
හරියටම මෙයට අවුරුදු 35 කට පෙර 1986 දෙසැම්බර් 15 දින අද වැනි දවසක ව්‍යාජ සාකච්ඡාවක් සංවිධානය කොට කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ සහ ඔහුගේ සමීප සහෝදරයෙක් සහ මිත්‍රයෙකු වූ සෝමසිරි පුංචිරාල පැහැරගෙන යනු ලැබිය.ඒ පැහැර ගෙන යාම කරනු ලැබූවේ රාජ්‍යට සම්බන්ධ ආරක්ෂක අංශ හෝ රහස් පොලිසිය නොවේ. ජවිපෙට සම්බන්ධ සන්නද්ධ කල්ලියක් විසිනි.
ලංකාවේ ප්‍රචණ්ඩ දේශපාලන ඉතිහාසයේ කළු ලකුණක් සටහන් කල මේ ක්‍රියාව පෙන්නුම් කලේ ඔබ යම්කිසි වාමාංශික දේශපාලන මතයක් දරන්නේනම් ඔබ ප්‍රවේසම් සහගත විය යුත්තේ ධනපති රාජ්‍ය තන්ත්‍රයෙන් සහ ඔවුන්ගේ නියෝජිතයන් ගෙන් පමණක් නොවේ. ඔබව පැහැර ගන්නවුන් සහ ඝාතකයන් වාමාංශික ශ්‍රේණි තුලම විමුක්තිකාමින් ලෙස පෙනී සිටීමයි. එවකට මෙය දැන් නොසිටි පතිරණ සිය ජිවිතයෙන් වන්දි ගෙවා අතර සෝමසිරි අනුනවයෙන් නොමැරී බේරුනි.
ඔවුන් දෙදෙනාම පිළියන්දල වන ලහැබක් අසලට ගෙන ගොස් දයා පතිරණගේ බෙල්ල මොට්ට ආයුධයකින් කපා ඉතාමත් කුරිරු ලෙස වධ දී ඝාතනය කරනු ලැබිය. ඔහුගේ ඇඳුම් ගලවා ඔහු අඩ නිරුවත් කොට තිබුණි. බොහෝ වෙලාවක් වධ දෙමින් බෙල්ල හෙමිහිට කපමින් ඔහුගෙන් විකල්ප කණ්ඩායමේ සාමාජිකයන් සැඟවී සිටින තැන් දැනගැනීමට උත්සාහ කොට තිබුණි. විකල්ප කණ්ඩායමේ නායකයන් සිටි තැන් දයා පතිරණ දැන නොසිටියද අප සමබන්ධකම් පැවැත්වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සහෝදරවරු කවුරුන්දැයි දයා පතිරණ හොඳින් දැන සිටියේය. නමුත් ඔහු ඒ කිසිවක් හෙළි නොකිරීමට තරම් ධෛර්යය සම්පන්න විය. සාමාන්‍යයෙන් යමෙකුගේ ආත්ම අභිමානය බින්දුවට බැස්සවීමට ආණ්ඩුවේ රහස් පොලිසිය ඕනෑම දේශපාලන ක්‍රියාකාරකයෙකු අත්අඩංගුවට ගත් විට නිරුවත් කරනු ලබයි. එය ඔවුන්ට තොරතුරු ගැනීම පහසු කරන උපක්‍රමයකි. දයා පතිරණද එම ක්‍රියාවලියට ජවිපෙ සන්නද්ධ කල්ලිය විසින් භාජනය කරනු ලැබිය.
