24 April, 2024

Blog

ඊශ්‍රායලය, බල පෙරළිය හා පලස්තීනය

ධනංජය දීඝායු සහ​ චමෝදා චන්ද්‍රසේන –

ලෝක බල තුළනය තුළ ඊශ්‍රායලයට ඇත්තේ ඉතාමත් විවාදිත භූමිකාවකි. එක් අතකින් එක්සත් ජනපදයේ බල ව්‍යාපෘතියේ ඒජන්තයෙකු වශයෙන් ක්‍රියා කරන බවට වන චෝදනාවත් අනෙක් අතින් පලස්තීන අර්බුදයත් නිසාවෙන් ඊශ්‍රායලයේ භූමිකාව මග හැර ගිය නොහැක්කක් බවට පත්ව ඇත. ඊශ්‍රායලයේ නව බල පෙරලිය වත්මන් සන්දර්භය තුළ වැදගත් වන්නේ එබැවින්ය. ඊශ්‍රායලය 2019 වසරේ සිට මැතිවරණයන් 4ක් මේ වන විට පවත්වා ඇති අතර ඉන් තුනක් පවත්වා ඇත්තේ 2019 වසරේදීමය. නමුත් එම සෑම ආණ්ඩුවක්ම බිඳ වැටුණේ සෑම අවස්ථාවකදීම බහුතර බලයක් ලබා ගැනීමට කිසිඳු පක්ෂයක් අසමත් වූ නිසාවෙනි. 2021 පවත්වන ලද 4 වන මැතිවරණය වැදගත් වන්නේ එමඟින් බෙන්ජමින් නෙතනියාහු ගේ 12 වසරක පාලනය බිඳ දැමීමට සමත් වූ බැවිනි. එහිලා ඊශ්‍රායල දක්ෂිණාංශික, වාමාංශික හා මධ්‍යස්ථ මතධාරී දේශපාලන පක්ෂ (සමාජ ප්‍රජාතන්ත්‍රවාදීපමණක් නොව 20% සුලුතරයක් වූ ඊශ්‍රායලයේ වෙසෙන අරාබි ජාතිකයන් නියෝජනය කරන සාම්ප්‍රදායික ඉස්ලාම් රාම් පක්ෂය (ඉස්ලාම් කන්සර්වේටිව් රාම් පක්ෂය) එක්ව සන්ධානගත වන්නේ නෙතනියාහු ගේ 12 වසරක පාලනය අවසන් කිරීමටය. මෙම වසරේ මාර්තු 21 වන දින පැවති මහ මැතිවරණයෙන්ද කිසිඳු පක්ෂයකට බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි වුවද සන්ධානගත වීමෙහි ආශිර්වාදයෙන් පසුගිය ජුනි 13 වන දින අන්ත දක්ෂිණාංශික yamina party හි නෆ්ටාලි බෙනට් අගමැති ධූරයෙහි දිවුරුම් දෙනු ලැබීය.එහෙත් නව අග්‍රමාත්‍යවරයා දිවුරුම් දීමට පෙර බෙනජමින් නෙතනියාහු ප්‍රකාශ කර ඇත්තේඅපට විපක්ෂයට යාමට නියම වුවත් එය පෙරළා දැමිය හැකිවන තෙක් හිස ඔසවා සිටිමුයනුවෙනි.

