20 April, 2024

Blog

මැයි දිනයක් නොවන කිරුලපන රැළිය

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

චන්ද්‍රසිරි සෙනෙවිරත්න

පාර්ලිමෙන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ අද කම්කරු ජනතාව හමුවිමට නියමිතය. ඔහු 1994 සිට 2014 තෙක් විසි වසරක් පුරා ලංකාවේ කම්කරු ඇමති වරයා ලෙස ද, ලංකාවේ අගමැති ලෙසද, කම්කරුවන්් වෙනුවෙන් කළ කී දේ ගැන ඔහුට ආඩම්බර විය හැකිය. කම්කරුවන්ට නම් මහින්ද රාජපක්‍ෂ ගැන ආඩම්බර විය නොහැකිය. 2004-5 කාලයේ කළ කී දේ ගැන ඔහුට ආඩම්බර විය හැකිය. එහෙත් කම්කරුවන්ට නම් මහින්ද රාජපක්‍ෂ ගැන ආඩම්බර විය නොහැකිය. අවුරුදු නවයක් ලංකාවේ විධායක ජනාධිපති වරයා ලෙස කම්කරුවන්ට ආඩම්බර විය හැකිව තිබුණා ඔහු අදත් රටේ ජනාධිපතිවේ. තමන් ගැන අදටත් වැරදි තක්සේරුවක සිටින මහින්ද රාජපක්‍ෂ සිය පරාජයේ නටඹුන් මත සිට ගෙන ගෝල බාලයන් සමග කිරුළපනේදි කම්කරු ජනතාව අමතමින් ලෝක කම්කරුවනි එක්වව් කියන්නට මහින්ද රාජපක්‍ෂට කියන්නට පු`ථවන් කමක් නැත. හේතුව ඔහු හැකි තරම් රට තුල ජාති වාදය වපුරා මිනිස් සන්ථානයෙහි මහා විනාසයක් කර ඇති බැවිනි. අද ඔහු කිරුලපනට එන්නේ කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන්නට නොවේ. යහපාලන ආණ්ඩුව විවේචනය කිරිම සඳහාය.

ඔහු වර්තමාන ලංකා පාර්ලිමේන්තුවේ ගරු මන්ත‍්‍රී වරයෙකි. ගෙවුණ එක් අවුරුදු පස් මාසයක් පුරා පාර්ලිමේන්තුව තුල මහින්ද රාජපක්‍ෂ සහ සහෝදර සමාගමේ පාලනය දැඩි ලෙස විවේචනය වෙමින් පවතී. එහෙත් පාර්ලිමේන්තුවට ගොස් ඒ එක විවේචනයකට හෝ මුහුණ දෙන්නට ආත්ම ශක්තියක් මහින්ද රාජපක්‍ෂට ඇත්තේම නැත. ඔහු ගෙවුණ සිය පාලන කාලය පුරාම ජනතාව ඇමතුවේ ආරක්‍ෂකයන් පිරිවරා ගෙනය. හෙවත් මු`ථ රටේම අත් සහ කටවල් වහලාය. වැඩිය ගැහුණොත් දඬුවම මරණය බව ලසන්ත වික‍්‍රමතුංග, වසිම් තාජුදීන්, එක්නැලිගොඩ ආදිහූ ජීවිත පරිත්‍යාගයෙන් ඔප්පු කර හමාරය. යුද්ධය අවසන් කළ පසුව, මහින්ද රාජපක්‍ෂට වේදිකා ගතව කතා කළ හැකි යමක් නොවිය. ඔහු දරුවන් වඩා ගන්ට පටන් ගත්තේ ඉන් පසුවය. වරක් මාස නවයක් වයසැති දරුවෙකු වඩා ගත් පසුව සිදුවූ ආශ්චර්යමත් කතාවක් මහින්ද රාජපක්‍ෂ සුරල් දමා මහා සභාවක විස්තර කළේය. ඒ විස්තරයට අනුව මහින්ද ඒ අහිංසක කිරි සප්පයා වඩා ගත්තේය. ඒ වහාම, ඒ නොදරුවා මහින්දගේ මුහුණ බලාගෙන ජයවේවා ජයවේවා යනුවෙන් කෑ ගැසූ බව කීවේ වේදිකාවේ වැඩ සිටි භීක්‍ෂුන් වහන්සේ නමකට ආමන්ත‍්‍රණය කරන මුවාවෙනි. ඒ කතාව ඇසූ රැුස්ව සිටි පිරිස දුන් අත්පොලසන් නාදය කන් බිහිරි කරවන තරම් විය. එය ඇසු ඒ දරුවාගේ දෙමාපියන් කියා ඇත්තේ ඒ නොදරුවා ඒ වනවිට තමන්ට අම්මා අප්පා යනුවෙන් හෝ කතා කර නැති බවය. මේ හඬ පටය ඇසූ කෙනෙකු අපූරු කතාවක් කීය.Mahinda Wimal Dinesh

