ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය.
වෙසක් පුර පසළොස්වක දවස බෞද්ධයාට තෙමගුලකි. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය එදාට සැමරේ. මෙම අවස්ථා ත‍්‍රිත්වයම බෞද්ධයා තුළ දනවන්නේ ශාන්තියකි, සිසිලසකි. ගින්දර එහි ප‍්‍රතිපක්ෂයයි. සිවුරක් පොරවාගෙන සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන නැමැති පුද්ගලයෙක් එම දවසේ සිරුරට ගිනි තියාගත්තේය. එසේ කෙළේ, ලංකාවේ සිංහල-බෞද්ධයාගේ අතිපූජණීය දළදා මැදුර අභියස ය. ඒ මගින් ඔහු කෙළේ, නිර්මල බුද්ධත්වයේ ශාන්තිය සහ සිසිලසත්, සිංහල-බෞද්ධයාගේ ඓතිහාසික වන්දනීයත්වයත් එක විට කෙළසීමයි. මෙය, වීරත්වයක් හෝ පූජණීයත්වයක් වශයෙන් කෙනෙකු සළකන්නේ නම්, ඔහු හෝ ඇය මේ මියගිය පුද්ගලයාට වඩා බිහිසුණු ය. සටකපට ය. අබෞද්ධ ය. මන්ද යත්, ගිනි තබාගෙන මියගිය තැනැත්තාගේ දඩබ්බර මුග්ධත්වයට අමතරව ඔහුව සමරන්නා තුළ භයානක අවස්ථාවාදයක් ද රජයන බැවිනි.
සිංහල-බුද්ධාගමේ මූලික ස්වභාවය වන්නේ, බුදුන්ගේ ධර්මය පරයා, ජාතිය/ගෝත‍්‍රය අධිනිශ්චය වීමයි. එහි දී ජාතිය බැබළවීමට බුද්ධාගමට ගිනි තැබෙයි. ඉන්ද්‍රරතන නැමැති මෙම පුද්ගලයාගේ මළකඳ වටා කපුටු රැලක් සේ රොදබඳින දේශපාලඥයන් දැන් කලක සිට නිරත වන්නේ එම කාර්යයේ ය.
ආගමේ අනුහසින් දේශපාලන බලය රස විඳීම බුද්ධාගමට පමණක් සීමා වන සත්තාවක් නොවේ. අනිත් ආගම් ද ඉතිහාසයේ හරි අපූරුවට එම භූමිකාවට උරදී තිබේ. එහෙත්, අවිහිංසාව මතම පදනම් වන බුද්ධාගම වැනි ආගමක්, හිංසාව විෂය කරගත් බල ලෝභය සඳහා දෛනික මට්ටමෙන් ඔට්ටුවට තැබෙන විට, එම ආගමේ වාටියවත් අවසානයේ දී ඉතිරි වෙතැ යි සිතිය නොහැක. ගංගොඩවල සෝම හිමියන්ගෙන් මෑත කාලයේ පටන්ගෙන, ජයග‍්‍රාහී යුද්ධයක සම්මාදමෙන් ගොඩනැගුණු නූතන සිංහල-බුද්ධාගම තුළ බුදුන් වහන්සේව ඝාතනය කෙරෙන්නේ, වෙඩි උණ්ඩයක් හෝ බෝම්බයක් වැනි ක්ෂණික හිටිවන අවියකින් නොව, ගිය සතියේ ලන්ඩන් නුවර ප‍්‍රධාන වීදියක දී බි‍්‍රතාන්‍ය ජාතික හමුදා සොල්දාදුවෙකුව මහ දවල් කැති පිහිවලින් කෑලි කෑලි කපා ඝාතනය කළ ආකාරයෙනි. එම ඝාතකයන් දෙදෙනා අතේ පිස්තෝලයක් ද තිබුණි. එහෙත් ඝාතනය සඳහා ඔවුන් පාවිච්චි කෙළේ, එම පහසු අවිය නොව, ප‍්‍රචණ්ඩත්වය උත්කර්ෂවත් කෙරෙන පරිදි උපරිමයෙන් ලේ වෑහෙන උල් ආයුධයි. බුදුන් වහන්සේගේ ධර්මය අද ලංකාවේ ඝාතනය කෙරෙමින් තිබෙන්නේ ද එයාකාරයෙනි.
මෑතක සිට පාරතොටේ හමුවන බොහෝ තරුණ භික්ෂූන් වහන්සේලාගේ මුහුණුවල ස්වරූපය, අප කුඩා කල දුටු භික්ෂූන් වහන්සේලාගේ පහන් සංයමයට අහලකින්වත් මායිම් නොවන ස්වභාවයකැ යි අපට සිතී ඇති වාර අනන්තයි. රට රාජ්‍යයන් ජයගත් චණ්ඩාශෝක අධිරාජයා දවසක් උදේ මාළිගාව ඉදිරිපිට පාරේ වඩින කුඩා නිග්‍රෝධ හිමි නමගේ සන්සුන් විලාසයෙන් සැදී පැහැදී ධර්මාශෝක වූ පුවත අප අසා ඇත. පසුගිය කාලයේ, බොදුබල සේනා, සිංහල රාවය සහ රාවණා බලය වැනි අන්තවාදී උමතු ව්‍යාපාර හරහා විටින් විට වීදි බැස්සවූ පුංචි සාමනේර හිමිවරුන්ගේ පවා මුහුණුවල තිබූ ප‍්‍රචණ්ඩත්වය කෙනෙකු බිය ගන්වන තරම් ය. බෝවත්තේ ඉන්ද්‍රරතන නැමැති පුද්ගලයාගේ ගිනි පූජාව එම වර්ධනයේ එක් සන්ධිස්ථානයකි.
මොහු කවුද? ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඔහු නීතියට කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකි. කලක් ජාතික හෙළ උරුමයේ පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු වශයෙන් සිට පසුව විනය හේතු මත එම පක්ෂයෙන් නෙරපන ලද පුද්ගලයෙකි. මුස්ලිම් පල්ලියකට පහර දෙන අවස්ථාවක දී ප‍්‍රසිද්ධියේ සිවුර ගලවා පපුව නිරුවත් කොට පෙන්වමින් මදාවියෙකු සේ හැසිරෙන ඔහුගේ පින්තූරයක් එක් වෙබ් අඩවියක පළවී තිබේ. ඊට අමතරව, කතෝලික පල්ලියකට පහර දීමේ සිදුවීමකට ද ඔහු සම්බන්ධ ය. තවද, වීරකැටිය පොලිස් ස්ථානයට පහර දීමේ සිද්ධියකටත් මොහු ගෑවී තිබේ. ‘ආගම සහ ජාතිය’ වෙනුවෙන් එසේ ‘වීරකම්’ පෑමට අමතරව, සමෘද්ධි රැකියා දෙන බවට පොරොන්දු වී අසරණයන්ගෙන් වංචනික ලෙසින් මුදල් එක්රැස් කරගෙන එම පළාතෙන් පළා ගිය අයෙකු බව ද, තවත් වාර්තාවකින් කියැවෙයි. කොටින්ම, දිවිනසා ගැනීමට දින තුනකට පෙර එකී වැරදිවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, වලස්මුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් මේ පුද්ගලයාට එරෙහිව වරෙන්තුවක් නිකුත් කොට තිබීමෙන් පෙනී යන්නේ, මොහු බෞද්ධ භික්ෂුවක් සේ සැළකීම කෙසේ වෙතත්, බෞද්ධ පන්සලක් අසළකටවත් වැද්දගත යුතු නැති පුද්ගලයෙකුගේ චර්යාවකට නොමසුරුව සම්මාදම්ව සිටි බවයි.
විනය හේතු මත ඔහුව පක්ෂයෙන් පන්නා දැමූ ජාතික හෙළ උරුමයම, සත්ව පැවැත්මේ අතිමූලික ප‍්‍රාථමික විනය පවා කඩකරමින් ගිනි තබාගෙන මියගිය ඔහුගේ මිනිය වීරත්වයෙන් දැකීම තුළ ඇති දේශපාලනය වටහාගත යුතුව තිබේ. යුද ජයග‍්‍රහණයට පෙර සිටි ජාතික හෙළ උරුමය සහ යුද්ධයෙන් පසු ජාතික හෙළ උරුමය අතර වෙනස පැහැදිළිව හඳුනා ගැනීම එහි දී වැදගත් ය. යුද්ධයට පෙර මේ රටේ සිංහල-බෞද්ධ කම ජාතික හෙළ උරුමයේ ඒකාධිකාරී සන්තකයක් විය. එහෙත් යුද ජයග‍්‍රහණයෙන් පසු, ඊට හිමිකම් පාන්නෝ බොහොමයකි. එම තරගය තුළ, ‘සිංහල-බෞද්ධ’ දේශපාලනය සඳහා ඉස්සරටත් වඩා බුද්ධාගම කෙළෙසිය යුතුව තිබේ.
බොදුබල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පුවත්පතකට දෙන ලද සම්මුඛ සාකච්ඡුාවක දී, ඇපල් මුද්දරප්පලම් පිටරටින් ගෙන්වන්නා සේ හරක් මස් ද පිටරටින් ගෙන්විය නොහැක්කේ මන්දැ යි ප‍්‍රශ්න කරයි. ගව ඝාතනය තහනම් කිරීම, අර ගිනි තබාගෙන මියගිය පුද්ගලයාගේ එක ඉල්ලීමකි. දැන් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ දේශනාවට අනුව, ලංකාවේ සිංහල-බෞද්ධ ගවයාගේ මස් වෙනුවට බටහිර කිතුණු ගවයාගේ මස් අනුභවය, පාණාතිපාතා වේරමණී ශික්ෂා පදයට ගෑවෙන්නේ නැත. ලාංකීය හරකාගේ ජීවිතය තරම් විදේශීය හරකාගේ ජීවිතය වටින්නේ නැත. මේ ස්ථාවරය, හුදෙක් ‘අබෞද්ධ’ යන වචනයෙන් හැඳින්වීම, ඔවුන්ගේ වර්තමාන දේශපාලනය විසින් මේ රටට කරනු ලබන විනාශය අඩුවෙන් තක්සේරු කිරීමකි. (මෙවැන්නන් අබෞද්ධ වන බව අමුතුවෙන් කිව යුතු නැත).
මාළු කෑමෙන් වළකින්නැ යි මොවුන් කිසිවෙකු කිසි දවසක කියනු අප අසා නැති බව මොහොතකට පැත්තකින් තියමු. ඒත්, ඌරු මස් කෑමෙන් වළකින්නැ යි මේ තරම් හයියෙන් ඔවුන් කෑ නොගසන්නේ ඇයි? එසේ කළොත් ඉස්ලාම් ආගමිකයා සමග අනන්‍ය වීමට සිදුවන බැවිනි. අනිත් අතට, ලංකාවේ ගවමස් කර්මාන්තයේ බලය හොබවන්නේ මුස්ලිම් ප‍්‍රජාවයි. ව්‍යාපාරික පදනමකින් කෙරෙන ගව ඝාතනය සහ වෙළඳාම බොහෝ විට පවතින්නේ ඔවුන්ගේ අතේ ය. මේ මොහොතේ මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව ගෙන යන ව්‍යාපාරය තුළ, ගව ඝාතනය තහනම් කැරැවීම යනු, ඒ අනුව, ඊනියා ගව-පේ‍්‍රමයට අමතරව, මුස්ලිම් ප‍්‍රජාවේ එක් ආර්ථික පදනමකට ද අභියෝග කිරීමකි. පිටරටින් හරක් මස් ගෙන්වා වැළඳීම මේ භික්ෂුවට ප‍්‍රශ්නයක් නොවන්නේ එබැවිනි.
