23 October, 2017

මහින්ද සහ භික්ෂුව

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

“දැන් සමහරු ඉන්නවා මට තුන්වෙනි වාරයක් තර`ග කරන්න බැහැ කියලා කියන අය. එයාලා තැන්තැන්වල එහෙම කියනවා. මම අහන්නේ මොකටද එයාලා කරදර වෙන්නේ? මට තුන්වැනි පාර තර`ග කරන්න පුළුන්ද බැරිද කියලා ජනතාවයි තීරණය කරන්න  ඕන. ජනතාවට ඒ තීරණය ගන්න දෙන්න, නැත්නම් එයාලාට පුළුවන් මේ ප්රශ්නේ අරගෙන අධිකරණයට යන්න.”

ඉහතින් උපුටා දැක්වූ ප්රකාශය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිදු කර ඇත්තේ මීට සති කිහිපයකට පෙරාතුව සෞඛ්ය අංශයේ සේවක සේවිකාවන් පිරිසක් අරලියගහ මන්දිරය වෙත කැඳවා පැවැත්වූ රැුස්වීමක් අතරතුරදීය. අවශ්ය කෙනෙකු වේ නම් ප්රශ්නය අධිකරණය වෙත ගෙන යන්න යැයි සඳහන් කරමින් ඔහු කියූ අධිකරණය තමිල්නාඩුවේ මහ ඇමතිණි ජයලලිතා ජෙයාරම් සිපිරිගෙට ඇද දැමූ බෙලගලූරු ප්රදේශයේ අධිකරණය නොවේය, ඔහු සඳහන් කරන ඒ අධිකරණය පිහිටා ඇත්තේ අලූත්කඬේ සාන්චි ආරච්චි වත්තට ඔබ්බෙනි. දේශපාලනඥයන්ට බැලමෙහෙ සපයන්නන් විසින් පවතින ක්රමය මුළුමනින්ම අවුල් කර දැමූයේ ඒ අධිකරණ බිමෙහිදීය. පසුගිය දශකය හෝ දෙක පුරාම අලූත්කඬේ මේ අධිකරණ භූමියේ පාලනය අරා සිටියෝ බලයට සහ තනතුරුවලට ලෝභීවූ මිනිස්සු සහ ගැහැණුය, පැවැත්ම උදෙසා පාලකයන් සමග ‘ඞීල්’ දමාගත් ඔවූහූ පාලකයන් ගියමගම යන්නට වූහ. එපමණක් නොව අනාගත නායකයන්යැයි හැඳින්වූවන් සමගද ඔවූහූ ‘ඞීල්’ දමාගත්හ. තීන්දුවක් ලබා ගැනීම සඳහා යන්නැයි රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කියනුයේ ඒ අධිකරණයයි.

