15 November, 2019

Blog

රනිල් සේදීම සහ මෛති‍්‍ර පිරිසිදු කිරීම

චන්ද්‍රසිරි සෙනෙවිරත්න –

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

රාජිත පාඨලී දෙදෙනාම නිතර තම දේශපාලන ප‍්‍රභාශ්වරය සඳහා මල් වෙඩි පිට කරති. ඒ අතර, බැඳුම්කර වංචාවෙන් චප්පවූ රනිල් සමග සිට ගන්නා බව කීම රට හිනැස්සූ චූස් පඩයක් විය. සති කිහිපයක් බැඳුම්කරය ගැන චණ්ඩි කතා කියමින් සිටි මේ දෙදෙනා වහා ඔලූවෙන් සිට ගත්හ. බැඳුම්කර සිද්ධියට අපරාධ වරදක් ගොනු කළ නො හැකිය. රනිල් සැක නැතිව වාර්තාව නිතිපතිට යැව්වේ ඒ නිසාය. මෙය අන්තිමේ තවත් හෙල්පින් හම්බන්තොට සිද්ධියක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත. මේ ටික තේරුම් කළ පසුව, රාජිත පාඨලී දෙදෙනා මේ අඩව්ව ඇල්ලූ බව කොළඹ සමාජය දනිති.

අද මෙහෙම හැසිරුණාට රාජිත පාඨලී දෙදෙනාගේ ආරම්භය විදුලි අකුණු මෙන් අති භයානක ලෙස රැුඩිකල් ය. ඒ වුනාට රාජිත මුලින්ම පාර්ලිමේන්තු ගියේ එජාප ලැයිස්තුවෙනි. 2013දී අග විනිසුරු වරියට එරෙහිව මහින්ද පත් කළ කැලෑ උසාවියේ රාජි නඩුු කාරයෙකු වන තරමට රාජිත මහින්ද හමුවේ හීලෑ විය. ඒ වෙනස සමග ගලපන කළ රනිල්ගේ බැඳුම්කරයට කර ගැසීම අසූචි කප්පරක් කෑ එකාට මොකක්දෝ එක ගඳක් නො වීමට සමානය. බැඳුම්කරය වෙනුවෙන් පෙනී සිටියි නම් විවිධ වරදාන ලැබේ. ඒ අර්ථයෙන්ද රාජිත මතය වෙනස් කර ගැනිම අමුතු නැත. ඒ සඳහා කපා ගැනිමට අමුතුවෙන් ලජ්ජා නහර ඉතිරිව තිබුණේ නැත. පාඨලී චම්පික පටන් ගත්තේ ආචාර්ය නලින් සිල්වාගේ ජාතික චින්තන කෝළමේ පරයා හැටියටය. පාඨලී චම්පික අද එජාප මන්ත‍්‍ර‍්‍රී කෙනෙකි. ඒ අනුව මේ දෙදෙනා එජාපයටද එපාවූ රනිල් වෙනුවෙන් කොන්දේසි රහිතව පෙනී සිටීම ගැන කිසිවෙකු කලබල වන්නේ නැත.

අර්ජුන් මහේන්ද්‍රන් අති පරිශුද්ධ බව රනිල් කියයි. රාජිත පාඨලී දෙදෙනාම බැඳුුම්කර රනිල් සමග සිට ගන්නා බව කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන් අති පරිශුද්ධ බවමය. මේ දේශපාලනය මහින්ද පත් කළ ලංකාවට ඔට්ටුය. එහෙත් මෛති‍්‍රපාල සිරිසේන තෝරා පත් කළ ලංකාව මේ සෙල්ලමට කැමති නැත.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනට කොන්දක් නොතිබ්බා නම් අර්ජුන් මහේන්ද්‍රන් තවමත් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධීපති ය. ලංකාවේ බහුතර ජන මතය රනිල් ප‍්‍රතික්‍ෂ්ප කළ බව රාජිත පවා කී වාරයක් දෝ කියා ඇත. අර්ජුන් මහේන්ද්‍රන් ප‍්‍රතික්‍ෂේප කිරිමෙන් නැවත රනිල් ප‍්‍රතික්‍ෂේප විය. ඒ තර්කය රනිල් සමග සිට ගන්නා දෙදෙනාටද වලංගුය. 2004 මහ මැතිවරණයේදී යුඇන්පී කාරයන් ඡුන්ද පොලට නො ගියේ රනිල් ප‍්‍රතිෙක්‍්ෂප වෙනවා දකින්නට තිබුණ කැමත්ත නිසාය. තම වාසියට බලය පාවිච්චි කිරිමේදී රනිල් මහින්දට වඩා භයානක චරිතයකි. මහින්ද අධිකරණ ඇමතිගෙන් නීතිපති දෙපාර්මේන්තුව උදුරා ගෙන අධිකරණ පද්ධතිය විනාස කිරීමත්, රනිල් මුදල් ඇමතිගෙන් මහ බැංකුව උදුරා ගෙන බැඳුම්කර වංචාවට ඉඩ සැලසිමත් එක වගේමය. එදා මහින්ද සමග සිට ගත් රාජිත පාඨලී දෙපල මෙදා රනිල් සමග සිට ගැනීම විමතියක් නොවේය යන්න මෙහි පළමු පාද සටහන ලෙස දැක්වේ.

