23 April, 2024

Blog

අළුත් ශ‍්‍රී ලංකාවක් සඳහා වන සුවිශේෂී මෙහෙයුම

පසුගිය ජනවාරි 8 වැනි දා, ගුප්ත වූත්, ආශ්චර්යමත් වූත් ආකාරයේ නිහඬ විප්ලවයක් තුළින් ශ‍්‍රී ලංකාව පවුල් ආඥාදායකත්වයකින් ගලවා ගනු ලැබිණ. දැන් එය සර්ව-පාක්ෂික ජාතික එක්සත් ආණ්ඩුවක කක්ෂය තුළ පියාසලයි.

අළුතෙන් පිහිටුවා ගත් ජාතික එක්සත් ආණ්ඩුවට, යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණත්වය රජයන නව ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා ඉදිරි පස් වසර තුළත් ඉදිරියට යා හැකි බවට තමන් තුළ විශ්වාසයක් ඇතැ යි, මේ නව දේශපාලන සංස්කෘතිය පසුපස සිටින එක් නිර්මාණශීලී චින්තකයෙකු වන අගමැති රනිල් වික‍්‍රමසිංහ පසුගිය සතියේ ප‍්‍රකාශ කෙළේය. මේවා සහ වෙනත් දේශපාලනික සත්කාර්යයන් පදනම් වනු ඇත්තේ, විවිධත්වය මැද ස්ථානගත කෙරෙන, බහු-ආගමික, බහු-වාර්ගික සහ බහු-පක්ෂ එක්සත් භාවයක් මත ය.

ඔහු සහ ඔහුගේ නව ආණ්ඩුවේ තවත් ඇමතිවරුන් මූලික අධ්‍යාපනය ලද රාජකීය විද්‍යාලය මගින් ඔවුන්ට හරසර දැක්වීමට එම කීර්තිමත් විද්‍යාලයේදී පවත්වන ලද උත්සවයක් අමතමින් අදහස් ප‍්‍රකාශ කළ ඔහු, වර්තමාන මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවේ කොටසක් වන සේ, සෑම පක්ෂයක්ම නියෝජනය වන ආකාරයෙන් ඇමති මණ්ඩලය සමන්විත කිරීම තමන්ගේ අපේක්ෂාව බව කියා සිටියේය. පෙර නොවු විරූ ඒ ලක්ෂණය, උසස් තත්වයන් කරා ළඟා විය හැකි, එසේම, ජනතාවගේ පොදු යහපත උදෙසා වැඩ කරනවා වෙනුවට පක්ෂ දේශපාලනයේ ඇනකොටා ගැනීම් සහ පුද්ගල අභිමතාර්ථයන් සාධනය සඳහා බොහෝ නායකයන් පෙළඹෙන සතුරු දේශපාලනය මැඩලන ඉමක් දක්වා යා හැකි ස්වර්ණමය අවස්ථාවක පෙරනිමිත්තක් වශයෙන් අපි දකිමු.

අනිත් පැත්තෙන්, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන, තමා ජනතාවගේ ප‍්‍රධාන සේවක නායකයා මිස රජ කෙනෙකු නොවන බව නිරතුරුව ප‍්‍රකාශ කරමින් සියල්ලන් ඉදිරියේ තබන අගනා ආදර්ශය, ඔහුගේ චාම් සහ නිහතමානී කල්ක‍්‍රියාව තුළින් ඔප් නංවයි. පැවති ආණ්ඩුවේ නායකයන් ජීවත් වූ සාටෝප විලාසය ගැන රටම මවිත කරවන සුළු තොරතුරු දැන් අනාවරණය වෙමින් තිබෙන තත්වයක අත්දැකීම සැලකිල්ලට ගනිමින්, තමාගේ ආණ්ඩුවේ වෙනත් සාමාජිකයනුත්, සුඛෝපභෝගීත්වයෙන් සහ නාස්තිකාර වියදම්වලින් විනිර්මුක්ත චාම් සහ නිහතමානී පැවැත්මකට යොමු වන ලෙස ඔහු ඉල්ලා තිබේ.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වූ කලී, එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, දෙමළ ජාතික සන්ධානය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂවලින් කැඞී ගිය පාර්ශ්වයන්ට අමතරව තවත් සිවිල් මහජන ව්‍යාපාර හතළිහක පමණ සන්ධානයකින් යුත් ‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ’ පොදු ජනාධිපති අපේක්ෂකයා විය. ඔහුට ඡුන්දය පාවිච්චි කළ ලක්ෂ 62 කට අධික ඡන්දදායකයන්ගෙන් ලක්ෂ 44 ක පමණ පිරිසක් එක්සත් ජාතික පාක්ෂිකයන් බව ඇතැම් ඇස්තමේන්තු පෙන්වා දෙයි. ඉතිරිය, දෙමළ ජාතික සන්ධානය ප‍්‍රමුඛ වෙනත් පොදු පෙරමුණු පක්ෂවලින් සමන්විත විය.