ඉත්තේරුවටම අර දරුවා රාජපක්‍ෂලා මරා දැමූ අයෙකු විය හැකිය. රාජපක්‍ෂ අතට පත් දරුවාට මරණ බිය ඇතිවි ගැල විජ්ජාව ගැන කල්පනා කොට ජයවේවා කියන්නට ඇත. එසේම අර කතාව අසා අත්පොලසන් දුන් එවුන් අර දරුවාට වඩා නොමේරු හිස් ඇත්තෝ විය යුතුය.

මෙවැනි බූත කතා කියා තම අන්තේවාසිකයන්ට මෝඩ චූන් සපයමින් සිට ගෙදර ගිය මහින්ද රාජපක්‍ෂට විවේචන නුහුරුය. ඒ නිසාම, මහින්දට අර වාගේ මෝඩ කතා කියන්නට වෙනම වේදිකාවක් උවමනාය. කිරුලපනට අද රැුස්වන්නේ කම්කරුවන් නොවේ. මහින්ද රාජපක්‍ෂ කියන ඕනෑම බහුබූතයක් අසා අත්පුඩි ගසා සතුටු විය හැකි එහෙයියන් පිරිසකි. පසුගිය ජනවාරියේ දූෂණය වංචාව ගැන කතා කළ විට මේ පිරිස කිවේ කුමක්ද? ඉතින් යුද්ධය අවසන් කළ නිසා හොරා කෑවාම මොකද? කියාය. අද කිරුලපනේට රැස් වෙන්නේ මහින්ද හොරා කෑවාට මිනි මැරුවාට මොකද වෙන්නේ කියා කල්පනා කරන තකතිරුවන් පිරිසකි. මේ පිරිසට අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂ කළ දූෂණ වංචා සොයා වැරදි කරුවන්ට දඬුවම් කරන ආණ්ඩුවක් නොවේ. දූෂණයනේ වංචාවෙන් පිරුණ පවුල් පාලනයකි. ඒ සඳහා මහින්ද බලයටගෙන ඒමය.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකකම ගන්න මහින්දට ආරාධනා කෙරිණ. ඔහු බාර ගත්තේ නැත. හේතුව එහෙම බාර ගත්තා නම් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරු මහින්ද රාජපක්‍ෂට තප්පු ගසා එළවනවා නියතය. පාර්ලිමේන්තුව දැක දැක ඔහු කතා පවත්වන්ට යන්නේ පන්සල්වලටය. මහින්ද රාජපක්‍ෂ හැර අන් සිය`ථ බෞද්ධයන් පන්සල් යන්නේ බෞද්ධ වතාවත් ඉටු කිරිමටය. බුද්ධාගම අනුව ජීවිතය සකසා ගැනිමටය. සිල් රෙදි ඇඳ පන්සල් ගිය සැදැහැවතුන් මොකා මොනවා කීවත් තම මනස කිළීටි කර ගන්නේ නැත. ඒ නිසා යකිසිවෙකු ඕයි තමුසේ මොනවද මේ කියන්නේ යයි නො විමසති. මහින්ද පන්සල් යන්නේ පරාජයෙන් වියරු වැටිලාය. පටාචාරා බුදුන් වහන්සේ වැඩ සිටි පන්සලට ගියේ පිස්සු වැටිලාය. ඒ අවස්ථෘවේ පාටාචාරාවගේ ගතෙහි නූල් පොටක් හෝ නොවිණ. මහින්දගේ පන්සල් යාම පටාචාරා කතාවේ මුල් කොටසට සමානය. ඔහු යා යුත්තේ පාර්ලිමේන්තුවටය. එහෙත් හිස නරක්වූ මහින්ද යන්නේම පන්සල් ගාණේය. කරුමෙට නාරාහේන්පිට අභයාරාමයේ කෙනෙකු හෝ මහින්දගේ ලජ්ජාවේ විළි වැහෙන්නට වස්තරයක් දුන්නා නම් ඔහු අද කිරුලපන යන්නේ නැත. ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සසේ අභියස වාහල්කඩ අබියස සිටගෙනද මහින්ද රාජපක්‍ෂ කරන්නේ ආණ්ඩුව විවේචනය කිරිමය.

