19 September, 2020

Blog

‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ කෙටුම්පත නීතිගත කොට, ඔබලාගේ මාධ්‍ය සදාචාරය කුදලාගන්න

බටහිර ලෝකයේ මෙන්ම ඉන්දියාව වැනි වෙනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ද, ලංකාවේ වාගේම දේශපාලනික ¥ෂණ, කුහක කම්, වංචා මගඩි, යටගැසීම් සහ මහජන ධනය පැහැර ගැනීම් ගැන නිතර අසන්නට ලැබේ. එහෙත් අපේ රටට වඩා එම රටවල් වෙනස් වන එක කාරණයක් තිබේ. එනම්, ඒ රටවල තුලන සහ සංවරණ ක‍්‍රියාවලියක් තිබීම ය. විශේෂයෙන්, නිදහස් මාධ්‍යයක් තිබීම ය. ඒ නිසා ඉහත කී දේශපාලනික අපරාධවලින් බොහොමයක් හෙළිදරව් කෙරෙන අතර ජාවාරම්කරුවන් සහ ප‍්‍රයෝගකරුවන් නීතියේ රැුහැනට හසු කර ගැනේ.

ස්වාධීන මාධ්‍යවේදීන් සතේකට ගණන් නොගන්නා ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල

ශ‍්‍රී ලාංකීය සමාජය මුහුණදී ඇති අර්බුදයේ අරටුව ඇත්තේ එතැන ය. නිදහස් අධිකරණයක් සහ නිදහස් මාධ්‍යයක් හරහා ඉස්මතු කෙරෙන විනිවිද පෙනෙන තුලන හා සංවරණ ක‍්‍රියාදාමයක් සහ සමාජ වගවීමක් වැනි උත්තුංග ප‍්‍රජාතන්ත‍්‍රීය සාරධර්ම, 2005 සිට, මේ රටේ දිරාපත් නොවිණි නම්, අඩු වශයෙන් ටිකෙන් ටික පරිහානියටවත් පත්වන සැටි අපි දුටුවෙමි.

2004 දී බලයේ සිටි රනිල් වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිය ස්ථාපිත කෙරෙන කෙටුම්පතක් සකස් කෙළේය. එදා සිටි බොහෝ ස්වාධීන විචාරකයන්ට අනුව, එය ඒ තාක් ලංකාවේ ගෙන එන ලද වඩාත් විශිෂ්ඨ ගණයේ ලියවිලිවලින් එකක් විය. එහෙත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ක‍්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබුණි. ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංගගේ කුප‍්‍රකට ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය හරහා පාර්ලිමේන්තුව විසිරුවා හැරුණු අතර ඊළඟ මැතිවරණයේ දී රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව පරාජය කෙරුණි. රාජපක්ෂ සහ කුමාරණතුංගගේ අළුත් ආණ්ඩුව ඉන් පසු මේ ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ කෙටුම්පත ගැන උනන්දුවක් දැක්වූයේ නැත. ඒ වන විට මේ නීතිය ලෝකයේ රටවල් 85 ක නීතිගත කර තිබුණි. ඒ අතරට දකුණු ආසියානු රටවල් හතරක් ද අයත් විය. ඒවා නම්, ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ බංග්ලාදේශයයි.

ලංකාවේ එතෙක් පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරධර්ම සහ සම්ප‍්‍රදායයන් එකින් එක ඝාතනය කොට වළලා දැමෙද්දී, එවක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය සිය පක්ෂයේ ද සහයෝගය ඇතිව පෞද්ගලික මන්ත‍්‍රීවරයෙකුගේ යෝජනාවක් වශයෙන් ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. එහෙත් එදා ආණ්ඩුව කෙළේ, දේශපාලනික උප්පරවැට්ටිවලින් වෙනත් පක්ෂවල මන්ත‍්‍රීවරුන් බිලිබා ගැනීමෙන් සරිකරගෙන සිටි ස්වකීය පාර්ලිමේන්තු බහුතරයේ හයියෙන් මේ කෙටුම්පත අවඥාවෙන් යුතුව වීසි කර දැමීමයි. එසේ කරමින්, තමන්ගේම වන කෙටුම්පතක් ඉදිරිපත් කරමි යි ආණ්ඩුව එදා වහසිබස් කීවත්, වෙනත් සිය ගණනක් පොරොන්දු මෙන් එය ද හුදෙක් බොරුවක් පමණක්ම විය.

