25 April, 2024

Blog

භීතිය (නොවේ) ය, රීතිය

‘ගෝඨා අපේ’ යනුවෙන් පසුගිය දිනවල කොළඹ දැන්වීම් පුවරුවල ලියා තිබුණි. ‘‘අපේ’’ යනුවෙන් හරියටම අදහස් කෙරුණේ කවුරුන් ද යන්න පැහැදිළි නැතත්, මේ වනාහී, ගෝඨාභය රාජපක්ෂ අනාගත දේශපාලන ගමනක් යාමට සකස් කර ගත් ප‍්‍රචාරක ව්‍යාපාරයක කොටසක් ය යන්න පැහැදිළි ය. එහෙත් එය ඇස් මානයේ පෙනෙන්ට ඇති තරම් ලේසිපාසු කාරියක් නොවේ. මන්ද යත්, මොන අරුතකින් ගත්තත්, ගෝඨාභය ඇමරිකානු පුරවැසියෙකු වන බැවිනි. මෑතකදී ප‍්‍රකාශයට පත් ගීතා කුමාරසිංහ පිළිබඳ අධිකරණ විනිශ්චයෙන් පෙන්නුම් කරන පරිදි, නීතිමය වශයෙන් ගත්තත්, සදාචාරමය වශයෙන් ගත්තත්, ද්විත්ව පුරවැසියෙකුට හෝ විදේශිකයෙකුට ලංකාවේ දේශපාලනය තුළ ඉඩක් ඇත්තේ නැත.

ගෝඨාභය, යුද්ධය උච්ච අදියරක පවතිද්දී හමුදාව අතහැර ගියේය. අනතුරුව, ඔහුගේ සමකාලීනයන් වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න සහ සරත් ෆොන්සේකා වැනි දේශ හිතෛශීන් උතුරු සහ නැගෙනහිර සටන් බිමේ සතුරාට එරෙහිව සටන් කරද්දී ඔහු ඇමරිකාවේ පදිංචියට ගොස් ඇමරිකානු පුරවැසි භාවයත් ගෙන දරුමල්ලන්වත් ඇමරිකාවට ගෙන්වා ගත්තේය. අවසානයේ 2005 දී සිය සහෝදරයා ජනාධිපති පදවියට පත්වන තෙක් ඔහු ලංකාවට ආවේ නැත.

ඇමරිකාවේ පුරවැසි භාවය අතහැරීමට ඔහු තුළ අදහසක් ඇති බවට තවම සාක්ෂි නැත. 2020 වන තෙක්, ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් පිළිබඳ ඉඩකඩක් නැති තත්වයක් තුළ, ඉහත කී ඔහුගේ ප‍්‍රචාරක වැඩපිළිවෙල හිටිහැටියේ කරලියට පැමිණි බව පෙනෙන්නේ, අනාගතයේ ඔහු විසින් හොබවනු ඇතැයි විශ්වාස කරනු ලබන දේශපාලනික අධිකාරීත්වයක් පිළිබඳ අපේක්ෂාව ඉදිරියේ, දැන් තියාම ඡන්දදායකයාව හොල්මන් කිරීමට විය හැකිය. රාජපක්ෂ තන්ත‍්‍රය එදා විශේෂඥතාව දැක්වූ ක්ෂේත‍්‍රය වුණේ ද එයමැ යි.

ගෝඨාභය රාජපක්ෂ කරගෙන ගියේ, ‘ගෝඨාගේ යුද්ධය’ නැමැති කෘතියේ නිරූපණය කෙරෙනවාට වඩා වෙනස් ආකාරයේ යුද්ධයකි. එම ‘යුද්ධය’ වනාහී, එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධයක් නොව, රාජපක්ෂ තන්ත‍්‍රයට දේශපාලනිකව එරෙහි මාධ්‍යවේදීන්ට, සිවිල් සමාජ ක‍්‍රියාධරයන්ට, වෘත්තීය සමිතිකාරයන්ට, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට, බුද්ධිමතුන්ට සහ අධිකරණයට මෙන්ම, රාජපක්ෂ තන්ත‍්‍රයේ අසාධාරණයන්ට එරෙහිව නැගී සිටීමට තරම් හයියක් තිබූ සාමාන්‍ය ජනතාවටත් එරෙහිව ගෙන ගිය යුද්ධයකි. රාජපක්ෂලාට අභියෝග කළ ඕනෑම කෙනෙකු බිය වැද්දිය හැකි අවියක් රාජපක්ෂ තන්ත‍්‍රයට තිබුණි. එනම්, ‘සුදු වෑන්’ එකයි. රාජපක්ෂ පවුල විවේචනය කළ අයවළුන්ව මේ ‘සුදු වෑන්’ එකෙන් පැහැරගෙන ගිය අතර, එක්කෝ ඔවුන්ගේ අඬුපඬු කඩා දැම්මේය. නැත්නම්, මරා දැම්මේය. එසේත් නැතහොත්, අතුරුදහන් කැරැුවූවේය.