නමුත් වර්තමානයේ ඊශ්‍රායලය තුළ බලය හොබවන්නේ yamina party ඇතුළත්ව බිහි වූ නව සන්ධානය විසින්ය. එබැවින් නව සන්ධානයේ ක්‍රියා කලාපය ඊශ්‍රායලයේ අභ්‍යන්තර මෙන්ම බාහිරව ඔවුන්ගේ අර්බුදය වන පලස්තීනය කෙරෙහි කෙසේ බලපාවිද යන්න සම්බන්ධයෙන් විමසා බැලීම ඉතා වැදගත් වෙයි. එයට හේතුව වන්නේ පලස්තීනය සම්බන්ධයෙන් වන ගැටලුව ලෝක බල තුළනය කෙරෙහි දක්වන අදාලත්වය නිසාවෙනි. එය ඇමරිකා එක්සත් ජනපදයෙහි මැද පෙරදිග බලය තහවුරු කර ගැනීම කෙරෙහි බලපෑම් සහගත වනවා මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය කෙරෙහි ඊට ප්‍රතිපක්ෂ කඳවුරෙහි පවත්නා ප්‍රතිවිරෝධයන් තීව්‍ර වීමද ලෝක බල දේශපාලනය තුළ ඉතා කේන්ද්‍රීය වන නිසාවෙන් පලස්තීනය සම්බන්ධයෙන් වන ඊශ්‍රායල නව රජයේ එළැඹුම දේශපාලනික වශයෙන් අපට මග හැර යා නොහැකි සිදු වීමක් වීම එයට හේතුවයි.

නෆ්ටාලි බෙනට්, නව සන්ධානය සහ ප්‍රතිවිරෝධතා

නෆ්ටාලි බෙනට් යනු Ultra nationalist Yamina Party හි නායකයාය. ඔහු තම අනන්‍යතාවය සනිටුහන් කරන්නේ බෙනජමින් නෙතනියාහුටත් වඩා අන්ත දක්ෂිණාංශිකයෙකු වශයෙනි. බව කිහිප අවස්ථාවකදී ඔහු විසින්ම කරන ලද ප්‍රකාශයන් කිහිපයක් මඟින් හෙළි වෙයි. එමෙන්ම ඔහුගේ දේශපාලනික භාවිතාව තුළින්ද ප්‍රකාශ වන්නේ ඔහු අන්ත දක්ෂිණාංශිකයෙකු වන බවයි. අතිශය ජාතිවාදී පදනමක සිටිමින් තම දේශපාලන ක්‍රියාකාරීත්වය සනිටුහන් කරන්නෙකු වන බවයි. එමෙන්ම මොහු විසින් පසු ගිය 13 වන දින අගමැති ධූරයෙහි දිවුරුම් දෙමින් කරන ලද කතාව ඉතා වැදගත් වෙයි.එහිදී ඔහු තම කතාව පුරාවටම මතු කරන්නේ ඊශ්‍රායලය නැමැති රාජ්‍යය යුදෙව් රාජ්‍යයක්ය යන මතවාදයයි

ඊශ්‍රායලය ලොව ඇති එකම යුදෙව් රාජ්‍යය බවට ප්‍රකාශ කරන ඔහු එහි ඇති යුදෙව් අනන්‍යතාවයට ඇති බාධාවන් ඉස්මතු කිරීමට උත්සාහ දරයි. එය යුදෙව්වන්ගේ සිහින රාජ්‍යය බවට ප්‍රකාශ කරමින් නොනවතින මොහු ප්‍රකාශ කරන්නේ ලොව පුරා වෙසෙන යුදෙව් ජාතිකයන්ට තම රටට සංක්‍රමණය වීමට අවශ්‍ය පසු බිම නිර්මාණය කරන බවයි. පලස්තීනය හෝ හමාස් සංවිධානය තම ඊශ්‍රායල රාජ්‍යයේ පැවැත්ම පිළි ගත යුතු බවයි එමෙන්ම මොහු ප්‍රකාශ කරන්නේ පලස්තීනය ප්‍රචණ්ඩ ලෙස කටයුතු කරන්නේ නම් එයට ප්‍රතිචාර දැක්වීමට තමා පසුබට නොවන බවයි. තවදුරටත් මෙහිදී ඔහු පූර්ව මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයන් තුළදීද කරන ලද ප්‍රකාශයන් ඉතා වැදගත් වෙයි. ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්දයෙන් වන ද්වි රාජ්‍යය විසඳුම :(Two state Solution) දැඩි ලෙසම ප්‍රතික්ෂේප කරයි. ඔහු ප්‍රකාශ කරන්නේ පලස්තීනය යනුවෙන් රාජ්‍යයක් නිර්මාණය වීමට ඉඩ දීම සිය දිවි නසා ගැනීමකට සමාන වන බවයි. තව දුරටත් ඔහු විසින් ප්‍රකාශ කරන්නේ බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈඳා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

