Colombo Telegraph

අපරාධකරුවන්ව දේශපාලනයෙන් දොට්ට දැමීම

ඬේලි මිරර් කතුවැකිය

¥ෂණයෙන් සහ අපරාධයෙන් වල් බිහිවුණු ඉන්දියානු දේශපාලනය ශුද්ධ පවිත‍්‍ර කිරීමේ වැදගත් පියවරක් වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වාධීන විමර්ශකයන් සළකන, පසුගිය බ‍්‍රහස්පතින්දා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද ඓතිහාසික තීන්දුව ගැන අසන්නට ලැබීම අපට සතුටකි. කණගාටුවකි.

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රභාමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වෙනුවෙන් වන යෝධ ඉදිරි පිම්මකට උර දී තිබීම සතුටට හේතුවයි. රටට සහ ජනතාවට සේවය කිරීම වෙනුවට රටේ සහ ජනතාවගේ සම්පත් කොල්ලකන සහ බලය අපහරණය කරන දේශපාලඥයෙකු වීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක අපරාධකරුවෙකුට පුලූවන් කමක් නැත.

විධායක ජනාධිපතිවරයා

කණගාටුවට කාරණය වන්නේ, විශේෂයෙන් 43 වැනි අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයෙන් පසු රටේ අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කෙරී ඇති තත්වය තුළ, දේශපාලඥයන්ගේ සහ දේශපාලනයේ ගුණාත්මක බව වර්ධනය කිරීමේ එවන් වැදගත් පියවරක්, ශ‍්‍රී ලංකාවේ නම් නොගැනෙනු ඇතැ යි යන විශ්වාසයයි.

සමාජ සාධාරණත්වයට අදාළ කාරණා සම්බන්ධයෙන් මෑත කාලයේ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය බලවත් ආකාරයකින් මැදිහත් වී ඇති බව අපි දනිමු. ඉන්දියානු පාර්ලිමේන්තුවේ සහ ඉන්දියානු ප‍්‍රාන්ත නියෝජන මණ්ඩලවල මන්ත‍්‍රීවරයෙකු බරපතල අපරාධයකට වැරදිකරුවෙකු වුවහොත් ඔහුට හෝ ඇයට මහජන නියෝජිතයෙකු වීමට නුපුලූවන. ඉන්දියානු මධ්‍යම සහ ප‍්‍රාන්ත මන්ත‍්‍රණ සභා සාමාජිකයෙකු, අවම වශයෙන් අවුරුදු දෙකක සිර දඩුවමකට යටත් කෙරෙන වරදකට වැරදිකරු කරනු ලැබුවොත්, ඡුන්දයකට ඉදිරිපත් වීමට ඔහු හෝ ඇය නුසුදුස්සෙකු වන්නේය. පාර්ලිමේන්තුවේ පහළ මන්ත‍්‍රණ සභාවේ වර්තමාන සාමාජිකයන් 543 න් 150 දෙනෙකු සාපරාධී චෝදනාවන්ට ලක්ව සිටින්නන් බව කියැවේ.

ඉන්දියාව පුරා එවැනි අපරාධ චෝදනාවන්ට ලක්ව සිටින, පාර්ලිමේන්තු සහ ප‍්‍රාන්ත සභා මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 1460 ක් බව, මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සඳහා වන සංගමය’ කියා සිටී. මැතිවරණයට කලින් අපේක්ෂකයන් විසින් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ අයදුම්පත්වල සඳහන් කරුණු මේ සංඛ්‍යා ලේඛනවලට පදනම්ව ඇත. ඒවාට අනුව, මේ පිරිස අතරින් අවම වශයෙන් 15 දෙනෙකුවත් මිනීමැරුම් චෝදනාවට ලක්වූවන් ය.