ගැඹුරු මානව දයාවකින් පිරි විප්ලවාදී යයි කියාගන්නා සංවිධායක සාමාජිකයන් එතරම කුරිරු ලෙස වාමාන්ශික තරුණ ශිෂ්‍යයෙකු මර දැමීමට තරම් දුෂ්ට වුයේ කෙසේද? ඇත්තටම ඔවුන් පිළිගන්නා ලද දෘෂ්ටිවාදය අනුව දයා පතිරණ ද්‍රෝහියෙකි. මේ දෘෂ්ටිවාදය ට නැඹුරුවන අන්තවාදය අනුව ඔවුන් කරන්නේ විප්ලවාදී යුතුකමකි. මෙනිසා වෙනස් අදහස් දරන වාමාංශිකයෙකු මරා දැමීම ඉතාමත් ලෙහෙසි කරුණකි. ඒ සඳහා බලපානු ලැබූ අනෙක් කාරණය වන්නේ තමන් පමණක් නිවැරදිය කියන විශ්වාසය ඇති ඕනෑම විපල්වාදී සංවිධානයක් සර්වාධිකාරී දේශපාලන ගමනකට මුල පිරීමය.
ඔවුන් බලයට පැමිණීමෙන් පසුව විකල්ප අදහස් දරන සියලු දෙනාම එක්කෝ ‘ගුලග්’ වල හිර කරනු ලබයි. නැත්නම් ඔවුන් ඝාතනයට ලක් කරයි. කොටි සංවිධානයට එවැනි ව්‍යුහයන් සතු විය. අනෙක් සන්නද්ධ කල්ලි විනාශ කරමින් ඔවුන් සර්වාධිකාරී දේශපාලන ගමනක් ඇරඹිය. අනෙක් සංවිධානවල සිටි ක්‍රියාකාරීන් මරා දැමීමෙන් ජවිපෙ ආරම්භ කලේ එවැනි ගමනකි.
සෝමසිරි සහෝදරයා දිවි ගලවා ගත්තේ ගම්වැසියන් පිරිසකගේ අවධානයට එතන ඇතිවෙමින් තිබු සිද්ධිය හසු වූ නිසාය.
‘විප්ලවාදී’ ආණ්ඩු විසින් සර්වාධිකාරය තම රාජ්‍ය පවත්වා ගැනීමේ මුලෝපාය කර ගත් විට ධනපති ක්‍රමය තුල පවා වැඩකරන පංතිය දිනාගත් සියලුම නිදහස එනම් කතා කිරීමේ, සංවිධානය වීමේ මෙන්ම ජිවිතයට ඇති අයිතිය පවා අහෝසි කරයි. දයා පතිරණ ඝාතනය හෙළිකළේ එවැනි ගමනක් යාමට ජවිපෙ දෘෂ්ටිමය සහ දේශපාලන වශයෙන් සුදානම් බවයි.
අද ජවිපෙ සන්නද්ධ මාවතෙන් බැහැර ව සිටින නිසා මෙවැනි ඝාතනයන් සිදු නොකරනු ඇතැයි අපි උදක්ම බලා පොරොත්තුවෙමු.
දයා පතිරණ ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටියා පමණක් නොව එයට අවශ්‍ය දේශපාලන මතවාදයන්ගෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමය පෝෂණය කරනු ලැබීය. දයා පතිරණ අනෙක් සංවිධානයන්ට විශ්වවිද්‍යාලය තුල ක්‍රියාත්මක වීමට ඇති අයිතියට අවහිර කල බව ඔහුට නැගෙන මුලික චෝදනාවකි. එය සතයක් වුවත් ඔහු ඝාතනය කිරීම නිහීන දේශපාලන අපරාධයකි.
අපි දයා පතිරණගේ දේශපාලන දායාදයේ ගැඹුරු මානුෂිය ගුණාංගයන් ප්‍රගුණ කල යුතුවෙමු. එය ඔහු අද අනුස්මරණය කිරීමේ යෝග්‍යම ක්‍රමය බව මම විශ්වාස කරමි.
Champa / December 16, 2021
ජේවීපී භීෂණ සමය නම් ලංකාවේ කිසි කෙනෙකුට අමතක වෙයි කියලා මම හිතන්නේ නැහැ. අමතක කරන්නත් එපා. රාජපක්ෂ භීෂණ සමය අමතක කරලා, ඔවුන්ට නැවත අවස්ථාවක් දුන්නේ එකේ විපාක අද මුළු ලංකාවම ගෙවනවා. මොවුන් දෙගොල්ලම මිනිස් ජීවිත ගැන කිසි දයානුකම්පාවක් නැති, හදවත් වල කිසි තෙතමනයක් නැති, කෲර පුද්ගලයන්. ඒ ගැන අපේ ඇස පනාපිටම උදාහරණ අදටත් තියෙනව.
