26 April, 2024

Blog

රාජ්‍ය නොවන සංවිධාන දඩයම කුමක් සඳහා ද?

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

මතක තියාගන්න. දෙමළුන් පරදා ලැබූ ජයග‍්‍රහණය කෙළවර වන්නේ සිංහලයන්ව ද පරාජය කිරීමෙනි. ජයග‍්‍රහණයේ අයිතිය තනි පවුලකට බැර වෙන තරමට, අවසානයේ පරාජයට පත්වන්නේ එම රටත්, ජනතාවත් ය. යුද ජයග‍්‍රහණයෙන් පසු, උතුරේ පමණක් නොව, දකුණේ ද ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශය හැකිලෙමින් ඇති ආකාරය ගැන නිකමට සිතා බලන්න. 17 වැනි සංශෝධනය කටුගා දැමීමෙන් ඔබට එය පටන් ගත හැක. අළුත්ම අදියර, රාජ්‍ය නොවන සංවිධාන දඩයමයි.

ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපාරය සම්බන්ධයෙන් කලක සිට චිත‍්‍රණය කොට ඇති කතාන්තරය එතරම් යහපත් නැත. එක් පැත්තකින්, රාජ්‍ය නොවන සංවිධාන අතලොස්සක ක‍්‍රියාකලාපයන් ඊට හේතු වී ඇතත්, වැඩිමනත් මේ නිෂේධාත්මක මතවාදය සමාජගත වුණේ, පාලක පැලැන්තියේ දේශපාලනික ව්‍යාපෘතියක මුක්කුවක් වශයෙනි. ඒ ප‍්‍රචාරක ව්‍යාපාරය කෙතෙක් සාර්ථක විණි ද යත්, ‘එන්.ජී. ඕ.’ කී පමණින් මිනිසුන් තුළ, විශේෂයෙන් දකුණේ මිනිසුන් තුළ යම් සැකයක්, විචිකිච්ඡුාවක් ඇති කරවන තරමට එය වර්ධනය විය. ඊළඟට, බටහිර ලෝකය සහ අධිරාජ්‍යවාදය සමග එම සංකල්පය සංකලනය කෙරුණි. ඒ ආකාරයෙන්, ජාතිකවාදී කථිකාව තුළ, ‘එන්.ජි. ඕ’ යන්න, ඉතා පහසුවෙන් පාලකයාගේ පාවිච්චියට ගත හැකි ප‍්‍රහාරාත්මක සහ දේශමාමක අවියක් බවට පත්විය. මේ ‘එන්.ජී. ඕ.’ කාරයන්, විදේශ කුමන්ත‍්‍රණයක් මේ රටේ දියත් කිරීමට කැසකවන පිරිසක් වශයෙන් සිංහල සමාජය තුළ හංවඩු ගැසිණ.

මේ ආවේගශීලී හැඟීම්බර ප‍්‍රවේශයෙන් ඉවත්ව, රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපාරය ගැන එළඹි සිහියෙන් යුතුව සළකා බැලූවොත් පෙනී යන එක් වැදගත් කාරණයක් තිබේ. එනම්, විශේෂයෙන් තුන්වැනි ලෝකයේ ඕනෑම රටක රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් ව්‍යාප්ත වන්නේ, එම රටේ රාජ්‍යයේ අසමත් භාවයට සමානුපාතිකව බවයි. රාජ්‍යයක් ස්වකීය ජනතාව සහ සමාජය කෙරෙහි වන තමන්ගේ යුතුකම් සහ වගකීම් ඉටු කිරීමට අසමත් වන තරමට, එම රටේ රාජ්‍ය නොවන සංවිධාන ජාලයක අවශ්‍යතාව ඉබේ මතුවන්නේය. උදාහරණයක් වශයෙන් ගතහොත්, යුද්ධය තුළ දී මෙන්ම, විශේෂයෙන් යුද්ධාවසානයෙන් පසුව, උතුරේ ජනතාව මුහුණදෙන ප‍්‍රශ්න රාශියකට පිළිසරණ වී ඇත්තේ ලංකාවේ රාජ්‍යය නොව, රාජ්‍ය නොවන සංවිධානයන් ය.

