29 July, 2021

Blog

ප්‍රචාරකවාදී දේශපාලනය, කොරෝනා මර්(වර්)ධනය සහ ඛේදවාචකය

ධනංජය දීඝායු

ලංකාව සිටින්නේ ඛේදවාචකයක් එළිපත්තේය. අප තවම අත්දකින්නේ එකී ඛේදවාචකයේ ආරම්භක සළකුණු පමණකි. එක් පසෙකින් කොවිඩ් වසංගත තත්වයෙන්ද අනෙක් පසින් ඇති මහා ආර්ථික අර්බුදයක් විසින්ද අර්බුදයෙන් අර්බුදයට ගෙන යන ලද්දේ සාමාන්‍ය ජන ජීවිතයයි. එක් අතකින් සාමාන්‍ය ජන ජීවිතය යන්නෙහි පැටලිය නොයුතු වන්නේ කොවිඩ්වලට පෙර පැවති සාමාන්‍ය ජන ජීවිතය යනු සුරපුරයක් සිහි කැන්දවන්නක් නොවන බැවිනි. එහෙත් මෙහිදී අප අවධාරණය කළ යුත්තේ පැරණි සාමාන්‍ය ආකාරයෙන් වත් ජීවත් වීමට නොහැකි තත්වයට පවා සාමාන්‍ය ජනතාව පත් කිරීමට ආණ්ඩුව මේ වන විට කටයුතු කර ඇති බවයි. කොරෝනා සම්බන්ධයෙන් අනුගමනය කරන ලද අතිශය අසාර්තක මෙන්ම දේශපාලන ප්‍රචාරකවාදී වැඩ පිළිවෙළ නිසාවෙන් මේ වන විට කබළෙන් ලිපට වැටී සිටින්නේ සාමාන්‍ය ජනතාවය.

Pic courtesy Inter University Students’ Federation

එහෙත් පාලක පැළැන්තීන්, මෙවන් ආකාරයේ සාමාන්‍ය තත්වයෙන් පරිබාහිර වූ ව්‍යතිරේඛීමය තත්වයන්ට වඩාත් ප්‍රිය කරන බවටජියාජියෝ අගම්බෙන්නම් දේශපාලක විචාරකයා කරන ලද ප්‍රකාශය සත්‍යයක් බවට පත් කිරීමට වත්මන් ආණ්ඩුව සමත්ව ඇති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුය. මන්ද පාලකයා ප්‍රිය කරන්නේ වඩාත් අත්තනෝමතික පාලනයන්ට වන බැවිනි. පසුගිය 2020 අවුරුද්දේ අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබියදී මුදල් පාලනය අත්තනෝමතික ලෙස ව්‍යවස්ථාදායකයෙන් උදුරා ගත් අවස්ථාවෙන් පටන්ගෙන මේ වන විට ගත වූ කාලය තුළ සිදු කර ඇත්තේ කොරෝනා මර්ධනය නොව ඇසුරින් ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කිරීම බව නම් සැබෑවකි. එනම් කොවිඩ් කළමණාකරණය කරමින් දේශපාලනය කිරීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇති බවයි.

