26 April, 2024

Blog

ඇයි, රටකට හඳහනක් නැද්ද?

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

දැන් බලන්නේ ජනාධිපතිවරයාගේ හඳහනයි. එනම්, ඔහුගේ කලදවස සරු වීමේ සුභ නැකත ගැනයි. මේ ජනාධිපතිවරයා බලයට ආ දා සිට ඔහුගේ කලදවස සරු වන තරමට රටේ කලදසාව නරක් වූ බව දැන් අපි දනිමු. එය වටහා ගැනීමට, යුද්ධයෙන් පසු රාජපක්ෂ ගෙනා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන විතරක් වුවත් සිතා බැලීම ප‍්‍රමාණවත් ය. ඒ මදි නම්, සරත් ෆොන්සේකාට සහ අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට සැලකූ ආකාරය ගත හැකිය. මේ දෙන්නාම, රටේ ඉතිහාසය තුළ තීරණාත්මක ආකාරයකින් රාජපක්ෂ බලය තහවුරු කළ අයවළුන් ය. සරත් ෆොන්සේකාගේ යුද ජයග‍්‍රහණය හරහා තමාගේ දේශපාලනික හයිය සරි කර ගත් මහින්ද රාජපක්ෂ, ඊළඟට, ශිරානී බණ්ඩාරනායකගේ ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය යටතේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ව්‍යවස්ථාමය ඒකාධිපතිත්වයත් සරි කර ගත්තේය. අන්තිමට ඒ දෙන්නාටම එකම හැන්දකින් ඔහු බෙදුවේය.

ළමයෙකු නැලවීමට කියන බොරුවක් වැඩිහිටියෙකු රැුවටීමට අප කියන්නේ නැත. හේතුව, එම ළමා බොරුව වැඩිහිටියා විශ්වාස නොකරති යි යන අඩමානය නිසා පමණක්ම නොවේ, ළමා බොරුවකින් රැුවටීමට උත්සාහ කිරීම තමාගේ වැඩිහිටි ගර්වයට අපහාසයක් වශයෙන් එම වැඩිහිටියා ගනිති යි යන සැකයත් නිසා ය. මේ නිසා නත්තල් සීයාගේ කතා රටක ජනතාවකට කීමට සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙකු පෙළඹෙන්නේ නැත.

මහින්ද රාජපක්ෂ යනු ‘සාමාන්‍ය’ රාජ්‍ය නායකයෙකු නොවේ. චන්ද්‍රිකා කුමාරණතුංග විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන බවට ජනතා විමුක්ති පෙරමුණට ලිඛිතව පොරොන්දු වූවාය. ඇය බලයේ සිටි 11 අවුරුද්ද තුළ ඒ පොරොන්දුව ඈ ඉෂ්ට කෙළේ නැත. ‘සාමාන්‍ය’ රාජ්‍ය නායකයෙකු/නායිකාවක් එසේ ය. මහිින්ද රාජපක්ෂත් එම පොරොන්දුවම දුන්නේය. එහෙත්, චන්ද්‍රිකා සේ ඔහු එම පොරොන්දුව ඉටු නොකොට පැහැර හැරියා පමණක් නොව, එම පොරොන්දුවේ ඉඳුරා ප‍්‍රතිපක්ෂයට යමින්, 18 වැනි සංශෝධනය හරහා එය තවත් තිරිහන් කොට, ජීවිතාන්තය දක්වා වුවත් එම තනතුරේ තමාට රැුඳී සිටීමට අවශ්‍ය කරන ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනත් සකසා ගත්තේය. ඔහු ‘අසාමාන්‍ය’ නායකයෙකු වන්නේ එබැවිනි.