මේ ගිනි තබා ගැනීම කල්තියා සැලසුම් කරන ලද්දක් බව දැන් හෙළිවී තිබේ. දහස් ගණන් මිනිස් ජීවිත විනාශ කෙරෙන යුද්ධයට එරෙහිව වචනයක් නොකියන මෙවැනි භික්ෂූන්, තමාගේ ජීවිතයට වඩා හරකෙකුගේ ජීවිතයක වටිනාකමක් ඇතැ යි සිතීම ගැන අපට ප‍්‍රශ්නයක් නැත. බුදුන්ගේ ධර්මය සකල සත්වයාගෙන් ගලවාගෙන සිංහලයාගේ තනි බූදලයක් කරගන්නා තරමට, එවැනි සාසනික සිතිවිලි පහළ වීම අස්වාභාවික නැති බැවිනි. එහෙත් එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මුළු රටක්ම අගතියට පත්වන්නේ නම්, ජාතීන් අතර අසමගිය තව තවත් වැපිරෙන්නේ නම්, ඒ ගැන සැබෑ බෞද්ධයා නිහඩව සිටිය යුතු ද? දේශපාලනය කරට ගත් සංඝයා වහන්සේලා මෙසේ හැසිරෙන විට ගිහියන් ද ඊට නොදෙවැනිව නටති. මේ පුද්ගලයාගේ සිරුර දැවී යන සැටි, ‘රියැලිටි ෂෝ’ ක‍්‍රමයට කැමරාවට හසු කර ගැනීමෙන් ස්වකීය ‘වෘත්තීය’ අනාගතය සරිකර ගත හැකි යැයි සිතූ ‘මාධ්‍යවේදියා’ ඊට හොඳම නිදසුනකි. මිනිස් ජීවිතයක විනාශය වළක්වා ගනු වෙනුවට ඔහුට වැදගත් වුණේ, එය විනාශ වන ආකාරය රූපගත කිරීමෙන්, මාධ්‍ය ඔස්තාද් කෙනෙකු වීමටයි. ඔහු හින්දු, ඉස්ලාම් හෝ කිතුණුවෙකු නොව, සිංහල-බෞද්ධයෙකි.
ඔබට, සිංහලයෙකු විය හැකිය. එසේම, බෞද්ධයෙකු ද විය හැකිය. එහෙත්, ඔබට සිංහල-බෞද්ධයෙකු විය නොහැකිය. මන්ද යත්, ගෞතම බුදුන් වහන්සේව එවිට ඔබට මගහැරෙන බැවිනි.
Abu Mukarram / May 31, 2013
මුස්ලිම්වරුන්ට වන ඉමහත් හා නො නිමි කෙනෙහිලිකම් මධ්‍යයේ වුවද, බෞද්ධයා පිලිබඳ තරහක් ඇති නොවන්නේ මෙම ලියුම් කරු මෙන් අදහස් ඇති බෞද්ධයෝ බොහෝ සිටින නිසාය . වියන්ගොඩ මහතාණෙනි, ඔබගේ මෙම ලිපිය මගින් සමාජයට ඉමහත් මෙහෙවරක් සිදු වේ. ඔබට ජය.
/
Singhe / May 31, 2013
ane aththada godak kenehelikam wenawada paw babo oya..sinhalayo umbalata kade yana lankawe maadyakarayo wage napunsakayo neweyi yako…nikan patta pal boru daanna epa methana
/
Abu Mukarram / June 2, 2013
ඔබේ කොමෙන්ට් ඒකත් එක්තරා විදිහේ කෙනෙහිලිකමක් තමයි, සිංහ
/
Skievo / June 4, 2013
Kuragalin palako…!
/
හෙනහුරා / May 31, 2013
//ඔබට, සිංහලයෙකු විය හැකිය. එසේම, බෞද්ධයෙකු ද විය හැකිය. එහෙත්, ඔබට සිංහල-බෞද්ධයෙකු විය නොහැකිය.//
සිංහල බෞද්ධයා යනු සඟරාවකි. එසේ සත්ව කොට්ඨාශයක් නැත.
මම මනුෂ්‍යයෙකි. සිංහල මනුෂ්‍යයෙකි. බෞද්ධ සිංහල මනුෂ්‍යයෙකි. මා වර්ගීකරණය වන්නේ එලෙසයි.
බෞද්ධ ඉගැන්වීම අනුව විග්‍රහ කරනවානම්, මගේ පූර්ව ජන්මයේ මරණය සිදු වන අවස්ථාවේදී මා විසින් එක් රැස් කර තිබුනු යම් හෝ කුසලයක් නිසා මගේ වර්තමාන ජන්මය මනුෂ්‍යාත්මයක් විය යුතුයැයි තීරණය වී තිබේ. ඊ ළඟට සිංහල දෙමව්පියනට දාව ඉපදීමට මගේ කර්ම ශක්තිය උපකාරී වී ඇත. මා ඉපදීමෙන් අනතුරුව බෞද්ධයකු වීමට පාරිසරික, ජානමය හා ආත්මීය හේතු බල පා තිබෙන බව පැහැදිළි වේ.
මා සිංහල බෞද්ධ හරකෙක් නොවූයේ එබැවිනි.
/
TT / May 31, 2013
මෙතන ඉස්මතුවෙන්නේ පැහැදිලි බොදු බල සේනාවට සහ හෙලුරුමය කෙරෙහි ඇති විරෝදයි, ඒවගේ වැරදි හොයන ඔබ තුමන්ලා එවන් වූ වැරදි නැටි සර්ව සම්පුර්ණ සන්විදනයක් සදා නිවැරදි ක්‍රියා මාර්ග මතුව ඇති ගැටළු විසදන්න ගන්නවානම් වැඩ හොදි. ම අට පෙනෙන ආකාරයට ඔවුන් කුමන හෝ දෙයක් කරන අතැර ඔබල ඔවුන්ගේ වැරදි සොයමින් ලිය ඔබගේ බදගොස්ටරය සොයාගනිමි සිදු කරන්නේ. ඒවගේ වැරදි සොයන වෙලාවේ වැඩ නිවැරදි දෙයක් ක්‍රියාවෙන් සිදු කරනම් වැඩ හොදය .
බොහෝ සිංහලයන්ට අමටකව ඇට්ටි දෙය නම් අංක එක රට අංක දෙක ජාතිය අංක තුන ආගම බවය. මුලින් රටක් තිබිය යුතුය, රට රකුනට පසු ජාතිය වශයෙන් රැකියා යුතුය ඉන් පසුවය ආගම පැමිණෙන්නේ . ම දන්නා ටරමින් බුදුන් වහන්සේගේ උපදේශයකි එය. පැරැන්නන් අතැර තිබු රට , ජාතිය, ආගම යන සංකල්පය නුතන රදිකල්‍යි කියාගන්න මිශ්‍ර සිංහලයන්ට මටක නැත. ජාතියක් වශයෙන් ප්‍රශ්න පන නැගී බොහෝ අවස්තාවල සන්ගරත්නය එම ප්‍රශ්න වලට මැදිහත් විය.
ටිබෙට් ජාතික මහින්ද හිමියන් අපේ සිංහලයන් අවදි කිරීමට කවි ලීව. නුතන පණ්ඩිතයන්ට අනුව උන් වහන්සී අද හිටියනම් මොනවා නොකියවිද?
/
sunil / May 31, 2013
ඉතාම වටිනා ලිපියක්.ගාමිණි මහතා මෙන්ම මේ රටේ සර්ව ආගමික සහ නිර්-ආගමික සහජීවනය සහ නිදහස වෙනුවෙන් කතා කරපු,උත්සහ කරපු ගොඩක් දෙනෙක් මා දුටුවේ මෙම ආගම් ප්‍රශ්නයක් රටේ ඇති වුවයෙන් පසුවය.අපේ රටේ නිදහස් මත ධාරීන් මෙතරම් වෙසීම ගැන අවන්කවම සතුටු සහ ආඩම්බර වෙමි.
/
Halmassa / May 31, 2013
ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය.
Koheda buddagame ehema thiyenne ?
hamuduruwarunta Mas waladana eka thahanam karanna kiyala Buduhamuduruwangen Dewdath illa sitiya.
Budu Hamuduruwo eeka Prathikshepa kala.
Ekai Sangabedeta eka hethuwak une.
Eken Dewdath
“Aananthareeya Maha Akusalayak” kara gattha.
Budu dahamae Kisima Masak Maluwak kaawata kisi aulak naa.
Dan mun kiyanawa wena banak.
Umbalage diwe eta nathi nisa hodai. One patthakata harenawa ne.
Halmassa.
/
Lion / June 1, 2013
Halmasso Me kiyala thiyna deta obata isthuthi
/
TT / May 31, 2013
මෙතන ඉස්මතුවෙන්නේ පැහැදිලි බොදු බල සේනාවට සහ හෙලුරුමය කෙරෙහි ඇති විරෝදයි, ඒවගේ වැරදි හොයන ඔබ තුමන්ලා එවන් වූ වැරදි නැති සර්ව සම්පුර්ණ සන්විදානයක් සදා නිවැරදි ක්‍රියා මාර්ග මතුව ඇති ගැටළු විසදන්න ගන්නවානම් වඩා හොදය. මට පෙනෙන ආකාරයට ඔවුන් කුමන හෝ දෙයක් කරන අතර ඔබලා ඔවුන්ගේ වැරදි සොයමින් ලිපි ලියමින් ඔබගේ බඩ ගොස්තරය සොයාගැනීම සිදු කරන්නේය . ඒවගේ වැරදි සොයන වෙලාවේ වඩා නිවැරදි දෙයක් ක්‍රියාවෙන් සිදු කරනම් හොදය .
බොහෝ සිංහලයන්ට අමතකව ඇති දෙය නම් අංක එක රට අංක දෙක ජාතිය අංක තුන ආගම බවය. මුලින් රටක් තිබිය යුතුය, රට රැකුනට පසු ජාතිය වශයෙන් රැකිය යුතුය ඉන් පසුවය ආගම පැමිණෙන්නේ . මා දන්නා තරමින් එය බුදුන් වහන්සේගේ උපදේශයකි . පැරැන්නන් අතැර තිබු රට , ජාතිය, ආගම යන සංකල්පය නුතන රදිකල්‍යි කියාගන්න මිශ්‍ර සිංහලයන්ට මත ක නැත. ජාතියක් වශයෙන් ප්‍රශ්න පන නැගී බොහෝ අවස්තාවල සන්ගරත්නය එම ප්‍රශ්න වලට මැදිහත් විය.
ටිබෙට් ජාතික මහින්ද හිමියන් අපේ සිංහලයන් අවදි කිරීමට කවි ලීහ. නුතන පණ්ඩිතයන්ට අනුව උන් වහන්සේ අද හිටියනම් මොනවා නොකියවිද?
/
Roxxxer / May 31, 2013
Only lord Buddha can determine the Karma and its fruit considering a person.No person can judge whether he goes to hell or heaven. People these days seem to be much more advanced than the Lord Buddha
/
Lion / June 1, 2013
Monawada me pissa kiyawanne.Buduhamuduruwanta nigarukaranna epa.
