23 April, 2024

Blog

ලිච්චවි සම්මුතියේ පංගු සහ පඩංගු

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන ඔක්තෝබර් 12 දින රණවිරුවන් ඉදිරියේ කළ ප‍්‍රකාශය සුළි සුළඟක් විය. එය රටේ හැට දෙලක්‍ෂයක් ජනතාවට හැංගෙන්න තැන් සොයා ගන්නා තරමට බරපතල විය. එ දින සවස අගනුවර බොහෝ දෙනා මාධ්‍ය ජනාධිපතිගේ කතාව අසන ලෙස මට දැනුවූහ. කිසිවෙකු හේතු කීවේ නැත. කතාව ඇසූ කුණුහරුප මතක් වුනා කීමට මම ලජ්ජා නො වෙමි. වරදක් කළ බවට සැක කරන කිසිවෙකුගේ තරාතිරම නො සැලකීම අපේ නිතියේ ස්වභාවය වේ. එය නඩු නීතිය විසින් ද පේ‍්‍රමවතී මනම්පේරි නඩුවේ පටන් මිරිසුවිල් නඩු තීන්දුව තෙක් අඛණ්ඩව තහවුරු විය. පොන්සේකා හිර කළ විට, මල්වතු මහ නා හිමියන් ඊට එරෙහිවූහ. මහින්ද වෙනුවෙන් මල්වතු විහාරයට ගොස් මහ නා හිමියන්ට මරණ තර්ජනය කළ භික්‍ෂුන් රණවිරුවන්ට රටේ නීති බල නො පාන බව උසාවියට ඉගැන්වීමට ගොස් හිර ගෙදරට ගෑටූහ. රටම බක බක ගා හිනැස්වූ ඒ චීවර ප‍්‍රතිහාර්ය සිහිකොට රටේ ජනාධිපති ඔක්තෝබර් 12 දින සාදු කාරදී පින් අනුමොදන් විය. යුද්ධය නිමා කළ මහින්ද පළවා හැරියේ වාසගම රාජපක්‍ෂ වූ නිසා නොවේ. රටේ නීතිය පාච්චල් කළ නිසාය. එක්නැලිගොඩ, ලසන්ත, රවි රාජ් ආදි ඝාතන පරික්‍ෂණ යට ගැසුවේ බුද්ධි අංශ සාමාජිකයන් යොදා රාජපක්‍ෂලා ඒ අපරාධ කරවූ නිසාය. ගණුදෙනුව පුද්ගලික නම් මිනි මරුවන් එක්නැලිගොඩ මරා කානුවකට විසි කරනු ඇත. පැහැර ගත් මිනිසෙකු කොළඹ සිට පන පිටින් ගිරිතලේට රැුගෙන යන්නේ නැත. පැහැර ගත් මොහොතේ සිට ඉහළින් උපදෙස් ලැබිණ. ඝාතකයන් කළේ තත්පරයෙන් තත්පරයට අවනත විම පමණකි. එය හමුදා සැලැස්මකි. ඒ සඳහා හමුදා වාහන සොල්දාදුවන් රාජ්‍ය දේපල පාවිච්චි විය. එය ආණ්ඩුව හෝ ආණ්ඩුවේ සමහරු දැන සිටි කුමන්ත‍්‍රණයකි. වැල්ලවත්තේ දෙමළ තරුණයන් පැහැර ගෙන යාමට, එවකට සිටි නාවුක හමුදාපතියාගේ ශරීරාරක්‍ෂකයා සම්බන්ධ බව කියති. දිවි නසා ගත් බුද්ධ අංශ විශ‍්‍රාමික කෑගල්ලේ ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්නගේ මරණාසන්න ප‍්‍රකාශයෙන් ලසන්ත ඝාතනය කළේ බුද්ධි අංශ බව තහවුරු වී හමාරය. දැන් සෙවිය යුත්තේ බුද්ධි අංශ නොකළාද යන්න පමණකි. ජනවාරියට පසුව සොයා ගත් රණවිරු සූත‍්‍රය මෛති‍්‍රපාල සිරිසේන සජ්ජායනා කිරිම දෛවයේ සරදමකි. ආබාධිත රණවිරුන් ඉදිරියේ මෛති‍්‍ර කළ ප‍්‍රකාශය ජනවාරිය පෙළ ගැස්වූ හැට දෙ ලක්‍ෂයක් රටේ මිනිස්සු ඇස් දෑත් බැඳ මරණය සඳහා හමුදාවට පාවා දීමකි.maithripala-sirisena-pic-via-his-facebook