අද රාජපක්ෂලාගේ ගුණ වයන බොහෝ දෙනා සාමූහික විස්මෘතියකින් පෙළෙන බව පෙනේ. රාජපක්ෂ තන්ත‍්‍රය සමයේ සිදු කරන ලද හෙණ ගහන අපරාධ මේ අයට අමතකව තිබේ. මිග් යානා ගනුදෙනුවෙන් ගසා කෑමට ගිය මහා ධනස්කන්ධය ගැන අභීතව කරුණු හෙලිදරව් කළ ‘සන්ඬේ ලීඩර්’ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංගව තිරිසන් ලෙස ඝාතනය කිරීම අනුමත කරන, හිතක් පපුවක් ඇති කෙනෙකු සිටිය හැකි ද? ඔහුව මරා දැමුණේ, කළු මෝටර් සයිකල්වල පැමිණි මිනිමරුවන් විසින් මහ දවල්මයි. එම ඝාතනය, හමුදාමය සූක්ෂමතාව පිරිපුන්ව පාවිච්චියට ගනිමින් සිදු කළ අපරාධයක් බව මොනවට පෙනුණි. පෝද්දල ජයන්ත, කීත් නොයාර් සහ උපාලි තෙන්නකෝන් වැනි තවත් මාධ්‍යවේදීන් ගණනාවක් ‘සුදු වෑන්’ ප‍්‍රහාරයන්ගෙන් ජීවිත බේරා ගත්තේ අනූනවයෙනි. කාටුන් ශිල්පී ප‍්‍රගීත් එක්නැලිගොඩ ආගිය අතක් තාමත් නැත. ‘සියත’ සහ ‘සිරස’ මාධ්‍ය ආයතන පොඩිපට්ටම් කෙරුණි. එදා ශ‍්‍රී ලංකාව ලෝක ප‍්‍රජාව ඉදිරියේ වර්ගීකරණය වුණේ, මාධ්‍යවේදියෙකුට ජීවත් විය හැකි, ලෝකයේ වඩාත්ම අවදානම් සහගත රට වශයෙනි. ඊට ප‍්‍රතිලෝමව, මේ වසරේදී ලංකාව, මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පිළිබඳ ‘විශ්ව දණ්ඩමුක්ති ශූචිකරණයෙන්’ සපුරා බැහැර වීමට සමත්ව තිබේ.

මේ අනුව, රාජපක්ෂ සමයක් නැවත ගෙන ඒමට කැසකවන අයගෙන් අපට ඇසිය යුතු ප‍්‍රශ්නයක් තිබේ. ඒ සා ත‍්‍රාසය දැනැවූ ‘සුදු වෑන්’ එක දැන් කෝ? යහපාලන ආණ්ඩුව යටතේ ඒ ‘සුදු වෑන්’ එක නැත්තටම නැති වී ගොස් තිබීමෙන් ඔප්පු කෙරෙන්නේ, රාජපක්ෂලා විසින් එදා සිය ප‍්‍රතිවාදීන් බිය ගැන්වීමට සහ නිහඬ කැරැුවීමටම එම ‘සුදු වෑන්’ එක පාවිච්චි කරන්ට ඇති බවයි.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරද්දී ඇති වූ තවත් සිදුවීම් තිබේ. නිදහස් වෙළඳ කලාප සේවකයෙකු වූ රොෂේන් චානක ඝාතනය කිරීම, ධීවරයෙකු වූ ජූඞ් ඇන්තනි ඝාතනය කිරීම, වතුර ඉල්ලා විරෝධතා පෑ රතුපස්වල තිදෙනෙකු ඝාතනය කිරීම, ජාතික රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනය කිරීම සහ වැලිකඩ බන්ධනාගාරයේ රැුඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම ඒවා අතර ප‍්‍රධාන වෙයි. එසේම, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීති විරෝධී යැයි පසුව තීන්දු කරන ලද, කොළඹ ලැගුම්හල්වල පදිංචිව සිටි දෙමළ වැසියන්ව එක රැුයකින් වව්නියාවට පිටමං කිරීම සිදු වූයේ ද මේ ඝෝඨාභයගේ මූලිකත්වයෙනි. හිටපු අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකව හැරෙන තැපෑලෙන් එම තනතුරෙන් පන්නා දැමූ සැටිත් කෙනෙකුට මතකයට නගා ගත හැකිය.

