3 May, 2024

Blog

විහාරාධිපතිගේ බිල්ලට නතු වන අභයගිරි ලෝක උරුමය

සෙනරත් බණ්ඩාර දිසානායක

ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක

අභයගිරි විහාරය තනන ලද්දේ වලගම්බා රජු විසින් ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේය. දාගැබ සෑදූ භූමියේ එවකට වූයේ නිගණ්ඨාරාමයක් වන අතර වලගම්බා රජු අනුරාධපූරය හැරයන නිමේසයේ ගිරි නිඝන්ටයාමහ කලු සිංහයා පලා යතැයි හඬගා කීය. වලගම්බා රජ දෙවන වර රාජ්‍යත්වයට පත්වූ අවස්ථාවෙහි ගිරි නිඝන්ඨාරාමය විද්වංශනය කළ හෙතෙම එතැන අභයගිරි දාගැබ ඉදි කළේය. එම දාගැබත්  ඊට අයත් සංඝාරාමයත් නම් කරන ලද්දේ තමාගේත් ගිරි නිඝණ්ඨයාගේත් දෙනම් එක් කොටය. මෙම දාගැබෙහි ධාතුඝරයෙහි තැන්පත් කළ යමක් ගැන වංශකතාවන්හි කිසිවක් සඳහන් නොවෙයි. එහි බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් කළේ නම් බව වංශකථාවන්හි හෝ සෙල් ලිපිවල සඳහන් නොවී තිබීමට කිසිදු හේතුවක් නැත. මේ හේතුව මතම ද්‍රෝණයක් ධාතූන් තැන්පත් කරන ලද රුවන්වැලි සෑයට මෙය කිසිදු ලෙසකින් සැසඳිය හැකි නොවේ. රුවන් වැලි සෑය බෞද්ධ සැදැහැවතුන්ගේ අප්‍රමිත ගෞරවාදරයට පාත්‍රව ඇත්තේ එම හේතුව නිසාය. ඊට ලැබෙන ගෞරවය අභයගිරිය දාගැබට දිනාගැනීමට නොහැකි වන්නේ එකී හේතුව නිසාය

තවත් අතෙකින් ගත් කල අභයගිරිය යනු ධර්මරුචි භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථානයයි. ධර්මරුචි නිකාය යනු මහායාන අදහස් දැරූ භික්ෂූන්ගේ මූලස්ථානයයි . සාමාන්‍යයෙන් එම නිකායට අයත් විහාරයන්හි දාගැබ්භි තැන්පත් කරන්නට ඇත්තේ ප්‍රඟා පාරමිතාව ලියැවුනු ධර්ම ග්‍රන්ථ වීමට ඉඩ තිබේ යැයි සිතිය හැක්කේ එම පාරමිතාව ලියැවුනු රන් පත්තිරු හතක් කැණීම්වලින් සොයා ගැනීම නිසාය. මහායානිකයන් ක්‍රිස්තු වර්ෂ පහ සියවසේදී චේතිය ගිරි හෙවත් මිහින්තලේ බලය අත්පත් කර ගත් පසු තැනූ බැව් නිසැක ඉදිකටුසෑයේ මහායාන ධර්ම පාඨ අඩංගු තඹ පත්තිරුරාශියක් සොයා ගැනීම් මගින්ද  මහායානික දාගැබ්හි මහායාන සූත්‍රයන් තැන්පත් කිරීමේ පුරුද්ද කැපී පෙනෙයි

අභයගිරිය යනු අනුරාධපුර ලෝක උරුම නගරයේ කැපී පෙනෙන ස්මාරකයකි. තවද එය පැරණි ලෝකයේ දෙවන උසැතිම ගඩොල් නිර්මාණයද වන්නේය. ලොව උසැතිම ගඩොල් ගොඩනැගිල්ල වන්නේද ජේතවනය දාගැබය. එය එකල අඩි 400ක් උසැති විය. මේ අනුව ලොව උසැතිම ගොඩනැගිලි දෙකෙහිම උරුමක්කාරයන් වන්නේ අපය; හෙට උපදින දරුවන්‍ .