එහෙත් එයට ප්‍රති පක්ෂව යාර් ලපිඩ් නම් පසු ගිය ඊශ්‍රායල ව්‍යවස්ථාදායකයේ විපක්ෂ නායකයාගේ ප්‍රවේශයද සලකා බැලිය යුතුය. මොහු නෆ්ටාලි බෙනට් සමඟින් වන සන්ධානයෙහි අනෙක් ප්‍රධාන පාර්ශවකරුවාය. දේශපාලනික වශයෙන් මධ්‍යස්ත මතධාරියෙකු වන ඔහු තම දේශපාලන පක්ෂය වන Yesh Atid පක්ෂය පිහිටුවා ගන්නේ 2012 වර්ෂයේදීය. 2014 – 2015 වර්ෂ වලදී නෙතනියාහු සමග සන්ධානයක් ගොඩනගමින් එම ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ලද අතර ඉන් අනතුරුව එම සන්ධානයෙන් ඉවත් විය. 2019 වර්ෂයේදී ඊශ්‍රායල මිලිටරි නායකයෙකු වන බෙනී ගාන්ට් (Benny Gantz)සමඟ එකතු වී Entrist Blue and White නැමැති සන්ධානය ගොඩනැගූ අතර  එම සන්ධානය බිඳ වැටීමෙන් අනතුරුව බෙන්ජමින් නෙතනියාහුගේ ආණ්ඩුවට එරෙහි ප්‍රධාන විවේචකයා වූයේ මොහුය. මොහු ඊශ්‍රායල පලස්තීන ගැටුම සම්බන්ධයෙන් දරණ මතවාදය මෙහිදී ඉතා වැදගත් වෙයි. එම අර්බුදය සම්බන්ධයෙන් ද්විත්ව රාජ්‍ය  විසඳුම (Two state Solution) මොහු විසින් පිළිගන්නා නමුදු ජෙරුසෙලම දෙකඩ කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් දක්වයි. නෆ්ටාලි බෙනට්ට සාපේක්ෂව සළකා බලන කල්හි මධ්‍යස්ථ මෙන්ම වාමාංශික හැඩයේ දේශපාලනික එළඹුමක් යාර් ලපිඩ් මෙන්ම ඔහුගේ දේශපාලන පක්ෂය විසින් දරණ බව මෙහිදී අතිශය වැදගත් වන්නකි.

එමෙන්ම මෙම සන්ධානය තුළ ඇති අනෙකුත් සුලු පක්ෂ කිහිපය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. එම පක්ෂ අතරින් Mertz  වාමාංශික පක්ෂයද ඊශ්‍රායල කම්කරු පක්ෂයද එමෙන්ම අරාබි කන්සර්වේටිව් රාම් පක්ෂයද වැදගත් වෙයි. මෙහිදී Mertz  වාමාංශික පක්ෂය ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් ගන්නේ ද්විත්ව රාජ්‍ය විසඳුමට(Two state Solution) පක්ෂපාතී ආස්තානයකි. එමෙන්ම ඊශ්‍රායල කම්කරු පක්ෂයේ සභාපති Mirav Michaeli ප්‍රකාශ කරන්නේ ඉහත කී ද්විත්ව රාජ්‍ය(Two state Solution) විසඳුමට තමන් පක්ෂපාතී වන බවයි. එමෙන්ම නෆ්ටාලි බෙනට් විසින් යුදෙව් ජනතාවගේ සිහින රාජ්‍යයක් පිළිබඳව කතා කරන විට එම සන්ධානයේම අරාබි රාම් පක්ෂය ඊශ්‍රායලයේ සුලුතරය වන 20% අරාබි ජනතාව නියෝජනය කරයි.

