23 April, 2024

Blog

සිංහලයන් ගැන සෞභාග්‍ය ඇති කිරීම ගැන කතා කළ මේ රජයේ දේශප්‍රේමය දෝරේ ගලනවා

ඉරාන් වික්‍රමරත්න

ඉරාන් වික්‍රමරත්න පා.ම.

බලය එක් තැන් කරන කොට ප්රජාතන්ත්රවාදී ජීවිත ක්රමයකට එල්ලවන අභියෝග ගැන අපිත් පාඩමක් ඉගෙන ගත යුතුයි.ඇමෙරිකාවේ ජනපතිගේ හැසිරීම අපට මතක් කර දෙනවා පරාජය පිළිගන්නට බැරි, සම්මුතියක් අනෙක් පැත්ත එක්ක ඇති කරගන්නට බැරි, නීති රාමුවෙන් පිට ප්රශ්ණ විසඳන්න හදන සිදුවීම් වලින් අපිත් පාඩමක් ඉගෙන ගන්නට වෙනවා.

දේශප්‍රේමය ගැන. සිංහලයා ගැන. රටේ ජනතාවට සෞභාග්‍ය උදාකරනවයි පොරොන්දු වූ මේ ආණ්ඩුවත් හකුරු හදන්නා රජතුමාව රැවට්ටුවා වගේ 69 ලක්ෂයේ ජනතාව රැවට්ටුවා. CIFC වරාය තුළ ඉදිකරන මහල් නිවාස සංකීර්ණ සඳහා පමණක් ඇයි විශේෂ බදු සහනයක් දෙන්නේ? ඉන් පිටත නිවාසවලට බදු සහන නොදෙන්නේ ගජමිතුරු කම නිසා .එපමණක් නොව වරාය නගරයේ පුහුණු,නුපුහුණු හා සුදු කර පටි රැකියාවලට පවා විදේශිකයන්ට බදු විරාම සමග අවස්ථා දෙන්නටත් යනවා. කොරෝනාව නිසා රැකියා අහිමිවු රටවිරුවන් ඇතුළු ලක්ෂගණන් ස්වදේශිකයන් සිටියදී මෙසේ දෙන්නේ ඇයි?

මේ ආණ්ඩුවේ වැඩ දකින විට මට මතක් වෙන්නේ රජතුමාට සුදු හකුරු දුන්න කතාව. උඩට සුදු උඩු වියන්බිමට පාවඩ එළලා හදන නිසා හකුරුත් සුදු වෙන බව කියලයි රජතුමාව රැවට්ටුවේ. රජතුමා ගිහින් බැලුවම තමයි දැක්කේ කොච්චර අපිරිසිදුවටද හකුරු හදන්නේ කියලා. ඇයි බොරු කිව්වේ කියලා ඇහුවම හකුරු හදන මනුස්සයා කිව්වේ, “රජතුමනි, කියනකොට එහෙමයිකරනකොට මෙහෙමයිකියලා.

මේ ආණ්ඩුවත් හකුරු හදන්නා රජතුමාව රැවට්ටුවා වගේ තමයි 69 ලක්ෂයේ ජනතාව රැවටෙව්වෙත්. කතා කලේ දේශප්‍රේමය ගැන. සිංහලයා ගැන. රටේ ජනතාවට සෞභාග්‍ය උදාකරන්න. ඒත් දැන් මොකක්ද කරමින් ඉන්නේ. මම මේ සභාවේ අවධානයට යොමුකරනවා, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය ඉදිකිරීමට අදාළව නිකුත්කර ඇති ගැසට් පත්‍රය. දිනය 2020 නොවැම්බර් 24.  

