19 March, 2024

Blog

මේ රජය සෞභාග්‍යයේ දැක්ම කියාගෙන ආවට රට ගෙනියන්න හදන්නේ 77 ට පෙර පැවති පෝලිම් යුගයටයි

ඉරාන් වික්‍රමරත්න

ඉරාන් වික්‍රමරත්න පා.ම.

පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වාගේ කියන කියමන අහලා ඇති.

රජය ඇතුලේ විසඳිය යුතු ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කථා කරන බැවින් දිනයේ විවාද නියම්ත වෙලාවට ආරම්භ කරන්න බැරිවෙනවා. ඇද 11.30 ට නියමිතව තිබූ ආනයන අපනයන පාලන පනත යටතේ වූ රෙගුලාසි සම්බන්ධ විවාදය ආරම්භ කළේ ප.ව. 1.45 ටය. එනිසා පාර්ලිමේන්තු කටයුතුවල දී කාලය කළමනාකරණය ඉතා වැදගත් වෙනවා.

අද මේ විවාදය ආනයන හා අපනයන (පාලන) පනත යටතේ එන රෙගුලාසි 3ක් සම්බන්ධව. ඉතිං ඒ වෙනුවෙන් සූදානම් වෙනකොට තමයි මේ අදහස ආවේ.

පය බරවායට පිටි කර බෙහෙත් බඳිනවා කියන්නේ ප්‍රශ්නයට දෙන්න නියම විසඳුම් තිබියදී වෙන වෙන විසඳුම් දීම. අන්තිමට ප්‍රශ්නය ඔඩු දුවලා වෙන්න පුළුවන් ඕන දෙයක්…ඒ කියන්නේ  නරකම දේ වුනත් වෙන්න පුළුවන්.

මේ ආනයන තහනම්, ආනයන සීමා, ආනයන බලපත්‍ර වගේ අදාළ නැති වැඩ හරහා විසඳන්න යන ප්‍රශ්නයත් ඊට දෙවැනි නෑ.

මේ හදන්නේ රට ආපස්සට හරවන්න.

අපි දන්නවා 1970 ඉඳලා මේ රටේ තිබුණේ සංවෘත ආර්ථික ක්‍රමයක්. හරියට කන්න නෑ .. අඳින්න නෑ .. විවාහ මංගල උත්සවයට අලුත් ඇඳුම් ඉල්ලලා බලපත්‍ර ගන්න ඕන. හැමදේම සලාක වලට. මොන දුකක්ද මිනිස්සු වින්දේ. ඒ ඉතිහාසය 1977 සිට වෙනස් කරන්න ගත්තා. මම හිතන්නේ නෑ සිහිමොල තියෙන කිසිම කෙනෙක් 1971 ආර්ථික ප්‍රතිපත්තිය ඉල්ලයි කියලා.

ඒ කාලේ ඇඳපු වස්ත්‍ර පවා භූමිතෙල් ගඳයි. මතකයන් අප්‍රසන්නයි. ඒ වගේම තමයි තරුණ අසහනයටත් ඒ ආර්ථික ක්‍රමය හේතු වුණා. සෞභාග්‍යයේ දැක්ම කියාගෙන  ආවට  කොහාටද රට ගෙනියන්න හදන්නේ ඒ භාණ්ඩ හිඟ සංවෘත ආර්ථික  යුගයටයි රට ගෙන යන්න හදන්නේ.

රට උග්‍ර ණය බරකින් පෙළෙනවා. ප්‍රමාණය ලෙස ගත්තොත් රුපියල් බිලියන 15000ක්. ට්‍රිලියන නම් 15ක්. ණයබරතාව දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 98.8% ක්.