එහෙත් අවාසනාවට මෙම ලෝක උරුම ස්මාරක ලෝක උරුම ලැයිස්තුවෙන් ගිලිහී යාමේ අවධානමක් දැන් දැන් උදාවමින් තිබෙන්නේය. එම අහිමිවීමට මුහුණ දෙන්නේ අභයගිරියේ නව විහාරයෙහි වත්මන් භික්ෂුව හෝ අමාත්‍යවරයා නොවේ; රටමය; උපනූපන් පරපුරය. අගනුවරට නුදුරු කෝට්ටේ පැරණි නගරයේ කබොක් ගල් ගනිමින්  ඇවිදිනවාට වඩා වගකීමක් අමාත්‍යවරයාගේ කර මත ඇත්තේය. එම වගකීම ඔහු අතින් ඉටු වන්නේද යන්න බලා සිටීම ජනතාවගේ වගකීම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වන්නේය.

අභයගිරි විහාරයේ පෞරාණිකත්වය මේ වනවිට බරපතල අවධානමකට හා අර්බුදයකට මුහුණපා ඇත්තේය. එහි සුදු හුණු තවරන ලෙස මුලින්ම යෝජනා කරන ලද්දේ වත්මන් විහාරාධිපතිය. ඊට නිසි අවසරය පුරාවිද්‍යා උපදේශක  සභාව විසින් ලබා නොදුන් අතර ඔවුන් අග්‍රාමාත්‍යතුමන්ට පෙන්වාදෙන ලද්දේ එය හුණු පිරියම් කලහොත් අනුරාධපුර නගරය ලෝක උරුම ලැයිස්තුවෙන් ගිලිහීයාමේ අවධානමක් උද්ගත ව්ය හැකි බවය. තවද එවැනි තීරණයක් ගතහොත් දාගැබ යට පටන් ඉහල දක්වාම ගඩොල් ගලවා ඉවත් කිරීමට සිදුවන්නේ අභයගිරි දාගැබ බුබ්බුලාකාරව තනා නොමැති වීම නිසාය. සිදු කරන ලද්දේ එවකට තිබූ ගර්භයට ආධාරක ගඩොල් ස්ථර කිහිපයක් යොදා දාගැබ සවිමත් කිරීමය. එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදේශක සභාවට නම්‍යශීලීව ඇහුම්කන්දීම සම්බන්දයෙන් ස්තූතිවන්ත විය යුතුය.

අභයගිරි දාගැබට වින කටින හස්තයන් දැන් නැවත ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙහි පළමු පියවර ලෙස අනුරාධපුරයේ පුරාවස්තු වැනසීමේ සෑම ව්‍යායාමයකදීම ඊට එරෙහිව හඬ නැගූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරිය ව්‍යාපෘති අධ්‍යක්ෂ සම්මානිත මහාචාර්‍ය ටී. ජී. කුලතුංගයන් මේ වන විට ඉවත් කර අවසානය. පුරාවස්තු වැනසුමට එරෙහිව නිති හඬ නැගූ ප්‍රධාන බලවේගයට අනුරාධපුරයේ භික්ෂු බලවේග අනලස්ව ක්‍රියාකර ඔවුහු ජයග්‍රහනය අත් කරගෙන සිටී. දැන් රිසි සේ උන්වහන්සේලාට කටයුතු කිරීමේ මග විවරව ඇත. එතුමා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම විද්වතා වනු මතු නොව ක්ෂේත්‍ර කටයුතු පිලිබඳ දීර්ඝතම අත්දැකීම් ඇති විද්වතාද වන්නේය