ගෙවල්වල ගෑස් සිලින්ඩර පිපිරෙන්න අරන් මාසෙකටත් වැඩියි. දරුවෝ හතර දෙනෙක් ඉන්න අම්ම කෙනෙකුත් මිය ගියා. තව තරුණ කාන්තාවක් පොළොන්නරුවේ මිය ගියා. තව කාන්තාවක් ගින්දරෙන් බේරෙන්න උඩුමහලින් බිමට පැනල බරපතල විදිහට තුවාල වුනා. අද වෙනතුරු මේ කාලකන්නි මෘග ආණ්ඩුව ජනතාවට අනතුරු අඟවලා නැහැ ගෑස් සිලින්ඩර පාවිච්චි කරන්න එපා කියල.
හරි නම් ගෑස් සිලින්ඩර එකක් දෙකක් පිපිරෙන කොට මුළු රටටම හදිසි නිවේදනයක් නිකුත් කරන්න තිබුන රූපවාහිනිය, පුවත්පත් සහ ගම්වල මිනිස්සුන්ට පොලිසිය හරහා ශබ්ද විකාශන යන්ත්‍ර මගින්.
නඩු දාන්න ඕනේ ආණ්ඩුවට විරුද්ධව, ගෑස් සිලින්ඩර පිපිරීමෙන් සිද්ධ වෙන සාපරාධි මිනිස් ඝාතන වලක්වන්න කටයුතු කලේ නැහැ කියලා.
රාජපක්ෂලා ගෑස් ගැන ගොළුවත රකින්නේ ඇයි? මේ ගැන ඉංග්‍රීසි පැත්තට දවසක් ලිව්වා. ගෑස් සිලින්ඩර වල සංයුතිය වෙනස් කිරීම පිටිපැස්සෙ රාජපක්ෂලා ඉන්නවා. පහුගිය අගෝස්තු මාසේ යෝෂිත රාජපක්ෂට ගෑස් සමාගමක් තියෙන බව හෙළි වුනා. නොවැම්බර් වෙනකොට ගෙවල් වලට ගෙනාපු ගෑස් සිලින්ඩර පුපුරනවා. පුපුරන ගෑස් සිලින්ඩර පිටිපැස්සේ ඉන්නේ යෝෂිතගේ ගෑස් සමාගම හින්ද ගෝඨාභයයි මහින්දයි ගොළුවෝ වගේ ඉන්නවා.
/
Champa / December 16, 2021
ජේවීපී එකට බලය දෙන්න කියලා කියන කතා දැන් වැහි වැහලා. සජබට, ශ්‍රීලනිපට චන්දෙ දෙන්න කියලත් කියනවා. අපි නැතුව කවුද ඉන්නේ කියලා ආණ්ඩුවේ ඇමති කෙනෙකුත් අහලා තිබුන.
ගෝඨාභය, මහින්ද, කැබිනට් මණ්ඩලයේ පටන්, ආණ්ඩුවත්, සජිත්, අනුර, මෛත්‍රී තුන්දෙනාගේ පටන් විපක්ෂයත් තොත්ත බබා නාටකය රඟ පානවා. එදා විපක්ෂය රට පාවා දෙන කොට ඊට එරෙහි වෙච්ච ජන මතය අවභාවිතා කරලා ආපු ආණ්ඩුව අද රට පාවලා දෙනවා. අද විපක්ෂය මැරිලා ඉපදීලා වගේ ඊට එරෙහි වෙනවා.
පැහැදිලිවම, රාජපක්ෂ ආණ්ඩුව, සජබ, ජවිපෙ, ශ්‍රීලනිප එකට එකතු වෙලා තොත්ත බබා නාටකය රඟ පානවා. හැබැයි මේ තොත්ත බබ්බු දන්නේ නැහැ ජනතාව දැන් ‘පැහිලා’ කියලා.