මධ්‍යම ආදායම් ලාභී රටවල් අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස වැඩිම ණය ඇති රටවල් අතර එක ලෙබනනය. දෙක ලංකාව. ලෙබනනය මේ වෙනකොට බංකොලොත්. ඒ කියන්නේ ඊළඟ අවධානම අපිට. මධ්‍යම ආදායම් රටවල් අතර ලෙස වැඩිම විදෙශ් ණය ප්‍රතිශතය ඇති රට ශ්‍රී ලංකාවයි

ජාත්‍යන්තර ණය වර්ගීකරණය ඇතුලේ අපි පතුලටම වැටෙමින් ඉන්නේ. අපි ඉන්නේ C ඛාණ්ඩය යටතේය.. ඉන් එහා වෙන දේවල් කියන්න අවශ්‍ය නැහැ.

දළ​ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස අයවැය පරතරය කීයද? 2020 ට 8.4%ක් කරගත්තා. හැබැයි ඒ ගණිත සූත්තර දාලා මැජික් පෙන්නලා. හැබැයි ඒ මැජික් අයින් කරලා ගත්තොත් අයවැය පරතරය 11.2%ක් වෙනවා.

මට එය පැහැදිලි කිරීමට අවශ්‍ය නම්, ගිණුම්කරණ පද්ධති දෙකක් තිබේ, එකක් මුදල් ප්‍රවාහ පද්ධතිය සහ අනෙක උපචිත ගිණුම්කරණ පද්ධතියයි. ශ්‍රී ලංකාව සෑම විටම මුදල් ප්‍රවාහ Cash basis ක්‍රමය අනුගමනය කරයි. නමුත් මෙහි සමහර උපචිත ක්‍රමයක් භාවිත කර ඇති අතර 2020 සඳහා වියදම් 2019 ට ආපස්සට  ගෙන ගොස් ඇත. එබැවින් එය අයවැය හිඟයේ අඩු ප්‍රතිශතයක් පෙන්නුම් කරයි. සැබෑ හිඟය 11% ට වඩා වැඩි විය යුතුය. මේ සුත්‍රය නිසා නොවෙයි නම් 2020 අය වැය පරතරය 11 % ඉක්මවා යනවා

ඒ වගේම තමයි රාජ්‍ය ආදායම් අඩුවීමේ බරපතළ තත්ත්වයක් තියෙන්නේ. 2017 දී අපි රාජ්‍ය ආදායම දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 13.8 ට ගෙනාවා. 2018 දී 13.5ක් වුණා. අමතක කරන්න එපා ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයක් හමුවේ තමයි අපි ඒ මට්ටමට ඉහල නංවලා ගත්තේ. නමුත් 2019 දී 12.6ක් වෙලා, 2020 දී කීයද 10% වගේ වෙලා.

ඔන්න තත්ත්වය. ඒ වගේම තමයි දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනය. 2013 දී 3.4%යි. 2014 දී 4.5%යි. 2015 දී 5%යි. 2018 දී 3.3%යි. 2019 දී 2.3%යි. අපි ආණ්ඩු කරන කාලේ පහලට ආවා. අපි එය ප්‍රසිද්ධියේම කියනවා. 2020 දී කොහොමද ? තවම කියලා නෑ. දැනගන්න තියන විදියට ආණ්ඩුව කියන්නේ සෘන 3.9 %යි  කියලා. නමුත් ලෝක බැංකුව නම් කියන්නේ, සෘන 6.7% යි කියලා.

1959 ට පස්සේ අපේ යහපාලන  ආණ්ඩුව තමයි 2017-2018 දී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්න සමත් වුණේ. නමුත් මේ යන විදියට හිතන්නවත් බෑ.