‘විණි නම්’ යන්න, වචන දෙකක් පමණක් වුවත්, එය ඉතා ප‍්‍රබල වචන දෙකකි. 2004 දී ඉදිරිපත් කළ තොරතුරු දැන ගැනීමේ කෙටුම්පත කි‍්‍රයාත්මක විණි නම්, ඕනෑම ශ‍්‍රී ලාංකීය පුරවැසියෙකුට ආණ්ඩුවේ නිල තොරතුරු දැන ගැනීමේ නිදහස ලැබෙන්නට තිබුණි.

කෙසේ වෙතත්, එම නිදහස සීමා කෙරෙන අවස්ථාවන් ද කෙටුම්පතේ දැක්වේ. ජාතික ආරක්ෂාවට අදාළ කරුණු, පුද්ගලයෙකුගේ සෞඛ්‍ය වාර්තා සහ වෙළඳ රහස් ඊට අයත් වේ. එසේම ‘නිදහස් තොරතුරු කොමිසමක්’ ස්ථාපිත කිරීමටත්, තොරතුරු සැපයීමේ නිලධාරීන් පත්කිරීමටත් එම කෙටුම්පත මගින් යෝජනා කොට තිබුණි. වෙනත් වචනවලින් කිවහොත්, එම කෙටුම්පත හරහා විවෘත භාවය, විනිවිද භාවය සහ ජනතාව කෙරෙහි ආණ්ඩුවක් වගවීම යන කරුණු සහතික කිරීම හරහා ¥ෂණය යම් තරමකට පාලනය කිරීමට හැකි වනු ඇත. ඇමතිවරුන් සහ රජයේ බලධාරීන් සියළුම වාර්තා නිසි ආකාරයෙන් පවත්වා ගනිමින් ජනතාව ඉල්ලන පරිදි සැපයිය හැකි ආකාරයෙන් සියලූ තොරතුරු සූචිගත කළ යුතු බව කෙටුම්පතේ දැක්වේ. එපමණක් නොව, සෑම අවුරුදු දෙකකට වරක්ම පහත සඳහන් තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපතිවරයා සහ සෑම ඇමතිවරයෙකුම ප‍්‍රසිද්ධියට පත්කළ යුතු බව ද එහි දැක්වේ: සංවිධාන සහ ක‍්‍රියාකාරකම්වලට අදාළ තොරතුරු, අමාත්‍යාංශ සහ ඇමතිවරුන්ට අයත් සියලූම රාජ්‍ය ආයතනවල වගකීම්, අමාත්‍යාංශ සහ රජයේ ආයතනවල නිලධාරීන් සතු බලතල, වගකීම් සහ කෘත්‍යයන්.

මේ ප‍්‍රගතිගාමී විදග්ධ කෙටුම්පත ක‍්‍රියාත්මක කරනවා වෙනුවට, මේ වන විට ස්වාධීන මාධ්‍යවේදීන් සතේකට ගණන් නොගන්නා ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල, මාධ්‍ය නිදහස තවදුරටත් මර්දනය කිරීම අරමුණු කරගත් අළුත් මාධ්‍ය සදාචාර නීති සංග‍්‍රහයක් ගැන කතා කරයි. ලංකා ඉතිහාසයේ අන්ත ¥ෂිත දේශපාලඥයන් විසින් මාධ්‍යවේදීන් සඳහා සදාචාර සංග‍්‍රහයක් ගෙන ඒමට සැරසීම රටම හිනස්සන්නකි. එය හරියට, යක්ෂයා විසින් බයිබලය උපුටා දක්වනු ලැබීමක් වැන්න.

*2013 ජුනි 5 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Implement Freedom of Information Bill, Hang your Code නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.