පොලිස් විමර්ශකන්ට ගල් ගසා මරණ බවට හම්බන්තොට ඩි.වී.උපුල් කළ තර්ජනය මෛති‍්‍රද, ඔක්තෝබර් 12 වෙනි දින අනුමත කළේය. ශී‍්‍රලනිප මහ ලේකම් මෛති‍්‍රපාල අගමැති නොවී කැබිනට් පදවියෙන්ම දේශපාලනය අවසන් කිරිමට නියමිතව සිටියේය. ඔහු 1994දී ඇද වැටුණ යූඇන්පී කාරයන්ට එළව එළවා පහර දුන්නෙකි. මහවැලි ඇමතිකම උදුරා ගැනීම නිසා රාජපක්‍ෂලාට වෛර කළ චරිතයකි. මෛති‍්‍ර යනු ජනවාරි සටන අතර, සිවිල් සමාජය ඉදිරිපත් කළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම ප‍්‍රතික්‍ෂෙප කළ චරිතයකි. එහෙව් මෛති‍්‍රපාල පොදු අපේක්‍ෂකයා ලෙස තෝරා ගත්තේ ඔහුගේ බොක්ක හාරා බලා නොවේ. පැවති තදියම නිසාමය. සජිත් අලියාගෙන් රනිල් එවා මහින්ද දිනවිමට තිස්ස අත්තනායක සමග ගැසූ ගේමට බය වෙලාය. මේ අනුව, ජනාධිපතිකම යනු මින්නේරි දෙයියන් මෛති‍්‍රට දුන් වරමකි. ඔහු ඊට රටේ මිනිස්සුන්ට ණය නැත. යමෙක් එසේ සිතයි නම් උන් තකතීරු මෝඩයන්ය. මෛති‍්‍රපාල සිරිසේන, ගාමිණි සුමනසේකරලා, හේමන්ත වර්ණකුලසුරියලා සමග ජනවාරි ජයග‍්‍රහණයට සිවිල් සමාජයට කොකා පෙන්වන්නේ ඒ නිසාය.

ගී‍්‍රක දේව කතාවකට අනුව, මැඩියන් තම වර්ගයාට වෙනම දෙවියෙකු ඉල්ලා සිටියහ. එය ඇසූ ජුපිටර් නම් ගී‍්‍රක දෙවියන්ට සිනහ පහ විය. ජුපිටර් ආ මෙන්න කියා දිරා ගිය ලී කොටයක් විල් දියට වීසි කළේය. වහා විල කැළඹුනේ මැඩියන් බියවි සැඟවිණ. සුලු මොහොතකින් විල සංසුන් විය. දිරා ගිය කොටය දියේ පාවෙන්නට විය. බිය පහවූ මැඩියන් එකා දෙන්නා ලී කොටයටද ගොඩවී ඔරු පදින්ට විය. වතුරේම පාවෙන මැඩියන්ට ලී කොටය මත නැගී පාවෙන සතුටටක් දීමට ජුපිටර් කල්පනා කළා විය හැකිය. මැඩියන් තමන්ට ලැබුණ ඒ දෙවියා එපා කීහ. ජුපිටර්ගේ දෙවන ප‍්‍රදානය විලට එක් කළේය. ඒ විනාසකාරි දිය බරියෙකි. දෙවියන් රඹ කොටයක් නොවිය යුතු යයි මැඩියන් තින්දු කළා නම් රටේ පාලකයා වන තමන් රඹ කොටයක් නොවිය යුතු යයි මෛති‍්‍ර කල්පනා කිරීම සාධාරණ විය හැකිය.

