27 April, 2024

Blog

ලිමිණිට ලියුමක්

ගෘෂා ඇන්ඩ්රූස්

ලිමිණි,

ඔයා ඔයාගේ අම්මයි තාත්තයි පුතයි එක්ක රටින් පැනල ගිහින් වෙන රටක හැංගිලා ඉන්නවා කියල ආරංචියි. ඉන්න තැන කොහේ වුනත් ඔයා හිතන්න බැරි තරම් සැපෙන් ඇති. හැබැයි කර්මය හරි නපුරුයි නේ? ඔයාගේ “වෙන්ඩ ජනාධිපති” සැමියා නාමල් රාජපක්ෂ එක්ක ඔයා ලංකාවේ එක එක අමාත්‍යංශ වල උත්සව වල ප්‍රධාන අමුත්ත විදිහට අරක්ශකයක් පිරිවරාගෙන ගියේ. ඒවා බොහොමයක් නාමල්ට අදාළවත් නැති අමාත්‍යංශ. ඔයාට නම් කොහොමටවත් අදාල නැහැ. එතකොට ඔයාගේ නැන්දම්මා ශිරන්ති එක්ක ඔයා ගිය ගමන් ඊට දෙවැනි නැහැ. ඔයාට වඩා වයස දෙගුණයක් විතර මිනිස්සු හතරගාතෙන් වැටිලා ශිරන්ති රාජපක්ෂට වැඳලා ඒත් එක්කම ඔයාටත් වඳිනවා! ඔයා ඒක නවත්තන්න හදනවා අපි නම් දැකල නැහැ. දැන් කවුද ඔයාට වඳින්නේ ලිමිණි?

කොයිටස් ඉන්ටරප්ටස්!!

ඔයාට මේ දවස් වල වෙලා තියෙන දේ සිංහලෙන් කියන්න පුළුවන් ශිෂ්ටම විදිහ තමයි මම මේ හිත හිත ඉන්නේ. එක අර ලතින් භාෂාවෙන් කියන කොයිටස් ඉන්ටරප්ටස් තත්ත්වයක්. සිංහලෙන් කියනවනම් රමණය කර කර ඉන්නකොට පුරුෂ ලිංගය එක පාරටම ඇදල එලියට ගන්නවා වගේ වැඩක්. ඔයා, නාමල්, ඔයාගේ දෙමවුපියෝ ක්රිස්ප්ටෝ කරන්සි හදන්න රටේ මුදල් සංචිත එක්ක රමණය කර කර හිටිය. ඊට අමතරව නාමල්ගේ පවුලයි ඒ පවුලේ හොර නඩයයි රටේ ආර්ථිකේ එක්ක රමණය කර කර හිටිය. ඊට පස්සේ ඉන්ධන, විදුලිය එක්ක රමණය කර කර හිටිය. එක පාරටම ඒ ඔක්කොම රමණය කිරිල්ල නවත්තල ඉන්න ඕගොල්ලන්ට වෙලා තියනවා. ඔයාගේ “වෙන්ඩ ජනාධිපති” සැමියා නාමල් ගමක තිබුන රැලියක් අමතල කිව්වා “මගේ සම්ප්‍රදායික බිරිඳ – සම්ප්‍රදායික කාන්තාවක් විදිහට කොහොමත් ගෑස් සිලින්ඩරය ගෙදරින් එළියේ තමයි හරි කරලා තියෙන්නේ,” කියල. නාමල් එහෙම කිව්වේ ගෑස් එකක් පුපුරලා අම්ම කෙනෙක් මැරුණට පස්සේ ඒකට ප්‍රතිචාරයක් විදිහට. ඔයා දැන් මේ ලිපිය කියවනවා ඇත්තේ ඔයාගේ පුතාව තුරුළු කරන ඔයාගේ අලුත්ම අයි ෆෝන් එකෙන්නේ? අම්ම කෙනෙක්ව ප්‍රමිතියක් නැති ගස් එකක් පුපුරලා කෑලි කැඩිලා මැරුණ එක අම්ම කෙනෙක් විදිහට ඔයාට දැනෙන්නේ කොහොමද ලිමිණි?

නිර්මාංශ පිසාචයෝ!