එක්නැලිගොඩ තාජුදීන් ලසන්ත ඝාතන නිසා, මහින්ද පානාතිපාතා සිල් පදය කඩා ඇත. තම දෙමාපියන්ගේ සොහොන් කොත් ඉදි කිරීමට, නිසා, ඡන්දයට සිල් රෙදි බෙදිමට ආණ්ඩුවේ මුදල් සොරා ගෙන වැය කළ නිසා, අදින්නා දානා සිල් පදය කඩා ඇත. තමන් විසින් වඩා සිප ගත් හත් මස් නව මස් දරු දැරියන් තමාට ජයවේවා කි බව මහ සභා මැද කියමින් මහින්ද මුසාවාදා සිල් පදය කඩා ඇත. ඔහු කාමේසුමිච්ඡාරා හෝ සුරාමේර සික්ඛා පද කැඩුවාද යන්න මෙතනදී සාකච්ඡා නොකරන්නේ සිල් පද පහෙන් තුනක් ප‍්‍රසිද්ධියේ කඩලාත් බුද්ධාගම අනුව නැවත නැවත පන්සිල් ගත හැක නිසාය. ඔහු පන්සල් වලට යන්නේ පින් තකා නොවේ. අපායට බියෙනි. එහෙත් ඔහු පාර්ලිමේන්තු නොයන්නේ ආණ්ඩු පක්‍ෂය බියෙනි. පසුගිය දවසක අමාත්‍ය සරත් පොන්සේකා කතාව පටන් ගත්තේ තමන් කියන දේ බොරු නම් පන්සල් ගානේ ඇවිදිම නතර කොට මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට පැමිණ තමන්ට උත්තර දිය යුතු බවය. එහෙත් මහින්ද රාජපක්‍ෂට මන්තී‍්‍රකමක් තිබුණාට පාරලිමේන්තුව පැමිණ කතා කරන්න නම් ලැබෙන්නේ නැත. සට කපට මහින්ද රාජපක්‍ෂ අද අමතන්නේ කම්කරුවන් නොවේ. තම එහෙයියන්ය. ඒ නිසාවෙන් අද කිරුලපන පැවැත්වෙන රැළිය මහින්ද රාජපක්‍ෂ සහ එහෙයියන් විසින් පවත්වන තවත් සබාවක් පමණකි. ඒ නිසා කිරුලපන රැුස්වීම කිසි දිනෙක කම්කරු රැුලියක් ලෙස ඉතිහාස තව වන්නේ නම් නැත.

‘‘ආණ්ඩුව සමග ඉන්න අය එක්ක කොහොමද ආණ්ඩුව විවේචනය කරන්නේ…..? එහෙම අසන්නේ මහින්දය. මහින්ද ගාල්ලේ මැයි දිනයට සහභාගි නොවිමට දැක්වූ ප‍්‍රධාන හේතුව එය විය. නමුත් එහි යටින් කිබුණේ මෛති‍්‍රපාල සමග සිටින පිරිස බිය ගැන්විමය. මාර්තුවේ පැවති ඒකාබද්ධ විපක්‍ෂ රැුස්විමේ අරමුණ ආණ්ඩු කැඞීම නොවිය. මෛති‍්‍රපාල බිය වැද්දිමය. මාර්තු ඒකාබද්ධ විපක්‍ක්‍ෂ රැුස්විමට පෙර සන්ධාන මහා ලේකම් මහින්ද අමරවීර කීවේ කුමක්ද? ගියෝත් බලා ගන්නවා කියාය. රැුස්විමට පසුව ලජ්ජාශීලි හිනාවක් නගා සමගිය ගැන කතා කරන්නට විය. රටේ මැදහත් ජනතාවට තේරෙන පරිදි ඒකාබද්ධ විපක්‍ක්‍ෂ රැුස්විමට වඩා වැඩි බලයක් මහින්ද පෙන්වන්ට උත්සාහ කරනු ඇත. අදත් බොහෝ විට ඒ ටිකම සිද්ධ විය හැකිය.