2015 ජනවාරි 8 වැනි දා, රටේ ජනතාව තීරණාත්මක තීන්දුවක් ගනිමින්, නැවතත් 2015 අගෝස්තු 17 වැනි දා ඒ තීන්දුව සනාථ කරමින් රාජපක්ෂ රාජ්‍ය තන්ත‍්‍රය නිශ්චිතව පරාජයට පත්කෙළේ, ඉහත කී සිදුවීම් වැනි තවත් බොහෝ සිදුවීම්වල ප‍්‍රතිඵලයක් වශයෙනි. කරුණු එසේ තිබියදී, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව, නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කොට ඇත. අධිකරණයේ ස්වාධීනත්වය යළි තහවුරු කොට ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උත්තරීතරත්වය යළි සහතික කොට ඇත. පැවති ආණ්ඩුව සහ පවතින ආණ්ඩුව අතර වෙනස පැහැදිළි කරන උදාහරණ දෙකක් දක්වතොත්, ජනාධිපති සිරිසේනගේ සහෝදරයාව වාහන අනතුරක් සම්බන්ධයෙන් මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත කිරීමත්, අගමැති රනිල් වික‍්‍රමසිංහව බැඳුම්කර කොමිසම ඉදිරියට කැඳවීමත් සිහියට නැගේ. ඒවා, රාජපක්ෂ පාලන කාලය තුළ හිතා ගැනීමටවත් පුළුවන් කමක් ඇති දේවල් නොවේ. අගමැතිවරයෙකු නොව, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු පවා එසේ අධිකරණයක් ඉදිරියට පැමිණවීමේ හැකියාවක් එදා තිබුණේ නැත. ගෝඨාභයව නැවත කරලියට ගෙන ඒමට වලි කන ව්‍යාපාරය ඉදිරියේ තිත්ත ප‍්‍රශ්න කිහිපයක් මතු කළ යුතුව තිබේ. විදේශ රටක ව්‍යවස්ථාවක් ආරක්ෂා කරන බවට මේ පුද්ගලයා දිව්රා පොරොන්දු වී තිබේ. එම පොරොන්දුව සමග වන එම රටේ පුරවැසි භාවය අතහැරීමේ සූදානමක් ඔහු තුළ ඇති බවක් ද නොපෙනේ. ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කරන්නේ, අපේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින නායකයන් ය. අපේ ප‍්‍රජාතන්ත‍්‍රීය සම්ප‍්‍රදායයන් සහ සාරධර්ම ආරක්ෂා කිරීමට බැඳී සිටින නායකයන් ය. අපේ ජනතාවගේ සාමූහික මනෝකාය තුළ තවදුරටත් භීතිය රජ නොකරයි. වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ අපේ ජනතාව, මේ වන විට, සැබෑ නිදහසත්, සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් අත්විඳිමින් සිටිති. එම සම්පත ඔවුන්ගෙන් උදුරා ගැනීමට, අද හෝ අනාගතයේදී හෝ, ගෝඨාභය තියා වෙන කිසිවෙකුටවත්, පුළුවන් නොවෙනු ඇත.

