25 April, 2024

Blog

නැගෙනහිර ජැටියට ගොඩවන තනි පුද්ගල ප්‍රාග්ධනය

ධම්ම දිසානායක

ධම්ම දිසානායක

නැගෙනහිර ජැටිය අරබයා මතු වී ඇති අර්බුදය හමුවේ ඇල්ලේ ගුණවංශ හිමියන් සහ හිටපු ඇමති මංගල සමරවීර විසින් මතුකළ අදහස් මුල් කරගෙන ලියවෙන මේ ලිපිය නැගෙනහිර ජැටියෙන් එහාට  යන සමාජ-දේශපාලන කතිකාවක් සඳහා අරමුණු කරගත් එකකි. නැගෙනහිර ජැටිය “අදානි සමාගමට” විකුනනවා ද? බදු දෙනවා ද? යන දෙකෙන් කොයි එක සිදුවුවත් එය කෙටි කාලීනවත් දිගු කාලීනවත් ආණ්ඩුවට දේශපාලන වශයෙන් අවාසි දායක ය. එය මාධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් කොහොමත් ශ්‍රී ලංකාවට අවාසිදායක ය. ඊටත් වඩා එය ශ්‍රී ලංකා රාජ්‍යයේ පරමාධිපත්‍යයට හානිකර ය. තනි පුද්ගල ප්‍රාග්ධනය මේ වනවිට හුදු ආර්ථික ක්‍රියාවලියක් නොව ගෝලීය සහ කලාපීය දේශපාලන ජාලයක් වීම ඊට හේතුව ය. එවැනි විකිණීම් සහ බදු දීම මේ දක්වා මේ රටට, රාජ්‍යයට අත් කර දී ඇත්තේ අපේක්ෂා භංගත්වය සහ අභ්‍යන්තර මෙන් ම භාහිර පීඩන පමණි යන්නද අප සිහියේ තබා ගත යුතු ය. 

ආණ්ඩුව පත්වන දේශපාලන අනතුර එක් පැත්තකින් දෘෂ්ටිවාදී එකකි. එනම් ජාතික රාජ්‍යවාදය, ඊට අනුබද්ධ ජාතික ආරක්ෂාව, ජාතික අභිමානය, සහ ජාතික සංවර්ධනය පිළිබඳව ආණ්ඩුවේ තීරක බලවේග විසින් ජනසමාජය මත කාලයක් තිස්සේ ස්ථාපිත කොට ඇති සහ නඩත්තු කරන දෘෂ්ටිවාදය අර්බුදයට යෑම එම දෘෂ්ටිවාදී අනතුර ය. අනිත් අනතුර දේශපාලන එකකි. එනම් ආණ්ඩුව කෙරෙහි, ජාතික රාජ්‍යවාදී ස්ථාවරයක සිටින බහුතර ජනතාවගේ ඇති පක්ෂපාතීබව  අඩුවිය හැකි වීම, ආණ්ඩුවට අදාළ ඒ දේශපාලන අනතුර ය. එහි තවත් අතුරු දේශපාලන අනතුරක් වන්නේ ආණ්ඩුව ඇතුලේ ම සිටින, බලය ආශ්වාදය කිරීම විනෝදාංශයක් හෝ ධනෝපායන මාර්ගයක් කර නොගත්, ගෙවිඳු කුමාරතුංග සහ අනූප පැස්කුවෙල් වැනි මහජන නියෝජිතයින්ගේ හිත් බිදී යාමටත් ජන සමාජයට වගඋත්තර දී ගත නොහී අසරණ වීමටත් එය හේතුවක් වීම ය.

නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදු දීමට විරුද්ධව සංවිධානය කර තිබු පුවත් සාකච්ඡාවක දී ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කොට තිබුනේ “ආණ්ඩුව වෙන්දේසි සමාගමක් ලෙස කටයුතු කරමින් සිටිනවා” ය යන්න ය. මේ ප්‍රකාශය 1977 න් පසු බලයට පත් වූ සියලුම ආණ්ඩුවලට අදාළ ය. එපමණක් නොව ලෝකයේ පහළ මට්ටමේ ආර්ථිකයන් ඇති අපවැනි බොහෝ රටවල් වලටත් ආදාල ය. එනම් අප වැනි බොහෝ රටවල්වල ඉරණම එය ය. එය මේ ආණ්ඩුවට පමණක් චෝදනා කොට අත් පිහදා ගත හැක්කක් නොවේ ය. රාජ්‍යය ගොඩනැගීම පිලිබඳ තිරසාර වැඩපිළිවෙලක් සහ මෙහෙයුමක් නැති, නිෂ්පාදන ආර්ථිකයක් නැති, නවෝත්පාදන නැති, විදේශීය නිෂ්පාදනවලට වෙළඳපොළ පහසුකම් සපයා දී යමක් උපයා ගන්නා ඒජන්සි පමණක් ඇති, සංවර්ධන අරමුණු මත නොව දේශපාලන පැවැත්ම සඳහා වැඩ නැති රැකියා ලබා දී ඒ සඳහා විශාල වැයක් දරන, දේශීය සහ විදේශීය ණය උගුල්වල පැටලී ඇති, ගෝලීය සහ කලාපීය බලවතුන්ගේ තරඟවල අතකොලු බවට පත් වී ඇති, සහ ස්වදේශික න්‍යාය පත්‍ර අනුව නොව ජාත්‍යන්තර බලවතුන්ගේ සහ වෙළෙන්දන්ගේ අරමුණු මත සැකසු න්‍යාය පත්‍රවලට අනුව, කැමැත්තෙන් මෙන් ම අකමැත්තෙන් වැඩ කිරීමට සිදුව ඇති සියලු රටවල්වලට අද සිදු වී ඇත්තේ ඇල්ලේ හාමුදුරුවෝ කියන ආකාරයේ වෙන්දේසි පොලවල් ලෙස ක්‍රියා කිරීමට ය. අප මේ ලෝක තත්ත්වය තේරුම් ගත යුතු ය. රටක් වෙන්දේසි පොලක් නොවී සිටීමට, රාජ්‍යයක් එවැනි වෙන්දේසි පොලක පහසුකාරකයින් නොවී සිටීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකසා ගත හැක්කේ එවිට ය.