ලිමිණි ඔය නාමල් එක්ක විවාහ ගිවිස ගත්තම පත්තර පිටු, වෙබ් පේජ් පුරාවට ඔය සිහල-බෞද්ධ හෙළ කුල කුමරියක් කියල ඔයා ගැන අරගෙන ගියපු කැම්පේන් එක මතකද? පිටු පිරෙන්න ලියල තිබුන ඔයා සිංහල බෙර ගහනවා. මළල ක්‍රීඩා කරනවා. සරලයි; අහිංසකයි; නිහතමානියි; දිව්‍ය කන්‍යාවක් වගේ; හරි ස්වීට්; හරි සම්ප්‍රදායිකයි. අනේ ෂෝක් කියල හිතුන.ආ! තව ලියල තිබුන ඔය නිර්මාංශිකයි කියලත්. ඔයා බිෂොප් විද්‍යාලයේ ඉගන ගන්නකොට ඔයාට ඉගැන්නුවද හිට්ලරුත් නිර්මාංශිකයි කියල. ඔයා, නාමල්, ගෝටාභය​ ජනාධිපති වගේ හිට්ලරුත් නිර්මාංශිකයි. හිට්ලර් මිලියන හයක් යුදෙව්වන්ව මැරුවනේ? දැන් එතකොට ඔය ජනතාවගේ මුදල් ඔය ඔයාගේ අම්මල, තාත්තල, සිය පවුල එක්ක හොරා කාල, ඒ මිනිස්සුන්ගේ රීරි මාංශ උර බොනකොට ඒ ලේ ඔයාගේ දිවට හොඳ රසට දැනෙනවද ලිමිණි? ඔයා තළු මරනවද? ඔයාගේ “නිර්මාංශික” පිගානට කෑම විදිහට එන්නේ රට ජනතාවගේ හොරකම් කරපු රීරි මාංශය. මිනිස්සුන්ගේ ලේ. ඒ මිනිස්සුන්ගේ ලේ වලින් තමයි ඔයාගේ ඇට මිදුළු වල ලේ හැදෙන්නේ. ඔයාගේ පුතාට ඔයා පොවන ඔයාගේ කිරි වල තියෙන්නේ මේ රට අවංක මිනිස්සුන්ගෙන් ඔගොල්ලන් හොරකම් කරපු ඒ මිනිස්සුන්ගේ රීරි මාංශය. ඔයාගේ පුතා ඔයාගේ කිරි විදිහට බොන්නේ අපේ ලේ ලිමිණි! කේසර පුතත් කිරි බිල තලු මරනවද ලිමිණි? දුක් විඳින මිනිස්සුන්ගේ ලේ වලින් හැදුනු ඔයාගේ ලේ කිරි වෙලා ඒ අහිංසක පුංචි පුතාගේ කටට යනවා. ඔයා තාමත් කන්නේ අපේ සාපය. මිනිස්සුන් ඔයාගේ උපන් නුපන් දරුවන්ට හෙණ ඉල්ලනවා. ඔයාගේ නෑනලා දෙන්නගේ උපන් නුපන් දරුවන්ට මිනිසුන් හෙණ ඉල්ලනවා. මිනිස්සු සන්ධ්‍යා එක්නැලිගොඩගේ හිස බූ ගාපු පින්තුර තියන් ඉන්නවා – කාලි අම්ම ඉන්නේ ඥානක්කාට ආවේශ වෙලා නෙමෙයි, ඔයාගේ මිනීමරු පවුල මරල දාපු මිනිස්සුන්ගේ පවුල් වල අයගේ සුසුම් වල කියල මතක් කරගන්න. ඔයත් ඒක මතක් කර ගන්න ලිමිණි. ජනතාවගෙන් හොරකම් කරල, ඔයයි නාමලුයි එකතු වෙලා ක්රිප්ටෝ කරන්සි විදිහට රටින් පන්නල ගොඩ ගහපු සල්ලි වලින් ඔයා කාල – ඇඳලා, නිදියල ඉන්න තුරු ඔයා ලේ බොන පිසාචයෙක් විතරයි. නිර්මාංශ පිසාචයෝ ඕගොල්ල. ලැජ්ජයි!

