23 September, 2023

Blog

පුංචි-ට්‍රම්ප්ලාගේ අසමත්භාවය

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

මේ මොහොතේ ලෝකයේ විශාලතම විරෝධතා ව්‍යාපාරය දියත් වන්නේ අපගේ දොරකඩ ඉදිරිපිටය. ඒ දැන් මාස තුනක් තිස්සේ අඛණ්ඩව ඉදිරියට යමින් තිබෙන ඉන්දීය ගොවීන්ගේ මහා නැගී සිටීමයි. ජනවාරි 26 වනදා දස දහස් ගණනින් නව දිල්ලිය කරා පැමිණි ගොවි විරෝධතාකරුවෝ ඉන්දීය ජන රජ දිනයේ අවධානය සම්පූර්ණයෙන්ම තමන් වෙත යොමු කරවා ගැනීමට සමත් වූහ. මෝඩි ආණ්ඩුවේ සංශෝධිත පුරවැසි පණතට එරෙහි මෑතකාලීන විරෝධතා ව්‍යාපාරයේ මෙන්ම වත්මන් ගොවි අරගලයේද සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විරෝධතාකරුවන්ගේ (ග්‍රාම්ස්චියානු අරුතින්) “ජාතික-ජනතා” පදනමක් පැවතීමයි. සටන් වැද සිටින්නේ භාරත දේශයේ පොදු ජනතාවයි. හින්දූත්වවාදී අන්තවාදී පණත්වලට එරෙහි සිසු ජන ව්‍යාපාරය සේම නව-ලිබරල් කෘෂිකාර්මික පණත්වලට එරෙහි ගොවි ජනයාද පවසන්නේ තමන් දේශප්‍රේමීන් බවයි. ජනරජ දින උද්ඝෝෂණයේ යෙදී සිටි ඇතැම් ගොවීන් ඉන්දීය ධජය පැළඳ සිටියහ. ඔවුන්ගෙන් මූර්තිමත් වන්නේ ඉන්දීය පොදු ජන සංස්කෘතිය තුළට මුල් බැසගෙන තිබෙන ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායන්ය. මහජන අවකාශයන් යළිත් මහජනයා විසින් අත්පත් කර ගනු ලැබීම සංකේතවත් කරමින් ඔවුන් නව දිල්ලියේ ලැගුම් ලා ගත්හ; ජනරජ දිනයේ මූලධාර්මික අරුත සිහි ගන්වමින් දිල්ලියේ ඓතිහාසික රතු බලකොටුවට ඇතුල් වූහ. මෝඩිගේ චානක්‍ය ලෙස හැඳින්වෙන අභ්‍යන්තර කටයුතු ඇමති අමිත් ෂා විසින් මෙහෙයවෙන පොලිස් බලකායන් මේ මහා ජනතා නැගී සිටීම ඉදිරියේ අසරණභාවයට පත්ව තිබේ.

ඉන්දීය ගොවි අරගලයේ වැදගත්ම දේශපාලන ඇඟවීම වන්නේ අන් කිසිවක් නොව මෝඩිගේ සහ භාරතීය ජනතා පක්ෂයේ හදවතටම එයින් ප්‍රහාරයක් එල්ල වීමයි. මෝඩි සහ බී.ජේ.පීය පෙනී සිටියේ සෙසු දක්ෂිණාංශික පක්ෂවලට වඩා පොදු ජන හද ගැස්ම වටහා ගත් නායකත්වයක් ලෙසයි; භාරතයේ භූමි පුත්‍රයින් ලෙසයි. (අප රටේ රාජ-පක්ෂය සේමය). ජනතා අභිලාෂයන් වටහා ගැනීමේදී බී.ජේ.පීය රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොංග්‍රසය අභිබවා යන්නට සමත් වූ බව පොදුවේ පිළිගැනුණු කාරණයක් විය. සැබවින්ම, එය ජනතා අභිලාෂයන් නිර්මාණය කළේය. ඒ නව-ලිබරල් ගෝලීයකරණ ප්‍රතිපත්ති මගින් බැට කමින් සිටි ජනයා හට ජනවර්ගවාදී සහ ආගමිකවාදී භාෂාවකින් ආමන්ත්‍රණය කිරීමෙනි. මෝඩි තමාව දෘෂ්ටිවාදීව මූර්තිමත් කර ගත්තේ නූතන රාම් කුමරා ලෙසයි. අයෝධ්‍යාවේ බබ්රි මස්ජිඩ් පල්ලිය කඩා බිඳ දමමින් ආරම්භ වූ හින්දූත්වවාදයේ දේශපාලන ව්‍යාපාරයේ අරමුණ වූයේ භාරත දේශය රාම් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමයි. එම ව්‍යාපෘතිය වටා අති විශාල ජන සමූහයක් ඒකරාශී කර ගත හැකි වූයෙන්, මෝඩිගේ බී.ජේ.පීය “දේශපාලනයේ මහ පොළොවට” වඩා සමීප බැව් කියැවිණ. නමුත්, දැන් එය ඉන්දීය ගොවි ජනයාගේ අභිලාෂයන් කෙරෙහි සංවේදී නොවන්නා වූත්, අදානි-අම්දානි ධන කුවේරයින්ගේ හස්තයට යටත් වී සිටින්නා වූත් නායකත්වයක් බව හෙළිදරව් වෙමින් තිබේ. එවිට බිඳ වැටෙන්නේ තමන් ස්වදේශික ප්‍රජාවන් වෙත වඩාත් සමීප නායකත්වයක්ය යන අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ ප්‍රධානතම දෘෂ්ටිවාදී කියා පෑමයි. තමන්ට බලයට එන්නට සහාය දුන් ජාතිකවාදී කණ්ඩායම්වලම ප්‍රහාරයට දැන් දැන් ඉලක්ක වෙමින් සිටින ශ්‍රී ලංකාවේ ගෝඨාභය පාලනය මුහුණ දී සිටින තත්ත්වය ද මේ සමග සැසඳිය හැකිය.