අපරාධයකට වැරදිකරුවන් වූ දේශපාලඥයන් මේ දක්වා කෙළේ, තමන්ට විරුද්ධ තීන්දුවට එරෙහි අභියාචනයක් ඉදිරිපත් කොට, ඒ මගින් අවුරුදු ගණන් කල් මැරීමයි. එහෙත් එවැන්නකට තවදුරටත් ඉඩක් නොලැබෙන බව පසුගිය දා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය. නව තත්වය යටතේ, වැරදිකරු බවට තීන්දු කළ දවසේ සිටම, මහජන නියෝජිතයෙකු වීමට ඔහු හෝ ඇය නුසුදුස්සෙකු කෙරේ. වරක් වැරදිකරු කළ තැනැත්තෙකුට ඡුන්දය පාවිච්චි කළ නොහැකි නම්, එවැන්නෙකුට ඡුන්දයකට ඉදිරිපත් වීමටත් නොහැකි විය යුතු බව, ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුනි.

මේ තීන්දුව, අනාගතයේ දී වැරදිකරුවන් වන අයට මිස දැනටමත් අභියාචනා ඉදිරිපත් කොට ඇති අයට බලපාන්නේ නැත. ඉන්දියාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ මේ තීන්දුව ගැන බලවත් ප‍්‍රසාදය පළකොට ඇතත්, තමන් ඒ ගැන තවදුරටත් අධ්‍යයනය කරන බවත්, ඇතැම් විට ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවත් ආණ්ඩුව කියයි.

ඉන්දියාව සිය සංවර්ධනය කරා වැටී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතේ වැදගත් පියවර මෙසේ ගනිද්දී, ශ‍්‍රී ලංකාව එරී සිටින්නේ, දේශපාලනය අපරාධකරණය කිරීමේ සහ අපරාධ දේශපාලනකරණය කිරීමේ අර්බුදයකයි. පසුගිය මාස කිහිපය තුළ, පලාත්පාලන ආයතනවල සභාපතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් සාපරාධී වැරදි සම්බන්ධයෙන් චෝදනාවන්ට ලක්ව සිටින අතර එක් මන්ත‍්‍රීවරයෙකු පාසල් ගුරුවරියක් ඇගේ පංතියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරියේම දණගැස්සූ සිද්ධියක් ද වාර්තා විය.

විධායක ජනාධිපතිවරයාට පරම බලයක් පැවරෙන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසු, මින් පෙර කිසි දවසක නොවූ විරූ අන්දමින් ශ‍්‍රී ලංකා සමාජයේත්, දේශපාලනයේත්, ¥ෂණය සහ අපරාධය බින්නබැස තිබේ. ඇතැම් පිරිස්වලට සපයන ලද වරදාන මාර්ගයෙන් පාර්ලිමේන්තුව තුළත් ස්වකීය පරම බලය පැතිරවීමට, මේ වන විට විධායක ජනාධිපතිවරයා සමත්ව සිටී. වර්තමානයේ මාධ්‍ය නිදහස බොහෝ දුරට මර්දනයට ලක්ව ඇති තත්වය තුළ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවසාන අපේක්ෂාව වුණේත්, ජනතාවට අවසාන හව්හරණයකට තිබුණේත්, අධිකරණය පමණි.

එම අධිකරණයේ ඉතිරිව ඇති ස්වාධීනත්වයත් නැතිභංගස්ථාන කිරීමට මේ ආණ්ඩුව දිවා ? වෙහෙසීම තුළ, එම බිහිසුණු ප‍්‍රවණතාව ආපසු හැරෙන බවට සංඥාවක් පෙනෙන්ට නැත. එයින් කියාපාන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් කැලෑ වදින මාවතේ ඉදිරියටම යමින්, විනාශකාරී ඒකාධිපති අගාධයකට සමාජයක් වශයෙන් අප ඇදවැටමින් සිටින බවයි.

*2013 ජුලි 13 වැනි දා පළවූ Dragging Criminals Out of Politics නැමැති ‘ඬේලි මිරර්’ කතුවැකිය

Back to Home page