.
රාජපක්ෂලා විදේශ කොම්පැනි වලින් කොමිස් අරන් ගිවිසුම් අත්සන් කරනවා. ඊට පස්සේ තමන්ගේ ඇමතිවරු කල්ලි දෙකකට වෙන් කරලා, එක කල්ලියකට කියනව ගිවිසුමට විරුද්ධ වෙයල්ලා කියලා. අනිත් කල්ලියට කියනව ගිවිසුමට පක්ෂ වෙයල්ලා කියලා.
චීන පොහොර, ඉන්දියන් පොහොර පක්ෂ/විපක්ෂ කතාත් මේ නාටකයේ කොටස්.
ආණ්ඩුව චීනෙන් ණය ඉල්ලනකොට, ආණ්ඩුව ඇතුළෙන්ම ඉන්දියාවට පහර දෙනවා.
ආණ්ඩුව ඉන්දියාවෙන් ණය ඉල්ලනකොට, ආණ්ඩුව ඇතුළෙන්ම චීනෙට පහර දෙනවා. මිනිස්සු ඉන්ටවල් එකේදිම නැගිටලා යනව. අන්තිම දුර්වලයි තිර නාටකය.
යුදඟනවි ගිවිසුම ආණ්ඩුවම ජේවීපී එකට දීල ජනතාව ඉස්සරහට යවනවා. යුදඟනවි ගිවිසුම ගැන උසාවිය දෙන්න ඕනේ තීන්දුව දෙයි. ජනතාව දැන් ‘පැහිලා’ හින්ද පක්ෂ/විපක්ෂ දේශපාලන තොත්ත බබා නාටක වලට රැවටෙන්නේ නැහැ. අනික ජනතාවට දැන් තියෙන බරපතලම ප්‍රශ්ණය ගෑස් සහ ආහාර.
/
Champa / December 16, 2021
ඊළඟ ආණ්ඩුව හදන්න ජනතාව ජේවීපී එකට චන්දෙ දෙයිද? මොන පිස්සුද? ජේවීපී කියන්නේ ආගමක් දහමක් නැති පක්ෂයක්. හොඳට තියෙයි බලය දුන්නොත්. ගෝඨාභය කළා වගේ, බලයට ආවට පස්සේ ඉස්සෙල්ලම පහර දෙන්නේ තමන්ව බලයට ගෙනාපු සිංහල බෞද්ධයන්ට.
අනිත් එක ජේවීපී, සජබෙ, ශ්‍රීලනිප උඩට ගන්න හදන්නෙත් රාජපක්ෂලාමයි.
.
එතකොට කාටද චන්දෙ දෙන්නේ කියලා අහන පිරිසකුත් ඉන්නවා.
ඇත්තටම අනාගත නායකත්වයට සුදුසු කවුරුවත් නැත්ද? මොකොද නැත්තේ ඉන්නවා.
රටේ අනාගතය බය නැතුව බාර දෙන්න පුළුවන් සිංහල බෞද්ධයන් අට දෙනෙක් මම දකිනවා. දේශපාලනයට කිසි සම්බන්ධයකුත් නැහැ. ඔක්කොම පිරිමි. 1948 ඉඳන් බලය ගන්න බෞද්ධයෝ වෙච්ච පාලකයෝ වගේ නෙමෙයි, මේ අය නියම බෞද්ධයෝ.
අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුදු 2-3 ඇතුලේ ලංකාවේ වෙනසක් වෙනව. නමුත්, ඒ වෙනසට පාර හැදෙන්නේ මහා විනාශයකට පස්සේ, ඒ කියන්නේ මුහුද ගොඩ ගලලා, මහා වැසි වැටිලා, ගංවතුර ගලලා, ගිනි ගැනීම්, පිපිරීම් ඇතිවෙලා වෙන්නත් පුළුවන්.
හරියට දන්නේ නැහැ.
හොඳින් හෝ නරකින් රාජ්‍ය පාලනය වෙනස් වෙන්න පුළුවන්. ඒකට හේතුව ඊළඟ අවුරුද්දේ ලංකාවේ සිංහල බෞද්ධයන්ට බරපතල හානිකර යමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනව.