Maithri

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබුණේ සුළු ඡන්ද ප‍්‍රතිශතයක් පමණි. එපමණක් නොව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු සිය මැතිවරණ වේදිකාවල සිට ඉතා සැරපරුෂ ආකාරයෙන් ඔහුට පහර දුන්හ. ඊට අමතරව, එදා ආණ්ඩුවට කඬේ ගිය මාධ්‍ය ද, ඔහුගේ පුද්ගලික ජීවිතය අළලා ද්වේෂ සහගත සහ ගර්හාත්මක ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය. එසේ තිබියදී, මෛත‍්‍රීපාල සිරිසේන යනු පොලොන්නරුවේ ගොවියෙකුගේ අවංක සහ නිහතමානී පුතෙකු බව අද රටේ ජනතාව දනිති. තමාව ‘අතිගරු’ වශයෙන් ද, තම බිරිඳ වන ජයන්තිව ‘ප‍්‍රථම ආර්යාව’ වශයෙන් ද හැඳින්වීමෙන් වළකින්නැ යි ඔහු ඉල්ලා සිටියේය. සරළ ගැමි සම්ප‍්‍රදාය අනුයමින් ජයන්ති සිරිසේන ගෙවත්තේ වගා කෙරෙන එළවලූවලින් සිය පවුලට කෑම පිසින්නීය. එය, සරළ ජීවන ශෛලියක අගනා ආදර්ශයකි.

අපූරු සිද්ධි දාමයක ප‍්‍රතිඵලයක් වශයෙන්, පසුගිය ජනවාරි 16 වැනි දා, එතෙක් තමාව කීතු කළ දේශපාලන නායකයන්ගෙන් හෙබි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරට මෛත‍්‍රිපාල සිරිසේනව පත්කර ගැනුණි. ඒ අනුව, ඔහු පසුගිය සෙනසුරාදා පැවති පක්ෂයේ තීරණාත්මක විධායක කාරක සභාවේ මුලසුන හෙබැවීය. ඉදිරියේ දී සම්මත කර ගැනීමට නියමිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ තුළ, සීමිත විධායක බලතල සහිත රාජ්‍ය නායකයා බවට ඔහු පත්වන බවත්, එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී පක්ෂ දේශපාලනික ප‍්‍රචාරක රැුස්වීම්වලට ඔහු සහභාගී නොවනු ඇති බවත් විචාරකයෝ පෙන්වා දෙති.

පාර්ලිමේන්තුවේ තමන් සතු ආසන 50 කටත් අඩු සංඛ්‍යාවකින් වර්තමාන ආණ්ඩුව පවත්වාගෙන යන එක්සත් ජාතික පක්ෂය සිය බලය තහවුරු කර ගනු වස්, 100 දිනයේ වැඩපිළිවෙලින් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයකට යාම කෙරෙහි උනන්දුවක් දක්වන බව පෙනේ. එහෙත් වර්තමාන පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තෙක්, එනම් ඊළඟ වසරේ අපේ‍්‍රල් මාසය වන තෙක්, පවතින පාර්ලිමේන්තුවම දිගටම පවත්වාගෙන යාම රට වෙනුවෙන් වඩාත් වැඩදායක වන බව බොහෝ විචාරකයන්ගේ මතයයි. පොදු ජනතාව මූලික කර ගත් සංවර්ධනයක සේම ජාතික සංහිඳියාවක අරුත තුළ වඩාත් ස්ථායී ශ‍්‍රී ලංකාවක පදනමක් සකස් විය හැක්කේ එවිට ය.