බටහිර දියුණු රටවල්වලත් රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාත්මක වෙයි. එහෙත්, එම රාජ්‍ය නොවන සංවිධාන සහ අපේ රාජ්‍ය නොවන සංවිධාන අතර මූලික වෙනසක් බොහෝ විට දැකිය හැකිය. උදාහරණයක් වශයෙන් ප‍්‍රංශය වැනි රටක් ගතහොත්, එරටේ ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් කටයුතු කරන්නේ, විශේෂිත ජන කොටස් සහ විශේෂිත අවස්ථාවන් මුල් කරගෙන බව පෙනේ. ස්ථිර වාසස්ථාන නැති මිනිසුන්ට ශීත කාලයේ නවාතැන් පහසුව සැළසීම, අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන සමාජ කොටස්වලට කෑමබීමාදිය සැපයීම, දේශපාලන සරණාගත අයිතිය පතා එම රටට තුන්වැනි ලෝකයෙන් පැමිණෙන මිනිසුන්ට අවශ්‍ය නීතිමය සහ භෞතික කළමනා සම්පාදනය කිරීම ආදී ‘ලෞකික’ ක්ෂණික අවශ්‍යතා ඒ අතරින් ප‍්‍රධාන ය.

එම රටේ මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන ජාලයක මැදිහත් වීමක් දකින්ට නැති තරම් ය. හේතුව, තුන්වැනි ලෝකයේ එවැනි කටයුතු ගැන ඇඟිල්ල දිගු කරමින් තමන්ගේ රටේ එම ප‍්‍රශ්න ගැන ඇස්කන් පියාගෙන සිටීමක් නොව, ඇත්ත වශයෙන්ම, එවැනි ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් එම රටට අවශ්‍ය නොකරන බැවිනි. යම් මානව හිිමිකම් උල්ලංඝණයක් සිදුවෙතොත් ඒ ගැන නිසි පියවර ගැනීමේ රාජ්‍ය යාන්ත‍්‍රණයක්ම එම රටේ ක‍්‍රියාත්මක වෙයි. එසේම, අධිකරණයේ සහ නීතියේ ස්වාධීනත්වය සහ ආධිපත්‍යය පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් එම රටවලට අවශ්‍ය කරන්නේ නැත. මන්ද යත්, සාමාන්‍ය පුරවැසියාගේ සිට ජනාධිපතිවරයා දක්වා සිදුවන ඕනෑම නීති උල්ලංඝණයක් ගැන කටයුතු කිරීමට තරම් ශක්තිමත් ස්වාධීන අධිකරණ සහ නීති පද්ධතියක් ඒ රටවල ඇති නිසා ය. පසුගිය කාලයේ ප‍්‍රංශයේ බලවත්ව සිටි ජනාධිපතිවරුන් දෙදෙනෙකුම පසුගිය දා අධිකරණය ඉදිරියට, රටේ පවතින නීතිය මගින්ම ගෙන එන ලදි. තවත් ප‍්‍රධාන පෙළේ පක්ෂයක ලේකම්වරයෙකු (මොහු ඊළඟට ප‍්‍රංශයේ ජනාධිපති වීමට ද සුදුසුකම් ඇතිව සිටි අයෙකි)  සිල්ලර ගනයේ දූෂණ චෝදනාවක් අධිකරණය ඉදිරියේ ගොනු කෙරුණු විට තම තනතුරෙන් ඉල්ලා අස්වූයේය.

තේරුම් ගැනීමේ පහසුව සඳහා ඉහත කී කාර්යයන්, සමාජයක ‘ලෝකෝත්තර අවශ්‍යතා’ වශයෙන් ද, ඊට කලින් කී කාර්යයන් සමාජයක ‘ලෞකික අවශ්‍යතා’ වශයෙන් ද දැක්වීම යෙහෙකි. ‘සර්වෝදය’ ව්‍යාපාරය, ලෞකික අවශ්‍යතා සඳහා මේ රටේ ඇති වූ ප‍්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධානයක් වශයෙන් හඳුනාගත හැකිය. ‘සර්වෝදයෙන්’ අපේක්ෂිත සමාජ කාර්ය භාරයට එහා යන අවශ්‍යතා රාශියක් පසුගිය කාලයේ පෙළගැසුණි. පාරවල් පිලිසකර කිරීම, සාක්ෂරතා ව්‍යාපාර සහ වෙනත් ප‍්‍රාදේශීය අවශ්‍යතාවන්ගෙන් එහාට ප‍්‍රශ්න දිග් ගැස්සෙන තරමට ලංකාවේ සමාජයත්, සමාජ අවශ්‍යතාවනුත් සංකීර්ණ වුණේය. එහි දී, ‘ලෞකික අවශ්‍යතා’ පරයමින්, ‘ලෝකෝත්තර අවශ්‍යතා’ පෙරට ආවේය.