ඉතිං, ජනාධිපතිවරයාගේ හඳහන හොඳ වීම, අනිවාර්යයෙන්ම අනිත් පැත්තට, රටේ හඳහන නරක් වීමක් වන බව නිසැකයි. ඒ හඳහනේ අනිත් පැත්තේ, රටේ ජනතාවගේ හඳහන ‘අලිඛිතව’ ලියැවී තිබේ. ඒ නිසා දෝ, නක්ෂස්ත‍්‍රකරුවන් පුද්ගලයන්ට හඳහන් හැදුවාට රටවල්වලට වෙනම හඳහන් හදන්නේ නැත. හේතුව, රටක් හරියටම ඉපැදුනු දවසක් බලා ගන්නට පුලූවන් කමක් නැති නිසාත්, රාජ්‍ය නායකයාගේ හඳහනේම අනිත් පැත්තේ රටේ හඳහනත් අනිවාර්යෙන් සටහන් වී තිබීමත් නිසා වන්නට පුලූවන.

මහින්ද රාජපක්ෂගේ හඳහන ලිවීමේදී නක්ෂස්ත‍්‍රකරුවන් කෙළේ, ඒ වන විටමත් ලියැවී ඇති ‘ග‍්‍රහ මාරුවකට’ මහින්ද රාජපක්ෂගේ නම ඇතුළත් කිරීම පමණි. මෙය සමාන වන්නේ, ඉස්පිරිතාලයක් ළඟ ඉන්නා සාස්තරකාරයන් අත බලා කියන තොරතුරුවලටයි. ඔහු බලන අත්වල රේඛාවන්ගෙන් එම පුද්ගලයාට රෝග බිය ඇති බව ඔහු ‘නිවැරදිව’ කියයි. අළුත්කඬේ ඉන්නා සාස්තරකාරයා අත බලන කෙනෙකුට කියන්නේ නඩුහබ තිබිය හැකි බවයි. ඔවුන් කරන්නේ, අදාළ පුද්ගලයා සිටින පරිසරය සහ ඊට අදාළ තවත් සාධක ගණනාවක් ගැන සිතා, බොහෝ දුරට නිවැරදි විය හැකි දත්ත කිහිපයක්, අල්ල අයිති පුද්ගලයාට කීමයි.

ඒ ආකාරයෙන්ම, 2005 දී නක්ෂස්ත‍්‍රකාරයන් මහින්ද රාජපක්ෂට කීවේ, ඒ අවස්ථාවේ ඔහු වටා තිබුණු පරිසරය විසින් කියා දුන් දත්ත කිහිපයකි. ඒ පරිසරය ඔහුට තනා දුන්නේ තමා බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා දැන් කියයි. ‘හෙල්පිං හම්බන්තොට’ සිද්ධියේ දී තමාට හිරේ දැමිය හැකිව සිටි මහින්ද රාජපක්ෂව එම චෝදනාවෙන් නිදොස් කොට ගෙදර යැවීම ගැන සරත් නන්ද සිල්වා දැන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටී.

කෙසේ වෙතත්, ඔහු කියන එක කාරණයක් සමග එකඟ වීම අසීරුයි. ඔහු විසින් මහින්ද රාජපක්ෂව අධිකරණය හරහා නිදොස් කළ පමණින් මහින්ද රාජපක්ෂ 2005 ජයගත්තේ නැත. ඇත්ත, ‘හෙල්පිං හම්බන්තොට’ සම්බන්ධයෙන් මහින්දව වැරදිකරු කරනු ලැබුවේ නම්, 2005 දී ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව නිසැකවම නොලැබී යන්නට තිබුණි. එහෙත් එහි අනිත් පැත්ත, එනම් නීතියෙන් නිදොස් කළ පමණින් රාජපක්ෂ 2005 ජයගත්තේ යැයි කීම පටු අර්ථ ගැන්වීමකි. 2005 ජය ගැනීමට මහින්ද රාජපක්ෂට සරත් නන්ද සිල්වාට වඩා ආධාර කළ වෙනත් පුද්ගලයෙකු සිටියේය. ඒ, වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ය. ඔහු එම උදව්ව කෙළේ, 2005 දී උතුරු නැගෙනහිර ඡුන්ද වර්ජනය කිරීමෙනි. එසේ නොවිණි නම්, මහින්ද රාජපක්ෂ එම ජනාධිපතිවරණය ජයගත් ඡුන්දවලට වැඩි ඡුන්ද ප‍්‍රමාණයකින් එදා ජය ගනු ඇත්තේ රනිල් වික‍්‍රමසිංහයි. මේ නිසා, මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය එක් ප‍්‍රධාන සාධකයකට අප ලඝු කරන්නේ නම්, ඒ සරත් නන්ද සිල්වා නොව, වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ය.