මෙම සන්ධානය නිර්මාණය වන්නේ  “The Change Coalition”  යන නමින්ය. එහෙත් උක්ත ප්‍රතිවිරෝධතාවයන් තුළින් අපට ඇති වන සැකය වන්නේ ඔවුන් අපේක්ෂිත වෙනස කිරීමට එම සන්ධානය සමත් වේද යන්නයි. උක්ත ප්‍රතිවිරෝධතාවයන් හෙළි කරන්නේ එකී සන්ධානය තුළ ඇති පක්ෂ අතර පලස්තීනය සම්බන්ධයෙන් වන එළඹුමෙහි ඇති පරස්පරතාවයන්ය. මෙකී පරස්පරතාවයන් පිළිබඳව වන කදිම නිදර්ශනය වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය වසරේදී පලස්තීනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදහස් හා විරෝධතාවයන් සැළකිල්ලට ගැනීමේදීය. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කළ සිතියමට නෆ්ටාලි බෙනට් මෙන්ම ඉහත කී Mertz වාමාංශික පක්ෂයද විරුද්ධ වූ නමුත් ඔවුන්ගේ විරෝධතාවයන් පැන නැඟුණේ මූලයන් දෙකකින්ය. එම සැළැස්මට එකී වාමාංශික පක්ෂය විරුද්ධ වන්නේ එම සැළැස්මෙහි වූ සිතියම අතිශය වර්ණභේදවාදී සිතියමක්ය යන පදනමේ සිටිමින්ය. එහෙත් නෆ්ටාලි බෙනට් මෙයට විරුද්ධ වන්නේ වෙනම රාජ්‍යයක් එමඟින් නිර්මාණය වන නිසාය. එනම් ද්විත්ව රාජ්‍ය විසඳුමට ඔහු විරුද්ධ නිසාවෙන්ය. මෙකී විරෝධතාවයන් එල්ල වුවද මෙකී විරෝධතාවයන් සමාන බවක් පෙනෙන්නට වුවද මෙකී විරෝධතාවයන් පැන නඟින්නේ මූලයන් දෙකකින්ය. උක්ත වාමාංශික පක්ෂය ද්වි රාජ්‍ය විසඳුම(Two state solution) පිළිගන්නා අතර තුර මෙකී නව සිතියමට විරුද්ධ වෙයි. එකී සිතියම අතිශය වර්ණ භේදවාදී වන නිසාවෙනි. එනම් මොවුන් වර්ණ භේද වාදයට විරුද්ධ නිසාවෙනි. එහෙත් නෆ්ටාලි බෙනට් එයට විරුද්ධ වන්නේ ඔහු අතිශය වර්ණ භේදවාදී වන නිසාවෙනි. යුදෙව් රාජ්‍යයක සිහින දකින අතරම  පලස්තීනය නමින් බිහිවන පලස්තීන වැසියන්ගේ තම රාජ්‍යය වෙනුවෙන් වන අයිතිය වර්ණ භේදවාදී ලෙස ප්‍රතික්ෂේප කරමිනි. මේ අයුරින් බලන කළ පෙනෙන්නේ අතිශය සියුම් තත්වයක සිට පැහැදිලි ලෙසින් දෘශ්‍යමාන වන තත්වයක් දක්වා පරාසයක මෙම පක්ෂ අතර ප්‍රතිවිරෝධතාවයන් සුලබ බවයි.

එමෙන්ම මෙම අලුත් සන්ධානය පිළිබඳව මත පළ කරන දේශපාලනික විචාරකයන් ප්‍රකාශ කරන්නේ මෙය අතිශය අස්වාභාවික ලෙසින් ප්‍රතිවිරෝධතාවයන් මැඩ ගනිමින් නිර්මාණය කරන ලද සන්ධනයක් වන බවයි.

