19 April, 2024

Blog

අප්‍රේල් ප්‍රවාද

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

“අපි හැමෝගෙම දුෂ්ටයා එකයි.” මේ පසුගියදා පැවති ජනතා විරෝධතාවකදී දක්නට ලැබුණු නිර්මාණශීලී සටන් පාඨයකි. “අපි හැමෝම” යනුවෙන් උච්ජාරණය කරන්නට හැකි වීමම දේශපාලනිකව වැදගත් සංසිද්ධියකි. එයින් කියැවෙන්නේ සාමූහික දේශපාලන විෂයක පැන නැගීමකි. එම සාමූහික විෂය වනාහී ජනතාවයි. ජාති, ආගම්, පක්ෂ, පාට, ස්ත්‍රී-පුරුෂ, කුළමළ බේදවලින් තොර ජනතාවයි. ඓතිහාසික මාර්තු 31 මිරිහාන විරෝධයේදී එක්තරා තරුණයෙකු සන්නද්ධ පොලිස් හමුදා බලකායන් ඉදිරියේ සිටගෙන මේ කාරණය හඬ ගා පැවසීය. “සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම එකයි. අපි හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්න. අපි තමයි ජනතාව.”

ජනතාව නමැති පොදුභාවය නිර්මාණය වීම සඳහා දුෂ්ටයෙකු වුවමනා වේ. විවිධ වෙනස්කම් සහිත ජනකොටස් සියල්ලගේම නොමඳ විරෝධයට ලක් වන පසමිතුරෙකු වුවමනා වේ. එම දුෂ්ට පසමිතුරු බලවේගය වන්නේ ජනතා-ද්‍රෝහී පාලක කල්ලියයි. ජනකොටස් අතර කොතරම් වෙනස්කම් තිබුණද තම පොදු සතුරා වන්නා වූ දුෂ්ට පාලකයින්ට එරෙහි වීම යන කාරණයේදී ඔවුන් අතර ඇත්තේ සාම්‍යතාවකි. ඔවුනතර පවතින වෙනස්කම් මුළුමනින්ම මැකී නොගියද ඒවා යටපත් කරන්නට පොදු සතුරාට එරෙහි විරෝධය සමත් වේ. අර්නෙස්ටෝ ලැක්ලාවූ සහ ශන්තාල් මූෆ් ජනතාවාදී නිමේෂය (populist moment) යනුවෙන් හඳුන්වන්නේ මෙවන් තත්ත්වයකි. අප දැන් ලංකාව තුළ ප්‍රවේශ වී සිටින්නේ එවන් ජනතාවාදී නිමේෂයක් තුළටය.

නව සංයුක්ත තත්ත්වය

අද දවසේ පැන නැගී ඇති බොහොමයක් විරෝධතාවල සුවිශේෂත්වය වන්නේ ඒවා කිසිදු පක්ෂයක හෝ සංවිධානයක මෙහෙයවීම අනුව නිර්මාණය වූ විරෝධතා නොවීමයි. සැබවින්ම පාර්ලිමේන්තු දේශපාලනයේ යෙදෙන බොහොමයක් පක්ෂ ආරම්භයේදී එම විරෝධතාවලින් කිසියම් දුරක් පවත්වා ගන්නට පෙළඹුණු බව ඉතාම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විය. ඒවා “අසංවිධානාත්මක සහ නායකත්වයකින් තොර උද්ඝෝෂණ” ලෙසින් හැඳින්වූ ඇතැම් පක්ෂ තමන් ඒවායෙහි වගකීම භාර නොගන්නා බව හැඟවීය. නමුත්, පාර්ලිමේන්තුවාදී දේශපාලනය ඉක්මවා යමින් ජන අරගල දේශපාලනය වේගයෙන් ඉදිරියට ආවේය. ඒ කොතෙක්ද යත්, ප්‍රධාන ධාරාවේ පක්ෂවලට ඉතාම ඉක්මණින් නව දේශපාලන තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ස්වේච්ජාමය ජනතා උද්ඝෝෂණවලට සහභාගී වන්නට හෝ තමන්ගේම නායකත්වය යටතේ උද්ඝෝෂණ සංවිධානය කරන්නට සිදු විය. ගතානුගතික පක්ෂ සහ සංවිධාන ජනතා අරගලය පසුපස ගමන් කරන්නට පටන් ගත්තේය.

මේ අනුව, අප දැන් ඇතුල් වී සිටින්නේ නව දේශපාලනමය සංධිස්ථානයකට බව ඉතාම පැහැදිලිය. මෙම නව සංධිස්ථානය තුළ මෙතෙක් කලක් පැවති පාර්ලිමේන්තු දේශපාලනය මුල් කොටගත් දේශපාලන කාල සටහන තවදුරටත් වලංගු වන්නේ නැත. පසුගිය කාලයේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය අවකාශය තුළ දේශපාලන විශ්ලේෂණ වෙනුවට ආදේශ වී පැවති දේශපාලන අනාවැකි පළ කිරීම් කිසිවක් තවදුරටත් වලංගු වන්නේ නැත. එම අනාවැකි පළ කිරීමේ සරල අභ්‍යාසය තුළ ජනප්‍රිය මාතෘකාව වී තිබුණේ 2024 සහ 2029 මැතිවරණවලදී බලයට පත් වනු ඇත්තේ කවර නායකයෙක්ද යන්නයි. 2024 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ නිසැකවම යළිත් බලයට පත් වනු ඇතැයි ඇතැම් පඬිවරුන් ඉතාම විශ්වාසයෙන් යුතුව අනාවැකි පළ කළහ. නමුත්, වත්මන් තත්ත්වය තියුණු ලෙස තේරුම් ගැනීමට නම්, අප දැන්වත් දේශපාලන අනාවැකි පළ කිරීමේ සිට බරපතල දේශපාලන විශ්ලේෂණ වෙතට යොමු විය යුතුව ඇත. අප පිවිසී සිටින්නේ නව දේශපාලන කාල-අවකාශයක් තුළට බව වටහා ගැනීම සඳහා, ලෙනින්ගේ වචනයෙන් කිව හොත්, අපට දැන් අවශ්‍ය වන්නේ “නව සංයුක්ත තත්ත්වය පිළිබඳ නව සංයුක්ත විශ්ලේෂණයකි.”