/
amila chathuranga / May 31, 2013
බෞද්ධ අන්තවාදින්ට පහර දීම අතින් ලිපිය ඉදිරියෙන් සිටියත් සමස්ථ ලංකාව තුල තිබෙන අන්තවාදී අදහස් මෙම ලිපිය නියෝජනය නොකරයි. කල්මුනේ හෝ මන්නාරමේ සමහර තැනෙක පවතින්නේ අතිශය ගෝත්‍රික වාදී මුස්ලිම් මතවාද වන අතර ඒවා හරහා අපේ රටේ නීතිය රකින පොලිස් මහත්තයෙක්ද බිලි ගන්නා ලදී. අධිකරනයට පවා එරෙහි වීමට මුස්ලිම් අන්තවාදින් සමත් විය.
රට යන පොදු සාධකය මත සිටියොත් මේ අන්තවාදින් දෙපිරිසම දේශපාලකයින් සහ ලංකාවේ අග්‍රගන්‍ය අවස්ථාවාදී ව්‍යාපාරිකයින් කෙරෙන් පෝෂණය වෙති. සමහර අන්තවාදි සංවිධාන පිටරට වලින් කෙලින්ම ආධාර ලබති.
අන්තාවාදය නැති විය යුත්තේ සිංහල බොදු පරිසරයෙන් පමණක් නොවේ.. අන්තවාදී අදහස් මුස්ලිම් සිංහල බෞද්ධ සියලු කොටස් වලින් තුරන් වන පරිදි වැඩිදියුනු කරන ලද නව සමාජ පද්ධතියක් අප විසින් පිහිටුවාගත යුතුව ඇත. නව සමාජ පද්ධතියක් ඇතිකර නීතිය සාමය යහපාලනය ඇති රටක ආගමික අන්තවාදින් නැතිව යනු ඇත. නමුත්..අපේ තක්කඩි ජනතාව විසින් කැමැත්තෙන් තෝරාපත්කරන ලද මේ පාලනය තුල එවන් වූ සමාජයක් නම් සිහිනයක්මැයැ.
/
Vathsala / June 1, 2013
rate neethiya ballata giyama muslim anthavadeentath sinhala nathavadeentath joly
/
Whoever / May 31, 2013
කියවද්දි දිව හැපෙන භාශාවෙන් නැතුව ටිකක් ලිහිල්ව ලිව්වනං මීටත් හොඳයි
/
abdul rauf / May 31, 2013
Laankikayangen Sebe Samaya , Suhadashee Baawaya , Annyayonnya Sabendiyaawa , Sahajeevanaya Pathana Siyalu Jaathika Janaya Bohomayak Nindrasheeli Lesa Sitinne…,Sathya ha Yathaarthaya Nodathkama Nisa ma nova Asathyata ,Asaadhaaranayata Erahiveemata Ethi Alasakama Menma Mema Eeniya Aagam Waadi Anthawadeenta ha Patu Deashapalana Mera Balayata Muhuna Deemata Tharam Dhayriyak Maanasika Ekakgrathawayak Nethi Nisa ma Misa Wenath Kumana Heathuwak Nisa da..?
Gamini Viyangoda Mhathaaneni, Aagaadhayakata Thalluwemin Sitina Janayaawa Awadi Kota In Owunva ha Me Deashaya Mudawaa Gannata Oba Daranaa Wehesa Apa Agayannemu!
/
Kap De Silva / May 31, 2013
ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය.
http://www.youtube.com/watch?v=UcXMF_CU840
/
Singhe / May 31, 2013
hamadaama sinhala minissunta banala lipi liyala sulu jaatheenge seeni kirala keeyak hari hoyaganna 2.50 napunsaka maadyakaarayo
/
TT / May 31, 2013
amila chathuranga ගේ අදහස හා මම සපුරා එකග වෙමි. මටද ඇති ප්‍රශ්නය සිංහලින් පමණක් ජාති වාදීන් ලෙස මොඋන් හට පෙනීමය. මෙයට කියන්නේ හීන මානයද, නැත්නම් වෙනත් අරමුනක්ද ?
/
TT / May 31, 2013
එලෙසින්ම මද සත්ව ගටනයට සපුරා විරුද්ද වෙමි, හරකට පමණක් නොව හල්ල් මස්සගේද කුකුලගේද ජීවිතය ජීවිතය කි. රෝබෙර්ට් නොර්ක්ස් ට අනුව ඉපැරණි සිංහලයන් මස් මාංශ අනුබවය ඊට පිළිකුල් කළහ. පන්සිල් රැකි ඔවුන්, මත පන් පානය සුරාවෙන් තොර විය. සුද්දන් විසින් සිංහලයන් බේබදු කමට පුරුදු කිරීමට නොමිලේ මත පැන බෙදා දුන් අතර ඒවා පානය කිරීමට පෙලබවීමටද ඉතා අසීරු විය. මෙම ප්‍රශ්නය වනාහී ගවයින් ගාතනය පමණක් නොව එතැනින් එහාට වූ පුළුල්ව විහිදෙන ප්‍රශ්න රාශියක අරම්බයකි . මත පැන සමගම ගව මාංශයට ජනය හුරු විය. එකල ඒවා වැලකුව නම් මේ ජාතික පරිහානිය සිදු නොවනඋ ඇත.
ජාතික ආලෙහි ජීවනාග කිරි දී වෙඩරූ රස දුන්නු
මේ ලක ගොවි මහගේ සතු සම්පත
කොය්බද ඒ කිරි දෙන්නු
කාමුක නීච සිරිත් පුරුදු කර උන් මරල ගිල දැම්මෝ
මේ එක දේම නොවේද අහෝ අද ජාතික හානියේ හේතු
එස්. මහින්ද හිමි
/
karunarathnedissanayake / May 31, 2013
lipiya wadagat namut ada buddgame kiyana ayatamai wadiyenma wisesayanma hamuru horuda warude janatawa tula taraha wapuranne elagata desapalakayo.desapala buddi matun nowe.memalipi janataw atarata yama adui.
/
Halmassa / May 31, 2013
ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය.
Koheda yako buddagame ehema thiyenne ?
hamuduruwarunta Mas waladana eka thahanam karanna kiyala Buduhamuduruwangen Dewdath illsa sitiya.
Budu Hamuduruwo eeka Prathikshepa kala.
Ekai Sangabedeta eka hethuwak une.
Eken Dewdath Aananthareeya Maha Akusalayak kara gattha.
Dan mun kiyanawa wena banak.
Umbalage diwe eta nathi nisa hodai. One patthakata harenawa ne.
Halmassa.
/
serajdeen / June 1, 2013
Can some tell me why these men claiming to buddists at first start use dirty words like yako etc. They use their mouth before their brains. God only can give proper guidance , from men only prophets can give proper guidance with the inspiration of God. Buddism has not misguided but people fails to read and understand or by sheer arrogance do not want recognize, As God says only one way life was sent to this earth, people took prophets for Gods and went in different ways. God is not responsible for this. Pls find out about the maithree budda and the connection with Islam. Unite in the name of one Gods. See the signs that Gods kept for us. One of it is the pharaoh of Egypt who claimed to be God and tried to kill prophet Moses ,was drowned ,at that minute he excepted God but was too late. His body is in the museum in Cairo. Pls act before it too late for you.
/
serajdeen / June 1, 2013
Dear Brothers
Pls read excepted as accepted and few more last words. “We created you from a single pair so you may recognize each other not despise each other, the best of you is pious and walk in the right path” this is a quote from Holy Quran . Can anyone bring a similar message of peace. From the message itself one can understand that this is from the God. Peace to All.
/
TT / June 4, 2013
kasapabbatha.blogspot.com/2013/06/blog-post.html
මේ සාකච්ඡාව අපේ සංස්කෘතිය නිර්මාණය වන යුගයට සීමා කර ගැනීම මැනවි. නැතහොත් ක්‍රිස්තු පූර්ව යුගවල මානවයා මිනී මස් අනුභව කර ඇති බැවින් හදිසියේ ඉඩී අමීන් කෙනෙක් මතුවී මිනී මස් කෑම ආරම්භ කළහොත් ලෝකය මෙතෙක් ගොඩනඟා ගත් සියලු සංස්කෘතික පදනම් බිඳ දමා කැනිබල්ස්ලාගේ මිනී මස් කෑමේ අයිතියට ඉඩ දියයුතු යැයි කියන පමණට කෙනෙකුට තර්ක කළ හැකිය.
ගවයා, සිංහල බෞද්ධයා, හිංදුවා සහ කටුවාවල ජේමිස්ලා
ගව ඝාතන විරෝධය පිළිබඳ ෆේස්බුක් අඩවිය ඔස්සේ මම සහ ඉන්ද්‍රනාථ තේනුවරයන්ද තවත් අය ද අතර සංවාදයක් ඇති විය. ඊට හේතු වූයේ “සිංහල බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක්රිස්තියානි හරක් මස් වැළඳීම” නම් ගාමිණි වියන්ගොඩ නමැත්තෙකු ලියූ ලිපියකි. එම සංවාදය වැදගත් බවත් බ්ලොග් අඩවියක සංරක්ෂණය විය යුතු බවත් ප්‍රකාශ කළේ තේනුවරයෝය. මේ එම අදහසෙහි ප්‍රතිඵලයයි. මේ අදහස් ඔබට කියවීමට ලැබීම මගින් යම් යහපතක් වේ නම් ඒ පින තේනුවරයන්ට අයිති විය යුතුය.
අපි එකිනෙකාට විරුද්ධ මතවාද දරන්නෝ වෙමු. එකිනෙකාට එරෙහි අදහස් පළ කරමු. මතවාද ඔස්සේ ගැටෙමු. එහෙත් සංවාදය ඔස්සේ බොහෝ ප්‍රශ්න විසඳාගත හැකි යැයි විශ්වාස කරමු. ගව ඝාතන විරෝධය අපේ නිදහස් අරගලය තුළ තවමත් සාක්ෂාත් කරගත නුහු ඉසව්වක් බව මගේ අදහසයි. අපේ සංස්කෘතික අක්මුල් සොයා යෑම යනු ශිෂ්ටාචාරය අතීතයට ඇදගෙන යාමක් නොව අතීතයට වැදී අපට මග හැරුණු ඇතැම් වටිනා දෑ නුතන සමාජයට රැගෙනවිත් ඒවා අප ජීවත් වන සමාජ ක්‍රමය වෙත ගලපා ගැනීමක් වන අතරම නූතනයේ අප වෙලා ගෙන ඇති විවිධ විසාදීන් සමහන් කර ගැනීම සඳහා ක්‍රමවේද සැකසීමක් ද වෙයි. මෙතැන් සිට දිගහැරෙන්නේ ඒ සංවාදයයි.
ගාමිණි වියන්ගොඩගේ ලිපිය ගැන මගේ අදහස.
Namal Udalamatta හරක් මස් නොකෑම මේ රටේ සංස්කෘතික අංගයක්. ඒක නොක්ස් එදා හෙළදිව කෘතියේ කියනවා සිංහලයින් ගෙරි මස් අනුභව නොකරයි කියලා. ධර්මපාලතුමා ඒ වෙනුවෙන් සටන් කළා. එදා ඉඳලා බෞද්ධයෝ ගෙරි මස් නොකන්නේ මුස්ලිම් අයට කෙළවන්න ද? පිස්සු විකාරනේ. බෞද්ධයින් ගෙරි මස් නොකන්නේ මුස්ලිම් අය මේ රටට එන්නත් පෙර සිට.
