30 September, 2020

Blog

අපේ‍්‍රල් 5: දකුණ හෙල්ලූ දවස හා එහි උරුමය

දයාපාල තිරාණගම

දයාපාල තිරාණගම

දයාපාල තිරාණගම

දේශපාලනය තුළ වන ජාතිකවාදී හැඟීම් වෙත වූ ආශයේ ගැඹුරු මූලයන් අප සිතන ආකාරයට, ඕනෑම දේශපාලන ඒකකයක් තුළ එක් තනි සංස්කෘතියක සමජාතීත්වය කෙරෙහි යොමු වූ සහ එකී සංස්කෘතියට නුපුරුදු වූවන් හෝ ඊට අනුගත කරගත නොහැකි වූවන් අපහසුකාරී හා වේදනාකාරී දෙවන පංතියේ තත්වයකට පිරිහෙලීමට යොමු වූ, නූතන මිනිසාගේ ජීවන රටාව තුළ ගැබ් වී තිබේ – (අර්නස්ට් ගෙල්නර්, ජාතිකවාදය, පිටු.102-3,1998)

හැඳින්වීම

1960 දශකය මැද භාගයේ විප්ලවවාදී මනෝභාවයන් විසින් ශ‍්‍රී ලංකාවේ තරුණ පරම්පරාව සිය ග‍්‍රහණයට ගනු ලැබීය. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලවල මෙම මනෝභාවය පැතිරී ගියේය. එකල විවිධ විප්ලවවාදී සංවිධාන විශාල ප‍්‍රමාණයක් පැන නැගී තිබුණු අතර කෙසේ වූවද මෙම විප්ලවවාදී ප‍්‍රවාහයේ ඉදිරියෙන්ම සිටියේ තරමක් දුරවබෝධ එමෙන්ම කැරිස්මැටික චරිත ලක්ෂණවලින් යුක්ත නායකයෙක් වූ රෝහණ විජෙවීර විසින් නායකත්වය දුන්, පසුව ජනතා විමුක්ති පෙරමුණ ලෙස ප‍්‍රකට වූ ව්‍යාපාරයයි. සිංහල තරුණ ජනයා අතර වූ වඩාත්ම සාර්ථක, වඩාත්ම බැරෑරුම් සහ වඩාත්ම අධිෂ්ඨානශීලී ව්‍යාපාරය වූයේ එයයි.

විශ්ව විද්‍යාලවල වූ ඔවුන්ගේ ජන පදනම අතිශය ප‍්‍රබල වූ අතර එලැඹෙන විප්ලවයකට පක්ෂව ඔවුහු ප‍්‍රසිද්ධියේ තර්ක ගෙන හැර දැක්වූහ. එම තර්කවල වූයේ දේශපාලන ඒත්තු ගැන්වීමකට වඩා සදාචාරමය ඒත්තු ගැන්වීමකි. එක්කෝ ඔබ විප්ලවයේ කොටස්කරුවෙක් විය යුතුය. නැතිනම් ඊට විරුද්ධ විය යුතුය. ඔබ ඊට විරුද්ධ නම් ඔබව ලකුණු කරගැනෙන අතර ඔබ ඝාතන ලැයිස්තුවට ඇතුලත් වීමට එය හේතුවකි. මා අරභයා ඔවුහු ප‍්‍රසිද්ධියේ මරණ දණ්ඩනය ප‍්‍රකාශ කොට තිබුණි. ඒ මා ප‍්‍රසිද්ධියේ ඔවුන්ට අභියෝග කොට තිබූ නිසාය. ඔබේ මිතුරන් එක් වරෙම සතුරන් බවට පත්වේ. විප්ලවයේ සතුරන්ට දඬුවම් පමුණුවනු ලැබේ. විප්ලවවාදී රැුල්ල කෙතරම් ප‍්‍රබල වීද යත් පළමු වතාවට විශ්ව විද්‍යාලවල වූ වෙනත් විප්ලවවාදී කණ්ඩායම් සංඛ්‍යාත්මකව අබිබවා යාමට ජවිපෙ සමත් වී තිබුණේය.1970 දී පැවැති කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සභා නිලවරණය ජයගත්තාට පසු එම විශ්ව විද්‍යාලයේ ජවිපෙ නායකයා අනාගතය තමුන් බවට උදම් ඇනුවේය. ඔහු පොළඹවන සුලු හා උද්යෝගීමත් ලෙස කථා කළේය. වසරකට පසු යාපනය බන්ධනාගාරයෙන් රෝහණ විජේවීරව නිදහස් කරගැනීමට උත්සාහ කිරීමේ දී හෙතෙම මරුමුවට පත්විය. ඔහු සිය ජීවිතය කැප කළ ව්‍යාපාරය ද ඔහු මෙන්ම අසාර්ථක විය. වසර හතලිස් පහකට පසු ඔවුන් අත්පත් කරගැනීමට අපේක්ෂා කළ බල ක්ෂේත‍්‍රයෙන් පිටමංගතව එම ව්‍යාපාරය පූර්ණ වශයෙන් සිංහල බෞද්ධ ප‍්‍රපංචයක් ලෙස ඉතිරි වී තිබේ. එය තුළ ගැබ්ව තිබුණේ සුලුතර වාර්ගික ප‍්‍රජාවන් බැහැර කළ, වතුකරයේ දෙමළ කම්කරු පංතිය ඉන්දියාවට ගැති ප‍්‍රතිගාමීන් හා ඉන්දියාවේ ඒජන්තයින් ලෙස හංවඩු ගැසීමට පවා සීමාන්තික වූ කම්කරු පංති විප්ලවයක් පිළිබඳ දැක්මකි.