නව සංයුක්ත තත්ත්වය පිළිබඳව කළ හැකි ක්ෂණික නිරීක්ෂණ කිහිපයක් මෙසේය. ජනතා අරගලය තුළ නාගරික මධ්‍යම පන්තික කොටස්වල කැපී පෙනෙන දායකත්වයක් දැකිය හැකි වුවත් අරගලය බහු-පන්තික වූවකි. ආර්ථික ප්‍රතිවිරෝධය පෙරට පැමිණ තිබේ. මෙතෙක් දේශපාලනීකරණයට ලක් නොවී පැවතුණු සමාජ ශ්‍රේණීන් දේශපාලනික ක්ෂේත්‍රයට වේගයෙන් කඩා වදිමින් තිබේ. එමගින් රාජ්‍යයේ ඓන්ද්‍රීය අර්බුදයක් ජනිත කොට තිබේ. ග්‍රාම්ස්චි පෙන්වා දුන් පරිදි ඓන්ද්‍රීය අර්බුදයක් නිර්මාණය වීමට බලපාන සාධක අඩුතරමින් දෙකක් පවතී. පළමුවැන්න වන්නේ සාම්ප්‍රදායික පක්ෂ නායකත්වයන් පසුපස සංවිධානය වී සිටි ජනයා එම පක්ෂ නායකත්වයන්ගෙන් වියෝ වීමයි. දෙවැන්න වන්නේ එතෙක් දේශපාලනීකරණය වී නොසිටි ජන කණ්ඩායම් (නිදසුනක් ලෙස, ගොවිජන ප්‍රජාව) දේශපාලනීකරණය වීමයි. මෙහි ප්‍රතිපලයක් ලෙස එතෙක් පැවති දේශපාලන බලතුලනය කැපී පෙනෙන ලෙස පරිවර්තනයට ලක් වේ. දේශපාලනිකයේ ක්ෂේත්‍රය වඩා විවෘත වේ. එතෙක් වියනොහැකියාවන් ලෙස පෙනුණු ඇතැම් දේ වියහැකියාවන් බවට පත් වේ. අනාගතය අයිති වන්නේ විවෘත වූ නව අවකාශය තියුණු ලෙස හඳුනාගෙන එයට මැදිහත්වීමට සමත් වන්නා වූ බලවේගයන්ටය.

අර්බුදයේ නිමේෂය අතීරණාත්මකභාවයේ නිමේෂයකි. එනයින් එය දේශපාලනිකව ඉතාම වැදගත්ය. අතීරණාත්මක නිමේෂයක් තුළ ගනු ලබන දේශපාලනික තීරණ මගින් ඉතිහාසය නැවත ගොඩ නැගිය හැකිය. දේශපාලන සංසිද්ධියක් නිර්මාණය කළ හැකිය. “සීල් කළ දුම්රියක නැගී ආ ලෙනින්” යනු එවන් සංසිද්ධියක කතෘකයෙකි. 1917 පෙබරවාරි විප්ලවයෙන් පසුව රුසියාව තුළ උද්ගත වූ අර්බුදකාරී තත්ත්වය තුළ වී.අයි. ලෙනින් සමාජවාදී විප්ලවයක වියහැකියාව දුටුවේය. ඔහුගේ බෝල්ෂෙවික් පක්ෂයේ සෙසු බොහොමයක් නායකයින් පවා පළමුව එය පිළිගත්තේ නැත. ස්විට්සර්ලන්තයේ සිට ජර්මනිය සහ ෆින්ලන්තය ඔස්සේ පෙට්‍රොග්‍රාඩය බලා සීල් කළ දුම්රියක නැගී රහසිගතව පැමිණෙන අතරවාරයේ බිමට නැඹුරු කරගත් හිසින් යුත් බෝල්ෂෙවික් නායකයා විසින් රචිත “අප්‍රේල් ප්‍රවාද” නම් පත්‍රිකාවේ සාරය වූයේ එයයි. රුසියානු ධනපතීන්ගේ තාවකාලික ආණ්ඩුවට සහභාගී නොවන ලෙසත්, ඒ වෙනුවට විප්ලවකාරී වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන ලෙසත් ලෙනින් තම පක්ෂ සගයන්ට යෝජනා කළේය. රුසියානු ඓන්ද්‍රීය අර්බුදය විප්ලවකාරී පරිවර්තනයක් කරා දිශානත කරන ලද්දේ එම කුඩා පත්‍රිකාව විසිනි.

ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් කරා පෙරට!