 “The Change Coalition”  බිහි වන්නේ ඇයි?

උක්ත දැවැන්ත ප්‍රතිවිරෝධතාවයන් තිබියදී මෙකී “Change Coalition”  බිහි වන්නේ ඇයි? මෙකී විසම්මුතීන් ඒකාරාශී කරන්නේ කුමන අරමුණක් විසින්ද? යන ගැටලුව අපට ඇති වෙයි. පෙනෙන්නට ඇති කරුණ වන්නේ බෙන්ජමින් නෙතනියාහු කෙරෙහි වූ විරෝධතාවය විසින් මෙකී ප්‍රතිවිරෝධතාවයන් තිබියදී සන්ධානගත වීමට අවශ්‍ය පදනම සකස් කරන ලද බවයි. බෙන්ජමින් නෙතනියාහුගේ 12 වසරක පාලනයෙන් පසුව ඊශ්‍රායලය අභ්‍යන්තර ගැටලු රාශියක් නිර්මාණය වී ඇති බව පෙනෙයි. එකී අර්බුද කෙරෙහි අවධානය යොමු කරන බවට නෆ්ටාලි බෙනට් විසින් සිට මංගල කතාවේදී ප්‍රකාශ කර ඇත. අතර රට එක්සත් කිරීම, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම, හා පශ්චාත් කොවිඩ් වසංගත තත්වයට මුහුණ දීමට අවශ්‍ය වැඩ පිළිවෙළක් සකස් කිරීමට තම සන්ධානයට අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කරයි. එහෙත් අප මෙම තත්වය තේරුම් ගත යුත්තේ කෙසේද?

එනම් බෙනජමින් නෙතනියාහුට එරෙහිව වූ ජනමතය පෙළ ගැසෙන්නේ උක්ත අර්බුද සහ ඔහු විසින් කළා යැයි කියනු ලබන වංචා හා දූෂණ නිසාවෙන්ය. එනිසාවෙන්ම ඊශ්‍රායල වැසියාට අවශ්‍ය වූයේ නෙතනියාහු පරාජය කිරීමයි. එකී අවශ්‍යතාවය වෙනුවෙන් වන සීමිත අර්ථයකින් නිර්මාණය වූ අවකාශය වන්නේ මෙකී සන්ධානයයි. එනම් මෙකී සන්ධානය බිහි වන්නේ නෙතනියාහු බලයෙන් පහ කිරීම වෙනුවෙන් මිස වෙනත් යමක් වෙනුවෙන් නොවන බවයි. මෙහිදී අපට පැහැදිලි වන්නේ මෙකි විරෝධය ක්‍රම විරෝධයක් නොව පුද්ගල විරෝධයක් දක්වා වන පටු එළඹුමක් බවයි. එනම් මෙකී සන්ධානයෙහි පැවැත්ම තීරණය වන්නේ නෙතනියාහු නැමැති සාධකය මත පමණක් බවය.

 සිදු විය හැක්කේ කුමක්ද?

සිදු වීමට ඉඩ ඇත්තේ ලෝක ප්‍රජාව බලාපොරොත්තු වන ආකාරයේ වෙනසක් නොවන බව නම් ඉතා පැහැදිලිය. බෙන්ජමින් නෙතනියාහු තම ප්‍රතිවාදියා ලෙසින් බලවත්ව සිටින තාක් කල් මෙම සන්ධානය පැවතීමට ඉඩ ඇත. නෙතනියාහු දේශපාලන පිටියෙන් ඉවත් වූ පසු හෝ ඉවත් කළ පසු මෙම සන්ධානය තුළ ඇති අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවයන් මුහුකුරා යෑමට ඉඩ ඇත. එනිසාවෙන්ම සිදුවීමට ඉඩ ඇත්තේ නෙතනියාහුගේ අවසානයත් සමඟින්ම මෙකී සන්ධානයෙහිද අවසානය සනිටුහන් වීමය. එනම් ප්‍රතිවිරෝධතාවයන් මුහුකුරා යාමය.

