20 April, 2024

Blog

රනිල් ජනාධිපති වීම වැළැක්වීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය 2005 ජනාධිපතිවරණය වර්ජනය කෙළේ කෙසේද? (1)

ඞී. බී. එස්. ජෙයරාජ්

ඞී. බී. එස්. ජෙයරාජ්

ඞී. බී. එස්. ජෙයරාජ්

‘‘එකම දෙය ඉතිහාසයේ දෙවරක් සිදුවන බව හේගල් යම් තැනක කියා ඇත. එහි දී ඔහුට කීමට අමතක වූ දෙයක් තිබුණි: එනම්, පළමුව එම සිදුවීම ඛේදවාචකයක් වශයෙනුත්, දෙවැනුව විගඩමක් වශයෙනුත් සිදුවන බව ය.’’  -කාල් මාක්ස්

රනිල් වික‍්‍රමසිංහ සම්බන්ධයෙන් ගත් විට, ශ‍්‍රී ලංකාවේ මෑත කාලීන සිදුවීමක් එහි අපේක්ෂිත මාර්ගයේ ගියොත්, එය ශ‍්‍රී ලංකා ඉතිහාසයේ පළමුව ඛේදනීය විගඩමක් වශයෙනුත්, දෙවැනුව විගඩම්කාරී ඛේදවාචකයක් වශයෙනුත් දිග හැරෙන සිද්ධියක් බව කිව හැකිය.

ලබන වසරේ මුල ජනාධිපතිවරණයක් අත ලඟ තිබියදී, කල් තියා පෙරදුටු තත්වයක ලකුණු මතුවෙන්ට පටන්ගෙන තිබේ. රාජපක්ෂ පාලනයේ ප‍්‍රචාරක කිණිසිවලින් කඩිමුඩියේ කපන්නටත්, ප‍්‍රථම ලේ හැලීම් කරන්නටත් පටන්ගෙන ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව පනවා තිබූ වාරණය යුරෝපා සංගමයේ පොදු අධිකරණය මගින් ඉවත් කිරීමට තීරණය කිරීමත්, රනිල් වික‍්‍රමසිංහ බි‍්‍රතාන්‍යයට ගිය ගමනත් ආණ්ඩුවේ ප‍්‍රචාරකවාදීන් මේ අවස්ථාවේ පාවිච්චි කරන්නේ, දෙමල ඩයස්පෝරාව සමග කූට සාංගමෙන් රනිල් වික‍්‍රමසිංහ එම තහනම ඉවත් කර ගැනීමට උපස්ථම්භක වී ඇති බවක් රටට පෙන්නුම් කිරීමටයි. එය රටේ ආරක්ෂාවට, භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීත්වයට හානියක් වන බව ආණ්ඩුවේ එම ප‍්‍රචාරය තුළ දැන් උඩ දැමේ.

ආණ්ඩුවේ ප‍්‍රචාරණයේ මූලික ගැම්ම සහ තේමාව වනු ඇත්තේ, බොහෝ විට, තරගයට ඉදිරිපත් වන ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර සන්සන්දනයක් කිරීමයි. එහි දී, ජනාධිපතිවරයා කෙරෙහි ප‍්‍රසාද චිත‍්‍රයක් නිර්මාණය කෙරෙන අතර විපක්ෂ නායකයාව පින්තාරු කෙරෙනුයේ නරකටයි. මහින්ද රාජපක්ෂ වීරයෙකු වශයෙන් සහ දේශපේ‍්‍රමියෙකු වශයෙනුත්, රනිල් වික‍්‍රමසිංහ ද්‍රෝහියෙකු සහ ජාති භ‍්‍රෂ්ටයෙකුත් වශයෙනි.