දැන් මේ කාරණා දෙක එකට ගත් විට, මහින්ද රාජපක්ෂගේ එදා හඳහන අනිත් පැත්තේ, රටේ හඳහනට අමතරව වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ හඳහනත් ලියැවී තිබුණි. ප‍්‍රභාකරන්ට එදා වික‍්‍රමසිංහව පෙනුණේ, තමන්ව සාම උගුලක හිර කර ගැනීමට වලිකන කපටියෙකු ලෙසිනි. ඒ නිසා, සිංහල-බෞද්ධ මතවාදය හිසින් ගත් මහින්ද රාජපක්ෂ වැනි නායකයෙකු බලයට පත්වීම ප‍්‍රභාකරන් දුටුවේ, තමාගේ සිහිනය, එනම්, වෙනම රාජ්‍යය ලබා ගැනීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර අනුකම්පාව තමාගේ පැත්තට දිනාගත හැකි පරිසරය තමා වෙනුවෙන් නිර්මාණය කර දෙන පහසු නායකයෙකු වශයෙනි. මහින්ද රාජපක්ෂ සිංහල-බෞද්ධ කමක් ගැන දකුණේ කෑගහන තරමට උතුර වෙන්වීමේ තර්කණය සවිබල ගැන්වෙනු ඇතැ යි යන්න ප‍්‍රභාකරන්ගේ දේශපාලනික උපකල්පනය විය. එහෙත්, කරුණු පෙළගැසුණේ වෙනත් ආකාරයකටයි. ඒ ගැන ආගිය තොරතුරු කවුරුත් දනිති.

කෙසේ වෙතත්, රටේ ජනතාවට මෙහිදී මගහැරෙන එක කාරණයක් තිබේ. එනම්, රාජපක්ෂගේ හඳහන අනිත් පැත්තේ එසේ ලියැවී තිබූ ප‍්‍රභාකරන්ගේ අපලය තරමටම නරක අපලයක් තමන් වෙනුවෙන් ද එදා සිටම ලියැවී තිබුණු බවයි. ප‍්‍රභාරකරන්ට ලැබුණු සබ්බුව ගැන අද උදම් අනන දකුණ, රාජපක්ෂලා තමන්ට සළකන්නේ ඊට වෙනස් අයුරකින් නොවන බව තේරුම් ගැනීම ප‍්‍රමාද කරන්නේ එබැවිනි.

ඊයේ (28) කන්තලේ දී මුස්ලිම් ජනතාවට මේ ජනාධිපතිවරයා දුන් එක් පොරොන්දුවක් අර මුලින් කී නත්තල් සීයාගේ කතා ද පරදවයි. මේ රටේ වෙසෙන සෑම මුස්ලිම් ජාතිකයෙකුටම අඩු වශයෙන් ජීවතේ එක වරක් හෝ මක්කම වැඳ පුදා ගැනීමට රාජ්‍ය සම්පත් යෙදවෙන වැඩ පිළිවෙලක් තමන් ඉදිරියේදී සම්පාදනය කරන බව ඔහු කීවේය. ලංකාවේ මුස්ලිම් ජනගහනය මිලියන 2 කට ආසන්නයි. එම ප‍්‍රමාණයෙන් ලක්ෂ පහක් මේ වන විට මක්කම ගොස් ඇතැ යි උපකල්පනය කළත්, තව ලක්ෂ 15 ක් මක්කම වන්දනාව සඳහා ඉතිරිව සිටිති. සාමාන්‍යයෙන් මාසයක කාලයක්වත් ගත වන මේ වන්දනාව සඳහා එක පුද්ගලයෙකු සඳහා වැය වන අඩුම වියදම ලක්ෂ 5 කි. ඒ අනුව, මේ මුළු පිරිස සඳහා රජය දැරිය යුතු දළ වියදම රුපියල් කෝටි 75,000 කි. මේ වනාහී, ගලගොඩඅත්තේ ඥානසාර නැමැති භික්ෂුවගේ වටිනාකම ය. එක භික්ෂුවක් ඒ සා වටිනාකමකින් යුක්ත වීම අපට ප‍්‍රශ්නයක් නොවේ. අපේ ප‍්‍රශ්නය වන්නේ, ඔහු සඳහා වන ඒ වියදම මහිින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ සාක්කුවෙන් වෙනුවට අපේ සාක්කුවෙන් දැරීමට සිදුවීමයි.