බැඳුම්කර කලබලය අතර, යහ පාලන ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් රනිල් හමුව මෙසේ කියා තිබිණ. ‘‘සර්ට රටේ මිනිස්සු කතා කරන දේ ඇහෙන්නේ නැද්ද? විමල් විරවංශ සර්ට මිස්ටර් ඩර්ටි කියන කොට යුඇන්පි කාරයොත් අත්පුඩි ගහනවා. සර් 2010 පොන්සේකාට ඡුන්දෙ දෙන්න කීවා. අපි එජාපය අත හැර ගියේ ඒ නිසා. 2015 මෛති‍්‍රට ඡුන්දෙ දෙන්න කිවා. බැඳුම් කර වැඬේ හින්දා මේ ගමන ආසන 120ක් ගන්ට තිබුණ චාන්ස් එක නැතිවුණ. 2020ටත් සර්ට ජනාධිපති තරගෙට කවුරු හරි හොයන්න වෙනවා. මහින්ද මෙච්චර සෙල්ලම් දැම්මේ සර්ට රටේ මිනිස්සු කැමැති නැති නිසා. දැන් යුඇන්පියක් නැහැ. ශී‍්‍රලනිපය දෙකට කැඩුවාට සර්ට දිනන්න බැහැ. තීරකයා වෙන්නේ ජවිපෙය. අපි මහින්ද ළ`ගට ගියේ වෙන කරන්න දෙයක් නැතිව. සර් මෛති‍්‍ර එක්ක එකට නො හිටියොත් අපි ඔක්කොම විනාසයි.’’ මේ ඇමතිවරයා එජාපයේ සිට ශී‍්‍රලනිපයට එක්වූ චරිතයකි. රාජිත පාඨලී දෙපලගේ හැසිරීමට අදාල දෙවන පාද සටහන ලෙස සැලකිය යුතුවේ.

රවි කරුණානායකගේ අනුමැතිය නැතිව, මහ බැංකු අධීපති පත් කළ නොහැකිය යන මෝඩ තර්කය රජයේ ප‍්‍රවෘත්ති නිවේදනයක් හැටියට නිකුත් කළේ රනිල් වික‍්‍රමසිංහ මිස, අර්ජුන් මහේන්ද්‍රන් නොවේ. ඒ ගොන් පාට් එක දැම්මේ ජනාධිපති බය කරන්නටය. සිද්ධ වුණේ කුමක්ද? වහා නිවේදනය අවලංගු කිරිමය. යහ පාලන සම්මුතියේ ලිච්ඡුවි පඩංගු කියන්නේ මේවාටය. රනිල් දැමූ මෙවැනි කකුල් මාට්ටු බොහෝය. රජයේ ආයතනයක් වැඩි ලන්සුවක් තබා තිබියදී හොල්සිම් සමාගමේ කොටස් විදේශිය සමාගමකට විකිණීමද එවැනි ලිච්ඡුවි වැඩකි. අගමැති බලය යොදමින් වෝටර්ස්එජ් ආදි ලාභදායි ආයතන පුද්ගලික අංශයට විකිණීමේ වැඩ කඩිනම් වෙමින් පවතී. ඒවා පිටුපස විතර්ක මූද්‍රාවෙන් වැඩ සිටින්නේ ජරාව මිස සද් භාවය නම් නොවේ. රනිල් වික‍්‍රමසිංහ මිස්ටර් ක්ලින් සමග එජාපය විකුණා බොහෝ කල්ය. ඒ ගණුදනෙුවේ බ්‍රොකර් ගාස්තුව ගත්තේ මලික් සමරවික‍්‍රමය. රනිල් සිය ඒකාධීපති මානසිකත්වයෙන් මෙසේ හැසිරෙයි. යහ පාලනය 2020 තෙක් පැවතිය යුතුවේ. ඒ නිසා රනිල් හීලෑකර මැනවින් හසුරුවා ගත යුතුවේ. රනිල් සුද්ධ කළාට රාජිතලාට ජනාධිපති කොමිෂමට හා පාර්ලිමේන්තු විශ්වාස භංගයට මුහුණ දිය හැකිද?