එසේ හෙයින් මහ මැතිවරණය ඊළඟ වසරේ පැවැත්වෙන විට, ප‍්‍රධාන පක්ෂවලට වෙන වෙනම හෝ සන්ධානගතවත්, එසේ නැතහොත් 1960 සහ 1970 දශකවලදී අප දැක ඇති ආකාරයේ නිතරඟ ගිවිසුම් තුළත් ආදී වශයෙන් වන විවිධාකාරයෙන් එම මැතිවරණයට පිවිසිය හැකි වනු ඇත. අනාගතයේ එළැඹීමට නියමිත ව්‍යවස්ථාමය සහ මැතිවරණමය සංශෝධන කුමක් වෙතත්, බහු-පක්ෂ, බහු-ආගමික සහ බහු-වාර්ගික විවිධත්වය තුළ බිහිවන එක්සත් භාවයක් සහිත සර්ව-පාක්ෂික ජාතික එක්සත් ආණ්ඩුවක සංයුතිය තුළ නිර්මාණය වන ආදර්ශයක් විය හැකි නව ශ‍්‍රී ලංකාවක් ගොඩනැංවෙන තෙක්, දැන් ඇති කරගෙන තිබෙන නව දේශපාලන සංස්කෘතිය සහ ආකල්පය දිගටම පවතිනු ඇතැ යි අපි උදක්ම අපේක්ෂා කරමු.

*2015 පෙබරවාරි 16 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ“Extraordinary Move For A New Sri Lanka” නමින් පළවූ කතුවැකියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    මම කෙටියෙන් කියන්නම් මේ ලේඛකයා කියන ගුප්ත වූ අපූරු ක්‍රියාදාමය. අැත්තම කියනවා නම් මෙෙත්‍රිපාල සිරිසේනට වැදුනෙ පිනා චාන්ස් එකක්. පිනාගෙ වැඩ වලට කැමති අය රනිල්ට පින් දුන්නට අපට කමක් නැහැ. හැබැයි පිනා චාන්ස් වැදිච්ච අය ත්‍රස්තවාදය නැති කරපු රට බයිට් එකට ගන්න එක තමයි අපට දිරවන්නෙ නැත්තෙ.

    හිටපු ජනාධිපති සැර පරුෂ ආකාරයෙන් අසාධාරණ විධියට සිරිසේනට වේදිකාවල පහර දුන්න කියල මේ ලේඛකය කියනව. හොඳයි රනිල්- ටිඑන්එ්- මුකො- උරුමෙ- ජවිපෙ-චන්ද්‍රිකා- සිරිසේන හවුල වන්දෙ දිනුවෙ මහින්දට හොරා හොරා හොරා කියල බොරුවෙන් නෙවෙයිද? එක හොරකමක් වත් අද වෙනකම් පෙන්නුවෙ නෑනෙ. අායුධ නැව් රහසක් නෙවෙයිනෙ. බිලියන 8ක් තිබුන ඝේටාගෙ කියපු එකවුන්ට් එක අාණ්ඩුවෙ එකක්නෙ. මහින්දට සහ කට්ටියට ලොකේ පුරා සවාරි යන්න ඩොලර් මිලියන 16 කට ප්ලේන් එකක් ඔිඩර් කොරල තිබිල එ්ක කෑන්සොල් කොරලා පාට්ස් ගන්න විධානය දුන්න කියල මේ ලඟදි ටිවි එකේ සන්නස්ගල එක්ක චන්දෙන් පස්සෙත් සිරිසේන පච කෙලියෙ නැද්ද?

    මම මෙතුවක් කල් අහල නැහැ අපේක්‍ෂකයන්ගෙ චාම් කම ගොවියගෙ පුතා කම රටක ජනාධිපතිකමට සුදුසු කමක් කියල. මම මෙච්චර කල් හිතා ගන හිටියෙ ජනාධිපතිකමට සුදුස්සෙක් වන්නේ අපේක්‍ෂකයා පෙන්නල තියන හැකියාව කියලයි.