විදෙස් සංචිත වලට මොකද වෙලා තියෙන්නේ. 2020 දී කිව්වේ ඩොලර් බිලියන 5ක් තියෙනවා කියලා. අපේ ආණ්ඩුව යනකොට ඩොලර් බිලියන 7ක් තිබුණේ. දැන් නම් ආරංචි විදියට ඩොලර් බිලියන 3ක් වත් තියනවාද සැකයි. කියන්නේ ආර්ථිකය කඩා වැටිලා, රාජ්‍ය ආදායම බිඳ වැටිලා විදේශ සංෂිත කඩා වැටිලා රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය ප්‍රතිපත්ති හා ආනයන තහනම හා සීමා කිරීම සමඟ ආර්ථිකයේ අනෙකුත් අංශ රැසකම ප්‍රශ්න ඇතිකරලාය.මේ ආණ්ඩුව කරන්නේ කුමක්ද. තිබෙන එකම විසඳුම නම් මේ අය කියනවා නවීන මුදල් ක්‍රමයකට වැඩ කරනවා කියලා, ඉවක් බවක් නැතුව සල්ලි අච්චු ගහන ක්‍රමයකට ගිහින් තියෙන්නේ. සල්ලි අච්චු ගහන කොට ආර්ථික වර්ධනය නැතිනම් රැකියාවල් බිහිවන්නේ නැතිනම් උද්දමනය වැඩි වනවා.

මේවට මොකක්ද ආණ්ඩුව හදාගෙන තියන විසඳුම.. විසඳුම තමයි, එක පැත්තකින් ආනයන සීමා කරලා තියනවා. අනෙක් පසින් modern monetary theory නූතන මූල්‍ය 

න්‍යායට වැඩ. ඒ තුළ මේ වෙනකොට ඉවක් බවක් නැතුව සල්ලි අච්චු ගහන්න පෙළඹිලා. සල්ලි අච්චු ගහන්න ගියහම වරදින තැන තමයි, ආර්ථිකය වර්ධනය නොවීම, අලුත් රැකියා බිහිනොවීම, භාණ්ඩ හා සේවා මිල ඉහළයාම, නැතිනම් උද්ධමනය ඉහළ යාම.

අපේ ආණ්ඩුව තිබූ කාලයේ සහ මේ වසරක කාලය තුළ භාණ්ඩ මිල ඉහළ යාම සංසන්දනය කරලා බලන්න. අපි 2019 දී  ගෑස් තියාගත්තේ, 2014 දී මහින්ද ජනාධිපති ගෙදර යනකොට තිබුණ මිලටත් වඩා අඩුවට. ඔන්න දැන් නම් කනින් කොනින් ඇහෙනවා ගෑස් මිලත් ඉහල දාන සූදානමක්. ඒ වගේම එළවලු මිල 300% කින් ඉහළ ගිහින්. මිල ඉහල නොගිය කිසිවක් නෑ. ඊයේ මට කාන්තාවක් විව්වා පොල් ගෙඩියක මිල රු 120 ට ඉහල ගිහින් කියලා. යහපාලන ආණ්ඩු කාලයේ රු 50 ට 60 ට පොල් වික්කේ.

ඒ වගේම තමයි මේ ආණ්ඩුව කෘතීම ලෙස පොළී අනුපාත පාලනය කරනවා. ඉහළ දැමීමට ඉඩ තියලත් නෑ. එයත් කෘතීම ලෙස පාලනය කරනවා. දැන් බලන්න ඒ තුළ විශ්‍රාමික ප්‍රජාව මුහුණදෙන අර්බුදය. ඊයේ මොරටුව රාවතාවත්තේ දී දෑස්වල කඳුලු පිරූ කාන්තාවක් ඔවුන්ගේ දුක හෙළි කළේ මෙහෙමයි. “විශ්‍රාමිකයෙකු වන මාගේ ගිණුමේ ස්ථිරව තැන්පතු ලෙස ලක්ෂ 10 ක් තියනවා කලින් තිබුණු වැඩි පොලිය අනුව මාසයකට 8000ක් ගත්තා. නමුත් මේ ආණ්ඩුව පොළිය පහල දාලා, දැන් පොලිය අඩු කර ඇති බැවින්  මාසයකට ලැබෙන්නේ රුපියල් 3000යි”. කොහොමද අර ඉස්සර තිබුන ජීවිතයවත් ගෙනියන්නේ යනුවෙන් අසුවාය.