මේ රට, වඩාත් නිවැරදිව සඳහන් කරනවා නම් දේශපාලන ව්යවහාරය තුළ සිංහල දකුණ යැයි හැඳින්වෙන්නාවූ ස්ථරය යනු බලවත් තනතුරු දරමින් සමාජ දූෂණයන් සිදු කරන්නන් විරයන් සහ වීරවරියන් සේ පිළිගන්නට ඉත සිතින් සැදී පැහැදී සිටින්නනවුන්ය. “සමාමෙවන්න, වරදක් වුණා තමයි, මම නොසිටින්න එයා නතර වෙන්නේ හිර ගෙදරින්” යැයි කෙනෙකු කියූ පමණනින්ම ශීලාචාර සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළ නම් නීතිය කි්රයාත්මක වනු ඇත. වැරදිකරන්නවුන්ගේ වැරදි නොතකා කටයුතු කරන්නට ජනතාව පෙළැඹීම තුළ, දැන දැනම සහ චේතාන්විතවම ජනතාවට එරෙහිව යන්නට සමත් රීතියක් සම්මතව ඇත. කිසියම් පුද්ගලයෙකු විසින් කරන  ඕනෑම ආකාරයක වරදක් කිසිඳු හෝ ප්රශ්න කිරීමකට ලක් නොවන තැනට කටයුතු සලසන්නට එකී පුද්ගලයා දරණ තනතුරෙහි ප්රබලත්වය සෑහෙනු ඇත. එනයින්, වගකිවයුතු තනතුරුවලට පැවරී ඇති අතිමහත් බලතල පොදු ජනතාවම ඉලක්ක කර අවභාවිතයේ යෙදවෙන්නේය. එය එසේ වද්දීත්් දකුණේ සිංහල ජනයා වරද කරන්නවුන්ට හඬ තලා අත්පොලසන් දෙන්නටත් ඔවුන්ට වීරයන් සේ සලකන්නටත් තව තවත් කටයුතු කරති. මෙකී ජනතාව නියෝජනය කරන විපක්ෂය යනු බොළඳ සහ ව්යාකූලත්වයට පත්වූ එකකි. එලෙසම එය අවස්ථාවාදී ද වන්නේය. ජනතාව ඉදිරියට පැමිණ සිය මඩ තැවරුණු  පිරුවට සොදාගෙන යළිත් ගරු කටයුතු පුද්ගලයන් මෙන් පෙනී සිටින්නට ඉහත කී අපරාධකරුවන්ට රතු පලස් එලනුයේ මෙකී විපක්ෂය විසිනි. දැන් ඇත්තේ  ඕනෑම අපරාධකරුවෙකුට හෝ වංචාකරුවෙකුට හුදෙක් රාජපක්ෂ රෙජීමයෙන් ඉවත්ව විපක්ෂයට යාමෙන්ම පමණක් එක රැුයින් සිය චරිතය පිරිසිඳු කොටගෙන යළිත් වීරයෙකු විය හැකි ආකාරයේ සිංහල බෞද්ධ සමාජයකි.

Mahinda Rajapaksa Rජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරමින් සිටින්නේ ඒ කාර්යයයි. රාජපක්ෂ රෙජීමය බලයට ගෙන එන්නට හවුල්ව, සන්නද්ධ අරගලය ඇදී ආ සමස්ත කාලය පුරාම ඔවුහූ මේ රෙජිමය ආරක්ෂා කළහ. එකල, රාජපක්ෂ පාලනය දේශපේ්රමී එකක් යැයි හැඳින්වූ ඔවුන් අනෙක් අතින් එකී පාලනයට විරුද්ධ වූ  ඕනෑම අයෙකුට ක්ෂණිකව ‘දේශද්රෝහී’, ‘කොටි හිතවාදී’ හෝ ‘එන් ජී ඕ ඩොලර් කාක්කන්’යන ලේබලවලින් එකක් ඇලවූහ. ජවිපෙ මතයට අනුව, සිදුවූයේ ‘කොටි ත්රස්තවාදය’ මුළුමනින්ම අවසන් කර දැමු අතිශය ‘මානුෂවාදී’, කිසිඳු හෝ් ආකාරයක යුධ අපරාධයක් සිදු නොවූ, ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය නොකෙරුණු ආකාරයේ යුද්ධයකි. එසේනම් ජනතා විමුක්ති පෙරමුණට දැන් තමන් මේ රෙජීමයට විරුද්ධවිය යුතුයැයි හැෙ`ගන්නට හේතුවූ කාරණාව කුමක්ද? ජනතා විමුක්ති පෙරමුණට මේ රජයේ ඇති එකම වැරැුද්ද සියල්ල එක් පවුලක භුක්තියට සවිව තිබීමයි.

