියම්කරු ඒ තොරතුරු නොදැකීම ගැන කණගාටුයි.

  • 2
    0

    Thank you to you both.

  • 1
    0

    First of all let me apologize for writing this comment in English as I am not converse the ‘Singhala’ keyboard. It’s undebatable that Mr.C.W.W.Kannangara is a is a national hero and a grate person who did lot for the sake of Free-Education of Sri Lanka. He is the icon of free education in the country. So he is a true son of the mother land. Further it is true that/it’s pity that today we, Sri-Lanken are not giving due recognition to the grate service rendered by him and not celebrating milestones of his life in the manner deserve for. Nevertheless, When it’s come to ‘Che’ he is not belonging to one country. He has sacrificed his life not only for the people of his country but also poor,unprivileged,downtrodden people/workers of many countries. What is true of the service of Mr.Kannagara is true of ‘Che’ as well. In anyway I am not going to tell ‘Che’ is a grate person than Mr.Kannangara. But I wish Mr.Amarasekera did not compare ‘Che’ when Sri Lanken not giving due recognotion to Mr.Kannangara.

    • 1
      0

      what did people in SL gain from Che?

  • 1
    0

    Reading this article made me in tears. I wouldn’t be where I am if I didn’t have free education. my great respect for him.

  • 2
    0

    අපට අප ගැනම සිතන්න යැයි ටොක්කක් ඇණ පෙන් වූ ලිපියකි. ස්තුතියි.

    යූඇන්පී ශ්රී ලංකා කාරයින්ට මේක අමතක උනත්, උගුර ලේ රහ වෙන තුරැ නිදහස් අධ්‍යාපනය ගැන කෑ මොර දෙන ජෙප්පොන්ටත් මේ ශ්රේෂ්ඨ දේශප්රේමියා අමතක වීම අභාග්‍යයකි. එසේම, ජවිපෙ ඇතුලු දේශපාලන පක්ෂවල අවස්ථාවාදය යහමෙට පෙන්වන්නකි.

    • 1
      1

      ONLY WAYOUT FOR YOU IS TO FOLLOW THE PATH OF MYANMAR MONKS – SELF IMMOLATION.

      MAX; THAT CAN HELP LANKEN MASSES THAN YOU WOULD EVER BELIEVE.

  • 1
    4

    Hikis😁😂😅😃😄😬 .. මේවට මම මොකුත් කියන්නේ නෑ.. නිදහස් අධ්‍යාපනය එක වසරේ ඉඳ්ලා ලැබුණු ඔබතුමාලා කී පාරක් කන්නන්ගර මහත්තයාට ගුණ සමරු තිබ්බද කියලා උඹලගෙ හිත් වලින්ම අහලා බැලුවොත් හොඳයි නේද පළමුව.. අඩුම ගානේ තේරෙන්නේ නෑ නිදහස් අධ්‍යාපන සංකල්පය රැක ගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කරන කැපවීම.. අඩුම ගානේ එහෙම එකක්වත් කරලද දැන් මේ උපාසක මහත්තුරු කතා කරන්නේ මේ උගත් මහත්වරු.. මහත්තයෝ මිනිස්සු වෙනුවෙන් අවන්කවම කැපවුන මිනිහෙක් කොහේ හිටියත් ඒ කෙනාව සැමරුවාට වැරැද්දක් නැහැ.. ඒකෙන් කියවෙන්නේ නෑ ඒ සමරණ අය අනික් මිනිස්සුන්ව අමතක කරලා කියලා.. එහෙම හිතෙන එක ඔබතුමන්ලාගේ හිතේ තියන ප්‍රශ්නයක් මිසක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රශ්නයක් නෙවේ.. සමාජවාදය අසාර්ථක නම් කියුබාව අද තියෙන්න ඕන කොතනද කියලා තමුන්ගේ බුද්ධියෙන් විමසලා බලන්න…. ජීවිතේට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මොකුත්ම නොකරන ඔබලාවගේ අයගේ කටමැත විශ්වවිද්‍යාල ප්‍රජාව ගණන් ගන්නේ නෑ.. මොකද අනුන්ගේ රෙද්දේ තුත්තිරි හොයන පත්තිනි අම්මලා බොහොමයක් දන්නේ නෑ තමන්ගේ රෙද්දේ තුත්තිරි ගැන

  • 0
    1

    Thank you very much for this article, We must all be grateful for this pioneer. Hit the spot and hurt!

  • 0
    0

    Srilankens in general celebrate only show-off issues.

    Thanks god, since the new govt is in power, nothing like such extra vaganza is seen.

    Pakistanies and other countries that have low literacy rates- dream of lanken schooling systems.

    Our average only criticise, but not seeing the reality by their own eyes. Each and every corner of the country, you will see a school- in this country. Standards are to be improved, but alone the free education facility alone should be god given priviledge to all.

    Affluent families send their offsprings to overseas for Uni education, but the average ones to become local graduates and contribute their knoweldge to prodcutivity of the country- is thanks to free education.

    Local medical graduates should rather think more about the free education and how it helped them to turn out to be medicos today.. They instead make every effort to please the agendas of the devious politicians and groups – is a saddened thing.
    I think it is high time, to go for composition change of GMOA.. if we at all to achieve lot in health stream. Those come to TV discussions are all merciless stupid med graduates. They cant see beyond their nose. The feeling that their know how can save the lives have been abused by them . Also society is also wrong to place them above altar as medical professionals.

  • 0
    0

    This is something to think. It is good raising the point reminding all the readers about the services of those old national heroes. However, I don’t see a link between the two points; the Che celebrations and Celebrating our national heroes. Che celebrations were done under a political and community theme and it is focused on motivating our people towards a whole change of the social and political system and changing their rigid attitudes and blind loyalty to the specific political groups despite the destruction they have done to the country’s economy, culture and communities. Yes! we must celebrate those our national heroes and teach those lessons to the people. Yet, it is not fair to relate it with the Che or Fidel celebrations those came under a separate and distinctive purposes of Socialism!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.