හිටපු ඇමති මංගල සමරවීර මෑතක දී කළ ප්‍රකාශයක ට අනුව “ලංකාව වැනි රටක් දියුණු කළ හැක්කේ ද, තරුණයින් ට රැකී රක්ෂා පවා උත්පාදනය කළ හැක්කේ ද, විදේශ ආයෝජකයින් අප රට ට වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම සහ සැලසුම් සකස් කිරීමෙන් පමණයි. විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීම රට විකිණීම හෝ පාවා දීමක් බව සිතන්නේ අපේ රටේ අනාගත පරම්පරාවේ සුබ සිද්ධියට වැට බඳින අතලොස්සක් පමණයි”. මේ ප්‍රකාශය අපගේ අවධානයට ලක්විය යුතු අපූරු එකකි. එහි ඇති කාරණා එකින් එක පරීක්ෂා කිරීම වැදගත් ය. ලංකාව දියුණු රටක් කිරීමේ වුවමනාව සමරවීරගේ මුඛ්‍ය අදහසකි. ඒ ගැන විරුද්ධත්වයක් අප කාටත් නැත. තරුණ තරුණියන්ට රැකී රක්ෂා ලබාදීමේ වුවමනාව සහ අරමුණ ද එවැන්නකි. නමුත් ඒ දෙකම ඉටු කර ගැනීමේ එකම මාධ්‍යය ලෙස ඔහු දකින්නේ විදේශ ආයෝජන මේ රට ට ගෙන්වා ගැනීම ය. එය සමාන වන්නේ වෙළඳපොළ විසින් ජන සමාජය සුඛිත මුදිත කරනු ඇත පන්නයේ විශ්වාසයකට ය.

සමරවීර ගේ යෝජනාව තුළ අන්තර්ගත වී ඇති මූලික ගැටළුවක් වන්නේ, එවිට දේශීය දේශපාලකයින්ට සහ තීරකයින්ට පැවරී ඇති කාර්යභාරය කුමක් ද යන්න ය. ඒ කාර්යභාරය වනාහි විදේශීය ආයෝජකයින්ට සහ වෙළෙන්දන්ට පහසුකම් සැපයීම සහ පසුබිම සැපයීම පමණක් ය යන්න නම් රටකට රාජ්‍යයකින් ඇති වැඩක් නැත. දේශපාලනයෙන් පරිපාලනයෙන් වැඩකුත් නැත. සමරවීර ගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වන්නේ දේශීය පාලකයින්ගේ සහ තීරකයින්ගේ වගකීම් විරහිතකම ය. එසේම ජාත්‍යන්තර පද්ධතිය තුළ විශේෂ අනන්‍යතාවයක් සහිත රාජ්‍යයක් බවට මේ රට පත්කිරීමට දේශීය පාලකයින්ට සහ තීරකයින් ට අවැසි විශේෂඥභාවය නැතිකම සහ නොහැකියාව ය. ඇල්ලේ ගුණවංශ හිමියන් එරෙහි වෙමින් කියා සිටින “වෙන්දේසි පොල” සංකල්පය සමරවීරගේ අරමුණු සමඟ ද සමපාත වීමෙන් පෙනී යන්නේ අවුරුදු අනූවක් තිස්සේ මේ රට පාලනය කළ තීරකයින් ණය ගැනීම සහ විකිණීම හැර සිදුකොට ඇති එකම දෙය වන්නේ විදේශීය ආයෝජකයින්ට සහ වෙළෙන්දන්ට අතරමැදියන් ලෙස සේවය කිරීමය. නැතහොත් තැරැව්කරුවන් ලෙස සේවය කිරීමට ය. එසේම විදේශීය භාණ්ඩ සහ වෙළෙඳ සේවාවල ට ‘පොල පහසුකම්’ සැපයීම ය. අප දේශපාලනය, පරිපාලනය, සහ වෙළෙඳාම කියා කියන්නේ ඒ අතරමැදි කාර්යභාරයට ය; තැරව්කාර ක්‍රියාවලියට ය.

සමරවීර ට සහ ඒ හා සමාන අදහස් ඇති අයට අමතක වී ඇති හෝ ඔවුන් නොදන්නා හෝ දෙයක් ඇත. එනම් ජාතික රාජ්‍යයක් යනු හුදු තාක්ෂණික ව්‍යුහයක් පමණක් නොවේ ය. ජාතික රාජ්‍යයක් යනු ජනතා පරමාධිපත්‍යය ජනයා සමඟ ගිවිසුම්ගතව ක්‍රියාවට නගන ජාතික දේශපාලන සංවිධානයකි, ජාතික ආර්ථික සංවිධානයකි, ජාතික සංස්කෘතික සංවිධානයකි, ජාතික සමාජ සංවිධානයකි, සමාජ සම්මුතියකි. ජාතික රාජ්‍යය ගොඩනැගිය යුත්තේ යුත්තේ ජාතික දේශපාලනය, ජාතික ආර්ථිකය, ජාතික සංස්කෘතිය, සහ ජාතික සමාජ පදනම් මත ය. එකී පදනම් ශක්තිමත් කරගත හැක්කේ ජාතික උත්සාහයකින් මිස  සමරවීර යෝජනා කරන ආකාරයෙන් විදේශීය ආයෝජනවලට පහසුකම් පමණක් සැපයීමෙන් නොවේ ය. 