Wijeweera1971 අපේ‍්‍රල් 5 වන දා මධ්‍යම රාත‍්‍රියේ විප්ලවය ආරම්භ වූ අතර එය සිංහල ජනයා ජීවත් වූ ප‍්‍රදේශවලට සීමා වූයේය. විප්ලවවාදී උපාය මාර්ගයේ කොටසක් ලෙස වසර කිහිපයකට පෙර පරිකල්පනය කරනු ලැබූ ලෙස දිවයින පුරා වූ පොලිස් ස්ථාන වෙත කෙරෙන සමාන්තර පහර දීම් සමුදායකින් විප්ලවයේ ආරම්භය සමන්විත වී තිබිණ.

1987-89 කාලය තුළ ජවිපෙ සන්නද්ධ අංශය වාමාංශික නායකයින් මෙන්ම වෘත්තීය සමිති ක‍්‍රියාධරයින් ඝාතනය කිරීමේ ව්‍යාපාරයක් ඇරඹීය. සිංහල ස්වෝත්තමවාදී පදනමක් මත ගොඩනැගුණු එය ශ‍්‍රී ලංකාව තුළ විසම්මුතික දේශපාලන මත හා වෙනත් සංස්කෘතීන්ට හා ආගම්වලට අයත් මනුශ්‍යයන්ගේ පැවැත්ම පවා නුරුස්සන සුලු දේශපාලන බලවේගයක් ලෙස පවතී.

වෙනත් ප‍්‍රජාවන් බැහැර කරන සුලු ජාතිකවාදය වූ කලී ජවිපෙ ජානවල ගැඹුරින් නිධන්ගතව පවතින්නකි. එය විසින් අද පවා ඔවුන්ගේ දේශපාලන ව්‍යවහාරය හැඩගස්වනු ලැබේ. ඒ අනුව ‘නිර්ධන පංති ජාත්‍යන්තරවාදය’ වෙත කැප වී ගන්නා ගමන් බහුතරවාදී වාර්ගික ජාතිකවාදය ප‍්‍රවර්ධනය කරන දෙබිඩි හා ප‍්‍රතිවිරෝධී ස්ථාවරයක් ගැනීමට ඔවුන්ට සිදුවී තිබේ. පශ්චාත් ලාංකීය දේශපාලනය තුළ මතු වූ බරපතලම ප‍්‍රශ්නය වන වාර්ගික සුලුතරයන්ගේ අයිතීන් පිළිබඳ ප‍්‍රශ්නයට ඔවුන්ගේ පිළිතුර නම් සමාජවාදී විප්ලවය එලැඹෙන තෙක් බලාසිටීමය. ස්වකීය මැතිවරණ පදනම පුලුල් කරගැනීම, ලාංකීය ජනයා මුහුණ දී සිටින සැබෑ ප‍්‍රශ්න හා අභියෝග ආමන්ත‍්‍රණය කිරීම හෝ ඡන්දදායකයන් පෙළඹවීම ආදී කිසිදු හේතුවක් නිසා ජාතික ප‍්‍රශ්නය ගැන ඔවුන්ගේ ඉහත කී දැක්ම වෙනස් වී නොමැත. ජවිපෙ දෘෂ්ටිවාදීමය හා දේශපාලනික ප‍්‍රකාශනය විච්ඡේදනය කිරීම මගින් මීට හේතුව හඳුනා ගත හැක.