ශැන්ග්‍රිලා – හැංගිලා

දැන් ලංකාවේ මිනිස්සු ශැන්ග්‍රිලා හෝටලයට කියන්න හැංගිලා එක කියල. ඔයාගේ පවුලේ කට්ටිය සැරින් සැරේ හැංගෙන්නේ ශැන්ග්‍රිලා එකේනේ? ඔයාගේ පවුලේ බත්බැලයෝ සැරින් සැරේ හැංගෙන්නෙත් ඒකෙම තමයි. ඒගොල්ලන්ට ශැන්ග්‍රිලා එකේ ශරීරයෙන් ගිහින් හැංගුනාට වසීම් තාජුඩීන්ගේ ආත්මයෙන්, ලසන්ත වික්‍රමතුංගගේ ආත්මයෙන්, ප්‍රගීත් එක්නැළිගොඩගේ ආත්මයෙන්, ගෑස් එක පිපිරිලා මැරුන අම්මගේ ආත්මයෙන්, ඩිසල් පෝලිමේ මැරිලා වැටුණු තාත්තගේ ආත්මයෙන් හැංගෙන්න පුලුවන්ද? ලිමිණි, ඔයා ඔය හැංගිලා ඉන්න තැන සැප විඳ විඳ ඉන්නෙත් අපෙන් හොරකම් කරපු සල්ලි වලින්. මම ඔයාට අභියෝග කරනවා, පුළුවන්නන් එක ඉන්ස්ටග්‍රෑම් පෝස්ට් එකක් දාන්න. එක ෆේස්බුක් පොස්ට් එකක් දාන්න. ඔයාට එහෙම දාන්න හයියක් නැහැනේ ලිමිණි? නාමල් වෙනස්ම හේතුවකට දැන් ටික කාලෙකට ඉස්සර ඔයාගෙනුත් හැංගිලා ශැන්ග්‍රිලා එකේ හිටිය වගේ තව කොච්චර කල් ඔයා ඉන්නද ඔහොම? මැරිච්ච මිනිස්සුන්ගේ ආත්මය බෙල්ල පිටිපස්සේ හිමින් හිමින් හුස්ම ගන්නකොට ඒකෙන් දුවල බේරෙන්න රහස් ලිෆ්ට් එකක් තියනවද ලිමිණි?

එතකොට ඔයාගේ දෙමවුපියෝ? ඒගොල්ලන් තව කොච්චර කාලයක් හැංගිලා ඉන්නද? සංචාරක අමාත්‍යංශයෙන්, පෝට් සිටි එකෙන් ඔයාගේ තාත්ත හොරකම් කරපු සල්ලි ටික ගන්න එයාට කවද හරි එන්න වෙනවනේ? එතකොට ඔයාගේ අම්ම ලඟදි ඇරපු “බිසී බින්ස්” කොපි කඩේ සල්ලි ගනින්න එයාටත් කවද හරි එන්න වෙනවනේ? ඔයා තනි ළමයෙක් එක්ක ඉන්න තනි ගැහැණියක්. මේ අරගලය කරන මිලියන ගානක් ඇස් කණ් අරගෙන ඉන්න අපි ශ්‍රී ලාංකිකයෝ මිලියන ගානක් ලෝකේ පුරාම! ඔය අපි ඔක්කොමලගෙන්ම බේරිලා කොහේ පැනල යන්නද ලිමිණි?