සංඛ්‍යා දත්ත සෙල්ලම්

දැනට ලංකාව තුළ කොරෝනා වලට අදාල සංචරණ සීමාවන් අවස්ථාවන් කිහිපයකදී විවිධ ආකාරයෙන් පනවා ඇති අතර විවිධ ලෙසින් ඉවත් කිරීම් සිදු කර ඇත. මෙහිදී මතුවන ගැටලුව වන්නේ මෙම සංචරණ සීමාවන් පැනවීමෙහි විද්‍යාත්මක පදනම අවබෝධ කර ගැනීමට ඉතා අසීරු වූවක් වීමය. පළමු රැල්ලෙහි නිරෝධානයන ඇඳිරි නීතිය පැනවෙන්නේ 2020 මාර්තු මාසයේදීය. එක් දිනකට රෝගීන් වාර්තාවීම සාමාන්‍ය අගයක් ලෙස දහයට අඩුවන අවස්ථාවකදීය. එකී ඇඳිරි නීතිය පැනවීම තේරුම් ගැනීම අසීරු දෙයක් නොවේ. එය කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට දරණ ආරම්භක උත්සාහය වශයෙන් අපට සැළකිය හැකිය. එහෙත් 2020 ඔක්තෝබර් මස දමන ලද දෙවෙනි රැල්ලේ ඇඳිරි නීතිය දැමීමේ පටන් මෙම ක්‍රියාවලිය ගැටලු සහගත වෙයි. එනම් දෙවන රැල්ලේ ඇඳිරි නීතිය දැමෙන්නේ දිනකට සාමාන්‍ය අගයක් වශයෙන් කොරෝනා රෝගීන් සියයක් දෙසියයක් ඉකමවා වාර්තාවන අවස්ථාවලදීය. එම සංඛ්‍යාව සමහර අවස්ථාවලදී 500 ඉක්මවූ ආකාරයක්ද සංඛ්‍යා දත්ත හරහා අපට පෙනෙයි. මෙහිදී ගැටලුව මතු වන්නේ සංචරණ සිමා පැනවීමෙහි නොව සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්දයෙනි. සංචරණ සීමා ඉවත් වන්නේ දෛනික වාර්තාවන සංඛ්‍යාව දෙසියය ඉක්මවා වාර්තාවන පසුබිමක් තුළදීය. අප තුන්වන රැල්ලෙහි සංචරණ සීමා කෙරෙහි අවධානය යොමු කරන විට අපට පෙනෙන්නේ තවත් ව්‍යාකූල තත්වයකි. එනම් දිනකට රෝගීන් දහස ඉක්මවා වාර්තාවන පසුබිමක් තුළ සංචරණ සීමා පැනවෙන අතර මෑතකදී සංචරණ සීමා ඉවත් වන විටදීද දිනකට වාර්තා වන සාමාන්‍ය රෝගීන් සංඛ්‍යාව වන්නේ 1000 ත් 1500 ත් අතර ප්‍රමාණයකි. මෙහිදී මරණ ප්‍රමාණයද දිනකට 30ත් 60 ත් අතර ගන්නා බවක් පෙනෙයි. අනුව අපට ඇතිවන ගැටලුව වන්නේ සංචරණ සීමා දමන අවස්ථාවෙහි හමුවන රෝගීන් සංඛ්‍යාවටම සමාන රෝගීන් සංඛ්‍යාවක් සංචරණ සීමා ඉවත් කරන විටද දක්නට ලැබීමෙන් මෙකී සංචරණ සීමා දැමීමෙහි තාර්කිකත්වය අප අර්ථගන්වන්නේ කෙසේද යන්නයි

මේ අනුව අපට පෙනෙන්නේ මෙකී සංඛ්‍යා දත්ත සමඟ ක්‍රීඩාවක යෙදීමට ආණ්ඩුව සමත්ව ඇති බවයි. එමෙන්ම මෙහිදී අප අමතක නොකළ යුතු වන්නේ මෙලෙසින් වර්තමානය වන විට ඉතා අඩු පී.සී.ආර්. පර්යේෂණ ප්‍රමාණයක් දෛනිකව සිදු කරන පසුබිමක් තුළ දිනකට රෝගීන් 1000 ඉක්මවමින් වාර්තාවන බවයි. මේ අයුරින් සංඛ්‍යා දත්ත සඳහා තමන්ට අවශ්‍ය ආකාරයේ අර්ථනිරූපණයක් ලබා දෙමින් තම දේශපාලන ව්‍යාපෘතීන් කළමණාකරණයට ආණ්ඩුව විසින් මේ මොහොතේ උත්සාහ දරයි. මේ හරහා ආණ්ඩුව උත්සාහ කරන්නේ තම දෘෂ්ටිවාදී බලහත්කාරය හරහා ජනතාව කොවිඩ් සමඟ ජීවිතයක් යන ඊනියා සංකල්පයට අනුගත කර ගැනීමටය.

මේ අනුව අපට දිය හැකි එකම තාර්කික අර්ථනිරූපනය වන්නේ කොවිඩ් සාමාන්‍ය ජනතාවගේ ඇසට හුරු කිරීමෙහි එක් අදියරක් ලෙස . ධනපති පාලකයා විසින් තම මාධ්‍ය බලය ඔස්සේ සාමාන්‍ය ජනයා සාවද්‍ය පරාවර්තනයකට ලක් කරන ආකාරය සම්බන්ධයෙන් නම් කදිම නිදර්ශනයක් වශයෙන් මෙකී සංඛ්‍යා දත්ත සම්බන්ධ කර ගත් ක්‍රීඩාව හැඳින්වීමට හැකිය.