වාර්ගික ජාතිකවාදයේ මූලයෝ

එහි ආරම්භයේ සිටම ජවිපෙ දේශපාලන ස්ථාවරයන්ගේ මෙම පරස්පර විරෝධී හා සමනය කළ නොහැකි ලෙස ප‍්‍රතිවිරෝධී වූ ප‍්‍රහේලිකාව තුළ සිර වී සිටී. මෙම න්‍යායික අවුලේ මූලික වගකීම එම ව්‍යාපාරයේ නිර්මාතෘ සහ අවිවාදාත්මක නායකයා වූ රෝහණ විජේවීර වෙත පවතී. ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් ඔහු ඝාතනය කරනු ලැබ වසර 27 ක් ගත වී තිබිය දීද පක්ෂය මත වූ ඔහුගේ බලපෑම වෙනස් වී නොමැත.

දේශපාලන පක්ෂයක් ගොඩනැගුණු ආකාරය, ජීවිතය හා ලෝකය පිළිබඳ එහි සංකල්පනය, එහි වර්තමානය හා අනාගතය අවබෝධ කරගැනීමේ දී ඇතැම් විට තනි පුද්ගලයෙක්ගේ දේශපාලන චරිතාපදානය අත්‍යවශ්‍ය වනු ඇති බවට ග‍්‍රාම්ස්චි දැක්වූ අදහස පිලිබඳ වන කදිම පැහැදිලි කිරීමකි ජවිපෙ මත වන විජේවීරගේ දිගු සෙවණැල්ල.

රෝහණ විජේවීරගේ සැබෑ නම නන්දසිරි වූ අතර ප‍්‍රසිද්ධ දේශපාලනයට ප‍්‍රවිෂ්ට වූ තැන් සිට හෙතෙම ‘රෝහණ’ යන නම භාවිතා කරන්නට වන්නේය. සිංහල බෞද්ධ දෘෂ්ටිවාදී හා දේශපාලන සැකැස්ම තුළ ‘රෝහණ’ යන නම දෙමළා මත සිංහලයා ලද ජයග‍්‍රහණයන් පිළිබඳ වූ හැඟවුමකි. සිංහල වංශකථාවක් වන මහාවංශයට අනුව රෝහණ රාජධානියේ දුටුගැමුණු අනුරාධපුරය අල්ලා ගැනීමෙන් ඉක්බිති දෙමළ නරපතියෙක් වූ එළාර පරාජය කළේය. නම පිළිබඳ ඔහුගේ වරණය සහ 1989 දී ඔහුව අල්ලා ගැනීමට පෙර ඔහුගේ ක‍්‍රිස්තියානි භක්තික භාර්යාවට තම දරුන්ගේ ආගම වෙනස් නොකරන ලෙසට ඔහු ලබා දුන් උපදෙස ( මෙම කරුණ මෑතක දී චිත‍්‍රාංගනී විජේවීර විසින් හෙලිදරවු කොට තිබිණ) විජේවීරගේ විශ්වාසයන් හා භක්තීන් ඔහුගේ පක්ෂය හැඩගැස්වීම කෙරෙහි බලපෑ ආකාරය වටහා ගැන්ම සඳහා වන කදිම ආලෝකයකි. විශේෂයෙන්ම ‘මාක්ස්වාදී’ පක්ෂයක් ස්වකීය දේශපාලන වැඩසටහන බැහැර කිරීමේ හා වර්ගවාදයේ පදනම මත පිහිටුවන විට සහ වාර්ගික බහුතරයේ ආධිපත්‍යධාරී ඉල්ලීම් සිය දේශපාලන න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛ තැනක පිහිටුවන විට මෙය වඩාත් වැදගත්ය.