මේ සෙල්ලම් හරහා ආණ්ඩුව වට්ටා මහින්ද නැවත බලයට ඒම විහි`ථවකි. එහෙත් ඒ යට ඇත්තේ බරපතල කුමන්ත‍්‍රණයකි. ඔවුන් උත්සාහ කරන්නේ රාජ්‍ය තන්ත‍්‍රයට අනුයුක්තව සිටින නිලධාරින් බිය වැද්දිමය. ශිරන්ති රාජපක්‍ෂගේ කට උත්තරයක් ගැනිමට නියමිතව සිටි දවසේ දකුණු පළාතේ මහින්ද රාජපක්‍ෂගේ අතවැසි ඩි.වී. උපුල් කීවේ කුමක්ද? විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරින්ට ගල් ගසා මරණ බවය. මේ කිසිවකින් මහින්ද සැලසුම් කරන කුමන්ත‍්‍රණයට පන දිය නොහැකි විය. මේ තැත් කරන්නේ විසි වසරක් රටේ කම්කරු ජනතාවට කොකා පෙන්වූ මහින්ද නැවත ඔවුන්ගේ කරපිට යන්නටය. පිකටින්, වර්ජන, අකුරට වැඩ, වැඩ බිම්වල ගිනි තැබිලි සිදු කිරිමෙන් රට කොට උඩ තබන්නටය. නැවත බලයටඒමට පාර සකසා ගන්නටය. අද රටම බලා සිටින්නේ කිරුලපනේ හෝ ගාල්ලේ සිදු වන්නේ කුමක්ද කියාය. ඒ දෙතැන කුමක් සිදුවුනත් එයින් රටට වන සෙතක් නැත. මහින්ද රාජපක්‍ෂ අද කියන්නේ ආණ්ඩු විරෝධයක් ගැනය. මහින්ද රාජපක්‍ෂ කම්කරුවන් කඬේ යැවීම පිණීස පාවිච්චි කළ කම්කරු ප‍්‍රඥප්තිය ගැන කතා නො කරයි. ඔහු කම්කරු ඇමති කාලේ චන්ද්‍රිකා තම වැඩ පිළිවෙලට අකුල් හෙලූ බවය. එහෙත් 2005 සිට 2015 ජනවාරි 7 වෙනිදා තෙක් බලයේ මහින්ද රාජපක්‍ෂට කම්කරු ප‍්‍රඥප්තිය මතත් වුණේ නැත. 1994 වන තෙක් කාල්ටන් පෙර පාසලේ මුදලින් ජීවිත ගැට ගසා ගත් රාජපක්‍ෂලා 2007 වන විට කොම්පැනි කාරයන් බවට පත් විය. ඔහු අනුව ගිය විමල් වීරවංශ අද කෝටිපතියෙකි. ඔහු සමග සිටගෙන සිටින රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරන් කෝටි පහක් උපයා ගත් ආකාරය විස්තර කළ නොහැකි නිසා අධීකරණය ඉදිරියට කැඳවා ඇත. කුමාර වෙල්ගම ලංගම බස් ගණුදෙනුවක් හේතුවක් නිසා FCID එකට කැඳවා ඇත. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ගැන කියලා වැඩක් නැත. මේ කියන කණ්ඩායම සමග බලයේ සිටි අවදියේ කම්කරු ප‍්‍රඥප්තිය නිති ගත නොකිරිම ගැන අද මහින්ද රාජපක්‍ෂ කිසිවක් නොකියනු ඇත. එහෙත් ඉහතින් කි ආකාරයට කිරුලපනේට එන්නේ සැබෑ කම්කරුවන් නම් මහින්ද රාජපක්‍ෂට කටක් අරින්න ඉඩ ලැබෙන්නේ නැත.