යහ පාලනයේ භාර ය සිවිල් සමාජය සතුය. අර්ජුන මහේන්ද්‍රන් සිද්ධියේදි මෛති‍්‍ර මහ බැංකුවට නව අධිපතියෙකු පත් කළේ සිවිල් සමාජය කළ බලපෑම නිසා යැයි සමහරු මුලා වී සිටිති. රනිල් අබිබවා ගොස් මෛති‍්‍ර මහ බැංකුවට නව අධීපතියෙකු පත් කළ බව සැබෑය. මෛති‍්‍ර තනතුරෙන් ඉවත් කළාට රනිල් වික‍්‍රමසිංහ අර්ජුන මහේන්ද්‍රන් ඉවත් කළේ නැත. රනිල්ට එසේ කරන ලෙස සිවිල් සමාජය බල කළේ නැත. එසේම රනිල් කළ වැඩේ ගැන සිවිල් සමාජය කතා කළේද නැත. ඉතින් මෛති‍්‍රටත් කැමති දෙයක් කිරිමේ හැකියාව ඔහු පෙන්වමින් සිටියි. දැන් රනිල් අර්ජුන මහේන්ද්‍රන්ට දුන් ආරක්‍ෂාව අර්ජුන් ඇලෝෂියස්ටද දැන් ඒ ආරක්‍ෂාව ලැබී ඇත. මෙසේ බැඳුම්කර සිද්ධියෙන් මතුවන ගඳ මෙන් හඬද බෙහෙවින් අප‍්‍රසන්නය. සිවිල් සමාජය ඒ ගැන නිහඬය. මල්වානේ දේපල ගැන බැසිල්ට නඩු නැත. දේපල මගේ නොවේ කී නිසා බැසිල් නිදහස්ය. 2010 සිට 2015 තෙක් එකී දේපලේ හිමිකරු තිරු කුමාර් නඩේසන් ය. 2015දී ඔහු ඒ දේපල ජයකොඩිට විකුණා ඇත. ජයකොඩි එවැනි දේපලක් තමාට අයිති නැති බව කියයි. එවිට නඩේසන් සතුව පැවති දේපලට කුමක් වීද යන්න FCID ය තිරු කුමාර් නඩේසන් ගෙන් ප‍්‍රශ්න කර නැත. ඒ තිරූ නිරූපමා රාජපක්‍ෂගේ සැමියා වීම හා බැසිල් නිරුපමාගේ බාප්පා වීම නොවේ. අර්ජුන මහේන්ද්‍රන් අර්ජුන් ඇලෝෂියන් රකින අග‍්‍රාමාත්‍ය ආරක්‍ෂක වලල්ලෙහි තිරු කුමාර් නඩේසන් ද ජයග‍්‍රාහීව ගැවසීමය. වීරවංශට විධිමත් පාස්පෝට් එකක් දී නඩුව යට ගැසුවේ අගමැති බව පාර්ලිමේන්තුවේදී ජවිපෙ රනිල්ගේ මූනටම කීය. අගමැති කියන ලිච්ඡුවි සම්මුතිය තුල ජනාධිපති බල වපසරියෙහි මෛති‍්‍ර හැකිලෙමින් සිටිනු පෙනේ. මේ සාරාංශ කිරිම තුල ඉස්මතු වන වැදගත් යමක් ඇත. ඒ සිවිල් සමාජය ජනාධිපතිගෙන් අපේක්‍ෂා කරන යහ පාලනය අගමැතිගෙන් අපේක්‍ෂා නො කරන බවය. ලග්ගල ගැමි වහර අනුව සිවිල් සමාජය මෛති‍්‍රපාල ගස් බැඳ ඇත. ඔහු ගස වටේ මඩ කරමින් සිටියි. රනිල් දිගිල්ලා හෝ නැත. ඔහු දඩාවතේ යමින් ජනවාරි ජයග‍්‍රහණයම විනාස කරමින් සිටියි.