මේ රටේ බෞද්ධ හින්දු දෙපිරස ගත්තාම 85%ක් වෙනවා. 1505 පස්සේ තමා සුළු සිංහල පිරිසක් වුණත් හරක් මස් කන්න පුරුදු වුණේ. ඇයි සිංහල බෞද්ධ හින්දු දෙපිරසගේම හිත් රිදවන දෙයක් වෙන්න ඉඩ තියන්නේ? ඒකද ඔය මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදය?
අනෙක ගව ඝාතනය නතර කරන තැනින් අපට සත්ව ඝාතනය නතර කරන්න පුළුවන්. අවශ්‍ය අයට පිට රටින් ගෙනැත් කන්න පුළුවන්. එවිට එහි පාලනයක් වෙනවා. මේ රටට අවශ්‍ය සීනිවලින් 94%ක් පිට රටින් ගේන්නේ. සීනි කියන්නේ හැමෝම කන දෙයක්. ඉතින් එහෙනම් ඇයි 10%ක් විතර කන හරක් මස් ගේන්න බැරි?
මේ වගේ අවස්ථාවාදීන් උතුරේ බලය බෙදීම ගැන කතා කරද්දි දෙමළ ජනතාව ගැන කිඹුල් කඳුලු හෙලනවා. ඔවුන්ගේ පූජනීය සතා මරාන කද්දි බයිල ගහනවා. අපි කිසියම් ආගමික ප්‍රතිපත්තියකට ගරු නොකළත් ඊට ගරු කරන්න අන්‍ය අයට ඇති අයිතිය පිළිගත යුතුයි. විශේෂයෙන් බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක විය යුතුයි.
Indranatha Thenuwara මේ ලිපියේ හැම වගන්තියකට ම මාත් එකඟ වෙන්නෙ නැහැ.
නමුත් මා දන්නා මූලාශ්‍ර අනුවනනම් සිංහලයා අතීතයේදි හොඳට මස් මාංශ පරිභෝජනය කළ බව මා කියවා තිබෙනවා. රොබට් නොක්ස් ලංකාවට එන්නෙ ලන්දේසි, පෘතුගීසී කාණ්ඩ දෙකට ම පසුව බවත් අමතක කරන්න එපා.
නෑ මම කීවේ නැහැ සිංහලයා මස් කෑවේ නැහැ කියලා. විශේෂයෙන් වැව් ආශ්‍රිත සෙල් ලිපිවල පැරණි ජනප්‍රවාද සහ පොත පතෙහි තියෙනවා ඒ ගැන විස්තර. හැබැයි සිංහලයා මස්වලට ප්‍රමුඛත්වය දුන්නා කියලා එමෙම නැත්නම් හොඳට මස් කෑවා කියලා කියන්න තරම් සාධක නැහැ මට.
විශේෂයෙන් සිංහල සංස්කෘතියට අයත් කිසිම කෑමක් නැහැ මස් මාංශ ඇතුළත්. (තියෙනවා නම් මට කියන්න.) මගේ තර්කය මීට අදාළව නම් සිංහලයා ගෙරි මස් කෑවේ නෑ කියන එකයි. අදත් සිංහල බෞද්ධයා ගෙරි මස් කන්නේ නැහැ. සිංහලයා චිකන් කෑ පමණින් තර්ක කරන එක වැරදියි ඇයි හරකාට විතරද පණ තියෙන්නේ කුකුළා කළු ද? කියලා. ඒක සියුම් ලෙස වටහාගත යුතු සංස්කෘතික කාරණයක්. අපි අපේ සහෝදරිය සමඟ පවුල් නොකන්නේ ඈ ගැහැනියක් නොවන නිසා නෙමේ අපි ගරු කරන සංස්කෘතිය හර පද්ධතිය නිසා කියලා තේරුම්ගත යුතුයි.
අනෙක අපි ආරක්ෂා කළ යුතු ගරු කළ යුතු තවත් ප්‍රධාන කාරණයක් තමා ගවයා අපේ හින්දු අයගේ පූජනීය සතෙක්. ඒ නිසානේ පොළොන්නරුවට එද්දි සඳකඩ පහණින් ගවයා ඉවත් වෙන්නේ. අපි ඔවුන්ගේ ආගමික අයිතියට සංවේදි විය යුතුයි. ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.
නොක්ස් ලංකාවට ආවේ ඉංග්‍රීසි කාලයේ නෙමේ 1660 දී. 2 වන රාජසිංහ රජ කාලයේ. ඒ කියන්නේ ලන්දේසී පාලන කාලයේ. 20 අවුරුද්දක් ලංකාවේ හිරගත කරලා ඉඳලා අවසානයේ පළා යන නොක්ස් මොකක් සිංහලයා ගැන කියන්නේ? “ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය. මද්‍යපානය නොබොන්නේය. සොරකම් පිළිකුල් කරන්නේය. ගෙරිමස් මුවෙහි නොතබන්නේය.” අන්න එහෙමයි සිංහලයා.
එයින් පැහැදිලියි සිංහලයා ගෙරි මස් නොකන්නේ මේ ඇතැම් මානසික ව්‍යාධිකාරයින් කියන විදිහට මුස්ලිම් මිනිස්සුන්ට කෙළවන්න නෙමේ කියලා. ඒ සටන අධිරාජ්‍ය විරෝධි සටනේ කොටසක්. තවම සාක්ෂාත් කරගත නොහැකි වූ කොටසක්.
Hiran De Saram මුස්ලිම් සහෝදරවරුන්ගේ ගවමස් කෑමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමු…!!
ඔව් මම එකඟයි. රටේ හරක් මස් පිළිකුල් කරන ජනතාව 85%යි. ඉන් ගවයා පූජනීයත්වයෙන් සලකන පිරිස 15-18 විතර. ගව මස් කන පිරිස මුස්ලිම් නම් ඒ 8%යි. එතකොට අපි ආරක්ෂා කළ යුත්තේ බහුතරයේ ආගමික සංස්කෘතික අයිතියද? සුළුතරයේ මස්කෑමේ අයිතියද? ඒ සුළුතරයට අවශය මස් අපට පිට රටින් ආනයනය කළ හැකි නම් ඉන් දෙපිරිසේම අයිතිය ආරක්ෂා කරගත නොහැකිද?
Hiran De Saram ලංකාවෙ චිකන් කන අයගෙ ප්‍රතිශතය කීයද…
Namal Udalamatta මේත පව් පිං පිළිබඳ ප්‍රශ්නයක් නෙමේ. සංස්කෘතික කාරණයක්. ඒක මගේ කලින් කමෙන්ට් එක එළඹි සිහියෙන් බැලුවා නම් තේරුම් යන්න ඕන.
Indranatha Thenuwara සඳකඩ පහණෙන් ගව රූපය අයින් වන්නෙ හින්දු ආක්‍රමණ නිසා බව ඇත්ත. එතකොට හින්දු ආක්‍රමණ ලංකාවට සිද්ද වෙන්න කලින් සිංහලයා ගෙරි මස් කෑවද..?? ඊට කළින් සිංහලයො හිටියෙ නැද්ද..?
ඊ ළඟට පිටරටින් ගේන හරක් මස් කෑවට කමක් නැද්ද..??
සිංහලයා ඉතිහාසයෙහි කිසිදු අවස්ථාවක ගෙරි මස් කෑ බවට කිසිදු සනාථ කළ හැකි සාධක නොමැත. සිංහලයා ගතකළ කෘෂිකාර්මික දිවිපෙවෙත මෙන්ම අසල්වැසි භාරතීය සංස්කෘතික බලපෑමද ඊට හේතු වූයේ යැයි සිතිය හැකිය. ගවයා ඔහුට හිතවතෙක් විය. අනෙක් අතට අවිහිංසාවාදී බුදුදහමේ බලපෑම නිසා ඔහු බෙහෙවින් නිර්මාංශ ආහාරවලට නැඹුරු විය. ඉන් කියැවෙන්නේ සිංහලයා වෙජිටේරියන් බව නොවේ. ගවමස් කන්නා සිංහලයාගේ පිළිකුළට හේතු විය.
මේ සාකච්ඡාව අපේ සංස්කෘතිය නිර්මාණය වන යුගයට සීමා කර ගැනීම මැනවි. නැතහොත් ක්‍රිස්තු පූර්ව යුගවල මානවයා මිනී මස් අනුභව කර ඇති බැවින් හදිසියේ ඉඩී අමීන් කෙනෙක් මතුවී මිනී මස් කෑම ආරම්භ කළහොත් ලෝකය මෙතෙක් ගොඩනඟා ගත් සියලු සංස්කෘතික පදනම් බිඳ දමා කැනිබල්ස්ලාගේ මිනී මස් කෑමේ අයිතියට ඉඩ දියයුතු යැයි කියන පමණට කෙනෙකුට තර්ක කළ හැකිය.
මා පිටරටින් හරක් මස් ගෙන ඒමට එකඟ වන්නේ එය අවශ්‍ය යැයි සිතන මුස්ලිම් පිරිස වුව අසහනයට පත් නොකිරීමේ අවශ්‍යතාව නිසාය. අපට අවශ්‍ය මේ රටේ සංස්කෘතික හර පද්ධති ආරක්ෂා කරගෙන ජීවත්විය හැකි පරිසරයක් මිස කිසිවෙකුට රිදවීමට නොවේ. මේ රටේම ජනතාවගේ කිරි අවශ්‍යතාවට නවසීලන්තයට ඕස්ටේලියාවට දුවන අයට 8%ක් ජනතාව වෙනුවෙන් හරක් මස් ගෙන ඒමට නොහැකි ඇයි? එවිට 85%ක් වන බෞද්ධ හින්දු ජනතාව විඳවන්නේ නැත. මුස්ලිම් ජනතාවට ද හරක් මස් ලැබේ. එවිට කිසිවෙකුට ගැටලුවක් ඇති නොවන පරිදි මේ ගැටලුව විසඳාගත හැකිය. මා දක්වා ඇති මතුගම සෙනෙවිරුවන් ලියූ ලිපිය කියවීමෙන් බොහෝ දේ උගත හැකිය.
Thushara Disanayaka ගව මස් නිසා බෞද්ධ ජනතාව විඳවන්නේ නෑ සහෝදරයා, විඳවන්නේ බෞද්ධ ජනතාවගේ අයිතිකාරයෝ තමන් යයි හිතාගෙන ඉන්න අතලොස්සක්.
Namal Udalamatta සමාවෙන්න, මා බෞද්ධ ජනතාව යනුවෙන් අදහස් කළේ සිංහල බෞද්ධ ජනතාවය. එනම් ආගමින් බෞද්ධ වූද සංස්කෘතිය සිංහල බෞද්ධ වූද පිරිසය. ආගම සහ සංස්කෘතිය යනු දෙකකි. මම ආගමින් කතෝලික වුව ද සංස්කෘතියෙන් සිංහල බෞද්ධ යැයි මර්සලින් ජයකොඩි පියතුමා පැවසූයේ ඒ අර්ථයෙනි. මා දන්නා කිසිදු සිංහල බෞද්ධයෙක් හරක් මස් නොකයි.