පලස්තීන ගැටුම් සම්බන්ධයෙන් කුමක් සිදු වීමට ඉඩ ඇතිද?

මෙකී බල පෙරලියට පෙර පැවති තත්වය වූයේ දෙපාර්ශවයම විසින් සටන් විරාමයක් කරා යොමු වී සිටීමය. එහෙත් බල පෙරළියෙන් දින තුනකට පසුව සිදු වූයේ නැවත වරක් ගාසා තීරයේ සටන් ඇවිළී යාමය. මෙහිදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ට නායකයෙකු වන සාමි අබු සුහීර් මෙම අලුත් රජය කෙරෙන් වෙනස් ප්‍රවේශයක් තම පක්ෂය විසින් අපේක්ෂා නොකරන බවයි. ඔහු ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලය විසින් සාමූහික වශයෙන් පලස්තීනුවන් මරා දැමීමට සාමූහික තීරණයක් ගෙන ඇති බවයි. එමෙන්ම පලස්තීන විදේශ අමාත්‍යවරයා විසින් දැඩි ලෙසම ප්‍රකාශ කර ඇත්තේ 1967 වර්ෂයේ දී එකඟ වූ දේශ සීමාවන් යටතේ පලස්තීන භූමිය දේශ සීමා පිළිගත යුතු බවයි. එමෙන්ම පලස්තීන ජනාධිපති විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙකී ඊශ්‍රායල බල හුවමාරුව හුදෙක් ඊශ්‍රායල අභ්‍යන්තර කරුණක් පමණක් වන බවයි

මෙකී තත්වය තුළ අපට පැහැදිලි වන්නේ පලස්තීනය සම්බන්ධයෙන් වන ගැටලුව අවසාන විසඳුමක් කරා ඒමට මෙම නව රජය වුවද අසමත් වීමට ඇත්තේ ඉතා ඉහළ ඉඩකඩක් වන බවයි. පලස්තීනය වුවද පිළිබඳව දරන්නේ ඉතා සෘණාත්මක අදහසකි. ඊශ්‍රායල නව රජය පාර්ශවයෙන් ගත් කළ අපට පෙනෙන්නේ එකී සන්ධානයෙහි පවත්නා ප්‍රතිවිරෝධතාවයන් නිසාවෙන් පලස්තීනය සම්බන්ධයෙන් වන අවසාන තීරණයක් ගැනීම අසීරු කටයුත්තක් වනු ඇති බවයි.

මෙකී සියලුුම කරුණු සංයුක්ත කරන කල්හි අපට පෙනෙන්නේ මෙකී සන්ධානය බෙන්ජමින් නෙතනියාහු කෙරෙහි වන විරෝධය නිසාවෙන් පමණක් සංයුක්ත වූවක් වන නිසා නෙතනියාහු නැමැති සාධකයේ බලපෑම අවසාන වන කල්හි මෙකී සන්ධානයේ පැවැත්ම අහෝසි වීමට ඉතා වැඩි ඉඩකඩක් ඇති බවයි. එනම් සැබෑ ප්‍රශ්නයන් කරා අභිමුඛ වීමට සිදු වන විට සිදු වන්නේ එකී ප්‍රතිවිරෝධතාවයන් තීව්‍ර වීමය.සන්ධානය අභියෝගයට ලක් වීමය.

එනිසාවෙන්ම අපට පෙනෙන්නේ ඊශ්‍රායලයට වුවද මුහුණ දීමට සිදු වන්නේ ලංකාවේ දේශපාලන ඉරණමටම . එනම් ක්‍රම වෙනසක් දක්වා වන දේශපාලනයක් වෙනුවට හුදු පුද්ගල වෙනසක් වෙනුවෙන් දේශපාලනය ලඝු වීමය. එනිසාවෙන්ම අවසානයේදී ප්‍රකාශ කළ හැක්කේ ප්‍රශ්න විසඳුමක් නොමැතිව තිබූ තැනමය. දේශපාලනය වෙනත් තැනකය යනුවෙන්ය.