අද ලංකාවේ මිනිසුන්ගේ ආර්ථික අවශ්‍යතා ඉටු කර දීමට රාජ්‍ය දක්වන අසමත් භාවයට වඩා කැපී පෙනෙන්නේ, මේ රටේ සකල පුරවැසියන්ට, ආසන්න වශයෙනුත් දීර්ඝ කාලීන වශයෙනුත්, මුහුණදීමට සිදුව ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අහේනියයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අහේනිය යන්නෙන් අදහස් වන්නේ, හුදෙක් නිසි කලට මැතිවරණ නොපැවැත්වීමක් හෝ පාර්ලිමේන්තුව රැුස් නොවීමක් වැනි මහගුණාකාර දේවල්ම නොවේ. කටුනායක සේවකයන් තමන්ගේ සේවාදායක අරමුදල් ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටි විට වෙඩි තබා ඝාතනය කිරීම, රතුපස්වල මිනිසුන් පිරිසුදු වතුර ඉල්ලූ විට වෙඩි තබා ඝාතනය කිරීම, එසේ ඝාතනය කිරීමට වගකිවයුතු හමුදා නිලධාරීන් තානාපති තනතුරුවලට උසස් කිරීම, අගවිනිසුරුවරිය බලහත්කාරයෙන් පන්නා දැමීම, දේශපාලනික අන්තේවාසිකයන් අධිකරණයට පත්කිරීම, අළුත්ගම ඇතුළු තවත් නොයෙකුත් තැන්වල ප‍්‍රචණ්ඩකාරී තත්වයන් ඉදිරියේ පොලීසිය නිශ්ශ්බ්දව සිටීම, මිනීමරුවන් නීතියෙන් නිදහස් කොට ගෙදර යැවීම, ආණ්ඩුවේ හෙංචයියන්ට නීතිය ක‍්‍රියාත්මක නොකිරීම සහ ආණ්ඩු විවේචකයන්ට නීතියට උඩිනුත් දඬුවම් කිරීම ආදී අනේකාකාර කි‍්‍රයාවන් ඊට ඇතුළත් වෙයි.

රාජ්‍යය යන ආයතනයම මෙසේ දූෂිතව සහ අවනීතිකව හැසිරෙන විට සහ ඒ හේතුවෙන් ජනතා අයිතීන් දිනෙන් දින පෑගෙන විට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා විපක්ෂයක ක‍්‍රියාකාරීත්වය පමණක් රටකට ප‍්‍රමාණවත් වන්නේ නැත. වෙනත් සිවිල් බලවේග ද එම අරගලයට දායක විය යුතුය. උතුරේ අවතැන් වූවන්ට සරණ වන ආකාරයෙන්ම, රටේ යහපාලනය සඳහා මැදිහත් වීමක් ද රාජ්‍ය නොවන සංවිධානවලින් ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටක දී බලාපොරොත්තු වන්නේ එකී අවශ්‍යතාව පෙරදැරිවයි. එහෙත් රාජපක්ෂ පාලනයට අවශ්‍ය කරන්නේ, වර්තමාන විපක්ෂය මෙල්ල කරගෙන ඇති ආකාරයට අනෙක් සිවිල් ව්‍යාපාරයන් ද හීලෑ කර ගැනීමයි. රාජ්‍ය නොවන සංවිධානවලට එරෙහිව ගෙන ඒමට නියමිත අණපනත්වල සැබෑ අර්ථය එයම මිස වෙන කිසිවක් නොවේ.

උදාහරණයක් වශයෙන්, රාජ්‍ය නොවන සංවිධාන නොකළ යුතු යැයි රාජපක්ෂ පාලනය සිතන කරුණු කිහිපයක් සැළකිල්ලට ගන්න. මාධ්‍යවේදීන් පුහුණු කිරීම ඔවුන්ට තහනම් ය. පුවත්පත් සාකච්ඡුා තැබීම ඔවුන්ට තහනම් ය. ප‍්‍රවෘත්ති ප‍්‍රකාශ නිකුත් කිරීම ඔවුන්ට තහනම් ය. මේ කියන සියලූ කාරණා, මේ රටේ ඕනෑම පුරවැසියෙකුට හෝ පුරවැසි සංවිධානයකට අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවෙන්ම සැපයෙන මූලික අයිතීන් ය. ඒවා තහනම් කිරීම යනු, අයිතියක් උදුරා ගැනීමට අමතරව, රටේ නිවැරදි චිත‍්‍රය ජනතාවට සම්පේ‍්‍රෂණය වීමේ අවස්ථාව ඇවිරීමකි. ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ මේ රජය විසින් ජනතාවට නොදෙන්නේ යම් සේ ද, රාජ්‍ය අවභාවිතයන් පිළිබඳ සැබෑ තොරතුරු මේ කියන රාජ්‍ය නොවන සංවිධානවල ක‍්‍රියාකාරීත්වය හරහා ජනතාවට දැන ගැනීමට සැලැස්වීම වැළැක්වීමත් මේ ආණ්ඩුවේ පරමාර්ථය වන බව පැහැදිළි ය. මාධ්‍යවේදීන් පුහුණු කිරීම කවුරුන් කළත්, එය ‘පාපයක්’ වන්නේ කෙසේද? සිළුමිණ හෝ දිනමිණ මාධ්‍යවේදියාගේ මාධ්‍ය භාවිතය ඒ මගින් නිරාවරණය වීම හරහා රාජපක්ෂ පවුල් ව්‍යාපෘතියට එය පහරක් විය හැකි බැවිනි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    2