එහෙත් සංස්කෘතියෙන් සිංහල බෞද්ධ නොවන අයෙකුට එය වේදනාවක් නොවිය හැකිය. ඔහුට ගවයා යනු තවත් සතෙකි. ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ වැඩුණු අයෙකු බුදු දහම වැළඳ ගතහොත් ඔහුට ගවයා හා සම්බන්ධ සිංහල බෞද්ධ සංස්කෘතිය අවබෝධ කරගත නොහැකිය. ඔහු ඊට ආගන්තුක වෙයි. පරමවිඥානවාදී ඕල්කට්තුමාගේ බලපෑම නිසා මෙරට ආගමින් බෞද්ධ වන සංස්කෘතියෙන් සිංහල බෞද්ධ නොවන පිරිසක් නගරාශ්‍රිතව බිහි විය. (ගනනාථ ඔබේසේකර වැන්නෝ ඒ පිළිබඳ ලියා තිබේ.)
ඔවුහු ප්‍රොතෙස්තන්ත්‍ර බෞද්ධයෝ වෙති. ඔවුහු ආගමින් බෞද්ධ වන අතර සංස්කෘතියෙන් ක්‍රිස්තියානි වෙති. ඒ සංස්කෘතිය අනුව සතා, සීපාවා පමණක් නොව අහස පොළව ජලය වාතය ආදි සියල්ල මානව පරිභෝජනය සඳහා දෙවියන් වහන්සේ දුන් දේය. ඔවුන්ට පෙරකී බෞද්ධ සංස්කෘතික විඥානය අවබෝධ කරගත නොහැකි අතර ඊට ආගන්තුක වෙයි. මෙලෙසම ද්‍රවිඩ හින්දුවා තුළ ගවයාට ඇති බැඳීම ද්‍රවිඩ කතෝලිකයා තුළ නොමැත. මන්ද ඔහු සිය සංස්කෘතික මුල්වලින් උදුරා දමන ලද අයෙකි.
එහෙත් තවමත් මේ රටේ බහුතර සිංහලයෝ සිංහල බෞද්ධයෝය. ඔවුහු සිය ධනය වියදම් කර මරණයට කැප වු හරක් නිදහස් කරති. ගව ඝාතනයට එරෙහිව නැගී සිටිති. ගව අනාථාගාර තනති. ගී ලියති. චිත්‍රපට තනති. රටපුරා ගව ඝාතන බලපත් මිලයට ගෙන මස් කඩ වසා දමති. ඒ බව දන්නා ඇතැම් වෙළෙන්දෝ සිය කිරිපිටි අලෙවි කොට ලැබෙන ලාභයෙන් කොටසක් වෙන් කොට ගවයින් නිදහස් කරති. එය ආගමික කාරණාවක් නොව සංස්කෘතික කාරණාවකි. තර්කය වැනි මොට ආයුධ ගෙන හරඹා පා එම කාරණා අවබෝධ කරගත නොහැකිය.
බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
කෝච්චියේ හිර ගෙයි බැඳ එන්නේ
පිහියේ මුවහත ගෙල සිප ගන්නේ
උදයෙම මේ කය නිසසල වන්නේ
උගේ කිරෙන් බෝධිය දෝවන්නේ
උගෙන් මැඩූ බත දනට පුදන්නේ
උන්ගෙම හම බෙර හඬට බඳින්නේ
උන් බැඳි ගැල් නැග පන්සල් යන්නේ
බානෙන් බැඳ…
කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හඳුනන්නෝ
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ
ලේ කිරි අයිතිය වහු පැටියන්නේ
දම් සක්වල ගල හැපී බිඳෙන්නේ
ඒ කිරි උදුරා බිව් මිනිසුන්නේ
සිත් වල ඇයි කලගුණ නොරැඳෙන්නේ///
Indranatha Thenuwara මෙහෙමයි Namal, ඔබේ තාර්කික කතාව බොහොම හරි.
නමුත් මං පුංචි කාලෙ හැදුනෙ අම්පාරෙ. අම්පාර වැනි ප්‍රෙද්ශයක හරකාගෙන් ගන්නා ප්‍රෙයා්ජන අසීමිතයි. අපේ ලොකු තාත්තාටත් ලොකු ගව පට්ටියක් තිබුන. එහි වැස්සියන්ගෙන් කිරි ගත්ත. වස්සන්ගෙන් කුඹුරු වැඩ ගත්ත. ඒව සේරම හරි. නමුත් අම්පාරෙ කිසිම මස් කඩයක ගව මස් හැර වෙනත් මස් වර්ග විකුණන්න තිබුනෙ නැහැ. මාලු එන්නෙත් හැතැප්ම 35ක් ඈත මඩකලපුවෙන්. ඒ නිසා ගව මසට ලොකු ඉල්ලුමක් තිබුන.
කුකුල් මස් අපි කෑවෙ මගුල් ගෙයක් වැනි සුවිශේෂී අවස්ථාවක…!
ඌරු මස්, දඩ මස් ලැබුනෙ නොමිලෙ..! ඒව සල්ලිවලට ගත් බවක් මා අසා නැහැ.
ඒ කාලෙ මසට ගවයන් මැරුවා කියා පරිසර තුලණයේවත්, ගොව් සංස්කෘතියේවත් කිසිදු ගැටලුවක් ඇති උනේ නැ.ැ..!
නමුත් අද තත්ත්වය ඊට වඩා ඉඳුරාම වෙනස්. අද වැස්සියන්ගෙන් කිරි ගන්නවා හැර වස්සන්ගෙන් කුඹුරු වැඩ කර ගැනීමක් නොකෙරනම තරම්. අත් ට්‍රැක්ටර්, ලොකු ට්‍රැක්ටර් හැම ගොවියෙක් ළඟ ම තියෙනව. අස්සැන්න නෙලන්නෙ සුනාමි කියන මැෂිමෙන් සුරුස් ගාල…!!
අම්පාර, පොළොන්නරුව, මඩකලපුව විතරක් නෙමෙයි උතුරු මැද පලාතෙත් තත්ත්වය ..ඇත්ත තත්ත්වය ඕක..!
එතකොට හිතන්න ඉස්සර හරකාට තිබුණු තැන දැන් තියෙනවද කියල..නැහැ…!
දැන් හරක් මැරුවෙ නැත්නම් ලොක් පාරසරික ගැටලු ඇති වෙන්න පටන් ගන්නව. අපි ඒව ගැනත් හිතන්න ඕනෙ.
සත්තකින් ම Thushara Disanayaka කියන කතාව හරි. (ගව මස් නිසා බෞද්ධ ජනතාව විඳවන්නේ නෑ සහෝදරයා, විඳවන්නේ බෞද්ධ ජනතාවගේ අයිතිකාරයෝ තමන් යයි හිතාගෙන ඉන්න අතලොස්සක්.)
අද තවලම් නැහැ. බක්කි කරත්ත නැහැ. ගොං කරත්ත නැහැ.
කුඹුරු කොටන්න, පාගන්න, මඩ කරන්න, ගොයම් පාගන්න ආදී කුඹුරු වැඩවලට හරක් යොදා ගන්න එක ගොවියන්ට පාඩුයි..
ඒ නිසා අපි අහන ගීත, අපි කියවන ලිපි කතා ආදිය අද සාහිත්‍යාංග විතරයි..!
Roshan Manoj Pemasiri සර්. දැන් හරක් මැරුවෙ නැත්නම් ලොක් පාරසරික ගැටලු ඇති වෙන්න පටන් ගන්නව. ඔබතුමන් මේ කීව කතාව අනුව බැලුවොතින් මේ වන විට ලෝකයෝ ලොකුම පාරිසරික ගැටලුව ඇත්වෙලා තියෙන්නේ හරකුන් නිසාද නැතිනම් මිනිසුන් නිසාද ඒ අනුව බලන විට පාරිසරික ගැටලුව විසදන්න මරන්න වෙන්නේ හරකුන්ද මිනිසුන්ද…… මගේ මතය නම් අපි හැමෝම මිනිසුන් වශයෙන් හැමවිටම වැඩ කල යුත්තේ මේ ලෝකය හැමෝටම හොදින් ජීවත් වීමට පුලුවන් තැනක් බවට පත් කිරීමටයි මිනිසාට මේ ලෝකයේ ජීවත් වීමට ඇති අයිතිය ඒ ආකාරයෙන්ම මේ ලෝකයේ ජීවත් වන හැම සතෙකුටම තිබිය යුතුයි (එක් පැත්තකින් බැලුවහම සතුන්ට මිනිසාට වඩා මේ ලෝකයේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා මොකද පරිසරයට කරන හැම කැනහිලිකමක්ම කරන්නේ පරිසරය විනාශ කරන්නේ මිනිසුන් නිසා) මිනිසුන් වශයෙන් අපි හැමෝම කියන්නේ මිනිසාගේ පරම යුතුකකම මිනිසාට සේවය කිරීමයි කියන අර්ත්මාර්ථකාමී කතාවයි ඒත් අපි ඇත්තමට සිදුකලයුත්තේ මිනිසා ඇතුලුව සියලුම සතුන්ට මේ ලෝකය ජීවත් වීමට සුදුසු ලස්සන තැනක් බවට පත් කිරීමයි……
Indranatha Thenuwara පාරිසරික ගැටලු මතු උනාම ඉස්සෙල්ලාම ඒව බලපාන්නෙ අනෙක් සතුන්ටයි. මිනිසාට ඒක එන්නෙ අන්තිමට..!!
Namal Udalamatta සංස්කෘතිය යනු යම් පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ සාක්ෂාත් කරගන්නා හෝ ඔහුගේ මරණයෙන් කෙළවර වන දෙයක් නොවේ. එය ජාතියක ආරම්භයේ සිට එහි අවසානය දක්වා විකාශනය වන්නකි. නිදසුනක් ලෙස ඇෆ්ගනිස්ථානයේ විසූ බෞද්ධ ජාතිය අවසාන වීම සමඟ එහි වූ බෞද්ධ සංස්කෘතිය කෙළවර වෙයි. තුෂාර දිසානායක වැනි බෞද්ධයින් අද මස් කෑමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ආගමිකයින් මොටාර් ගසා අල්ලාහු අග්බාර් කියා විනාශ කළ බාමියන් බුදු පිළිම වනාහි එකී වඳවූ බෞද්ධයින්ගේ සංස්කෘතියෙහි භෞතික නිර්මාණ වෙයි.
සැබවින්ම ඉතිහාසයේ බාමියන් පිළිම නිර්මාණය කළෝ සිංහල බෞද්ධයින් නොව ඒවාට මෝටාර් ගසා විනාශ කළ අයගේ ම බෞද්ධ මුතුන් මිත්තෝය. නූතන ඇෆ්ගන් මුස්ලිම් වැසියා යනු පැරණි ඇෆ්ගන් බෞද්ධයාගේ මුනුපුරෝය. ඔවුන් විනාශ කළේ සිය මුතුන් මිත්තන් නිර්මාණය කොට වන්දනාමාන කළ ඔවුන්ගේ උරුමයයි. 1929 ශ්‍රී මහා බෝධිය පොරවකින් කපා දැම්මේ ආගමික සංස්කෘතික ආක්‍රමණයට ගොදුරු වූ කටුවාවල ජේමිස් නමැති අබෞද්ධ සිංහලයෙකි. නූතන ප්‍රොතෙස්ත්‍රන්ත බෞද්ධයා සහ කටුවාවල ජේමිස් අතර වෙනසක් නැත. දෙදෙනාම එක්තරා ආකාරයක සංස්කෘතික ආක්‍රමණයක ඛේදනීය ගොදුරුය.