මේ සන්සන්දනය තුළ ඇති, ඇස්පනාපිට පෙනෙන අසාධාරණය සහ අයුක්තිය වනුයේ, රනිල් වනාහී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කූටාලි කම් කළ සිංහල ද්‍රෝහියෙකු යැයි කීම තුළ ඇති මහ බොරුවයි. 2005 ජනාධිපතිවරණයේදී රනිල්ට එරෙහිව ගෙන ගිය ප‍්‍රධාන ප‍්‍රචාරක නිමිත්ත වුණේ ඔහුගේ නමට ඈඳා ඉදිරිපත් කෙරුණු අලි-කොටි ගිවිසුමක් බව කාටත් මතක ඇති. මේ චෝදනාවෙන් කියැවුණේ, වික‍්‍රමසිංහව ජනාධිපති කැරැුවීමේ රහස් කුමන්ත‍්‍රණයක්, කොටි සංවිධානය සහ අලියාගේ පක්ෂය අතර ක‍්‍රියාත්මකව ඇති බවකි. මේ අලි-කොටි මිථ්‍යාව වැපිරූ ප‍්‍රධානියා වන්නේ මංගල සමරවීරයි. අද ඔහු සිටින්නේ රනිල් සමග එක්සත් ජාතික පක්ෂයේ ය.

ඇත්ත වශයෙන්ම ඒ ජනාධිපතිවරණයේ දී සිදුවුණේ එහි ප‍්‍රතිපක්ෂයයි. ජයග‍්‍රහණය කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග හොර ගිවිසුම් ගසා ඇති බවට චෝදනාවට ලක්වූ තැනැත්තාම කොටි කුමන්ත‍්‍රණයක බිල්ලක් වී එම ඡුන්දයෙන් පැරදුණි. දෙමළ ජනතාව බහුතරයක් ජීවත් වන පෙදෙස්වල, එල්.ටී.ටී.ඊ. සංවිධානයත්, දෙමළ ජාතික සන්ධානයත් ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී තිරයෙන් පසුපස සැඟවී සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානය, ප‍්‍රචණ්ඩත්වය සහ බිය ගැන්වීම් හරහා එම නියෝගය ක‍්‍රියාත්මක කෙළේය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් තිබුණි නම් මේ දෙමළ ජනතාවගෙන් අති විශාල සංඛ්‍යාවක් ඡන්දය පාවිච්චි කරනු ඇත්තේ රනිල් වික‍්‍රමසිංහටයි. වර්ජන ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් වශයෙන් දෙමළ ඡන්ද 250,000 ක් සහ 300,000 ක් අතර ප‍්‍රමාණයක් වික‍්‍රමසිංහට නොවැටී ගියේය.

ඡන්ද පාවිච්චි කෙරුණු රටාව

කරට කර තරගයක් වූ මේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ඡන්ද 48,87152 (සියයට 50.29) ලබා ගත් අතර රනිල් වික‍්‍රමසිංහ ඡන්ද 47,06366 (සියයට 48.43) ක් ලබාගත්තේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය ඡුන්ද වර්ජනයක් ගෙන නොගියේ නම්, මහින්ද රනිල් අතින් එදා පරාජය වනු ඇත. මේ ප‍්‍රදේශවල පාවිච්චි වූ ඡුන්ද වැටී ඇති රටාව දෙස බැලූ විට, දෙමළ සහ මුස්ලිම් බහුතරයක් ඡුන්දය පාවිච්චි කොට ඇත්තේ පැහැදිළිවම රනිල්ට බව පෙනී යයි. ඒ අනුව බලන විට, කුරිරු සරදමක් වන්නේ, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග රහස් ගිවිසුම් ගසා සිටියේ යැයි චෝදනා ලැබූ පුද්ගලයාව එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින්ම පරාජය කරනු ලැබීමයි.