මහින්දට කඩේ ගිය හේමන්ත වර්ණකුලසූරිය මෛති‍්‍ර විදුලි සංදේශ නියාමන කොමිසමට පත් කිරිම ගැන ශිරාල් ලක්තිලකගෙන් මාධ්‍ය ප‍්‍රශ්න කළේය. උත්තරය මතයක් නැත යන්නය. ශිරාල්ට පමණක් නොවේ. ජනාධිපති මාධ්‍ය ඒකකයටම ඍජු නිරවුල් මතයක් නැත. හේතුව ජනාධිපති මාධ්‍ය ඒකකය එක්තරා මාධ්‍ය ජාලයක ශාඛාවක් ව ගස් බැඳ තිබීමය. සිවිල් සමාජය මෛති‍්‍රට පැවරූ සබ්බ සහිරිය ඒ මාධ්‍ය ජාලය හිමිකර ගෙන සිටිති. වසර ගණනාවක සිට එහෙයියෙකු එජාප නායකයා කර ගැනිමට මේ ජාලය වලි කෑවේය. ඔවුන් තවම වෑයම අත් හැර නැත. ඔවුන් හැමදාම සජිත් පේ‍්‍රමදාසගේ කතාවකටද ඉඩ වෙන් කරති. ඔවුන් ජනතාව මෛති‍්‍රට දුන් බලය ලංකාවේ දේශපාලන හැසිරවිමට පාවිච්චි කරමින් සිටිති. ඔවුන් රනිල් සමග වෛර බැන්දේ තම නිර්දේශ එජාප ජාතික ලැයිස්තුයෙන් පත් නොකළ නිසාය. ඊළඟ මැතිවරණයට ඔවුන් පක්‍ෂ තුනකින් සේවකයන් තිදෙනෙකු මැතිවරණයට ඉදිරිපත් කළහ. තිදෙනාම ජය ගත්හ. එසේ පත්වූ නිවේදකයන් හසුරුවන්නේ ජනතාව හෝ අර පක්‍ෂ විසින් නොවේ. අර ජාලය විසිනි. මෛති‍්‍ර මේ පැටලී සිටින උගුල ලෙහෙසි පහසු නැත.

මෛති‍්‍ර රනිල් ලිච්ඡුවි දෙ පංගුවම යහ පාලනය තේමාව වෙනුවෙන් පෙනී නො සිටිති. දැන් මහා ආරවුලකි. සිවිල් සමාජය කළ යුත්තේ ආරම්භය කිකිළියද බිත්තරයද යන්න නො සොයා අනවශ්‍ය කෙකර ගෑම් වහා නතර කිරීමය. බැඳුම්කර වංචාව, ගල් අගුරු ටෙන්ඩර් මගඩි ගැන සෙවිමට ත්‍ක්‍ෂෘ යට තහනම්ය. ඒවා යට ගැසීමට කමිටු පත් කරති. ඒ.එච්.එම්.ෆවුසි, පි‍්‍රයන්කර ජයරත්න FCID යට කැඳවති. 2016-08-19 දා දිනමිණ පත‍්‍රයේ මුල් පුවතට තෝරා ගෙන තිබුණේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ සහ ගාමිණි සෙනරත්ගේ කෝටි 76ක වංචාව පිළිබඳ තොරතුරු වේ. දුර කතන ඇමතුමකින් පුවත ඉවත් විය. රාජපක්‍ෂලා රැුකිමට යහ පාලනයේ දෙපංගුවම මෙසේ දෙකට බෙදී ගුටි ඇන ගනිති. ජනාධිපති, ගෝඨාභය වෙනුවෙන්ද අගමැති, මහින්ද, බැසිල්, ශෂීන්ද්‍ර ආදිහු වෙනුවෙන් පෙනී සිටිති. අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය මෙහිදී සු විශේෂ වේ. ලේක්හවුස්, අයිටිඑන් සභාපති වරු ජනමාධ්‍ය අමාත්‍යංශයට අවනත නැත. අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රංග කලන්සූරිය යටතේ පවතී. අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය යනු අර මාධ්‍ය ජාලය මෙහෙයවන ජනාධිපති මාධ්‍ය ඒකකයට විකල්ප විය හැකිය. වර්තමාන ජන මාධ්‍ය ලේකම් පහ කිරිමට රජය තීරණය කළ බව වරක් ලංකාදීපයේ මුල් පුවත ලෙස පළවිය. තවම එය සිදුවි නැත. මේ මාධ්‍ය ඒකක දෙක රටේ ආණ්ඩු දෙකක් පවත්වා ගෙන යති. විනාසකාරි එහෙයියන් ගැන සිවිල් සංවිධාන කිසිවක් නොදකිති.?