සෑම සංස්කෘතියකම ගමන් මග සොඳුරු ඉසව් හරහා මෙන්ම අඳුරු ඉසව් ඔස්සේ ද වැටී ඇත. අනුරාධපුර යුගය අපේ සංස්කෘතියෙහි ශ්‍රේෂ්ඨතම අවදියකි. එහෙත් 1505 ඇරඹි ගෙවා දැමූ ශත වර්ෂ පහක පමණ කාලය අප අවබෝධ කරගත යුත්තේ ඉතා අඳුරු කාල පරිච්ඡේදයක් ලෙසය.
දැනට වසර 200ට පමණ පෙර ලංකාවේ පන්සල් තිබුණේ නැත. තිබුණේ ගණේ ගෙවල්ය. හාමුදුරුවරු සිටියේ නැත. සිටියේ ගණින්නාන්සේලාය. ඔවුහු සිවුරු නො ඇන්දාහ. එහෙත් කහ නූලන් පැලැන්දෝය. හදි හූනියම් කරමින් ගණේ ගෙදර කුඹුරු කරමින් සිය බිරිඳ සහ දරුවන් සමඟ ඔවුහු ජීවත් වූහ. එහෙත් වැලිවිට සරණංකර හිමි සිය ජීවිතය කැප කොට නිර්මල බුදු දහම සොයා පාදා සියම් රටින් උපසම්පදාව ගෙනැවිත් නැවත සංඝ සමාජය බිහි කළේය. වසර 200 පෙර ගණින්නාන්සේලා සිය පවුල් කෑවේ යැයි අද හාමුදුරුවරුන්ට පවුල් කෑමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද? සංඝ සමාජයෙහි අඳුරු අවධිය පසුකොට නැවත අපි ආලෝකය සොයා යන්නෙමු. එය සිංහල බෞද්ධ සංස්කෘතියට ද අදාළය. එක්තරා අඳුරු යුගයක අම්පාරේ පැවති විකෘතිය අපි පසුකර යායුතුය. අනෙක් අතට 555%ක් පමණ ඉස්ලාම් සහ කතෝලික වන අම්පාර සිංහල බෞද්ධ සමාජයකට ගත හැකි නියැදියක් නොවේ.
බටහිර ආක්‍රමණ, අනතුරුව ගලා ආ මාක්ස්වාදය, ලිබරල්වාදය ආදි සියල්ල අප අපේ සංස්කෘතික මූල පද්ධති විනාශ කරන පිළිල බවට පත් විය. අතීතයේ සිදු වූ පරිදි ඒ ඒ චින්තන ධහරාවලින් අපට අවශ්‍ය කොටස් බෞද්ධ සංස්කෘතියට දිරවා ගනු වෙනුවට සිදු වූයේ අපේ උරුමය අමතක කොට ඒවා උමතුවෙන් වැළඳ ගෙන අන්ධයින් සේ වන්දනාමාන කිරීමය. අපේ රටේ සිවුරු පොරවන කාල් මාක්ස් අදහන පිරිස මේ සඳහා කදිම නිදසුනකි. ඔවුන්ගේ ශාස්තෘවරයා කාල් මාක්ස් මිස බුදුන් නොවේ. ආක්‍රමණිකයා මේ රටට හඳුන්වා දුන්නේ මැකෝලි ස්වාමි කී ආකාරයේ අධ්‍යාපන ක්‍රමයකි. 1815-1825 දක්වා ලංකාවේ මිෂනාරිකරණ ව්‍යාපෘතිය භාරව සිටි ජී. එච්. එස්. බැලනි යෝජනා කළ අධ්‍යාපන ක්‍රමයයි. මේ රටේ නිදහස් අධ්‍යාපනය යැයි අද ද පොවන්නේ ලෙයින් මසින් පමණක් දේශීය වන චින්තයෙන් මේ රටට සංස්කෘතියට ආගන්තුක පිරිසකි. (මේ ගැන වැඩි විස්තර සඳහා බලන්න-මගේ සංහිඳ අඩවිය බලන්න)
මා මේ ටික කීවේ ඔබ ජීවත් වූ සහ ඔබ සහ මම අද ජීවත් වන යුගය සංස්කෘතිකමය වශයෙන් කාන්තාරයක් බව පෙන්වා දීමටය. එය කිසිසේත් සිංහල බෞද්ධ සංස්කෘතිය ලෙස ගත නොහැකිය. විශේෂයෙන් ඔබ උපන් ප්‍රදේශය මුස්ලිම් බහුතරයක් ජීවත් වන ප්‍රදේශයකි. 1626 කොන්ස්ටන්ටයින් ද සා මුස්ලිම්වරුන් සමූලඝාතනය කරන විට පහත ර සිට උඩරට සිංහල රාජ්‍ය වෙත පළා ගිය 4000 මුස්ලිම්වරුන් සෙනරත් රජු පරම්පරා 4න් සිංහල වීමේ පොරොන්දුව පිට පදිංචි කළේ අම්පාර ඇතුළු නැගෙනහිර ප්‍රදේශවලය. එයින් වසර 200 ගිය තැන ඔවුන් සිංහලයින් වනු වෙනුවට කළේ තමන් පාලනය කිරීම සඳහා මුස්ලිම් පාලකයෙකු සුද්දාගෙන් ඉල්ලා සිටීමය. අනතුරුව 2003 ඕලුවිල් සම්මුතිය හරහා යෝජනා කළ මුස්ලිම් සපරිස්ථානයට ඔබේ උපන් ගම ද අයත්ය. 45%ක් පමණ මුස්ලිම්වරු සිටින තැනක වෙළඳාමේ ඒකාධිකාරීත්වය ඔවුන් දරන තැනක ගව මස් පමණක් කෑමට තිබීම ගැන අප පුදුම විය යුතු නැත. සමස්ත ජනගහනයෙන් 8%ක් වන මුස්ලිම්වරු සිටින රටේ 92%ක් වන අන්‍ය ආගමික ජනතාවට හලාල් කැවීමට ඔවුන්ට හැකි නම් අම්පාරේ හරක් මස් පමණක් තිබීම මොන කජ්ජක් ද? මට පුදුම ඔබ මොහමඩ්, අහමඩ්, අල්හාජ් නොවී තවමත් සිංහල නමක් දැරීම සහ තවමත් ආගමින් හෝ බෞද්ධ වීමය.
ඔබ දිගින් දිගටම දක්වා ඇත්තේ හරකාගේ ආර්ථික වටිනාකම නූතන තාක්ෂණික දියුණුව විසින් අහිමි කර ඇති බවට සාධකය. ආර්ථික වටිනාකම සංස්කෘතික ඇගයුම් වටිනාකම් තීරණය වන එකම හෝ වැදගත් නිර්ණායකය නොවේ. බෞද්ධ අප ඇසතු ගහට වඳින්නේ එය 2500 අවුරුද්දකට පෙර සිදුහත් කුමරුට බුදු බව ලැබීමට පිහිට වූ නිසාය. බුදුන් වහන්සේ සත් දිනක් අනිමිසලෝචයෙන් ඊට කෘතගුණ දැක්වූහ. අපි ඒ නිසා ශ්‍රී මහා බෝධියේ බීජ අංකුරවලට පවා නමස්කාර කරමු. එය සංස්කෘතියෙහි අංගයකි. එයින් ඇති ඵලය කිමදැයි කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකිය. එසේම ගවයා අද ආර්ථික වටිනාකම නැතැයි මරා කෑ යුතු යැයි කීම සංස්කෘතිය පිළිබඳ අනවබෝධය ප්‍රකට කරයි. මම පෙරද කී පරිදි සංස්කෘතිය ජාතියක ආරම්භය සමඟ ඇරඹී එහි අවසානය තෙක් පවතී. සංස්කෘතිය යනු තනි පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මය නොව ජාතියේ ආධ්‍යාත්මයයි.
අද පරිසරය විනාශ කරන්නේ බටහිර දැනුම් පද්ධති විසින් ගවයින් කළ මිනිසුන් විසින් මිස ගවයින් නොවේ. දෙවියන් වහන්සේ සියල්ල මවා ඇත්තේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහාය යන බටහිර චින්තයට එය ගැලපුණද එය අපට තරම් නොවේ. සිංහලයා පරිසරය සමඟ ඉතා සහජීවනයෙන් ජීවත්වූවෙකි. ඔහු අහාර ගත් විට නිවසේ කපුටු පොල් කටුවට බත් මිටක් දැම්මේය. කුඹුරේ ගොයම් කපන විට කුරුලු පාලුව යැයි කොටසක් ඉතිරි කළේය. නිවසේ බරාදයෙහි කුරුල්ලන්ට වී කරල් මිටියක් එල්ලා තැබුවේය. තමාගේ නිසවට කුඩා කල සිට ආ ගිය තලගොයාට “නිවන් පුරේ පලයන් තලගොයි පැටියා” යැයි කීවේය. පාරේ බල්ලෙක් මළ විට පවා අනේ අපොයි කීවේය. අප යා යුත්තේ ඒ සංස්කෘතික අක්මුල් සොයා ගෙනය. ඒ හරපද්ධති නූතන ජාතික ආධ්‍යාත්මය වෙත ගෙන ඒම අපේ වගකීමය.
අනෙක් අතට ගවයා වන්දනාමාන කරන මේ රටේ හින්දු ජනතාවට ඔබ ලබා දෙන පිළිතුර කුමක්ද? උදෑසන අවදි වූ සැනින් බොන කිරි වීදුරුව දොවා ගන්නා ගවයා මරා කෑ යුතු යැයි කෑ ගසන බෞද්ධයින් පිරිසක් ද මේ රටේ නිර්මාණය වීම එක්තරා ආකාරයක ඛේදවාචකයකි. තමා ඇති දැඩි කළ මව්පියන් වයසට ගිය කල මහලු නිවාසවලට ගාල් කරන්නේ මේ චින්තනය විසින් නොවෙද? මන්ද වයසට ගිය එවුන්ගේ ඇති ආර්ථික වටිනාකම කුමක්ද? ඉතින් අපේ මුතුන් මිත්තන්ට සිය ශිෂ්ටාචාරය ගොඩනඟා ගැනීමට උපකාර කළ ගවයා කෙරෙහි කටුවාවල ජේමිස්ලාගෙන් අනුකම්පාව පැතීම වඳ ගැහැනියකගෙන් දරුවන් පැතීමක් විය හැකිය. කෙසේ වුව ද අනාගතයෙහි දිනෙක මේ රට තවත් ඇෆ්ගනිස්ථානයක්, බංගලිදේශයක් හෝ මාලදිවයනක් වේ නම් එදිනට ඔබ බොහෝ දෙනාගේ අභිප්‍රාය පරිදි නිදහසේ ගවයා මරාගෙන කා හැකිය. බාමියන් පිළිම මෙන්ම ගල්විහාර පිළිම බිමට සමතලා කළ හැකිය. අමිල වටිනාකම් ඇති දැවමය බංගලිදේශ පන්සල් මෙන් දළඳා මාලිගාව ගිනිබත් කළ හැකිය. සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනුවට ඉතා ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් තුළ ජීවත් වීමේ භාග්‍ය උදාවනු ඇත. එහෙත් ඒ සඳහා මේ රටේ අවසාන සිංහල බෞද්ධයා ද විනාශ කළ යුතුය.
Indranatha Thenuwara Namal Udalamatta ඔබේ තාර්කික සහ හරවත් අර්ථ දැක්වීම හිසනමා මහත්සේ අගය කරනව. එමෙන් ම ඔබේ ඉතිහාස දැනුමට ද, ගවේෂණශීලි පවට ද හිස නමා ගරු කරනවා.