මහින්ද රාජපක්‍ෂ අද කම්කරු ජනතාවට විස්තර කරන ආණ්ඩුවේ සමහර වැරදි මේ ආණ්ඩුව බලයට පත් කළ සිවිල් ජනතාව විසින්ද විවේචනය කරමින් සිටියි. එහෙත් ගෙවුන වසර දහ නවයකුත් කෙටි කායක් ලංකාව පාලනය කළ මහින්ද රාජපක්‍ෂ මේ රටට කළ සහාසික අපරාධ මේ ආණ්ඩුව තවම සිදු කර නැත. එසේම, නිදහස් ලංකා ඉතිහාසයේ රජයේ සේවකයන්ට රුපියල් දස දහසක පඩි වැඩි වැඩිීවීමක් සිදු කළේ පාලන ආණ්ඩුව විසින් බව රටේ ජනතාව දනිති. පුද්ගලික අංශයේ සේවකයන්ට යහ පාලන ආණ්ඩුව විසින් දෙන ලද දේ බොහෝය. වරින් වර පඩිපතට මෙපිටින් රජයේ සේවකයන්ට ආණ්ඩුව විසින් දෙන ලද විවිධ දීමනා වැටුපට එක් කරන ලෙස රාජ්‍ය සේවා වෘතීය සමිති විසින් කරන ලද ඉල්ලීම් බොහෝය. ඒ ඉල්ලීම් එක දිගට දස වසරක් පුරා මහින්ද රාජපක්‍ෂගෙන් මේ රටේ ලක්‍ෂ ගණනක ජනතාව ඉල්ලා නොසිටියේද? අද මහින්ද රාජපක්‍ෂ කිරුලපන වේදිකාවට නැග ඒ ගැන කිසිවක් කියනු ඇතිද? නැත. ඔහු කියනු ඇත්තේ තමන් කළ යුද්ධය ගැනය. තම දරුවන්ට තම සහෝදරයන්ට තමන් සමග වැඩ කළ නිලධාරින්ට මේ යහ පාලන ආණ්ඩුව සිදු කළ අසාධාණ පළිැගැනිම් ගැනය. ආණ්ඩුව විසින් සිදු කළ බදු වැඩි කිරිම් ගැනය.