කිසිවෙකු රනිල් වෙනුවෙන් බැඳුම්කර වංචාවද, මෛති‍්‍රගේ රණවිරු කතාවද සුද්ධ කළ යුතු නැත. දෙදෙනාටම ඒ ගැන කිසිවෙකු ආවඩා අයුබෝ වේවා නොකිව යුතුවේ. පිළිකෙව් කළ යුතු වේ. බැඳුම්කරය රැුකීමට තැත් කිරීමෙන් රනිල් වික‍්‍රමසිංහ ද, ගෝඨට බියවී රණවිරු උණ විකාරයෙන් දොඩවන මෛති‍්‍ර ද, ජනවාරි අපේක්‍ෂාවන් පිටපැන ඇති බව රාජිතලාට අමතකය. වැලිකඩ රිය අනතුරේදී පාඨලී චම්පිකද අල්ලස් කොමිෂමේ කැඳවීමේදී රාජිතද මහින්ද ක‍්‍රමයට රටේ නීතිය කනෙන් අල්ලා හිස වට කරකවා තම හයිය පෙන්වා හමාරය. මහින්ද රාජපක්‍ෂ එළවා යහ පාලනය ගෙනාවේ රාජිතලා පාඨලීලා රනිල්ලා නොවේ. අනපේක්‍ෂිත නිර් දේශපාලන බලවේගයකි. එහි ආරක්‍ෂාවට එල්ලූ කොල අත්ත ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන බවට සැක නැත. ඒ අර්ථයෙන් මෛති‍්‍ර රනිල් රාජිත පාඨලී ආදිහූ එක එකාගේ කඩ සාප්පු ළ`ග සිට ගත යුතු නැත.

මහින්දට එරෙහි ජනවාරි වීරයා තේරිමේදී රනිල්ගේ සුදුසුකම් හෝ සලකා නො බැලීණ. හේතුව, ඔහු පොදු අපේක්‍ෂකයා වෙනවාට එජාපයත් විරුද්ධ වීමය. මෙවර රනිල් රටේ අගමැති කළේ මෛති‍්‍ර විසිනි. ඒ නිසා, අගමැතිගේ හැසිරිමෙන් ජනාධිපතිගේද ලකුණු කැපී යා හැකිය. යහ පාලනය වෙනුවෙන් රනිල් තම ප‍්‍රමාණයද, මෛති‍්‍ර සිය ඉවසීමද කළමනාකරණය කළ යුතුවේ. රනිල් එජාපයට අවනතව, 2001දී දෝෂාභියෝග ගෙනාවා නම් මහින්ද ජනාධීපති වෙන්නේ නැත. බැඳුම්කර සිද්ධියේදි රනිල් එජාපයද, මෛති‍්‍රද නො තකා, මහේන්ද්‍රන් රැුකීමෙන් යහ පාලනයේ එජාප පංගුවත් නැති වෙන්න පුලුවන. රනිල් නිසා 2004දී අවතැන් වුණේ එජාපය පමණකි. හෙට ඒකාබද්ධ විපක්‍ෂය රනිල් කනෙන් ඇද විසි කළොත් සියල්ල හමාර බව සිහි තබාගත යුතුවේ. රාජිතලා, චම්පිකලා මෛති‍්‍රලා රනිල්ව ආණ්ඩු මට්ටු කර නො ගත්තොත් සිදු වන්නේ මහ විනාසයකි. කණ්ඩායම් වගකීම් නො ඉවසන රනිල් රටට පිරිමසින නායකයෙකු හෝ පාලකයෙකු නොවේ. සාක්කු සල්ලි වලින් පිරවිම, මල්ලිලාට බ්‍රෙස්ලට් දීම, ෆොක්ස්වැගන් කොම්පැනි දැමීම වයිෆයි කලාප හා රැුකියා දස ලක්‍ෂය දීම වැනි සිහින තුළ රනිල් වික‍්‍රමසිංහ ඔහේ පා වෙමින් සිටියි.

අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකුවේ දොර වැසුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිරසේන විසිනි. ඒ යහපාලන ව්‍යවස්තාවේ දූෂණ විරෝධි කොන්දේසියට අනුගතවය. එහෙත් මෛති‍්‍ර ශ‍්‍රීලනිපයට රිංගා ගැනීම යහ පාලන ව්‍යවස්තාවේ දූෂණ විරෝධි කොන්දේසියට හතුරුකමකි. රනිල් තම වාසියට මහින්ද බැසිල් රාජපක්‍ෂලා රකියි. මෛති‍්‍ර තම වාසියට ගෝඨභය රකියි. 2014 නොවැම්බර් 21 දා වනවිට ජාතික දේශපාලනයෙහි මෛති‍්‍ර හිටියේ රනිල්ට බැසිල්ට පමණක් නොව රෝද පුටුවෙන් ගිය දිමුටද පහලිනි. එහෙත් ජනවාරි 9 වෙනිදා සිවිල් සමාජය මෛති‍්‍ර රටේ විධායක ජනාධිපති කළහ. ඔක්තෝබර් 12 වෙනිදා කළ රණවිරු කතාව නිසා, මෛති‍්‍ර අඩු වයසින් උපන් ලාමක දේශපාලන ප‍්‍රපංචයක් බව රටම හෙළි විය. අඩු වයසින් බිහිවන දරුවන් ආරක්‍ෂිත කුටිවල තබා රක්කවති. එක් රැුයෙන් ජනාධිපති වූ මෛති‍්‍ර තමා ලුම්බිනි සාල වනේදී උපන් අංකුර සක්විති ලෙස සිතා, උපන් වතින් ඇවිද ගොස් මහින්දගේ වහල් කඳවුරට එක් විය. ජනාධිපතිවූ වහා මෛති‍්‍ර ගෝඨාභය හමුවීමට ගියේත් උපන්් ඇඳුමෙන් බවට සැක නැත. මලිත් ජයතිලක සිය පොතෙන් රනිල්ගේ වෛරක්කාර කුරුඳු පොලු රංචුව මෛති‍්‍ර හසුරුවන බව සහතික කර ඇත. මෛති‍්‍ර මහින්දගේ වහලුන් ආණ්ඩුවේ මර්මස්ථානවලට පත් කිරීමෙන් යහ පාලනය මළ කෝලමක් වී ඇත. මහින්දට කඬේ ගිය ලියන්නෝ මෛති‍්‍ර ළ`ග බින්න බැස සිවිල් සමාජ හඬ යටපත් කිරිමට මාධ්‍යට බලපෑම් කරති. අද මෛති‍්‍ර මහින්දගේ දේශපේ‍්‍රමි රණවිරු විලාපය ගයමින් සිටියි. රණවිරු පදක්කම් එල්ලා ගෙන උසාවි ගියාට නීතියට නම් කෝකාත් එක ය. ගෝඨාලා, නාවික හමුදාපතිලා උසාවි දැක්කුවේ වෙඩි වැදී ප‍්‍රභාකරන් මැරුණ නිසා නොවේ. යුද්ධයට මුවා වී සාක්කු පුරවා ගත් නිසාය. කුරුඳු පොලූ රංචුවට මාතරදී ආරක්‍ෂොව දුන්නේ රාජපක්‍ෂලා සහ මහාරාජාලාය. ඒ උදව්වට කුරුඳු පොලු රංචුව රාජපක්‍ෂ උගුලට යහපාලනය කොටු කිරිමට උදව් වෙමින් සිටියි. උගුල අටවන්නේ රනිල්ගේ අගමැතිකමට කෙළින්නටය. එහෙත් උගුල ගැස්සුණ වහා බිලිවන මුල්ම දඩයම මෛති‍්‍රපාල සිරිසේන බව දන්නා රනිල් රාජපක්‍ෂාලා සමග ගමනක් යාමට සැලසුම් කරයි. රනිල්ට වෛර කරන දයාසිරි රනිල් වෙනුවෙන් කතා කරන්නේ ඒ නිසාය.