මෙම ක‍්‍රියාවලිය වඩාත් ප‍්‍රකටව පෙනෙන්නේ එම ව්‍යාපාරයේ සුප‍්‍රකට පංති පහේ එක් පංතියක් වූ ‘ඉන්දීය ව්‍යාප්තිවාදය’ නම් වූ පංතියේ අන්තර්ගතය තුළින්ය. එය ඉන්දීය සම්භවයක් සහිත වතුකරයේ දෙමළ ජනයා ප‍්‍රතිගාමී ප‍්‍රපංචයක් ලෙස හුවා දැක්වූ අතර එම නිසා විප්ලවයේ කොටස්කරුවන් වීමට සුදුසුකම් රහිත ප‍්‍රජාවක් ලෙස සලකනු ලැබීය. ඉන්දීය ව්‍යාප්තිවාදය පිළිබ`ද සංකල්පනය අනුව වතුකරයේ දෙමළ ජනයා ශ‍්‍රී ලංකාවට නොව ඉන්දියාවට පක්ෂපාතී වූවන් ලෙස අර්ථ දැක්විණ. විප්ලවයෙන් පසු ඔවුන් නැවත ඉන්දියාවට යා යුතු බවට අදහස් ඉදිරිපත් කෙරිණ.ලංකාව තුළ සමාජීයව, ආර්ථිකව හා අධ්‍යාපනිකව වඩාත්ම අවවරප‍්‍රසාදිත ප‍්‍රජාව වූ වතුකරයේ දෙමළ ජනයා ඒ අනුව විප්ලවයෙන් බැහැර කරනු ලැබීය. එම ජනයා කෙරෙහි ජවිපෙ දැක්වූ ආකල්පය හුදෙක් එම ප‍්‍රජාවගේ පක්ෂපාතීත්වය සැක කිරීමක් පමණක් නොව ප‍්‍රජාවක් ලෙස ඔවුන්ගේ පැවැත්ම ප‍්‍රශ්න කරන සුලු එකක් වූයේය. මෙම වෙනස් කොට සැලකීමේ ප‍්‍රතිගාමී ආකල්පය ප‍්‍රකට වන තවත් අවස්ථාවක් නම් රටේ උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවත් වන දෙමළ ජනයා අතර දේශපාලනයේ යෙදීම ඔවුන් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමය.

අප්‍රෙල්් කැරැුල්ල දිවයිනේ දකුණු දිග ප‍්‍රදේශවල පමණක් පැන නැගී කඳුකර ප‍්‍රදේශ, උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල ඇති නොවීමට හේතුව මෙයයි. දකුණු ලංකාවේ ස්ථානගතව තිබූ විප්ලවීය අපි කේන්ද්‍රයේ බලපෑම ඉහත කී අනෙක් ප‍්‍රදේශවලට ලගා නොවීය. කෙසේ වූවද කැරැුල්ල අවස්ථාව වන විට සිරගත කොට සිටි විජේවීර නිදහස් කරගැනීම සඳහා යාපනය බන්ධනාගාරයට හුදෙකලා හා අසාර්ථක පහර දීමක් නම් සිදුවූයේය.