ඒ අනුව, දැන් භාරතයේ නූතන රාම් සේම හෙළ දීපයේ නූතන රාවණද අනපේක්ෂිත අභියෝගයකට මුහුණ පා සිටී! මෙතරම් ඉක්මණින් ජාතික-ජනතා පදනමක් සහිත බහුජන අරගලයකට මුහුණ දීමට තමන්ට සිදු වේ යැයි ඔවුන් අපේක්ෂා නොකරන්නට ඇත. නව-ලිබරල් යහපාලනවාදී රාහුල් කෙනෙකු හෝ රනිල් කෙනෙකු සමග හැප්පීම හින්දූත්වවාදී හෝ සිංහල බෞද්ධවාදී අන්ත දක්ෂිණාංශයට මහ ලොකු කජ්ජක් නොවේ. නමුත්, අරගලයේ නිරත ඉන්දීය ගොවියා සමග හැප්පීම හෝ ලාංකීය වරාය සේවකයා සමග හැප්පීම එතරම් පහසු නැත. ජනතා අරගල මර්ධනය කිරීමේ පහසු මාර්ගය සැබවින්ම ලොව කොතැනක වුවත් දක්ෂිණාංශික ජනතාවාදයට තෝරා ගත හැකි අවසාන විකල්පය යි. නමුත්, එම තෝරා ගැනීම තරම් ස්වයං-විනාශකාරී වූවක් ඔවුනට තවත් නැත. මන්ද යත්, අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී පාලකයින් ලොව පුරාම ප්‍රවණතාත්මක ලෙස බලයට පත් වූයේ පුළුල් මහජන සහයෝගයක් සහිතව වීම නිසාය. දැන් ඔවුනට අභියෝගය එල්ල කරන කොටස් අතර මෙතෙක් කලක් ඔවුනට සහාය දැක්වූ වැදගත් සමාජ ශ්‍රේණීන්ද සිටී. අඩු තරමින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ තත්ත්වය එයයි. එක්සත් ජනපදයට අදාළ තත්ත්වය (“කළු ජීවිත වටී!” ව්‍යාපාරයට අදාළව) තරමක් වෙනස්ය.

දේශපාලන ආර්ථිකය, මෝඩයෝ!

සමකාලීන දේශපාලනය පිළිබඳ ලිබරල්වාදී විශ්ලේෂණයන් විවේචනයට ලක් කරමින් ස්ලේවෝයී ශිෂෙක් පවසන්නට පුරුදුව සිටින යෙදුමක් නම් “දේශපාලන ආර්ථිකය, මෝඩයෝ!” (it’s the political economy, stupid!) යන්නයි. ඔහු පෙන්වා දෙන්නේ බොහෝ විට ලිබරල්වාදී දේශපාලන විශ්ලේෂකයින්ට මග හැරෙන දේශපාලන-ආර්ථිකමය මානය වත්මන් ගෝලීය දේශපාලන ප්‍රවණතා වටහා ගැනීමේදී ඉතාම වැදගත් වන බවයි. ඇතැම් විට, දේශපාලන-ආර්ථිකමය සාධක නොතකා හැරිය විට අපට සමස්ත චිත්‍රය ගැන ලැබෙන්නේ ඉතාම පාර්ශවීය සලකුණකි. මේ කාරණය වත්මන් දිනවල ඉන්දියාවේ සේම ශ්‍රී ලංකාවේද විරෝධතා දේශපාලනයේ නව මානයන් වටහා ගැනීමේදී හොඳින්ම වලංගු වේ.

ඉන්දීය ගොවි ජන අරගලයේදී මෙන්ම ශ්‍රී ලංකාවේ වරාය සේවක අරගලයේදීද නම කියැවෙන එක්තරා පුද්ගලික සමාගමක් තිබේ. ඒ අදානි සමාගමය. දෙරටේම ජනතාවාදී ආමන්ත්‍රණයක් සහිතව බලයට පැමිණි නායකයින් දැන් එක් හෝ තවත් ආකාරයකින් මේ මහා කතිපයාධිපති සමාගමේ අභිලාෂයන් සමග සමාන්තරව සිටී. ඉන්දියාව තුළ නව-ලිබරල් ප්‍රවේශයේ ආර්ථික ප්‍රතිසංස්කරණයක මූලිකත්වය ගැනීමට හින්දූත්ව උරුමයේ නාමයෙන් බලයට පත් වූ පාලන තන්ත්‍රයකට සිදුව ඇත. ශ්‍රී ලංකාවේ තත්ත්වයද ඊට වෙනස් නැත. ඇතැම් විට, එය ඊටත් වඩා සරදම්ජනකය. බටහිර විරෝධී දෘෂ්ටිවාදී මන්ත්‍ර ජප කිරීම ප්‍රිය කරන සිංහල බෞද්ධ ජාතිකවාදී නායකත්වයකට එක්සත් ජනපද-ඉන්දීය අක්ෂයේ භූ-දේශපාලනික අරමුණු ඉටු කෙරෙන ආකාරයෙන් තම ප්‍රධාන වරායේ පර්යන්තයක් විකිණීමට සිදු වීම ගැන මදක් සිතන්න. “කොරෝනා ධනවාදයේ” සංධර්භය තුළ ට්‍රම්ප්ගේ එක්සත් ජනපදය තුළ සේම ලොව සෙසු තැන්වලද අන්ත-දක්ෂිණාංශික ජනතාවාදය මුහුණ දී සිටින්නේ මෙවන් සරදම්ජනක අභියෝගයක් වෙතය. ට්‍රම්ප්ට අත් වූ ඉරණම පුංචි-ට්‍රම්ප්ලාටද එලෙසින්ම අත් විය යුතු යැයි නියමයක් නැත. ශන්තාල් මූෆ් මෑතකදී අනතුරු හැඟවූ පරිදි ඇතැම් විට අන්ත-දක්ෂිණාංශය නව වටයකින් මතු වීමටද මේ ගෝලීය අර්බුධය හේතු විය හැකිය.