ශී‍්‍රලනිපය දෙකඩ වීමේ වාසියන්ට වාසියක් ලෙස එජාපය දකිති. තිරු නඩේසන් හරහා බැසිල්ද, ආගමන විගමන පාලක හරහා වීරවංශද, විජේදාස රාජපක්‍ෂ හරහා රාජපක්‍ෂ පවුල රකිමින් ශී‍්‍රලනිපය දෙකඩ කිරීමේ කඳවුර රකියි. මෛති‍්‍රගේ ප‍්‍රකාශය අසා, ස්වාධීන කොමිෂන් සභා ලොක්කන් අස්වීමේ ලිපි සැකසූ බව වාර්තා විය. එහෙත් බැඳුම්කර ගල් අඟුරු ටෙන්ඩර් වංචා පසුපස සිටින්නෝ ඉල්ලා අස් නොවෙති. ජිනසිරි දඩල්ලගේ අස්වුණේ නැත. මෙහි කෙළවර යහ පාලන බිබික්කම විසිකර මෛති‍්‍ර මහින්ද එක්ව ශී‍්‍රලනිපය කෙලින් විමය. එදාට විපක්‍ෂ නායකත්වයවත් එජාපයට අහිමි වනු ඇත. එදාට අර්ජුන මහෙන්ද්‍රන් ආදි ගජ මිතුරන් රට යනු ඇත. රාජපක්‍ෂලා රනිල් රැුක බලා ගනු ඇත. ගාමිණී සුමනසේකර, ලලිත් සිල්වා, වසන්ත රාමනායකලා බක බක ගා සිනාසෙනු ඇත. මිනිස් සිරුරේ උස අනුව තනතුරු බෙදන සජිත් එජාප නායකයා වි ශීරාල් ලක්තිලක එජාප මහ ලේකම් වනු ඇත.

20 වසරක් පුරා එජාප ආණ්ඩුවක් ගැන සිහින දුටු ගමේ යුඇන්පියට මෙදා කුමක් වේද? සමන් අතාවුද හෙට්ටිට රස්සා තුනක්ම ලැබී ඇත. ඔහු සිය හිත මිතුරන්ට රිසි සේ බෙදමින් සිටියි. ඇමතිවරු රනිල්ට වඩා බය අතාවුද හෙට්ටිටය. ජනවාරි 11 වෙනිදා මහනුවරට පැමිණි මෛති‍්‍රපාල සිරිසේන ජනාධීපති දැක ආපසු යමින් සිටි එජාප කි‍්‍රයාකාරින් සහිත බස් රිය වටකර වත්තේගමදී පහර දුන් මහින්දගේ සන්ධාන මන්තී‍්‍රට පොලිසිය අත තිබ්බේ නැත. එහෙත් පාලිත තෙවරප්පෙරුම දෙ වරක් කුදලාගෙන ගියහ. තිරු නඩේෂන්ලා අර්ජුන් මහේන්ද්‍රන් ලා රකින්නෝ එජාප පාක්‍ෂිකයන් හා එජාප මන්තී‍්‍රන් කෙරෙහි සැලකිලිමත් නොවෙති. ගරුත්වයක් නො දක්වති. සොයා නො බලති. අද වන විට එජාප මන්තී‍්‍රන් වැඩි පිරිසක් තම ඕනෑ එපාකම් සඳහා මෛති‍්‍ර සොයා යති. හේතුව අරලිය ගහ මන්දිරය අතාවුද හෙට්ටිලා පාලනය කිරිමය.