වතුකරයේ දෙමළ ජනයා ඉන්දියාවට පක්ෂපාතී ප‍්‍රතිගාමී ප‍්‍රපංචයක් බවට වූ විජේවීරගේ නිගමනය හුදෙකලා තර්කයක් නොවීය. පුලුල් දෙමළ ප‍්‍රජාව කෙරෙහි ඔහු සමාන දේශපාලන ආස්ථානයක් වර්ධනය කළේය. ලාංකීය දෙමළ ජනයා දිගින් දිගටම පීඩාවට පත් වූ ජන ප‍්‍රජාවක් වන අතර එක්සත් ශ‍්‍රී ලංකාවක් තුළ සමානත්වය ඉල්ලූ හැම විටෙම එම ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අභිලාෂයන් ප‍්‍රචණ්ඩ ලෙස මැඩ පැවැත්විණ. ජවිපෙ පිහිටවූ යුගය යනු ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික වාමාංශය උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අභිලාෂයන් සඳහා එම ව්‍යාපාරය විසින් ගෙන ගිය අරගලය අත් හැර දමා තිබූ යුගයකි. කම්කරු පංතියේ විප්ලවවාදී අරගලය අත් හැර දැමීම සම්බන්ධයෙන් ජවිපෙ පැරණි වාමාංශය කෙරෙහි දැඩි ලෙස විවේචනාත්මක වූවද දෙමළ ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් සඳහා වූ අරගලය අත්හැරීම ගැන නම් එය පැරණි වාමාංශය වෙත කිසිදු විවේචනයක් ඉදිරිපත් නොකළේය. වතුකරයේ දෙමළ ජනයා සහ උතුරු නැගෙනහිර දෙමළ ජනයා විෂයෙහි වූ ජවිපෙ දේශපාලන ආස්ථානය බහුත්වවාදී ප‍්‍රජාතන්ත‍්‍රයකින් යුක්ත ශ‍්‍රී ලංකාවකට එරෙහි බහුතර ජනවර්ගයේ අභිලාෂයන් ක‍්‍රමවත් ලෙස ආරක්ෂා කරනු ලබන වාර්ගික ජාතිකවාදී රාමුවක් වර්ධනය කිරීම සඳහා දායක වී තිබේ.

බලය බෙදීමට එරෙහි යුද්ධය

1987-89 යුගයේ ජවිපෙ කැරැුල්ල එය පීඩිත ජනයා වෙනුවෙන් අරගල කිරීම පිළිබඳ අදහසෙන් මොන තරම් ඈත්ව සිටියාද යන්න විදහා දක්වන්නකි. එය දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය නම් ව්‍යාපාරයක් ප‍්‍රකාශයට පත් කළ අතර මේ වූ කලී ජවිපෙ සන්නද්ධ අංශය විය. උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනයාට බලය බෙදීම සඳහා ඉදිරිපත් වූ 13 වන සංශෝධනයට සහය දැක්වූ පිරිස් දඩයම් කිරීම හා මරා දැමීම මෙම ‘දේශපේ‍්‍රමී’ ව්‍යාපාරය විසින් භාරගත් කටයුත්තක් විය. කිසිදු අනුකම්පාවකින් තොරව එය ප‍්‍රාදේශීය වාමාංශික නායකයින් හා වෘත්තීය සමිති ක‍්‍රියාධරයින් මරා දැම්මේය. දෙමළ ජනයාගේ දුක්ගැනිවිලිවලට විසඳුමක් ලෙස බලය බෙදීමේ පැකේජයක් ඉදිරිපත් කිරීම මත එය ආණ්ඩුවට එරෙහි යුද්ධයක් ප‍්‍රකාශයට පත්කළේය.

ආණ්ඩුව සමස්ත ජවිපෙ නායකත්වය සමූලඝාතනය කළ අතර එම පක්ෂයේ සන්නද්ධ කේඩරය මරා දැම්මේය. කෙසේ වූවද 1990 ගණන්වල මුල නැවත ප‍්‍රතිසංවිධානය වන්නට සමත් වූ එම ව්‍යාපාරය නැවත ස්වකීය වාර්ගික-ජාතිකවාදී දේශපාලනයට පණ දුන්නේය. ප‍්‍රතිසංවිධානය වූ ජවිපෙ 1956 දේශපාලන පරිවර්තනයෙන් පසු උදා වූ සිංහල බෞද්ධ දේශපාලන පුනර්ජීවනයේ සටන්කාමී නියෝජිතයා ලෙස ඉදිරියට ආවේය. එය උතුරු නැගෙනහිර යුද්ධයට සහය දැක්වූ අතර සාමකාමී විසඳුමකට ඇති හැකියාව බැහැර කළේය. අද එල්ටීටීඊ සංවිධානය සම්පූර්ණයෙන්ම අතු ගා දමනු ලැබූ තත්වයක් තුළ වුව එම විරුද්ධත්වය එලෙසම පවතී. දෙමළ විමුක්ති අරගලයේ මුල් යුගයේ ප‍්‍රගතිශීලී සටන්කාමී සංවිධාන සන්ධානගත වීම සඳහා දකුණේ ක‍්‍රියාත්මක දේශපාලන ව්‍යාපාර වෙත යොමු වූ නමුදු ජවිපෙ සම්බන්ධව ගත් විට දෙමළ විමුක්තිය කෙරෙහි වූ ඔවුන්ගේ දේශපාලන ආස්ථානය එබඳු සන්ධානයකට කිසිදු ඉඩක් තැබුවේ නැත. එවැනි සන්ධානයක් ඇති වූවා නම් ශ‍්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය බරපතල ලෙස පරිවර්තනය වන්නට ඉඩ තිබුණි.