බල හවුලේ අවුල

නොඑසේනම්, තවත් විය හැකියාවක්ද පවතී. එනම්, පාලක බල හවුල (ruling power-bloc) තුළ උග්‍ර වෙමින් පවතින ගැටුම්වලට ප්‍රතිචාරයක් ලෙස ප්‍රධාන ධාරාවේ දක්ෂිණාංශික පාර්ශවයන් අතර නව සම්මුතියක් නිර්මාණය වීමයි. දැන් එක්සත් ජනපදයේ මේ විය හැකියාව ගැන කතා බහට ලක්වෙමින් තිබේ. මෑත දිනෙක මංගල සමරවීර වත්මන් ආණ්ඩුවේ ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති අගයමින් සරදම්ජනක ස්වරයෙන් ඉඟි කොට තිබුණේ එවන් මාවතක් ගැනය. තවමත් ශ්‍රී ලංකාවේ එවන් “නව ආන්තික මධ්‍යයක්” සඳහා වන සූදානමක් පෙනෙන්නට නොමැති බව සත්‍යයකි. නමුත්, ලෝකයේ දේශපාලන ක්‍රියාවලීන් දැන් එදෙසටද දෝලනය වේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 5
    0

    එය සරල ය, ජාතියක් මෙතරම් කාලයක් අඳුරේ තබා ගත හොත්, එහි ප්‍රති come ලය පෙර නොවූ විරූ ය. යමෙකුට / වෙනත් දෙයකට දොස් පැවරීම දිගටම කරගෙන යන්න, නමුත් කිසිවක් නොකර සැබෑ වෙනස්කම් කළ නොහැක. එය වක්‍රය මත ඇවිදීම හා සමානයි. ඒ හා සමානව, අඹ ගසකින් ඇපල් බලාපොරොත්තු විය නොහැක. ශ්‍රී ලංකාවේ ස්වයං-සාදන ලද ඉරණමට මූලික හේතු වන්නේ මිනිසුන් සහ ඔවුන්ගේ නියෝජිතයන් ය. නැවත බලයට පත්වුවහොත් රාජප්ක්ෂස් විනාශ වන බව ජනතාව ඒත්තු ගැන්වීමට කිසිවක් සාර්ථක වූයේ නැත. අද, එය ප්‍රමාද වැඩියි, මිනිසුන් බුද්ධාගම භික්ෂූන් වහන්සේලා / චෙවරධරියන්වරු ඔවුන් මතට විසි කරන ලද BLANT බොරුවලට හසු වේ. එසේ වුවද නූගත් ඊනියා භික්ෂූන් වහන්සේලා එකම නායකයන් සමඟ රූපවාහිනී තිරවල දැකිය හැකිද? බැලූ බැල්මට මෙය වෙනස් නොවේ. නැත්ද ?

    පසුගිය සතියේ පැහැදිලි වූයේ නූගත් ග්‍රාමීය සාමාන්‍ය ජනතාව පමණක් නොව MBBS උපාධිධාරීන් ද අද දම්මිකා පානි නිෂ්පාදකයින් අනුගමනය කරමින් මැර කායික පහරදීම්වලට ස්වේච්ඡාවෙන් ගොදුරු බවට පත්වන බවයි. මෑත ඉතිහාසයේ එවැනි සිදුවීම් කිසිවක් වාර්තා නොවූ නමුත් වෛද්‍ය වෘත්තිකයෙකුගේ ප්‍රතිරූපයක් සහ ඔහුගේ මානසික තත්වය මනාව නිරාවරණය වේ .. එම පරීක්ෂණයේදී පොලිසිය පනි මේකර්ට පැවසූ දේ පිළිගත්තේ > „එය මා නොව කාලි අම්මා විසින්ම ය එදින පැමිණි දන්ත වෛද්‍යවරයාට කම්මුලට ගැසූ නිසා කරුණාකර ඔබට සමාව දිය යුතුය. වැඩිදුර පරීක්ෂණ හෝ වින්දිත දන්ත වෛද්‍යවරයාට යුක්තිය ඉටු කිරීමේදී කුමක් සිදුවේද? මිනිසුන් අසරණ වී සිටින අතර, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපොහොසත් වන අතර, අද දින නායකත්වය කලින් චෝදනා ලැබූ ඉහළ අපරාධකරුවන් විසින් අල්ලා ගනු ලැබේ. එය ඔවුන්ගේ පවුලට බලපාන්නේ නැතිනම් ප්‍රමුඛතා ප්‍රමුඛතා නොසලකයි.

    to be continued.

  • 3
    0

    ජොන්ස්ටන් ප්‍රනාන්දුට කණ්ණඩි කුට්ටමක් අරන් දෙන්න ඕනේ සහ ඉස කුඩිච්චියකුත් දාන්න ඕනේ.
    ජොන්ස්ටන් කියනව නැගෙනහිර බහලුම් පර්යන්තයට ඉන්දියාව “සින්නකරට ආයෝජනය” කරන එකට විරුද්ධ වෙන්න හාමුදුරුවරුන්ව උසිගන්වනවලු.
    කණ්ණාඩි කුට්ටමකුයි ඉස කුඩිච්චියකුයි දාගත්ත නම් ජොන්ස්ටන්ට පෙනෙයි මෙම හාමුදුරුවරු තමයි එදා මාගම්පුර වරාය විකුණනවාටත් විරුද්ධ වුනේ, රටේ අනිත් සම්පත් විකුණනවටත් විරුද්ධ වුනේ වගේම, මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ හොර දේශප්‍රේමින් ඔවුන් වෙනුවෙනුත් , ඊට පස්සේ ගෝඨාභය වෙනුවෙනුත් වේදිකාවල කියපු පට්ටපල් බොරු වලට රැවටිලා ඔවුන්ව බලය ගෙනාවෙත් කියල.
    අද වරාය වෘත්තීය සමිති වලින් අහනවා එදා කොහෙද හිටියේ කියලා. හැබැයි එදත් ජොන්ස්ටන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මේ විදිහටම රට පාවලා දුන්න. පාර්ලිමේන්තුවෙන් එළියේ මාගම්පුර වරාය සහ රටේ අනිත් සම්පත් විකුණන එකට කැහැගැහව්වට, රනිල් මාගම්පුර වරාය විකුණන පනත පාර්ලිමේන්තුවට ගෙනාපු දවසේ ජොන්ස්ටන් ඊට විරුද්ධව චන්දෙ දෙන්න පාර්ලිමේන්තු ආවෙවත් නැහැ. ජොන්ස්ටන් විතරක් නෙමෙයි ඒකාබද්ධ විපක්ෂයේ 5ක් හැර අනිත් කවුරුවත් පාර්ලිමේන්තු ආවේ නැහැ.

