බහුතර දෙමළ ජනාවාස කලාපයක් වන උතුරේ වාර්ගික ජනවිකාශනයේ සංයුතිය වෙනස් කිරීමේ අරමුණින් සිංහල පවුල් 500ක් මන්නාරමේ අළුතෙන් පදිංචි කිරීමට ආණ්ඩුව සැරසෙයි. කෙසේ වෙතත්, ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙත වාර්තා වන අන්දමට, පළාතේ මුස්ලිම් ජනතාවගේ කෝපය නිසා ඒ සැලැස්ම මෑතක සිට යට ගසා තිබේ.
වාර්තා වන අන්දම, දැනට තමන් ජීවත් වන දකුණේ ගම්මාන හැර ගොස් මන්නාරමේ පදිංචි වීමට කැමැත්තක් දක්වන සිංහල පවුල්වලට එම පළාතෙන් ඉඩකඩම් සහ අවශ්‍ය මූල්‍යාධාර පමණක් නොව, රජයේ රැුකියාවන් වුව ලබා දීමට ආණ්ඩුව අදහස් කරයි.
මෑතක දී පත්කළ මන්නාරමේ රජයේ දිසාපති (දිස්ත‍්‍රික් ලේකම්), හිටපු හමුදා නිලධාරියෙකු වන එම්. වයි. එස්. දේශප‍්‍රිය මහතාගේ සහභාගීත්වයෙන්, 2013 ජුලි 18 වැනි දා පැවැත්වු රැස්වීමකින් අනතුරුව, අවතැන් වූ සිංහල පවුල් 500 ක් නැවත පදිංචි කැරැවීම පිණිස අවශ්‍ය උපදෙස් අඩංගු සංදේශයක් මුසාලෙයි ප‍්‍රාදේශීය ලේකම්වරයා වෙත යවා ඇත. දේශප‍්‍රියගේ පත්වීම සිදු කෙරුණේ ජුලි 12 වැනි දා ය. ඒ, හිටපු දිස්ත‍්‍රික් ලේකම් ජේ. ඒ. සරත් රවීන්ද්‍ර මහතා මේ කියන සිංහල පවුල් පදිංචි කැරැවීම ඉක්මන් කිරීම ප‍්‍රතික්ෂේප කරන්නේය යන චෝදනාව මත මාරු කර හැරීමෙන් අනතුරුවයි. ඉඩම් බෙදා දීම කෙලින්ම දිස්ත‍්‍රික් ලේකම්වරයා යටතේ සිදු කෙරෙන්නකි. ඒ නිසා දේශප‍්‍රියගේ පත්වීම විශේෂ වැදගත් කමක් උසුළන්නේය. ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ (එල්.එල්.ආර්.සී.) නිර්දේශවලට අනුගත වෙමින්, ඒ පළාතේ කලින් ජීවත් වූ මුස්ලිම් පවුල් නැවත පදිංචි කැරැවීම පසෙක ලා සිංහල පවුල් පදිංචි කැරැවීම හිටපු දිස්ත‍්‍රික් ලේකම්වරයා ප‍්‍රතික්ෂේප කොට තිබේ. ඔහුව මාරු කර හැරීමට හේතුව එයයි. මේ අතර, සිංහල පවුල් පදිංචි කැරැුවීම පමා කිරීම ගැන මුසාලෙයි ප‍්‍රාදේශීය ලේකම්වරයාට ද දිස්ත‍්‍රික් ලේකම්වරයා විසින් අවවාද කොට තිබේ.
මුස්ලිම් බහුතර ජනගහනයක් වෙසෙන උතුරේ එකම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මුසාලේයි ය. එම ප‍්‍රදේශයේ මෙසේ සිංහල පවුල් පදිංචි කැරැවිම ගැන උදහස් වූ අමාත්‍ය රිෂාඞ් බද්උද්දීන් සහ තවත් මුස්ලිම් නායකයන් මහින්ද රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයන් සමග මේ ගැන සාකච්ඡ කොට තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් මේ ප‍්‍රදේශයෙන් පළවා හරින ලද මුස්ලිම් ජනතාව පදිංචි කැරැවීමට ආණ්ඩුව ප‍්‍රමුඛත්වයක් නොදීම ගැන රිෂාඞ් බද්උද්දින් බෙහෙවින් කලකිරීමට සහ අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බව ද වාර්තා වෙයි.