විදේශීය ආයෝජන පිලිබඳ පටු හෝ කටගැසුම් විරෝධයක් මා මතු කරන්නේ නැත. එහෙත් විදේශ ආයෝජන නියාමනය කිරීමට තරම් වූ ශක්තිමත් රාජ්‍යයක් නොවන අප අතිශයින්ම පරිස්සම් විය යුතු ය. විදේශ ආයෝජන පිටුපස නොව ඉදිරියෙන් ම ඇති දේශපාලන අරමුණු, සහ ගෝලීය-කලාපීය බල තරඟය ට අදාල අරමුණු අප වටහා ගත යුතු ය. ගෝලීය-කලාපීය බලවතුන්ගේ බල තරඟයට මැදිවන අප වැනි රටකට කිසිදු සංවර්ධන ඉලක්කයක් සාධනය කර ගැනීමට ඉඩක් ලැබෙන්නේ නැත. එසේම දේශපාලන, ආර්ථික, මුල්‍ය, සහ සමාජ ස්ථාවරත්වයක් පවත්වා ගෙන යාමට හැකිවන්නේ ද නැත. ගැති සහ යැපුම් මානසිකත්වයක් මිස ස්වාධීන ජාතික අභිමානයක් වර්ධනය වන්නේ ද නැත.

විදේශ ආයෝජන රටකට ගෙන්වා ගත යුත්තේ ඒ රටේ ජාතික න්‍යාය පත්‍රයකට, වැඩපිළිවෙලකට අනුව මූලොපායික ස්ථාවරයක හිදිමින් මිස විදේශ ආයෝජකයින්ගේ හෝ ඔවුන්ගේ රටේ න්‍යාය පත්‍රයකට හෝ අභිලාශයකට පාවිච්චි වෙමින් නොවේ ය. අපට සිදු වී ඇත්තේ අනිත් අයගේ අරමුණු සාධනයට පාඩු ලබමින් පාවිච්චි වන්නට ය. ගැටලුව ඇත්තේ එතැන ය. පළමු කාරණය වන්නේ ලෝක පද්ධතිය තුළ අප දුබල රාජ්‍යයක් ය යන්න පිළිගැනීමය. ඒ නිසාම ලෝකයේ ශක්තිමත් රාජ්‍යයන් වෙළෙන්දන් සමඟ කරන ගණුදෙණු සහ නියාමනය අපට කළ නොහැකි ය. අප කළ යුත්තේ පරිස්සම් වීම ය. අනිත් කරුණ වන්නේ වසර දශක ගණනාවක් තිස්සේ විදේශ ආයෝජන යැයි කියා සිදුකලේ දේශීය සම්පත් විකිණීමය. එහි අරමුණ වුයේ රට සංවර්ධනය කිරීමය. නමුත්, 1977 සිට බැලුවත් මේ වන විට ඒ ක්‍රියාවලියේ වයස අවුරුදු 44 කි. කාලය දීර්ඝ ය. විකුණා ඇති දේශීය සම්පත් ප්‍රමාණය ඉතාම තීරණාත්මක සහ වැඩි ගණනක් ය. එසේ වුවත් රට ගොස් ඇත්තේ ආපස්සට මිස සංවර්ධනයකට නොවේ ය. එය එසේ නම් ඒ විකිණීමේ ක්‍රියාවලිය රට මුහුණ දී ඇති ගැටළුවලට පිළිතුරක් නොවන බව තේරුම් ගෙන අප යා යුත්තේ විකල්ප උපායමාර්ගවලට ය.

නැගෙණහිර ජැටිය ඉන්දියානු රාජ්‍යයට නොදී, බහු ජාතික බහුව්‍යාපාරික සමාගමක් වන Adani Group හි හිමිකරු වන ගෞතම් අදානි ට දීම තුළ අපට ඔහුව නියාමනය කළ හැකි යැයි සිතන අය සිහියට නගා ගත යුත්තේ, සමකාලීන ගෝලීය ආර්ථිකය තුළ දැවැන්ත තනි පුද්ගල ප්‍රාග්ධනය රාජ්‍යයන්ටත් වඩා ප්‍රබල බව ය. ඊට උදාහරණයක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ‘කට වැසූ සහ අත කැඩූ’ මාර්ක් සකබර් ගේ ශක්තිය සහ බලය මෙනෙහි කරන්න. එවිට සමරවීර ලා ද අප ද ලිලිපුට්ටන් බව වැටහෙනු ඇත. අප ආ මඟ වැරදී ඇති බව ට තව උදාහරණ බොහෝ ය. ගෝලීය පර්යාය තුළ අප තනිවිය යුතු නැත. එහෙත් අප එහි ගැත්තන් හෝ පාවිච්චි වන්නන් නො විය යුතු ය.ලෝක පිළිවෙළ තුළ අප ක්‍රියා කළ යුත්තේ අපේ ආකාරයකට සහ පරිස්සම් සහගතව ය.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    1

    අපහාසාත්මක මුසාවන් පදනම් කරගෙන ව්‍යාජ පදනමක් මත යමක් ආරම්භ කළහොත් එය ඉදිරියට යා නොහැක. එහි ආපසු හැරවීම නොවැළැක්විය හැකිය. එය කර්මය පළිගැනීම හා සමානයි. අද වන විට, අපේ ඇස් අද විශ්වාස කරන්නේ බලය ලබා ගැනීමේ උපක්‍රම සඳහා පැතිරී ඇති ඔවුන්ගේ බොරු නිවැරදි කිරීමට ඔවුන්ට නොහැකි බවයි. අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම රටවල් දෙකක් අතර සන්නිවේදනයේ බහුලව දක්නට ලැබේ. නමුත් ඔබ දෙවරක් නොසිතා ගිවිසුම් අර්ථ නිරූපණය කරන්නේ නම්, ඔබ අඟලක් ඉදිරියට නොයන්නේ එකම ජනයා ඔබට විරුද්ධව නැගී සිටින බැවිනි.

    https://www.youtube.com/watch?v=C9FajgrUi64

    • 2
      1

      easter terminal of port project is a real lucrative project for srilanka. however, bitch s sons spread lies, they misinterpreted it in order the bitch’s sons to gain ruling power. stupid massers were made eternal fools. They were fed with racism pills. Consequences are the country is fallen to that depths.
      Any country if wants to improve their economy they should work with other countries on agreements. Be it Vietnam, Ethiopia or any other countries, that work for their developments rely on the supports being offered to them by investors of various nature. If Japan offered a loan with 0.1% for the construction of port terminals, but uneducated, Rajapakshes to stand against by spreading lies… have cornered them as if fox caught by his cheating business.