  • 0
    1

    ඊළඟට රනිල් විදේශ සමාගම් වලට ඉඩම් සින්නක්කර විකුණන්න ගෙනාපු ඉඩම් පනතටත් කලේ ඒ පාවාදීමමයි. එළියේ බොරුවට ඊට විරුද්ධව කැහැගහලා මිනිස්සුන්ව රවට්ටලා ඉඩම් සින්නකර පනතට විරුද්ධව චන්දෙ දෙන්නේ ඒකාබද්ධ විපක්ෂේ එකෙක් පාර්ලිමේන්තු ආවේ නැහැ. ඒ කාලේ ඉඳන්ම රනිල් නවත්තපු තැන ඉඳන් පටන් ගෙන රට පාවා දෙන්න සැලසුම් කරලා තියෙනවා.
    ඒ දවස්වලම මම කිව්වා රනිල් දේශීය සමාගම් වලට කියලා බොරුවට නම් දාල විකුණන කෘෂිකාර්මික සහ ඛනිජ ඉඩම් කවදාහරි විදේශ සමාගම් ගන්නවා කියල. අද ඒ කතාව ඇත්ත වෙලා බව රූපවාහිනිය බලපුවහම පේනවා. අදත් සිද්ධ වෙන්නේ ඒකමයි. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදෙනවා වගේම වෙන හොර දේශීය සමාගමකටත් දෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ මොකොද කිව්වා නම් කාලෙකදී ඒ දේශීය සමාගමම නැගෙනහිර පර්යන්තයේ කොටස් ඉන්දියාවටම විකුණන්න ඉඩ තියෙන හින්ද.

    • 4
      1

      ඔබේ ආදරණීය රාජපක්ෂ පුරුෂයන් සම්බන්ධයෙන් ඔබේ ස්වරය මෘදු කර ඇති බව පෙනේ. ඔබේ පෑනෙන් සිතුවිලි සම්ප්‍රේෂණය වන ඕනෑම දෙයක් ඔබගේ ස්වරය රාජපක්ෂෙන් දුරස් නොවන බව පැහැදිලිය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදු දීමට බලයේ සිටින රජයේ කණ්ඩායම් 10 ක් එකඟ නොවන බව අප දකින දේට වඩා මෙය අඩු හෝ වැඩි වශයෙන් සමාන වනු ඇත. කෙසේ වෙතත්, බොහෝ දෙනා විශ්වාස කරන්නේ, මෙය රටේ විරුද්ධවාදීන්ගෙන් සහ විවිධ බලවේගයන්ගෙන් වර්ධනය වන ප්‍රතිරෝධය සමතුලිත කිරීමේ තවත් ක්‍රීඩා සැලැස්මක් විය හැකි බවයි. ත‍්‍රස්ත කන්ඩායම්වලට එරෙහි යුද්ධය පරාජය කිරීම සඳහා රාජපක්ෂ නායකත්වය තරමක් ඉවහල් විය හැකි නමුත් එතැන් පටන් රාජප්කාෂේ පවුල් දේශපාලනය ඊනියා චීන ආයෝජනවලට යටත් වීමෙන් අනෙක් පැත්තෙන් ඔප්පු විය. යුද අපරාධ සම්බන්ධ නොව පශ්චාත් යුධ කාර්ය සාධනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්ෂික සැසිවාරයට සති කිහිපයකට පෙර රාජපක්ෂ භූගත බලවේග විසින් රටේ සුළුතර මුස්ලිම්වරුන්ට පහර දෙන කැරලි ඇති කළ බව රහසක් නොවේ. මෙය සහ ඒ හා සමාන උපක්‍රම රාජපක්ෂ ගැති අන්තවාදී කණ්ඩායම් විසින් අවසන් කාලය දක්වාම කරගෙන යන ලදී. මහනුවර ශ්‍රී ලංකාවේ සිදු වූ මෙවැනි කැරලි සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සිරිසේන අද පොලිස් අමාත්‍යවරයා ලෙස ඇඟිල්ල දිගු කළේය. එබැවින් අද අපරාධ තත්වය කිහිප ගුණයකින් වැඩි වනු ඇත, මන්ද එවකට ඉහළ අපරාධකරුවන් අද රට පාලනය කරයි. අද ලෝකය හොඳ ශ්‍රී ලංකාවක් ගැන කතා නොකරන නමුත් චීන ණය උගුලක් බවට පත්ව ඇති අංක එකේ දූපත් රටකි. ජනමාධ්‍ය මාෆියාව තනිකරම හසුරුවනු ලබන්නේ රාජපක්ෂේ සහචර පිරිමින් සහ කාන්තාවන් විසින් වන බැවින් පසුකාලීනව රට තුළ පුනරාවර්තනය වන බවක් නොපෙනේ.

      to be continued

  • 2
    0

    ගෝඨාභය කියන්නේ දේශප්‍රේමියෙක් නෙමෙයි, අමු පාවා දෙන්නෙක් වෙයි කියල මම 2017 ඉඳන්ම කියල තියෙනව.
    හැබැයි මහින්ද සහ, අද ගෝඨාභයගේ මස් කටු ලෙවකන, ගෝඨාභය දුන්නු මස් කට්ටට ලෝභ කමට රට පාවා දෙන එදා ඒකාබද්ධ විපක්ෂයේ හිටපු මෙවුන්ම එදා කිව්වේ රටේ සම්පත් පාවා දෙන්නේ නැතුවා විතරක් නෙමෙයි රනිල් විකුනපු එව්වත් ආපහු ගන්නවා ගන්නවා කියල.
    හැබැයි දැන් කතාව කොහොමද?
    දැන් ජනතාවගෙන් අහනව රනිල්ට මාගම්පුර වරාය චීනෙට විකුනන්න හොඳ නම්, රනිලුත් නොවිකනපු කොළොඹ වරායේ නැගෙනහිර ජැටිය අපි ඉන්දියාවට වික්කම මොකොද කියල.
    දේශප්‍රේමින් කියල වෙස් මුහුණු දාගෙන හිටපු අද ඇමතිවරු වෙලා ඉන්න එදා ඒකාබද්ධයේ හිටපු මන්ත්‍රීවරු කිසි විලිලැජ්ජාවක් හෝ හිරිකිතයක් නැතුව මේ වගේ පට්ටපල් බොරු කියා කියා ගෝඨාභයගේ රටේ සම්පත් විකිණිල්ලට උදව් කරන්නේ ඇයි? මෙවුන්ට ආයේ පාර්ලිමේන්තු එන්න ඕනේ නැහැ. මේ පාර ආවෙත් රටට සේවයක් කරන්න නෙමෙයි සල්ලි වලට. ඒ හින්ද ගෝඨාභය රටේ සම්පත් විකුණන කොට, රටේ ඉඩම් විදේශිකයන්ට සෘජුවම හෝ පර සිංහලයන් ලව්වා වක්‍රව හෝ විකුණන කොට කැබිනට් මණ්ඩලයටත් කොටස කොටස දෙනවා ඇති. එතකොට ආයේ පාර්ලිමේන්තු එන්න ඕනේ නැහැ. නැත්නම් මේ විදිහට එදා කියපු එකට සම්පූර්නයෙන්ම විරුද්ධ දෙයක් කියන්න මූලික ලැජ්ජාවක්වත් තියෙන්න එපෑය මුන්ට.