කෘෂිකාර්මික නිෂ්පාදනය සහ නිෂ්පාදන ආර්ථිකය ඉහළ නැංවීම පිළිබඳ මෙම රජයේ සටන් පාඨ පවා දැන් දරුණු විහිලු බවට පත්වෙලා.

මේ පාලන කාලය තුළ ආණ්ඩුව මොන වැඩේදී ද සාර්ථක වුණේ..?

සාර්ථක වුන එක තැනක් විදියට ගන්න පුළුවන්, ගැසට් ජිල්මාට් හරහා ව්‍යාපාරික ගජමිතුරන්ට අයුතු ලාභ ලබන්න ඉඩදීම. සීනි වලින් විතරක් ආණ්ඩුවේ ආදායම් වලින් විතරක් රුපියල් කෝටි 1100 ට වඩා ගජමිතුරන්ට ඇදිලා ගියා. කොරෝනා එන්නත ගෙන්වන්නට මේ රජයට රු බිලියන 20ක් නැහැ. කොහොමත් මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැහැ.

දැන් මේ විවාදයට අදාළ ගැසට් පත්‍ර වෙත අවධානය යොමුකරන්න. එහිත් වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් දක්වා තියෙන්නේ ආනයනය කිරීමට නම් බලපත්‍ර ලබාගත යුතු වර්ගීකරණය යටතේ. සීනි  වලට බලපත්‍ර දුන්නේ හරි ලස්සනට. අන්න ඒ වගේ.

ඒ විතරක් නෙවෙයි, ණය වර ලිපි විවෘත LC  කරාට පස්සේ දින 180 කින් ගෙවීම් කරන්න නියම කරලා. කවුද බඩු දීලා සල්ලි ගන්න මාස 6ක් බලාගෙන ඉන්නේ? මේ වැඩ නිසා තමයි ආනයනයේ නිරත පුද්ගලයන් උන්ඩියල් ක්‍රම හරහා වැඩ කරන්න උත්සාහ ගන්නේ. ඒ කියන්නේ මිනිසුන්ව නීතිමය ක්‍රමයෙන් පිටතට යවන ආකාරයට තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සකස් වෙලා තියෙන්නේ.

ඇත්තටම මේ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් තියනවා කියලා කියන්නත් අමාරුයි. මොකද තවම හිතාගෙන ඉන්නේ, පාරවල් හදලා රට දියුණු කරන්න පුළුවන් වගේ ළපටි අදහස් වල. 2020 ට මහා මාර්ග සඳහා රුපියල් බිලියන 245ක් වෙන් කල ආණ්ඩුව 2021 ට රුපියල් බිලියන 330 ක් වෙන්කළා. නමුත් නිකමටවත් උත්සාහ කලාද රුපියල් බිලියන 20ක් වියදම් කරලා එන්නත් ටික ගෙන්නන්න. රටම එන්නත් කරණයට ලක්කරන්න. රටේ ජනතාව තුල එහෙනම් විශාල මානසික ශක්තියක් ඇති කරන්න, පිබිදීමක් ඇතිකරවන්න තිබුනා. නමුත් ජනතාවගේ අවාසනාව ගජමිතුරන් ගැන හිතන තරමින් අංශුවක්වත් ආණ්ඩුව මේ රටේ පොදු ජනතාව ගැන නොසිතීම.