      • 1
        0

        east terminal

  • 1
    1

    වරාය ව්‍යාපෘතියේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකාව සඳහා සැබෑ ලාභදායී ව්‍යාපෘතියකි. කෙසේ වෙතත්, බැල්ලිගෙ පුතුන් බොරු පතුරුවති, ඔවුන් එය වැරදියට අර්ථකථනය කළේ බැල්ලිගෙ පුතුන්ට පාලක බලය ලබා ගැනීම සඳහා ය. මෝඩ සම්බාහනය සදාකාලික මෝඩයන් බවට පත් විය. ඔවුන්ට ජාතිවාදී පෙති වලින් පෝෂණය විය. එහි ප්‍රතිවිපාක නම් රට එම ගැඹුරට වැටීමයි.
    ඕනෑම රටකට තම ආර්ථිකය වැඩිදියුණු කිරීමට අවශ්‍ය නම් ඔවුන් වෙනත් රටවල් සමඟ ගිවිසුම් මත කටයුතු කළ යුතුය. වියට්නාමය, ඉතියෝපියාව හෝ වෙනත් ඕනෑම රටක වේවා, ඔවුන්ගේ වර්ධනයන් සඳහා වැඩ කරන්නේ විවිධ ස්වභාවයේ ආයෝජකයින් විසින් ඔවුන්ට ලබා දෙන ආධාර මත ය. වරාය පර්යන්ත ඉදිකිරීම සඳහා ජපානය 0.1% ක ණයක් ලබා දුන්නද, නූගත් නම්, රාජපක්ෂේ බොරු පතුරුවා හැරීමට එරෙහිව නැගී සිටීමට නම් … ඔහුගේ වංචාකාරී ව්‍යාපාරයට හසු වූ හිවලෙකු මෙන් ඔවුන්ව කොන් කර තිබේ.

  • 0
    0

    දැන් කොහොමද ආණ්ඩුවේ කතාව? ගෝඨාභය විතරක් නෙමෙයි ද්විත්ව චරිත. මහින්ද ඇතුළු කැබිනට් එකේ මුළු නඩේම ද්විත්ව චරිත බව සඳුදා තිබ්බ කැබිනට් රැස්වීමට දාපු කැබිනට් පත්‍රිකාවෙන් පේනවා. අන්තිමට බටහිර පර්යන්තය දීල නැගෙනහිර පර්යන්තය බේරා ගත්තද?
    හා හා හා මම කියපු විදිහටම ගෝඨාභය කවදාවත් කියන්නේ නැහැ තමන් රටේ සම්පත් විකුණන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කවදාවත් ලිඛිතව කියන්නේ නැහැ. ඒ වගේම තමයි මහින්ද කියන්නෙත් අල්ලේ පලවෙන බොරු පොරොන්දු. ඒ හින්ද මහින්දත් කවදාවත් රටේ සම්පත් විකුණන්නේ නැහැ කියලා ලිඛිතව නම් දන්නේ නැහැ.
    දැන් කොහොමද මිනිස්සු නැගෙනහිර පර්යන්තයෙන් 49%ක් දෙනවට විරුද්ධ වුනහම මහින්ද බටහිර පර්යන්තයෙන් 85%ම හෙවත් බටහිර පර්යන්තය ගෙඩිය පිටින්ම අදානිට විකුනනවා. මහින්ද ඇතුළු ලංකාවේ මහා ලොකු දේශප්‍රේමීන්ට හම්බ වෙන කොමිස් එක කීයද? හෙණ ගහනව මේ විදිහට මුළු රටම රවට්ටලා රනිල් කරපු පාවා දීම් නවත්තන්න කියලා ගෙනාපු රාජපක්ෂලා මේ රටට කරන මහා පාවා දීමට. මේ මහා අපරාධයට.

    යකෝ… අපි දේශද්‍රෝහියෙක් කියලා කිව්ව රනිල් වත් නොවිකුනපු කොළොඹ බහාලුම් පර්යන්ත තමන් මහා දේශප්‍රේමින් කියලා වේදිකාවල බෙරිහන් දීපු, පපුවට ගහ ගත්තු, පොලොවට වැඳපු මහින්දලා විමල්ලා කරනවා. ගෝඨාභය වේදිකාවල මම මගේ රටට ආදරෙයි කියලා කිව්වේ ලංකාවට කියල මෝඩ සිංහලයෝ හිතුවට, දැන් පේනවා ඒ කියලා තියෙන්නේ ලංකාව ගැන නෙමෙයි කියලා. රනිල් කිව්වා නැගෙනහිර පර්යන්තය ගැන මුලින් කතා කරගත්ත මූලික ගිවිසුමේ එක කොන්දේසියක් දැම්මලු නැගෙනහිර පර්යන්තය ගන්න සමාගමට වෙන කොහෙවත් වරායවල් තියෙන්න බැහැ කියලා. අපි දේශද්‍රෝහීයෙක්, පාවා දෙන්නෙක් කියලා හංවඩු ගහපු රනිල්ට තිබ්බ ඇබින්දන් දේශප්‍රේමයවත් මහින්දලට විමල්ලට නැති බව බටහිර වරාය විකුණන්න දාපු කැබිනට් පත්‍රිකාවෙන් පේනවා. නෙද්දකින්, මුළු රටම රැවැට්ටුව. උන්න එවුන් දේශද්‍රෝහීන් වුනත් මේ තරම් නිර්ලජ්ජිත විදිහට ජනතාව රැවට්ටුවේ නැහැ.

