25 April, 2024

Blog

චණ්ඩි බුද්ධාගම, පොන්න පොලිසිය සහ යහ (ලාලකතිස්ස) පාලනය

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අපේ සමහර භික්‍ෂුන් බුද්ධාගමට විනයකි. මාරාවේශයෙන් සිරිකොතට පැන පිරිමි ඇඟ තලා ගත් භික්‍ෂුව ඊට පෙර බේබද්දෙකු බව පිළිගෙන උසාවියෙන් දඩ කෑ අයෙකි. බේරුවල ගිනි තැබුවේද තවත් භික්‍ෂුවකට පහර දී මහමග දමා ගියේද ඒ වහන්සේමය. මඩකලපුවේ සංඝ ශාසනය කුණුහරුප කියන අතපය විසි කරන එකකි. පිරිසක් මඩකලපුවේ පට්ටපලෙයි ප‍්‍රදේශයේ තණ බිමක අනවසරයෙන් පදිංචි වූහ. රජයේ ඉඩම් බලෙන් ආරක්‍ෂා කිරීම රාජ්‍ය නිලධාරින් බැඳී සිටිති. අර අනවසර රාජකාරි කළ නිලධාරින්ට පොලිසිය ඉදිරියේ සිය නැහැදිච්ඡකම පෙන්වූ හැටි ලංකාවම බලා සිටියහ. අපවත්වී වදාළ අතිගරු උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහ නා හිමියෝ මෙවැනි භික්‍ෂුන් රස්තියාදු කාරයන් බව ප‍්‍රකාශ කළහ. හෝමාගම උසාවියට පැන කලබල කළ භික්‍ෂුව ශාසනයට නුසුදුසු බව බෙල්ලන්විල විමලරතන නා හිමියෝ ප‍්‍රකාශ කළහ. රාජ නීතියට භික්‍ෂුන් යටත් විය යුතු බව බුදුන් දේශනා කළහ. එහෙත් වර්තමාන සමහර භික්‍ෂුන්ගේ සමාජ භූමිකාව සමාලෝචනය කළ යුතුවේ.

මඩකලපුවේ මංගලාරාමයේ අම්පිටියේ සුමන නම් භික්‍ෂුව බුද්ධාගමේ අසූචි තවරා සිය විසූක දස්සන පෙන්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මෙවර ඔහු ග‍්‍රාම නිලධාරියෙකුගේ රාජකාරියට බාධාකාරිව හැසිරිම දෙස පොලිසිය පොන්න ලීලාවෙන් බලා සිටිම වරදකි. රටේ නීතියට අභියෝග කරන මේ තෙයිය සංවාසිකයා වරක් ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ට පොලිසිය ඉදිරිපිට පහර දුන්නේය. එය වැළකීමට මැදිහත්වූ පොලිස් කාන්තාවට තිත්ත කුණුහරුපයෙන් බැන වැදිණ. ඒ අවස්ථාවේද පොලිසිය කළේ සමත මණ්ඩල රජකාරි යයි. නීතිය පාච්චල් කරන මේ පොන්න හැසිරිම යහ පාලනයේ අනන්‍යතාවය විය නො හැකිය.

තංගල්ලේ දූෂණ හා ඝාතන සැක කරුවන් තංගල්ලේ කාල්ටන් ගෙදරට ආවේ ගියේ ඞී.ඒ. රාජපක්‍ෂ ඇවිදිනවා වාගේය. පොලිසිය සිටියේ සිද්ධියක් නොවුණා වාගේය. හෙල්මට් නැතිව, රාති‍්‍ර අලෝකය නොමැතිව, ලයිසන් නොමැතිව තිරිංග ලාම්පු නැතිව ධාවනය වන යතුරු පැදි නතර කළ අවස්ථා කීයකදී පොලිසිය සරුවට ගුටි කෑහ. පනාමුරේදී පොලිස් නිලධාරියෙකුගේ හක්ක පුපුරන්ට ගැසුවේ ටී 56 ගිනි අවියකි. සිද්ධිය ආරම්භයේ ඒ ගිනි අවියෙන් වෙඩි තබා ඇති බව බි වාර්තාවේ සටහන් විය. එහෙත් ඒ ගිනි අවිය නඩු භාණ්ඩ අතර, නොවීය. ඒ ගැන ප‍්‍රශ්න කළ විට, අධිකරණයට පොලිසිය කීවේ එකී ආයුධය ඉදිරිපත් නො කළේ ඉහළින් ලැබුණ උපදෙස් අනුව බවය. ඒ පාලනය ජනවාරියේ අවසන් විය. මේ සිද්ධ වෙන්නේ කුමක්ද? වර්තමාන පාලකයන්ද පොලිසියට කරන තර්ජන දෙස නොබලා සිටිනවාද? දෙවියන් හැරී බැලිමට හෝ බිය ස්ථානවල මෝඩයන් පිනුම් ගසතී කියමනකි. යහ පාලනය යටතේ අර තෙයිය සංවාසිකයාද, සමහර තැන්වල පොලිසියද රඟන්නේ ඊට අනුකූලවය.