කරුණාකර මා වරදවා වටහා නොගන්න. මා පවසන්නට යන්නේ වත්මන් ලංකාව තුළ සමාජවාදී විප්ලවය සඳහා ඓතිහාසික තත්ත්වය නිර්මාණය වී තිබේය වැනි කතාවක් නොවේ. නමුත්, අප සමාජයේ ඉතාම වැදගත් ප්‍රජාතාන්ත්‍රික වෙනස්කම් ඇති කර ගැනීම සඳහා වත්මන් ජනතා අරගලයේ නිමේෂය භාවිතා කළ හැකිව තිබේය යන්නයි. ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක විභවතාව මතුව තිබේ යැයි කීමට පවා අප පසුබට විය යුතු නැත. 2015 ජනවාරි ආණ්ඩු මාරුව විප්ලවයක් යැයි අතිසරල ලෙස නම් කරනු ලැබීම නිසා දැන් බොහොමයක් දෙනා එම යෙදුම භාවිතා කරන්නට මැලි වෙයි. “ජනවාරි විප්ලවයේ” අරුතින් නම් ඕනෑම ආණ්ඩු මාරුවක් යනු විප්ලවයකි. නමුත්, විප්ලවයක් යනුවෙන් මා මෙහිදී අදහස් කරන්නේ ඓතිහාසික ඛණ්ඩනයක් (historic rupture) ලෙසින් හඳුනාගත හැකි සංසිද්ධියකි. ඛණ්ඩනයකින් පසුව අප සිටින්නේ නව පිළිවෙලක් තුළය. ඉන්පසුව යළිත් පැරණි පිළිවෙල කරා ගමන් කිරීමක් නැත. නිදසුනක් ලෙස, රාජාණ්ඩුවාදය පෙරළා දමා ජනතා ස්වාධිපත්‍ය පිළිගන්නා පාලන පිළිවෙලක් ඇති කරගත් පසුව ආපසු පැරණි රාජාණ්ඩුවාදී පිළිවෙල කරා යාමක් නොමැත. මීට වෙනස්ව, ඊනියා ජනවාරි විප්ලවයෙන් නිර්මාණය කරනු ලැබූ සියලු සීමිත ප්‍රතිසංස්කරණ ඉතාම ඉක්මනින් ආපසු හරවන ලද අතර 20 වන සංශෝධනය එම ආපසු හැරවුමේ පරිසමාප්තිය යැයි කිව හැකිය. අද අපට අවශ්‍ය වන්නේ එවන් විහිළුවක් බවට පත් නොවන ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයකි. ආපසු හැරවිය නොහැකි ආකාරයේ රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයකි.

එවන් විප්ලවීය පරිවර්තනයක් සඳහා අවශ්‍ය මූලික සාධකය වන්නේ ප්‍රජාතාන්ත්‍රික සමාජ සම්මුතියකි (social contract). මගේ අදහස වන්නේ එවන් සමාජ සම්මුතියක් සඳහා අවශ්‍ය තත්ත්වය දැන් නිර්මාණය වී තිබේය යන්නයි. මෙතෙක් කලක් ලාංකීය ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය පදනම් වූ සමාජ සම්මුතිය වනාහී ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදය මත පදනම් වූ සම්මුතියකි. අඩු තරමින් 1950 දශකයේ මැදභාගයෙන් පසුව ජනතාව යන්න නිර්වචනය වීමේදී ජනවාර්ගිකත්වය සහ ආගමික අනන්‍යතාව කේන්ද්‍රීය වැදගත්කමක් ගත්තේය. කොටින්ම මෙරට නිර්මාණය වූයේ සිංහල ජනතාවක් සහ දෙමළ ජනතාවකි. එසේම පාලකයා සහ පාලිතයා අතර සම්මුතිය ගොඩ නැගීමේදී තවත් වැදගත් මාධ්‍යයක් වූයේ අනුග්‍රාහක දේශපාලනයයි. මහජන දේපළ අවභාවිතය, දුෂණය, සොරකම යනාදී සියල්ල ප්‍රභවය ලබන්නේ මෙරට සැබවින්ම පවත්නා සමාජ සම්මුතිය අනුග්‍රාහක දේශපාලනය මත පදනම් වීම නමැති කාරණයෙනි. අද දවසේ මතුව ඇති ඉතාම වැදගත් දේශපාලන වර්ධනයක් වන්නේ දැනට පවතින සමාජ සම්මුතියේ ඉහත කී පදනම් දෙකම අභියෝගයට ලක් කරමින් නව ප්‍රජාතාන්ත්‍රික සමාජ සම්මුතියක් නිර්මාණය කර ගැනීමේ නිෂ්ටාව කරා ගමන් කිරීමේ කිසියම් විභවතාවක් නිර්මාණය වෙමින් තිබීමයි.

ලාංකීය ජැකොබින් ව්‍යාපාරයක්

නමුත්, ප්‍රශ්නය වන්නේ එම කාර්යභාරය ඉටු කළ හැක්කේ කා හටද යන්නයි. මගේ අදහස නම් පාර්ලිමේන්තු දේශපාලනය මූලික කරගෙන වැඩ කරන කිසිදු පක්ෂයකට එම කාර්යභාරය සපුරාලිය නොහැකි බවයි. මන්දයත්, එම පක්ෂ ආණ්ඩු බලය සඳහා කරන තරඟයේදී ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ පුළුල් අරමුණු සම්මුතිගත කිරීමට ඉඩ තිබෙන නිසාය. එසේම ආණ්ඩුක්‍රමික ප්‍රතිසංස්කරණවලට ඔබ්බෙන් යන හරයාත්මක ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයක් කරා යාමට නම් අපට ජනසමාජය තුළ මුල් ඇදගත හැකි සංවාදයක් සහ ක්‍රියාකාරීත්වයක් වුවමනා වේ. එහිදී රාජපක්ෂවරුන් ගෙදර යැවීම සහ සොරාගත් මහජන දේපළ රජයට පවරා ගැනීම පිළිබඳ සීමිත අරමුණෙන් බොහෝ ඈතට ගමන් කළ යුතුව ඇත. එසේම, ප්‍රංශ විප්ලවයේදී ජැකොබින්වරුන් කළාක් සේ ග්‍රාමීය ගොවිජන ප්‍රජාව, නාගරික කම්කරුවන්, විරැකියා තරුණ ප්‍රජාව, සුළුතර ජනවාර්ගික සහ ආගමික ප්‍රජාවන් ඇතුළු ආන්තික සමාජ කොටස් ගැඹුරු ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයක් සඳහා වූ ව්‍යාපාරයකට ඇතුළත් කරගෙන ඔවුන් නවීකාරක ලාංකීය ජාතියක් ගොඩ නැගීමේ සක්‍රීය කතෘකයන් බවට පත් කළ යුතුව ඇත. ආර්ථික පීඩනය පිළිබඳ කාරණය වත්මන් ජන අරගලයේ කේන්ද්‍රීය සාධකයක් වී ඇති බැවින් ආර්ථික සහ සමාජ අයිතීන් පිළිබඳ මූලධර්ම නව සමාජ සම්මුතියේ මූලික පදනම් බවට පත් කළ යුතුව ඇත.