  • 0
    0

    ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කිව්වා කැබිනට් පත්‍රිකාව එනකම් ඉන්නවා අන්තිම තීරණය දෙන්න කියලා.
    කතාව හරි. රටේ මිනිස්සුත් දැන් ගෝඨාභය තියා මහින්දවවත් විශ්වාස කරන්නේ නැහැ.
    හාමුදුරුවෝ කිව්වා දේශප්‍රේමී දේශ හිතෛෂී, දේශ (තව මොකක්ද වචනයක් කිව්වා) ඒ වගේ කැබිනට් ඇමතිවරු හාමුදුරුවෝ එක්ක ඉන්නවා කියලා. මට නම් ඒ කතාවට හිනා ගියා. මේ කියන්නේ අර බ්‍රෝකර් සෙට් එක ගැන වෙන්න ඇති.
    හැබැයි අන්න හාමුදුරුවෝ කියපු දේශප්‍රේමියෝ කොලේ වහල නැගෙනහිර පර්යන්තය විකුණන්න කියල නෙමෙයි අන්න දැන් අදානිට 49% නෙමෙයි බටහිර පර්යන්තයෙන් 85%ම හෙවත් මුළු එකම විකුණන්න දාපු කැබිනට් පත්‍රිකාවට ඒකමතිකව අනුමැතිය දීල.
    ඒ මදිවට එලියට ඇවිල්ල කියනව සෞභාගයේ දැක්මේ තිබ්බලු ඉන්දියාවට බටහිර පර්යන්තය විකුණනවා කියල. ඒකටලු චන්දෙ ලැබුණ.
    චන්දෙ කාලේ කොයි එකා, කවදද කිව්වේ බටහිර පර්යන්තය විකුණනවා කියලා? එහෙම කවදාවත් කිව්වේ නැහැ. මේ කියන්නේ පට්ටපල් බොරු. හරියට අර රනිල් සිරිසේන MCC ගිවිසුම අත්සන් කරලා තිබ්බ, අපිට කරන්න දෙයක් නැහැ කිව්වා වගේ. ඇමරිකාව MCC කැන්සල් කරපු එකෙන් ඔප්පු වුනා එහෙම අත්සන් කරලා තිබිලා නැහැ කියලා. බටහිර පර්යන්තය විකුණන එකත් ඒ වගේ. කාට බැරිද බටහිර පර්යන්ත ගැන අලුතෙන් කියල ප්‍රතිපත්ති ප්‍රකාශනය නැවත හොරට ප්‍රින්ට් කරන්න? මිනිස්සු ඒ හරක් විකුණලා දැන් හුඟක් කල්.
    මම කියන්න ගියේ ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ කියපු කැබිනට් එකේ ඉන්නව කියපු, හාමුදුරුවන්ගේ මතයම දරනවා කියපු ඇමතිවරු ගැන. මේ ගොල්ලෝ හොර දේශප්‍රේමින් කියලා මම නම් චන්දෙ ඉවර වෙනකොටම දැන ගත්ත. පව් ඉතින් හාමුදුරුවෝ කැමති නැතිව ඇති හොර දේශප්‍රේමින් කියල කියන්න.

  • 0
    0

    මහින්ද වරාය ගැන එක අකුරක් ලිඛිතව දුන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්දියාවට දීපු පොරොන්දුව කැඩුවේ නැහැ. චන්දෙ දීල තියෙන්නේ ඉන්දියන් කාරයෝ.
    දැන් ඉතින් නැගෙනහිර පර්යන්තය බේරා ගත්ත කියලා වරාය වෘත්තීය සමිතිය පැත්තකට වෙනවද? දැක්කනේ ඕක ඉවර වෙන්නේ නැහැ. අර පෝස්ටර් බැනර් විසි කරන්න එපා. ඒ මොකොද කිව්වා නම් ඒකේ නැගෙනහිර කියන එක මකලා එතන දැන් බටහිර කියලා ලියලා බටහිර පර්යන්තය බේරා ගන්නේ නැත්ද?
    දැන්නම් සෑහෙන්න මහන්සියි කියලා හාමුදුරුවොත් කිව්වා. රටටම එපා වෙලා නෙමෙයි පිළිකුල් වෙලා තියෙන්න පට්ට හොරු ටිකව.
    මේ පැත්තෙන් රටේ සම්පත් විකුණනවා. අනිත් පැත්තෙන් ගෝඨාභය ගම්වල මිනිස්සු මුලා කරලා ගම්මුන්ට ඉඩම් දෙන්න කියලා මැරයෝ ගම්වලට යවලා මහා පරිමාණයෙන් ගස් කපා දමලා වනාන්තරය එලි කරනවා. යකෝ ගෝඨාභය, හෙණ ගහනව මේ විදිහට ජනතාව රවට්ටලා මුළු රටම විනාශ කරනවට.

  • 0
    0

    හැබැයි වේදිකාවල තමන් මහා දේශප්‍රේමින් කියල බෙරිහන් දීපු, පපුවට ගහගත්තු, පොලොවට වැඳපු හොර දේශප්‍රේමින් ගැන මිනිස්සු පිළිකුලෙන් කතා කෙරුවට, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ වගේ රට වෙනුවෙන් හැමදාම සටන් කරපු ඉතිහාසයක් තියෙන හාමුදුරුවරුවත් වෙනස් නොවී රට වෙනුවෙන් ඉන්න එක ගැන මිනිස්සු ගෞරවයෙන් හිතන එක නම් රටට ලොකු සහනයක්.
    තවත් හාමුදුරුවරු වෙනත් වෙනත් තැන්වල මේ විදිහට රට වෙනුවෙන් කතා කරනවා දැක්ක. ඒ ගැන සතුටුයි.
    රාජපක්ෂලාට කියන්න තියෙන්නේ හිතන්න එපා අපිත් අපේ රට වෙනුවෙන් කරන සටන අත හරියි කියල. රාජපක්ෂලා නොපෙනෙන බලවේග වල පිහිට පැතුවට අපි තාම එහෙම කලේ නැහැ. අපි තාම විශ්වාසය තියන් ඉන්නේ අපේ ශක්තිය ගැන.