ගැසට් පත්‍රය නිකුත්කර නිකුත්කර තිබෙන්නේ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ. කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (CIFC ), මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්. ව්‍යාපෘතියේ වාණිජ මෙහෙයුම් මාස 96 කින් ආරම්භ වෙන්නේ. මාස 96 මාස හතලිස් අටේ ව්‍යාපෘති දෙකක්, එකකට පසුව එකක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ

දැන් බලන්න ගැසට් පත්‍රයේ උප ලේඛනය. ඔන්න ආණ්ඩුවේ දේශප්‍රේමය දෝරේ ගලන අවස්ථාව. මේ CIFC ව්‍යාපෘතිය තුළ තිබෙනවා, පළමු අදියරේ A ශ්‍රේණියේ නවීන කාර්යාල කුළුණක්, නිවාස කුළුණු දෙකක් සහ සිල්ලර වෙළඳ පීඨිකාවක්. දෙවන අදියරේ තිබෙනවා, A ශ්‍රේණියේ නවීන කාර්යාල කුළුණක්, නිවාස කුළුණක් සහ සිල්ලර වෙළඳ පීඨිකාවක්

දැන් මේ ගැසට් පත්‍රය අනුව මහල් නිවාස විකිණීමේ දී හැර මේ ව්‍යාපෘතියට වසර 15 සංස්ථාපිත බදු සහනයක්  ලබාදී තිබෙනවා. එතකොට මහල් නිවාස විකිණීමට අදාළ බදු සමා කාලය වසර 6යි. වසර 15ක් ආදායම් බදු නැතුවද ආණ්ඩුව යන්න හදන්නේ ? CIFC තුළ ඉදිකරන මහල් නිවාස සංකීර්ණ සඳහා පමණක් ඇයි විශේෂ බදු සහනයක් දෙන්නේ? මොකක්ද විශේෂත්වය. CIFC තුළ සහ ඉන් පිටත මහල් නිවාස සංකීර්ණ වල වෙනස මොකක්ද? කර්මාන්තයේ නිරත අනෙක් සමාගම් වලටත් මේ බදු සහන දෙනවද ? නැත්නම් මේ තවත් ගජමිතුරු සහනයක්ද ?

ලංකාවේ රාජ්‍ය ආදායම මේ මොහොතේ පවතින තත්ත්වය සතුටු විය හැකි මට්ටමක නැති බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ගත්ත ණය පොළිය පවා ගෙවන්න බැරි තත්ත්වයක තිබෙන්නේ. රට බංකොලොත් වෙන්න ඔන්න මෙන්න. එහෙම පසුබිමක මේ මූල්‍ය නගරය ඉදිකරන සමාගමට වසර 15 බදු සහනයක් දෙන්නේ මොකටද? මොකක්ද තියන පදනම? ඇයි රාජ්‍ය ආදායම, රටේ ආර්ථිකය ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් අවදානමක්තියන විට මෙහෙම කරන්නේ ?

හැම ආකාරයකම බදු සහන දීලා. මේ නැතිවන ආදායම් කොහෙන්ද ගන්නේ? CIFC හදන්නේ මේ ඉදිකරන සමාගම පොහොසත් කරන්නද? නැත්නම් වෙන කවුරුහරි පිරිසකට කීයක්හරි හොයාගන්න අවස්ථාව සලසන්නද? මේකත් අර සීනි කෑම වගේද කියන ප්‍රශ්නය තියනවා.

මේ ආණ්ඩුවේ දේශප්‍රේමය කියන්නේ ඒකද

මේ මූල්‍ය නගරයේ රැකියාවක් කිරීමේ අවස්ථාව ලාංකිකයන්ට හිමිවෙන්නේ කොහොමද ? අන්න එතැනත් ආණ්ඩුවේ දේශප්‍රේමය හොඳට දෝරේ ගලනවා. හැට නව ලක්ෂයේ ජනතාවට මම ආරාධනා කරනවා, මිත්‍රවරුනි, හොඳට අහගන්න.