ඒ වෙනුවට යුද්ධය අවසන් කරන ලෙස ඉල්ලා සිටියේ හා මානව හිමිකම්වල වැදගත්කම අවධාරණය කළේ සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධානය. ජවිපෙ එම කතිකාවේ පාර්ශවකරුවෙක් නොවීය. එම පක්ෂය අවධානය යොමු කළේ යුද්ධය ජයගත යුතු ආකාරය පිළිබඳ අනුගාමී ධනේශ්වර ආණ්ඩුවලට උපදෙස් ලබාදීම කෙරෙහිය. 1987-89 කාලයේ දියත් වූ අධිකරණ පටිපාටියෙන් බාහිර මිනීමැරුම් ආදී රාජ්‍යයේ අතිශය කෲර මර්දන ක‍්‍රියාවන්ට ජවිපෙ එක්තරා යුගයක ගොදුරු වී තිබුණද ආරක්ෂක හමුදා ඒ ආකාරයේම කෲර මර්දනයක් තරුණ දෙමල පිරිස්වලට එරෙහිව යොදවන විට ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් දැක්වූයේ ජවිපෙ නොවේ. ඒ හුදෙක් එවැනි විරෝධයක් දැක්වීමට අවහ්‍ය බුද්ධිමය සම්පත් ඔවුන් සතු නොවූ නිසා නොවේ. එසේ කිරීම සැබැවින්ම ඔවුන්ගේම අභිලාෂයන්ට එරෙහිව යාමක් විය හැකිව තිබුණි.

ජවිපෙ තවමත් දෙමළ ජනයා වෙත බලය බෙදීම කෙරෙහි දක්වනුයේ අශමනීය විරෝධයකි. සැබෑ සමාජවාදී ආණ්ඩුවක් පත් වන තෙක් සුලුතරයන්ගේ දුක්ගැනිවිලි වලට වෙනත් අතරමැද විසඳුමක් පැවැතිය හැකි යැයි එය විශ්වාස නොකරයි. ගැඹුරු ලෙස මුල් බැස ගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංස්කෘතියක් නොමැති පසුබිමක් තුළ මෙබඳු ආස්ථානයන් ඉතා පහසුවෙන් දෝංකාර දෙන අතර වෙනත් විවිධ රටවල අත්දැකීම් විසින් ද පෙන්වා දෙන පරිදි ඉතා පහසුවෙන් එය වඩා මර්දනකාරී තත්වයන් වෙත පාර කැපීමේ හැකියාවෙන් යුක්තය.