    • 0
      0

      කොහොම වේවිද, හැම බයානක මිනිස් සැත්කමකට ඉස්සෙල්ල, ඔය තට්ටමාමාලට ලාට කියල එවුන්ගේ අදහරස් බැලුවොත්….. එතකොට ලෙඩුන් මැරුනත් කියාවි අන්න කර්මය නිසා ඒක් උන කියල.උන්ගේ සාමාන්‍ය අවභෝදයක් ඉතාමත් අඩු මට්ටමක තිබෙන්නෙ… මා මේ කතා කරන්නෙ බහුතර සන්ගයා ගැන… අපි ගරු කල යුත්තෙ… දහම රකින භික්ශූන් ට මිසක්.. දහම වනසන කෙලෙනිය විහාරාධිපති වාගෙ උගත් පින්ගුත්තරයන්ට නොවන බව සමාජ ගත වේව…
      .
      හැම ගුවන් ගමනකට ඉස්සෙල්ල, තට්ටමාමාලට කියල හොන්ද නරක ඇසුවොත්…. ඒ නියමුවන්ගේ මනස අවුල් වීමෙ සම්භාවී තත්වය හැම ආඅක්රයෙන්ම වැඩිවෙනව… එහෙම අනතුරු වුනාම උන්ට අනුව බනපදයත් හසුරුවල… වෙන මත වපුරාවි.. ඒ වාගෙ තමයි අද ලන්කාවෙ පැවැත්ම.. අසුචි වලේ ජීවත්වන නොයෙකුත සතුන්ගේ ජීවිත රැකෙන්නෙ, ඒ අසූචි වල එලෙස තිබෙන තාක් කල් මිසක්, එය ඉවත් කරොත් ඒ දේවල් නැති වෙනව… වාගෙ.. ලන්කාවෙ වාගෙ මිනිස් වෙසින් තිරිසන්නු බහුතරයක් ඉන්න රටක, ප්රවර්දනය වන්නෙ… එවුන්ගේ පැවැත්මට ක්රියා කරන එවුන් පමනයි.
      .
      ඒ වාගේම තම්යිනොදන්නා වරාය වගේ තැනවල කරන ගනු දෙනුවලට තට්ට මමාල පන්සල්වල ඉන්න බහුතර පින්ගුත්තර්යො උසි ගන්නවල රට කන්න හදන් තත්වය. බුරුවගේ වැඩය බල්ලට බාරදීල කරගෙන දේශපාලනයක් අද රටේ වෙන්නෙ.. සෞඛ්‍ය නිලදාරීන කරන වෙඩ නූගත් හමුදා නිලධාරී වරුන්ට කියල ෂේප් කරගන්න බලනව.. මෙහෙම කරගෙන යනකොට රටට වෙන්නෙ විනාශයක් බව රටේ ඉන්න බුද්දිමත් මින්සිඋන් (සුලුතරය) දැනුවත් වුනත් .. බහුතරය ඒ ගැන දැන්නෙ නැහැ… මේ දෙය මේ රටේ චක්රයක් වාගෙ දිගටම වෙනව…

  • 0
    0

    කොහොම වේවිද, හැම බයානක මිනිස් සැත්කමකට ඉස්සෙල්ල, ඔය තට්ටමාමාලට ලාට කියල එවුන්ගේ අදහරස් බැලුවොත්….. එතකොට ලෙඩුන් මැරුනත් කියාවි අන්න කර්මය නිසා ඒක් උන කියල.උන්ගේ සාමාන්‍ය අවභෝදයක් ඉතාමත් අඩු මට්ටමක තිබෙන්නෙ… මා මේ කතා කරන්නෙ බහුතර සන්ගයා ගැන… අපි ගරු කල යුත්තෙ… දහම රකින භික්ශූන් ට මිසක්.. දහම වනසන කෙලෙනිය විහාරාධිපති වාගෙ උගත් පින්ගුත්තරයන්ට නොවන බව සමාජ ගත වේව…
    .
    හැම ගුවන් ගමනකට ඉස්සෙල්ල, තට්ටමාමාලට කියල හොන්ද නරක ඇසුවොත්…. ඒ නියමුවන්ගේ මනස අවුල් වීමෙ සම්භාවී තත්වය හැම ආඅක්රයෙන්ම වැඩිවෙනව… එහෙම අනතුරු වුනාම උන්ට අනුව බනපදයත් හසුරුවල… වෙන මත වපුරාවි.. ඒ වාගෙ තමයි අද ලන්කාවෙ පැවැත්ම.. අසුචි වලේ ජීවත්වන නොයෙකුත සතුන්ගේ ජීවිත රැකෙන්නෙ, ඒ අසූචි වල එලෙස තිබෙන තාක් කල් මිසක්, එය ඉවත් කරොත් ඒ දේවල් නැති වෙනව… වාගෙ.. ලන්කාවෙ වාගෙ මිනිස් වෙසින් තිරිසන්නු බහුතරයක් ඉන්න රටක, ප්රවර්දනය වන්නෙ… එවුන්ගේ පැවැත්මට ක්රියා කරන එවුන් පමනයි.
    .
    ඒ වාගේම තම්යිනොදන්නා වරාය වගේ තැනවල කරන ගනු දෙනුවලට තට්ට මමාල පන්සල්වල ඉන්න බහුතර පින්ගුත්තර්යො උසි ගන්නවල රට කන්න හදන් තත්වය. බුරුවගේ වැඩය බල්ලට බාරදීල කරගෙන දේශපාලනයක් අද රටේ වෙන්නෙ.. සෞඛ්‍ය නිලදාරීන කරන වෙඩ නූගත් හමුදා නිලධාරී වරුන්ට කියල ෂේප් කරගන්න බලනව.. මෙහෙම කරගෙන යනකොට රටට වෙන්නෙ විනාශයක් බව රටේ ඉන්න බුද්දිමත් මින්සිඋන් (සුලුතරය) දැනුවත් වුනත් .. බහුතරය ඒ ගැන දැන්නෙ නැහැ… මේ දෙය මේ රටේ චක්රයක් වාගෙ දිගටම වෙනව…vvv