මේ ලියුම්කරු එදා වර්ජනයක් දියත් නොකළ යුතු බවට අදහස් දැක්වූ එක් හුදෙකලා හඬක් විය. ඡන්දයෙන් ඇති කර ගත් ප‍්‍රතිඵලය යම් දවසක කොටි සංවිධානය වෙතම පාරාවළල්ලක් සේ කැරකී එනු ඇතැ යි, ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු මම ප‍්‍රසිද්ධියේ පෙන්වා දුනිමි. කොටි සහ කොටි හිතවාදී කොටස් කෙළේ, තමන්ට සුපුරුදු පරිදි එම අවවාදය බැහැර කරමින් මේ ලියුම්කරුට එරෙහි මාධ්‍ය ප‍්‍රහාරයක් දියත් කිරීමයි. අවසානයේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කොටි සංවිධානය විනාශ කර දැමීමෙන් සනාථ කෙළේ, එදා මේ ලියුම්කරු කියු දෙයයි.

අද නැවත වතාවක් රනිල් වික‍්‍රමසිංහව අභූත චෝදනාවකට ලක්කෙරෙන අවස්ථාවේ, වැඩි ඈතක නැති ඒ අතීත කතාව යළි සිහිපත් කර ගැනීම වැදගති.

එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉවත් කළ සහ ෆෙඩරල් ක‍්‍රමයක් ගැන පවා සාකච්ඡුා කිරීමට සූදානම්ව සිටි රනිල් වික‍්‍රමසිංහ ජයග‍්‍රහණය කිරීමට තිබූ එම අවස්ථාව කොටි සංවිධානය සහ දෙමළ ජාතික සන්ධානය එක් වී කඩාකප්පල් කෙළේ ඇයි? එය කෙළේ කෙසේද? කකුල් දෙකේ කොටින්ගේ විනාශයටම අවසානයේදී පාර කැපූ ඒ අමනෝඥ තීරණය ගැනීමට කොටි සංවිධානයට හේතු වූ කරුණු කවරේද? දෙමළ ජාතිකයන් විශාල පිරිසකගේ ඡන්ද අයිතිය අහිමි කළ එම වර්ජනය එල්.ටී.ටී.ඊ. සංවිධානය ක‍්‍රියාත්මක කෙළේ කෙසේද?

ඉදිරිපත්ව ඇති ජනාධිපති අපේක්ෂකයන් දෙන්නා ගැන කිසි විශ්වාසයක් දෙමළ ජනතාවට නැති බවත්, එසේ හෙයින් ඔවුන්ගෙන් කවුරු පත්වුවත් දෙමළ ජනතාවට සෙතක් නොවන බවත් ලෝකයාට පැහැදිළි කර දීම තම අරමුණ බව, කොටි සංවිධානය පිටට කී කතාවයි. දෙමළ ජනතාව අයත් වන්නේ ‘දෙමළ ඊලාමයට’ නිසා දෙමළ ජනයාට ශ‍්‍රී ලංකාවක අදාළත්වයක් නැතැ යි යන්න, ඒ මගින් ඔවුන් දිමට අපේක්ෂා කළ පණිවිඩයයි. කිසි පක්ෂයකට ගෑවෙන්නේ නැතිව සිටිමින් ඡන්දය වර්ජනය කිරීම ජනතා තීරණයක් සේ පෙන්නුම් කිරීමට එසේ තැත් කෙරුණ ද, ඇත්ත වශයෙන්ම ඊට අදාළ සිදුවීම් මෙහෙයැවුණේ කොටින් අතින් බව ඉතා පැහැදිළිව පෙනෙන්ට තිබුණු කාරණයකි. ඒ අතරේම, විශේෂයෙන් එක් අපේක්ෂයෙකු එම ඡන්දයෙන් ජයග‍්‍රහණය නොකරනු දැකීම කොටි සංවිධානයේ අපේක්ෂාව වූ බවත් ඒ හා සමානවම පැහැදිළි විය. කොටින්ම, කොටින්ට අවශ්‍ය කෙළේ සාමයට බර රනිල් පරාජය වනු දැකීමට මිස ඔහු ජනාධිපති පුටුවේ වාඩි වෙනු දැකීමට නොවේ. ඒ සඳහා බලපැවැත්වූ හේතු ඉතා සිත්ගන්නා සුළු ය.