ජවිපෙ යන මේ මාවතේම දැන් බෞද්ධ භික්ෂුවක්ද ගමන ආරම්භ කර ඇත. ඒ, ජාතික හෙළ උරුමය එහි මඩ සොදාගැනීමේ ගමන වෙත ගෙනයමින් සිටින අතුරලියේ රතන හිමියන්ය. ජාතික හෙළ උරුමය යනු කොතරම් නම් පිරිසිඳු කණ්ඩායමක්ද? සිය වගකීම් පැහැර හැරි, බලය අයුතු ලෙස පාවිච්චි කරන, දූෂණ වංචාවන්හි නියැළෙන වර්තමාන රජය විවේචනය කරන්නට තරම් ඔවුනට සදාචාරාත්මක පදනමක් තිබෙත්ද? 2005 නොවැම්බර් ජනාධිපතිවරණ සමයේදී ජාතික හෙළ උරුමය යනු දේශපේ්රමී, සිංහල ජාතිකවාදී නායක මහින්ද රාජපක්ෂගේ ජයග්රහණය වෙනුවෙන් හදවතින්ම කැපවී කි්රයාකළවුන්ය. ජනාධිපතිවරණයෙන් පසුව ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්ෂගේ රජය විසින් කළ සෑම කි්රයාකවකටම සහාය දෙන ආස්ථානයක පසුවිය. ජාතික හෙළ උරුමය ආණ්ඩුවට නිල වශයෙන් සහාය ලබාදීම ආරම්භ කෙරුණේ 2007 ජනවාරි මසදීය. එවක් පටන් හෙළ උරුමයේ චම්පික රණවක ආණ්ඩුවේ අමාත්ය ධූරයක් හොබවමින් සිටී (මහ මැතිවරණයෙන් අනතුරුව හෙළ උරුමයට හිමිවූ ජාතික ලැයිස්තු මන්තී්ර ධූරය භාවිතා කර පාර්ලිමේන්තුවට තේරී පත්වන්නට චම්පික රණවක සමත්වූ අතර ඒ කි්රයාවලියේ ප්රතිඵලයක් ලෙස එවකට මන්තී්ර ධූරයක් දැරූ  ඕමල්පේ සෝභිත තෙරුණ්ට මන්තී්ර ධූරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවිය). ඉන් අනතුරුව ගතවූ කාලය තුළ චම්පික රණවක අමාත්යවරයා රජය විසින් උතුරේ ගෙන ගිය කෲරතර යුද්ධයටත් සුළු ජන කණ්ඩායම් සම්බන්ධයෙන් රජය අනුගමනය කළ එදිරිවාදී භූමිකාවටත් ශක්තිය සැපයූ මුල් පෙළ අනුශාසකයෙකු විය. 2007 පෙබරවාරි මාසයේදී මේ අමාත්යවරයා අන්තවාදය මුලිනුපුටා දැමීමට පවතින නීතිය ප්රමාණවත් නොවන්නේ නම් ඒ සඳහා වෙනත් පිළියමක් තිබිය යුතුයැයි ප්රකාශ කර, එතැනින් ද නොනැවතී “අපි රාවය ගැන දන්නවා, රාවය කරන්නේ මොකද්ද කියලත් අපි දන්නවා, අපි දන්නවා දෙමළ (අමාත්යවරයා මෙහිදී දෙමළ ජනතාව හැඳින්වීමට අතිශය ග්රාම්ය සිංහල වචනයක් භාවිතා කළේය.) අය මැරෙනකොට රාවයට ඇඬෙනවා කියලා. වාමාංශිකයෝ කියලා තමන්ව හඳුන්වා ගන්න හැමෝම කරන්නේ  ඕකම තමයි. මේ රටේ අද තියෙන වල් බූරු නිදහස නිසා කිසි දෙයක් කරන්න බැරි වෙලයි තියෙන්නේ.” යැයි ද සඳහන් කළේය. මේ ඔහුගේ වචන හැකි තාක් සංයමයෙන් යුතුව කළ උපුටා දැක්වීමකි.