    • 3
      1

      ඔබ කියන්නේ පසුගිය ආණ්ඩුවේ නව ලිබරල් මූලධර්ම පසුගිය මැතිවරණයේදී ඔවුන් පරාජයට පත් කිරීමට හේතු වූ බවයි. කොළඹ අක්කර කිහිපයකින් විකුණා දැමූ බවට වාර්තා තිබේ. ගෝතබයා විසින් වත්මන් රජය 2019 නොවැම්බර් මාසයේදී නැවත බලයට පත්විය. ඊට අමතරව, රනිල්ට එරෙහි එක් ප්‍රතිරෝධයක් සහ රාජපක්ෂේට එරෙහි තවත් මෘදු ප්‍රතිරෝධයක්, දේශපාලනයේ එකම කාරණා සම්බන්ධයෙන් මිනිසුන්ට බල කෙරෙන්නේ අද. මෙම ප්‍රවෘත්ති වේවා, සත්‍ය හෝ අසත්‍යය බොහෝ දෙනෙකුට තවමත් පැහැදිලි නැත. වර්තමාන සන්දර්භය තුළ යමෙක් සත්‍යය සෙවීමට කටයුතු කරන්නේ නම්, සෑම අමාත්‍යාංශයක්ම පාහේ මිලිටරිකරණයට ලක්ව ඇති අතර, හිටපු චෝදනාවට ලක්වූ ඉහළ අපරාධකරුවෙකු වන ගෝතබයා යටතේ රජයෙන් ප්‍රතිරෝධයක් පවතී. අද ඔවුන් කරමින් සිටින බොහෝ දේ විනිවිදභාවයෙන් හා වගවීමකට හසු නොවන්නේ ඔවුන්ගේ සැලසුම් සහගත මැර ජාලය ප්‍රධාන ධාරාවේ ප්‍රාදේශීය මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය සමඟ වේවා සහ වෙනත් රජයේ යාන්ත්‍රණයන් ද පෙර රජය තුළ ශක්තිමත් බැවිනි. වර්තමාන කුරිරු දේශපාලනය ක්‍රියාත්මක කරනු ලබන්නේ ඔබේ වෙනමම මාෆියා ලොක්කා මහින්ද රාජපක්ෂේ විසිනි. ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝතබායා නම් කිරීමේ නීත්‍යානුකූලභාවය නොසලකා හැර ඇති බවට හිටපු මැතිවරණ කොමසාරිස්වරයාට චෝදනා කළ යුතුය. දැන් ඔහුගේ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය හූල් මැකෝගේ සභාපතිත්වය යටතේ එවකට පැවති මැතිවරණ කොමිසම තුළ ඇති යථාර්ථය හෙළි කරයි. අවාසනාවකට මෙන්, රාජපක්ෂේ පවුලට සමස්ත අධිකරණ යාන්ත්‍රණයක්ම සහිත ඉහළ අපරාධකරුවන්ට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් කිසිවක් දියුණු නොවන බව පෙනේ. රන්ජන් රාමනායක වැනි ශ්‍රේෂ් activ ක්‍රියාකාරිකයෙකු ඇතුළු අහිංසක පුද්ගලයින් සිරගත කරනු ලබන්නේ රටේ පවතින නීති ඉක්මවා ය. 80 දශකයේ අග භාගයේ දී අත්විඳින ලද පරිදි මෙම ශාපකාරී තත්වය ඉක්මනින් කැරැල්ලක් බවට පත්වනු ඇත.

      tbd

  • 1
    0

    නැගෙනහිර වරාය ආරක්ෂා කරගන්න සටන් කරන වරාය වෘත්තීය සමිතිය සහ අනිකුත් විශාල සංඛ්‍යාවක් වෘත්තීය සමිති, විවිධ සංවිධාන සහ කණ්ඩායම් විශේෂයෙන් සැලකිය යුතු කාරණය නම් ආණ්ඩුව විසින් මේ සටන කඩාකප්පල් කරන්න ඇතුළෙන්ම පත් කරලා තියෙන බ්‍රෝකර් කණ්ඩායමේ උගුලට අසු නොවීම. බ්‍රෝකර් කණ්ඩායමේ සංයුතිය බලපුවහම, ඒ කියන්නේ ටිරාන් අලස් වගේ නම් දැක්කහම පේනවා මොකක්ද අරමුණ කියල.
    කොළොඹ තියෙන ඇමරිකන් තානාපති කාර්යාලය විසින් සකස් කල 20වෙනි සංශෝධයට විරුද්ධව මහජන නැගිටීමක් එනකොටත් මේ වගේ බ්‍රෝකර් කණ්ඩායමක් සටන් පාඨ කියාගෙන ආව මතක ඇති. හැබැයි මිනිස්සු එකතු වුනේ ඔවුන් එක්ක නෙමෙයි, 20ට එරෙහිව සටන් වැදුණු මහා සංඝරත්නය එක්ක.
    බලාපොරොත්තු වෙච්ච විදිහටම 20ට එරෙහිව ආණ්ඩුව ඇතුලෙන් ආපු බ්‍රෝකර් කණ්ඩායම අන්තිමට ඔවුන්ගේම සටන පාවලා දීල 20ට පක්ෂව චන්දෙ දුන්න. රටේ වාසනාවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ සහ පූජ්‍ය බෙංගමුවේ නාලක හාමුදුරුවෝ රට වෙනුවෙන් වූ තමන්ගේ මතය වෙනස් නොකර අභිතව සටන් කරපු හින්ද ආණ්ඩුව එකක් හැර වඩා භයානක වුනු අනිත් ඔක්කොම භයනක වගන්ති ටික අකුලා ගත්ත.
    ඒ හින්ද එදා වෙච්ච දේ පාඩමකට අරගෙන, ආණ්ඩුව ඇතුළෙන්ම ආපු මේ හොර දේශප්‍රේමී බ්‍රෝකර් කල්ලියේ උගුලට අහු නොවෙන්න වෘත්තීය සමිති කල්පනාකාරී වෙන්න ඕනේ. මහා සංඝරත්නය, විශේෂයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ සහ පූජ්‍ය බෙංගමුවේ නාලක හාමුදුරුවෝ මේ සටනේ පෙරමුණේ ඉන්න හින්ද සහ ජනතාවත් එකතු වෙලා ඉන්න හින්ද නැගෙනහිර පර්යන්තය ආරක්ෂා කරගන්න සටන හුඟක් බලවත්.