මා දක්වන්නෙ මගේ අදහස. ඒක පිළිගන්නත්, නොපිළිගන්නත්, එය අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දමන්නත් ඔබට අයිතියක් තියෙනව.
කතාවක් තියෙනවනෙ බල්ලො බිරුවත් තවලම යනව කියල..
නමුත් අද තවලම් නැහැ. ඒ බල්ලො බුරපු නිසා නෙමෙයි. ලෝකෙ දියුණු වෙච්ච නිසා සහ ඒ සංස්කෘතීන් සහ හර පද්ධතීන් අපටත් ආදේශ වෙච්ච නිසා, එදා තවලමෙන් කරපු දේ ම අද අත්ට්‍රැක්ටර්, ලොරි, ප්‍රයිම් මූවර්වලින් කරනව. තවලම තමයි අපේ දේශීය අනන්‍යතාවය, ඒක තමයි අපේ උරුමය කියාගෙන ම හිටියානම් අද අපි මීට වඩා ගොඩක් පිටිපස්සෙන් ඉන්න තිබුණ. (ඉස්සරහට ගිය එක හොඳක්නම් නෙමෙයි..!)
ලෝකය කැරකෙනකොට සංස්කෘතිනුත්, හර පද්ධතිනුත්, මිනිසුන්ගේ ආකල්පත් වෙනස් වෙන්න ඕන. ඒ මං හිතන විදිහ. එහෙම හිතන එක මගේ අයිතිය. කාලයක් ගිහිං ඔබ සැම කියන දේ අහල මම මගේ ක්‍රමය වෙනස් කර ගන්නත් ඉඩ තියෙනව. ඒ මගේ හැටි සහ ඔබේ දක්ෂකම..!!
ඒ වගේම නාමල් මේ බුකියෙ ලියන දේවල් අසුරු සැණෙන් මැකිල යන්න පුලුවන් නිසාවෙන්, මේ ලියැවිලි වෙනත් ආකාරයකටත් ආරක්ෂා කරන්න. අඩු තරමින් බ්ලොග් එකකවත්…!
Namal Udalamatta ඔව් ඒක ඇත්ත අයියේ. අපි වෙනස් යුගවල වෙනස් අදහස් දරන මිනිස්සු. මමත් මේ සමාජය තුළ ජීවත් වෙන තවත් ප්‍රාණියෙක් විතරයි. මම හිතන්නේ නැහැ මම සර්වතෝභද්‍ර කියලා. මම සොයා යන්නෙක් විතරයි. මටත් වරදීවි. වැරදි වැරදි හරි අපි නිවැරදි මග සොයාගත යුතුයි. නැත්නම් මම නවතින තැනින් තවෙකෙක් එය ඉ දිරියට රැගෙන යා යුතුයි. වඩා හොඳ දේ තමා අපි සංවාද කරලා ජාතිය යා යුතු මග සොයා ගැනීම.
ඇත්තටම ඔබේ අදහස් මෙසේ නොලියන්න මං ඒ ගැන හිතන්නේ නැහැ. ඔබේ අදහස් නිසා තමා මම අවදි වෙන්නේ. ඒ පිළිබඳ මම ඔබට ස්තුති කළ යුතුයි. අපේ ඉතිහාසය ලියැවෙන දෘෂ්ටිය පවා ප්‍රශ්න කළ යුතුයි. අද අපට උගන්වන බුදුදහම පවා ප්‍රශ්න කළ යුතුයි. දීපංකර බුදු සමයෙහි සුමේධ තවුසා ලෙස රහත් වෙන්න තිබූ අවස්ථාව විසි කරලා ලෝක සත්වයා වෙත කරුණාවෙන් බුද්ධත්වය පැතූ බුදුන්ගේ බුදු දහම අද පරාර්ථකාමී මිනිසුන් වෙනුවට ආත්මාර්ථකාමී මිනිසුන් බෝ කරනවා. අපේ පැරණි සංඝ සමාජය සහ බෞද්ධයින් එහෙම හිතුවා නම් මොකද වෙන්නේ කියලා අපි කල්පනා කළ යුතුයි.
මම කියන්නේ නැහැ ඔබ මගේ අදහස් පිළිගත යුතුය කියලා. ඒ පිළිබඳ හිතුවාම හොඳටම ඇති. අපි නිදහස් චින්තනයක් යට ජීවත් වෙන මිනිස්සු. බුදුහාමුදුරුවෝ කීවානේ තමන් කීවා කියලාවත් අධානග්‍රාහීව පිළිගන්න එපා කියලා. ඉතින් මං වගේ ලිලිපුට්ටෙක් ගැන කවර කතා ද?
(මම බ්ලොග්වල ලියනවා. නමුත් බ්ලොග් ඔස්සේ සංවාද කරන්න හරි අමාරයි. එනවා අඩුයිනේ. ෆේස්බුක් ඒ සඳහා හොඳයි. හැබැයි මේ වගේ මං ලියපු ගොඩක් දේවල් දැන් මැකිලා. ඒ නිසා මේවා බ්ලොග්වලට එකතු කළ යුතුය යන අදහස මතක් කිරිම අගය කරන අතර ඒ සඳහා ඉක්මණින් කටයුතු කරන්නම්)
Roshan Manoj Pemasiri සංවාදය නම් නියමයි ඇත්තටම මෙන්න මේක තමයි වෙන්න ඕනි. නිකන් බොරුවට ගහ මරාගන්නේ නැතිව සංවාද, මතවාද වලින් ඉදිරියට ගෙන යන්න ඕනි සටනක් මේක
Thushara Disanayaka ඇත්තටම නාමල්ගේ සංයමයට මමත් හිස නමා ආචාර කරනවා මුලින්, ඒ වගේම තර්කානුකුලා කරුණු දැක්වීමත් එහෙමමයි. ග්‍රේට්
/
EE / February 28, 2016
වියන්ගොඩ:
ඔබතුමා සින්හලයාව දැක තිබෙන්නේ නූතන වත්මනේ ජීවත්වන අග මුල නොහඳුනන කොටසින් නම් ඔබට මුල වැරදිලා. අගත් වැරදිලා. //ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය// ඔබ කියන්නේ බුද්ධාගම ද බෞද්ධ දර්ශනය ද? සිංහල සහ බෞද්ධ දර්ශනය කියන්නේ පැරණි සංස්කෘතියක්. එක අද දකින්න අමාරුයි. සංස්කෘති කියන ඒවා ඩයිනමික් නැත්නම් වෙනස් වෙනවා. මා නම් සංස්කෘතිය යන්න දකින්නේ නිකම් ප්‍රක්ෂේපනයක් ලෙස. බෞද්ධ දර්ශනයේ ශික්ෂා තිබෙනවා ඒවා ආරක්ෂා කරන අය ඒවා ඒ ඒ අයුරින් පිළිපදින්න ඕන. නමුත් මස් කන්න එපා හාල්මැස්සෝ කන්න එපා, ආදී වශයෙන් තහංචි දාල නැහැ. එහෙම තිබෙන්නේ ජෛන ආගමේ.
අනෙත් කරුණ මස් මාංශයෙන් තොර ජනතාවක් ඒ ඒ පෙදෙස් වල සිටි බවට සාක්ෂි වුවමනා තරම් තිබෙනවා. එසේ නිර්මාංශ කොටස් දැනුත් සිටිනවා. මාළු කෑමට පුරුදු වී සිටින්නේ බොහෝ විට වෙරළ ආශ්‍රිත අය. එතනදී ඒ ඒ ජන කොටස් වලට පාරිසරික සාධක අනුව ඒ ඒ රැකියා කරන්න වෙනවා. පරණ සිංහලය ගර්භනී මවකට මාළු ටිකක් අරගෙන යන්නත් සැහෙන්න කල්පනා කළා. අනුරාධපුර සිටි එතරම් එතරම් පැරණි නොවන පැරැන්නෝත් එවන් දේ කළා. නමුත් පසුව සිටින කොටස් තම ගවයන් පවා මසට විකුණුව. මේ දේවල් ආර්ථික, සමාජයීය අනුභූතීන් සහ පාරිසරික සාධක අනුව බලපානවා. බුදුන් පවසා තිබෙන්නේ ධ්‍රැව වල සිටින යට කෙසේ වත් දර්ශනය තුල පිහිටිය නොහැකි බව. මන්ද ඔවුන්ට සත්ව ඝාතනයෙන් තොරව ආහාර ගන්න බැහැනේ. බුදුදහම කියන්නේ එහිපස්සික ගුණය තිබෙන්නක්. ඔබ කියන කතාව එක අතකින් හරි. එනම්, මාංශ කිව්වම ගවයා පූජනීය සහ අනෙකුත් උන් කෑමට සුදුසු ලෙස දක්වනවා නම් එක කුහකකම. ඇලීම වසා ගැනීම. හොර හිත. නමුත් ඒ ඒ සංස්කෘති අනුව සහ පරිසර සාධක අනුව ඒ ඒ සතුන් වැදගත් වනවා. ගවය එසේ බැලුවම වාරි සංස්කෘති අතර ප්‍රධානයි.
සිංහල කියනුයේ බෞද්ධ දර්ශනයෙන් පෝෂිතව ඉහලට නැගෙනා සංස්කෘතික හර පද්ධති සමූහයක් විනා පංචස්කන්ධ රැලක් නොවේ. එහි core එක එයයි. නැත්නම් මධ්‍යය. සිංහල බුද්ධාගම කියාගන්න අය ගැන නම් මේ කතා සාර්ථකයි මාත් පිලිගන්නවා. නමුත් ආගම සහ දර්ශනය පටලවන්න එපා. බෞද්ධ දර්ශනය එනම් බෞද්ධයා සහ සිංහල බුද්ධාගම් කාරයා යනු දෙකොටසක්. එතන බොදුබල සේනා සහ වෙනත් අයත් ඉන්න පුළුවන්. විවිධ විපරීත සංස්කෘතීන් තියෙන්න පුළුවන්. එමනිසා සිංහල කියන කොටසට වඩා බෞද්ධ යන සන්දර්භය සාර්වත්රයි. එක සිංහල කියන එකට කොටු කරන්න බෑ. ඒ කියන්නේ අයිතිය කියාපාන්න බෑ.