මුලින්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය ප‍්‍රකාශ කෙළේ ජනාධිපති තරගය ගැන තමන් නිශ්ශබ්දව සිටින බවයි. ඊට අදාළ කිසි භූමිකාවක් කරට නොගන්නා බවයි. ඒ අනුව, සිය මනාපය පරිදි ඡන්දය පාවිච්චි කිරීමට හෝ ඉන් වැළැකී සිටීමට දෙමළ ජනතාවට නිදහස ඇති බව ඔවුහූ කීහ. දේශපාලනික වශයෙන් මුහුකුරා ගොස් සිටින දෙමළ ජනතාව සුදුසු පරිද්දෙන් ක‍්‍රියා කිරීමට සමත් වනු ඇතැ යි එල්.ටී.ටී.ඊ. සංවිධානය ලෝකයාට ප‍්‍රකාශ කොට සිටියේය.

බිම් මට්ටමේ මහා රැුල්ල

කාලය ගතවෙද්දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහ කෙරෙහි දෙමළ ජනතාවගේ උද්‍යෝගය වැඩෙමින් ඇති බව එල්.ටී.ටී.ඊ. සංවිධානයට වැටහුණි. එවිට තමන්ගේ ස්ථාවරය ටිකක් වෙනස් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික‍්‍රමසිංහ යන දෙන්නාටම දෙහි කපන්ට පටන්ගත්තේය. ඒ දෙපාර්ශ්වයම දෙමළ ජනතා අභිලාෂයන් ඉටු කිරීමට අසමත්ව ඇති බවත් එසේ හෙයින් දෙමළ සහායක් ලැබීමට එයින් එක් අයෙකුවත් සුදුස්සන් නොවන බවත් කියැවුණි.

එසේ තිබියදීත්, රනිල් වික‍්‍රමසිංහ සඳහා වන දෙමළ ජනතා කැමැත්ත දිනෙන් දින වැඩි වෙන ලකුණු පෙනෙන්ට විය. එවන් නිරායාස දෙමළ ජනතා කැමැත්තක් බිහි වීමට හේතු කිහිපයක් තිබුණි. ඒ අතරින් වඩාත් වැදගත් වුණේ, මහින්ද රාජපක්ෂගේ යුදවාදී ප‍්‍රතිපත්ති සහ දැඩි මතධාරී ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය සමග ඔහු ඇති කරගෙන තිබූ සන්ධානයන් ය. නැවත යුද්ධයක් ඇති වීම ගැන මහා බියකින් සිටි දෙමළ ජනතාව, විය යුතු පරිද්දෙන්ම, මහින්දගේ ජයග‍්‍රහණයක් නැවත ගැටුම් ඇති කිරීමට තුඩුදෙති යි සිතීම පුදුමයක් නොවේ.

එසේම, වික‍්‍රමසිංහ කෙරෙහි වන යම් කෘතඥතාවක් ද ඔවුන් තුළ තිබුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තහනම ඉවත් කොට ඔවුන් සමග සටන් විරාම ගිවිසුමකට ඔහු අවතීර්ණව සිටියේය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ඡුා ගැන ඔහු විශ්වාසය තබා සිටි අතර, ෆෙඩරල් ක‍්‍රමයක් ගැන සලකා බැලීමට ද යම් කැමැත්තක් දැක්වීය. එසේම ඔහුගේ ආර්ථික ප‍්‍රතිපත්ති ද දෙමළ ජනතාවට ආකර්ශනීය විය.

මේ හේතු නිසාම, රනිල් වික‍්‍රමසිංහට දකුණෙන් ලැබිය හැකි ඡන්ද ප‍්‍රතිශතය අඩු විය හැකි බව දැන සිටි දෙමළ ජනතාව, ඔහුගේ විරුද්ධවාදීන් විසින් ඔහු ද්‍රෝහියෙකු සේ හඳුන්වා තිබෙන අවස්ථාවක ඔහුට උපකාරී වීම සිය යුතුකමකැ යි සිතූහ.