  • 1
    0

    අනිත් ඉතාම වැදගත් කාරණාව, නැගෙනහිර, බටහිර පර්යන්ත විතරක් නෙමෙයි, අපේ වටිනා පුරාවිද්‍යා ඉඩම්, කෘෂිකාර්මික සහ ඛනිජ සම්පත් බහුල ඉඩම්, පන්සල් වලට අයත් ඉඩම්, වැසි වනාන්තර, රක්ෂිත ඉඩම්, වටිනා තෙත්බිම් සහ වගුරු බිම්, උතුරේ අපේ බෞද්ධ නටබුන් සහිත ඓතිහාසික වගේම සංග්‍රාමික අතිනුත් වැදගත් සියලු දූපත් සහ සිංහල අපේ මුල් උරුමය සහ මුල්ම සිංහල රාජධානිය පිහිටි ඉතාම වැදගත් වයඹ පළාතත් ඇතුළු අපේ සියලු සම්පත් රැක ගැනීමේ සටනේ මව් සටන විදිහට මේ සටන සලකන්න ඕනේ.
    ඒකට හේතුව තමයි, ජනාධිපතිවරයා විසින් බොරුවට වංචාව දූෂණය නැති කරන්න කියලා, බොරුවට නීති ප්‍රතිසංස්කරණය කරන්න කියලා, බොරුවට සංකීර්ණ නීති සරල කරන්න කියල කියාගෙන, ඉඩම් සහ වනාන්තර අණ පනත් (සමහරක් දැනටම වෙනස් කරලා), රේගු අණ පනත්, රක්ෂණ අණ පනත්, මූල්‍ය සහ විනිමය අණ පනත් (සමහරක් දැනටම වෙනස් කරලා), අධිකරණ අණ පනත්, වනජීවී වනරක්ෂණ අණ පනත්, රාජ්‍ය සේවා අණ පනත් ආදී මෙකී නොකී රටේ ස්වාධිනත්වයට, ස්වෛරීභාවයට ඉතාම අවශ්‍ය අණ පනත් ඉතා වේගයෙන් සහ තොග වශයෙන් වෙනස් කරන්නේ අනාගතේ නැවත ගෙන්න සැලසුම් කරලා තියෙන MCC ගිවිසුමට අවශ්‍ය පාර වේලාසනම හදල තියෙන්න.
    ඒ හින්දා, වරාය සටන අනිවාර්යයෙන්ම ජයග්‍රහණයෙන් නිමා කරන්න ඕන වගේම, එයින් පස්සේ වරාය වෘත්තීය සමිතිය පැත්තකට වෙන්නේ නැතුව, ඉහත සඳහන් කල රටේ අනිත් සම්පත් සහ ඒව ආරක්ෂා කරන්න අනාදිමත් කාලෙක ඉඳල තියෙන නීති අණ පනත් ආරක්ෂා කර ගැනීමේ සටනටත්, මහා සංඝරත්නය සහ ජනතාව සමඟ එකතු වෙන්න ඕනේ.

  • 1
    0

    ගෝඨාභය රාජපක්ෂ තරම් බේගල් කියමින් ජනතාව මුලා කරන තවත් පාලකයෙක් ලංකාවේ ඉන්න නැතුව ඇති. ගෝඨාභයට චක්‍රලේඛ ඇලජික් වීම පිටිපැස්සේ තියෙන්නේ මොන තරම් නිහීන අරමුණක්ද කියල දැන් තේරෙනව ඇති හැමෝටම.
    ගෝඨාභය කියන්නේ ඇමරිකන් ඉත්තෙක්.
    ඇමරිකන් ඇතුළු පරගැති බලවේග වලට, විජාතිකකරණයට, ඉන්දියනුකරණයට, පෞද්ගලීකරණයට, මුස්ලිම්කරණයට සහ ක්‍රිස්තියානිකරණයට එරෙහිව නැගුනු දේශප්‍රේමී ජනහඬ සහ මහා සංඝරත්නයේ මහ හඬ නිහඬ කරන්න ඇමරිකන් තානාපති කාර්යාලය විසින් ගෙනාපු ඇම තමයි, දේශප්‍රේමීන්ගේ පැත්තෙන් ගෝඨාභයව චන්දෙට ඉදිරිපත් කිරීම.
    මම කිව්වා මෙහෙම වෙන බව ඒ දවස්වලම. මම කිව්වා කවද හරි ගෝඨාභය දිනුවට පස්සේ ඉස්සෙල්ලම ගහන්නේ සිංහල බෞද්ධයාට සහ ඔහුව බලයට ගේන්න උදව් කරපු පිරිසට කියලා.
    අද ඔබට පේනවා ඇති එදාට වඩා බරපතල විදිහට සහ එළිපිටම අති පැරණි පුරාවිද්‍යා ඉඩම් විනාශ කරනවා, ඩෝසර් කරනවා, මහා වනාන්තර කපා දමනවා. විදේශිකයන්ට ඉඩම් විකුණනවා. කපුටු බෝ ගහක්වත් කපා දමපු නැති රටේ, බෝ ගස්, නුග ගස්, නා ගස් පවා කපා දමනවා. රනිල් සිරිසේන සජිත් හිටපු වහල් ආණ්ඩුවට විකුණන්න බැරිව ඉතුරු වුනු අනිත් සියලු ජාතික සම්පත් විකුණන්න බරපතල කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා.
    රටවල් තුනක් හෝ හතරක් සම්බන්ධ, මීටත් එහා ගිය බලගතු කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා. ළඟදීම ඒ ගැනත් කියනවා.