ලිමිණි ගේ දෙමවුපියොත් ෆේල්

මම තාමත් ටිකක් රොමැන්ටික්. මිනිමස් කෑව කියන ඉඩි අමින්ටත් පෙම්වතියො හිටියනේ? එහෙම එකේ “වෙන්ඩ ජනාධිපති” නාමල් ට කවුරු හරි ආදරේ කරන්න පුළුවන්නේ? හැබැයි ඉතින් ඇත්තටමත්, සංකේතාත්මකවත් අත්වල ලේ තැවරුණු මිනිහෙක්ට දුවව විවාහ කරලා දෙන්න මොණරු වගේ පිල්විදහගෙන පපුව පුම්බ ගෙන යන ඔයාගේ දෙමවුපියෝ වගේ අයව ඇස් වලට දැක්කත් මට අදහගන්න අමාරුයි. ඇත්තටම සමහර දෙමවුපියෝ දරුවන්ගේ ආදරය ඉදිරියේ අසරණයි. දුවෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනු කෙනෙක්, සෙල්ලක්කරයෙක්, මිනිමරුවෙක් එක්ක වුනත් ආදරෙන් බැඳෙන්න පුළුවන්නේ? ඒවාට අම්මල මොනවා කරන්නද? අර බන්දුල ගුණවර්ධන, ගම්මන්පිල, ජොන්ස්ටන්, විරවංශ වගේ අපතයන්වත් බඳින ගැහැණු ඉන්නේ? එහෙම එකේ නාමල් මොකෝ? ඒත් ලිමිණි, ලාභ ලබන බිස්නස් කරන්න දුවල බන්දලා දෙන දෙමවුපියෝ නම් ෆේල්. එහෙම අය ඇත්තටම ජුගුප්සාජනකයි. ඔයාගේ මාමණ්ඩිගේ මල්ලි ගෝටාභය ජනාධිපති විදිහට ෆේල්. ඔයාගේ දෙමවුපියෝ අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක් විදිහට ඊටත් වඩා ෆේල්. ඒ මොකද ඔයාගේ දෙමවුපියෝ ඔයාවත්, ඔයාගේ ආත්මයත් ඔයාගේ ගර්භාශයත් ගණිකා වෘත්තියේ යොදවන්නේ ඔයත් එක්කම එකතු වෙලා ක්රිප්ටෝ කරන්සි හදන්න, ටෙන්ඩර් යටි මඩි ගහන්න, ඩීල් දාන්න. ජනතාවගේ බලවේගය සල්ලි මාලිගාව උඩට කඩා වැටිලා ඔයාව කුඩුපට්ටම් වුනු දවසට ඔයාට තේරෙයි ඔයාගේ දෙමවුපියෝ ඔයාව සල්ලි හදන්න පාවිච්චි කරපු විදිහ. ඒත් ඒකට ඒ තරම් දුක් වෙන්න එපා. ලංකාවෙන් පටන් ගත්තම, ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය හරහා අප්‍රිකාවට යනකම්ම (ඔවු ඔයාගේ හොර පවුලේ අලුතම ක්ෂේමභුමිය උගන්ඩාව තියෙන්නෙත් අප්‍රිකාවේ!) දෙමවුපියෝ තමන්ගේ දුලව ගණිකාවන් වෙන්න විකුණනවා. හැබයි වෙනසකට තියෙන්නේ ඒගොල්ලෝ එහෙම කරන්නේ දුප්පත්කමට; බඩගින්නට. ඩොලර් වලින් බිලියනපතියන් වෙන්න නෙමෙයි. මිනිස්සුන්ගේ සල්ලි වලින් තමන්ට පෞද්ගලික බිස්නස් අධිරාජ්‍ය හදන්නත් නෙමෙයි. එහෙම දුවල විකුණන දෙමවුපියන්ට ඔයාගේ දෙමවුපියන්ට වඩා ආත්ම ගෞරවයක් තියනවා.

නාකි මයිනට අපෙන් පණිවිඩයක්!

අන්තිමට කියන්න තියෙන්නේ ලිමිණි, ඔයාගේ නැන්දම්මා ශිරන්තිට ඔය හැංගිලා ඉන්න තැනක ඉඳල ඔයාගේ පුතා කේසරව පෙන්නන්න වීඩියෝ කෝල් එකක් ගනිද්දී මතක් කරලා ඔයාගේ මාමණ්ඩි මහින්දටත් කතා කරලා මේ ටික කියන්න. එයා මහින්ද මහත්තයගේ ඉඳන්, මහරජානෝ වෙලා, පස්සේ අප්පච්චි වෙලා දැන් නාකි මයින වෙලානේ ඉන්නේ.

ඒ නාකි මයිනට කියන්න අපි දන්නවා කියල මයිනට හරියට ඇවිද ගන්නවත් බැරි ජරාජීර්ණ වුනු, දුර්වල ඇවිදින මිනීමරු මළ කඳක් කියල. මයිනට කියන්න එයාගේ මල්ලි ගෝට ගෙදර යනකන් හරි හිරේ යනකන් හරි අපි අපේ අරගලය නවත්තන්නේ නැහැ කියල. එයාට කියන්න එයත් ගෙදර යනකන් හරි, හිරේ යනකන් හරි එයාගේ සොහොනට යනකන් හරි අපි අරගල කරනවා කියල. ඔය මොකක් හරි ඉස්සෙල්ල වෙන දෙයක් වෙච්චාවේ. අපි ඔයාගේ කල් ඉකුත් වෙච්ච “වෙන්ඩ ජනාධිපති” නාමල්වයි, එයාගේ හොර තක්කඩි මල්ලිලාවයි, ඔයාගේ පවුලේ හොරු රැලයි විගණනය කරන කම් අපි නවතින්නේ නැහැ කියල.