උප්පැන්න සහතිකෙන් සිංහල ජාතිය ඉවත් කරලා, 2020න් පස්සේ සිංහල කියල ජාතියක් ලංකාවේ හිටියේ නැහැ කියලා අනාගතේ පෙන්වන්න හදපු රාජපක්ෂලා, සමහර විට ඊළඟ ජන සංගණනයේදී සිංහල බෞද්ධ ජනගහනය අඩු කරලා පෙන්වන්න පුළුවන්. ඒ හින්ද ඒ ගැන ඇස් අරගෙන සිටිය යුතුයි.
/
Champa / December 16, 2021
තව ටිකක් ලියන්න තියෙනව.
සඳ හිරු සෑය ගැනත් කියන්න හිතුව. සඳ හිරු සෑයෙන් සිහිපත් කරන්නේ රුධිරය සහ මරණය. මේක විවෘත කලාට පස්සේ ඉස්සෙල්ලම ඇහුනේ ගෙවල්වල ගෑස් සිලින්ඩර පිපිරෙන එක. සඳ හිරු සෑයේ මුලින්ම නිධන් වස්තු තැන්පත් කරන කොට පාවිච්චි කරලා තියෙන්නේ කොටි සංවිධානය ළඟ තිබ්බ රත්තරන් කියලා මිනිස්සු ඒ දවස්වල කිව්වා. මේ සෑය මුල් වතාවේ හදා ගන්න බැරි වුනාලු.
කොටි සංවිධානයේ ලේ තැවරුණු රත්තරන් නිධන් කරලා හදපු සෑය බුදු දහමට කරපු නින්දාවක්. අනුරාධපුර ශුද්ධ භූමියත් කිලිටි කළා. කොටි සංවිධානයේ රත්තරන් රාජපක්ෂලා බෙදා ගෙන. ඒ රත්තරන් අයිති උතුරේ දෙමල කාන්තාවන්ට. කොටි, ඒව එක්කෝ කප්පම් විදිහට නැත්නම් පැහැර ගත්ත හෝ මිනිමරලා අයිති කරගත්ත රත්තරන්. කොටි පරාජය කලාට පස්සේ රාජපක්ෂලා ඒ රත්තරන් නැවත උතුරේ දෙමල කාන්තාවන්ට නොදී වංචා කරපු එක නින්දා සහගතයි.
.
එන්නත් ගැනත් කියන්න ඕනේ. මෙහෙමයි.
එන්නත් හදන කිසිම කොම්පැනියක් කියලා නැහැ එන්නත ගත්තට පස්සේ කොරෝනා හැදෙන්නේ නැහැ කියලා.
පලවෙනි එන්නත හැදුවේ මුල් කොරෝනා ප්‍රභේදය වේගයෙන් පැතිර යන එක නවත්තන්න. දෙවෙනි එකෙන් ප්‍රතිශක්තිය. තුන්වෙනි බූස්ටර් එන්නත කලින් තිබ්බ ප්‍රතිශක්තිය වැඩි කරන්න. මේ එන්නත් තුනම ගත්ත අයටත් ඕමක්‍රන් හැදිලා තියෙනව.
ඕමක්‍රන් වේගයෙන් පැතිරිලා යනව. මුහුණු ආවරණ නැතුව ගමන් යන්න එපා.
අපේ පැරැන්නෝ පොල්කිරි පාවිච්චි කලේ සියලු විෂ නසන බෙහෙතක් විදිහට. උදේට සීතල වතුර නාන්න. සීතල වතුර හොඳ ‘බූස්ටර්’ එකක්. ඉඟුරු කොත්තමල්ලි, සමහන් රස්නෙන් බොන්න.
/
leelagemalli / December 17, 2021
It is no fair to put the blame on entire JVP, it was the situation made to occur. Srilankens would not care much abou tthe VALUE of a human life. They have been barbarians from the day one. If srilankens were not freed from COLONIAL masters, it would have achieved a lot by now.
/