කොහොමටත්  ආණ්ඩුවට එහෙම දැක්මක් නෑ. ප්‍රතිපත්තියක් නෑ. අද ලෝකයේ රටවල් විශේෂයෙන් ඉන්දියාව, ජපානය ඇතුළුව ලංකාවට ණය දෙන රටවල් ප්‍රසිද්ධියේ කියන්න අරගෙන තියනවා ලංකාවේ මූල්‍ය විනය ගැන කිසිම විශ්වාසයක් තබන්න බෑ කියලා. ඔන්න රට වැටිලා තියන තැන. ආණ්ඩුව පෙන්නන්න යන්නේ ඔවුන් මුහුණදීලා ඉන්නේ ද්‍රවශීලතාව සම්බන්ධ ප්‍රශ්නයක කියලා. නෑ. අපි විශ්වාස කරන්නේ ආණ්ඩුවේ අසමත්භාවය විසින්, මූල්‍ය වත්කම් නැති තැනට පත්වෙලා. ඒ නිසා ප්‍රශ්නය අඳුනගෙන හරියට විසඳුම දෙන්න. ආනයන පාලන දාගෙන රටේ ආර්ථිකය හදන්න බෑ. විදෙස් සංචිත හිඳෙන එක නවත්වන්නත් බෑ. පයබරවායට පිටකර බෙහෙත් බැඳලා තේරුමක් නෑ. ඇත්තටම ආණ්ඩුව ආර්ථිකයේදීත් ෆේල් කියනවා හැර කියන්න දෙයක් නෑ.

*ආනයන අපනයන රෙගුලාසි යටතේ අද (11) පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරමින් පා. ම. ඉරාන් වික්‍රමරත්න කළ කථාව

Print Friendly, PDF & Email

Latest comments

  • 5
    0

    Dear Eran,
    I know you are hearted person. I am in full agreement with you whatever you been been saying above.
    .
    එරාන්, අපේ රටේ එවුන්ට අද වෙලා තිබෙන දෙය, ජීවිතය බේරා ගැනීමට දන්ගලන හදවත් සල්යාගරයක් කල්පල් එක පහලම ඉන්න පිස්සු හෙදියක් ගේ අතට පත්වෙල…. මිනිසුන්ගේ ජීවිත විනාශ වීම ha samanayi මට සිතෙන වාර ගනන අනන්තයි. රටෙ ඉන්න අධිකරනයේ තුල ඉන්නෙ පිටර විනිශ්චයකරුවන් කරුවන් නොව රටේ ශ්‍රීලංකා ජානමය සම්බවයකින්, නිදහස් අද්යාපනය නිසා ඒ තත්වයට පත්වුන අය මිසට අද බැරි වෙලතිබෙනව තියෙනව සත්යය ඉතිරියේ කලිසම් ගලවගෙන එක පවුල නියෝගයට වැඩ කරන්නට. කවුද වැරදි? ඒ ඒ අදාල නිලාදාරීන් මිසක් ?මෙවුන්ට පිට කොන්ද තිබුන නම්, මේ රටේ අර ජතියේ සුලුතර අය වෙනුවෙන් හන්දක් නැගපු රන්ජන් රාමනායක හිරයට අරිනවාද ? ඒ අතර රටේ මිනිසුන් මරපු, ස්ත්රී දූශනය කරපු, කුඩු ගෙන්වන තක්කඩියො ටික නන්දසේනගේ සරම අස්සට රින්ගල කට කටයුතු කරනව, ඒ මිනිහා මැරිලද ඉන්නවද, එහෙම නැති නම් භයානක් අසනීපයකින් දුක්වින්දිනවද යන්න කවුරුතු නොදනී… කෝ ඒකාගෙ මහජනයට ඉදිරියේ බය නැතිව, සැක නැතිව වැඩ කරන ගතිය ? මෙතෙක් මේ මාස 15 ට මොනවත් කරල නැහැ තිරිසන්නු න්ට එහා විදියට හැසිරෙනබවක් අපිට පේන්නෙ. අපි මේ වා කිව්ව… එනමුත්, අපේ කාලි අම්ම ගේ පිටිපස්සෙ යන බහුතරය, මේව ගැන ඇසුවේ නැහැ.. එවුන් හිතුව, ගුවන්තොටුපොල බිම ලෙවකපු රට විනාසහ් කරපු මහින්ඩ රාජපක්ෂට මැගිසල් බලය තුලින් දේවල් කරන්න පුලුවන් කියල. මිනිසුන් මෝඩයි තකතිරුයි.. ගොම ගිලපියව මහින්ඩයේ හර්නියා ලෙඩේ සුව වෙන්න කිව්වොත්, එවුන් අහින්සක හරකුන් විනාශ කරගෙන ගොම ගිලින බහුතර නූගත් පිරිසක් මේ රටේ චන්දදායක කියල ඉන්නෙ.. කිසිම දෙයක් දෙවරක් නොසිතා, හෝය්ය කියන තිරිසන් බහුතරයක් ගොඩ නගපු රාජපක්ශ් වාදි මාධ්‍ය හැතිකරය හරිය ව්රුක්ශයක් ඔතා ගත පරපෝශිතයන් වාගෙ.. පිට රට ඉන්න දුප්පත් මිනිසු දඩයම් කරමින් අද මේ කරන ජාවරම් නිසා මේ රට ලෝකයා තුල ඉතාමත්ම පහල වැටිල..