වර්තමාන රජය උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනයා සමග ප‍්‍රතිසන්ධානය ඇති කරගැනීම සඳහා වූ ක‍්‍රියාමාර්ගවල එලැඹ සිටී. මෙකී ක‍්‍රියාමාර්ග මහත් දුෂ්කරතාවලට මුහුන දීමට නියමිතය. දෙමළ ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රීය අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම සඳහා වඩා ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රතිපත්තිමය තීරණ වෙත එලැඹීම අවශ්‍ය කරනු ඇත. ඒ සඳහා වූ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වෙත එලැඹීමට රජය උත්සාහ කරයි. ජවිපෙ මේ සම්බන්ධව මන්දෝත්සාහී ආකල්පයක් දක්වන අතර මෙම ක‍්‍රියාමාර්ග අවබෝධ කරගැනීම ප‍්‍රතික්ෂේප කරයි. මෑතක පැවැති විවාදයක දී දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යස්ථ පාර්ශවයේ සාමාජිකයෙක් ලෙස සැලකෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්දිරන් පහත වචනවලින් මෙම නිෂ්ක‍්‍රීයභාවය පැහැදිලි කළේය. ‘‘මා මිත‍්‍ර, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගරු අනුර කුමාර දිසානායක දෙමළ ජනයා මුහුණ දී සිටින ප‍්‍රශ්න ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධ ප‍්‍රශ්න නොව දෛනික ජීවිතයේ ප‍්‍රශ්න බව, එනම් ආර්ථික දුෂ්කරතා, රැුකියා අවස්ථා අහිමි වීම ආදී ප‍්‍රශ්න බව ප‍්‍රකාශ කළා. අපගේ ජනයා මේ ප‍්‍රශ්නවලින් පීඩා විඳිනවා. විශේෂයෙන්ම ඔවුන්ට මුහුණ දීමට සිදුවූ කෲර යුද්ධයෙන් පසු මේ ප‍්‍රශ්න වඩාත් තීව‍්‍ර වී තිබෙනවා. ඉන් ගොඩ ඒම ඉතාම දුෂ්කරයි. වෙනත් හේතු අතර දේශපාලන අධිෂ්ඨානයක් නොමැතිකම නිසා අපගේ ජනතාව විශාල වශයෙන් දෛනික ප‍්‍රශ්නවලින් පීඩා විඳිනවා. එහෙත් අපගේ ජනයා මුහුණ දී සිටින මූලික ප‍්‍රශ්නය එය නොවේ. වෙනත් ප‍්‍රශ්න සම්බන්ධයෙන් බොහොම ප‍්‍රගතිශීලී අදහස් හා කරුණු ඉදිරිපත් කරන ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයකට මෙය නොවැටහීම ගැන මා කණගාටු වෙනවා’’ ( ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් සඳහා වූ යෝජනාව පිළිබඳ අදහස් – කලම්බෝ ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය ) බහුතරවාදී සිංහල බෞද්ධ රාජ්‍ය සැකැස්මක් තුළ දෙමළ ජනයා මුහුණ දී සිටින සුවිශේෂී භාෂාමය, ආගමික හා සංස්කෘතික ගැටලු හා නිදහස ලැබූ මොහොතේ පටන් දෙමළ ජනයාට මුහුණ දෙන්නට සිදුවූ දේශපාලන හිංසනයේ තීරණාත්මක ස්වභාවය වටහා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ කිසිවිටෙකත් සමත් නොවීය. මෙම සුවිශේෂී ප‍්‍රශ්නවලට සුවිශේෂී විසඳුම් අවශ්‍යයය.

ජවිපෙ හා ඉන් බිඳී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඉන්දියානු මූලය සහිත කවර හෝ දෙයක් කෙරෙහි ඇත්තේ අතිමහත් සැකයකි. මෙය රෝහණ විජේවීරගේ උරුමය තුළින් පැන නගින සංශයකි. ඉන්දියාව සමග ඇති කරගැනීමට යෝජිත ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (එට්කා ගිවිසුම) සම්බන්ධ විවාදයන් තුළ මෙකී සංශය පැහැදිලිව දැකගන්නට ලැබේ. මෙම ගිවිසුම පිළිබඳි සම්පූර්ණ තොරතුරු හෝ එම ගිවිසුමේ අන්තර්ගත කරුණු දැකගැනීමටත් පෙර ජවිපෙ හා පෙසප මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය වැනි වෙනත් සිංහල වර්ගවාදී බලවේග සමග සමගාමීව එකී ගිවිසුමට සිය විරෝධය පල කොට තිබේ. ඔවුන්ගේ විරෝධය මතු වන්නේ නව ලිබරල්වාදී වෙළඳාම ලිබරල්කරණය විෂයෙහි නොව ඉන්දියාව සමග කවර හෝ ආකාරයක ගිවිසුමක් ඇති කරගැනීමට විරුද්ධ පදනමක් මතය.

සාරාංශය

සාමාන්‍ය ජනයාගේ අභිලාෂයන් සහ සියලු දෙනාගේ සමාජ හා ආර්ථික සාධාරණත්වය වෙනුවෙන් වාමාංශය පෙනී සිටිය යුතු වූවද ජවිපෙ යොමුව තිබෙන්නේ අවවරප‍්‍රසාදිත ජන ප‍්‍රජාවන් බිල්ලට දී සිය දේශපාලන අරමුණු ඉටු කරගැනීම කෙරෙහිය. සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් තර්ක කරන අතරම, ජවිපෙ ජනවර්ගය හා ආගම මත ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රමික පංතීන් බෙදනු ලබයි. සිංහල ශ‍්‍රමික පංතියේ ජනයා වෙනුවෙන් පෙනී සිටින බව ප‍්‍රකාශ කරන අතරේම ඔවුන් සිංහල වාමාංශික නායකයින්ගේ, වෘත්තීය සමිති නායකයින්ගේ හා ක‍්‍රියාධරයින්ගේ රුධිරයෙන් සිය දෑත් පොගවා ගත්තෝය.