රැඩිකල් වාමාංශය විසින් භාරගත යුතුව ඇත්තේ වත්මන් ජන අරගලය ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් කරා පරිවර්තනය කිරීමේ ජැකොබින් භූමිකාවයි (ජැකොබින් හිංසනයෙන් තොරව). මේ ගැන ඉදිරියේදී විස්තෘතව ලියන්නට අදහස් කරමි.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    “…..නිදසුනක් ලෙස, රාජාණ්ඩුවාදය පෙරළා දමා ජනතා ස්වාධිපත්‍ය පිළිගන්නා පාලන පිළිවෙලක් ඇති කරගත් පසුව ආපසු පැරණි රාජාණ්ඩුවාදී පිළිවෙල කරා යාමක් නොමැත….”
    ඒ කියන්නේ, ඔබ පිලිගන්නවා ද සුද්දන් විසින් ලංකාවේ ‘විප්ලවයක්’ කළා කියල? එතෙක් පැවති රජ්ජුරුවන්ගේ රාජ්‍ය විනාශ කරලා, පොදු ජනතාවට තමන් කැමති මනුස්සයෝ රජයට පත් කරන්න පුළුවන් විදියේ මැතිවරණ, චන්ද දැමීමේ අයිතිය ඇති කිරීමෙන්?

    • 1
      1

      ඔහුට ඉල්ලා අස්විය යුතු බවට සැකයක් නැත. කලින් වඩා හොඳයි. ඔවුන් මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කර ඇත්තේ බූගර්වරුන්ට කාර්යය කිරීමට හැකියාවක් නොමැති නිසාය. මහ බැංකුවට පත්කළ ආණ්ඩුකාරවරයා පැහැදිලි කළා, IMF වෙත යාමට රජය මාසයකට පෙර තීරණය කළේ නම්, දේවල් තරමක් හොඳින් ක්‍රියාත්මක වනු ඇත. මේ සියල්ල ප්‍රවීණයන් විසින් නැවත නැවතත් පැහැදිළි කළ නමුත් ඔහුට පූර්වගාමියා වූ කබ්රාල් කිසිවිටෙක විශේෂඥයන්ගේ ප්‍රවීණත්වයට ඉඩ දුන්නේ නැත.

      https://www.youtube.com/watch?v=nYA5XbKzB5o
      .
      දින ගණන් කර ඇත – ඔවුන්ට යෑම පහසු නොවනු ඇත, යෞවනය එය පහසු නොවනු ඇත. ඔවුන් දශක ගණනාවක් තිස්සේ තම දෙමාපියන් රැවටූ නමුත් යෞවනයන් බිහිරි ලෙස නොසිටිනු ඇත. ඔවුන් නිර්පාක්ෂික ගෝඨා ගැන බොහෝ බලාපොරොත්තු තබා ගන්නට ඇත. අවාසනාවකට, ගෝඨා තම ජනාධිපති ධූරයේ හැසිරුනේ කුඩා දරුවෙකු සභා ගර්භයට ඇතුළු වූවාක් මෙනි. සරල ප්‍රශ්න පවා ඔහු ලෙහෙසියෙන් විසඳුවේ නැත. එම කුස්සියේ ගෑස් සිලින්ඩර් පිපිරුම් ප්‍රශ්නය, ජනතාව සදාකාලිකව කනස්සල්ලට පත් කළේය. ජනතාවට සංවේදී වන්නට තරම් ඔහුගේ කටින් වචනයක් හෝ පිට වූයේ නැත. මාස 6කට වඩා වැඩි කාලයක් මුස්ලිම්වරුන්ගේ භූමදානය කිරීමේ අයිතිය උල්ලංඝනය කර ඇත – මේ සියල්ල දෝෂාරෝපණය කරන පුද්ගලයා සංවේදී නොවන ආකාරයට හංවඩු ගසා හෝ බලහත්කාරයෙන් බඳවා ගෙන ඇත.

  • 2
    1

    “….මගේ අදහස නම් පාර්ලිමේන්තු දේශපාලනය මූලික කරගෙන වැඩ කරන කිසිදු පක්ෂයකට එම කාර්යභාරය සපුරාලිය නොහැකි බවයි…..”
    ඒ කියන්නේ පාර්ලිමේන්තු චන්ද ක්‍රමය කාණුවට විසි කරලා ඒකාධිපතියෙක් පත් කල යුතුයි කියල නේද? මං හිතන්නේ ඒක තමයි වේඬරුවේ උපාලි කියන ගණයා ගෝටා ට ඒ දවස්වල කිව්වේ. හරිම සුන්දරයි ඔයත් මේවා කියන කොට…!!