ජාතික හෙළ උරුමය විසින් දරණ ලද මතය සහ ඔවුන්ගේ ප්රතිපත්ති අමාත්යවරයාගේ ඒ ප්රකාශය තුළ ගැබ්ව ඇත. දැනුදු ‘ප්රජාතන්ත්රවාදය’ පිළිබඳව හෙළ උරුමයේ නිර්වචනය මේ ආකාරයේම එකකි. ඔවුනට අනුව ප්රජාතන්ත්රවාදය යනු හුදෙක් සිංහල බෞද්ධ බහුතරයේ අයිතියක් පමණක් වන අතර සෙස්සන්ට ප්රජාතන්ත්රවාදය ලබාදීම ‘වල් බූරු’ නිදහසක් භුක්ති විඳීමට ඉඩ හැරීමකි. සුළුතර වාර්ගික ආගමික කණ්ඩායම් විෂයේ අතිශය දාමරික ප්රචණ්ඩත්වයක් වුව මුදා හැරීමට ‘ප්රජාතන්ත්රවාදය’ ට අනුව ඔවුනට ඉඩ හසර ඇතිවාක් මෙන්ම එසේ සිදු කර ඉන් අනතුරුව  ඕනෑම නර්මාලාපයක් හේතු සාධක වශයෙන් ඉදිරිපත් කර අදාළ කි්රයාව සාධාරණිකරණය කරන්නටද ඔවුන්ට හැකිය. 2014 ජූනි මාසයේ අලූත්ගම-බේරුවල ප්රදේශ මූලික කරගෙන පැන නැගි මුස්ලිම් විරෝධී කලබලවලින් අනතුරුව ඔවුන් සිදුකළ ප්රකාශ මුළුමනින්ම ඉහත කී ආකාරයේ කතන්දර ගෙතීම්ය. රාජපක්ෂ රෙජීමයට සහාය දක්වන්නට කටයුතු කළ පසුගිය වසර 07 සහ ඉන් පෙර කාලය පුරාවටත් රාජපක්ෂලා විසින් සිදුකළා යැයි කියැවුණු සියලූම ආකාර දූෂණ කි්රයා හා බැඳුණු චෝදනාවන්වලදී ජාතික හෙළ උරුමය සම්පූර්ණයෙන්ම නිහඬව සිටියේය. රුපියල් බිලියන 11 ක් වැය කර ඉහළම මහලේ උද්යානයක්ද සහිතව අඩි 1,150 ක උසින් යුතවු ආසියාවේ උසම කුළුණ යැයි කියනු ලබන නෙළුම් කුළුණ ඉදිකිරීම වැනි රජයේ අර්ථ ශූන්ය ව්යාපෘතිවලට හෙළ උරුමය වදනක හෝ විරෝධයකින් තොරව එක`ගතාවය පළ කර ඇත. පළාත් සභාවන්ට පවරා ඇති බලතල හකුළාගන්නැයි ආණ්ඩුවට බල කරන අතරම උතුරේ සිවිල් ජන ජීවිතය පාලනය කරන හමුදා මැදිහත්වීම් ඉහළ නැංවීමේ උත්සාහයන්ට කිසිඳු අයුරකින් හෝ විරුද්ධ නොවී සිටීමට ද ඔවුන් වග බලා ගන්නා ලදි.

අදටද, ජාතික හෙළ උරුමය යනු සම්පූර්ණයෙන්ම පාහේ දේශපාලනීකරණයට ලක්වූ සහ දූෂීත පොලිස් දෙපාර්තමේන්තුවක් ඇතිවීමට වගකිවයුතු,  දේශපාලනීකරණයට ලක්වූ අකාර්යක්ෂම අධිකරණ පද්ධතියක් බිහිවීමට හේතු සැපයූ එනයින්ම නීතියේ සහ සාමයේ බිඳවැටීමට පසුබිම සැපයූ රාජපක්ෂ පාලනයේ කොටස්කරුවෝය. පසුගිය වසර 07 හෝ 08 ක කාලය පුරා පැන නැගී දාමරික කි්රයා සහ අපරාධයන්ට තමන් ද වගකිවයුතු නැතැයි රතන හිමිට හෝ චම්පික අමාත්යවරයාට ප්රකාශ කළ හැකිද? රතන හිමි විසින් ඉදිරිපත් කර ඇති, රට අද වනවිට මුහුණ පා සිටින ප්රධාන පෙළේ අර්බුදයන් ගැන වදනකදු සඳහන් නොවන කොන්දේසි 12 ට රටේ ප්රශ්න මුළුමනින්ම විසඳා දැමිය හැකිද? උතුරු සහ නැගෙනහිර දෙපළාත් හමුදා පාලනය යටතේ තිබීම සම්බන්ධයෙන් රතන හිමි විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන 12 තුළ එක`ගතාවය පළව ඇත.