අභයගිරි දාගැබේ පෞරාණිකත්වය නැසෙන පරිදි එහි දොරටුවක් අරා අශෝභන මකර තොරණක් තැනීමේ කාර්‍ය භාරය මේ වනවිට ලහි ලහියේ සිදුකෙරෙමින් පවතී. වාර්ථාවන ආකාරයට දෙපාර්තමේන්තුව විසින් අවසර දී ඇත්තේ බල්ලන් ඇතුලුවීම වැලැක්වීමට ගේට්ටුවක් තැණීම සඳහාය. තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව පුරාවිද්‍යා ඉඩමක අනවසර ඉදිකිරීමක් සිදු කිරීමට කිසිවෙකුට නොපිළිවන. එය 1988 අංක 24 දරන පුරාවස්තු ආඟාපනතේ අංක 15 වගන්තිය යටතේ ඇප නොදෙන බරපතල වරදකි. නිලධාරීන්ට දෙස් දෙවොල් තැබීම නිමේශයකට නවතා වහාම මේ සම්බන්දයෙන් ක්‍රියා කර ආඟාපනතේ විධිවිධාන ක්‍රියාවට නැගීම අමාත්‍යවරයාගේ වගකීම වන්නේය. අපි එසේ වන්නේදැයි උපේක්ෂාවෙන් බලා සිටින්නෙමු.

දාගැබේ සිවුපස අසෝභන බුද්ධ ප්‍රතිමා සතරක් තැබීමේ ව්‍යායාමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත අත් හිටවුනි. ලෝක උරුමය වලපල්ලට ගියද සම්මාදම් මඩිය තරකර ගැනීම මෙහි එකම අරමුණ බව දැන් පැහැදිලිය.මීලඟ නිසැක කාර්‍ය වන්නේ සම්මාදම් වැඩි කර ගැනීමේ එම ජුගුප්සාජනක පියවරට විහාරාධිපති විසින් පිඹුරුපත් සැකසීමය. එය රජ කලදී මෙන් නැවතත් නිගණ්ඨාරාමයක් බවට පත්වීම මෙහි අවසන් ප්‍රතිපලය විය හැකිය. මේ සම්බන්ධයෙන් ලෝක උරුම මධ්‍යස්ථානය දැනුවත් කොට සංදේශයක් ඉදිරිපත් කිරීමට මා ඇතුලු කණ්ඩායමක් මේ වනවිට කටයුතු කරමින් සිටින බවද  මෙහිලා සිහිපත් කළ යුතුය

*ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායකහිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    ආ හා කවුද කියලා බැලුවා. මී අර, “රාවණා කියල මිනිහෙක් තියා, බල්ලෙක්වත් (සතෙක්වත්) හිටියේ නැහැ” කියපු හිටපු පුරාවිද්‍යා කොමසාරිස්තුමානේ. අන්න නැහැයි කියලා හිතපු යාලුවා දැන් එනවා යනවා. මම හිතන්නේ ඊළඟ බුදුහාමුදුරුවන්ට හරියන විදිහට ලංකාව පිරිසිදු කරන්න තමයි ලෑස්ති වෙන්නේ. පටන් ගන්නේ කවදද මමත් දන්නේ නැහැ. නමුත් ලංකාවේ පාලන තන්ත්‍රය කොයි වෙලාවක හරි වෙනස් වෙනවා.
    රාවණා ඉතිහාසය වහන්න, රාවණාද්වීප, ලංකාද්වීප වුනු හැටි, රාවණා කන්ද, සමනල කන්ද වුනු හැටි එහෙම මිනිස්සු දැන ගනියි.

  • 0
    0

    රුවන්වැලිසෑයට වාගේම අභයගිරියටත් අන්‍ය ආගමික “සැදැහැවත්තු” සම්මාදම් වෙනවා ඇති. අබුද්දස්ස කාලේ, සිංහල බෞද්ධයන්ට පන්සලකටවත් යන්න නොදී ගෙවල්වල හිර කරලා, පෝයට පන්සල් යන්නේ කතෝලිකයන්.
    අභයගිරිය විනාශ කරමින් කරන පුරාවිද්‍යා විකෘතිකරණය ගැන යුනෙස්කෝ ලෝක උරුමය මධ්‍යස්ථානයට දැනුම් දීල නවත්ත ගන්න වෙන තරමට මේ රටේ සිංහල බෞද්ධ උරුමයන් රැක ගන්න කෙනෙක් නැති එක ඉතාම සංවේගජනක කාරණයක්.