ඊළඟට, මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂට ජනාධිපති ධුරයේ සිටීමට සිදුවන කාලය කොච්චරද?

වසරකට මක්කම වන්දනාවේ යාම සඳහා සෞදි අරාබියෙන් නිකුත් කරන වීසා කෝටාවක් තිබේ. රටින් රටට එය වෙනස් වන අතර ලංකාවට අවුරුද්දකට ලැබෙන්නේ හජ්ජි වීසා 3000-5000 ත් අතර ප‍්‍රමාණයක් පමණි. එසේ හෙයින් ලංකාවේ සෑම මුස්ලිම් ජාතිකයෙකුම මක්කම යැවීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමට තව වසර 300 ක් ගත වෙනු ඇත.

රටක ජනතාවක් බබ්බු වශයෙන් සළකන රාජ්‍ය නායකයෙකු ඒ රටේ ජනතා අභිමානයට නිගා කරන්නෙකි. ඔහුට ජනතාව යනු තමාගේ දාම් ලෑල්ලේ එහා මෙහා කැරැුවිය හැකි ඉත්තන් රංචුවකි. ඉතිං, ප‍්‍රකෝටි ගණන් ලෝක ප‍්‍රජාවගේ ආගමික නායකයා වන පාප් වහන්සේගේ ලංකා ගමනත් පරදුවට තබමින්, මෝඩ ජ්‍යොතිෂඥයෙකු කියන පරිදි ජනාධිපතිවරණයේ දවස තීරණය කරන රාජ්‍ය නායකයෙකුගේ හඳහන රටට හොඳ හදහනක් වීමට නම් පුලූවන් කමක් නැති බව හුදී ජනයා දත යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    මම නම් හැමදේටම නක්‍ෂාත්‍රකරුවන් විමසන්නටවත් හඳහන බලන්නටවත් යන්නේ නැත. නමුත් මගෙ බිරිඳ එ් කාරිය කරයි. ජනාධිපතිවරයා සුභ නැකත් අනුවම වැඩ කරන්නේ නම් එය ඔහුගේ කාරියකි. එ් ගැන තවකෙකුට විවේචනයක් තිබිය නොහැත. ජනාධිපතිවරයා රටට හොඳ කරන තාක්කල් ඡනතාව ඔහු සමගය. ජනාධිපතිවරයාද විපක්‍ෂ නායකයාද රටට හොඳ යන්න සංසන්දනාත්මකය බැලූ විට මට නම් පෙනෙන්නේ විපක්‍ෂ නායකයාට වඩා ජනාධිපතිවරයා හොඳ බවයි.

    වියන්ගොඩ මෙම ලිපිය රාඡපක්‍ෂ ජනාධිපතිවරයාගේ සහ පිරාපකරන්ගේ හඳහන් ලාංකික අපට කල බලපෑම ගැන ඔහුගේ කෝනයෙන් ලියන අතරම ජනාධිපතිවරයා මුසල්මනයන් මක්කම යැවීම ගැනද ලියයි. මක්කම යන්න ඔක්කොටම සවුදියෙන් වීසා දෙන්නෙ නැත්නම් රාඡපක්‍ෂගෙ පොරොන්දුවෙ වැරැද්දක් නෙවෙයිනෙ. විපක්‍ෂ නායකයා එක කාලයක තරුනයන්ගෙන් චන්දය ගන්නට රත්තරන් බ්‍රේස්ලට් දෙන්නට පොරොන්දුවූ හැටි වියන්ගොඩලාට මතක නැත. රාඡපක්‍ෂගේ හඳහන ඔහුට හොඳ උවත් රටේ ජනතාවට එය හොඳ නොවන බවට වියන්ගොඩ ගෙනෙන තර්ක පුහු බවයි මට නම් පෙනෙන්නෙ.