ලිමිණි, ඔයාගේ හොර තක්කඩි පවුලටයි, අර නාකි මයිනටයි කියන්න ඒගොල්ලන්ට යුද හමුදාවයි,පොලිසියයි එක්ක අපිව බේද කරන්න බැහැ කියලා; ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් අපිව බෙදන්න බැහැ කියල. අපිට තේරෙනවා අපේ සිරුරේ දුවන්නේ එකම ලෙය කියල. අපට තේරෙනවා, ඒ ලේ උරා බොන්නේ ඔයයි, ඔයාගේ හොර තක්කඩි පවුලයි සහචරයෝ ටිකයි කියල.

නාකි මයින ජාතිය අමතන්න ඇවිල්ල අපිට “අවවාද කරා” අපේ වැඩිහිටියන් ගෙන් ගිහින් ඉතිහාසය ගැනයි, දේශපාලනය ගැනයි අහගන්න කියල. ඇත්තටම ඒ තර්ජනයක් කරේ. ලිමිණි ඔයා නාකි මයිනට කියන්න වයස 32 වුණු ගෘෂා ඇන්ඩ්රූස් වන මම, මගේ වයස අවුරුදු 82 ක් වයස මගේ ආච්චි අම්මගෙන් ඉතිහාසය ගැන ඇහුව කියල.

නාකි මයිනට කියන්න, මගේ ආච්චි අම්ම මට කියල දුන්න ඉන්දිරා ගාන්ධිව මරපු හැටි.

ඔයා ඒ ටික නාකි මයිනට කියන්න.

එයාගේ වෙවුලන, වයෝවෘද්ධ කකුල් දෙක දිගේ බේරෙන මුත්‍රා පිහිද ගන්න ගමන්, එයා කෝපයෙන් වෙවුලද්දී ඔයා එයාට කියන්න ඉන්දිර ගාන්ධිව මරපු විදිහ අපි දැන ගත්ත, බොහොම ස්තුතියි කියල.

ඔව්, ඔයා එක එයාට මතක් කරලා කියන්න ලිමිණි.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    0

    ම්ලේච්ච දේශපාලකයෝ තමන්ගේ අවංක දේශපාලනය කළා නම් මේ ජාතියට නිසි තැන ලැබෙනවා. එසේ නොකර 2005 සිට ඔවුන් හැසිරුණේ තම සාක්කු පුරවා ගැනීමටය. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂ අත නොතැබිය හැකි තරම් ධනවත් වූයේ කෙසේද යන්න සොයා බැලීමට ස්වාධීන විගණනයකට යාමට කුඩා අය පවා නිර්දේශ කරනු ඇත.

    මම මුළු අවුරුදු 72ටම දොස් පවරන්නේ නැහැ, මම කවදාවත් සියලුම දේශපාලනඥයන්ට පහර දෙන්නේ නැහැ. මේවා යලිත් එයම නොමග යවන දේශපාලන සටන් පාඨ පමණි. එසේම වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතියෙන් අවම වශයෙන් 25%ක් අපක්ෂපාතී, අවංක, දූෂිත දේශපාලනඥයන් ලෙස සැලකිය හැකිය. එසේ වුවද, මහා අපරාධකරුවන්ට එල්ල වන සැබෑ ප්‍රහාර අවම කිරීම පමණක් ඔවුන් සියල්ලන්ටම එක හා සමානව පහර දීම ශාපයකි. ඒකෙන් රටට කිසිම යහපතක් වෙන්නේ නැහැ.

    ඔවුන් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කළ සැබෑ යහපත් දේශපාලකයෝ වූහ. නිදහස් අධ්‍යාපනය ජාතියේ කොටසක් බවට පත් වූවා මිස එය විසින්ම නොවේ. එහි දී සැබෑ යහපත් දේශපාලකයෝ එය ලබා ගැනීමට සටන් කළහ. එය අප සියලු දෙනාම රට පුරා ඉහළ සාක්ෂරතාවක් ඇති ජාතියක් බවට පත් කළේය. එය දකුණු ආසියානු කලාපයේ ඉහළම ස්ථානයයි.

