20 April, 2024

Blog

ශ‍්‍රී ලංකාවේ හමුදාකරණයක් නැතැයි කීමට ජී.ඇල්. පීරිස් හේතු සොයාගන්නේ කොහෙන්ද?

‘‘ග‍්‍රව්න්ඞ් වීව්ස්’’ වෙබ් අඩවිය –

ශ‍්‍රී ලංකාවේ වර්තමාන විදේශ ඇමති ජී. ඇල්. පීරිස්ගේ ප‍්‍රකාශයක් ගැන ගිය වසරේ අපේ‍්‍රල් මාසයේ ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත ලියූ වැකියක් ඔහු පිළිබඳ අපූරු චිත‍්‍රයක් සපයයි: ‘‘පශ්චාත්-නිදහස් ශ‍්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයෙකුගේ ලොකුම අවිචාරවත් බව’’.

ඔහුගේ පාරිභාෂික පීලි පැනීම් ගැන චෝදනා කිරීම අපගේ අරමුණ නොවෙතත්, පිට පොට පටලවා ගැනීමට ඔහු දක්වන විශේෂ නැමියාව ගැන සළකන කල, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්තුමියගේ ශ‍්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව මේ ඇමතිවරයා ලන්ඩනයේ දී කරන ලද ඇතැම් ප‍්‍රකාශ අපේ උනන්දුව ඇවිස්සුවේය.

ශ‍්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පෙදෙස්වල ඇති වෙමින් තිබෙන හමුදාකරණය ගැන නවී පිල්ලේ මහත්මිය කළ ප‍්‍රකාශය, ඊට පෙර තවත් බොහෝ දෙනා ද විශේෂයෙන් පෙන්වා දෙන ලද කාරණයක් වෙතත්, ඒ ගැන අපේ විදේශ ඇමතිවරයාට හොඳටම කේන්ති ගොස් තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියත්, ‘ඬේලි මිරර්’ පුවත්පත සහ තවත් වෙබ් අඩවිත්, ශ‍්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා උපුටා දක්වමින් මෙසේ කියයි: ‘‘කෙනෙකු බිය ගන්වන ආකාරයෙන් උතුරේ හමුදාව සිටීම සහ එම පළාතේ ජනතාව සහ කාන්තාවන් තුළ ඇති කෙරෙන බිය ගැන මහකොමසාරිස්තුමිය කතා කරයි. එම මතය එකහෙලා ප‍්‍රතික්ෂේප කළ විදේශ ඇමතිවරයා, කොළඹ සිටි එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සම්පාදනය කළ වාර්තාව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්තුමිය කියවා නොතිබීම කණගාටුවට කරුණකැ යි කීවේය. එය, මෙම මතය බොරු කරන්නක් බව ඔහු කියයි. ඔහුට අනුව, මේ නිලධාරීන්ව පත්කොට ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයමයි. ඔවුන් සාකච්ඡා කළ 200 කට ආසන්න පළාත්වාසී පිරිසකගෙන් සියයට 99 ක්ම එහි ජීවත් වීම ගැන තමන් සෑහීමකට පත්වන බව ප‍්‍රකාශ කොට තිබේ. ‘‘එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින්ම සම්පාදනය කළ එම සාක්ෂි ඇය නොතකා හරින්නේ ඇයි? එය, පූර්ව=විනිශ්චයක ඇය සිටි බවට අගනා සාක්ෂියකි’’ යි විදේශ ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මෙහි දී පැන නගින ඉතා සරළ ප‍්‍රශ්නයක් තිබේ: විදේශ ඇමතිවරයා හුවාදක්වන මෙකී සංඛ්‍යා ලේඛන ඇතුළත් මේ කියන එක්සත් ජාතීන්ගේ වාර්තාව කුමක් ද? ඇමතිවරයා කියන්නේ, ‘සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා’ 2013 ජුනි හෝ ජුලි මාසයේ දී විද්‍යුත් තැපැලෙන් යවන ලද (එහෙත් වෙබ් අඩවියේ ලියන මොහොතේත් එළිදැක නොතිබුණු) යම් වාර්තාවක් ගැන ද? එය එසේ නම්, ඇමතිවරයා ලන්ඩන් නුවර දී මාධ්‍යයට සහ වෙනත් අයට දැනුම් දෙන ලද ඉහත සඳහන් කරුණු මොන විදිහකින්වත් සනාථ කරන කිසිවක් ඒ කියන වාර්තාවේ අඩංගු නොවන බව ඉඳුරා කිව යුතුය.