    1976 මැයි 16වනදා ITAK වටුක්කොටෙයි පක්‍ෂය සම්මේලනයේදී ‘ඊලම’ දිනාගැනීම සඳහා චෙල්වා ප්‍රමුඛ දෙමළ නායකයින් යුද්ධය ප්‍රකාෂ කලේය. එදින සිට 2009 තෙක්ම ශ්‍රි ලංකාව දෙකඩ කිරීමේ මරාගෙන මැරෙන කෘර යුද්ධයක් චෙල්වාගේ ගෝල බාලයින් විසින් අඩු වැඩි වශයෙන් දියත් කෙරිනි. ඡේඅාර්ගේ සාමකතාවලටවත්, වන්ද්‍රකාගේ සාමකතාවලටවත්, රනිල්ගේ සාමඅැග්‍රිමන්ට්වලටවත් ශ්‍රි ලංකාවට යුද්ධය නතරකිරීමටවත් සාමය ගෙන එන්නට බැරිවිය. එ් කියන්නෙ එ්කාලයේ ඡේඅාර්ගේ, වන්ද්‍රකාගේ සහ රනිල්ගේ හඳහන එ් අයට හොඳ උනත් රටේ වැසියන්ට නම් හොඳවී නැති බවයි.

    යුද්ධය නතර කර ශ්‍රි ලංකාවට සාමය උදාවුනේ 2009 මැයි 18වනදාය. ශ්‍රි ලංකාවට සාමය උදාකලේ ඡේඅාර්ගේ සාමකතාවත් චන්ද්‍රිකාගේ සාම තවලම් සහ බොරු යුද්ධවත්, රනිල්-ප්‍රභා අැග්‍රිමන්ටිඑක වත් නොව මහින්ද රාඡපක්‍ෂ දියත්කල තීරනාත්මක යුද්ධයයි. ප්‍රකෝටි ගනන් මුදල් සහ දහස් ගනන් ඡීවිත නාස්ති කල චන්ද්‍රකාගේ සහ අැගේ මාමාගේ බොරු යුද්ධ සහ සාම තවලම් යෑම අවසානයේ එනම් 2000 අප්‍රියෙල් වනවිට කොටි යාපනය වටකර පහර දුන්නා. කොටු වී සිටි හමුදාව ගෙන්වා ගැනීමට ඉන්දියාව නැව් දෙන්නටත් ඉදිරිපත් උනා.

    කාෙන්කර සිටි Maj Gen ෆොන්සේකා යාපනයේ හමුදා අනදෙන නිලධාරියා වශයෙනුත් Maj Gen ඡානක පෙරේරා OOC (Security Forces Commander) වශයෙනුත් වන්ද්‍රිකා තීරනයකල නිසා යාන්තම් යාපනය බේරා ගත්තා. නමුත් ෆොන්සේකාටවත් ඡානක පෙරේරාටවත් යුද්ධය ඉදිරියට ගෙනගොස් LTTEය ඉවර කරන්නට බැරි උනා. එසේ කරන්නට බැරිඋනේ අැයි? හමුදාපතිවරුන් සහ අනදෙන නිලධාරීන් පත්කරන්නේත්, මාරුකරන්නේත්, සොල්දාදුවන් බැරැක්ක වලට යවන්නේත් සහ සියලුම අවසාන තීරන ගන්නේත් දේශපාලන අධිකාරිය නිසයි. 2006 වන තෙක්ම LTTEය යුධමය වශයෙන් පරාඡය කිරීමට ශ්‍රි ලංකා හමුදාවන්ට බැරිවූයේ 2005ට පෙර සිටි ඡනාධිපතිවරුන්ට දැක්මක් සහ කොන්දක් නොමැතිවූ නිසයි.