    • 4
      0

      රට තුළ පවතින මාධ්‍ය මාෆියාවේ අනතුර ඔබ තනුක කරන්නේ නම් කරුණාකර පහත කරුණු ඔබෙන්ම ප්‍රශ්න කරන්න! තීරණාත්මක තොරතුරු අවහිර වී ඇත්නම් ඔවුන්ට ජනතාව අතරට යාමට ඉඩ නොදීම අදටත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාධකයයි. ඔබ විසින්ම පුද්ගලයන් 100ක් පමණ සම්මුඛ සාකච්ඡා කළහොත්, ඔබේ සැකයන් වඩාත් පහසුවෙන් පැහැදිලි වනු ඇත.
      .
      1) ගෝඨා ගෙදර යන්න මාරයා හරහා කිරණක් මෙන් පැතිරී යන නමුත් ඒ සමඟම සමස්ත ප්‍රශ්නයේම අපවාදාත්මක මිනිසා, අන් කිසිවකු නොව, ගෝඨා මාට්ටු වන ආකාරයටම තවමත් මහින්ද රාජපක්ෂට පහර දී නොමැත. ඇයි ?
      2) අප දන්නා පරිදි මහින්ද රාජපක්ෂට කොළඹට යාමට තමාගේම වාහනයක් නොතිබුණි, එනම් ඔහුගේ ආදායම් මට්ටම ඉතා පහළ මට්ටමක පැවතුනි – ඔහු 2005 ජනාධිපති වන විට මධ්‍යම පාන්තික පවුලෙන් ඔබ්බට යමින් සිටියේය. කෙසේ වෙතත්, අද ඔහු තම අමතර වගන්සා ජීවිතය භුක්ති විඳියි. උගන්ඩාවේ සිට ගුවන් ගමන් කුලියට ගැනීමෙන් … ඔහු එම කාලය තුළ ලොටෝ දිනූ බවට වාර්තා තිබේද? .. අඩුම තරමින් අද මහින්ද රාජපක්ෂගේ ආදායම් මට්ටම් සෙවීමට සෘජුව සම්බන්ධ විගණන විශේෂඥයින්ට නොහැකි ඇයි ?මෙය ඔප්පු කළ හැකි කරුණු වලින් පිරුණු බිම් යථාර්ථයක් වන විට, ශ්‍රී ලංකාවේ නීතිඥ ප්‍රජාව බිහිරි සහ අන්ධ ලෙස සිටින්නේ මන්ද?
      3)මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනාම මෙතරම් සුඛෝපබෝගී ජීවන රටාවක් ගත කිරීමට කිසි දිනක තමන් විසින්ම වැඩ නොකළ බව විශ්වාස කිරීමට සාක්ෂි ලෙස ප්‍රමාණවත් මූලාශ්‍ර තිබේ, වඩාත්ම වැදගත් දෙය නම්, මේ මිනිසා එතරම් ධනවත් වූයේ කෙසේද???????

      4) ශ්‍රී ලංකාව යනු ඉහල නූගත් මිනිසුන්ගෙන් පිරුණු රටක් නොවේ…. ​​නිදහස් අධ්‍යාපනයට පින්සිදු වන්නට මිනිසුන් ඉහල සාක්ෂරතාවයකින් යුක්තය. මෙම මට්ටම් සංඛ්‍යාලේඛන අනුව ජර්මනිය සහ සිංගප්පූරුව සමඟ සැසඳිය හැකිය. එබැවින් ඔවුන් ඔවුන්ගේ අසල්වැසි රටවල් සමඟ සංසන්දනය කිරීම සාධාරණ නැත.

      to be Continued

    • 4
      0

      රාජපක්ෂලා රාජ්‍ය ආදායම කොල්ල කෑ බව දැන් ජනතාව දැනුවත් කර ඇත. කෙසේ වෙතත්, ඔවුන් කිසිවෙක් සීෂෙල්ස් සහ උගන්ඩාවේ රහසිගත ව්‍යාපාරික ආයෝජන ගැන කරන ලද චෝදනා ගැන එක වචනයක්වත් නොකියයි. එය ප්‍රතික්‍ෂේප කිරීමට පවා ඔවුන් උත්සාහ කරන්නේ නැත. ඔවුන් එක එක විහිලුවට ගන්නවා. ටොන් දුසිම් ගනනක් කඩදාසි රහසිගතව උගන්ඩාවට ගුවන්ගත කළ බවට BIA වෙතින් පටවා ඇති සමහර පුවත්පත්වල ප්‍රවෘත්ති වාර්තා ද තිබුණි, ඒ ගැන කිසිවෙකු එහි ගැඹුරින් හෙළි නොකළේය. අපට රටේ හොඳ නීතීඥවරුන් සිටින බව ඉති හොඳින් දන්නා නමුත් බොහෝ දෙනෙක් සත්‍ය හෙළි කරන බවක් හෝ අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බවක් පෙනෙන්නට නැත.