තමන්ගේ අතීත හැසිරීම සාධාරණීකරණය කරන්නට අනුවණ උත්සාහයක නිරත වුණු රතන හිමි ඔක්තෝබර් 23 වනදා ලංකාදීප පුවත්පත සමග සංවාදයකට එළැඹෙමින් 17 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය අහෝසි කරන්නට එක`ග වූයේ එකී සංශෝධනය සම්බන්ධයෙන් දුර දිග කල්පනා කරන්නට තමන් ඇතුළු හෙළ උරුමය අසමත්වූ හෙයින් යැයි ප්රකාශ කළේය. ‘පිවිතුරු හෙටක්’ නමින් වන සිය යෝජනාවලිය ප්රසිද්ධ කරන අවස්ථාවේ රතන හිමියන් සඳහන් කළේ 18 වන ආණ්ඩුක්රම ව්යස්ථා සංශෝධනයට පක්ෂව එදා ඡන්දය භාවිතා කළ මුත් අද එය තමන් විසින් කළ වරදක් සේ දකින බවයි. රටේ ඉරණම තීරණය කළාවූ අතිශය භාරධූර අවස්ථාවන්හි දුර දිග බලා කටයුතු කරන්නට අසමත්වූ, සිද්ධවන්නේ කුමක්දැයි අග මුල නොදැන සිටි දේශපාලනඥයන් රංචුවක් තවදුරටත් විශ්වාස කළ හැකිද? එවැනි වගකීම් විරහිත පුද්ගලයෙකුට සාධාරණත්වය සහ යුක්තිය සඳහා වන විසඳුම් යැයි කියා ගන්නා යෝජනා ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකිද? ඔවුන් කරන කියන සෑම කාර්යයකම මතුපිට ඔවුන් විසින් ජාතිවාදී ආලේපන තට්ටුවක් නොකඩවා පවත්වාගෙන එන්නේය, එසේම ශිෂ්ඨ සම්පන්න සිවිල් සමාජයක් ඇති කරගැනීමෙහිලා රටේ අනාගතය ප්රතිනිර්මාණය කරලීමේ අභියෝගය සම්බන්ධයෙන් ඔවුන්ගේ වර්තමාන කාර්යභාරය විසින් උදා කරන එකඳු හෝ යහපතක්ද නැත.

දැන් අප හමුවේ ඉදිරිපත්ව ඇති අතිශය වැදගත් ප්රශ්නය නම්, “නොයෙක් වචන හරඹ සහ සංදර්ශන සහිතව කතා කෙරන්නාවූ, රාජපක්ෂ රෙජීමය පාරාජයට පත් කිරීමෙහිලා අත්යාවශ්ය යැයි කියන පුළුල් පෙරමුණ කවරක් විය යුතුද?” යන්නයි. දකුණේ සිංහල සමාජය තුළ පුළුල් පෙරමුණක්, හෙවත් ‘පක්ෂ එකමුතුවක්’ තැනීම යනු මේ සමාජයේ නායකයන් යැයි පෙනී සිටීමට තැත් දරන්නාවූ පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් යුත් ‘බලවත් නම් ලැයිස්තුවක්’ සකස් කරගැනීමයි. මේ ආදී කාලීන පෙරමුණු විසඳුමට අද කළ හැකි එකම කාර්යය නම් වේදිකාවක් මතට ගොඩවැදී රාජපක්ෂ රෙජීමය පතුරු ගැසීම හැර රටේ ජනතාවට අද අවශ්යව ඇති එකම හෝ විසඳුමක්වත් සැපයිය හැකි වැඩපිළිවෙලකින් තොර පුද්ගලයන් දුසිමක් පමණ එකට එකතු කිරීමයි. අඩු තරමේ මේ මහ හඬ දෙන්නන්ට ඡන්දයකදී සැලකිය යුතු ඡන්ද ප්රමාණයක් හෝ එකතු කරගත නොහැක.