අරගල මර්දනය

අද වන විට අපට පෙනෙන්නේ බහුවිධ අරගලයන්ගෙන් දේශපාලන පිටිය උණුසුම් වී ඇති බවයි. ජීවන වියදම පහළ හෙළා ගැනීම සඳහාද අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් නොවිසඳුනු ගැටලු විසඳා ගැනීම සඳහාද සෞඛ්‍ය සේවයේ නියුතු වූවන්ගේ වෘත්තීය ගැටලු විසඳා ගැනීම සඳහාද ගොවීන්ගේ පොහොර ගැටලුව විසඳා ගැනීම සඳහාද පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහාද මෙකී නොකී බහු විධ පීඩාවන්ට එරෙහිව අරගලයම තෝරා ගැනීමට සාමාන්‍ය ජනතාවට අද සිදුව තිබේ. කොරෝනා අර්බුදයෙන් බැට කෑ අපට දැන් සිදු ඇත්තේ කබළෙන් ලිපට වැටීමකි.

එහෙත් මෙකී බහුවිධ අරගලයන්ට එරෙහිව මර්දන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙයි.මෙහිදී පාලක පැලැන්තිය විසින් අලුත් මර්ධන උපකරණයක් යොදා ගැනීමද දැකගත හැකිය. එනම් නිරෝධායන නීතිය තම මර්දනීය අවිය ලෙසින් යොදා ගැනීමය. එය තරමක් හාස්‍ය ජනක හැසිරීමකි. එහෙත් ඔවුන්ගේ මර්දනය හාස්‍ය ජනක නොවේ. අත්තඩංගුවට ගැනීම් සිදු කරන්නේ සංචරණ සීමා යන සාදකයට මුවා වෙමිනි. එහෙත් එලෙස අත්තඩංගුවට පත් වූවන් අධිකරණය තුළදී ඇප ලබා ගත්තද ඔවුන් බලහත්කාරයෙන් නිරෝධායනයට පිටත් කර හැරීම තුළ ඇත්තේ එකී මර්දනීය අවශ්‍යතාවයයි.

මිලිටරිකරණය

ලංකාව තුළ මිලිටරිකරණයේ මූලික අඩිතාලම වැටෙන්නේ දශකයකට පෙර සිටය. 2009 වර්ෂයේ යුද්ධය අවසාන වීමත් සමගය. 2005 -2009 කාල වකවානුව දක්වා හමුදා සෙබළා උත්කර්ෂයට නැංවෙන්නට වූ අතර මිලිටරිකරණය ව්‍යාපෘතියක් ලෙස සාධාරණීකරණය වන්නේ 2009 න් පසු ගොඩ නැගෙන පශ්චාත් යුධ උන්නතිකාමී මානසිකත්වය විසිනි. එහෙත් මෙම ව්‍යාපෘතිය තාවකාලික ලෙසින් හෝ නවතා දමන්නේ 2010 ජනාධිපතිවරණ සටනට සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වීමත් සමඟය. ඉන් අනතුරුව බිහිවන 2015 යහපාලන ආණ්ඩු සමයේදී මිලිටරිකරණයට අවශ්‍ය සමාජ මනෝභාවය සකස් කිරීමට එවකට විපක්ෂයේ සිටි රාජපක්ෂ රෙජිමය සමත් වූ බව කිව යුතුය.

වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් කළ මිලිටරිකරණ ව්‍යාපෘතිය පිළිබඳව යළි කතා බහක් ඇති වන්නේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්මත කර ගැනීමට උත්සාහ දැරීමත් සමඟය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මීට පෙර පැවතියක් වුවද එය මිලිටරිකරණ ව්‍යාපෘතියෙහි කොටසක් බවට පත් වූයේ නැත. පසුගිය යහපාලන සමයේ සම්මත කර ගැනීමට උත්සාහ දැරුවද මහජන විරෝධය නිසාවෙන් එය යටපත් වූ අතර වර්තමාන ආණ්ඩුව විසින් එය කරළියට ගෙනවිත් ඇත. හරහා අධ්‍යාපනය පෞද්ගලීකරණයට ලක් කිරීමටද අධ්‍යාපනය මිලිටරිකරණයකට ලක් කිරීමටද උත්සාහ දරණ බවද නොරහසකි.