    • 3
      0

      1,711 / 5,000
      Translation results
      ඔව්, ම්ලේච්ඡ පවුලේ අපරාධ දේශපාලනය වෙනුවෙන් නාමල්ගේ බිරිඳට කෙළින්ම පහර දීම සාධාරණ නැත. කෙසේ වෙතත්, කියමනක් තිබේ – එකට එකතු වන අයට සමාන ගුණාංග තිබිය යුතුය. ඒ වගේම අපි දන්නවා රාජපක්ෂලා එක්ක කෑම කන, කෙඳිරිගාන අය මෝඩයෝ කියලා. ඒවායින් බොහොමයක් ඉතා දූෂිතයි. ඔවුන් කලාකරුවන්, වෘත්තිකයන් හෝ වෙනත් ඕනෑම ඇඳුමකින් සැරසී සිටින්න, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට පොදු දෙයක් තිබේ. මිල කළ නොහැකි වාහන, කීර්තිය භුක්ති වින්ද අය, සමහරවිට ඒ ආණ්ඩුව

      ඉතින්, මම හිතන්නේ නැහැ ලිමිනි පෙනෙන විදිහට අහිංසකයි කියලා. CT ගැන අදහස් දක්වන අය දකින්න ඇති, මම රාජපක්ෂලාට මුල් දවසේ ඉඳන්ම විරුද්ධයි. ඔවුන්ගේ ක්‍රියාවන් නිකම්ම නිකම්ම නිකම්ම නොවන බව මට හැඟුණි. බොහෝ දුරට, පසුගිය රජය සමයේ ඔවුන්ට එරෙහිව උසිගන්වන ලද අපරාධ පරීක්ෂණවලට මුහුණ දීමට නොහැකිව SLPP නමින් නව පක්ෂයක් ගොඩනඟා ඔවුන් නැගී සිටි ආකාරයයි. ඒවායින් සමහරක් දේශපාලන අභිප්‍රාය වූ ඒවා යැයි ඇතැමුන් තර්ක කරනු ඇත, නමුත් රාජපක්ෂලාට සහ ඔවුන්ගේ හෙංචයියන්ට එරෙහිව පවරා ඇති සමස්ත නඩුවලින් සුළු කොටසක් සත්‍ය ඒවා විය. ඒවායින් සමහරක් හිටපු රජය දිගටම පැවතුනහොත් අවසන් වීමට නියමිතව තිබුණි.

      ඇය පිරිසිදු නම්, කෙන්යාවේ මෑතකදී කළ සංචාරයකදී ඇගේ සැමියා ව්‍යාපාරික ආයෝජන සඳහා ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීමට උත්සාහ කළේ මන්ද යන ප්‍රශ්නය ඇයට මතු කළ හැකිව තිබුණි.

      අවුරුදු 15කට අඩු කාලයකදී රාජපක්ෂලා ඇස්තමේන්තු නොකළ ධනය රැස් කළේ කෙසේදැයි ඇයට ඇසීමට තිබුණි. දැක්කොත් පොඩි එවුන්ගෙත් ප්‍රශ්න තමයි මේ, මොකක් හරි සැකයි. මෙම ප්‍රශ්න මතු නොකිරීමට ලිමිනී මොලේ ආබාධයකින් පෙළෙන බව මම නොසිතමි. අද මුළු මහත් ශ්‍රී ලංකාවම බොහෝ ජාතීන් සමඟ ඇඟිල්ල දිගු කරන්නේ රාජපක්ෂ පවුලට හොරකම් කළ ධනය ගැනය. පැහැදිලි තොරතුරක් නොතිබුනේ නම් මේ සියලු චෝදනා තමන්ගේම චෝදනා වලින් පරිණාමය විය නොහැක.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.