ජනාධිපතිවරණය වැනි ජාතික මට්ටමේ මැතිවරණයකදී තමන් දෙන ඡන්දය හුදෙක්ම ප්රයෝජයන් නැති කතිරයක් වනවාට ජනතාව කැමති නොවන බව මේ වනවිට පැහැදිලිය. විපක්ෂය තුළ කවරාකාර හෝ සන්ධානයක් ඇතිව නොතිබියදී පවා ජනතාව වෙනසක් කෙරෙහි යොමුව ඇති බව ඌව පළාත් සභා මැතිවරණ ප්රතිඵලය සාක්ෂි දෙයි. දැන් ප්රවණතාවය වැටී ඇත්තේ සම්පූර්ණයෙන්ම ප්රධාන කඳවුරු දෙකක් දෙසටය. දකුණු පළාත් සභා මැතිවරණයේදී 06% ඡන්ද සංඛ්යාවක් තම පක්ෂය ඉදිරියේ සහතික කරගත් සරත් ෆොන්සේකා ඌවෙන් ඉවතට විසි වන්නේ ද මේ නව ප්රවණතාවය නිසාවෙනි. දකුණෙන් 09% වැඩි ඡන්ද පදනමක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණ ඌවේදී 5.03% කඩා වැටෙන්නේ කුමක් හෙයින්ද? ජනාධිපතිවරණයකදී මෙවැනි විපක්ෂ කණ්ඩායම්හි ඉතිරියත් ගිලී යාමට නියමිතය.

පැහැදිලිවම පෙනුණු පරිදි මොනරාගල දිස්ති්රක්කයේ ඡන්ද දායකයන්ගෙන් 23% පමණ ඌව මැතිවරණයේදී රාජපක්ෂවරුන් හැර ගියේය. පළාත් සභා මැතිවරණයකදී ස්වභාවයෙන්ම බලයේ සිටින පක්ෂයට වැඩි වාසි අත්වන මුත්,  ඡන්ද දායකයන් සංවිධානය කිරීමේලා ඔවුන් වඩාත් සාර්ථකවන මුත්, 84% බහුතර සිංහල ජනගහනයක් සහිත ඌව පළාතෙහි ඡන්ද දායකයන්ගෙන් 21% ක් තරම් දැවැන්ත ප්රමාණයක සහයෝගය පාලක පක්ෂයට අහිමිවූහ. එලෙසම, රාජපක්ෂ කඳවුර අතහැර ගිය ඉහත කී පිරිසෙන් 19% ක් කවරාකාර හෝ දේශපාලන සන්ධානයකට එල්බ නොසිටියා වූ, කිසිඳු අන්දමක විකල්ප දේශපාලන වැඩසහනක් ඉදිරිපත් නොකළාවූ එක්සත් ජාතික පක්ෂය වටා ඒකරාශී වූහ. දැන් ඇතිව තිබෙන මේ නව ප්රවණතාවය කිසිඳු අලූත් සම්මුතියක් හෝ රාජපක්ෂවරුන්ට විරුද්ධව පොදු පෙරමුණක් හෝ ඉල්ලා සිටින අන්දමේ එකක් නොවන්නේය. එයට අවශ්යව ඇත්තේ රාජපක්ෂවරුන්ගේ කඳවුර අතහැර යන පිරිසට අනාගත රැුකවරණය දීමට සමත් අන්දමේ ආකර්ශණීය එක් ශක්තිමත් වැඩපිළිවෙලක් පමණි.