කොළඹ මූල්‍ය නගරය ආශ්‍රිත මේ ව්‍යාපෘතියේ නිපුණතා නොමැති විදේශිකයන්ට රැකියා කිරීමේ අවස්ථාව දීලා තිබෙනවා. නිපුණතා නොමැති unskilled workers, වැඩේට මොකටද විදේශිකයන්ට අවස්ථාව දෙන්නේ. ඇයි අපේ රටේ රැකියා විරහිත නිපුණතා නොමැති ජනතාව සඳහා යොදවන්න බැරි? ඔබලා හොඳට අහගන්න, නිපුණතා නොමැති රැකියා 1000ක් තිබුණොත්, හත්සිය පනහයි ලංකාවට හිමිවෙන්නේ. දෙසිය පනහක්ම විදේශිකයන්ට. හතරෙන් එකක් විදේශිකයන්ට අවස්ථාව දීලා

ඔන්න දේශප්‍රේමය. විතරක් නෙවෙයි, skilled workers, නිපුණතා සහිත විදේශිකයන් 35% කට මේ තුළ අවස්ථාව දීලා. රැකියා 1000ක් තිබුණොත් රැකියා 350ක් විදේශිකයන්ට. ලංකාවේ අපේ අහිංසක ජනතාවට අවස්ථාව ලැබෙන්නේ 65%යි. වගේම තමයි අපි කියන්නේ සුදු කරපටි රැකියා සඳහාත් 25%කට විදේශිකයන්ට අවස්ථාව ලබාදීලා. කිසිම බද්දක් මොවුන්ගෙන් අයකරන්නෙත් නෑ

කොහොමද ආණ්ඩුවේ දේශප්‍රේමය. විදේශිකයන් ඔවුන්ගේ රටවල හිටියා නම් උපයන විට බදු ගෙවන්න ඕන. නමුත් මූල්‍ය නගරයට එන විදේශිකයන් හරි වාසනාවන්තයි, ඔවුන් බදු ගෙවන්න අවශ්‍ය නෑ..

දැන් තේරෙනවද අපි කොච්චර අවාසනාවන්තද කියලා. 69 ලක්ෂයේ ජනතාව හිතලා බලන්න. මේ වෙනකොට ගෝලීය වසංගතය නිසා විදෙස් රටවල සේවය කල නිපුණතා සහිත හෝ රහිත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ ගණනින් රැකියා අහිමි වෙලා තියනව. ඉස්සර කියන්න තිබුණා, නිපුණතා සහිත සේවකයන් අපිට අඩුයි කියලා. නමුත් දැන් කොරෝනා නිසා තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. රටේ ලක්ෂ ගණනක් ජනතාව රැකියා නැතුව, ආදායම් මාර්ග අහිමිව හෙට දවස ගෙවාගන්න බැරුව ජීවත් වෙනකොට මෙන්න දේශප්‍රේමය විකුණගෙන බලය ගත්ත ආණ්ඩුව විදේශිකයන්ට බුරුතු පිටින් රැකියා දෙන්න අරගෙනමැද පෙරදිග රටවිරුවන් අද කන්න නැතුව සෞඛ් ආධාර නැතිව ඔවුන් ඉතා අවදානම් තත්ත්වයකයි සිටින්නේ.

එකත් දෙන්නේ අර මම මුලින් සඳහන් කළා වගේ ලංකා ආණ්ඩුවට කිසිම ආදායමක් නොඑන්න ගිවිසුම් ගතවෙලා. ඔබලාට මතකද මහින්ද පාලන සමයේ චීන ජනාධිපතිත් ඇවිත් ආරම්භ කල port city ගිවිසුම තුළ චීන සමාගමට සින්නක්කරව ඉඩම් පිරිනමලා තිබුනේඅපි තමයි, සින්නක්කර ගිවිසුම් වෙනස් කරලා බදු පදනමට ගිහින් ඉඩමත් බේරාගත්තේ.