    ctd

    • 4
      0

      පළපුරුදු ශල්‍ය වෛද්‍යවරුන්ට කළ යුතු ශල්‍යකර්ම සිදුකිරීමට නුපුහුණු හෙදියක් තම බලය අයුතු ලෙස භාවිතා කරන්නේ නම්, එහි ප්‍රති come ලය කුමක් වනු ඇත්ද? මෙම සැත්කම් ජීවිතයට තර්ජනයක් වන්නට තිබුනේ නම්, එහි ප්‍රති come ලය කෙසේ වනු ඇත්ද? ඒ හා සමානව, මාධ්‍ය මාෆියාව විසින් පතුරුවා හරින ලද සදාචාර විරෝධී හා සදාචාර විරෝධී බොරුවලින් මොන්ටිසෝරි මට්ටමේ අපේක්ෂකයින් ඉහළින්ම සිටින අතර, මේ රටේ පසුගිය මැතිවරණ 2 තුල නායකයින් බවට පත්විය.

      මීට අමතරව, හිටපු අපරාධකරුවන්ට නැවත තේරී පත්වීමට හෝ තේරී පත්වීමට විදේශිකයන් මඟ පෑදුවේ නැත. සියලුම ඡන්දදායකයින් ශ්‍රී ලංකාවෙන්. ඔවුන් සියල්ලන්ටම අපේම ජාන විද්‍යාව අයත් වේ. එම ඡන්දදායකයින් අතර මැදපෙරදිග රටවලින් ආපසු සිය මව්බිමට පැමිණ ඔවුන්ගේ ව්‍යාජ ප්‍රචාරක යන්ත්‍ර මගින් නොමඟ යවා ඇත. අද වන විටත් එම ජනතාවම විදේශිකයන් තම ඉඩම් හිමියන් විසින් පාරට ඇද දමනු ලබන්නේ අවාසිදායක තත්ත්වය හේතුවෙන් ය. ඔවුන්ගේ ඉරණම වත්මන් රජය විසින් නොසලකා හරිනු ලැබේ. නන්දසේනට හදවතක් නැත, අතරමංව සිටින ශ්‍රී ලංකන් විසින් නිපදවන සෑම වීඩියෝ පටයක්ම අපි කියවමු.