ආණ්ඩුවේ හොඳ වැඩ වාර්තා නොවේ. යහ පාලනයට එරෙහි මාධ්‍ය වර්තා නිවැරදි නො කෙරයි. ඇත්තේ ඇන කොටා ගැනීම පමණකි. ජනාධිපතිගේ තීරණාත්මක ප‍්‍රකාශය මේවායේ අනිටු ප‍්‍රතිපලයකි. ඉන් ඇතිවන කැළඹීල්ල සැලසුම් කරුවෝ අපේක්‍ෂා කර තිබිණ. අවශ්‍ය වුණේ සිවිල් ව්‍යාපාර සහ අගමැති කොටු කර ප‍්‍රහාර එල්ල කිරිමය. මෛති‍්‍ර වට කොට සිටින්නේ කලක් රනිල් සමග සිට හතුරුවූ පිරිස් ය. දෙපිල බෙදී හමාරය. සිවිල් සංවිධාන රනිල් බේරා මෛති‍්‍රට පහර දෙති. ජනාධිපති සමග ගැවසෙන රනිල්ගේ හතුරන් මෛති‍්‍ර බේරා රනිල්ටද පහර දෙති. මෑතක රාජ්‍ය නිලධාරියෙකු රටේ පුරවැසියෙකු මෛති‍්‍රට මුන ගැස්වීය. එදා රාති‍්‍රයේ ශිරාල් අර නිලධාරියාට කියා ඇත්තේ අරූ නැවත එක් ආවොත් බලා ගන්නම් කියාය. අද ජනාධිපති සමන් දේවාල පෙරහැරේ මහ බඹා වාගේය. කවුදෝ දර හැවක් ලෙස ජනාධීපති ඔසවා ගෙන නටවමින් සිටිති.

ශී‍්‍රලනිපයෙන් පැමිණ පෝලිමේ සිට ගත් මෛති‍්‍ර හෝ පොදු අපේක්‍ෂකත්වයට කෙළ හැලූ රනිල් ජනවාරි පෙරළියේ අයිතිකරුවන් නෙවෙති. මාදුළුවාවේ හාමුදුරුවන් පෙළ ගැස්වූ සිවිල් ව්‍යාපාරයට හිමි අනන්‍යතාව ගැන මේ දෙදෙනාටම වැටහීමක් නැත. තිබුණා නම් 2020 තෙක් එක්ව වැඩ කරනු නියතය. තවමත් පමා නැත. අපි දැන් ඇත්තම කතා කරමු. රනිල් පොදු අපේක්‍ෂකයා වුනා නම් මහින්ද දිනන බව යුඇන්පි කාරයන් දැන සිටියහ. සජිත් පැනලා රනිල්ට උදව් කළේ මහින්ද වෙනුවෙනි. මෛති‍්‍ර තෝරා නො ගන්ට අදත් පාලකයා මහින්දය. මෙතෙක් සිටි කිසිදු ජනාධිපතියෙකුට අභීයෝගයක් නොවිය. එහෙත් මෛති‍්‍ර…..? අද රාජපක්‍ෂලාගේ නම කී විට වේවලන ගානය. ඔහු දුර්වල වුණේ ජන වරමේ අඩුවක් නිසා නොවේ. ආපසු ශී‍්‍රලනිපයට රිංගා නිසාය. නගර සභා කාලය අවසන් වන තෙක් මහනුවර මහ නගර සභාවේ ශී‍්‍රලනිප කණ්ඩායම මෛති‍්‍ර සමග සිටියහ. මහ නගර සභා කාලය ඉකුත්වූ වහාම, එකෙකු හැර අනෙක් නාගරික මන්තී‍්‍රන් සියළු දෙනා මහින්ද වෙත දිව ගියහ. නාම යෝජනා දවසේ ඉතිරි එකාත් යන බව මහනුවරම දනිති. ඒ ටික නො දන්නේ මෛති‍්‍ර පමණය. පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රන්ද ඉදිරියෙහි මෙසේ හැසිරෙනු ඇත. ශීරාල් ලක්තිලක කියන්නේ අන්තිමේ දුමින්ද දිසානායකට එජාපයට යාමට සිදුවන බවය. මේ ආරවුල විසඳා ගත හැකි එකකි. සිවිල් කි‍්‍රයාකාරින් කළ යුත්තේ මධ්‍යස්ථ වීමය. ඔවුන් මෛති‍්‍ර දෙස පිළිකුලෙන්ද රනිල් දෙස දයාවෙන් බලති. අඩුවැඩි වශයෙන් මෙහි විස්තර කර ඇත්තේ උත්සාහ ගනියි නම් දිනාගත හැකි සටනකි. එය මහින්ද වැට්ටුවා තරම් අමාරු නැත. හේතුව පොදු හතුරා ව්‍යවස්ථා කූඩුවේ කොටුවී සිටිමය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.