සිංහලයන් මුලින් පදිංචි නොකොට මුස්ලිම් අවතැන්වූවන්ට ඉඩම් ලබා දීම ගැන මුසාලෙයි උපදිසාපතිවරයාට මන්නාරමේ හමුදා පරිපාලනය විසින් චෝදනා කොට තිබේ. මීට කලින්, සිංහල නම් 920 ක් අඩංගු ලැයිස්තුවක් මුසාලෙයි ප‍්‍රාදේශීය ලේකම්වරයාට යවා ඇතත්, ඔවුන් කිසිවෙකු මන්නාරමෙන් අවතැන් වූවන් බවට සාක්ෂි නැති හෙයින් ඔවුන්ව පදිංචි කැරැවීම ප‍්‍රාදේශීය ලේකම්වරයා සහ දිසාපතිවරයා ප‍්‍රතික්ෂේප කොට ඇත. එවැනි පදිංචි කැරැවීම් නිසා, උතුරේ අවතැන්වූවන් අතරේ යථා තත්වය ගොඩනැගීමේ ප‍්‍රයත්නයන් මෙන්ම, එල්.එල්.ආර්.සී. නිර්දේශ ක‍්‍රියාත්මක කැරැවීම ද අඩාල වන බව ඔවුන් පෙන්වා දී තිබේ.
මේ අතර වව්නියාවේ (තලබොස්ගම සහ නාමල්ගම) ද, මුලතිව්හි (වැලිඔය) ද සීග‍්‍ර ජනපදකරණයකට නතු වෙමින් තිබේ. පසුගිය මාස කිහිපය තිස්සේ මේ පෙදෙස්වල සිංහල පවුල් 10,000 ක් පදිංචි කොට ඇති බවත්, එම සිංහල ජනාවාස සඳහා යටිතල පහසුකම් කඩිනමින් සිදුකෙරෙන බවත් වාර්තා වෙයි. ආණ්ඩුවේ ඊළඟ ඉලක්කය වී ඇත්තේ මන්නාරමයි. වාර්තා වන අන්දමට, (ආණ්ඩුකාරවරයාගේ ද සහයෝගයෙන්) බස්වලින් සිංහල පදිංචිකරුවන් ගෙනැවිත්, පළාතේ පරිපාලන නිලධාරීන්ට පවා නොදන්වා එක රැයකින් ඔවුන්ට ඉඩම් අවසරපත් ලබාදෙනු ලැබේ.
කෙසේ වෙතත්, උතුරේ පළාත් සභා ඡුන්දය ප‍්‍රකාශයට පත්කිරීමත් සමගම, දෙමළ ජාතික සන්ධානයට විශිෂ්ට ජයක් ලබා නොදෙනු වස්, මෙකී නැවත පදිංචි කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති බව මන්නාරමේ දිසාපතිවරයා සිය සගයන්ට කියා ඇති බවත් සැළයි.
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පදිංචි සිංහල පවුල් වව්නියාවේ පදිංචියට යාමට කැමැත්තේ නම්, එම ප‍්‍රදේශයෙන් ඉඩම් හැරුණු කොට රුපියල් 600,000 ක නිවාස දීමනාවක් ද සැපයීමට සැලසුමක් ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි. ආරංචි මාර්ග දක්වන පරිදි, මේවා හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂගේ අනුග‍්‍රාහකත්වයෙන් සිදුවන බව සැළයි. කෙසේ වෙතත් මේ දීමනාවන් ලබා ගැනීමට නම්, හම්බන්තොට දැනට පදිංචි ස්ථානයන්ට ඇති අයිතිවාසිකම් ඒ අයවළුන් විසින් අත්හල යුතුය. මේ සඳහා වන ඉල්ලූම් පත‍්‍රයක් හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකි බව ගැමියන්ට දැනුම් දී තිබේ. පුද්ගලයන් හතර දෙනෙකු මේ වන විටමත් ඒ ක‍්‍රමය අනුගමනය කොට ඇති අතර, එක පුද්ගලයෙකුට වටිනා දැව සම්පත් සහිත අගනා ඉඩමක් මන්නාරමෙන් ලැබී ඇති බව වාර්තා වෙයි.
*2013 අගෝස්තු 13 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Northern Sinhalisation: Government To Settle 500 Sinhala Families In Mannar Despite Muslim Anger ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’
Watch India Today report September 01, 2013 below;
වාසල මුදලි / September 9, 2013
රජය එහෙම තීරණයක් අරන්නම් ඒක හරි.දෙමල මිනිස්සු පමණක් උතුරට හුදකලා කරපු නිසා තමයි මේ හැම ප්‍රශ්නෙකටම මුල .රටේ ඕනෙම තැනක හැම ජාතියකටම ජීවත්වීමේ හැකියාවක් තිබිය යුතුයි.
/