සිංහල වාර්ගික ජාතිකවාදයෙන් දුරස් වී ගැනීමට අසමත් වන තුරු තම පක්ෂය නිර්ධන පංතික ජාත්‍යන්තරවාදයේ පක්ෂයක් යැයි කියා ගැනීමට ජවිපෙට නුපුලුවන. ස්වකීය මෑතකාලීන ඉතිහාසය හා අභිමුඛ වීමට හා එය ප‍්‍රශ්න කිරීමට එය කිසිවිටෙකත් උත්සාහ කලේ නැත. එවැනි දෙයකට ඉදිරිපත් වූ අය එම පක්ෂ සංවිධාන ව්‍යුහයෙන් පිටත සිටින්නා වූ තනි පුද්ගලයින් ලෙස පසුවෙති. 2011 දී ජවිපෙ ඇති වූ වඩාත්ම මෑතකාලීන බෙදීමෙන් පසු බිහි වූ මැතිවරණමය වශයෙන් බෙහෙවින් කුඩා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද විජෙවීරගේ සිංහල වර්ගවාදී සංකල්පයන්ගෙන් බිඳීමට අසමත් වී තිබේ. වඩාත්ම නරක දෙය නම් විශ්වසනීය තොරතුරු මගින් පෙන්නුම් කරනු ලබන ලෙස ජවිපෙ ක‍්‍රියාධරයින් ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට සමගාමීව වාර්ගක යුද්ධය තුළ සටන් කරනු ලැබ තිබීමය.

ශ‍්‍රී ලංකාව තුළ දේශපාලනය සුලභ වශයෙන් ජීවිතය හා මරණය අතර ප‍්‍රශ්නයක් වූ අතර ව්‍යාජෝක්තිය හා සැබෑ ක‍්‍රියාව අතර පරතරය අතිමහත්ය. දැන්, අපගේ රට, දශක ගණන් පැරණි හිංසනයේ චක‍්‍රයෙන් නිදහස්ව අලුත් රටක් ගොඩනැගීම සඳහා වූ දේශපාලනයක් වෙත යොමුව තිබෙන අවස්ථාවක ජවිපෙ තවමත් මායිමට වී නිෂ්ක‍්‍රීයව සිටී. බුද්ධිමය, දේශපාලනික හා සදාචාරමය නායකත්වය දීම සඳහා වාමාංශය පෙරට ආ යුතු මොහොත මෙයයි. එහෙත් සමාජවාදී විප්ලවය එලැඹෙන තුරු බලා සිටින ලෙස ඉල්ලා සිටිනු හැර අන් කිසිදු සංයුක්ත විසඳුමක් ජවිපෙ ඉදිරිපත් නොකරයි. බලය අල්ලා ගැනීම ස`දහා ඔවුන් විසින් කළ පූර්ව උත්සාහයන් අත් දුටු අය ලෙස එකී උත්සාහයන් අසාර්ථක වීම පිළිබඳ අප සතුටු විය යුතුය. ඒ ඝාතන භූමි නිර්මාණය කිරීම හා ගුලාග් කඳවුරු ඇති කිරීමට වැඩි දෙයක් ජාතික ප‍්‍රශ්නය විෂයෙහි ඉදිරිපත් කිරීමට ඔවුන්ට නැති බැවිනි. උතුරේ හෝ වේවා දකුණේ හෝ වේවා විමුක්තිදායකයින් ලෙස පෙනී සිටින්නවුන් ද පීඩකයින් වෙති යන තිත්ත පාඩම අන් කිසිවෙක්ටත් වඩා මේ රටේ වාර්ගික සුලුතර ප‍්‍රජාවන් විසින් අවබෝධ කොට ගෙන සිටිති.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.