  • 0
    0

    මෝඩ ආණ්ඩුව දැන් අන්දරේට අඳිනවා.
    බලාගෙන ගිහහම “දේශප්‍රේමී” ගෝඨාභයයි මහින්දයි මාර සටනක් දීල තියෙන්නේ ඉන්දියාවෙන් නැගෙනහිර පර්යන්තය බේරා ගන්න.
    ඒක ඉන්දියාවේ අදානි සමාගමට විකුණන්න හදලා තියෙන්නේ “ඉන්දියන්ප්‍රේමී” වරාය වෘත්තීය සමිතියි හාමුදුරුවරු ටිකයි.
    චැක්, ටීවී එකයි පත්තරයි නිව්ස් එක දාල තියෙන්නේ දෙපැත්ත මාරු කරලනෙ.
    මේ වගේ ගොන් පාට් වලට ඉස්සර නම් මිනිස්සු රැවටුනා. දැන් නම් රැවටෙන්නේ නැහැ. ඉන්දියාවත් රැවටෙයි කියලත් මම නම් හිතන්නේ නැහැ. මුළු රටේම මහා වනාන්තර කපනවා පට්ට බොරු කියා කියා. පාරවල් ලක්ෂයයි ගස් ලක්ෂ සීයයි. බොරු සේනා දළඹුවෙක් හදලා රුවන්ඩාවෙන් ගෙනාපු හොරු සෙට් එකට දාපු එස්ටිමේට් එක කීයද දන්නේ නැහැ නේද? ගම්වල මිනිස්සු උක්ත ආඛ්‍යාත අනුව පොතේ භාෂාවෙන් කතා කරනවා අහන්න ඕනේ නම් අර පිළිසඳර බලන්න.
    පහුගිය දවස්වල සමාජ ජාලා වල හොඳ විවියෝවක් තිබ්බ. මීහරක් රංචුවක උන්න මී හරක් පැටවෙක්ව ඩෑහගන්න ආපු දිවියෙක්ට මීහරක් රංචුවම වට කරලා නෙලලා අර පැටවාව බේරා ගන්නවා. මේක හොඳ ආදර්ශමත් කතාවක් ලංකාව පුරාම ඉන්න මීහරක්ට එකතු වෙලා රාජපක්ෂ දිවියන්ට නෙලලා රටේ සම්පත් ටික බේරා ගන්න.

  • 0
    1

    අයියෝ…… හූඌඌ, හාමුදුරුවනේ, වෘත්තීය සමිති වල ළමයි, හූඌඌඌ, අන්න රාජපක්ෂලා ඕගොල්ලොන්ව හොඳට අන්දලා.
    මේ බලන්න කොළොඹ වරායේ බහලුම් පර්යන්ත පිහිටලා තියෙන හැටි.
    .
    https://www.researchgate.net/figure/Colombo-South-Harbour-showing-the-main-breakwater_fig1_273144005
    .
    හොඳට බලන්න නැගෙනහිර පර්යන්තය තියෙන්නේ කොහෙද, බටහිර පර්යන්තය තියෙන්නේ කොහෙද කියලා.
    බලන්න නිල්පාට ඉරෙන් පෙන්වන්නේ ගැඹුර මීටර් 18. ඒක හදනවා බටහිර පර්යන්තය වටේටම.
    මේ පින්තූරේ විදිහට, ඉන්දියාවට වඩාම වාසිදායක නැගෙනහිර පර්යන්තය නෙමෙයි, බටහිර පර්යන්තය.
    ඒ මොකොද ඉන්දියාව කරන්නේ trans-shipment හින්දා ගොඩබිමට කිට්ටුව නැගෙනහිර පර්යන්තයට වඩා, වඩා වාසිදායක සහ වඩා ලාභදායක මුහුද පැත්තට වෙන්න තියෙන බටහිර පර්යන්තය.
    චික් මම බටහිර පර්යන්තයේ කතාව හරියට බැලුවේ නැහැනේ. නැත්නම් මේ පින්තූරේ දකිනවා. (මීට සමාන පින්තූරයක් මම දැන් LankaLeadNews දැකලයි click වුනේ.)
    මම හිතුව රාජපක්ෂලා එක පාරට මොකොද මේ බටහිර පර්යන්තයකට කැබිනට් අනුමැතිය දුන්නේ කියල.
    මේකේ 85%ක් කෙලින්ම ඉන්දියාවට. අදානිට. කොහොමද වැඩේ.
    මම හිතුව ඉන්දියාවේ ක්ෂණික ප්‍රතිචාරය, හින්දු පත්තරේ, කොටස් වෙළඳපොල “එකපාරට” කඩා වැටීම, මේවා ටිකක් අස්වභාවික වැඩ කියල. නිකම් overreacting වගේ. සිතියම දැක්කහම තමයි වැඩේ තේරුනේ.
    ඇයි මේ වෙන කවුරුවත් මේ සිතියම දන්නේ නැත්ද? වෘත්තීය සමිති දැනගෙන හිටියේ නැහැ වෙන්න බැහැනේ. ඇත්තටම මේක දන්නේ නැත්ද? නැත්නම් දැනගෙන ලණුව ගිල්ලද?
    අම්මෝ, බටහිර පර්යන්තය තමයි සුරබි දෙන.
    ඔන්න බටහිර පර්යන්තය ගැන කතාවක් තිබුනේ නැත්නම්, නැගෙනහිර පර්යන්තය වටිනවා. දැන් නැගෙනහිර පර්යන්තයට වටිනාකමක් නැහැ, බටහිර පර්යන්තය නිසා. ඒ හින්ද මේක ඉන්දියාවට දෙන්න දෙන්න එපා.
    ජනාධිපතිවයි අගමැතිවයි වර්ණනා කරපු හාමුරුවරු. අයියෝඕ, පව්… අන්දලා හොඳට.
    රාජපක්ෂලා ඉන්දියාව එක්ක එකතු වෙලා පට්ට ගේමක් ගහලා තියෙන්නේ ඉන්දියාවට කොළොඹ බහලුම් පර්යන්ත අතරින් හොඳම එක, බටහිර පර්යන්තය, දෙන්න.
    රටම රැවටුව. කිසි සමාවක් දෙන්න එපා.