    • 0
      0

      බෞද්ධ කේවට්ට සභාව, ගෝඨාභය සහ අලි සබ්‍රි එක්ක එකතු වෙලා, අරුත් විකෘති කරපු මහායාන ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්න යන එකට විරුද්ධවත් සිංහල බෞද්ධ ජනතාවට යුනෙස්කෝ ලෝක උරුමය මධ්‍යස්ථානයට දැනුම් දෙන්න වෙයි.
      සියම් නිකායේ හාමුදුරුවරුන්ට බල තන්හා, තනතුරු තන්හා, ධන තන්හා ඇති වෙලා. ගිහියන්ට ජනාධිපති කෙනෙක් ඉන්න හින්ද, මහ නායක හාමුදුරුවරුන්ටත් හිට්ලර් වර්ගයේ සංඝරජ කෙනෙක් වෙන්න ඕනේ වෙලා, බලය පෙන්වලා, දඬුවම් දීල, බලහත්කාරයෙන් දහම පාලනය කරන්න, පන්සල් අල්ල ගන්න, පන්සල් උගස් කරන්න, පන්සල් විකුණන්න. මේවනෙ ත්‍රිපිටක සංහාර පනතේ තියෙන්නේ.
      හැබැයි, බැලූ බැල්මටම පෙනෙන දේ තමයි, 20 වෙනි සංශෝධනය වගේම, ත්‍රිපිටක සංහාර පනත හදන්නේත් කොළොඹ තියෙන ඇමරිකන් තානාපති කාර්යාලයද කියන එක. එම්සීසී සහ එට්කා ගිවිසුම් වල කරුණු සූක්ෂම විදිහට මේ පනතට ඇතුළු කරලා තියෙනව. එතකොට සල්ලි දෙන්නේ ත්‍රිපිටකය සංරක්ෂණය කරන්න කියලා. ඊට පස්සේ පුරාණ පන්සල් පාලනය කරන්නේ අන්‍ය ආගමිකයන්.
      ත්‍රිපිටක සංහාර පනත අනිවාර්යයෙන්ම නවත්තන්න ඕනේ. ඒ මොකොද කිව්වා නම්, ඊට පස්සේ බෞද්ධ කේවට්ට සභාව ෆෙඩරල් රටකටත් පාර හදලා දෙයි. හොඳට මතක තියා ගන්න ඕනේ දේ තමයි, මේ පනත ගේන හාමුදුරුවරු ලංකාවේ ස්වෛරීභාවයත් හානි කරන පෝට් සිටි පනතටත් එකඟ වුනා. ඒ හින්ද ෆෙඩරල් රටත් කමක් නැහැ කියන්න හොඳටම ඉඩ තියෙනව.

    • 1
      0

      Champa,
      .
      what is not being destroyed today ? You guys supported former multi criminals be back to power, so now they ruin the country again.
      :
      Do you think if people would be allowed, woudl the RAJAPAKSHES life BE SAFE TODAY ?
      Anyone could kill them…. to that manner, people angers have gone up… they feel that the Rajapakshes cheated them for their comeback. You former bed partner, Wimal Buruwanse, says ” even being silent is a voice”: Dog should be well aware of the fact how much harm his filthy loads to the easy targets caused ….. the kind of men should be RAW burried in order srilanka to feel ” served the justice”: I am a born buddhist as you are , but I have never seen mlechcha politicians of RAJAPAKSHE nature in my entire life (5 decades). Mahinda the mafia boss of all high crimes sofar is marching to his grave now…. no doubt his last breath would be NOT comparable to any other high criminals.