ලංකාවේ පොලිසිය ගැන කතා කිරීම කාලය කා දැමීමකි. එහෙත් පොලිසිය ගැන කතා නො කරම බැරිය. ලංකාවේ පොලිසිය නීතිය රැුකීමට දක්‍ෂය. නීතිය නො රැුකීමට ඊටත් වඩා දක්‍ෂය. මාර්ග නීති කඩන රියදුරන්ට න්ීති ගරුක පොලිසියෙන් ගැලවීමක් ඇත්තේම නැත. නීති කඩා හසුවූ එවුන්ගේ කන් කෙඳීරි අසන, නීති ගරුක පොලිසියේ පපු කැවුතු වහා උණුවේ. ඉන් පසුව, නඩු නැත. දඩ නැත. දඩ කොළ ද නැත. දඩයෙන් අඩක් අය කර සාක්කුවේ දමාගෙන වැරදි කරුට යන්ට හරියි. මේ අවලාද හැම විටෙකම හැම නිලධාරියා සම්බන්ධවම සාධාරණ ද නැත.

විශේෂ අපරාධ විමර්ශන අංශය ත්‍ක්‍ෂෘ නම් පොලිස් ඒකකයේ නිලධාරින්ට ගල් ගසා මරණ බවට රස්තියාදු කාරයෙකු කළ තර්ජනය ගැන යහ පාලනය කළ දෙයක් නැත. ඒ කියන්නේ පොලිසිය සුරක්‍ෂිත නැති බවය. නීතිය රැුකීම, සාමය පවත්වා ගෙනයාම අපරාධ අවම කිරීම ආදි පොලිස් රාජකාරි වගකීම් එසේම පවතී. කොළඹදී උද්ඝෝෂකයන්ට පහර දුන් වාරයක් පාසා පොලිසිය දොස් ය. අධිි ආරක්‍ෂක කලාප වලට මොකා ආවත් නතර කිරීම පොලිස් රාජකාරියකි. එහෙත් අධිි ආරක්‍ෂක කලාපයට කඩා වැදුණ ආබාධිත සෙබලූන්ට පහර දිමද චෝදනාවකි. තමා ලංකාවේ සිටියා නම් එය සිදු නොවන බව ජනාධිපති වරයා කීය. එහෙත් ජනාධීපති කාර්යාලය ආරක්‍ෂා කිරිමේ වගකීම ඇත්තේ ජනාධිපතිට නොවේ. පොලිසියටය.