    බටහිර රටවල රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියා සාධාරනීකරණය කිරීමට වියන්ගොඩ අපූරු උදාහරන ගෙනෙයි. ඔහුට අනුව, එම රටවල එන්ජීඕ මැදිහත්වීමක් දකින්ට නැත්තේ එම රටවල් හැම පැත්තෙන්ම සර්වසාධාරණ නිසාය. [Edited out] වියන්ගොඩ කියන්නේ “පසුගිය කාලයේ ප‍්‍රංශයේ බලවත්ව සිටි ජනාධිපතිවරුන් දෙදෙනෙකුම පසුගිය දා අධිකරණය ඉදිරියට ගෙන එන ලද නිසා” එරටේ සියල්ල සාධාරනව කෙරෙන බවයි.

    එනිසාම අසාධාරනයන් ගැන සොයා බැලීමට රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් එම රටවලට අවශ්‍ය කරන්නේ නැති බවත් වියන්ගොඩ කියයි. අපි මුස්ලිම් බිල්ලාට හලාල්වලට මුස්ලිම් අන්තවාදයට අැගිල්ල දික්කලත් ලංකාවේ එන්ජීඕකාරයෝ නොනවත්වා උඩපැන්නේය. නමුත් ප්‍රන්සයේ මුසල්මන් ගැහැනුන්ට නම් දැන් කාලයක සිට ඔලුවට රෙදිකෑල්ලක් දමන්නත් නීතියෙන් තහනම් කොරලාය. ප්‍රන්ස ඡනාධිපතිත් බිරිතානි අගමැතිත් අනෙක් EU රටවල ලොක්කෙත් මුසල්මනයන්ට කීවේ අැසිමිලේට් වෙන්න කියාය. නමුත් ප්‍රන්ස එන්ජීඕකාරයාටනම් එ්වා සාධාරණ ඉල්ලීම්ය, නීතිය. එනිසාම ප්‍රන්ස එන්ජීඕකාරයෝ බරටම සමාඡසේවා වැඩය.

    බටහිරයන් කලු සුදුකර හෝ සුදු කලුකර පෙන්වා තමන්ට අවශ්‍යෙ දේ කරගනී. උන් එදත් එහෙමය අදත් එහෙමය. ඉරාකයේ නැති රසායනික අවි අැතිබව පෙන්වා එ්වා සෙවීමටයයි කියා යුද්ධය ගෙනැවිත් එරට නන්තාර කර ලංකාවේ 30 වසරක යුද්ධයේදී මෙන් දහගුනයකටත් වැඩි ලමයින් ගැහැනුන් ගනනක් වසර කිහිපයකදී මරාදැම්මේය. නමුත් සොයාගත් රසානික අවියක් නම් නැත.

    බටහිර ගැති පිල්ලේ කලේ අෑනුමක් දෙකක් අැරියා පමනි. කවුරුවත් කිසිම පරීක්ෂණයක් ඉල්ලුවේ නැත. UNHRCවල සාකච්චා කලෙත් නැත. බිරිතානියේ චිල්කොට් කලයි කියන පරීක්ෂණයේ වාර්ථාව දැන් වසර ගනනක සිට කාපට්එකයට හංගලාය. බොරුකියා යුද්ධය ගෙනැවිත් මිනීමැරූ යුධඅපරාධකරුවෝ යහතින් වැඡබෙති.