    • 3
      1

      Champa@
      මම හිතන්න නැහැ බේගල් කියනව කියල.මන්ද කවදාවත් නූගත් කමින් පලපුරුද්ද නැති පුද්ගලයකුට, හදවත් සැත්කම කරල ජීවිත බේරගන්න කියල අයදින ජනතවක් ඉන්න රටක ජීවත් වන ජනතාව, අර පැනි බීල හෝ, ගොම ගිලල කොවිඩ් හෝ වෙන භයනක ලෙඩරෝගවලින් නිරෝගි වෙන්න පුලුවන් කියල එක දිගටම හිතන ජනතාවක් ඉන්න රටක මේ දේවල් නැවත නැවතත් වෙනවා, වලක්විය නොහැකියි. හරියට දවල් වැටුන වලේ රැ වැටිල ඊට පසුදාත් ඒ විදියට වැටෙන තත්වයේ මානසික පසුබිමක් ඇති බව මේ වුන සිදු වීම් වලින් රටේ සිටින සුලුවෙන් හෝ බුද්දියක් ඇති අයට හා පිටින් බලන අයට සැක නැහැ, පැහැදිලියි. මෙයට වැරදි කාරය කවුද ? මම මේ දේවල් කිව්ව දිගටම, රටේ තිබෙන්නෙ, ජනමාද නිසා රටේ ඇති මාෆියාවක්… මිත්යා මත සම්බන්ධ එවුන් හෝ, කාලි අම්ම ප්රවර්දනය කරන එවුන්ගේ හා ඒ හා සම්බන්ධ ව ඇති වියාපර වලින් තමන්ගේ ආර්තිකය ගොඩ නගා ගන්න එවුන් පිරුනු රටක්… කුඩුකාරයට විරුද්ධව කටයුතු කරන පොලිසිය හා නීතීඥ වරු කටයුතු කරන්නෙ, එවුන් රැකීමට.. අලුත්ම විස්තර එනව, බන්දනගරවල කුඩු දිගටම් පවතින බව හා එහි සිටින ජේල් වරු හා රටේ බලය හසුරුවන දේශපාලන්කයන් අතර සුසන්ග්යෝගය ඉතා ශක්තිමත් බව.
      .
      අනෙක ඇමරිකාවෙ අවුරුදු 15 ක් දේශපාලන අනාත කන්දවුරු වල කල් ගත කරල, තමන්ගෙ සහෝදරය ජනපති වූ විට, රට පැමින නැති දේශප්රෙමයෙන් රටේ අසූචි ගිලින ජන මාධ්‍ය හරහා රටේ ඉන්න ඉතාමත් දුප්පත් කොටස් නොමග ඇරල… රටේ නියම රනවිරුවන් රටේ තිබුන භීෂනය ඉවත කරල, රට නිතහස් කරගත් විට, රටේ නියම ජාතික වේරය වන සරත් ෆොන්සෙක, රටේ යුධ හමුදාව මෙහෙයවපු ඒ නිර්භීත සටන් සගය තමන්ගේ වියරුවින් හිරේ දමල, යුද්දය නැති කොට කට ඇරන් රාජපක්ශෙවරුන්ට හෝයි තමපු තිරිසන් පාහරයින් රටක් අපේ මවුබිම කියනේ. ඔබ වැනි අයටත් මේ තක් දුරට වැටහෙන්න අවුරුදු 10 විතර ගිය…..
      බොරුවට නැති බුදුන් ඇදහීමක් පෙන්නගෙන ජාතිවාදයට හෝයය කියන ඔබ වැනි කාලකන්නි ගැන මට දැනෙන සිතුවිලි වචන වලින් කියන්න බැහැ.

      • 0
        2

        leelagemalli
        ඔබ සිංහලයෙක් නෙමෙයි. ඔබ ගෝඨාභයට චන්දෙ දුන්නෙත් නැහැ. ඒ හින්ද ඔබට සිංහල බෞද්ධයා ගැන හෝ අපේ රට ගැන හෝ ඇති දේශප්‍රේමයක් නැහැ. ඔබට නැති දේශප්‍රේමයක් ඔබ අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇයි?
        ඔබ දන්නවද ජාතිවාදය කියන්නේ මොකක්ද කියල? ඔබ සිංහල බෞද්ධයන්ට එරෙහිව ලියපු දේවල් සිංහල වෙදකමට එරෙහිව ලියපු දේවල් වලින් පෙන්වන්නේ අයිතියක් තියෙන්නේ ඔබේ ජාතියට සහ ඔබේ ආගමට පමණක් මිසක් සිංහලයන්ට සහ බෞද්ධයන්ට සිංහල වීමට හෝ බෞද්ධ වීමට අයිතියක් නැති බවයි.
        මම කතා කරන්නේ සිංහල බෞද්ධ අපිම බලයට ගෙනාපු මිනිස්සු අපේම රටේ අපේ අයිතිය නැති කරන්න හදන එක ගැන. මට ඒ ගැන කතා කරන්න අයිතියක් තියෙනව. මගේ ඒ අයිතියට ජාතිවාදය හෝ වෙන ඕනෑම නමක් කිව්වා කියලා මම සිංහල ජාතියේ හෝ බුද්ධාගමේ අයිතිය ගැන කතා කරන එක නවත්තනේ නැහැ.
        මගේ ආගමට අනුව නොව ඔබේ ආගමට අනුව හිතුවොත් මෙතැන කාලකන්නිය කවුද කියල ඔබටම වැටහෙයි.

        • 3
          0

          මම සින්හලයෙක්ද නැතිද යන්න දන්නො දනිති, ඒ සන්ද්හා ජානමය පරීකශ අවශ්නම් ඒ බව ඔබට “සින්හලමැන්“ හරහා දැනගනීමට සලස්වන්න පුලුවන්. ඒ යන ගාස්තු ඔබ භාරගත යුතු වෙනව. මෙතන ප්රශනය මම බෞද්ධ වෙලා ඉපදුනාත් ඔබ වැනි අයට වඩා විරුද්ධ මතයක් දරන බවයි.