*නීතීඥ ධනංජය දීඝායු  (නීතිවේදීපේරාදෙණිය), චමෝදා චන්ද්‍රසේන (දේශපාලන විද්‍යා අංශයකොළඹ විශ්ව විද්‍යාලය)

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    මලක්කන් රාජපක්ෂලා සහ අලි සබ්රිගේ ගේ අලුත්ම සෙල්ලම තමයි ත්‍රිපිටකයත් කුරාණයක් කිරීම.
    සමහරු හිතනවා බුදු දහමේත් නැති නීති ගෙනල්ල “ත්‍රිපිටකය කුරාණයක් බවට පත් කර සංරක්ෂණය කිරීමේ පනත” තවම කෙටුම්පත් කරලවත් නැහැ කියලා. පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ කියනව හාමුදුවරු 40ක් විතර සකස් කරපු මේ පනත අමාත්‍ය මණ්ඩලයත් අනුමත කරලා ඉවරලු. දැන් තියෙන්නේ නීති කෙටුම්පත් කරන තැනලු. කොහොමද වැඩේ? මේ රටේ ලක්ෂ 140ක් විතර ඉන්න බෞද්ධයෝ දන්නෙවත් නැහැ මේ විදිහට ත්‍රිපිටකය කුරාණයක් කරන්න යනවා කියලා. රටේ පාලකයෝ මලක්කන්. මේ පනත පිටිපැස්සේ ඉන්න අධිකරණ ඇමති මරක්කල. නීතිපති දෙමල. මේ ගොල්ලෝද ත්‍රිපිටකය සංරක්ෂණය කරන්න නීති ගේන්නේ?
    අනිත් එක ත්‍රිපිටකය කුරාණයක් කිරීමේ පනතේ වගන්ති කියැව්වහම ඕනේ කෙනෙකුට තේරෙනවා මේ පනත සිංහල බෞද්ධයන් හදපු එකක් නෙමෙයි, සැඟවුණු චේතනාවක් ඇතුව වාගේම බෞද්ධයන්ට බුදු දහම එපා වෙන විදිහට, වාණිජමය සහ පරගැති මනසකින් මේ පනත හදලා තියෙන්නේ කියලා.

    • 1
      1

      ත්‍රිපිටකය කුරාණයක් කිරීමේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තනිකරම විරුද්ධයි.
      අනිත් පැත්තට බැලුවත් අවුරුදු 2500ක් තිස්සේ ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව අදහපු ආගමක් වෙනස් කරන්න, හාමුදුරුවරු සුළු පිරිසක් සහ මලක්ක පාලකයන්ට ඕනේ විදිහට සිංහල බෞද්ධ ජනතාවගේ බොදු සිතිවිලි වෙනස් කරන්න, සිංහල බෞද්ධයන්ට තම තමන්ට වැටහෙන ආකාරයට නැතුව හාමුදුරුවන් සුළු පිරිස්කට හා මලක්ක පාලකයන්ට ඕනේ විදිහට බුදු දහම වටහා ගන්න නීති ගෙනෙන, තමන් කැමති ආගමක් තමන් කැමති විදිහට අදහන්න හෝ පිළිපදින්න තියෙන මානව හිමිකම කඩ කිරීමක්.
      අලි සබ්‍රිටයි හාමුදුරුවන්ටයි පුළුවන් ඕනේ නම් අලුත් නමක් දාගෙන අලුත් ආගමක් හදා ගන්න.
      හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කල, අවුරුදු 2500ක් ලංකාවේ නොනැසී පැවතුනු, ඉදිරියටත් පවතින බුදු දහමට ෂරියා නීති ඇතුලත් කරන්න කිසිම අයිතියක් හෝ බලයක් නැහැ.
      ලංකාව පුරාම ඉන්න බෞද්ධයන් දැනුවත් කරන්න ඕනේ රාජපක්ෂලා ත්‍රිපිටකය කුරාණයක් කරන්න ගේන පනතට විරුද්ධ වෙන්න කියලා.
      අනිත් එක කිසි දවසක අමතක කරන්න හොඳ නැහැ. ජනාධිපති අගමැති බැසිල් අලි සබ්රි එකතු වෙලා, මහා මැතිවරණය ඉවර වුනු ගමන් උප්පැන්න සහතිකයෙන් සිංහල ජාතිය සහ සිංහල පරම්පරාව ගැන තියෙන කොටස් ඉවත් කරන්න හදපු බව.