    මෙෙත්‍රිපාල කියන මනුෂ්‍යයා කවදාවත් පෙන්නල නැහැ එයාට පක්‍ෂයක් තියා අමාත්‍යංශයක් වත් හරියට මෙහෙයවන්න හැකියාවක් තියනවා කියල. මෙෙත්‍රිපාල අවුරුදු 15කට වැඩිය කැබිනට් අැමති කෙනෙක් වෙලා හිටිය. නමුත් ප්‍රේමදාසල ලලිත්ල ගාමිනීල වගේ ඔහු ගෙනාපු සංකල්පයක් නැහැ. අැහැට පෙනෙන කනට අැහෙන වැඩක් කොරලත් නැහැ. තෙරේසා හොරකම් කලා වගේ අඳෝනාවල් තමයි දිගටම අැහුනෙ. මොනව නැති උනත් සිරිසේන අඟේ ඉදන් කන කන්න නම් දක්‍ෂ කමක් පෙන්වලා තියෙනවා. වමට සිග්නල් දමල බටහිරයොත් එක්කයි උන්ගෙ එන්ජීඔි කුක්කො එක්කයි දේශ ද්‍රෝහීන් එක්කයි කුමන්ත්‍රණ කොරන්නත් දක්‍ෂ බව පෙන්නුම් කරල තියනව. නමුත් එ් වගේ හැකියාවන් වලින් රට ඉදිරියට ගෙන බැහැ කියන එක දැන් මහජනයාට තේරිලා.

    මෙෙත්‍රිපාල සිරිසේනව ජනාධිපති ලෙස පත් කර ගත්තෙ එජප, ටිඑන්එ් සහ මුකො පක්‍ෂ වල පාක්‍ෂිකයන්. මගේ ගනන් හැදීමෙ හැටියට සිරිසේන ගැන හොඳට අහල තියන හොඳට දන්න සිංහල බෞද්ධයො එයාට චන්දෙ දුන්නෙ 39.28%යි. නමුත් මෙෙත්‍රිපාල සිරිසේන කියන නම අහල නැති උතුරෙ සහ නැගෙනහිර දෙමළු සහ නැගෙනහිර හම්බයො 85%කට වැඩිය පැනල සිරිසේනට චන්දෙ දුන්න. දකුණෙ ඉන්න දෙමළු සහ හම්බයොත් එ් ප්‍රතිශතයෙන් ම චන්දෙ දුන්න. එ් යහපාලනය ගෙනෙන්නට නම් නෙවෙයි, තම තමන්ගෙ දේශපාලන අවශ්‍යතාවයන් ඉදිරියට ගන්නයි. දෙමළු සිරිසේනට චන්දෙ දුන්නෙ ඊලමට පාර කපා ගන්නයි. හම්බයො සිරිසේනට චන්දෙ දුන්නෙ නසරිස්තානෙට පාර කපා ගන්නයි. විග්නේශ්වරන්ල කරන වැඩ කිඩ වලින් එ්ක අද වෙනකොට ජවිපෙටත් තේරිලා නම් අපි වගේ අයට පෙනෙන ‘වෙන්න යන පැහැදිලි චිත්‍රය’ ගැන කුමන කතාද?

    අැත්ත වශයෙන්ම ශ්‍රිලනිප පාක්‍ෂිකයන් 57.5 ලක්‍ෂයක් චන්දෙ දුන්නෙ සිරිසේන විරුද්ධවයි. අද මධ්‍යස්ථ අයට ලොකුම විහිලුව වෙලා තියෙන්නේ විරුද්ධවාදීින් පත්කරගත්ත ජනාධිපති ශ්‍රිලනිප නායකයා වීමයි. සිරිසේන කියන්නෙ ශ්‍රිලනිප නායකත්වය එයා බලෙන් ගත්තෙ නැහැ කියලයි. හොඳයි සිරිසේන වටෙන් ගොඩෙන් විජිතමුනි වගේ අවස්ථාවාදියො ටිකක් දමල මහින්දගෙ අත කැරකෙව්වෙ නැද්ද. කමක් නැහැ, කොහොම හරි ශ්‍රිලනිප නායකත්වය සිරිසේන බාර ගත්තනෙ. ඉතින් සිරිසේන දැන් කලයුත්තේ ශ්‍රිලනිප නාය යෑම වලක්වන එකයි. කැඳ හැලි යහපාලනය නැතුව ශ්‍රිලනිප තුල නියම යහපාලනය ක්‍රියාත්මක කිරීමයි.