*2017 දෙසැම්බර් 5 වැනි දා ‘ඩේලි නිව්ස්’ පුවත්පතේ පළවූ “Fear Is (Not) The Key” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    “එළිය” කියන්නේ රට වෙනුවෙන් හදපු සංවිධානයක් නෙමෙයි. තමන්ට ආණ්ඩුවෙන් හිරිහැරයක් වුනොත් අත්අඩංගුවට ගන්න හැදුවොත් ඊට විරුද්ධව මහා සංඝ රත්නයේ සහ මහජනතාවගේ නැගිටීමක් කරන්න තමන් වෙනුවෙන් හදාගත්ත සංවිධානයක්.
    .
    “හොටු පොහොට්ටුව” ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. ඒකත් රට වෙනුවෙන් හදපු පක්ෂයක් නෙමෙයි, තමන්ගේ රාජපක්ෂ පරම්පරාවේ ඇවත්ම සහ පැවැත්ම වෙනුවෙන් හදා ගත්ත පක්ෂයක්.
    .
    “ඒකාබද්ධ විපක්ෂය” ගැන කියන්න තියෙන්නෙත් එච්චරයි. විමල් 2015 පෙබරවාරි 18 රට වෙනුවෙන් පැල කරපු පැලේ ස්වභාවිකවම රට ආරක්ෂා කරන මහා රූස්ස ගහක් වෙලා වැඩෙයි කියලා හිතුවට, රාජපක්ෂලා ඒකට රාජපක්ෂ අත්තක් බද්ධ කරලා, රාජපක්ෂ පොහොර දාන්න පටන් ගත්තට පස්සේ, ගහේ වැඩීම ඇන හිටලා, ගෙඩි හැදෙන්නේ නැති, මල් විතරක් හැදෙන, ඒගොල්ලන්ට විතරක් හෙවන දෙන ගහක් වුනා. මේ තුනෙන්ම රටට වැඩක් නැහැ.
    .
    මට ඇත්තටම කතා කරන්න ඕනේ මේ ගැන නෙමෙයි. පලත්පාලන මැතිවරණෙට අදාළ කරුණු දෙකක් ගැන. මේක කීප සැරයක්ම ලියලා තියෙනවා සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි තැන් තැන්වල. ඒත් මට කට වහන ඉන්න බැහැ. දෙවෙනි එක ඉස්සෙල්ලම කිව්වා නම්;
    .
    සභික සංඛ්‍යාව වැඩි කිරීම: මේකේ වාසිය ලැබෙන්නේ සිංහයන්ට නෙමෙයි දෙමල/මුස්ලිම් ජාතිකයන්ට. උදාහරණයක් විදියට කොළොඹ සභික සංඛ්‍යාව වැඩි කිරීම. කොලොඹින් තුනෙන් දෙකක් ඉන්නේ දෙමල සහ මුස්ලිම්. ඊළඟට වතු කරේ. හිතේ හැටියට ප්‍රාදේශීයසභා වැඩි කරගෙන වතු දෙමල සභික සංඛ්‍යාව වැඩි වෙන විදියට. උතුරු සහ නැගෙනහිරත් එහෙමයි. ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ අපි හුඟක් ලිව්වා නැගෙනහිර බලාත්කාරයෙන් මුස්ලිම් ජාතිකයන් පදිංචි කිරීම ගැන. මට මතකයි මම ලිව්වා මේ මිනිස්සු පහුගිය අවුරුදු දහයේ පදිංචි වෙලා හිටපු තැන් හොයන්න කියලා. ඕනේ ගොබ්බෙයකුට තේරෙනව නැගෙනහිර මුස්ලිම් මිනිස්සු පදිංචි කලේ චන්දයකදී මුස්ලිම්වරුන්ට අදහගන්න බැරි තරමේ වාසියක් ගන්න කියලා. මේවා ගැන හොයන්න එක සිංහල දේශපාලකයෙක් නැහැ. රටට හෙන ගැහැවත් ජාතියට හෙන ගැහැවත් මොකොද තමන්ට බලය ලබා ගන්න වැඩි චන්ද තියෙන්නේ තමන්ට කියල ඔප්පු කරන්න ඕනේ නිසා කට වහන ඉන්නවා. මැටිම කන මැටි හරක්. සිංහල දේශපාලකයොයි පක්ෂයි එකතු වුනා කියල සිංහල ජාතියට අනාගතේ වෙන තර්ජනේ නැති වෙන්නේ නැහැ මේ සීමා නිර්ණයයි, ඒක උඩ කරන අළුත් චන්ද ක්‍රමයයි තියෙද්දී. ඒක තේරෙන්නෙ නැති සිංහල ගොන් රැලක් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ.