    • 1
      1

      චම්පෝ- ටිකක් පෝඩ්ඩක් උඩපැනපන්… … ඔබ තුමිය මොනවා හරි පෙති ටිකක් ගිලගෙන ගිලගෙන ගිහින් උඩ පනිනනව…. ඉයේ කසකාර්යො ලෙස කරයුතු කරන පිම්පි පින්ගුතරයො (මුරුත්තෙට්ටුව චීවරය) ටික බටහිර පර්යන්තරය ගැන උදම් ඇනුව..ඒක දුන්නනම් කමක් නැතිලු…ඒ ගැන සාකජ්ජා කලයුතුයි ලු.. මේ කිසිම දෙයක් මරල මිනි හන්ගල මේ රට කාපු රාජපක්ෂ වරුන්ගෙන් එලියට එන්නෙ නැහැ එවුන්ගේ පාරදෘශ්‍ය බාවය ගැවිල වත් නැති නිස.. කොමිස් කුට්ටි වෙලින් උන් රජවෙල.. රටේ ඇති කරපු හින්ගන ජනතාවට අද වෙනකොට ආතක් පාත්ක් නැහැ. පිටර ඉන්න අපිව ලන්කවට එනවිට එක කෙන්කෙඋගෙන් 7 ලස්ක්ශක් සූරල උන්ගෙ බඩ කට පුරවා ගන්න තිරිසන්නු දුප්පතා ගැන මොනවා කතාද ?
      . කොහොමවෙතත් ගිය රජයෙන්… ජපානය සමග සම්බන්ත පවත්වලා… කරන්න ගිය දේවල් මේ රජයෙන් අනාගත්ත..ඒ තිබුන රජය අර පාස්කු බෝම්බය දක්වා හැමදෙයක්ම බැලන්ස් කරා.. එනමුත් පොලොන්නරුවේ බුරුව මාෆිඅ පිම්පියාගෙ සුරතලා වුන දවසේ ඉන්දල මේ රට විනාශ වුනා. මට හෝ කිසිවෙකුට රනිල්ට දොස් කියන්න බැහ… රටේ ඉන්න තිරිසන් මාධ්‍ය රාජපක්ශගෙ බසට වෙනස්වෙල මත එවුන්ගේ පැත්ත ගොඩ නැගුව.
      .
      මේ ලන්ගදි මිනිසුන්ට ආරම්බ රබර් කරපු ප්රොජෙක්ට් හා හැම දෙයක්ම ගිය රජයේ බුද්ධි මත් කම නිසා කරගත්තු දේවල්… එකම ගොනකම තමයි රාජපක්ෂ පරබල්ලන්ගේ මෝඩකම නිසා රටේ ඇතිකරපු හම්බන්තොට වරාය 99% බද්දට, චීන්ටටම දීල දාපු ගෙක. හැබහෙයි පිම්පි මහින්ඩයා රටකාපු මෝඩය,.. කොලොමොපුරේ වරයේ කොටසක් 2014 ම 85% බද්දට දීල තිබෙනව.. එනමුත් ඒකගෙ අසූචි ගිලින රටේ වහල්ලු ඌ ගැන තවමත් ආවඩනව. අපි ඔහොම යමු..

  • 0
    0

    මම ඉංග්‍රීසි පැත්තේ දවස් කීපෙකට ඉස්සෙල්ල ලිව්වා ඉන්දියාව, ඉන්දුනීසියාවේ Sabang වරාය මීටර් 40ක් ගැඹුරුට හාරලා එතන deep-water terminal එකක් කරන්න යනව කියල. දැන් මේ බටහිර පර්යන්තය තියෙන විදිහට අර ඈත Sabang වරාය ඉන්දියාවට ඕනේ නැහැ. මෙතන පුළුවන් ඒක කරන්න. මීටර් 40ක් ගැඹුරු බහලුම් පර්යන්තයක් ඉන්දුනීසියාවේ හදන්න ගිය ඉන්දියාව මීටර් 18ක එකකට කැමති නොවී ඉඳියිද?
    .
    මේ පහත ලින්ක් එකේ බටහිර පර්යන්තය සැලසුම් කරලා තියෙන විදිහට, බටහිර පර්යන්තය හදපුවහම දැනට නැගෙනහිර පර්යන්තයට එන සියලු trans-shipment යන්නේ බටහිර පර්යන්තයට.
    ඊට පස්සේ නැගෙනහිර පර්යන්තය නිකම්ම නිකම් container terminal එකක් විතරක් වෙනවා.
    .
    https://www.researchgate.net/figure/Colombo-South-Harbour-showing-the-main-breakwater_fig1_273144005
    .
    මේ විදිහට බටහිර පර්යන්තය ඉන්දියාවට දීමේ අවාසි දෙකක් තියෙනව. 1). දැනට නැගෙනහිර පර්යන්තයට හිමි, අති විශාල විදේශ විනිමයක් රටට ගෙනෙන trans-shipment වෙළදාම සම්පූර්ණයෙන් අහිමි වීම 2). transit නැව් වලින් අය කරන tariff එකත් ලංකාවට අහිමිවීම.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.