  • 0
    0

    අභයගිරිය ගැන කියන කොට ඉතිහාසය කියන ලොකුම බොරුව තමයි අභයගිරියට, අභයගිරිය කියන නම වැටුනේ වට්ට ගාමිණී අභය රජ්ජුරුවන්ගේ අභය කියන නමයි, ගිරි කියන නිඝන්ටයාගේ ගිරි කියන නමයි එකතු කරලා කියන එක.
    තමන් හදපු මහා පූජනීය දේකට, තමන්ට අපහාස කරපු නිඝන්ටයාගේ නම දාන්න වට්ට ගාමිණී අභය රජ්ජුරුවන්ට සෑහෙන මොලේ මාරුවක් තියෙන්න එපෑය.
    අනිත් එක ගිරි කියලා නිඝන්ටයෝ නැහැ. අතීතයේ ඉඳන්ම ගිරි කියන නම තිබිලා තියෙන්නේ සිංහල යක්ඛ සේනාධිනායකයන්ට හෝ උප රාජධානි පාලනය කල යක්ඛ පාලකයන්ට.
    අපිත් ඉස්සර මේ බොරු විශ්වාස කළා. දැන්නම් නැහැ. දැන් නෙමෙයි ඇත්තටම කිව්වොත් මම තුනේ පන්තියේ ඉන්න කොට තමයි බුදුරජාණන් වහන්සේ ගැන කියල තියෙන දේවල නොගැලපීම් ගැන දැන ගත්තේ. තුනේ පන්තියේ බුද්ධාගම පොතේ තිබුනා බුදුරජාණන් වහන්සේ මැයි මාසේ පිරිනිවන් පාන කොට අකලට මල් පිපුනා කියල. මම තාත්තාගෙන් ඇහැව්වා අකලට මල් පිපුනා කියන එකේ තේරුම. තාත්තා කිව්වා මල් නොපිපෙන කාලේ මල් පිපිලා කියන එක කියලා. ඊට පස්සේ මම ඇහැව්වා මැයි මාසේ මල් මාසේ නම් අකලට මල් පිපුන කිව්වේ ඇයි කියලා. තාත්තා කිව්වා අකලට මල් පිපුන එක හරි, මැයි මාසේ වැරදියි කියල සහ බුදුරජාණන් වහන්සේ ඇත්තටම පිරිනිවන් පාපු මාසෙත් කිව්වා. ඊට දශක ගානකට පස්සේ තමයි මම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු මාසය කවදද කියලා පරණ පොතක දැක්කේ.
    අපිට ඉතිහාසය උගන්වපු පොත්වල සෑහෙන්න වැරදි තියෙනවා. ඒ සියල්ල නිවැරදි කරන්නම ඕනේ.