    • 2
      1

      Jit,
      .
      කනගාටුදායක යථාර්ථය නම් ශ්‍රී ලාංකිකයන්ගේ ඉරණම දිගින් දිගටම තීරණය වන්නේ තම නිදහස් ආහාර වේල සහ ඔවුන්ට මෙතරම් කාලයක් භුක්ති විඳිය හැකි අනෙකුත් සියලු සහන සහ ප්‍රතිලාභ සංග්‍රහය තුළ පිරී තිබීම හැර අන් කිසිවක් නොදන්නා මෝඩ එහෙත් ව්‍යාජ භික්ෂූන් වහන්සේලා විසිනි.

      තක්කඩි දේශපාලුවන් පමණක් නොව රතු සිවුර පොරවන්නෝද දේශපාලකයන්ට වඩා එය කරති. මුන් නිකන් ලැජ්ජ නැති අය. අනේක දුක්ඛ හේතූන් නිසා ඔවුන් පැවිදි භාවයට පත්වී ඇත්තේ බොහෝ විට දුප්පත් මවුපියන්ට අනුව ආහාර පාන නොලැබීමෙනි.

      වේදනාත්මක සත්‍යය නම් රට පුරා විසිරී ඇති සෑම විහාරස්ථානයක්ම “සඟ සිවුර” පිටුපස සැඟවී සිටින දරුණු අපරාධකරුවන්ගෙන් පිරී ඇති බව ය: වරක් මගේ සමීප මිතුරෙකුගෙන් මට අසන්නට ලැබුණේ බොහෝ ළමා භික්ෂූන් වහන්සේලා සාමාන්‍යයෙන් තම වැඩිහිටියන් අතින් අතවරයට ලක්වන බවයි. ශ්‍රී ලංකාවේ බොහෝ විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා.- මේ මාතෘකාව අදටත් අපේ මාසේ රටේ ප්‍රසිද්ධ තහනමකි… කෙසේ වෙතත් අදවත් අපි ඔවුන්ව පුළුල් ඇසින් දැකිය යුතුය. මෙම අපරාධකරුවන් පන්සල්වලින් හා පැවිද්දෙන් කුලහීන කළ යුතුය.

      මගේ ළමා කාලයේ සිතුවිල්ල වූයේ ගිහි බෞද්ධයන්ට වඩා බොහෝ දේ දන්නා භික්ෂූන් වහන්සේලා බවයි. කෙසේ වෙතත්, අද ඒවා සමීපව අධ්‍යයනය කරන විට, මට හැඟෙන්නේ, ශ්‍රී ලංකාවේ ස්වභාවධර්මයේ බොහෝ සංඝයා වහන්සේලාට ගැඹුරු ධර්ම දැනුමක් නොමැති බවයි – ශිෂ්ඨ සම්පන්න සහ දියුණු සමාජයක, ඔවුන්ගේ ගුරුවරුන් අභිධාරම සහ වෙනත් ක්ෂේත්‍රවල අවශ්‍යතාවය පිළිබඳව ඔවුන්ට බල කළ යුතුය. භික්ෂුව පැවිදි බව සම්පූර්ණ කළ යුතුයි.

  • 2
    0

    “….. එහිදී රාජපක්ෂවරුන් ගෙදර යැවීම සහ සොරාගත් මහජන දේපළ රජයට පවරා ගැනීම පිළිබඳ සීමිත අරමුණෙන් බොහෝ ඈතට ගමන් කළ යුතුව ඇත…..”

    හරිම ලස්සන වචන සැට් එකක්…!! ඉස්සෙල්ලම සොරාගත් මහජන දේපළ පවරා ගන්න එපාය? තවම ඒකවත් කොර ගන්න බැරි එකේ, තව කොහේ ‘බොහෝ ඈතට’ යන්නද මල්ලියේ….???

    • 2
      1

      Jit,
      .
      I doubt whether this writer does know what he is talking about ?
      :
      It is the people funds.. that they robbed for their luxury life. None of them were to my knowledge knowns as Wallawa people. My elders shared me that Weerakatiya cattle thieves would topple entire srilanka oneday. So the moments are now reached.
      .
      Each citizen of srilanken should be able to force Rajaakshes to return what they deliberately looted from the state. There are speculations that Namal Baby is believed to have two tea estates in Kenya.

      • 2
        1

        LM, මට ද තේරෙන පරිදි, කතුවරයා යම් කිසි ස්වප්නයක ගිලී ඉන්න බව නම් පැහැදිළියි. න්‍යායාත්මක විප්ලවය එනකං බලාන ඉන්නවා වගේ වැඩක් මේක! නෑ, එහෙම දේවල් දිහා කට ඇරන් බලා ඉන්නවට වඩා වැදගත් මේ මොහොතේ කල යුතු දේ කිරීම. ඒක ආයේ දවසක රිවස් කළා ද නැද්ද කියල කියන්න බලාන ඉන්න එක මහා කුහක කතාවක්. අද කල යුත්ත අද ම කල යුතුයි! ඒක අනාගතයේදී තවත් වෙනස් විය හැකියි. ඒක තමයි පරිනාමය හෝ සමාජ විභේදනය කියන්නේ. අනාගතයේදී එය එසේ හෝ මෙසේ විය හැකිය කියල, අද කල යුතු දේ නොකර සිටීම මහා පුබ්බරු වැඩක්!