රණවිරුවන් පාරට බැස ගුටි කෑම පොලිස්පති හෝ ජනාධිපති හිස තබා ගත යුතු නැත. භික්‍ෂුන් ලවා කුනු හරුප කියවීම, අබාධිත රණවිරුවන් පාරට බැස්සවීමද පාද යාත‍්‍රා මෙන්ම රාජපක්‍ෂ ක‍්‍රමයේ කොටසකි. අවශ්‍ය කළේ ගුටි කා තුවාල කාරයන් කර තබා රට ගිනි තැබීම මිස විශ‍්‍රාම වැටුප් ලබා ගැනීම නොවේ. රණවිරවන් ගුටි කෑමේ චෝදනාව ආණ්ඩුවට එල්ල වන්නේ පාලක දේශපාලනඥයන්ගේ උද්ධච්ඡුකම නිිසාය. විශ‍්‍රාම වැටුප යනු උපයා ගත යුතු දෙයකි. විශ‍්‍රාම වැටුප් කැරළි ගසා තර්ජනය කර ලබා ගත හැකි නම් එය මංකොල්ලයකි. විශ‍්‍රාම වැටුප් හිමිකමට නිශ්චිත සේවා කාලයක් තහවුරු කළ යුතුවේ. හමුදා සොල්දදුවෙකු නම් අපේක්‍ෂිත සේවා කාලය වසර 12කි. ඒ සුදුසුකම නොමැතිව පාරවල් හරස් කර විශ‍්‍රාම වැටුප් ලබා ගත හැකි නම් ලංකාව රටක් නොවේ. කප්පම් හන්දියකි. කසිප්පු තිත්පොළකි. ආබාධීතයන් විශ‍්‍රාම වැටුප් ඉල්ලූ සැනෙන් කවුදෝ තකතිරුවෙක් හා දෙන්නම් කීය. එතැන් සිට පාරේ ගුටි කෙළිය. පොතට අනුව බැරිය කි විට නිලධාරින්ට කුණු හරුපෙන් බනිති. මහින්ද රාජපක්‍ෂවත් රාජ්‍ය පාලනයේදි මෙහෙම ගොන් පාට් දැම්මේ නැත. හැම විරරෝධතාවක්ම අවසන් වුණේ දිය ගිණි එකවර පිට කළ අමාමහ පෙළහර වලිනි. ඉල්ලීම් ඉදිරිපත් විම මෙන්ම ගසා පැන්නීමද එකල සිදුවිය.

අමුතු ඉල්ලිමක් ඉදිරිපත්වූ සැනෙන් එය නිලධාරින්ට යොමු කර ඉටු කිරිමේ හැකියාව විමසිය යුතුවේ. බැරි නම් බැරිය. එයිට එහා යමක් තිබිය නො හැකිය. රාජ්‍ය සේවය යනු එයයි. දේශපාලනඥයා රාජ්‍ය සේවයේ කොටසක් නොවේ. පෝස්ටර් ගසා අරක්කු බෙදා බලය ගත්තාට රට, රටේ නීතිය පළි නැත.

වර්තමාන දේශපාලනඥයා හිතන්නේ මොලේ නැතිවාට, මං පොර කියාය. මහින්දගේ මල්ලී ආරක්‍ෂක ලේකම් වුනේ එහෙමය. අයියා ජනාධිපති නිසා ඇමතිලාත් ඒ ලේකම් මල්ලීට සර් කීහ. ආණ්ඩුවේ මුදලෙන් වීරකැටියේ රාජපක්‍ෂ සොහොන ඉදි කළේ ලේකම් මල්ලී විසිනි. තවමත් ආණ්ඩුවේ වැඩ කෙරෙන්නේ එහෙමය. රාජපක්‍ෂ පළවා හැරියද ක‍්‍රමය ගැලවී නැත. යුද්ධය 2009දී අවසන් විය. ඉන් පසුව සිද්ධි වලට මාංචු වැටුණ පසුව රණවිරු ආරක්‍ෂාව තිබිය නො හැකිය. යුද්ධය අවසන්ව මේ ගෙවෙන්නේ හත් වෙනි වසරය. රාජපක්‍ෂලා නොකළ දේ මෛති‍්‍රගෙන් කරවා ගත්තාට කමක් නැත. එහෙත් ක‍්‍රමයක් විනයක් තිබිය යුතුය. යහ පාලනය යටතේ පාරේ යන්ට බැරිය. හයියෙන් පඩයක් ගියත් පාර හරස් කරති. මහින්දගෙන් කප්පම් ගත් වාසි ගත් අය මෛති‍්‍ර වටකොට සිටිති. මෙහෙම ගියොත් 2017 ජනවාරි 8 වෙනිදාට රටක් ඉතිරි නොවනු ඇත. ජනවාරියේ පැරදුනා නම් වෙන දේ සිවිල් සමාජය දැන සිටියහ. මේ වනවිට රනිල් මහින්ද සමගද මෛති‍්‍ර ගෝඨාභය සමගද එක්ව තම ගැලවිජ්ජාව සකසා හමාරය. සිවිල් කි‍්‍රයා කාරිකයන් හන්දි ගානේ මැරුම් කෑමට නියමිතව සිටිති.