නමුත් කියන්න කණගාටුයි, එදා අපේ පාලන සමයේ අපි විකුණනවා කියලා බොරු කන්දක් කියපු ආණ්ඩුව, දැන් බලය අරගෙන රැකියා ටිකත් විදේශිකයන්ට දීල. හරි පැහැදිලිව කියන්න ඕන අපේ රටේ ජනතාවට රැකියා ප්‍රශ්නයක් නැත්නම් විදේශිකයන්ට රැකියා දීමේ ප්‍රශ්නයක් නෑ. නමුත් මේ අපේ ජනතාව අන්ත අසරණ වූ අවස්ථාවක්

අන්න කියනකොට එහෙමයිකරනකොට මෙහෙමයින්‍යාය. අපේ රටේ මිනිස්සු හරි පව් නේද ? දැන් 69 ලක්ෂයට ආණ්ඩුවෙන් අහන්න ප්‍රශ්නයක් තියනවා. මේකද ඔබලා කිව්ව දේශප්‍රේමය ? කියලා.

වගේම තමයි, අපි අවධානය යොමුකළ යුතු තවත් වැදගත් කරුණක් තියනවා. එයත් අයත් වන්නේ මේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතට. ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ 2020 නොවැම්බර් 16. හරහා CICT නැත්නම් Colombo International Container Terminals වෙත දෙනවා අදහාගත නොහැකි සියයට සියයක රේගු  බදු සහනයක්

ඉතාම සැකසහිතයි මේ බදු සහනය. මම කියවන්නම්, සඳහා ගැසට් පත්‍රයේ සඳහන් වගන්ති

1) මෙහි සඳහන් දින සිට අවුරුදු 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තුළදී නිෂේධන ලේඛනයේ සඳහන් අයිතම හැර ව්‍යාපෘති සමාගමේ ධාරිතාව පුළුල් කිරීම සඳහා අවශ්‍ය සියලු උපකරණ අමතර කොටස් උපාංග තීරුබදු ගෙවීමෙන් නිදහස්..

2) ව්‍යාපෘතිය පුළුල් කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා සහ නවීකරණය කිරීම සඳහා අවශ්‍ය වන බැංකු ඇපකර පදනමක් යටතේ මෙහි සඳහන් දිනට පෙරාතුව දැනටමත් ආනයනය කර ඇති අයිතම රේගු බදු ගෙවීමෙන් නිදහස් වන්නේය.

මේක පුදුම ආණ්ඩුවක්. ගැසට් පත්‍රය නිකුත් කල දිනට පමණක් නෙවෙයි, ඊට පෙර කවදා ආනයනය කරලා තිබුණත් රේගු බදු වලින් නිදහස් කරලා. ප්‍රශ්නය එතැනින් ඉවර නෑ.

ගැසට් පත්‍රය නිකුත් කරන  ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත එන්නේ 2008 දී. CICT – Colombo International Container Terminals මේ රටේ මෙහෙයුම් කටයුතු සඳහා එකතු වෙන්නේ 2013 වසරේදී. අලුත් සමාගමක් නම් බදු සහනයක් ලබාදීම පිළිගන්න පුළුවන්

නමුත් 2013 දී ආව ,  මේ වන විට ලාභ ලබමින් මෙහෙයුම් කටයුතු සිදුකරන සමාගමකට මේ 100% රේගු බදු සහනයක් දෙන්නේ මොන පදනමින්ද ? දැන් ඊට පෙර මෙහෙයුම් ඇරඹු south asia gateway terminals වගේ සමාගම් වලටත් මේ සහනය දෙනවද

මේ නැතිවන රාජ්‍ය ආදායම නැවත ලබන්නේ කොහොමද? මේ ප්‍රශ්න වලට ආණ්ඩුව ජනතාවට  උත්තර දෙන්න ඕන. මේ බදු සහන ඉතාම සැකසහිතයි. system change කිව්වේ මේකටද? මේ වැරදි ක්‍රමවේද  නිසා වන්දි ගෙවන්න වෙන්නේ  අපේ අහිංසක ජනතාවට වගේම අනාගත පරම්පරාවට.

*පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න විසින් අද 07, පාර්ලිමේන්තුවේදී කරන ලද කතාව​

 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.