      කිසියම් අසත්‍යයක් ජනතාව අතරට ගෙන ඒමට ඉඩ තිබුනේ නම් මේ රටේ ජනතාව අහිංසක ලෙස පෙළ ගැසෙනු ඇත. එය අපේ ජනතාවගේ ස්වභාවයයි. මෙය කණගාටුදායක දසුනකි. කොල්ලකාරී දේශපාලන politicians යන් බලයට ඇබ්බැහි වී සිටින අතර, කොළඹ වරායේ හෝ ගුවන්තොටුපලේ රැවටිලිකාර වංචනිකයින් හැසිරෙන ආකාරයටම මනස විකෘති කිරීමට බලා සිටිති. එබැවින් මිනිසුන් දේශපාලකයන්ගේ පහසුවෙන් ගොදුරු බවට පත්වේ. රාජපක්ෂයන් ඉහළ අපරාධකරුවන් වන අතර මේ රටේ අසරණයන්ගේ දුක්ගැනවිලි තේරුම් ගැනීමට අධ්‍යාපනයක් නොමැත. දුප්පත් බදු ගෙවන්නන්ගේ අරමුදල් මත ජීවත් වන මෝඩ මිනිසුන්, නමුත් එකම ජනතාව දිගින් දිගටම වංචා කරයි.
      මානසික තත්වයක් ඇති ගම්වැසියෙකු විසින් නොදන්නා කසාය එකතු කිරීමට මිනිසුන් පෙළඹෙන ආකාරය අපි දුටුවෙමු. ඔහුගේ මානසික රෝගී තත්වය මත පදනම්ව ඔහුම බොරු කියයි. “මිනිසා වැනි බූරුවා, දුරස්ථ පාලක කාලියම්මා විසින් තම්බල හදාපු පේනි බීම” එකතු කර ගැනීමට ඔවුන් පෙළ ගැසී සිටින අයුරු ඔහු කලියම්මා විශ්වාස කරන බව කියනු ලැබේ. සමාජීය හා ආර්ථික වශයෙන් අඩු කොටස් පමණක් නොව, දේශීය විශ්ව විද්‍යාල වලින් උපාධිය ලබාගත් වෛද්‍යවරු, ඉංජිනේරුවන් සහ රටේ ජනගහනයේ උගත් පිරිමින් සහ කාන්තාවන් ද වූහ. කෙසේ වෙතත්, එම නූගත් මිනිසා විසින් පානි බීම සොයාගත් තැනැත්තා විසින් පතුරවන ලද පණිවුඩය, ඔහු විසින්ම නොව, ජාතිය සුව කිරීමේ බලය ඔහුට ලබා දුන් බව ප්‍රසිද්ධ ප්‍රකාශයක් පුනරුච්චාරණය කළේය. දේශපාලන පලිගැනීම් තුළින් එය සමතුලිත කිරීම සඳහා මෙය පූර්ව නිශ්චිත ක්‍රියාවක් බව දැන් සමාජයේ කටකතා පවතී.

    • 5
      0

      එරාන්, මට කිසිදු කරදරයක් නැහැ, මම යුරෝපයේ ජීවත් වන බලවත් සින්හලයෙක්… සින්හල උනාට, මම සින්හල බෞද්ධ කම කියල මිනිසුන් රවටන්නෙ පලි ගන්න නැහැ..මට කෞරුත් එකයි… මේ ලෝකය තුල.. එනමුත් නූගත් බහුතරයක් අර මැද පෙරදිග රටවලට කොටුවෙලා… කියන්න කෙනෙක් නැහැ.. අනේ අසරන මිනිසුන්.., කිසිම දෙයක් නොවැටහෙන දුප්පත් දෙමව්පියන්ගේ කොල්ලො කෙල්ලො … අර මැදපෙරදිග රටවල බල්ලො බල්ලලු ගානට වැටිල… අපේ සින්හල ජතිය ගැන ඔද වඩන්, තට්ට මාමල අසූචි වලවල අසුචි ගිලින සූකරයන්ගේ තත්වයට අද වැටිල… උන් මේ අහින්සක මිනිසුන්ගේ භයානක තත්වය ගැන රටේ ජන මතය ඇති කරන්න උත්සුක වන්නෙ නැති පින්ගුත්තරයො වෙල… එවුන්ට හදවතක් නැතිද දෙවියනේ ? මේ අපේ රටේ අහින්සක මිනිසුන් මෙලෙස හිරිහැර අතරේ වැසිකිලි වල මැරිල යන්න ඉඩ දෙන්නෙ.. පර බල්ලන් මේ රටේ පාලනය උදුරාගෙන කරන්නෙ, ජොලිය ලැබීමක්, උන්ගේ එවුන්ගේ නඩු හබ එකින් එක බේරාගෙනිමින්.. එතකොට ඔය හිරගත වෙලා ඉන්න රංජන් හා අනිකුතු සුලු සුලු දේවල් වලට හිරබත් ගිලින එවුන්ට කෙරෙන සාදරනය කුමක්ද ? මේ රටට සම්පාදක පනවිය යුතුමයි… අපේ නූගත් හැතිකරයටත් යමක් වැටහෙන්න.. මේ රට කොන්වෙලා.. අද අපි පිටරට සිට රට ගැන කියන කොට, .. අපෙන් අහන් දෙය තම්යි.. “ ඇයි අපේ මිනිසුන්… තිරිසන්නුන්ට හපන් රාජපක්ෂ වරු නැවත බලයට ගෙන ආවෙ කියල“. මේ වට අපි උත්තර දෙන්නෙ කොහොමද ? එතනදි මට කියන්න තිබෙන්නෙ, අපේ රටේ මිනිසුන් ගේ ශාක්ශරතාවය වැඩි උනාට ඒ අය… ඕනෑම දෙයකට නිතර රැවටෙන බහුතරයි.. එවුන්ව දේශපාලක පාදයන්ට නිතරම ගොදුරුවෙනව කියල.