ජනප්‍රිය ප්‍රචාරකවාදී දේශපාලනය

අපට ඉහත කී සියලුම ආකාරයේ දේශපාලන නිරීක්ෂණයන් සංයුක්ත වන්නේ ජනප්‍රිය ප්‍රචාරකවාදී දේශපාලනය නැමැති කාරණය හරහාය. ලොව පුරා හමා යන්නට වූ ජනප්‍රිය ප්‍රචාරකවාදී අතිශය දක්ෂිණාංශික දේශපාලන ප්‍රවණතාවයෙහි ලාංකේය ප්‍රායෝගිකත්වය පරිපාකයට පැමිණෙන්නේ මෙකී පොදුජන පෙරමුණේ දේශපාලනය හරහාය. 2009 වර්ෂයේ පටන් පශ්චාත් යුධ උන්නත්කාමී දේශපාලන ව්‍යාපෘතීන්ගෙන් ආරම්භ වූ අතිශය ප්‍රචාරකවාදී දේශපාලන ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් වූයේ මෙම ජනප්‍රිය අතිශය දක්ෂිණාංශික ආණ්ඩුවයි. ජාතිවාදී දේශපාලන ආස්තානයන් ඔස්සේ උත්කර්ෂයට නැංවීමෙන් මෙකී ආණ්ඩු බලයෙහි පිහිටුවීම සිදු වූ බව කිව යුතුය. මෙය රනිල් වික්‍රමසිංහ කේන්ද්‍රකර ගත් පසු ගිය යහපාලන ආණ්ඩුවෙන්ද 2001-2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන්ද වෙනස් වන්නේ මෙකී ජනප්‍රියවාදී බව යන සාධකය නිසාවෙන් පමණි. එසේ නොමැතිව මෙකී පාලක පැලැන්තීන් දෙකම අනුගමනය කරන්නේ එකම ආර්ථික ප්‍රතිපත්තියක් බවද මෙකී පාර්ශවයන් ද්විත්වයම රට මුහුණ දී ඇති අර්බුදයට වගකිව යුතු බවද පාර්ශවික කරුණක් ලෙසින් මෙහිදී අවධාරණය කර ගැනීම ඉතා වැදගත්ය.

මෙකී ප්‍රචාරකවාදී දේශපාලන උපායමාර්ගයම කොරෝනා හමුවේද අනුගමනය කිරීමට මෙම පාලකයෝ ක්‍රියා කිරීමෙහි අවසාන ප්‍රථිඵලය වන්නේ මෙම ඛේදජනක තත්වයයි. මුල් කාලීනව මිත්‍යාව ප්‍රවර්ධනය කරන්නට පටන් ගත්තේ හෙළ වෙදකම නැමැති කඩතුරාවට මුවා වෙමිනි. මුට්ටි පා කර හැරීමෙන්ද විවිධ වර්ගයේ පැණි වර්ග රාජ්‍ය අනුග්‍රහය සහිතව ප්‍රවර්ධනය කරමින්ද මොවුහු කොරෝනා හමුවේ පැන නැඟුණු ගැටලු කරා අතිශය ජනප්‍රිය ප්‍රවේශයන් කරා එළඹීමට ක්‍රියා කළහ. එයිනුදු නොනැවතී මුස්ළිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුව ජාතිවාදී ආස්තානයකට තල්ලු කරමින් තම ජනප්‍රියත්වය පවත්වා ගැනීමට උත්සාහ දැරූ බවද එය පසු කාලීනව ආණ්ඩුවට පාරා වළල්ලක් වූ බවද ප්‍රකාශ කළ හැකිය.

ඉන් අනතුරුව සිදු වූයේ කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් වූ සංඛ්‍යා දත්ත තම තමන්ට අවශ්‍ය පරිදි අවභාවිත කරමින් සමස්ත ජනතාවම සාවද්‍ය පරාවර්තනයකට ලක් කිරීමය. ඉහත පැහැදිලි කළ ආකාරයට කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් වූ සංඛ්‍යා දත්ත සහ සංචරණ සීමා පැනවීම් අතර යම් තාර්කික සම්බන්ධයක් ගොඩනගා ගැනීම අසීරු වන්නේ එනිසාවෙන්ය. එනම් වර්තමානය වන විට සංචරණ සීමා පැනවීම යනු හුදෙක් තම දේශපාලන සිදු වීම් කළමණාකරණය කර ගැනීමටද ආණ්ඩුව කෙරෙහි වන විරෝධතාවයන් සමනය කර ගැනීමටද භාවිත කරනු ලබන හුදු උපකරණයක් පමණක් වන බවයි. එනිසාවෙන්ම රෝගීන් සම්බන්ද සංඛ්‍යා දත්ත හැඟීම් විරහිත හුදු ඉලක්කම් පමණක් බවට වන හැඟීම ජනතාවට ඒත්තු ගැන්වීමට ආණ්ඩුව ක්‍රියා කරන්නේ මෙකී ජනප්‍රියවාදී දේශපාලන උවමනාව නිසාවෙන්මය. අනෙක් අතට එකී සංඛ්‍යා ලේඛන සම්බන්ද පරමාධිකාරී බලය මෙහෙයවමින් තමන්ට අවශ්‍ය මොහොතකදී කොවිඩ් සම්බන්ධ පොදු ජන මනෝභාවය පාලනය කරන බවද අමතක නොකළ යුතුය. විටෙක කොවිඩ් නිසා සාමාන්‍ය ජන ජීවිතය බියෙන් ඇළලී යන්නේද විටෙක සාමාන්‍යකරණයකට ලක් වන්නේද ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුරූපී ලෙසින් බව මෙහිදී සිහිපත් කළ යුතුය.