එවක ජනාධිපතිවරණය සෑම සුළුතර ප‍්‍රජාවකටම තීරණාත්මක වැදගත්කමකින් යුත් දෙයක් විය. මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පාර්ශ්වකරුවන්ගෙන් සුළුජාතීන්ගේ උන්නතියට එල්ල වුණේ බලවත් තර්ජනයකි. එනිසා තමන්ව පාගා දැමීමට හිස ඔසවන මහා බලවේගයක් ඉදිරියේ, සාපේක්ෂ වශයෙන් තමන් කෙරෙහි නම්‍යශීලී වන නායකයෙකුගේ ජයග‍්‍රහණය තමන්ට සෙතක් වනු ඇතැ යි ඔවුන්ට සිතුණි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය, ලංකා සේවක කොන්ග‍්‍රසය, කඳුකර ජනතා පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ වැනි සුළුතර ප‍්‍රජාවගෙන් සමන්විත බොහෝ පක්ෂ එදා සිටියේ වික‍්‍රමසිංහ සමගයි. කතෝලික රදගුරුවරුන් පවා වික‍්‍රමසිංහට වක‍්‍රාකාරයෙන් සහාය පළ කොට තිබුණි. මොවුන්ගේ මෙම ස්ථාවරය, එදා සුළුජාතික චින්තනයේ පිළිබිඹුවක් විය. ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් දෙන්නාගෙන්, වික‍්‍රමසිංහ වඩාත් සුදුස්සා වෙතැ යි- අඩු වශයෙන්, අඩු නපුරක් වෙතැ යි- මෙකී සුළු ජාතික සහ සුළු ආගමික කණ්ඩායම්වලට හැඟිණ.

(දෙවැනි කොටස හෙට)

*2014 ඔක්තෝබර් 24 වැනි දා “How The LTTE Enforced A Boycott in 2005 To Prevent Ranil Becoming President” නමින් පළ වූ ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    1

    මම හිතන අාකාරයට අද අප සාකච්චා කර හැදැරිය යුත්තේ “එල්.ටී.ටී.ඊ. සංවිධානය 2005 ජනාධිපතිවරණය වර්ජනය කෙළේ කෙසේද” කියා නොව ‘2005 ජනාධිපතිවරණය වර්ජනය කරීමට TNA එක කොටින්ට උදව් කලේ අැයි’ කියාය. එය මහින්ද යෝඡනා කරන ජනාධිපති ක්‍රමය අයින් කිරමේ කොන්දේසියට අදාල බව මගේ අදහසයි.

    2001දී රනිල් දිනුවා නොවේ. රනිල්ගේ අවස්ථාව නිකම්ම පාත් උනේ ඡනතාවට චන්ද්‍රිකාගේ හොර, අකාර්යක්ෂම, බොරු, බේගල් තිත්ත වී සිටි නිසාය. එකල සිංහල බෞද්ධයාට රනිල් හැර වෙන විකල්පයක් නොවීය. චන්ද්‍රිකා දෝන කතිරිනා වගේය රනිල් දොන් ඡුවන් වගේය. රනිල් අගමැති කිරීම හරියට මිරිස් දී ලූනූ ගත්තා වගේය.