  • 0
    0

    පලවෙනි එක – ජාතිවාදී අගතිගාමී සීමානිර්ණය වාර්තාව. හොඳ විශ්වාසෙන් කියනව ඒකාබද්ධ විපක්ෂෙවත් මෛත්‍රී පිලේවත් කිසි කෙනෙක් මේක සම්පූරණයෙන් අධ්‍යනය කරලා නැහැ. මේක ලියන්නේ මෙච්චර කල් ලිව්වේ දැකපු කොටසෙන්.
    මුළු වාර්තාවම බැලුවහම සිංහලයන්ට උණ හැදෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මේ සීමානිර්ණායක උඩ තියපු පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵල ඇවිල්ල වැඩි වෙලා තියෙන දෙමල/වතු දෙමල/මුස්ලිම් සභික සංඛ්‍යාව දැකලා තරු වීසි වෙන්න ඉඩ තියෙනවා. ඊටත් පස්සේ මේ සීමා නිර්ණායක වාර්තාව උඩ රනිල් උඩිනුත් දෙමල/වතු දෙමල/මුස්ලිම් දේශපාලකයෝ යටිනුත් වැඩ කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී සඛ්‍යාව මේ විදියටම ජාතිවාදී පදනම මත වැඩි කරගෙන මහ මැතිවරණෙත් මේ ක්‍රමයටම 60/40 ට තියල චන්ද ප්‍රතිඵල ආවහම, බෙදුණු සිංහලයන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකත් නැති බව පෙනිලා සහ බෙදිලා නැතුව එකට හිටය වුනත් හිතාගන්න බැරි තරම් දෙමල මුස්ලිම් මන්ත්‍රීවරු සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට ආවහම, සිංහලයන්ට සිහිසුන් නැතුව වැටෙන්න ඉඩ තියෙනව ආයේ නැගිට්ටවා ගන්න බැරි විදියට.
    .
    මේ සීමානිර්ණය වාර්තාව හදලා තියෙන්නේ තනිකරම ජාතිවාදී පදනම මත. මීට කලිනුත් කියලා තියෙන විදියට ජනමත විචාරණෙන් නැත්නම් පාර්ලිමේන්තුවේ 2/3න් ෆෙඩරල් ව්‍යවස්ථාව පරදන්න කියලා මෝඩ සිංහලයා උඩ බලා ඉන්න කොට, ෆෙඩරල් ව්‍යවස්ථාවට ඉඩක් නැති බෙදුම්වාදීන් යටින් ඒ අරමුණ සඳහාම වෙන විදියකට පාර හදාගන්න පුළුවන්. මේ සීමා නිර්ණය වාර්තාව ඒ අරමුණින් හදපු එකක්. මැටි සිංහල දේශපාලකයන්ට මේක තේරෙන්නේ නැහැ. උඩ පනිනවා චන්දයක් හම්බ වුනා කියලා හරියට අර වැස්සක් එනකොට බකබක ගගා උඩ පැන පැන කෑගහන ගොඩ ගෙම්බො වගේ. සිංහල ඡන්දදායකයොත් ඉන්නවා ඇටිකෙහෙල් කාපු සිංහයෝ වගේ. මහා සංඝරත්නයත් සිංහ කොඩිය පැත්තකට දාල දේශපාලන පාට කොඩියක් අතට අරගෙන. මෙච්චර කල් ලංකාව දිහා විතරක් බලන් හිටපු විමල්ටත් දැන් ආච්චිගෙ සක්වල මතක් වෙලා චන්දෙ ආයේ කල් දායි කියල සැකේට සර්ව ලෝක ධාතුවටම ඇතිවෙන්න හාල් ගරන්න හිතිලා හින්ද මේක පේන්නේ නැහැ. රනිල් මේ චන්දෙ අළුත් සීමානිර්ණායක සහ 60/40 චන්ද ක්‍රමයට තියන්නේ ෆෙඩරල් විදියට රට බෙදන්න පුළුවන් එක වක්‍රාකාර පාරක් විදියට. දැන් සිංහල දේශපාලකයොත් moderateලු. තොපි ඔක්කොම moderate වෙයල්ලා දෙමල/මුස්ලිම් චන්ද ගන්න ඕනේ හින්දා, සිංහල ජාතියට හෙණ ගැහිලා ගියත් කමක් නැහැ කියලා. නෙද්දකින්.

  • 0
    0

    ගයන්ත කියලා තිබුන විමල් හුදකලා නායකයෙක්ලු. පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂේ දැක්කම පේනවලු ආණ්ඩු පක්ෂේ කොච්චර ශක්තිමත්ද කියලා. මට හිනා ගියා. පාර්ලිමේන්තුවෙන් කියන්න බැහැ ආණ්ඩුවේ ශක්තිය. මේ පළාත් පාලන මැතිවරණෙන් කියන්නත් බැහැ. හැබැයි අපිට අවස්ථාවක් එනවා. විමල්ව කවදාවත් අත ඇරෙන්නේ නැති මිනිස්සු මේ රටේ ඕනේ තරම් ඉන්නවා. අනිත් එක වැඩි මහන්සියක් නැතුව රනිල්වයි සිරිසේනවයි වට්ටන්න අපිට ඕනේ හැටියේ පුළුවන් රාජපක්ෂලා මොන deal දාල තිබුනත්. තාම අඩු ගානේ අපේ ශක්තියෙන් අපි සියයට 10ක් වත් පෙන්නලා නැහැ. ඉවසන් ඉන්නේ වෙලාව එනකම්. වෙලාව ආවහම නිකම් රැස්වීම් දෙකක් ඇති ලංකාවම අල්ලට අරන් පෙන්නන්න.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.