        • 2
          1

          Jit,
          ඔය කියන ජෙප්පො හා නප්පො ත් එහෙමයි. එයාල බලා සිටිනව, 100& පිරිසිදු වෙන්න්. මහපොලොවේ ජීවිතය තෙරුම් ගන්න නැතිව, හිමින් හිමින් පටන ගත යුතුයි. මෙවර අපිට පේනව… නීතීඥ යො ඉදිරියට ඇවිදින්… නකියො ටික ඔය කියන පෙලපාලි වල නැහැ. .. ඒක ලොකු ම ලොකු ජයග්රහනයක්.. අපිට නෙක්ටර් බොන්න පුලුවන්… බැල්ලිගෙ පුතල ඔක්කොම එලවල දමල…. එවුන් හිරගෙදරට යනව දකින කොට.එතකොර අපි අපේ ලේ පිරිසිදු කරගෙන ජාතියට වැඩක් කොරන්නට තවදුරටත් යොමු වෙනව….. මට මේව මැවි මැවි පේනව…. මට මගේ ඔලුගෙඩියේ පිරිල තිබෙනව.. ලිබියාවෙ එකා පාර කොනක මරල දමලා තිබෙනකොට යුරෝපය ඇතුලු හැම රටක්ම ඒව දෙස බලපු විදිය. අපි අපේ ජාතිය රැකගන්නට නම්, රාජපක්ෂ කියන එවුන්ගේ ලන්ග සිටින තිරිසන්නු හැම එකාම මට්ටු කොල යුතුයි… නීතියක් යටතේ..

  • 0
    0

    සෑහෙන කාලෙකට පස්සේ සිංහලෙන් ලියනවා.
    මේක ලියන්නේ අන්ධ භක්තියෙන් හැමෝවම විශ්වාස කරන, කිසි දවසක විවේචනාත්මකව හිතන්න පුරුදු වෙලා නැති සිංහල බෞද්ධයන්ට.
    මේක ලියන්නේ උද්ඝෝෂකයන් එක්ක අරගල කරන්න නෙමෙයි. මේ උද්ඝෝෂණයේ අරමුණ මොකක්ද කියලා සිංහලෙනුත් ලියන්න. ඉංග්‍රීසි පැත්තට නම් හුඟක් මේ ගැන ලිව්වා.
    මේ අරගලයට සිංහල බෞද්ධයන්වත් එකතු කරගෙන තියෙනවා මහා පරිමාණයෙන්. විශේෂයෙන් තරුණ ළමයින්ව. හැබැයි ඔවුන් දන්නේ නැහැ ඔවුන් උද්ඝෝෂණය කරන්නේ ලංකාව හදලා, වඩලා, පෝෂණය කරලා, ආරක්ෂා කරපු, අතීතයේ ලංකාවේ එකම ජාතිය වෙලා පස්සේ බහුතර ජාතිය විදිහට ජනගහනය අඩු වෙච්ච සිංහල බෞද්ධයන්ට තමන්ගේ දේශපාලන නායකයා තෝරා ගන්න තියෙන එකම අවස්ථාවත් නැති කරන්න බව.
    මහා සංඝරත්නය හෝ සිංහල බෞද්ධයන් කිසි කෙනෙක් නොදැන විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනයට රහසිගතව වගන්තියක් එකතු කරගෙන තියෙනව, ලංකාවේ අනාගත නායකත්වය මහජන චන්දයක් තියෙන්නේ නැතුව, පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත පාදඩයන්ගේ චන්දෙන් පමණක් තෝරා ගන්න ආකරය ගැන. මේ වගන්තිය මුල් සංශෝධනයේ තිබුනේ නැහැ. මේ වගන්තිය රහසිගතව, පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු, පොහොට්ටු, සජබ, යූඑන්පී, සිංහල හොර දේශප්‍රේමින්, ජේවීපී හොර විප්ලවකාරයින් සහ දෙමල, මුස්ලිම් පක්ෂ එකතු වෙලා කාරක සභා අවස්ථාවේදී සම්මත කරගෙන තියෙනව.

    • 0
      0

      මට හුඟක් සැක හිතුනේ එහා ඇත්තේ ඉංග්‍රීසි පැත්තේ හැමදාම සිංහල බෞද්ධයන්ට අශෝබන ලෙස දෝශාරෝපනය කරන මුස්ලිම්, දෙමල ලියන්නන් එක පාරට සිංහලයන් ඉන්න උද්ඝෝෂණය ගැන, සිංහල තරුණ ළමයින් ගැන වර්ණනා කරන්න පටන් ගත්ත එක. ඊළඟට කවදාවත් නැතුව මුස්ලිම්, දෙමල සහ සිංහල කතෝලිකයන්, සිංහල බෞද්ධයන්ට එකතු වෙලා උද්ඝෝෂණය කරන්න තරම් අමුතු ආකර්ෂණය මොකක්ද කියලා මම හිතුව.
      මට වැටහුනා මෙතන සිංහලයන් බෞද්ධයන් ලව්වම සිංහල බෞද්ධයන්ගේ චන්ද අයිතිය හොරා ගන්න මොකක් හැරු වැඩපිළිවෙලක් තියෙනව කියලා.
      ඔහොම හොයන කොට මම දැක්ක ඉන්දියාව එක්ක අත්සන් කරලා තියෙන ආරක්ෂක ගිවිසුම්. ඊට පස්සේ මේ උද්ඝෝෂණය. මං ලිව්වා මොකක් හරි මහා ගැටුමක සැලැස්මක් ඇති කියලා. හැබැයි, දැන්, ඒක මඟ හැරිලා ගිහින් තියෙනව. නමුත් උද්ඝෝෂකයන් සහ හමුදාව අතර ගැටුමක් ඇති කරන සැලැස්මක් තියෙනව වෙන්නත් පුලුවන්. ගෑනු ළමයෙක් කිව්වලුනේ එල්ටීටී එක හමුදාවේ මිනිස්සු මැරුවා නම් හොඳයි කියලා. මම ඒ විඩියෝ එක දැක්කේ නැහැ. ඉතාම අසාමාන්‍ය කතාවක්. අනිවාර්යයෙන්ම එන්ජීඕ එකක් ඇති ඒ පිටිපැස්සේ.
      මම මේ ගැන මාර්තු 31 වෙනිදා (උද්ඝෝෂණ පටන් ගන්න ඉස්සෙල්ල ) ඉඳන් දිගටම ලිව්වා. සිංහල බෞද්ධ ජනතාවට තමන්ගේ නායකයා තෝරා ගන්න තියෙන අවස්ථාව නැති කරන්න නිහින උත්සාහයක් තියෙනව කියලා. හැබැයි මට මගේ සැකය ඔප්පු කරන්න සාක්කියක් තිබුනේ නැහැ. එතකොට මම විසිවෙනි සංශෝධනයේ හොරට එකතු කරන් තිබ්බ දේශද්‍රෝහී ජාතිද්‍රෝහී වගන්තිය ගැන දැනන් හිටියේ නැහැ