එසේ හෙයින් යුද්ධයෙන් වසර 05 ක් අවසන්ව ඇති අවස්ථාවක නැග එමින් සිටින, වෙනස් ප්රමුඛතාවයන් ගත් දකුණේ සිංහල ජන සමාජය විපරමෙන් කියවා බැලීම මේ මොහොතේ හැටියට කාලීන වැදගත්කමකින් යුක්තය. ආණ්ඩුවේ සිංහල බෞද්ධ ආධිපත්ය විසින්ම දකුණේ සිංහල සමාජය නොපැහැදිලි සහ අස්ථාවර අනාගතයක් වෙත තල්ලූ කර හැර ඇත. ග්රාමීය සිංහල සමාජ ස්ථරයන්හි (දිවයිනේ දිස්ති්රක්ක 11 කම 85% ඉක්මවන සිංහල බහුතරයක් වාසය කරති.)  ප්රාදේශීය දේශපාලන බලය අත්ව ඇත්තේ මැරයන්ට සහ අපරාධකරුවන් අතටය, එපරිද්දෙන් දැන් ඔවුන් ප්රාදේශීය සභාවන්හි සහ නගර සභාවන්හි සභාපතිවරුන්ය, උප සභාපතිවරුන්ය. ඇමරිකාවේ චිකාගෝහි ජන දිවිය සිසාර දාමරිකත්වය පැතිරූ මැර කල්ලි නායක අල් කැපෝන් මෙන් මෙකී දේශීය මැරයන් ද රටේ සාමාන්ය ජනතාවගේ එදිනෙදා දිවිය පාගා නැගී සිටියි. තමන්ගේ දරුවන්ට යහපත් සහ ආරක්ෂිත අනාගතයක් ඇති කරලීමෙහිලා අධ්යාපනයට කළ හැක්කේ අතිශය සීමිත කාර්යභාරයක් වීම මේ මිනිසුන් තුළ අවිනිශ්චිත අනාගතයක් පිළිබඳ හැ`ගීම් මෝදු කර ඇත. අනාගතය පිළිබඳ අපේක්ෂාවන් අඳුරු කර දැමෙන ළමා අපචාර සහ දූෂන ඉහළ ගිය අනාරක්ෂිත සමාජයක ජීවත් වන්නට සිදුවීම, සමාජය තුළ ඔඩුදුවා ඇති ලිංගික අපයෝජන, දූෂණයට ලක්ව මියයන කාන්තාවන්, සෑම අස්සක් මුල්ලක් නෑරම පැතිර ගොස් ගෙයින්් ගෙට යමින් විකුණන තරමට සමාජය තුළ ප්රචලිතව ඇති මත්ද්රව්ය, ආරක්ෂක අංශ විසින් සිදුකරන ඝාතන, පැහැර ගැනීම් සහ කෲර ඝාතනයන් ඉහළ ගිය සමාජයක මහජන විශ්වාසය අහිමි කරගත් පොලිස් දෙපාර්තමේන්තුව යන මේ සියලූ සාධක සිංහල බෞද්ධ නායකයෙකුගෙන් බැහැරව ඡන්දය භාවිතා කරන තැනට ඡුන්ද දායකයාගේ ප්රමුඛතාවයන් වෙනසකට ලක් කර ඇත. 

තමන්ගේ ජීවිත පසුපස හඹා එන මේ අප්රසන්න වාතාවරණයෙන් ගැලවීම දැන් පොදු ජනතාවගේ ඉහළම ප්රමුඛතාවය බවට පත්ව ඇත. යාන්තමින් දිවි සරිකරගැනීමට පමණක් සරිලන ආදායම ද සූරා දමන ජීවන වියදමටත් ඉහළින් ඉහත කී කාරණය ජනතාවගේ ප්රමුඛතාවය බවට පත්ව ඇත. සිංහල බෞද්ධ පාලනයක පැවැත්මට උරතබාගෙන සිටිනවාට වඩා ජීවත්වීම නිසැකාර්ථයෙන්ම වැදගත්ය. ගමේ සාමාන්ය ජන දිවිය තුළ මේ මොහොත් ඇතිව තිබෙන තත්ත්වය නිසි අවධානයට පැහැදිලි නොමැත්තේද. ඌවේ සිදුවූ දේ කිසිසේත්ම අසාමාන්ය අහම්බයක් නොවනු ඇත, අද ඌව යනු සාමාන්ය තත්ත්වයයි. ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් ජනතාව අතරින් නැගෙන්නාවූ මහා විරෝධතාවයට පිළිතුරු සැපයිය යුතුව ඇත. ශිෂ්ඨ සම්පන්න සිවිල් ජන දිවියක් ඇතිකර ගැනීමෙහිලා එකී පිළිතුරු අතිශය වැදගත්ය. අන්තවාදී සිංහල බෞද්ධ කණ්ඩායම් සමග ඇති කරගන්නාවූ සම්මුතීන් අන්දමන්දව සිටින දකුණේ සිංහල බෞද්ධ සමාජයට පිළිතුරු සැපයීමෙහිලා ප්රමාණවත් නොවනු ඇත. එක්සත් ජාතික පක්ෂය ජනතාව තුළ ඇතිව තිබෙන මෙකී අනාරක්ෂිත හැ`ගීම ආමන්ත්රණය කිරීම ඇරඹිය යුතුය, ඒ පොදු සමාජය තුළත් හැසිරීමෙනුත් එදිරිවාදීන් ලෙස පෙනී සිටින, එහෙත් සැබෑ දේශපාලන සන්දර්භයේදී එවැනි එදිරිවාදීන් නොවන ‘මහින්ද සහ බෞද්ධ භික්ෂුව’ සුසංයෝගය පරාජය කරන්නට එජාපයට අවශ්ය නම් පමණි.