අනෙක් අතට පාලකයින් විසින් සිදු කරනු ලබන ජනතා විරෝධතාවයන් මර්ධනය කිරීමේ ක්‍රියාවලිය නම් තේරුම් ගැනීමට අපහසු වූවක් නොවේ. තම ජනප්‍රියවාදී මෙන්ම ප්‍රචාරකවාදී දේශපාලන ක්‍රියාමාර්ගයන්ට කලු පැල්ලම් එකතු කරන්නේ මෙම විරෝධතාවයන් මඟිනි. එහෙත් උක්ත මර්ධනීය ක්‍රියාමාර්ගයන්ට අනන්‍ය වූ ප්‍රතික්‍රියාව වන්නේ එකී මර්ධනය නිසාවෙන්ම සාමාන්‍ය ජනතාව අතර ඇති ජනප්‍රියත්වය තව දුරටත් පරිහානියට පත් වීමය. ඉහත කී ප්‍රතික්‍රියාවට පිළිතුරු සැපයීමේ ඊළඟ උපක්‍රමය සනිටුහන් වන්නේ ක්‍රමිකව සිදු කරනු ලබන මිලිටරිකරණය හරහාය.

2009 වර්ෂයෙන් පසුව ගොඩ නැගුණු පශ්චාත් යුධ උන්නතිකාමී දේශපාලනය හරහා උත්කර්ෂයට නැගුණේ මිලිටරිකරණයයි. මෙකී උත්කර්ෂයට නැංවීම තවදුරටත් වර්ධනය වන්නේ පසුගිය යහපාලන ආණ්ඩු සමයෙහි සිදු වූවා යැයි කියනු ලබන හමුදා දඩයම නැමැති එවකට ඒකාබද්ධ විපක්ෂය විසින් අධ්‍යක්ෂණය කළ නාටකය හරහාය. මෙකී සියලු දුර් විපාකයන් සඳහා පසුගිය යහපාලන ආණ්ඩුවද වගකිව යුතු වීමට එක් හේතුවක් වන්නේ මෙකී නාටකයන් කළමණාකරණය කර ගැනීමට දක්වන ලද අසමත්කම නිසාවෙනි. කෙසේ වුවද අද වන විට දිස්ත්‍රික්ක විසි පහම වෙනුවෙන් කොවිඩ් නිරීක්ෂණ කටයුතු සඳහා යන උපායෙන් හමුදා නිළධාරීන් පත් කර තිබීමෙන්ද අනෙක් අතට කොවිඩ් මර්ධනය සම්පූර්ණයෙන්ම මිලිටරිකරණයකට ලක් කරමින් පවතින පසුබිමක් තුළදීද වැඩ වර්ජන ආදී වෘත්තීය ක්‍රියාමාර්ගයන් තුළදී හමුදාව ක්‍රියාවෙහි යොදන ආකාරයෙන්ද පෙනී යන්නේ මිලිටරිකරණය තම ජනප්‍රිය දේශපාලනයෙහි කොටසක් බවට පත් කරගෙන ඇති බවය. මෙකී කොවිඩ් අර්බුදයන් අතරතුර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්මත කර ගැනීමට දරණ උත්සාහය ආණ්ඩුවේ සමස්ත දේශපාලන චිත්‍රයෙහි කොටසක් වන්නේ අයුරින්ය. එනම් හමුදාව කෙරෙහි සාමාන්‍ය ජනතාව තුළ පවත්නා හිතවත් මනෝභාවය තම ජනප්‍රිය දේශපාලනයෙහි කොටසක් බවට පත් කර ගැනීමත් පොදු ජන අරගලයන් මර්ධනය කරමින් රට මිලිටරිකරණයක් දක්වා කැඳවාගෙන යාමෙහි අවශ්‍යතාවය වෙනුවෙන්ය.