    බටහිර රටවල සිටින එන්ජීඕකාරයන්ට එවැනි මිනිමැරැම්වල සහ යුද්ධවල කිසිම වැරැද්දක් පෙනෙන්නේ නැත. බටහිර රටවල සිටින එන්ජීඕකාරයින්ට එ් කිසිවක් අසාධාරණකම් නොවේ. අරාබියන් කොපමන මලත් අැෆ්ගන්වැසියන්ට කෙපමන ඩ්‍රෝන් ප්‍රහාර ගැහුවත් මැරුවත් ඔවුන් වගේ වගක් නැතුවාසේ සිටී.
    අැමරිකන් එන්ජීඕකාරයෝ කෑම මිලට ගන්නට බැරි දුප්පතුන්ට සුප් දන්සැල් පවත්වයි. බිරිතානියේ එන්ජීඕකාරයා් නම් සුපර්මාකට්වල දිනපනින කෑම එකතුකර නැතිබැරි එවුන්ට බෙදාදෙයි. ප්‍රන්සයේ එන්ජීඕකාරයා් ඉන්නට හිටින්නට තැන් නැති සරනාගතයන්ට හිසට වහලක් හොයා දෙයි.

    ශ්‍රි ලංකාවේ සර්ව සම්පූර්ණ ප්‍රඡාතන්ත්‍රවාදයක් හෝ නිදහසක් නැත බව අැත්තය. ඉතින් එ්වා ගැන කතාකරන්න තමයි අපට විපක්ෂයක් තියෙන්නේ. විපක්ෂය ඔවුන්ගේ කාරිය කලයුතුය. විපක්ෂය බටහිරයන්ව බදාගෙන අැති නිසා තමයි විපක්ෂය හැමදාම චන්දෙන් පරදින්නේ. විපක්ෂයේ කාර්යබාරය බටහිරයන්ට බදාගැනීමට කිසිම අයිතියක් නැත. බටහිරයන්ගේ රූකඩවන එන්ජීඕවලට විපක්ෂයේ කාර්යබාරය කරගහගැනීමට අයිතියක්ද නැත. අැයි ලංකාවේ එන්ජීඕවලට අර බටහිර උන් වගේ සුප් දන්සැලක්වත් දෙන්න බැරි?

    ශ්‍රි ලංකාවේ ක්‍රියාවලිය, නිදහස සහ ප්‍රඡාතන්ත්‍රවාදය සංසන්දනය කලයුත්තේ ශ්‍රි ලංකාව මෙන් විසිගුනයක් පොහොසත් නොර්වේ වැනි බටහිර රටවල් වල ක්‍රියාවලිය සමග නොව අප රටට සමාන රටවල් සමග බව ලංකාවේ ඡීවත්වන මිනිසුන් දනී. වියන්ගොඩලා කියන ප්‍රඡාතන්ත්‍රවාදය සහ නිදහස කොයි රටේද තියෙන්නේ කියා ඔහු අපට කිවයුතුයි.

    ශ්‍රි ලංකාවේ බහුතරය කනුන් හෝ බිහිරන් හෝ නොවේ. බටහිරයන් ලංකාවට අැගිල්ල දික්කරන්නේ කුමක් ගැනද ලංකාවේ එන්ජීඕකාරයනුත් එ්කම කරන බවත් ඔවුන් දනී. ශ්‍රි ලංකාවේ අමාරුවෙන් ඡීවත්වන අනේක විධි දුප්පත් මිනිසුන්ගේ කිසිම ප්‍රශ්ණයක් ලංකාවේ එන්ජීඕකාරයින්ටනම් ප්‍රශ්ණ නොවන බව ශ්‍රි ලංකාවේ බහුතරය හොදටම දනී. ඔික තමයි ශ්‍රි ලංකාවේ අපට එන්ජීඕකාරයන් වහකදුරුවෙලා තියෙන්නේ. එන්ජීඕ වලින් ඡීවත්වන්නන්ට ඔීවාතෙරෙන්නේ නැහැ.

  • 0
    0

    dear banda,your ideology is the prevalent idea in sri lanka, however, i disagree with your points and agree with mr. viyangoda, most lankans are fools, who struggle to pass gee ol exam, mathematics, its a fact , not fantasy. for them, some concepts are alien, that includes human rights and democracy as well as good governance. i am sick and tired of people like you, why do not go and kiss gota’s [Edited out]

  • 1
    0

    බන්‍‍ඩා ‍නි‍කං‍ ‍ඇත්‍‍ත ‍ව‍ගේ ‍කෙ‍ලි‍න ‍ප‍ච ‍ව‍ල‍ට ‍ම‍ට ‍‍නං‍ ‍පැ‍ලෙ‍න්‍‍න හි‍නා…. ‍ ‍‍ඔ‍යා ‍නං‍ ‍එ‍ල‍ම එ‍ල‍යි ‍බං‍‍ඩා! ‍වි‍මල්‍‍‍ට‍යි මර්‍වින්‍‍ට‍යි “‍හා‍යි” ‍කිව්‍‍වා ‍කි‍යන්‍‍ඩ ‍හොඳේ‍!” ‍හික්‍… ‍හික්‍… ‍හික්‍…!!!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.