ජනාධීපති රණ විරු මායමෙන් විකල්ව සිටිති. යුධ ජයග‍්‍රහණයට පසුව වැලිකඩ සිර ගෙය ඇතුලේද ඉන් පිටතද, මිනී මැරූ එවුන් සුරක්‍ෂිතය. ඔවුන් අඩෝ බලාගෙනයි. අපි රණ විරුවෝ කියා ජෙඟා නටති. ජනවාරියේ මහින්දගෙන් බේරා ගත් රට බල්ලන්ට ගියා හ කියා ලියා තබනු හැර අපට කළ හැකි දෙයක් නැත. එය ජාතියේ අවාසනාව ය.

ආණ්ඩුව ජනවාරියේ වෙනස් වුනාට, රටේ පාලනය වෙනස්ව නැත. පොලිසිය වෙනස් කර නැත. ඇඹිලිපිටි තරුණ ඝාතනයේදී පොලිසිය කීවේ රාතී‍්‍ර සාදයක් ගැන ලැබුණ පැමිණිල්ලක් නිසා එහි ගිය බවය. සිද්ධිය ගැන සැක කළේ ඉහළ පොලිස් නිලධාරියෙකි. වැඩි වෙන්න බීලා පාරේ ඇදයට යන එකත් කූඩුවේ දාන පොලිසිය අර, සැකකාර පොලිස් අධිකාරි රැුක්කේ මැණිකක් වාගේය. පුංකුඩුතිව්හී විද්‍යා දියණිය ලිංගික අපරාධයකට ගොදුරුකර මරා දැමූ සැක කරුවෙකුට රටින් යාමට උදව් කළ ඉහළ නිලධාරියා අදත් ආරක්‍ෂිතය. යාපනේ වෙඩි වැදී මියගිය සරසවි සිසුන් දෙදෙනාගේ මරණ ගැන පොලිස්පති ද විකාර කතා කීය. අපට කියන්න ඇත්තේ ඔන්න යහ පාලනය මෙන්න පොලිසිය කියා පමණය. මේ ආණ්ඩුවද මහා පරිමාන සොරකම් වගට අත තබා ඇත.

බැඳුම්කර වංචාව එක් උදාහරණයකි. ඊයේ බැඳුම්කරය හොරකමක් බව කී අය අද කියන්නේ රනිල් පරිශුද්ධ බවය. ඒ වැඩ කරන්නේ බැඳුම්කරයේ ලාභාංශ සල්ලි මිස වෙන දෙයක් නොවේ. එක් ඇමතියෙක් කීවේ රාජපක්‍ෂලාට අත තිබ්බොත් බලාගෙන කියාය. ගංජා කාරයා සුරුට්ටුව උරන්නේ කටෙන්ය. එය අධෝ මුඛයෙහි ගසා උරණ විට මෙවැනි විපරීත දැක ගත හැකිය.

Print Friendly, PDF & Email

Latest comment

  • 6
    0

    බෞද්යන් කියා ගන්නා අප පලමුව කල යුතු , නිර්මල බෞද දර්ශනය යතාර්තයෙන් ඉගෙන ගෙනිමය , එහෙත් අද තිබෙන පන්සල් කඩ සහ සිවුරු දමා ගත් වානිජ ශ්‍රමනයන් ගෙන් අප එය ඉගෙන ගත නොහෙක , අද බෞද චීවරය වානිජ වී හමාරය , එය මුවාවෙන් කරනා බොහො අසම්මත දෙවල් සහ ජාති වාදි , ආගම් වාදි අදහස් වපුරමින් , බෞද දර්ශනයේ ඈති කරුනාව , දයාව , මයිත්‍රිය , වෙනුවට. වයිරය , කුහක කම් , චන්ඩි කම , අපහාසය වපුරමින් , ජාතියටත් ආගමටත් නිගා කරති ,

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.