    එනිසා ෆොන්සේකා යුද්ධය දිනුවායයි කියන කතා පුහු කතාය. ලංකාවේ යුද්ධය දිනීමේ මූල්ම ගෞරවය යන්න ඔිනෑ යුධ හමුදාපති ෆාෙන්සේකාට නොවෙයි ඡනාධිපතිවරයාටයි. රාඡපක්‍ෂලා යුද්ධය දිනූ බවට හොඳම සාක්‍ෂිය තමයි ඡ්‍යාත්‍යන්තරයයි කියා ගන්නා (LTTEය පෝෂනය කල) පරන අධිරාඡ්‍යවාදී බලවත් රටවල් වල යුද්ධය අවසාන කාලයේ ක්‍ර්‍රියාවලිය. කොටි මිනිස් බෝම්බ පුපරවා ගන්නා කාලයේ ‘වෝ ක්‍රයිම්’ කතා තිබුනේ නැහැ. යුද්ධය යන අතර කොටින්ට යුද්ධය නවත්වා තුන්වෙනි පාර්ෂවයකට බාරවෙන්න කිව්වේත් නැහැ. නමුත් කොටි කොටුඋනහම අවසාන මොහොතේදී අධිරාඡ්‍යවාදී රටවල් ඔවුන්ගේ විදේශ අැමතිවරුන් තිදෙනෙක්ම ශ්‍රි ලංකාවට එවා කල්ලිය තුන්වෙනි පාර්ෂවයකට කොටි බාරදෙන ලෙස ඡනාධිපතිවරයාට බලපෑම් කලා. ලෝකයේ බලවත්ම මිනිසා වන ඔබාමාත් එයම රාඡපක්‍ෂට කීවා. රාඡපක්‍ෂ ඡනාධිපතිවරයා ඔවුන්ගේ ඉල්ලීම් ඉවත දමා කොටි විනාශ කල නිසා රටට සාමය ලැබුනා අධිරාඡ්‍යවාදී රටවල් රාඡපක්‍ෂගෙන් පලි ගන්නනට ‘වෝ ක්‍රයිම්’ චෝදනා එල්ල කරනවා.

    සුදුසු යුධ ලේඛම්වරයෙක් හමුදාපතිවරුන් සහ අනදෙනනිලධාරීන් පත්කරන්නටත් යුද්ධය ඉවරවනතෙක් හමුදාවන්ට සටන් කරන ලෙස සහ LTTEය විනාෂ කරන ලෙස අන දෙන්නට කොන්දක් තිබුනේ මහින්ද රාඡපක්‍ෂ ඡනාධිපතිවරයාට පමණයි. එනිසයි 2009 මැයි 18වනදා යුද්ධය ඉවර කිරීමට හැකිවූයේ. LTTEය විනාෂ කල නිසයි අද ශ්‍රි ලංකාවේ හතර දික් භාගයේම සාමය තිබෙන්නේ. නමුත් පුදුමය නම් වියන්ගොඩලා කියන්නේ මහින්ද රාඡපක්‍ෂ (හඳහන නිසා) ඡනාධිපතිවීම රට වැසියන්ගේ අභාග්‍ය බවයි.

    නියමිත කාලයට පෙරම තමන්ව එපා නම් සහ 18වන සංශෝධනය වැරදිනම් තීරනයක් ගන්න මහින්ද විසින්ම මහඡනයාට අවස්ථාව දීල තියනවනෙ. ඉතින් මහින්ද රාඡපක්‍ෂගේ හඳහන හොඳ විම ශ්‍රි ලංකාවේ වැසියන්ට නරක වන්නේ කෙසේදැයි වියන්ගොඩ අපට කිවයුතුයි.

  • 0
    0

    Neha. No.

    Only for people and dogs.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.