නමුත් සිංහල යන කුලකය සාධනීය එකක්. එතන මේ දැන් තිබෙන්න වගේ විකෘත බුදුදහම, වික්ටෝරියානු බහුභූත, බටහිර විපරීත මනොලෝක තිබුනේ නෑ. එය දර්ශනය, අත්දැකීම් මත පදනම් වූ විවෘත සංස්කෘතික ලක්ෂණ දරුවක්. නුවර යුගයෙන් පසු මේ දේවල් වෙනස් වෙනවා විශේෂයෙන් ම නායක්කර් වරු එන විට, ඒවගේම රදල යයි කියාගන්න රැළක් බිහි වීමෙන් පසු. එතන බල ආරගලය ඇරෙන්න වෙන දෙයක් නැහැ. නමුත් ඔවුන්ගේත් ප්‍රතිපත්ති තිබුනා. දැන් ඉන්න විවේචකයෝත් විචාරකයොත් උටෝපියනුවොත් ප්‍රතිපත්ති රකින්නෙත් නෑ, අනුන්ව විවේචනය කලාට බුදුමග යන්නෙත් නෑ. භික්ෂුන්වහ්න්සේත් එහෙමයි. බෝබසේ සහ ඒ ආශ්‍රිත දේවල් අපගමනය වුනේ ඔවුන්ගේ අඩුලුහුඬු (මනසේ) තැන සොයාගෙන දේශපාලන පක්ෂ ඔවුන්ව බිලී බාගත් නිසා. එයට විපරෙතව තිබෙන ආර්ථික සංස්කෘතියත් දේශපාලන සංස්කෘතියත් නොඅඩුව ලුණු ඇඹුල් දැම්ම. මන්ද ඔවුන්ගේ මනස ඕනවට වඩා සංස්කෘතිය පුරවගේම ඔද්දල් වෙලා තිබුන නිසා යම් යම් දේවල් වලින් ඔවුන්ගේ දේවල් දූෂිතව යාමට ඉඩ තිබුන නිසා. ඔවුන්ට වැරදුනේ තමන්ගේ දර්ශනය ආරක්ෂා වන්නේ තමා තුල බව නොදැනීම. එය අනෙත් යට සම්ප්‍රේෂණය කරන්නට තාර්කිකව හැකියාවක් නොලැබීම. නමුත් එහි දැනට කලහකාරී භික්ෂුන්වහන්සේ ගත්තත් වැරදි දේවල් නිවැරදි කරන්න (උදාහරණයකට වැලන්ටයින් දවසේ ගුබ්බයම් වලට රිංගීම වගේ දේවල්) නිවැරදි දේ වඩා අර්ථවත් කරන්න යම් යම් දේවල් කරපු අය.
මේ ප්‍රශ්නයේ පැති හතරක් තිබෙනවා. ඔබ දකින පැත්ත, අනෙත් අය දකින පැත්ත, නිවැරදි සහ වැරදි පැත්ත යනුවෙන්. ඔබ සිංහල බුද්ධාගම බිහිවුනේ මන්ද කියා සන්සුන්ව සොයාබලන්න. ආගමික ලක්ෂණ බුදුන්ගේ දර්ශනය නොවේ. නමුත් බුදුකෙනෙඋ වන්නට සාමාන්‍ය පුද්ගලයන්ට බැහැ. ආගමික ලක්ෂණ නැති රටවල් නැහැ. මෙය හුදු හැම දෙනාම කියවන එක පැත්තනේ. කෝ මෙය ඛණ්ඩනය තර්කානුකූලව මේ අයව නිවැරදි කිරීමේ මාර්ගය පෙන්වීම? ඔබ කියනාක් මෙන් ඔවුන් පහර දෙන්නට එන්නේ තර්කානුකූලව තමන්ගේ නිගමන කියන්නට බැරි නිසා නේ. බෞද්ධ දර්ශනය තර්කානුකූලයි. මේ ලියමන හුදෙක් ප්‍රශ්නය දෙස උඩින් බලා තමන්ට අහුවෙන ටික ගෙනහරපෑම නේ. මුස්ලිම් වරුන්ට විර්රුද්ධව ගව ඝාතනය හෙළාදැකීම. එහෙම කිව්වම ඝාතනය කරන අය හෝ එයට එරෙහිවන අය නවත්තන්න මෙහි තිබන තර්කානුකූල ස්වභාවය කුමක්ද? වේරමණී හෝ පටිවිරතෝ ශීල ශික්ෂා රකින්නේ නැහැනේ පෘතග්ජනයෝ. ඒව තිබෙන්නේ සංඝ යන අෂ්ට පුද්ගලයන්ට ක්‍රමානුකූලව ගොඩනගාගෙන රමණය නොකරන්න. කැමැත්තන් නොබැඳෙන්න. වේරමණී ශික්ෂා පිළිපදින යට ඒ ශීල ස්ථාවර වී ඇති වන්න වූ සමාධිය එනම් සෝවාන් සහ ඊට එහා සමාපත්ති ඇති විට ඒවගෙන පහලට ඒමක් නැහැ. එමනිසා මෙතන ඔබේ තර්කයේ සාධනීය ලක්ෂණ තිබුනත් තාර්කික නැහැ. තාර්කිකව ඛණ්ඩනය කොට නැහැ. මෙහි මූලය කුමක්ද?
ගව මස් නොකන අය ගව මස් කන්න එපා කියන්නේ හුදු සන්ස්ක්රිතිකමය ලක්ෂණයකට එහා ගිය කරුණක් නිසා කියා ඉවුන්ට කිවහැකියි. එතනදී ඔබට කියන්නට බැහැ ඔවුන් ගවමස් නොකා අනිත් ඒවා කෑම වැරදී කියා. මන්ද ගෙදර බත සරිකර දෙන කෙනා මරාගෙන කන එක සදාචාරාත්මක නැති නිසා. දැන් අර එක්කෙනෙක් අකුණු සන්නායකයක් පෙන්නුවලු ඒ කාලේ පෙන්නලා කිව්වලු අන්න අර භෞතිකවාදය විඤ්ඤානවාදයට උඩින් තියෙන්නේ ඒවගේ එය බිඳින්න ඕන කියල භෞතිකව දියුණුවන්න. එතැනදී ඔහුට තේරුනේ නෑ විඤ්ඤානවාදය ජයගත්තම රකින්න වෙහෙරක් නෑ කියා. අන්න ඒවගේ තර්ක කරල මූලය සොයාගෙන විසඳන්න දන්නේ නැති නිසා තරුණ තරුණියෝ දහස් ගණනක් ටයර් වල ගියා. මේ කාරනේදීත්, මස් සියල්ලම කන ආගමිකයාගේ තර්කයත් ගව මස් නොකන කෙනාගේ තර්කයත් දෙකම සමාන්තරයි ප්‍රතිමුඛයි ඔවුන්ගේ සංස්කෘති වලට අනුව සහ ආර්ථික ප්‍රතිපත්ති අනුව. ඔවුන් ඒ සංස්කෘති අනුව බැඳී සිටිනවා. හරක් හෝ වෙනත් අය මරනවා. මිනිස්සුත් මරනවා. isis හෝ වෙනයම් ස්වරූප වලින්. ඔවුන් ඒ දේවල් විවේචනය කරන්නේ බොක්කේ දඩමස් තියාගෙන. ඒ ගැන ඔබත් හොඳටම දන්නවා. එතකොට ඔබ කියන ඊනියා සිංහල බුද්ධාගම්කරයාගේ තර්කය ඔබ ඒ සංස්කෘතික අත්වැල බිඳ ඒකීයත්වය අරාජික කරන්නේ මන්දැයි යන්න. මොකද සංස්කෘතියක් නැති රටක බැඳීම් අවමයි. බටහිර රටවලට යන්න. ඔවුන් ගේ දානමය ලක්ෂණ ඔබට දකින්නට වන්නේ කලාතුරකින්. එවන් දේවල් බෞද්ධ දර්ශනය මැති උකහාගෙන සංස්කෘතික ලක්ෂණ වලට එබී තිබෙනවා. එතැනදී ඔබ පැහැදිලිව බෝබසේ සහ වෙනත් අයගේ තර්ක පොරවෙන් මුලට ගසන්නාක්මෙන් මඩින්න ගියොත් එතන අවබෝධය ඇති වන්නේ නෑ. ඔබේ ලතින් ඇමරිකානු පරිවර්තන කරන්නෙත් ඒ දේමයි. බෞද්ධ දර්ශනය අවබෝධ කරගන්න පුද්ගලයන්ට මනෝ කියවීම් අරුමයක් නොවේ. නමුත් ඒ පොත්වල සංකීර්ණ කිසිවක් මටනම් නැහැ. ඉංග්‍රීසි පරිවර්තනය කරද්දී ඔබ ඔනවට වඩා යතාර්ථවාදී වෙන්න ගිහින් එහි රසය නැති කරනවා (මා ඔබේ පරිවර්තන කියවා ඇත්තෙමි).
ඔබ සංස්කෘතියකට ආලෝකය ගෙන ආ හැකි පුද්ගලයෙක්. ඒ මඩින්න අවශ්‍ය දේ සූක්ෂමව සැත්කමක් කරන්නක් මෙන් ඉවත් කිරීමෙන්. මෙතන ඔබ කරනේ බෞද්ධ දර්ශනය කෙසේවෙතත් ප්‍රශ්නයේ අනෙත් පැත්ත ගෙන අනිත් සංස්කෘතීන් වල නොකෙරෙන දෙයක් කිරීම. මා මේ කිසි පාර්ශවයක් සාධාරණීකරණය කරනවා නොවේ. ඔහොම කිව්වට ඔය කාරණේ පැහැදිලි වන්නේ නැහැ. මට අනුන්ගේ තර්ක වලට අර්ථ දෙන්නට වුවමනා නැති නිසා නවතිමි.
තෙරුවන් සරණයි.
/
EE / February 28, 2016
තව දෙයක් කිවයුතුයි. ගවමස් නොවේ සියලුම මස් ආනයනය කරනවානම් හොඳයි. මන්ද සත්ව ඝාතන හෝ මස් කෑමට මා නම් කිසිම රුකුලක් දක්වන්නේ නෑ. ඕන අය කොහෙන් කෑවත් කනවා. මෙතන මරන්න ඕන නෑ. සත්තු වතු, මස් කඩ, ක්ෂණික ආහාර, ක්ෂණික ලිංගික හැසිරීම්, මේවා එක් එක් අයගේ ආදායමට සරි වෙලා තිබෙනවා නම් ඒ දේවල් අර්ථ විරහිතයි. සත්වයන් අප සේම නිදහස භුක්ති විඳින්න ඕන. මනුෂ්‍යයා තිරිසනුන්ගෙන් වෙනස් වෙන්නේ ඔවුන් තිරිසනුන්ගේ මරා කන ආහාර දාමයෙන් වෙන්වන්න ඇති හැකියාව නිසා. නැතිනම් අපත් නිකම්ම සතෙක් විතරයි. ඔබ මිනිසුන් ගේ ලේ හීම් වලට විරුද්ධ නම්, සතුන් මරා කෑමට කැමති මන්ද? මුස්ලිම් ප්‍රජාවගේ රැකියා නැති වෙනවටද? එතකොට සිංහල මිනිස්සුන්ගේ හරක් හොරෙන් ගෙනිච්චම ගොවිතැනට කිරිටික ගන්න ඉන්න සතා අරන් දෙන්නේ පොලෝසියෙන්ද?
අනෙත් කරුණ එහෙත්, අවිහිංසාව මතම පදනම් වන බුද්ධාගම වැනි ආගමක් කියා එකක් නැහැ. බුදු දහමේ පදනම තර්කානුකූලව යතාර්ථය විනිවිද දැකීම. අවිහිංසාව එහි එක් කොටසක් පමණයි. බුදුන් පාරමිතා දහයක් පිරුවා මේ එයින් එකක්. ඔබතුමා බෞද්ධ දර්ශනය දන්නවද? ඉන්ද්‍රරත්න ට ඕනේ නම් ගිනිතියා ගන්න දෙන්න. සිවුරක් දාගෙන හිටියට හැම කෙනාම සංඝ ගණයට අයත් වන්නේ නෑ. භික්ෂුන් කියන්නේ සංඝ ද කියන එක ඔබ ස්වාක්ඛාතෝ සහ සුපටිපන්නෝ ගාථා දෙක ට බහා බලන්න. ආ ඒවටත් දීල තියෙන්නේ අර ඔලුවේ තියාගෙන යන සංස්කෘතිකමය ලක්ෂණ නේ. මට පේන විදිහට ඔබෙත් ඔවුන්ගේත් වෙනසක් නෑ. සාපේක්ෂ වෙනසක් පමනය් තිබෙන්නේ. :)
/