      • 0
        0

        විසිවෙනි ව්‍යවස්ථාවට එකතු කරලා තියෙන සිංහල බෞද්ධ ජනමතයට එරෙහි වගන්තිය මම දැක්කේ ඉංග්‍රීසි පත්තරේක. මේ තියෙන්නේ ඒක. කිව්වේ ව්‍යවස්ථා විශාරද, වත්මන් විදේශ ඇමති ජී එල් පීරිස්. අවස්ථාව තානාපතිවරු දැනුවත් කිරීමේ රැස්වීමක්. කවුරු හරි ප්‍රශ්නයක් අහන්න ඇති.
        .
        “The Minister also outlined the Constitutional provisions that were currently available which included the “Prime Minister taking over for 60-days” in the event an incumbent President resigns, after which the “MPs would have to elect a suitable leader among them” to lead the country for the remaining period until an election could be held.”
        “වත්මන් ජනාධිපති ඉල්ලා අස් වුවහොත් “අගමැතිවරයා දින 60කට වැඩ භාර ගැනීම” ඇතුළත් දැනට පවතින ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ද අමාත්‍යවරයා විසින් ගෙනහැර දැක්වීය. මැතිවරණයක් පැවැත්වීමට “හැකි වන තෙක්” ඉතිරි කාලය සඳහා රට මෙහෙයවීමට “මන්ත්‍රීවරුන්ට සුදුසු නායකයෙකු ඔවුන් අතරින්” තෝරා ගැනීමට සිදුවනු ඇත.”
        .
        මෙතකොට, විසිවෙනි සංශෝධනයේ මේ වගන්තිය අනුව, අනාගතයේ විධායක ජනාධිපති කෙනෙක් තෝරා ගන්න චන්දයක් නොතියා ඉන්න පුළුවන්. පාර්ලිමේන්තුවෙන් පත් කරන අගමැති තමයි රටේ නායකයා. ඔහුට පුළුවන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය, නෙමෙයි සමහර විට අල්ලස් දීල මුළු පාර්ලිමේන්තුවේම කැමැත්තෙන් ඔහුගේ සහ පාර්ලිමේන්තුවේ බලය අවුරුදු 10කට වුනත් දීර්ඝ කරගන්න. අනික ඕනේ රටකට, ඕනේ එන්ජීඕ එකකට පුළුවන් මන්ත්‍රීවරුන්ට අල්ලස් දීල තමන් කියන කෙනෙක්ව රටේ අනාගත නායකයා කරන්න.

        • 0
          0

          ඔබ සිංහල බෞද්ධ වැඩිහිටියෙක් නම්, ඔබේ දරුවන් උද්ඝෝෂණය සහභාගී වෙලා ඉන්නව නම්, ඔවුන්ට කරුණු පහදලා කියන්න. අනිත් අය ගැන මට මුකුත් කියන්න බැහැ.
          මේක කිසිසේත්ම රාජපක්ෂලාව බේරා ගන්න කරන දෙයක් නෙමෙයි. සිංහල බෞද්ධ අපේ ජනමතය මංකොල්ල කන්න හදන එක නවත්තන්න කරන දෙයක්.
          අනික අපිට තාමත් නායකයෙක් නැහැ. මට පුළුවන් දේශපාලනයට සම්බන්ධ නැති, විවිධ ක්ෂේත්‍ර වල පිරිමි අට දෙනෙක්ගේ නම් ඉදිරිපත් කරන්න ත්‍රයිනිකායික සහ රට වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ හඬක් නඟන මහා සංඝ රත්නයට. හැමෝගෙම කැමැත්තෙන් කෙනෙක් තෝරා ගන්න පුළුවන්.
          මට පුළුවන් ඉස්සරහට කරන්න ඕනේ මොකක්ද කියලා ලියලා දෙන්න. ඕනේ කෙනෙකුට කරන්න පුළුවන් දේවල්.
          දැනට ඕනේ සිංහල බෞද්ධයන් ඊළඟ ජනාධිපතිවරණෙට ඉදිරපත් කරන්නේ කවුද කියල එක මතයකට එන එක. හොරු අල්ලන කතා වැඩක් නැහැ. වංචා කරන මිනිහා වංචා කලා. කාට හරි සාක්කි තියනව නම් උසාවියේ නඩුවක් දාන්න පුළුවන්. බලයට එන හැම පාලකයාම කාලේ කාදැම්මේ හොරු අල්ලනවා කියලා සහ කලින් ආණ්ඩුවේ වැරදි කියා කියා.
          අපි සිංහල බෞද්ධයන් විදිහට උසස් මනසකින් යුතුව වැඩ කරන්න ඕනේ.
          අපිට රැක ගන්න රටක් තියෙනව. අපිට රැක ගන්න ජාතියක් තියෙනව. අපිට රැක ගන්න ආගමක් තියෙනව. අපි හිතන්න ඕනේ ඒ ගැන. අනිත් ජාතීන්ට නැති කැක්කුමක් සිංහල බෞද්ධ අපිට තියෙන්නේ මේ පොලොව එක්ක අපේ ලේවල බැඳීමක් තියෙන හින්ද.
          දළදා හාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්නවා. ඒ හින්ද මොන කුමන්ත්‍රණය කරන්න හැදුවත් එලි වෙනව.