*කලම්බු ටෙලිග‍්‍රාෆ්’(Colombo Telegraph) හි පළවූ Mahinda and the Monk ‘මහින්ද ඇන්ඩ් ද මන්ක්’ ලිපියේ සිංහල පරිවර්තනය- සමබිම වෙබ් අඩවිය විසිනි

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    “රජය විසින් උතුරේ ගෙන ගිය කෲරතර යුද්ධය ….” ගැන ලිපියේ සදහනක් අැත. මේ ලිපිය ලියන මනුෂ්‍යයා මැරිලා නැවත ඉපදිලාවත්ද කියා මට නම් හිතාගන්නවත් බැරිය.

    ක්ලේමෝ බොම්බ අටවා මිනිස් බොම්බ පත්තුකර බස්, කොච්චි සහ ප්‍රසිද්ධ ස්ථාන පුපරවා මිනිසුන් මරා කැබලි කර සිවිල් වැසියන් භීතියට පත්කලේ රඡය නොව දෙමළ කොටිය. 1990 දී අැදිවත පමනක් රැගෙන මුසල්මනයන්ට පැය විසි හතරක් තුල යාපනයෙන් පිටවන ලෙස අනකලේ දෙමළ කොටිය. එදා 9000 ක් පමණ මුසල්මනයන් සිටි යාපනය දිස්ත්‍රික්කයේ යුද්ධය ඉවරවී වසර පහකට පසුව අදටත් ඉන්නේ 2500කට අඩු ගනනකි. කාතන්කුඩි පල්ලියේ යාඥාකරන මුසල්මනයන් බුරුතු පිටින් වෙඩිතබා මරා දැම්මේත් දෙමළ කොටිය. ශ්‍රි මහා බෝධිය අසල සිල් ගත් සිංහලයන් වෙඩිතබා මරා දැම්මේ දෙමළ කොටිය. සිංහයා කොම් වෙබ් අඩවියට පිවිස දෙමළ කොටි විසින් කරන ලද සහාසික ක්‍රියා සියල්ල සිංහලයාගේ අඩුව පමනක් පෙනෙන මේ ලියන්නා කියවිය යුතුයයි මම ඔහුට යොඡනා කරමි.

    දැන් ඉතින් චෙල්වලා සම්බන්දන්ලා වටුක්කොඩෙයි සම්මෙලනයේදී යුද්ධය ප්‍රකාශ කල පසු දෙමළ කොටි වසර 30 කට අාසන්න කාලයක් කල දේ සහාසික සහ කෲරතර ක්‍රියා නොවෙයිද යන්නත් මේ ලිපිය ලියූ කුසල් අපට කිය යුතුය. එවැනි කෲර විධියට මිනී මැරූ කොටි සමග ශ්‍රි ලංකා රඡයට යුද්ධ කරන්නට කියන්නේ සීනි බෝල වලින් දැයි බටහිරයන්ගේ ඩොලර් වලට කහින එන්ඡීඔි කාරයන් අපට කිව යුතුය.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.