    රනිල් අගමැති වී සතියක් තුල සාම කාක්කන් ලංකාවට අරක් ගත්තේය. රනිල් එක තැනකත් වේලු තව තැනකත් සිටගෙන ඊනියා රනිල්-කොටි සාම ගිවිසුම අත්සන් කලේය. හමුදාවේ විරෝධය නොතකා රටෙන් තුනෙන් එකක පාලනය කොටියාට ලිඛිතවම බාර කලේය. රනිල්ගේ රඡයේ අවසරය මත කොටි කල්ලි සිවිල් අැදුමෙන් සැරසී දකුනේ මෙහෙයුම් කලේය. කොටි පිස්තෝල කල්ලි විසින් මුතාලිෆ් වැනි ඔත්තුසේවා නිලධාරීන් ගනනාවක් මරා දැම්මේය. රනිල්ගේ අාරක්ෂක අැමති මාරපන කට කැඩිච්ච කතාවලින් උත්තර බැන්දේය. නමුත් හමුදාවට උතුර තහනම් කලාපයක් විය.

    නොවේඡියන් සාමකාක්කෝ සාම කඩකිරීම් ගනන සටහන් කලේය. එ් අතර ඔවුන් නවීන පන්නයේ ට්‍රාන්ස්මිෂන් සහ කොමියුන්කේෂන් භාන්ඩද කොටින්ට දුන්නේය. කොටි හමුදාව තරකරගැනීමට අවශ්‍ය උපදෙස් සහ පුහුනුවීම් සහ අාධාරද සැපවූයේය. එ් අතර ශ්‍රි ලංකා රඡයට හමුදාව අඩු කරන අාකාරය ගැනත් නොමිලයේම උපදෙස් දුන්නේය. කොටි කුක්කෝ හමුදාකන්ඩ අසලට විත් රෙද්ද උස්සා පස්ස පෙන්වා ගිය බව පුවත්පත්වල වාර්තා විය.

    චෞරව රැඡිනත් සාම රඡාත් එපාඋන සිංහල බෞද්ධ අපි අවස්ථාව ලද වහාම හාමුදුරුවරු දහයක් පාර්ලිමේන්තු යැවූයෙමු. නොඑසේ වන්නට කවදාවත් මහින්දට අගමැතිවන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති බවත්
    අගමැති නොවන්නට ඔහුට ඡනාධිපති ඡන්දයට පොදු පෙරමුනෙන් ඉල්ලන්න ලැබෙන්නේත් නැති බවත් මහින්දට මතක්කර දියයුතුය. එදා රනිල් දිනුවා නම් රටේ නාමික ඡනපති රනිල්ය. උතුරේ අගමැති සහ ඡනපති පිරාපකරන්ය.

    2001-4 අතර යුධ අාම්පන්න වලින් සහ මිනිස් බලයෙන් කොටි බලවත් විය. එන්ඡීඔි කාරයින් අපට කීවේ කොටි පරාඡය කල නොහැකි බවය. නොවේඡියානුවන් කීවේ පිරාපකරන් යුද්ධයට අති දක්ෂයෙක් බවය.
    ඉතින් එළබෙන ඊලාම් 4 යුද්ධයෙන් ශ්‍රි ලංකා හමුදාව අනිවාර්යයෙන් පරාඡය කලහැකි බව කොටි නායක පිරාපකරන් විශ්වාස කිරීම අරුමයක් නොවේ.

    LTTEයට අවශ්‍යවූයේ සාම කථාවෙන් පෙඩරලයක් ලබා ගැනීම නොව යුද්ධයෙන් ඊලම දිනාගැනීමයි. එ් සදහා ඡනධිපති චන්දයේදී සාමකාරයා පරාඡය කර යුදවාදියා දිනවීම LTTEයට අත්‍යාවශ්‍ය කාරණයක් විය. ඡනාධිපතිවරනයේදී ඡන්දය නොදෙන ලෙස පිරාපකරන් උතුරේ දමිලයන්ට මුලින් වක්‍රාකාරයෙන්ද පසුව තර්ඡනයෙන්ද අන කලේ එනිසයි. TNA එකේ සම්බන්දන්ලාටක් අවශ්‍ය උනේ ඊලම යුද්ධයෙන් දිනාගැනීමටයි. TNA එක පිරාපකරන්ගේ මතයට අත්වැල් අැල්ලූයේ එනිසයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.