මේ අයුරින් අප හුදකලා යැයි පෙනෙන දේශපාලනික සංසිද්ධීන් යම් නිශ්චිත පිළිවෙළකට තැබූ පසු පෙනී යන්නේ මේ කිසිඳු සිදුවීමක් හුදකලා සිදුවීමක් නොවන බවයි. එනම් යම් නිශ්චිත දේශපාලනික වැඩ පිළිවෙළක කොටසක් වන බවයි. එනම් එය තම බලය වෙනුවෙන් ගොඩනගන ලද අතිශය සංවිධිත වැඩ පිළිවෙළක් බවයි. එසේනම් එහි ප්‍රති පක්ෂය වශයෙන් අපට යෝජනා කර සිටින්නේ කුමක්ද? එනම් වෙනත් යමක් නොව එකී සංවිධිත වැඩ පිළිවෙළට එරෙහිව වූ අතිශය සංවිධිත විකල්ප දේශපාලනික වැඩ පිළිවෙළකි. අධිපත් සමාජ දාෂ්ටිවාදයෙන් පටන් ගෙන ක්‍රියාකාරී විරෝධතාවයන් හරහා රට ගොඩ නැගීමේ දිශානතිය කරා යොමු වූ දේශපාලනික වැඩ පිළිවෙළක් ඔස්සේ පමණි.

*ධනංජය දීඝායු – නීතිවේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    people s situation before them today is like ” kabalen lipata waetuna haa samanaya”:

    අද වෙනවිට රාජය පාලනය බලුපොරයක් වැනි තත්වයට පත්වී ඇත. ඒකට හේතුව, රටේ හිරගෙවල් වල සිටිය යුතු රාජපකශ පරපුරම ඇත නොදොස් කොර නිදහස් කරන්ගෙන රටේ පර්ලිමේන්තුවට එතුලු වැත.. අර උදයන්ග් වීරග්තුන කියන පාහර බල්ල … හා ඒවැන්ටි ඉහල සල්ලිමාන් කොල්ල කාපු එවුන් අද එලියේ.. හිරගෙදට සිටපු මිනිමරු කුඩු දුමියා එලියේය. .. මෙව හෙන ගහන් අපරාද බව කිව යුතුයි.. කිසිදු කරන ක්රියා කලාපවල් රටේ ජනතාව ඉදිරියේ එවුන් නිහන්දය.. රටේ හිරගෙවල් වල සිටිය යුතු එවුන්, පාර්ලිමේන්තු වේ සභා නායක කරල ඇති විනාශය වචන වලින් කියන්නට බැරිය. “ අපිට දෙන්න අපි කොරල පෙන්වන්නම් “ කියපු මහින්ඩ රාජපක්ශෙ අද වෙනවිට, වචන දෙකක් කතා කරන්න බැරි මෝඩයකු ලෙස පැහැදිලි වෙමින් පවතී… මිනිසුන් අද ඉඩදුන්නොත් ලැබුනොත්, මේ රටේ නායකතවයට ගලගසා මරා දමනු ඇත.. මින්සුන්ගේ ඉදිරියේ ඇති කේන්තිය, මේ එක පවුලක්, බොරු කියල ජාති වාදය අවුස්ස බලය ඇවිදින් කරපු වින්නැහිය නිසා මේ රටේ අද ඇති වී ඇති තත්වය සිම්බාබ්වේ හෝ සෝමලියාවැ තත්වයන්ගේ පෙරතත්වයකි.. මෙලෙස මේ රටේ ඉන්න ජනතාව නොමග අරිමින් නූගත් රාජපක්ෂ වරු මේ රට ගෙනයන තැන, අද වන විට පැහැදිලියි.. ගිය වර 2015 වන විට, මේ රටේ නාස්තිය හා දූශනය ඉතාමත් බලවත් විදියට සිදු කොට ඇති නිසා රටේ ඇති නය බර තිබුන රජයට පැවරුනි… එනමුත්, ඒ රජාය අර “පාස්කු ප්රහාරය“ වෙනතෙක්… මේ රටේ තත්වය බැලනස් කරල කරගෙන ගිය බව කිව යුතුයි. .