      කල යුතු දෙයක් ඇතිනම් අර ඒ දුප්පත් මිනිසුන් ඒ ඒ රටවල එම්බස්සි වලින් වාර්තා අරගෙන අපේ රටට ගෙන ආයුතුයි.. ඒ අහින්සක් බහුතරය යමක් නොතේරෙන, ලන්කවේ නගර බද උනත් ජීවත් වෙන්න බැරි ජන කොටස්… ඒ අයට වැටහෙන්නෙ නැහැ, ආපහු ඒ අය මව්රටට යන් විදිය.

    • 4
      0

      හිතවත් මිත්‍රවරුනි, යහපාලන කාල පරිච්ඡේදය තුළ ඔබ සමබර කර ගැනීමට සමත් වූ දේ පිළිබඳව තවත් බොහෝ කරුණු ඉදිරිපත් කළ යුතුය. මගේ අදහස නම්, බොන්ඩ් ස්කෑම් හෙළිදරව් නොවී ආර්ථිකය විනාශ වූ නමුත් එය එම්ආර්ගේ ධූර කාලය අවසන් වන විට බිඳ වැටෙමින් තිබූ බවය. මේවා පක්ෂග්‍රාහී මාධ්‍ය ස්පර්ශ නොකරන කරුණු ය. ඔබ නිරන්තරයෙන් ආවරණය කර ඇති ඔබගේ වැඩ ප්‍රමාණය ජනතාවට පැහැදිලි නැත, අද නූගත් අවජාතකයෝ බලය අතට ගෙන ඔවුන්ගේ අර්ථය අර්ථ දක්වන්නේ යහපාලන රජය ආර්ථිකය වර්තමාන තත්වයට ඇද දැමීමට හේතුව ලෙස ය. ආර්ථික විද්‍යා ist යෙකු ලෙස ඔබට මෙය නැවත නිවැරදි කිරීමට හැකි විය යුත්තේ ඔබේ සත්‍ය තොරතුරු සංඛ්‍යා සමඟ මාධ්‍යයට සකසන්නේ නම් මාධ්‍යය හසු වන බැවිනි. වෙනත් ඕනෑම drug ෂධ හෝ මධ්‍යසාර මාෆියාව සහ පාතාල ක්‍රියාකාරකම් වලට වඩා රට තුළ පවතින මාධ්‍ය මාෆියාව බලවත් ය. මුළු පරපෝෂිතයන් හා සැපයුම්කරුවන් නොමැතිව දිරාපත් වීමට පහසු නොවන කුණු කසළ සමඟ සැසඳිය හැකිය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.