        • 0
          0

          ජාතිවාදය රාජපක්ෂලාගේ සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගේ පහසු චොකලට් බවට පත් වූයේ ඇයි? බහුතරයකගේ සැබෑ දුක්ගැනවිලි හිට්ලර්ට කිසිදා වැටහුණේ නැත. හිට්ලර්ගේ ස්වයං ප්‍රකාශනයෙන් පෝෂණය වූ නිසා බහුතරයකට පවා තමන්ටම සිතීමට ඉඩක් තිබුණේ නැත.
          -එසේම, අපේ දුප්පත් රටේ, අද බොහෝ මිනිසුන්ට එරෙහිව සෑම දෙයක්ම පාහේ සිදුවෙමින් තිබියදී, අවාසනාවන්ත ලෙස, ව්‍යාජ භික්ෂූන් වහන්සේලා තවමත් අවම වශයෙන් සත්‍ය අවබෝධ කර ගැනීමට බොහෝ දුරස්ථව සිටිති … සත්යයන්.
          අදත් එවැනි ව්‍යාජ භික්ෂූන් වහන්සේලා විසින් ප්‍රසිද්ධ කතා පැවැත්වූවා….. තරුණයන් පාවා දෙමින් වත්මන් ජනාධිපතිවරයාට සහ අගමැතිතුමාට ගෙදර යන්න කියා ඔවුන්ගේ සැබෑ අරගලය.

          1) ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ව්‍යාපාරිකයන් රාජපක්ෂ සහෝදරයන් සමඟ සමීපව කටයුතු කරයි. එසේම යහපාලනය තුළද මෙම යාන්ත්‍රණය ඔවුන් විසින් සුමටව ක්‍රියාත්මක කරන ලදී.
          .
          2) ජාතික රූපවාහිනී නාලිකා ඔවුන්ගේ දේශපාලන පැවැත්ම සඳහා ද්විතියික මූලාශ්‍ර බවට පත් විය. මීට පෙර SLRC සහ ITN රටේ ඕනෑම පුද්ගලික රූපවාහිනී නාලිකාවලට වඩා ජනප්‍රියත්වයක් ලබා ඇත. කෙසේ වෙතත්, මුදල් විශුද්ධිකරණය හරහා බිහි වූ රූපවාහිනී නාලිකාව සාර්ථක වූයේ CRIMINAL රාජපක්ෂලාගේ සෘජු සහයෝගයෙනි. එවැනි පරිසරයක් තුළ, පහසු විහිළු පවා මිනිසුන්ට උණුසුම් පුවත් බවට පත්විය හැකිය. TELEDRAMA කතාමාලා සහ සුපර් ස්ටාර් වැඩසටහන් හරහා රූපවාහිනී නාලිකාවලට මිනිසුන් OTOH බැඳී ඇත. එබැවින් මිනිසුන්ගේ නිදහස තවදුරටත් අපයෝජනය කරනු ලැබේ, එය පුළුල් ලෙස සිතීම ස්වයංක්‍රීයව වළක්වයි. වැඩි කල් මිනිසුන් සදාකාලිකව මෝඩ ලෙස සිටීම, වාසිය කපටි දේශපාලකයින්ගේ අස්වැන්න බවට පත්වේ.

  • 0
    1

    එය එකම පසුබිමක් ඇති ශ්‍රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකුගේ කතාවකි. දෙන්නම ඉපදුනේ සිංහල ජාතියට. පොදුවේ ගත් කල, සිනහල්යාට ඉහළින් තබා ගැනීමට අවශ්‍ය වනු ඇත. මොනවා උනත් උන් ආසයි…. මම ඉපදුනේ සිංහල ජාතියට, ඒත් මට මුල ඉදන්ම මගේ ජාතිය එපා උනා.
    .
    කිසියම් විශේෂඥයෙක් ආපසු ගොස් එය නිසි ලෙස විග්‍රහ කරන්නේ නම් ගෝඨා සහ ධම්මික පනිමේකර් යන දෙදෙනාම ඔවුන්ගේ මනෝ අසමතුලිතතා මානසික රැකවරණ සමඟ අරගල කර ඇත. ඔවුන් දෙදෙනාටම එක් පොදු දෙයක් අවශ්‍ය විය, එනම් ඉහළින් කැපී පෙනීම, නමුත් ඔවුන්ගේම හැකියාවන් සහ හැකියාවන් මොනවාදැයි නොදැන. ඔවුන් හුදෙක් අවතක්සේරු කර මාධ්‍ය ප්‍රකාශවලට හසු විය. අද වින්දිත පිරිමින් දෙදෙනාම අන් අයට වඩා බොහෝ දේ පොදු ය.
    .
    ගෝඨාභය සහ ධම්මික පෑනිය සාදන්නා අතර වෙනස කුමක්ද?
    .
    ඔවුන් දෙදෙනාටම පෙනෙන්නට තිබූ දේට වඩා බොහෝ දේ පොදු ය. පුද්ගලයන් දෙදෙනාම “කාලිඅම්මා” විසින් පාලනය කරනු ලැබේ. … පුරුෂයන් දෙදෙනාම එකම පසුබිමකින් පැමිණ නූගත් පවුල්වල උපන් අය වෙති. ඔවුන්ට නිසි අධ්‍යාපනයක් හා හැදී වැඩීමක් ලබා දුන්නේ නම් අද වන විට රට මේ තරම් පීඩාවට පත් නොවනු ඇත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.