  • 0
    0

    “දාගැබ සෑදූ භූමියේ එවකට වූයේ නිඝන්ටරාමයක්” කියලා හිටපු පුරාවිද්‍යා කොමසාරිස්තුමා කියන කතාව වැරදියි. ඒ නිඝන්ටාරාමයේ නමත් හොයාගෙන කිව්වා නම් වැරැද්ද තේරෙන්න තිබුනා.
    ඉස්සෙල්ලම කියන්න ඕනේ අභයගිරිය කියන්නේ දාගැබක් නෙමෙයි. විහාරයක්. අභයගිරි විහාරය මහා විශාල ආරාමයක්. කලින් එතන නිඝන්ටාරාමයක් නෙමෙයි, කලින් එතන තිබිලා තියෙන්නේ මහා විහාරය!
    ඉතිහාසයේ කියන විදිහට නිඝන්ටාරාමයේ නම “තිත්තාරාමය”ලු. හැබැයි පුරාණ සෙල්ලිපි වල කියලා තියෙනව මහා විහාරයට මුලින් කියලා තිබුණු නම “තිස්සාරාමය” කියලා. (පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මේ ගැන සාක්කි තිබිය යුතුයි.)
    තිස්සාරාමය හෙවත් මහා විහාරය, තිත්තාරාමය කරලා, ඒක නිඝන්ටයන්ගේ කියලා අපේ ඉතිහාසය විකෘති කරලා තියෙනවා.
    වෙන විදිහකට කියනව නම්, අද අභයගිරිය විහාරය කියලා පෙන්වන, අභයගිරි දාගැබද ඇතුළුව මුළු භූමි භාගයම තමයි අතීතයේ තිබ්බ, දෙවෙනි පියතිස්ස රජ්ජුරුවෝ (හෙවත් දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ) හදපු මහා විහාරය හෙවත් තිස්සාරාමය.
    අනිත් එක වට්ට ගාමිණි අභය රජ්ජුරුවෝ හදල තියෙන්නේ අභයගිරි දාගැබ නෙමෙයි, සීල චෛත්‍යය. සීල චෛත්‍යය වට කරලා තමයි අද තියෙන ඔය අභයගිරි දාගැබ හදලා තියෙන්නේ. මම දන්නා විදිහට එතන (සීල චෛත්‍යය) බුදුරාජාණන් වහන්සේ සිරි පතුල පිහිටුවලා තිබුණු ස්ථානයක්. තව ස්ථාන තියෙනව. මිරිසවැටි චෛත්‍යය පිහිටලා තියෙන තැන සහ තව ඉතිහාස පොතේ හංගලා තියෙන ස්ථාන තියෙනව, බුදුරජාණන් වහන්සේ සිරිපතුල පිහිටුවපු ස්ථාන.
    රතන චෛත්‍යය නමින් හඳුන්වලා තිබිලා පස්සේ නම වෙනස් කරලා වෙන කතාවකුත් ගොතපු රුවන්වැලිසෑය ගැන මම දන්නා දේ නොකියා ඉන්නේ අද රටේ පාලනය තියෙන්නේ සිංහල බෞද්ධයන් අතේ නෙමෙයි හින්ද. ද්‍රෝනියක් ධාතුන් වහන්සේලාටත් වඩා වැඩි දෙයක්.

  • 0
    0

    රාවණා ඇල්ල එක්ක රාවණාගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක රාජපක්ෂලාගේ පට්ට බොරුවක්. ඒ හින්ද ඒකට රැවටෙන්න එපා.

    • 0
      0

      රාජපක්ෂලාගෙන් යැපෙන පට්ට හොර අනාවැකිකාරයෝ ගොඩක් ලංකාවේ ඉන්නවා. ඔවුන් විවිධ දේ කියනව. විවිධ මාතෘකා කතා කරනවා. එකිනෙකාට විරුද්ධවත් කතා කරනවා. හැබැයි ඔවුන් සියලු දෙනාගේ හාම්පුතා රාජපක්ෂලා. ඒ හින්ද අනාවැකිකාරයෝ කියන දේ විශ්වාස කරන්න එපා.
      .
      රාවණාගේ පුතා ඉන්ද්‍රජිත් (මේඝනාද කියලත් කියනවා. ඒ නම කොහෙන් ආවද මම නම් දන්නේ නැහැ) ඊළඟට රටේ පාලකයා වෙනවා එහම නැත්නම් දියසේන කියලා එන්නේ ඔහු කියලා කියන කතාව පට්ට බොරුවක්. ඉන්ද්‍රජිත් යුද්ධකදී මැරුණා. මිනිස්සු නොදැන වුනත් උපුල්වන් දෙවියෝ කියලා වන්දනාමන කරන්නේ ඉන්ද්‍රජිත්ට. ඔහු නැවත ඉපදෙන්නේ ඊළඟ බුදුරජාණන් වහන්සේ ඉපදෙන කොට.
      ඒ හින්ද හොර අනාවැකිකාරයෝ රාජපක්ෂලා ගෙන් සල්ලි අරන් කියන බොරු වලට රැවටෙන්න එපා.