ඔහු අද කිරුලපනදි කම්කරු ජනකාව හමුවන්නේ නිකම්ම නිකම් මන්ත‍්‍රී කෙනෙකු හැටියටය. ඔහු දස වසරකට ආසන්න කාලයක් මේ රටේ විධායක ජනාධිපති හැටියට කි‍්‍රයා කළේය. ඔහු ඒ යුගයේ කම්කරු ජනතාවට කළ එක යහපතක් කිව හැකිද? රටේ ප‍්‍රකට ව්‍යාපාරිකයන් සමග එක්ව කළ රාජ්‍ය පාලනය තුල කි වරක් නම් කම්කරු අයිතීන් වෙනුවෙන් කළ උද්ඝෝෂණ පහරදී දියකර හරන ලද්දේද? කම්කරු ජනතාව දහදිය මහන්සියෙන් එකතු කළ රුපියල් සත වලින් සවිමත්වූ අර්ථ සාධක අරමුදල් සේවක භාර අරමුදල් කූඨ ව්‍යාපර සඳහා යොදවා එක් පොදු අරමුදල හිස් නොකරන ලද්දේද? යහ පාලන ආණ්ඩුවට එරෙහිව වරඩ කරන ජනතාවගේ විශ‍්‍රම වැටුපට අත නොබනු කියන මහින්ද රාජක්‍ෂ වහලූන් පිරවරා ගත් ඒකාබද්ද විපක්‍ෂයට කටුනායක ආයොා්ජන කලාප කම්කරු උද්ඝෝෂවය සිහිපත් කර ගත හැකිද? එදා එකී කම්කරු උදඝෝෂණයේදි වෙඩි තබා කම්කරු සහෝදරයෙකු වෙඩි තැබුවේ නැතිදැයි අද කිරුලපනට යන එක කම්කරුවෙකු අසයි නම් මහින්ද රාජපක්‍ෂට වේදිකාවේදී චූ යනවා සිකුරුය. එහෙත් එහෙම වෙන්නේ නැත. හේතුව කිරුලපනට තක්කඩියන් මිස සැබෑ කම්කරුවන් නොපැමිණෙන බැවිනි. එදා කටුනායක නිදහස් වෙළඳ කලාප සටනේදී පොලිස් වෙඩි පහර කා මළ කම්කරුවාගේ මළ සිරුරට නිසි ගෞරව සිදු කිරිමට හෝ මහින්ද රාජපක්‍ෂ එදා ඉඩ දුන්නාද යන්න දන්නේ අයෝජන කලාප සේවකයන්ය. අවමංගල උත්සවයකදී ලංකාවේ ජනතාව සිදු කරන සාම්ප‍්‍රදායික වත් පිලිවෙත් බොහෝය. ඒ කිසිවක් සිදු කිරිමට එදා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ඉඩ දුන්නේ නැත. එදා කටුනායක මිගමු පළාතේ කිසිදු රාජපක්‍ෂ වාදියෙකුට පාරට බසින්නට හෝ ඉඩ අවසර නොතිබිණ. අද කිරුලපන රැුළිය වඩාත් හොඳින් සංවිධානය කිරිම භාරව සිටින, බැසිල් රාජපක්‍ෂට හෝ එදා ඊට මැදිහත් විය නොහැකි විය. තත්වය පාලනය කිරිමට එදා රාජපක්‍ෂලා යොදා ගත්තේ මීගමු අධීකරණ ලවා ලබාගත් නඩු තින්දුවකි.

ධීවර කර්මාන්තය කිරිමට භූමිතෙල් මිල අඩු කරන ලෙස හලාවත ධීවරයන් පාරට බැස්ස සිද්ධීය මතක නම් මහින්ද රාජපක්‍ෂ කම්කරු රැළි පවත්වන්නේ නැත. එදා ධීවරයන් මහින්ද රාජපක්‍ෂට ගෙදර පලයන් කීවේ නැත. ඔවුන් කීවේ අඩු මිලකට ධීවර කාර්මිකයන්ට භූමිතෙල් ලබා දෙන ලෙසද? මහින්ද රාජපක්‍ෂ එදාභුමිතෙල් මිල පහත හෙලූවේ නැත. නිති්‍යානුකූල උද්ඝෝෂණයට පොලිසිය ලවා ගිනි බින්දේය. ඒ වෙඩි පහරකට ලක්වූ ඇන්තනී ප‍්‍රනාන්දු නම් තරුණ ධීවරයා මහ පාරේ අද වැටී මිය ගියේය. එදා රුපියල් 95ක්වූ භූමිතෙල් ලීටරය අද රුපියල් 55කි. මහින්ද මේ කැස කවන්නේ ආණ්ඩුව පෙරළිමට නොවේ. මෛති‍්‍රපාල සිරිසේන බිය ගැන්විමටය. මහින්ද 20015 ජනවාරියේ දවසක ශී‍්‍රලනිප සභාපතිත්වය මෛති‍්‍රපාලට පැවරීය. එදා කතානායක නිල නිවසේදී මහින්ද අපේක්‍ෂා කළේ කුමක්ද? තම පාලන කාලේ සිද්ධ කළ අ`ථකුත්තේතරු වැඩ යට ගැස්වමය. එහෙත් එය සිදුවන පාටක් නැත. මේ සටන එහි ප‍්‍රතිපලය වන්නේය. මහින්ද පළවා හැර මෛති‍්‍ර පත් කරගත් හැට හතර ලක්‍ෂයක් ජනතාව අද මෛති‍්‍රගෙන් ඈත්ව මේ සෙල්ලම දෙස බලා සිටි. මහින්ද පළවා හැරිමට මෛති‍්‍ර කළ යුත්තේ නිල බලය පාවිච්චි කිරිම නොවේ. ශී‍්‍රලනිපයෙන් ඉවත් විම පමණකි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.