  • 3
    1

    උද්ඝෝෂකයන්ව ඇදගෙන යන්න, උස්සන් යන්න, හාමුදුරු කෙනෙක්ව කොටස් වශයෙන් වෙන වෙනම උස්සන් යන්න, කාන්තාවන් තල්ලු කරන්න, උස්සන් යන්න පොලිසියට නියෝග කලේ අගැමති කාර්යාලයෙන්ද කියල හොයලා බලන්න ඕනේ. ඊට පස්සේ ගෝඨාභයත් ඒකට අනුමැතිය දුන්නේ නැත්ද කියලා හොයන්න ඕනේ. ආණ්ඩුවම පොලිසියට එහෙම කරන්න නියෝග දීලා, ඊට පස්සේ ආණ්ඩුවේ ඇමැතිවරුම පොලිසිය විවේචනය කරනවා. පට්ට බොරුවක් කරන්නේ. මිනිස්සු රැවටෙන්නේ නැහැ.
    අනිත් එක පොලිසිය ලව්වා සාධාරණ උද්ඝෝෂණයක් කරන මිනිස්සුන්ට අඩන්තේට්ටම් කරන්න, ඔවුන්ගෙන් පලිගන්න නිරෝධායනයට යවන්න මලක්කන් රාජපක්ෂලාට හයියක් ආවේ කොහොමද?
    මම නම මතක් කරන්නවත් කැමති නැති දේශපාලකයෝ ඉන්නවා. නමුත් ඉවසීමේ සීමාව ඉක්මවලා හින්ද අද නම් නමින්ම ලියන්න හිතුවා.

    • 4
      1

      මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකා දේශපාලනයේ ඉන්න ලොකුම ගුණමකු දේශපාලකයා. ඒ තරම් ගුණමකුවෙක් අපේ ඉතිහාසයටම නැහැ. හිරේ යවන්න හිටපු රාජපක්ෂලා වෙනුවෙන් පාරට ආපු මිනිස්සුන්වම ඔහු අද පාවලා දෙනවා.
      ගෝඨාභයයි බැසිලුයි අලි සබ්‍රියි එක්ක එකතු වෙලා රට පාවා දෙන, රටේ සම්පත් විකුණන, බුදු දහම විනාශ කරලා සාසනය සහ ගිහි බෞද්ධයන් දෙකඩ කරන සියලු පනත් මහින්ද සහ ඔහුගේ හොර දේශප්‍රේමී කැබිනට්ටුව තමයි පාස් කරන්නේ.
      ඒ විතරක් නෙමෙයි දැන් මුළු රටම පිළිකුල් කරන ඇමරිකන් පුරවැසි බැසිල් ලංසාව (රාජපක්ෂ කියන්නේ හොරට ගත්ත නමක්. රාජපක්ෂලා අනන්‍යතා හොරු – identity thieves) බැසිල් ලංසා පාර්ලිමේන්තු ගෙනැල්ල මුදල් ඇමතිකම දුන්නේ මොකොටද? තමන් හොඳ මිනිහා වෙලා, රටට කරන්න තියෙන සියලු පාවා දීම කරන්න, රජයට අයත් සම්පත් ඉතුරු ටික බැසිල් කියන පට්ට හොරා ලව්වා විකුණන්න. ඒ හින්ද මහින්දගේ ගුණමකුකම හරියට අඳුනා ගන්න ඕනේ.
      මිනිස්සු වහල් ආණ්ඩුවේ පාවා දීම් වලට එරෙහි වෙලා රාජපක්ෂ ආණ්ඩුවක් හැදුවා. අද උන්ම එකතු වෙලා වහල් ආණ්ඩුව කරන්න හදපු සියලු පාවා දීම්, රටේ සම්පත් විකිණීම් කරනවා.
      අනිත් එක තමයි රාජපක්ෂලා හිතනවා ඇති සිංහල බෞද්ධයන්ව රැවැට්ටුව කියලා. හැබැයි අපි රැවටුනේ නැහැ. රැවටුනේ තොපිමයි.
      සිංහල බෞද්ධයන්ගේ පිහිටෙන් බලයට ඇවිල්ල රටට කරන අපරාදෙට මිනිස්සු මොන තරම් කෙන්තියෙන්ද ඉන්නේ කිව්වොත්, තොපි බලයෙන් පහ කරපු දවසට ප්‍රභාකරන්, ප්‍රේමදාස මැරිච්ච දවස් වගේ මිනිස්සු රතිඤ්ඤා පත්තු කරයි.