    අද ශ්‍රිලනිප පාක්‍ෂිකයන්ගෙ අවශ්‍යතාවය රනිල් බලයට එන එක වලක්වන එකයි, රට බේරා ගත් වීරයන්ව බටහිර කල්ලියෙන් බේරා ගන්න එකයි. මහින්ද ශ්‍රිලනිප නායකත්වය රටේ ජනපති සිරිසේනට බාර දුන්නෙ එ්කටයි. නමුත් දැන් අපිට පෙනෙන හැටියට සිරිසේනලාට සහ සිරිපාලලාට ශ්‍රිලනිප අාරක්‍ෂා කරන්න ඔිනෙත් නැහැ අාරක්‍ෂා කොරන්නත් බැහැ. නැත්නම් බුලත් කොලෙත් සන්ධානෙ පක්‍ෂත් අතහැරල රාජිත චම්පික වගේ අවස්ථාවාදී දෙපත් නයි ශ්‍රිලනිප තනතුරු වලට දාන්න හදයිද, දානවද? උන් හැමදාම කොලේ තමන් හිටපු පක්‍ෂ කඩල බිඳල අළුත් එකකට හේත්තු වෙන එකයි.

    එ් නිසා මොන වැරදි තිබුනත් අද දවසෙ ශ්‍රිලනිප පාක්‍ෂිකයින් බලාපොරොත්තු වෙන දේ කරන්න පුළුවන් මහින්දට විතරයි. එ්කයි දිනේෂ්ල වීරවන්සල මහින්දව ඉස්සරහට ගන්න හදන්නෙ. එ්ක තේරෙන්නෙ නැත්තෙ අවස්ථාවාදීන්ට සහ මර්වින් වගේ හොර මැරකම් වලට කොටු වෙච්ච එවුන්ට සහ හිරුණිකා වගේ පුද්ගලික න්‍යාය පත්‍ර අැති අයට පමණයි. එනිසා කවදාවත් රැලි වලට නොගිය මමත් තව දෙන්නෙක් එක්ක යනවා මහින්ද අගමැති කොරන 18 වනදා තියන නුගේගොඩ රැලිය බලන්න.

  • 0
    0

    මම කෙටියෙන් කියන්නම් මේ ලේඛකයා කියන ගුප්ත වූ අපූරු ක්‍රියාදාමය. අැත්තම කියනවා නම් මෙෙත්‍රිපාල සිරිසේනට වැදුනෙ පිනා චාන්ස් එකක්. පිනාගෙ වැඩ වලට කැමති අය රනිල්ට පින් දුන්නට අපට කමක් නැහැ. හැබැයි පිනා චාන්ස් වැදිච්ච අය ත්‍රස්තවාදය නැති කරපු රට බයිට් එකට ගන්න එක තමයි අපට දිරවන්නෙ නැත්තෙ.

    හිටපු ජනාධිපති සැර පරුෂ ආකාරයෙන් අසාධාරණ විධියට සිරිසේනට වේදිකාවල පහර දුන්න කියල මේ ලේඛකය කියනව. හොඳයි රනිල්- ටිඑන්එ්- මුකො- උරුමෙ- ජවිපෙ-චන්ද්‍රිකා- සිරිසේන හවුල වන්දෙ දිනුවෙ මහින්දට හොරා හොරා හොරා කියල බොරුවෙන් නෙවෙයිද? මම එහෙම කියන්නෙ එක හොරකමක් වත් අද වෙනකම් පෙන්නුවෙ නැති හින්දයි. ඔය අායුධ නැව් කියන එ්වා රහසක් නෙවෙයිනෙ. බිලියන 8ක් තිබුන ඝෝටාගෙ කියපු එකවුන්ට් එක අන්තිමට අාණ්ඩුවෙ එකක්නෙ. මහින්දට සහ කට්ටියට ලොකේ පුරා සවාරි යන්න ඩොලර් මිලියන 16 කට ප්ලේන් එකක් ඔිඩර් කොරල තිබිල එ්ක කෑන්සොල් කොරලා පාට්ස් ගන්න විධානය දුන්න කියල චන්දෙන් පස්සෙ මේ ලඟදි ටිවි එකේ සන්නස්ගල එක්ක සිරිසේන පච කෙලියෙ නැද්ද?