එම වාර්තාවේ පිටපතක් ‘ග‍්‍රව්න්ඞ් වීව්ස්’ වෙබ් අඩවිය සතුව තිබේ. එහි සඳහන් ප‍්‍රස්ථාර මගින් පෙන්නුම් කරන්නේ පහත සඳහන් චිත‍්‍රයයි:

1. ලියාපදිංචි කිරීම සඳහා හැරුණු කොට, හමුදාව/සී.අයි.ඩි. ය, සම්මුඛ සාකච්ඡුා සඳහා ඔබේ නිවසට පැමිණ තිබේ ද?

මෙම ප‍්‍රශ්නයට ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් ප‍්‍රතිශතය යාපනේ සියයට 5 කි. මන්නාරමේ සියයට 4 කි. ත‍්‍රිකුණාමලේ සියයට 3 කි. කිලිනොච්චියේ සියයට 51 කි. මුලතිව් සියයට 47 කි. වව්නියාවේ සියයට 53 කි.

ඉහත සඳහන් සියලූ දිස්ත‍්‍රික්ක ගත් විට එය සියයට 29 කි.

2. හමුදාව (පාබල, නාවුක සහ ගුවන්) මගින් ඔබේ පවුල් ලියාපදිංචි කරනු ලැබුවේ ද?

මෙම ප‍්‍රශ්නයට ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් ප‍්‍රතිශතය යාපනේ සියයට 59 කි. මන්නාරමේ සියයට 100 කි. මුලතිව් සියයට 95 කි. ත‍්‍රිකුණාමලේ සියයට 83 කි. කිලිනොච්චියේ සියයට 99 කි. වව්නියාවේ සියයට 90 කි.

ඉහත සඳහන් දිස්ත‍්‍රික්ක සියල්ල ගත් විට ප‍්‍රතිශතය සියයට 87 කි.

3. ඔබේ නිවසේ සිට ළඟම ඇති හමුදා කඳවුරට (පාබල, නාවුක, ගුවන්* හෝ මුරපොලට ඇති දුර කොපමණ ද?

එය, සැතපුමකට අඩු දුරකි යි කියන ප‍්‍රතිශතය, යාපනේ සියයට 57 කි. කිලිනොච්චියේ සියයට 58 කි. මන්නාරමේ සියයට 29 කි. මුලතිව් සියයට 82 කි. ත‍්‍රිකුණාමලේ සියයට 38 කි. වව්නියාවේ සියයට 49 කි. සියලූ දිස්ත‍්‍රිකක් ගත විට සියයට 57 කි.

මෙය හැරුණු කොට, ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිකුත් කරන ලද, එහෙත් තවමත් ප‍්‍රසිද්ධියට පත්ව නැති, අපේ විදේශ ඇමතිවරයාට පමණක් තොරතුරු ලබාගත හැකි, වෙනත් වාර්තාවක් තිබේ ද? නොඑසේ නම්, විදේශ ඇමතිවරයා දොඩවන මේ වල්පල් පදනම් වන්නේ කුමක් මත ද?

ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය පදනම් වන්නේ, දත්ත මත ද, නැත්නම් ප‍්‍රබන්ධ මත ද?

*ග‍්‍රව්න්ඞ් වීව්ස් වෙබ් අඩවියේ පළවූ Where does G.L. Peiris get his facts on militarisation in Sri Lanka?ලිපියේ සිංහල පරිවර්තනය  ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    කෙනෙකු අධ්යාපනය තුලින් කොතෙකුත් දෑනුම ලදද එය තමා ජීවත් වන සමාජයේ උන්නතිය යහපත උදෙසා නොව තම පවුද්ගලිකත්වය නෑතිනම් මමත්වය ඉහල නංවා ගෑනීමටත්..සුඛ විහරණය උදෙසාමත්..රටේ ජනයා අසාධාරණයට..පෙලීමට.. ගංකබරයන්ට අනුබල දීමට ඔවුන් සමග එක්වීමට භාවිතා වේ යොදවන මනුශ්යයෙකු නම් ඔහු හෝ ඈය අධ්යාපනය නෑති පොල් කඩන මිනිසෙක් හෝ වෛශ්යාවක් අතර වෙනසක් නොමෑත….සියල්ල ලද අවකාෂයෙන් සොරාකන්නෝ සහ ආත්මය විකුණන්නෝ වෙති…( සොරකම නිර්වචනය උදෙසා ද්‍රව්යමය දෑ භාවිතය ඈවෑසි නෑත..)

    මේ…ලොව කිසිම මනුශ්යයෙකු අධ්යාපනය තුලින් බිහි නොවන බව පෙන්වන කදිම උදාහරණයයි …

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.