          පිටරට ජීවත් වුනත් මගේ රටේ අසරන දුප්පත් මිනිසුන් වෙනුවෙන් තමයි මම දිගටම අරගලය කරන්නෙ. ඒ අරගලය රන්ජන් රාමනයකත් කරනව, සින්හල මැනුත් හා අනිකුත් කිහිපදෙනෙක් කරගෙන යනව… එය නැවත්වන්න සක්කරයාටවත් බැහැ. ඒකට මට මම සින්හලය, දෙමලද, මුස්ලිම්ද, බර්ගර්ට් , වතු දෙමලද කියල මම පෙරා බලන්නෙ නැත.
          .
          චම්පා ඔබ වැනි තිරිසන්නු ඒ මිලියන 7.9 යේ සිටී අතර එවුන්ට අද වෙනකොට තම අදහස් එලියට දමන්නට බැරිව සිටින බව ඔබත් හරියට දන්නව, අබ ඇටයක මොලයක් ඇත්නම්. සින්හල බෞද්ධයෙක් කිය හන්වඩු ගහමින් රට කන රාජපක්ෂ වරුන්ට වරෙක හොන්ද හා තවත් වරෙක් මොනවද කතා කරන්නෙ කියල නොදන්නා දේවල් පවසන මින්සුන්, නිරායාසයෙන්ම මානසික රෝගින් බව සිහි බුද්ධියක් ඇති දරුවන්ට පව වැටහෙනු ඇත.ලබන මාර්තු මාසයෙන් පසුව ජිනීවා වාල මුහුණ දීමෙන් පසුව රට අයත් වෙන ඉරනම ගැන ඔබහෝ තිරිසන්නු වැනි රාජපකහ්සෙ වරු වගකියන්නෙ නැති බවත් අපි දනිමු.

          මේ රට කන්න ඉපදුනු රාජපක්ශෙ වරුන්ගේ අසූචි බාල්දි උස්සන ඔබට මේ වන විට, ලැජ්ජ ජානය අක්රිය කර ඇත්තැයි සිතෙන වාර මට අනන්ත අප්රමානයි. වැඩ බැරි ටාර්සන් ඒ බව පත් කරපු “මීඩිය මාෆියාව “ හසුරුවන් බැසිල් නැමති තක්කඩියට වෙන ඉරනම ඉදිරිකාලයේදි කාටත් වැටහේවි.

          එවුන් බලය ඇවිදින් අදවෙනවිට “ ඔය රාජපක්ශ වරු“ නිරුවත් වී ඇති බව මා විතරක් නොව මුලු ලෝකයටම පැහද්හිලි වෙමින් පවති. අපිට ශ්‍රීලාංකික කියන්න තරම පහත් තැනකට රාජපකශෙගේ මිනීමරුවන් මේ ජාතිය විනාශ කර ඇති බව ඉදිරියේදී කාටත් වැටහෙනු ඇත.
          .
          මේදෙය අපි කිව්ව, 2019 නොවෙම්බ්රයට් කලින්… ඒ අනුව අද වෙනකොට “ නටපු නැටුමකුත් නැහැ
          එවුන්ට මගේ කිසිම හැන්ගීමක් නැහැ. කාලි අම්ම පස්සෙ යන විශේෂ උපාදි ගත් එනමුත් මිත්යාවෙන් ඉන්න වුන් පව කෙලෙවර වන්නෙ, බටහිර ලෝකයට පින්සිදුවෙන්න සොයාගත් එන්නත්වලින් බව ඔබ වැනි නොහොබින එවුන්ට එන මාසවලදී වැටහෙනව. එතකොට ඔබල රටේ වෙනදෙයක් ගොතා ගෙන රාජපක්ෂ වරුන්ගේ නිරුත වහන්නට කටයුතු කරාවී.. මේව මට විතරක් පෙනෙන ජාති නොව, රටේ 40% ක් පමන ජනගහනයෙන් කොටසක් බව ඔබ වැනි එවුන්ට තේරුම් ගන්නට තව කල් යාවි. මුලදීමුලදී ඔබ වැනි කාලකන්නි එනමුත් “සින්හල බෞද්ධ“ කියන බැනරය ඔලුවෙ ඔතගෙන රට කන එවුන් ත්රස්ත වාදීන්ට අන්තයි.

  • 2
    0

    continuing
    .
    මේ රට කන්න ඉපදුනු රාජපක්ශෙ වරුන්ගේ අසූචි බාල්දි උස්සන ඔබට මේ වන විට, ලැජ්ජ ජානය අක්රිය කර ඇත්තැයි සිතෙන වාර මට අනන්ත අප්රමානයි. වැඩ බැරි ටාර්සන් ඒ බව පත් කරපු “මීඩිය මාෆියාව “ හසුරුවන් බැසිල් නැමති තක්කඩියට වෙන ඉරනම ඉදිරිකාලයේදි කාටත් වැටහේවි.

    එවුන් බලය ඇවිදින් අදවෙනවිට “ ඔය රාජපක්ශ වරු“ නිරුවත් වී ඇති බව මා විතරක් නොව මුලු ලෝකයටම පැහද්හිලි වෙමින් පවති. අපිට ශ්‍රීලාංකික කියන්න තරම පහත් තැනකට රාජපකශෙගේ මිනීමරුවන් මේ ජාතිය විනාශ කර ඇති බව ඉදිරියේදී කාටත් වැටහෙනු ඇත.
    .
    මේදෙය අපි කිව්ව, 2019 නොවෙම්බ්රයට් කලින්… ඒ අනුව අද වෙනකොට “ නටපු නැටුමකුත් නැහැ
    එවුන්ට මගේ කිසිම හැන්ගීමක් නැහැ. කාලි අම්ම පස්සෙ යන විශේෂ උපාදි ගත් එනමුත් මිත්යාවෙන් ඉන්න වුන් පව කෙලෙවර වන්නෙ, බටහිර ලෝකයට පින්සිදුවෙන්න සොයාගත් එන්නත්වලින් බව ඔබ වැනි නොහොබින එවුන්ට එන මාසවලදී වැටහෙනව. එතකොට ඔබල රටේ වෙනදෙයක් ගොතා ගෙන රාජපක්ෂ වරුන්ගේ නිරුත වහන්නට කටයුතු කරාවී.. මේව මට විතරක් පෙනෙන ජාති නොව, රටේ 40% ක් පමන ජනගහනයෙන් කොටසක් බව ඔබ වැනි එවුන්ට තේරුම් ගන්නට තව කල් යාවි. මුලදීමුලදී ඔබ වැනි කාලකන්නි එනමුත් “සින්හල බෞද්ධ“ කියන බැනරය ඔලුවෙ ඔතගෙන රට කන එවුන් ත්රස්ත වාදීන්ට අන්තයි.

  • 1
    0

    Dear Champa,
    .
    You’re being unfair by “leelagemalli”. He feels strongly for all Sinhalese, especially the poorest.
    .
    It is not for you to label people as “Non-Sinhalese” going on criteria decided upon by you, and only you.

  • 0
    0

    Funny, the bold must already have been there.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.