    මම මෙතුවක් කල් අහල නැහැ අපේක්‍ෂකයන්ගෙ චාම් කම, ගොවියගෙ පුතා කම රටක ජනාධිපතිකමට සුදුසු කමක් කියල. මම මෙච්චර කල් හිතා ගන හිටියෙ ජනාධිපතිකමට සුදුස්සෙක් වන්නේ අපේක්‍ෂකයා පෙන්නල තියන හැකියාව කියලයි. මෙෙත්‍රිපාල කියන මනුෂ්‍යයා කවදාවත් පෙන්නල නැහැ එයාට පක්‍ෂයක් තියා අමාත්‍යංශයක් වත් හරියට මෙහෙයවන්න හැකියාවක් තියනවා කියල. මෙෙත්‍රිපාල අවුරුදු 15කට වැඩිය කැබිනට් අැමති කෙනෙක් වෙලා හිටිය. නමුත් ප්‍රේමදාසල ලලිත්ල ගාමිනීල වගේ ඔහු ගෙනාපු සංකල්පයක් නැහැ. අැහැට පෙනෙන කනට අැහෙන වැඩක් කොරලත් නැහැ. තෙරේසා හොරකම් කලා වගේ අඳෝනාවල් තමයි දිගටම අැහුනෙ. මොනව නැති උනත් සිරිසේන අඟේ ඉදන් කන කන්න නම් දක්‍ෂ කමක් පෙන්වලා තියෙනවා. වමට සිග්නල් දමල බටහිරයොත් එක්කයි උන්ගෙ එන්ජීඔි කුක්කො එක්කයි දේශ ද්‍රෝහීන් එක්කයි කුමන්ත්‍රණ කොරන්නත් දක්‍ෂ බව පෙන්නුම් කරල තියනව. නමුත් එ් වගේ හැකියාවන් වලින් රට ඉදිරියට ගෙන යන්න බැහැ කියන එක දැන් මහජනයාට තේරිලා.

    මෙෙත්‍රිපාල සිරිසේනව ජනාධිපති ලෙස පත් කර ගත්තෙ එජප, ටිඑන්එ් සහ මුකො පක්‍ෂ වල පාක්‍ෂිකයන්. මගේ ගනන් හැදීමෙ හැටියට සිරිසේන ගැන හොඳට අහල තියන හොඳට දන්න සිංහල බෞද්ධයො එයාට චන්දෙ දුන්නෙ 39.28%යි. නමුත් මෙෙත්‍රිපාල සිරිසේන කියන නම අහල නැති උතුරෙ සහ නැගෙනහිර දෙමළු සහ නැගෙනහිර හම්බයො 85%කට වැඩිය පැනල සිරිසේනට චන්දෙ දුන්න. දකුණෙ ඉන්න දෙමළු සහ හම්බයොත් අඩුගෙනෙ එ් ප්‍රතිශතයෙන් ම චන්දෙ දුන්න. හැබැයි එ් ‘යහපාලනය’ ගෙනෙන්නට නම් නෙවෙයි, තම තමන්ගෙ දේශපාලන අවශ්‍යතාවයන් ඉදිරියට ගන්නයි. දෙමළු සිරිසේනට චන්දෙ දුන්නෙ ඊලමට පාර කපා ගන්නයි. හම්බයො සිරිසේනට චන්දෙ දුන්නෙ නසරිස්තානෙට පාර කපා ගන්නයි. විග්නේශ්වරන්ල කරන වැඩ කිඩ වලින් එ්ක අද වෙනකොට ජවිපෙටත් තේරිලා නම් අපි වගේ අයට පෙනෙන ‘වෙන්න යන පැහැදිලි චිත්‍රය’ ගැන කුමන කතාද?