  • 1
    1

    මෙතන තවත් එහාට ගිය කුමන්ත්‍රණයක් තියෙනවා. රට ජාතිය ගැන සැබෑ ආදරයක් තියෙන සමහර හාමුදුරුවරුත් මේ කුමන්ත්‍රණයට අහු වෙලා. ඒ තමයි සංඝාධිකරණයක් ඇති කිරීම. මේ වෙලාවේ කොහොමටවත් කරන්න නුසුදුසු දෙයක්. අලි සබ්රි බලා ඉන්නේ සංඝාධිකරණයක් පිහිටෙව්ව ගමන්, මරක්කලයන්ටත් වෙනම අධිකරණයක් පිහිටුවන්න. ඊළඟට කතෝලික අධිකරණයක්. ඊළඟට හින්දු අධිකරණයක්. අන්තිමට වෙන්නේ මරක්කල දෙමල හෝ කතෝලික පුද්ගලයෙක් අපේ බුදු පිළිමයක් කඩුවත්, පන්සලකට බෝම්බයක් ගැහැව්වත් නඩුව අහන්නේ ඒ පුද්ගලයාගේ ජාතියට හෝ ආගමට සම්බන්ධ අධිකරණයකින් පමණයි. අඩු ගානේ රටේ සාමාන්‍ය අධිකරණයකින්වත් නෙමෙයි. ඇයි මේ හාමුදුරුවන්ට මේ තරම් සරල විපත්තියක්වත් තේරුම් ගන්න බැරි?
    .
    මම ඉංග්‍රීසි පැත්තේ ලිපියක් තිබිලා එතනටත් ලිව්වා සිංහල බෞද්ධයන්ට සහ බුදු දහමට එරෙහිව කරන කුමන්ත්‍රණය ගැන. මේ පහත තියෙන්නේ ඒක.
    .
    https://www.colombotelegraph.com/index.php/buddhism-today/
    .
    ඊට අමතරව මලක්කන් රාජපක්ෂලා තිස්සමහාරාම වැවත් චීනට විකුනපු එක ගැන මේ පහල තියෙන අනිත් සිංහල ලිපියට ලිව්වා. කී දෙනාද මේවා දන්නේ?

  • 0
    0

    The two state solution is man made while Israel is the name of the whole state with Jerusalem as capital in the bible according to God of Abraham, Isaac and Jacob (Israel). From captivity in Egypt, they returned to Israel. Later from captivity in Babylon too, they returned to Israel. After Jesus, Jerusalem was burned by Romans and land renamed Palestina in mockery of philistine enemies now Hamas area. Scattered jews returned in 1948. They recaptured Jerusalem in 1967. The issue is Jerusalem over which Jesus lamented in Mat. 23,37 and said they will not see him till they say “Blessed is he who comes in the name of the LORD (YHVH)” Only jews receive messiah and not moslem arab palestinians. Zech.12,3 says that nations against Jerusalem will be defeated at the battle of Armageddon Rev.16,16 with armies from the east silk road, trying to divide Jerusalem where King Jesus will reign . His future victory is sure in spite of our unbelief of Eden.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.