      • 3
        1

        Champa akkiyo..
        ඔබවගේ කවුරුත් ඔය විදියට හැදෙනවා නම් මේ රට ඉත්රු කොරගන්න පුලුවන්.. චම්පා අක්කියේ… මම මේ කියන්නෙ මින්සුන්ග් ගැන සිතල… මහින්ඩ රාජපක්ශ් කියන්න, තමන් ගැන විතරක් සිතන … බලයට කැදර බොරුවෙන් ර්ජවෙල… මිනිසුන් අන්දන පාහර බැල්ලෙක් කිව්වොත් නිවෙරදියි…. මම මේව අවුරුඩු 15 විතරක් සොයා බලල කතා කරනන්ව… ඔය බැන්කු මන්කොල්ල ඔක්කොම එයාගෙන් පසුව ඇති වුන ජාති නැතිව, .. එකසත් ජාතික පකශයෙන් කරපු ජාති නොවෙයි.. මේව එලියට එනව ලන්ගදිම… සත්‍යය ජය ගන්නවා මයි…. අර අජිත්කබරයා කියන්න ජෝන් අප්පු එක්ක තමයි. බැන්කු මන්කලොල්ය කරෙ… ඒක අනිත අයගේ කරේ ගනහන්නෙ පටන් ගත්තෙ… 2015 සිට… සොරොව්ව ඇරල… දම්මාම වහන්න බැරි වාගේ… හිටපු රජයට කර කිව යුතු දෙයක් තිබුනේ නැහැ… මා දන්නව බැන්කු ලොක්කො කිව්ව. අර්ජුන ගේ කලයෙ වැරදෙ වෙන්න පලුවන් එනමුත් එයා සින්ගපුරුවේ හා ඩුබයි වල වැඩ කරන කොට කිසිම වැරදි බවක් කරා කියල එයාගේ වාර්ඩ්ත වල නැහැ කියල..
        අපි හිතමු… එව බොරු කියල.. ඉතින මේ යක්කු ඇවිදින් දන් වසර දෙකක් වෙනව… බලාපල්ල්ලොකු ඔවුන් කිසිම අමාරුවක් නැහනෙ… හොරා කිය කියා හිටපු අර්ජුන් මහෙනෙදරව ලන්කවාට ගේන්න්න… මොකොද ඒකට හේතුව… ?මෙවුන්ට මෝඩ මිනිසුන් ගොනාඅ අන්දන එක ලේසියි. එනමුත්, ,මිනිසුන්ගේ හද්වත් අන්දුනගෙන …. ඒ අයගේ ඩරිද්‍රතාවයෙන් ඒ අය ගලවන්න එවුන්ට බැහැ.. උන් බලන්නේ.. එවුන්ගේ මඩිය තර කර ගන්න විතරයි. ඔයා කියන්න බලන්න.. මහින්ඩ ඔය තරම් පොහොසත් වෙන්න පුලුවන්ද එයාගෙ වැටුප වලින්න් පමනක්.. අර පුත්තලම් බුරුවො වාගෙ කොල්ලො කවදාවත් පඩියකට වැඩ කරපු එවුන් නොවෙයි…. එවුන් එනම්ටුහ් මිනිසුන්ගේ බදු සල්ලි වලින් වෙඩ්ජබෙනව..

  • 2
    2

    Champa in top form!
    .
    I’m glad to see that she’s acquiring more broad-based views.

    • 3
      1

      Just imagine how many in local population could change their mindset that way?
      Unfortunately not significant portions.
      This is the saddest truth about south Asian mindset.☹☹☹☹☹☹☹☹☹☹ we all know if a person could see it rationally only, the outcome would be favourable. This is where the society experts have to focus on. Germany did it after WWII. 🤨🤨🤨

    • 3
      1

      Dear S_M:

      If Google translation didn’t fail me, I am not at all convinced that the said commenter has taken on a broad based view. Maybe so in relative terms but not in absolute terms.

      The said commenter’s biggest beef is the Rajapaksas’ supposed betrayal of Sinhala Buddhism and hence the Sinhala Buddhists; his/her comments here are littered with bigoted rhetoric. E.g. Reference to the Rajapaksas as Malakan and the “thoppi” metaphor!

      Basically, in my humble opinion, the particular commenter’s primary trigger for the disenchantment with the Rajapaksas is not founded on the best interest of all peoples of this country.

      • 2
        1

        Sugandh,
        .
        Most of my comments are carefully thought out; however, this may be an exception.
        .
        I want to be respectful to all those who operate in Swabasha. We have to win them over to our side. Champa is perfectly fluent in English, but she has these weird theories about a 48,000 year Sinhala_Buddhist civilization. Before Gauthama there were other Buddhas – according to her “research”. I don agree at all.
        .
        However, Champa is not a bad egg.
        .
        OTOH, I read Sinhala only slowly. You’re welcome to classify that as an irresponsible comment by me. My intention was to convey the message to all readers (almost all of them on this site probably more fluent in English than in Sinhala. That comment was made without careful study.
        .
        Nowthe knoves will come out attack me. What to do?

        • 0
          1

          Dear S_M:

          The positive influencing that’s characteristic of you here is much needed. It’s a humongous and a lot of times an impossible task.

          If you’re seeing improvement in someone’s stance politically and morally, then it’s a good sign. I mustn’t fault you for encouraging that journey!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.