    අැත්ත වශයෙන්ම ශ්‍රිලනිප පාක්‍ෂිකයන් 57.5 ලක්‍ෂයක් චන්දෙ දුන්නෙ සිරිසේන විරුද්ධවයි. අද මධ්‍යස්ථ අයට ලොකුම විහිලුව වෙලා තියෙන්නේ විරුද්ධවාදීින් පත්කරගත්ත ජනාධිපති ශ්‍රිලනිප නායකයා වීමයි. සිරිසේන කියන්නෙ ශ්‍රිලනිප නායකත්වය එයා බලෙන් ගත්තෙ නැහැ කියලයි. හොඳයි, සිරිසේන වටෙන් ගොඩෙන් විජිතමුනි වගේ අවස්ථාවාදියො ටිකක් දමල මහින්දගෙ අත කැරකෙව්වෙ නැද්ද. කමක් නැහැ, කොහොම හරි ශ්‍රිලනිප නායකත්වය සිරිසේන බාර ගත්තනෙ. ඉතින් සිරිසේන කලයුත්තේ ශ්‍රිලනිප නාය යෑම වලක්වන එකයි. කැඳ හැලි යහපාලනය නැතුව ශ්‍රිලනිප තුල නියම යහපාලනය ක්‍රියාත්මක කිරීමයි.

    අද ශ්‍රිලනිප පාක්‍ෂිකයන්ගෙ අවශ්‍යතාවය ඊලඟ චන්දෙදි රනිල් බලයට එන එක වලක්වන එකයි, රට බේරා ගත් වීරයන්ව බටහිර කල්ලියෙන් බේරා ගන්න එකයි. මහින්ද ශ්‍රිලනිප නායකත්වය රටේ ජනපති සිරිසේනට බාර දුන්නෙ එ්කටයි. නමුත් දැන් අපිට පෙනෙන හැටියට සිරිසේනලාට සහ සිරිපාලලාට ශ්‍රිලනිප අාරක්‍ෂා කරන්න ඔිනෙත් නැහැ අාරක්‍ෂා කොරන්නත් බැහැ. නැත්නම් බුලත් කොලෙ සහ සන්ධානෙ පක්‍ෂත අතහැරල රාජිත චම්පික වගේ අවස්ථාවාදී දෙපත් නයි ශ්‍රිලනිප තනතුරු වලට දාන්න හදයිද, දානවද? උන් හැමදාම කොලේ තමන් හිටපු පක්‍ෂ කඩල බිඳල අළුත් එකකට හේත්තු වෙන එකයි.

    එ් නිසා මොන වැරදි තිබුනත් අද දවසෙ ශ්‍රිලනිප පාක්‍ෂිකයින් බලාපොරොත්තු වෙන දේ කරන්න පුළුවන් මහින්දට විතරයි. එ්කයි දිනේෂ්ල වීරවන්සල ගම්මන්පිලල වාසුල මහින්දව ඉස්සරහට ගන්න හදන්නෙ. එ්ක තේරෙන්නෙ නැත්තෙ විජිතමුනිය වගේ අවස්ථාවාදීන්ට සහ මර්වින් වගේ හොර මැරකම් වලට කොටු වෙච්ච එවුන්ට සහ හිරුණිකා වගේ පුද්ගලික න්‍යාය පත්‍ර අැති අයට පමණයි. එනිසා කවදාවත් රැලි වලට නොගිය මමත් තව දෙන්නෙක් එක්ක යනවා මහින්ද අගමැති කොරන 18 වනදා (අද) තියන නුගේගොඩ රැලිය බලන්න.

  • 0
    0

    All the facts and figures related to thefts will be made clear to the people in few weeks now. Before the next election, much more regarding high profile thefts being carried out by MR and thugs will reveal soon. Some sorta of patience will need to see all these. Wait Bunda, you will also have to run along the street to the very same manner as DJ faced in late 80tes …. remember the manner DJ became lanken EUREKA..escaped the life in his pants down position. So, It is better not ot droll over now.. it is tool early you guys to jubilize since all are being investigated one by one manner.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.