මෛති‍්‍රපාල සිරිසේන, ලියන්නට ගාමිණී සුමනසේකරද, විදුලි සංදේශ නියාමනයට හේමන්ත වර්ණකුලසූරියද, බුද්ධි අංශයට සුරේස් සැලේද, හතුරන්ට නින්දා කිරිමට ඩිලාන් පෙරේරාද යොදා ගෙන සිටියි. සිරිකොතට ගල් ගැසූ කුරුඳු පොලූ රංචුව සහ රනිල්ට බුරා පනින මාධ්‍ය කට්ටිය නැතිව මෛති‍්‍රට නින්ද යන්නේ නැත. රාජිත පාඨලීලා කළ යුත්තේ මෛති‍්‍ර මේ අනතුරෙන් ගලවා ගැනීම මිස රනිල් නාවා සුවඳ විලවුන් ගැල්වා සිප වෑළඳ ගැනීම නොවේ. රනිල්ට අවවාද කළ අර ඇමති වරයාට අනුව, රාජිතලා යථාර්ථයෙන් ඈත්වන මෛති‍්‍ර අවදි කළ යුතුවේ. මාදුළුවාවේ හාමුදුරුවන්ට වහ කුප්පි යැවූ ඩිලාන් හිතන්නේ බදුල්ලට වතුර බෙදීම සිවිල් සංවිධානවල රාජකාරිය කියාය. ඩිලාන් මේ බුරන්නේ මෛති‍්‍රට මුවා වෙලාය. ඩිලාන්ට ඇමතිකම්ද, ඩිලාන්ගේ අප්පාට ආණ්ඩුකාර කම්ද දුන්නේ මෛති‍්‍ර මිස රනිල් නොවේ.

රනිල්ට සාපේක්‍ෂව මෛති‍්‍ර හදවතට සමීප මානව හිතවාදි විවෘත සරල චරිතයකි. සිය පීඩනයන් මුදා හැරිමේදී දෙ වරක් නො සිතන මෛති‍්‍ර දැඩි අසීරුතා අතර තනිවේ. යළි වහා සන්සුන්ව නිරවුුල් මනසින් මිනිසුන් අතරට යාමට මෛති‍්‍ර සමත් ය. මෛති‍්‍රගේ ඔක්තෝබර් 12 වෙනිදා ප‍්‍රකාශය මෙන්ම, අම්පාරේදී කී මඩු වළිග කතාව, තුනෙන් දෙක ලැබුණත් මහින්දට අගමැතිකම නොදෙන බවට කළ ප‍්‍රකාශය මෙන්ම මං ලංකාවේ හිටියා නම් ඕක වෙන්නේ නෑ කීමත් ඔහුගේ පීඩන මුදා හැරීමේ ශෛලිය බව තේරුම් ගත යුතුය. එසේ නොවුවහොත් රාජපක්‍ෂලා ඔහු අපෙන් සොරා ගෙන විනාස කරනු ඇත. රනිල්ගේ සංවෘත භාවය සමග ගත් කළ මෛති‍්‍ර යනු මිනිස් හැ`ගීම් හඳුනන යහපත් මිනිසෙකි. ඔහු අමරදේවගේ දේහය සිය කර තබා ගමන් කළේ සහෘදයෙකු මිස ජනාධිපති ලෙස නොවේ. එය ගීත ලෝලී ගැමියෙකුගේ සංවේදි හැසිරිමකි. මහාමාන්‍ය ඞී.එස්. සේනානායක ජනපද ගොවින් දැකිමට නිතර පෙලොන්නරු ගියා වාගේ හැසිරීමකි. ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අක්ත පත‍්‍ර ප‍්‍රදානය උත්සවයට නොයා කි‍්‍රකට් පිටියක බියර් බොමින් සිටිම රනිල්ගේ රිද්මයයි. රටට අවශ්‍ය නායකත්වය තෝරා ගැනීමේදි මේ සිද්ධි දෙක පමණක් ප‍්‍රමාණවත්ය. මෛති‍්‍ර රසිකයෙකි. සහෘදයෙකි. රනිල් තාලයට අත්පුඩි ගසන්ටත් අසමත්ය. ඒ කියන්නේ රටේ රිද්මය සමග ගමන් කළ හැක්කේ මෛති‍්‍රට මිස රනිල්ට නෙවේ. මේ බව රට දනිති. ඒ පාඩම රාජිත සහ පාඨලී ඉගෙණ ගෙන නැති පාටය.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    මොනවද දොඩවන්නේ? උණ විකාරෙද?

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.