      • 0
        0

        අනාවැකිකාරයෝ කියනව දියසේන කියලා අවුරුදු 25ක 35ක තරුණයෙක් බලයට එනවලු. පට්ට බොරුවක්. රොටි කොල්ලෙකුට පුලුවන්ද රටක් පාලනය කරන්න?
        අවුරුද 73ක්ම ෆේල් වෙලා මේ පාරත් ෆේල් වුනේ මේ තාක් බලයට ආපු එක ජනාධිපතිවරයෙක්ටවත්, එක අගමැතිවරයෙක්ටවත් රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය ගැන කිසිම දැනීමක් නොතිබ්බ නිසා. ඔවුන්ට රටේ ප්‍රශ්ණ අවබෝධ කරගෙන විසඳුමක් දෙන්න තරම් ප්‍රයෝගික බුද්ධියක් නැහැ. මෙතෙක් පත් වුනු හැම පාලකයාම මහා පරිමාණයෙන් ණය ගන්නේ ඔවුන් අදක්ෂ නිසා. නැත්නම් මේ තියෙන විදිහට වුනත් එක ශතයක් ණය ගන්නේ නැතුව රට හදන්න පුළුවන්.
        .
        හැබැයි අනාවැකිකාරයෙක් නොවී යම් යම් දේ කියන එක විශේෂ පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට යම් බලයක් තියෙනවා. බොහොම නිවුන තැන්පත් ගති තියෙන කෙනෙක්. ඔහු තමන් දන්නා දෙයින් සියයට 80ක් විතර හිතේ තියාගෙන, සියයට 20ක් විතර කියනව.
        .
        අතීතයේ හිටපු අපේ රජවරු, සෙන්පතිවරු, අපේ මුතුන් මිත්තෝ නැවත ඉපදිලා ඉන්නවා. ඔවුන් විවිධ වයස් වල විවිධ ක්ෂේත්‍ර වල, ගිහි විතරක් නෙමෙයි පැවිදි තත්වයේත් ඉන්නවා. සමහර එවන් අය කතා කරන කොට මට හිතෙනවා මේ ඉස්සර හිටපු අහවල් රජ්ජුරුවෝ, අහවල් හාමුදුරුවෝ, අහවල් යක්ඛ සෙන්පති වෙන්න ඇති කියලා.. ඒ හින්ද විස්සෝප වෙන්න දෙයක් නැහැ. අද තියෙන තත්වය තාවකාලිකයි.

        • 0
          0

          පැරකුම්බා සිරිතේ කියන කතාව ඇත්ත. රටේ නායකත්වය ගන්න මේ කාලේ කවුරු හරි ඉදිරිපත් වෙනවා. අධ්‍යාත්මික බලයක් තියෙන කෙනෙක් කියලා කියන්නේ ලංකාව ගොඩ ගන්න එහෙම කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට බැරි නිසා. ලංකාව ගොඩ එන්නේ එහෙම නායකයෙකුට පෙනෙන නොපෙනෙන සියලු බලවේග උදව් කරන නිසා. කවුද කියලා මමත් දන්නේ නැහැ. නමුත් අනිවාර්යයයෙන්ම සිද්ධ වෙනවා.
          ලංකාවවත් බුදුදහමවත් කවදාවත් විනාස වෙන්නේ නැහැ. විනාස කරන්නත් බැහැ. කවුරුම හරි ඉන්නවා රට බේරාගන්න.
          සිංහලයන්ගේ තියෙන ප්‍රශ්නය, ඔවුන් නායකත්වයක් බලාපොරොත්තු වෙනවා. ඔවුන් හැමවිටම ඒකාරාශී වෙන්නේ නායකයෙක් වටා. නායකත්වය ගිහියෙක් වෙන්න පුළුවන් නැත්නම් හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම වුනත් ඊළඟ නායකත්වය අනිවාර්යයෙන්ම නැවත ඉපදුනු පිරිසිදු සිංහල යක්ඛ අපේ මුතුන්මිත්තෙක්. ඒ ගමන කාටවත් නවත්තන බැහැ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.